26 November 2010

මාරයා කියන බණ කතන්දරේ...සුප් බොන්න ගිහින් වෙච්ච දෙයක්...

ඕන්න අදත් යාන්තං අකුරු තුන හතරක් කොටා ගන්ට කියලයි සූදානම..
දවස් තුනක් එක දිගට ඩියුටි ඇදලා අද තමයි ගෙදරට කඩං පාත් උනේ..

ඉන්ට බැරි තරං නිදි මත..ඒ ගමන රෙදි ටික පොගන්න දාලා..මළා මම තාම රෙදි ටික හේදුවේ නැහැ නේද..

හා හා බණ කතා පස්සේ මම යනවා...

........................................

තව පොඩ්ඩෙන් මළ කෙළියයි මහ රජ කිව්වළු...
යාන්තං කෑලි හතර පහක් හෝදලා දාලා ආවා...

ඉතින් මං කොතනද හිටියේ..හරි..

ඉතින් රෙදි පොගන්න දාලා නාලා කරලා උදේට කෑවා..කෝපි කෝප්පයකුත් හදාන බීලා අහවර වෙලා චුට්ටක් විතර ජංජාලගත වෙලා ඇඳට වැටිලා දොයිය ගත්තා...

නැගිටිද්දී දොළහ හමාරයි...ඒත් හිතට මදි..ඇයි ඉතින් දවස් තුනක ඇරියස්නේ...

මුණ කට හෝදගෙන උදෙන්ම රමණි අක්කට කියලා බැඳගෙන ඇවිත් තිබුණු බත් ගෙඩියට වග කිව්වා..දැන්නං ඉතින් කව්රුත් දන්නා පරිදි රෙදි ටිකත් හෝදලා අහවරයි...

හ්ම්..එක අඩුවක් තියෙනවා..බණ කතන්දරේ ලියලා අහවර වෙලා යක්කල පැත්තේ ගෙහුන් ඒ අඩුවත් සරි කොරගෙන එන්ට ඕන...

.........................................

හරි පින්වතුනි,
දැන් ඉතින් කවුරුත් එක්ක මතක් කොර ගම්මු කළින් සිද්ධ වෙච්ච කතාන්දර ටික පිළිවෙළකට..

1) රජවරු දෙන්නා තපසට යෑම...
2) පරන්තප රජුගේ බිසව පැහැරගෙන යෑම...
3) උදේනි කුමාරයා උපත ලැබීම...

මෙන්න අද එතැන් සිට....

ඉතින් දැන් අර බිසොඋන් වහන්සේ මව්පදවිය ලබලා අර රූස්ස ගස් මුදුනේ ඉන්නවා...
ගහෙන් බිමට බහින්නවත් හැටියක් නැහැ..

ඕන්න ඔතනදී තමයි මම අර කළින් වතාවක කිව්ව අර තාපසතුමා..ඒ කිව්වේ අර ඉතිරි වෙලා ඉඳගෙන හස්තිකාන්ත වීණාවෙන් පොඩි පොඩි වැඩදාන තාපසතුමා මේ සීන් එකට ඇන්ටර් වෙන්නේ...

ඉතින් ළමායි අර තාපසතුමා තමුන්ගේ මිත්තරයා විසින් දීපු වීණාවත් එයට අදාළ මන්තරයත් පරයෝජනයට අරන් දැන් කිසි බයක් හැකක් නැතිව තමුන්ගේ පාඩුවෙ බණ භාවනා කොරාන ජීවත් වෙනවා..

හැබැයි තාපසතුමා වැඩ දැන ගත්තට වැඩිය වැඩ පෙන්නන කෙනෙක් නෙවෙයි..මොකද අපි තමුන්නැහේලාට ඔය වගේ දෙයක් හම්බ උනොත් අලි හොය හොයා ගිහින්නේ ඕක අත්හදා බලන්ට පටන් ගන්නේ..අන්තිමට රටේ ඉන්න අන්තිම අලියත් මුහුදටවත් පන්නලා දාලා තමයි නවතින්නේ..

ඒත් මේ තාපස තුමා ඉතින් ඔය අලි රංචුව තමුන්ගේ අසපුව හරියේ හක්කලං කොරන්ට ආවාම විතරක් අර පළවෙනි මංතරේ විතරක් කියලා පළවෙනි තත වාදනය කරනවා..

ඒ කියන්නේ අලි ටික පන්නලා දානවා විතරයි...

එහෙම නැතුව..අලි ආපස්ස හැරිලා බල බල දුවනවද..
එහෙමත් නැත්තං අලි හීලෑ කොරන් පිටෙ යන්ට ඇහැකිද කියලවත් ටැස් කොරලාවත් බලන්ට ගියේ නැහැ...

හරි ඉතින් ඔන්න ඔහොම කාලේ ගත වෙද්දී..මේ තාපසතුමා තමුන්ගේ අහර වේල සපයා ගන්ට පොඩි පහේ ක්‍රමවේදයන් හොයාගෙන හිටියා..

ඉතින් එයින් එකක් තමයි වනාන්තරේ ඉන්න විශාල කුරුල්ලෝ කලින් දවසේ රට වටේ කරක් ගහලා හොයාගෙන එන ආහාර ජාති ඇන්න ඇවිත් රෑ තිස්සේ කලා බීලා යන ගස් යටට ගෙහුන්..ඒ ගොදුරු කර ගත්ත ආහාර වළින් බිමට වැටිලා තිබුණු ඇට කැඹළිති ආදිය අරගෙන ඇවිත් ඒවා තලලා පොඩි කරලා ඒවා වතුරත් එක්ක කලවං කොරලා තම්බලා අර ඇට වල තියෙන සාරය සහිත ජලය පානය කොරන එක..

හරියටම කිව්වොත් ඒ කාලේ තාපස ඇත්තන්ට පවා සුප් බොන්න ක්‍රම තිබිලා තියෙනවා...

අර කුරුල්ලෝ කුකුළන් එහෙම අරන් ඇවිත් කාපු බීපු දවසට පහුවදා ඉතින් තාපස ඇත්තන්ට චිකන් සුප් තමා...
ඔන්න ඔය විදියට ඉතින් විවිධ ආකාරයේ සුප් වර්ග ඒ කාලේ තිබිලා තියෙනවා..ඒත් ඉතින් ලූණු ගම්මිරිස් එහෙම නැති එක තමා අඩුපාඩුව..ඒකටනේ ඔය හිමාල අඩවියේ පවා වෙසෙන තාපස ඇත්තෝ කාලෙකට සැරයක් ලූණු ඇඹුල් සේවනය පිණිස කියලා මිනිස්වාස වලට පැමිණෙන කතාන්දර බණපොත්වල තියෙන්නේ..

ඒත් ඉතින් ලූණු ඇඹුල් සේවනය කරන්ට ඇවිත් අන්තිමට වෙන වෙන ජාති සේවනය කොරන්ට වෙලා ආපහු හිමාල අඩවියට යන්ට බැරි උන තාපස ඇත්තෝ ගැණත් බණ කතා නැතුවා නෙවී...

හා හා ඒවා පැත්තකින් තියමුකෝ..

ඉතින් එදා..ඒ කියන්නේ මම මේ කියන දවසේත් කළින් දවසේ මහා ධාරානිපාත වරුසාව හින්දා ආහාර පාන හොයන්ට එහෙ මෙහේ යන්ට බැරි කොමට අර තාපසතුමා ගියා තමන්ට පුරුදු විශාල ගහක් ගාවට කුරුල්ලෝ කාලා දැපු ගොදුරුවල මොනවා හරි අවශේෂ උන ඇට කැඹළිති ටිකක් හොයං එන්ට කියලා...

ඔන්න පින්වතුනි පොයින්ට් එක...

දැන් මගෙන් අර කළින් කතා වලදී සමහර උපාසක ඇත්තෝ ඇහැව්වා නෙව..
තාපසවරු කොහොමද අර බිසවගේ කතාවට සම්බන්ධ උනේ කියලා...

මෙන්න ඒක සිද්ධ වෙන විදිය..

"අනේ ඉතිං අර තාපසතුමා උදෑසනින්ම තමන්ගේ ආහාරය එහෙමත් නැතිතං හීල් දානය පිණිස යමක් සොයා සපයා ගැනීමේ අරමුණින් වනාන්තරයේ ගසක් යටට වඩිනවා පින්වතුනි...

අන්න ඒ අවස්ථාව්දී..මේ තාපසතුමාට ඇහෙනවා අර විශාල ගස මුදුනින් කුඩා ළදරුවෙකුගේ හැඩුම් ශබ්දයක්...

මෙ කිසිම මනුස්ස වාසයක් නැති මහා වනානතරේ කොහොමද මෙ මනුස්ස පැටියෙකුගේ ශබ්දය නැගෙන්නේ කියලා අර තාපසතුමා එදා සොයලා බලනවා...

අන්න ඒ වෙලාවෙ තමයි පින්වතුනි..
අර පරන්තර රජුගේ මෙහෙසිය අපට නැවත වතාවක් හමු වෙන්නේ..."


හරි දැන් තේරුණා නෙව කතන්දරේ...

අපේ තාපසතුමා එදා ආහාර සොයාගෙන ගිය ගහ මුදුනේ තමයි අපේ බිසඋන්නාන්සෙයි..උදේනි පුත් කුමරුවයි හිටියේ...

ඉතින් කෙටියෙන් කියනවනං..මේ දෙන්නා අතරේ මේ වෙලාවේ කතාවක් ඇති උනා..දෙන්නා කිව්වේ ඉතින් බිසවයි..තාපසතුමයි තමා ඕං...

මොකද දෙන්නට දෙන්නාම ටිකක් සැකෙන් තමයි කතා කලේ..ඇයි ඉතින් මෙ වනාන්තරේ මැද්දේ තමුන්ට මිනිස්සු හම්බ වෙයි කියලා දෙන්නටම විස්වාසයක් නැහැ නෙව..

ඉතිං මට මතක හැටියට බණ පොතේ තියෙන්නේ දෙන්නට දෙන්නා සැක හැර ගැනීම පිණිස..ක්ෂත්‍රීය මායම් විමසුවා කියලා තමයි ඉතිං..

හැබැයි ඉතින් මමනං ඒ මොනවාද කියන්න හරියටම දන්නේ නැහැ...

ක්ෂත්‍රීය මායම් කියන්නේ ඔය රජ ගොල්ලෝ විතරක් දැනගෙන හිටිය මොනවා නමුත් මායමක් වෙන්ට ඕන..
මටනං හිතෙන්නේ අර ස්ත්‍රී මායම් කියලා කියන එව්වයෙන් මේ ගෑනු පරාණ අහිංසක ගැටවු වෙච්ච අපිව අන්දනවා වගේ...

රටේ මහජනතාව ගොනාට ඇන්දීම සඳහා රජවරු රජවරු පමණක් භාවිතා කොරපු පොලිටිකල් ට්‍රික්ස් වලට වෙන්ටෑ ඔය ක්ෂත්‍රීය මායං කියලා කිව්වේ..එහ්නං...

ඉතින් එව්වා දන්නේ රජවරු පමණක් වෙච්චි කොට රජකොම තියා ඇමති කොමක්වත් නොදන්න මංතුමානං ඔන්න ඔව්වා හරියටම දන්නේ නැතුවා.

හැබැයි ඉතිං අපි ඔයාලා නොදන්නවා උනාට..
තාපසතුමාත් හිටපු රජතුමෙක් වෙච්චි..බිසවත් රජ බිසවක් වෙච්චි..උන්නැහේලා ඕවා දැනගෙන ඉන්ට නැතැයි ටක්කෙටම..

ඉතිං ඔය හරස් පුරස්න අහලා එහෙම අහවර වෙලා..සැක සංකා දුරු කොරගෙන බොහෝම අමාරුවෙන් අර බිසවයි දරු පැටියවයි බිමට පාත් කොරගත්තයි කියමුකෝ...

ඊට පස්සේ නෙව මරු හරිය සිද්ධ වෙන්නේ...

41 comments:

  1. පුලුවන් හැටියකට ඉතිරියත් කිව්වානම් හොඳයි නේද?

    ReplyDelete
  2. මාර බන කතා සෙට් එකක්ම පිස්සාට මග ඇරිලා වගේ... සියල්ල නිවාඩු පාඩුවෙ කියවන්නම්කො.... කාලෙකින් කියන්නෙ සති 2 කින් විතර මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
  3. මාරයියත් ඉදලා හිටලා මාර මායම් දානවා නේද අපිට :) :) :)

    ReplyDelete
  4. යක්කල පැත්තෙ ගිහිල්ල ඇවිල්ල බණ කියන්න යන්න එපා. මොනව කියවෙයිද දන්නෑනෙ.
    තොරණෙ ඊළග කොටුවත් විස්තර කළානං....

    ReplyDelete
  5. ඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නවා..

    මාරයියාගේ බණට නක්කලේ දානවා කියල හිතන්න එපා, අච්චර පට්ට විසාල ගහක් මුදුනේ හිටපු අර ඇත්තිව කොහොමෙයි තාපස තුමා තනියෙන් බිමට පාත් කොර ගත්තේ?

    ReplyDelete
  6. එහෙමයි මාර මලේ ඉතින් ඉතින්...............

    ReplyDelete
  7. මාර අයියේ දැන් මරුම හරිය කවදද කියන්නේ???

    ReplyDelete
  8. යක්කල නොයා ඉන්නම බැහැනෙ මෙයාට,,,,!!!!!!!!!!

    ReplyDelete
  9. හලේ මන්ද මොකට ඔය තරං යක්කල යනවද කියලා..........

    ReplyDelete
  10. හසී...

    නොකියා නොකියා..

    ReplyDelete
  11. පිස්සා පලාමල්ල...

    හැබෑටම මක්කැයි මෙච්චර දවස් කොලේ..තව පොඩ්ඩෙන් මෙ කස්ටිය පිස්සව දාලා නිවන් දකිනවා...

    ReplyDelete
  12. Hasitha...

    ඔං ඉතින් මලයා නොක්කාඩු කියන්ට තියාගත්තා..
    හිහ් හිහ්...

    ReplyDelete
  13. Praසන්ன...

    අන්න හා පැටික්කිත් හිටියා තද වෙලා ප්‍රසන්න අයියා රබන් ගැහැව්වෙ නැහැ කියලා...

    ReplyDelete
  14. මට නම් හිතෙන්නේ තාපසතුමා එතුමාගෙ මායන් ටිකක් පෙන්නලා තමා බිසොඋන්නාන්සෙව ගහෙන් බිමට බස්සගෙන තියෙන්නෙ.කමක් නැහැ කමක් නැහැ ඉතුරු ටිකත් කියන්නකෝ.

    ReplyDelete
  15. sameerausa...

    එකල්හී ඒ තාපස තෙමෙ..වහ වහා ගොස් තෙල පෙනෙන්නා වූ නගරයේ අසුවල් නාම ධාරී යන්ත්‍රෝපකරණ කුලියට දීමට කටයුතු කරන්නා වූ ස්ථානයකට වැදී..
    ක්‍රේන් බොලොක්කයක් සහිත වූ යම්කිසි යන්ත්‍රයක් පදවාගෙන එන්නාහුය..
    ඉක්බිති උන් විසින් එම යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්නේ..
    ඉඳින් එහි එක් ඇණයක් මිරිකා පියාලූ කල්හී එයින් ගස උඩට යන සේ මනරම් සොපානයක් බඳු වූඅංගයක් පහළවැ එය බිසෝ හා පුතණුවන් යෙහෙන් රක්ෂිත කොටවා බිමට බා ගන්නා සේ .............

    ඔන්න ඔහොමයි පොතේ තියෙන්නේ..හික්ස්...

    ReplyDelete
  16. නිශ්...

    ආ ඒත් මම බැළුවා කෝ මෙ පිළිවදන් දෙන්ට ළගින් වාඩි කර ගත්ත උපාසක කියලා..?

    ReplyDelete
  17. පූසා...

    ඉඳින්කෝ..අද රෑටවත් පුළුවන් උනොත් දෙසා බාන්ට..

    ReplyDelete
  18. හරී - පිණිපළස...

    මොනවා කොරන්නද අක්කේ..මං ජීවත් වෙන්නත් එපැයි...

    ReplyDelete
  19. සිදංගනා (සුරංගනාවි)...

    හිහ් හිහ්...

    මගේ මිතුරු මා සුමිතුරු..
    ගල් ඇති තුරු මා දිවිතුරු ..

    තමයි ඔං

    ReplyDelete
  20. neetha...

    ඔහොම ඉන්නකෝ මායං කාගෙද කියලා පෙන්නනකං..

    ආයුබෝං කිව්වා..සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  21. හොද හොද මායං පහුවෙන ජාමෙට කිව්වලු... ඔහොම යං ඔහොම යං... :)

    ReplyDelete
  22. නියමයි මාරයියෙ
    ඔෙහාම යං ඔෙහාම යං

    එක නෙවෙයි අැති බිසවුන්නාන්සෙ ගෙහන් බිමට බැහිල්ල කෙෙස් වෙතත් තාපසතුමාවත් ගෙහේ නග්ග ගත්තෙ නැතුවා.

    දරුපැටිය ලැබුණ ගමං හිංද අමතක වෙන්ටෑ මයෙ හිතෙ

    ෙන්ද මාරයියෙ ............
    :-)

    එහෙනං ඔන්න මගෙං පින් අනුෙමාදනාව.

    මෙ කරගත්තාවූ කුසලානුභාවයෙං මාරයියාට සියළු ෙදව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනෙන් සැනසීම ලබන්නට ෙහ්තු ෙව්වා වාසනා ෙව්වා...!

    සාදු සාදු සාදු...!

    ReplyDelete
  23. ඉතුරු ටික එනකං ඉන්නේ....ඉක්මනට දාන්ඩෝ..
    /කුම්භකර්ණයා

    ReplyDelete
  24. මටත් තියෙන් පුරස්නෙ අර රූස්ස ගහෙන් බහින්න බැරුව හිටි ඩබලව තාපස තුමා බිමට වැඩම්මෙව්වෙ කොහොමද කියලයි. අර කැම්පස් බණ වල කියන හාමුදුරුවො කොලුවව ගහෙන් බස්සෝපු විදිහට වත්ද?

    මං කිව්වා , පිංවත ගහෙන් බහින්න කියලා. බැස්සද පිංවත්නි? නෑ. ඊටපස්සෙ මං කිව්වා " බොල *%$@##???%, බැහැපිය ගහෙන් බිමට, නැත්නම් මං තොගෙ *&%$??## කියලා. බැස්සද පිංවත්නි? බැස්සා පිංවත්නි, සු‍ටුස් ගාලා බැස්සා.

    ReplyDelete
  25. ඕකනෙ කියන්නෙ... ඔය උපාසක ඇත්තො නුවමනා පුරස්න කාරිය අහන්න යන්නෙ නැතුව අවස්ය තැන්වලදි "එහෙයි හාමුදුරුවනේ" කියලා නිකං ඉන්න හොදේ... අපේ ගරුතර මාරාපොල (මහ + රා පොල) මාරදස්සි සංඝනායක තුමාට කේන්ති ගිහිං බණ කියන එක නැවැත්තුවොත් එහෙම පස්සෙ ඤරු ඤුරු ගානවා නෙවෙයි..

    ReplyDelete
  26. මාරේ අයියා අපේ පලාතට ආව නම් මට කතා ටික ඔක්කොම් එකපාර අහගන්න තිබ්බා .කොහෙද උඹ බෑ ගෑවනේ .

    එන්න එන්නම කුතුහලය වැඩිකරනවා මේ මාරය . මට අනික් කොටස ඉක්මනට ඕන ! නැත්නම් මම හොයාගෙන ඇවිල්ල අනෙක් කොටස අහගන්නව .

    මෙච්චර ධාර්මික මාරේ අයියා බොන එක තමයි මට දිරවන්නේ නැත්තේ හැදෙන්න බලන්න අයියේ

    බොන්න - එපා - නවත්වන්න !

    ජයවේවා !!

    ReplyDelete
  27. ලස්සන බන කතාව !!! ඉතුරු ටිකත් ඉක්මනට දැම්මොත් හොද නැද්ද ??? මං ඉස් ඉස්සෙල්ලාම අදයි මාරයා හම්බවෙන්න ආවේ. ආයෙත් දවසක එන්නම්කෝ.

    ReplyDelete
  28. ආ මාරයෝ මෙගා බණකතාවක් නොවෑ මේක,,,ඔන්න පින්වතුනි දැන් තමා වැඩේට එන්ටර් වෙන්න යන්නේ,,,,ඉතුරු හරිය කොහොම වෙයිද?

    ReplyDelete
  29. ඈ බං මාරයෝ... මොකක්ද මේ හිස් අහස කියලා තියෙන හරුපේ...
    අර පරණ කතාවක තියෙන KILL HIM NOT, LET HIM GO වෙනුවට වැරදීමකින් KILL HIM, NOT LET HIM GO කිවුවා වගේ එකක්ද..?
    'බොන්න එපා, නවත්තන්න' ද, එහෙම නැත්නං 'බොන්න, එපා නවත්තන්න' ද..?

    හා... හා.. මොක වුණත් දෙකටම සාදුකාරයක් දෙමු බලන්ඩ ඔය උපාසක ඇත්තෝ.... සාදු... සාදු....

    ReplyDelete
  30. මේ වෙලාවෙ රජමාළිගාවෙ මොනව සිද්ධවෙනව ඇද්ද.. නේද මාරයියෙ.
    රජතුමාට මළ පැනල අර වෙලාවෙ ඇත්කඳ ලිහිණිය එනකොට බිසව තනියෙන් දාලා දුවපු උන්ගෙ හිස් ගසා දාලද දන්නෙත් නෑ. තව බිසව හොයන්න හතර වටේට සේනා පිටත් කොරල එහෙමත් ඇති නේද. නැත්නම් වැඩේ අතෑරල දාලද දන්නෙත් නැහැ.

    ReplyDelete
  31. ඕන් එක දිගට මෙතුවක් කතාව කියෙව්වා .අනික් කොටස දාන්න ඉක්මනට

    සාදු සාද සාදු

    ReplyDelete
  32. මමත් මුලක ඉඳලා දැනුයි කියෙව්වෙ වැප් ගුරුදේව වගේ. ඒ හින්දා එච්චර අවුලක් නෑ. මේ බණ කියන​ ​​​ගෛලිය නම් මරු!

    යූශුවලි ඔයා යක්කල ගිහිං ඈවිල්ලා ද ​මේවා ලියන්නෙ. යන්ට කලින්ද?

    ReplyDelete
  33. බලාපං මාරමලේ, මේ බුරම්පියා කියනවා පුරස්න අහන්න එපාලු. එහෙම කොහොමද, බුදුබනේම කියලා තියනවනෙ "කාලේන ධර්ම සාකච්චා" කියලා ( ඒ කියන්නෙ, උඹ යක්කල ගිහින් ඇවිත් සෝවාන් වෙලා ඉන්න කොට වෙන්ටෑ), එහෙනං!

    ඕං ඒ කිව්වාම තව පුරස්නයක් ඔලුවට ආපි. අර "හස්තිකාන්ත" මන්තරේ, එකෙ දෙවෙනි එක තමා නරකම එක. නිකං හිතපං ඔය අලි සැට් එක පස්ස හැරි, හැරි හුරේ රන් එකක් දෙනවා. මේක ඝණ වනන්තරේ නෙ, සැට් එක හැපෙනවා ගස් ගල් වල, වැටෙනවා ( ඇයි බොලේ අලින්ට, සයිඩ් කන්නාඩි තියෙන් එකක් යෑ). දණි පණි ගාලා නැගිටලා නැගිටලා ආයිත් දුවනවා. ආයිත් හැපෙනවා, වැටෙනවා. මේක අලි එලවන මන්තරයක් නොවෙයි බොලං, අලි වනසන මන්තරයක්. අලි ඉතුරු වෙයියෑ ඔහොම යනකොට.

    ReplyDelete
  34. හරි,,හරි,, යක්කල යන්නෙ ආයුර්වේදෙට වෙන්ටැ? බෙහෙත් ගන්න

    ReplyDelete
  35. බිසව බිමට බැහැ ගත්තට පස්සේ මාත් යාන්තම් පොලවට පය ගැහැව්වා. දැන් නම් අර කෝපි ඕනමයි කතාවේ හොඳම හරිය අහන්ට.

    මේ දවස්වල දිගටම බන කතා අහලා නිදි මරන නිසා අද මාරය්යගෙ කතාව අහගන ඉන්නකොට, හසියලාගේ ගායනාවලට ඇහුම්කන් දෙනකොට දන්නෙම නැතිව හොඳටම නින්ද ගියා. ඒ පිනත් ඉතින් බන කියන ඇත්තන්ටම!

    ReplyDelete
  36. ඉතුරු ටික පුළුවන් ඉක්මනට දාන්නෝ... ඒ ටික කියවනකම් ඉවසිල්ලක් නැතෝ...

    ReplyDelete
  37. @ හරි,

    ඔවු ඔවු.. ආයුර්වේදෙට තමා යන්නෙ වෙද සීයගෙ මැජික් අරිස්ඨෙ ගන්ට.. ඒක බිවුවම ඇගට හයි හත්තිය එනවළු..

    ReplyDelete
  38. මට තියෙනව පොඩි ප්‍රශ්නයක්, ඔය ජාතක කතා, සද්ධර්ම රත්නාවලියෙ කතා බුදුහාමුදුරුවො දේශනා කරපුවද?

    ReplyDelete
  39. කලිකාල...

    සද්දම්මරතනාවලියට ඇතුලත් සියළුම කථාවස්තු ත්‍රිපිටකයට අයත් ඛුද්දක නිකායේ ධම්මපදට්ඨ කතාවලට අයත් බැව් තොරතුරු සොයා බැලීමෙදී දැන ගත හැකිය..
    තවද,
    මෙයින් වසර දහසකට පමණ මත්තෙහි රජකල රජකු විසින්..(මා හට හරියටම රජුගේ නම මතක නැත..මා සිතනා අන්දමට ඒ පස්වන සිරි මෙඝවර්ණාභය රජු විය යුත්තේය..)ධම්මපදයට කලා වූ ධම්පියා අටුවා ගැටපදය මෙන්ම අප මහා
    කතුවර ධම්මසේන හිමියන් විසින් රචිත සද්ධම්මරතනාවලියත් ඒ ධම්මපදට්ඨ කතාවස්තූන් මනහර ලෙස කියා පෑ කෘතින් වීයැ...

    එහි අඩංගු සෑම ගාථාවක්ම පාහේ බුද්ධ භාෂිතයන් වන අතරම ඊට අඳාළ කතාවස්තූන්ද බුද්ධ භාෂිතයන් විය යුත්තාහ...
    මෙයිට වඩා විස්තර සැපයීම වියතුනට භාර කෙරෙමි.

    ReplyDelete
  40. මධුරංග...

    ආයිබෝං කිව්වා...

    ReplyDelete
  41. Buratheno උපාසක...
    Aruna උපාසක...
    කුම්භකර්ණයා උපාසක...
    Siribiris උපාසක...
    හිස් අහස උපාසක...
    ItalyDilan උපාසක...
    Jeew උපාසක...
    නුවන් කුමාරනායක උපාසක...
    වැප් උපාසක...
    බුද්ධි උපාසක...
    prasanna86k උපාසක...
    හරී උපාසකම්මා...
    කුමාරිහාමි උපාසකම්මා...

    ඇතුළු සියළුම මාර පන්සලේ දායක සභාවෙ සියළුම දායක කාරකාදීන්ට ඔන්න එහෙනං මං පිං අනුමෝදන් කළා...

    ReplyDelete