22 November 2010

මාරයා කියන බණ කතන්දරේ...රජවරු දෙන්නෙක්...

ඔන්න ඉතින් ඊයේ පෝය දවසේ පොරොන්දු උන ආකාරයටම..අද මං පටන් ගන්නයි හදන්නේ කතාන්තරේ කියන්ට...

හ්ම්ම්...
මට ඉතින් ඊයේ පටන් ගත්ත තැනදීම පොඩි පොඩි වැරදි ටිකක් වෙලා තිබුනා..හැබැයි බෝහෝම ඉක්මනට ඒවා දැකපු කිහිප දෙනෙක්ම ඒ වැරදි පෙන්නලා දීලා මට උදව් කලා..ඒ හින්දා දැන් ඒ වැරදි නිවැරදි කරලා තමයි තියෙන්නේ..

ඒත් තව වෙච්ච වැරැද්දක් තිබුණා කාටවත් නොපෙනිච්ච..
ඒ තමයි මම ඊයේ ලිව්වෙ..උදේනි නුවර උදේනි රජ්ජුරුවෝ කියලා නෙව..ඒකත් වෙනස් වෙන්ට ඔනෑ..කොසඹෑ නුවර කියලා..එහ්නං..

හරි ඉතින් ඔය වැරදි අඩු පාඩුකං එහෙම හදා කියාගෙන අපි බහිමුකෝ කතාවට...

ආ තව එකක් කියන්ට ඔනෑ..මෙක දෙසාගෙන යනකොට මගේ වයර් මාරු වෙලා ඔය වෙන වෙන කතා මෙකට බට් වෙන්ටත්.. මෙකේ තියෙන අතුරු කතා පුවත් හැලිලා යන්ටත් ඉඩ තියේ..ඒවත් ඉතින් ඉවසා වදාරන්ට ඕන..

මොනවා උනත් වැදගත් දේ.. නොදන්න දෙයක් යම් තරමකින් හරි දැන ගැනීම නෙව...

කාට හරි මේ කතා හරියටම දැන ගන්ට ඕනනං ඒකටත් කොරමයක් තියේ..
ඒ තමයි සද්ධම්මරතනාවලිය බලන එක...

සද්ධම්මරතනාවලිය කියන්නේ බොහෝම අනර්ඝ පුස්තකයක් නෙව..මෙ අපේ ධර්මසේන හිමියන් විසින් රචිත...

හ්ම්ම්..හරි එහෙනං කට්ටියත් එක්කම යමු අතීතෙට...

ඉතින් ඔන්න එකෝමත් එක කාලයක..එහෙම කිව්වට මොකද.. මෙ කාලය ඇවිල්ලා බුද්ධොත්පාද කාලයට ඒ කිව්වේ මේ අපේ සම්මා සම්බුද්ධ සර්වඥ රාජයානන් වහන්සේ...මෙ ලොකේ පහළ වෙන්ට ආසන්න කාල වකවානුවේ තමයි ඕං...

ඉතින් මේ කාලේ දඹදිව එක්තරා වනාන්තරයක හිටියා තාපසවරු දෙන්නෙක්...

මේ දෙන්නා බොහෝම හොඳ මිත්තරයෝ...
මට මතක හැටියට මේ දෙන්නම හිටපු රජවරු..
රජවරු උනාට මොකද රජකම ගැනයි..ජීවිතේ ගැනයි බොහෝම කලකිරිලා දෙන්නත් එක්කම තපසට යනවා...

ඉතින් මුලදී මේ දෙන්නා එකටම තපසට ගියාට මොකද..?
රැකුන තපසකුත්, කෙරුණු බණ භාවනාවකුත් නැහැ..

දෙන්නත් එක්ක නිතරම එකතු වෙලා කතා බහ කොර කොර හිටියා ඇරෙන්න..
හැබැයි මේ දෙන්නටම බොහෝම ඉක්මනට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා තේරුනා...

ඒ හින්දා දෙන්න සාකච්ඡා කොරගත්තා ටිකක් දෙපැත්තට වෙලා ජීවත් වෙන්න...

එහෙම හිතලා ටිකක් දුරට වෙන්න පිහිටි කඳු ගැට දෙකක වෙන වෙනම නැවතිලා බණ භාවනා කොරන්න තියා ගත්තා...

හැබැයි මේ කඳු දෙක පෙනෙන තෙක්මානයේ තමයි තිබුණේ...
ඒ කියන්නේ මේ කන්දට අර කන්ද පේනවා..අර කන්දට මේ කන්ද පේනවා..

මුලදි මුලදි..දවසකට වතාවක් හරි දෙන්නා මුණ ගැහිලා පොඩි කතා බහක් දැම්මා..පස්සේ පස්සේ ඒක මාසයකට වතාවක් විතර සිද්ධ වෙන තරමට දෙන්නට දෙන්නා නීති රීති දමා ගත්තා...

අන්තිමට මක්කැයි උනේ...?

දෙන්නා නීතියක් දමා ගත්තා..ආයේ කවදාකවත් දෙන්නා මුණ නොගැහෙන්ට...
හැබැයි සෑම මාසෙකටම සැරයක් පොහෝ දවසට දෙන්නා ගිනි මැලයක් ගහන්ට නියම කර ගත්තා...

ඉතින් මේ ගිනි මැලේ දුම් කඳ දකින අනිත් කන්දේ ඉන්න තාපසතුමා දන්නවා අර කන්දේ ඉන්න තාපසතුමා අතුරු ආන්තරාවක් නැතිව යහතින් ඉන්නවා කියලා...

මෙහෙම දෙන්නට දෙන්නා මාසෙකට වතාවක් කඳු දෙකේ ගිනි මැලයක් ගහලා අනිත් කන්දෙන් නගින දුම් කඳ දැකලා දෙන්නාම සුවෙන් කියලා අවබෝධ කරගෙන තමන්ගේ පාඩුවේ භාවනා කරමින් ජීවත් වෙනවා...

මෙහෙම කාලයක් ගත වෙලා ගියා.....................

එක දවසක් මොකද උනේ..?

අර එක කන්දකින් මාසෙකට වතාවක් නගින දුම් කඳ එඳා නැග්ගේ නැහැ..පින්වතුනි...

හපොයි සංසාරෙක හැටි...අර කන්ද දිහා දවසම බලාන උන්න අනිත් තාපසතුමා තේරුම් ගත්තා තමාගේ ප්‍රාණසම මිත්තරයාට මොකාක් නමුත් කරදරයක් තමා කියලා...

එහෙම හිතලා පහුවදා උදෑසනින්ම ගියා බලන්ට අර කඳු ගැටයට...

අනේ ඉතින් ඒ යන කොට වෙන්ට ඕන දේ වෙලා අහවරයි...
අර තාපසතුමා මිය පරළව ගොහින්...

30 comments:

  1. මේ මොන මගුලක්ද?
    කතාව අතරමැද නවත්වල නේද?
    ඉතුරු ටිකත් ලියමු... :(

    ReplyDelete
  2. අනේ හපොයි සංසාරෙක හෑටි..... ඉතින් ඊටපස්සේ.

    ReplyDelete
  3. අපෙ හාමුදුරුවනේ ඉතුරුහරිය කොයි? :)

    ReplyDelete
  4. එහෙමයි.. එහෙමයි...
    ඉතුරු ටිකත් වදාළ නම්..

    ReplyDelete
  5. මතු සම්බන්දයි,,,ඉතුරු කොටස කවදද?

    ReplyDelete
  6. ළමයිනේ සාදූ කාරයක් දෙන්න...

    ReplyDelete
  7. මට ඉක්මනට අනික් ටික ඕන .....
    අනික් කොටස දානකං මම මෙතනින් නැගිටින්නේ නෑ .....නෑ කීවොත් නෑම තමා .....

    ReplyDelete
  8. මාර අයියාගේ කතාව නිකන් නාට්ටියක් බලනවා වගේ නොවැ හොඳම හරියට එනකොට මතු මන්බන්ධයි :/

    ReplyDelete
  9. මෙව්වා වැරදි වැඩ. හුහ්, කුට්ටි කරපු බණ!

    ReplyDelete
  10. මම මේ නිදිමත පෙරි, පෙරී අහගන හිටියේ. මාර කතාවක්නේ. ඉතින් ඉතුරු ටික කියනකල් මාත් නැගිටින්නේ නැහැ. මෙහෙමම පොඩ්ඩක් හාන්සිවෙනවා. අර කවුද කෝපි හදනවා කීවේ. එකක් එවන්නකෝ මේ පැත්තට.

    ReplyDelete
  11. වනේ වාසේ,,,,,,,,,, කිව්වලු කෝ බොලේ ඉතුරු ටික????

    ReplyDelete
  12. මාර අවසානයක්නෙ මාරයියෙ
    පූසා කිව්වා හරි ෙම්ක නිකම් ටෙලි නාට්‍යක් වගෙ
    (හැබැයි මට ඔහොම හිතිල තියනව රෑප පෙට්ටියෙ චිත්‍රපටි බලද්දිත්. ෙහාදම කෑල්ල එනකොට දැන්වීම්, නැත්තම් ෙකාටු ෙකාටු.)

    කමක් නෑ ඉතින් ඊලග එකට වත් ඉතිරි ටික කියමුෙකා බලන්ට.
    (මං කිව්වෙ ෙද්ශනා කරමුෙකා)

    සාදුකාරයක් නම් දැන්ම දෙන්න බෑ නැත්තම් අර "උත්සවෙන් පස්සෙ පැලවෙන මුල්ගලක්" වාගෙ උනොත්.......

    ReplyDelete
  13. ඉතුරු ටිකත් දෙසා වදාළනං...

    ReplyDelete
  14. දැන් කෙටි විරාමයක්...
    රැදී සිටින්න අප සමග..

    සන්ලයිට්.. සන්ලයිට් පෙන ඉතිරෙයි......

    ReplyDelete
  15. මාර අයියේ, ඉතුරු ටික , අපි සද්ධර්ම රත්නාවලියෙන්ද කියව ගන්න ඕනේ? ඈ....?

    ReplyDelete
  16. මදැයි උදේම බණ අහන්න ආවා......මාරයෝ............කෝ ඉතුරු හරිය ඈ..............?

    ReplyDelete
  17. සාදු සාදු .........

    ඈ බන් උඹත් මෙගා ටෙලි කාරයෙක් ගෙන් ට්යුෂොන් ගත්තද?

    ReplyDelete
  18. ඔන්න පිංවතුනි,සුලු විවේකයකට බණ නැවැත්තුවා එහෙනං,

    අපේ ගරු තර ( තර නම් නැහැ මං හිතන්නෙ ) මාරාභිධාන, සියනෑ කෝරළයේ අධිකරණ සංඝ නායක සුවාමීන් වහන්සේ,අර පොඟවාපු කොට්ට පොල් කෑලි කීපයක් එහෙම වලඳල කරල, දොට්ට පිලට එහෙම ගෙහුං හිට, අර තාපස තුමා මැරිච්ච තැන ඉඳල බන කතාව පට්ටාං ගනියි,

    තමුන්නාන්සෙලත් ඔය මාරි බිස්කට් එකක් එහෙම වලඳල, කෝපි ඩිංගිත්තක් කාරිය සප්පායං වෙල හිට,එලි පෙහෙලියට ගිහිල්ල ආවට කමක් නැහැ, විගැහිං එන්ඩ, හරිය, වැඩි දුර යන්ඩ එපා,

    ReplyDelete
  19. මට මතක විදියට නං මම ඔය කතාව කියෙවුවෙ සද්ධර්මාලංකාරයෙන් (සාමාවති මාගන්ධියාවන්ට වූ විපත).. සද්ධර්ම රත්නාවලියෙ තිබුනද කියලා මතක නෑ.. බොහොම ඉස්සරකාලෙ කියවපුවනෙ.. මොනාවුනත් උඹ බණ කියනකොට අහං ඉන්න ආසයි.. :)

    ReplyDelete
  20. සොරි සොරි.. මටයි වැරදුනේ... සද්ධර්ම රත්නාවලිය තමා..

    http://si.wikibooks.org/wiki/%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8_%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-_v

    ReplyDelete
  21. මාරයියේ කුට්ටි බණ බෑ ඕං. අඩුම ගාණෙ කාතාවෙං සෑහෙන කොටහක්වත් කියල නවත්තන්න ඕන.
    හපෝයි සද්ධර්මරත්නාවලියත් wikipediaවට ගියාද? ©opyrights එහෙම අවුල් නැතෙයි?
    /කුම්භකර්ණයා

    ReplyDelete
  22. හම්මෙ..මදැයි බණ කියන්න ගියා..තව ඩිංගෙන් මට ජීනිවා යන්නත් වෙනවා මානව හිමිකම් නඩුවලට පෙනී හිටින්න..
    ඇයි යකඩෝ ටිකක් හුස්මක් කටක් ගන්නෙවත් නැතිව නෙව බණ කියන්න වෙලා තියෙන්නේ..ඒ මදිවට තර්ජන ගර්ජන..

    අර මොකක්ද ෆිල්ම් එකක ටෙනිසන් කුරේ ස්වාමි කෙනෙකුට කියනවා වගේ..
    ෂාමි පට් පට් ගාලා ආශීර්වාද කරන්න කිවුවා වගේ නෙව මෙකත්...

    හැබැයි අපේ Buratheno මලයා මාව මාරම ගොඩ දැමිල්ලක් ගොඩ දැම්මා..දැන්නං ඉතින් කවුරුවත් මං කියනකල් ඉන්නේ නැතිව සද්ධම්ම රතනාවලිය බලයි වගේ..
    හප්පේ මලයෝ උඹට පින් ගමකට...

    ReplyDelete
  23. "දැන්නං ඉතින් කවුරුවත් මං කියනකල් ඉන්නේ නැතිව සද්ධම්ම රතනාවලිය බලයි වගේ.."

    හුහ්, මං කිව්වයි කියලා හිතාගනින්. අපි අහුවෙයි ඕවට.ඒකෙ තියන මහප්පරාණ තෙරෙන්නෙ නෑ බොලේ. අනේ, මචෝ තරහා නැතිව ඉතුරු කුට්ටියත් දාපං.

    ReplyDelete
  24. ඒත් මං හිතුවා කතාව අහන්න එකෙක්වත් නැති වෙයි කියලා..
    එකෙක් හරි ඉන්නවනං නොදා කොහොමෙයි...

    බුදු හාමුදුරුවොත් මුළින්ම බණ කිව්වෙ පස් දෙනෙකුට වෙච්ච එකේ මට එකෙක් වැඩිත් එක්ක...හිහ්...

    ReplyDelete
  25. හා..දැං කස්ටියම එකතුවෙලා දෙන්න බලන්න හොඳ සාධුකාරයක්...ඔය "සාධු" කියවෙන්නෙ නැති පිංවත්තු ඉන්නව නං "ඤාව්" කිව්වත් ඇති.

    ReplyDelete
  26. ඒයි ඒයි.. කවුදෑ බොට කිවුවෙ බණ කියන එක නවත්තන්න කියලා.. මම ඒ ලින්ක් එක නිකං දැම්මෙ වැඩිදුර කියවන්න කැමැති අයට කියවන්න කියලා.. ඒ පිටිං දාලා බණ කියන එක නවත්තන්න හැදුවොත් එහෙම ඕං ඉතිං අපි නරක මිනිස්සුය කියන්න එපා හරිය.. :)

    ReplyDelete
  27. අෙන් අපට අෙප් ෙම් Buratheno උන්නැෙහ් ෙකාරාපු හදියක්.

    ෙත්රෙන හිංගෙලං බණ ඩිංගිත්තක් අහංට හිටියා මදැයි.

    අෙන් එකෙන් කමක් නෑ අෙන් මාරයිෙය්
    (සමාෙවන්ට, මාර සුවාමීනි) ඉතිරි බණ ටිකත් කියමුෙකා

    අවසරයි

    සාදු සාදු සාදු.......

    (ඔන්න සාදු කිව්වයි කියලා අර මම ඉස්ෙසල්ල කිව්ව වගෙ පැලෙවන මුල්ගල් තියරිය එෙහම බෑ ඕං..)

    ReplyDelete
  28. @Buratheno
    ඉස්ෙසල්ල එහෙම කිවිව කියලා Buratheno උන්නැෙහ් හිත නාක ෙකාරගන්ට එපා.
    සිංහල විකියක් තියනවා කියලා දැනගත්තෙත් අදයි.
    එකට ෙබාෙහාම පිං...

    ReplyDelete
  29. කියල වැඩන් නෑ.. මරේ මරැ..
    මම හිතන්නෙ පන්සලේ කතාවටත් වඩා සෑහෙන්න ප්‍රතිචාර හොඳයි වගේ බණ සීරීස් එකට..
    ඉතුරැටිකත් දානකම් තමයි ඉතින් බලාගෙන ඉන්න බැරි.

    ReplyDelete