14 November 2010

මාරයා පැවිදිවෙයි...

කේසා, ලෝමා, නඛා ,දන්තා,තචෝ..

තචපංචකය කියමින් හිස බානා අයුරු...
ඔයාලට පේනවද ආවාසය පිටුපස බිත්ති එහෙම කොයි තරම් අබලන් තත්වයේද තියෙන්නේ කියලා..

මම පහුගිය ටිකේම පන්සලේ කතාව නොලියා හිටියේ මෙ පින්තූර ටිට හොයා ගන්නකං..
අන්තිමට හම්බ උනා..මගේ මහණ පිංකමෙ පින්තූර තිහක් විතර තියෙනවා..ඒත් ඒ හැම එකක්ම දාන්න විදියක් නැහැ..රටෙ හුගාක් අය දන්න කියන හාමුදුරුවරු එහෙමත් ඉන්නවනේ..ඒ හින්දා තෝරා ගත්තු පින්තූර කිහිපයක් දාන්න තීරණය කලා..
ඉතින් ළගදීම පන්සල් කතාවෙ පළමු කොටසේ අවසන් කතාව දානවා..ඒ තමයි පැවිදීවීම...



48 comments:

  1. දෙයි හාමුදුරුවනේ මේ...............?
    මාරේ අයියේ !

    මේක දාපු එක හොඳයි මාරයා අයිය . ඔයා පුදුම මනුස්සයෙක් ! ඇයිද කියන්න මම දන්නේ නෑ . ඒත් ඔයාගේ මේ අව්‍යාජ ජීවිත කතාව මම පුදුම කැමැත්තකින් කියවනවා .

    මේ ඇත්තටම ඔයාද මාරේ අයියා ? අඩේ !මම මාරයා සියැසින් දුටුවෙමි ..

    මේ කොයි කාලේ විතරෙයි මාරෙ අයියේ ? අහන්න ප්‍රශ්න ගෝනි ගනං

    අදින් පසු මම තව තවත් මේ බ්ලොග්‍ අඩවියට ඇළුම් කරමි .

    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. හිස් අහස...

    හා හා මල්ලී..මාරයාව දැක්කට බය වෙන්න එපා..ඔව් මෙ මාරයාම තමයි...
    ඇයි බං මලේ උඹ හිතං හිටියේ මාරයා අයියා බොරු කියනවා කියලද..?
    නැහැ බං මම කියන හැම කතාවක්ම මටම වෙච්ච මමම කල ඒවා තමයි...
    මෙ පින්තූර ඒවට සාක්කි කියනවා...

    ReplyDelete
  3. මාරයාගේ මූන පලමු පින්තූරෙන් අයින් කොලේ මොකෝ මාරයෝ . .??

    හැබෑට වෙන ඒවා ලියන අතරේ අපි ආසාවෙන් පුල පුලා බලන් ඉන්න පන්සල් කතාවත් ලියල දාපන්කෝ බන් . .. !

    ReplyDelete
  4. මේ මාරයා ම ද? ඒත් ඉතිං මාර පාටක් පේන්නේ නෑනේ බං....

    ReplyDelete
  5. ඔයා වැඩියෙන් කළකිරුනේ මොන ජීවිතේ ගැනද කියලා ඇහුවට කමක් නැද්ද? කතාව කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඉක්මනට පටන් ගන්න.

    ReplyDelete
  6. hutch සමග මාරජිවිතේ බලන්න එන්න....

    මාර කතාවට සාදරසම අනුග්‍රහය..

    bunny and group..........

    ReplyDelete
  7. ඇති යන්තම් පන්සල් කතාව අරන් මාරයා ඇවිත්. ඉක්මණට අනිත් ටිකත් දැම්මා නම් තමා හොඳ අයියේ...............

    ReplyDelete
  8. තව පින්තුර දෙක තුනක් දාන්න මුණවල් වලට කොටු දාලා හරි කමක් නෑ.....

    ReplyDelete
  9. ඔය ඇවිල්ල තියෙන්නෙ පංසල් කතාව.
    ඔය බුද්ධි කියල තියෙනව වගේ තව පොටෝ ටිකක් දාන්න.
    හැබැයි පළමු කොටසේ අවසන් කතාව දාලා අර තරිඳු මලය වගේ වැඩේ නවත්තන්න එහෙම එපා.

    ReplyDelete
  10. හ්ම්...කාලෙකට පස්සේ පන්සල් කථාව ලියන්න ගනිපු එක නම් හොඳයි...
    ඒ කථා ටික හරි ආසාවෙන් කියෙව්වා..ඉතිරියත් ඉක්මනට ලියන්න...
    ඇත්තටම මොකෝ අර ඇස් දෙක හංඟලා තියෙන්නේ??වස් වැදෙයි කියලා බය හිතුනද???
    ජයවේවා!!!

    ReplyDelete
  11. මාරයා අයියා මාරයි නේ......

    ReplyDelete
  12. තමන් මහණ වී සිටි බව මාරයා මුලින්ම හෙලි කලේ මං මහණවෙලා හිටපු කතාව දාපු වෙලේ එවපු කමෙන්ට් එකකින් නේද?

    http://kathandara.blogspot.com/2010/03/blog-post_09.html

    මං නං ඒ දවස්වලම මගේ ෆොටෝ දැම්මා. ඇති යන්තම් මාරයාට දැන්වත් මේවා ලැබුණා.

    ReplyDelete
  13. ඔයා නම් මාරම මාරයි මාර අයියේ....

    ReplyDelete
  14. ඔය පොටො කෑලි ටික මූනූ පොතේ වත් දාපන්කො බන්

    ReplyDelete
  15. එල එල...ඇති යන්තම් ආයෙ පටන් අරන්..
    බෝතලේ සැර ගිහින් වගේ..
    සිරාවට මොකෝ මූන වහලා...මොකෝ ඕක අපි දැකල නැති එකක්යැ?
    එහෙමත් නැත්නම් ඕක දැකල කවුරු හරි බය වෙලා නූලක් කාරිය බදින්න වෙයි කියලද?

    ReplyDelete
  16. පොඩි කාලෙ මමත් හරිම ආසාවෙන් හිටිදෙයක් තමයි මහණ වෙන එක, ඒක මේ කිසිම තේරුමකින් ඇතිකරගත්තු අදහසක් නෙවෙයි නිකම්, ඒ කාලෙට ඇතිවෙච්ච කල්පනාවක්,

    මම හිතෙනව ඇත්තටම තායිලන්තෙ වාගෙ අපේ රටෙත් තාවකාලික පැවිද්ද ඇතිකලානම් හුඟක් හොඳයි කියල,පැවිදි ජීවිතයෙ ලබන ඒ අත්දැකීම අපිට කොහොමත් ගිහි ජීවිතේ ලබන්නට බැරුවා වගේම ඒ අත්දැකීම මට හිතෙන්නෙ බොහොම ප්‍රයෝජනවත් වෙයි ගිහි ජීවිතේටත්,

    හරි මලේ, කතාව ඇති, ඉතිං විගැහිං කියහං උඹේ කතාව,

    ReplyDelete
  17. උඹේ ජීවිතේ නම් මාරයි බං.
    මටනම් හිතාගන්න බැහැ.
    පැවිදිවීමත් ඉක්මනටම දාමු..

    කෝ මම ෆේස් බුක් එකේ හෙව්වා හම්බවුනේ නම් නැහැ.
    ලින්ක් එක දාපන්කෝ..

    ReplyDelete
  18. ඇත්තට මේ වෙලාවෙ මොකද හිතුනෙ කියලත් ලියහං මලේ,,,,,,

    ReplyDelete
  19. මේ මාරයියේ ඔය කොටු දැමිල්ල ඔට්ටු නෑ ඕං...

    ReplyDelete
  20. දැන් එතකොට මාරයියට කියන්න ඔනේ මාර හාමුදුරැවෝ කියලද?
    හිනා වෙන්නේ නැතිව කියලා දෙන්නකෝ...මම ඔය කතා දන්නේ නැහැ.. :(

    ReplyDelete
  21. දුකා...

    දැනවා දානවා දුකෝ...නොදා කොහොමද..?

    කොටු දැම්මෙද..?ඇයි යකෝ මාරයාව දැක්කම මිනිස්සුන්ට මොකද වෙන්නේ..?ඒකයි මාරයාට කොටු දැම්මේ..හා දැන් කව්ද මාරයා එහෙමත් නැත්තං මරු දකින්න කැමති..?

    හුටා කෝ මෙ හිටිය සෙට් එක..වාෂ්ප උනාද..?

    ReplyDelete
  22. Jeew...

    ඔරිමජිනල් මාරයා තමයි ඔං..

    ReplyDelete
  23. Podi Kumarihami...

    මුලින්ම ගිහි ජීවිතේ ගැන කලකිරුනා..
    ඊට පස්සේ පැවිදි ජීවිතේ ගැනත් කලකිරුනා..
    හැබැයි දැන්නං ඔය කොයිකත් එකයි...

    ReplyDelete
  24. Bunny...

    ඔය හම්බවෙලා තියෙන්නේ බොටත් වැඩක්..පහුගිය දොහේ මූණූ පොත දෙක වෙන්න කෑ ගගහා හිටියේ වැඩක් නැහැ කියලා...

    ReplyDelete
  25. Hasitha...

    දානවා මලයෝ දානවා..ඔහොම හිටින් ටිකක් ඉවසලා...

    ReplyDelete
  26. බුද්ධි...

    ඇයි බොට එව්වෑත් ඔරිජිනල් හදන්නද..?

    ReplyDelete
  27. Praසන්ன...

    අන් යාළුවා මම දැනටම ඊට වඩා හුගාක් දුරට මෙ කතාව කියලා නෙව තියෙන්නේ..ඉතිං මට එහෙම කියන්න ඔට්ටු නැහැ.

    ReplyDelete
  28. සම්පත් / jt...

    ඇස් වැහැව්වෙ ඉතින් කස්ටියව මාරයාගේ දර්ශන පතයට අහුවෙන එකෙන් වලක්ක ගන්න නෙව..?

    ReplyDelete
  29. පූසා...

    මාරයා කියන්නේ නිකංයෑ...

    ReplyDelete
  30. කාකා...

    ඔව් ඔව්..කතන්දර තමයි ඔය වැඩෙට මුල පිරුවෙ...
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට නෙව..කාකා...

    ReplyDelete
  31. අකීකරු හිත...

    අකීකරුද නුඹෙ හිතත්..වෙරළෙ පෙරළෙන රළ වාගේ..

    ReplyDelete
  32. ස්වප්නා...

    ????

    මෙ ළමයා හීනෙන් ඇවිදිනවද මන්දා..?

    ReplyDelete
  33. නිශ්...

    මම මුළින්ම හිතුවෙ එහෙම තමයි..ඒත් මූණු පොතේ දැන්න බැරි හේතුවකුත් තියෙනවා..ඒ හින්දා දාලාත් මැකුවා...

    ReplyDelete
  34. ayesha...

    ආයෙත් අහනවා..මාරයා මාර නැත්තං ආයේ වෙන කව්රු මාර වෙන්නද නගේ..?

    ReplyDelete
  35. Grey...

    නූල් බැඳලා නැවතුනොත් මදෑ..

    ReplyDelete
  36. Ravi...

    බොලා මහණ උනොත් මංදෑ වළව්වෙ පාළු කපන්නේ..?

    ReplyDelete
  37. Nuwan Kumaranayake...

    එහෙමත් ලේසියෙන් මාරයා දකින්න බෑ ආයිබෝං..ඒකටත් නිසි කාලේ එන්න ඔන..ගිහිල්ලා වැප්ව හරි බුද්ධිව හරි පංගාර්තු කොරගෙන හොයලා බැළුවනං...

    ReplyDelete
  38. හරී - පිණිපළස...

    හිත හිත හිටිය දේ නෙව අර උඩින්ම දාලා තියෙන්නේ..කේසා ලෝමා..

    ReplyDelete
  39. sansarasidu...

    මලයනං කියයි..වාරණ මණ්ඩලේ කතුරටවත් කැපුනොත් එහෙම..ඒකයි කොටු..

    ReplyDelete
  40. නිපු...

    අනේ මොකට හිනා වෙන්නද නගේ...

    මාර හාමුදුරුවෝ දැන් පැංෂොං නෙව...
    ඒ හින්දා මාරයියා මාරයියාම තමයි ඔං..

    ReplyDelete
  41. ඔන්න මරේ මගෙනුත් පොඩි පහේ උපහරයක්. යිතින් මරේ මම නම් අදතමයි ඔයාගේ මාර විමානේට අවේ. පුදුම කුමනයක්නේ මේ සයිට් 1කේ තියෙන්නේ.
    ධම්මො භවේ රක්ඛති ධම්මචාරි...

    ReplyDelete
  42. මාර අයියාත් කරන්නෙ මාර වැඩනෙ....මම නම් හාමුදුරු වරු එක්ක හරි ඉරිසියයි...බස් එකේ සීට් හම්බෙනවා...හැමෝටම කලින් කන්න හම්බෙනවා....හැමදාම රස කෑම...

    ReplyDelete
  43. ආසාවටවත් බස් එහෙක හිටගෙන යන්න නැහැ..
    මිනිස්සු හිත යටින් බැණ බැණ සීට් එක දෙනවා කියලා දැන දැනත් ඒක වලක්වන්න විදියක් නැහැ.
    බඩගිනි ඇතා නැතා දෙන වෙලාවට කන්න ඕන...
    ඒ කාලා පහුවදා එළිවෙනකල් බඩ ගින්නේ ඉන්න ඕන
    ශ්‍රද්ධාව වැඩි කමට ලුණුවත් බලන්නේ නැතිව උයාපු දානය උනත් බැහැයි නොකියා තියෙන හැටියට වළදන්න ඕන...
    තවත් නං කිව්වෑකි ගමකට..
    ඒත් මොකටද?

    ReplyDelete
  44. pinthura penenne natha.......

    ReplyDelete