28 November 2010

මාරයා කියන බණ කතන්දරේ...ටිකට් නැතිව ෂෝ බැළිමේ විපාක...

හොඳයි..ඕන්න මංතුමා ආයෙමත් පටන් ගන්නයි තනන්නේ..
වෙන මොකවත් නෙවෙයි අර මම නවත්තපු තැන ඉඳලා බණ කතාන්දරේ දේශනා කොරන්ට තමයි...

හරි දැන් අපි දන්නවනේ මේ වෙනකල් සිද්ධ වෙච්ච දේවල් අකුරක් නෑරම..
හොඳයි ඉතින් දැන් අර තාපසතුමා අර අපේ බිසොඋන්නාන්සෙයි..ඒ ඇත්ති අළුත වදාපු කුමාරයා..ඒ කියන්නේ මේ උදේනි කුමාරයායි තමුන්ගේ අසපුවට අරගෙන ගොහින් තමන්ට පුළු පුළුවන් ආකාරයට කන්ට බොන්ට දීලා ආරක්ෂා කොරනවා..ඉතින් මෙහෙම ටික දවසක් යනකොට අර රජ දෝණී ඒ කිව්වේ අපේ බිසොඋන්නාන්සේ කල්පනා කරනවා පින්වතුනි මෙන්න මෙහෙම...

මේ තාපසයින් කියන ජාතිය අප වැනි ස්ත්‍රීන් පිළිබඳව වැඩි ඇල්මක් ඇති අය නෙවෙයි..ඉතින් එහෙව් එකේ මේ තාපස උන්දෑ..බැරිවෙලාවත් හෙම තමනුත් තම පුත්තරයාත් අතහැරලා දාලා වෙන තැනකට පලච්චි උනොත් අපිට ඉතින් හුළං තමා..අනික මේ උන්දෑ තව කී දවසක් අපිට කබුරයිද කියලාත් ෂුවර් නැති එකේ..මොන දහං ගැටයක් හරි දාලා මේ උන්දෑව අපේ ග්‍රහණයේම තියා ගන්ට ඕන කියලා..

ඉතින් පින්වතුනි බලංට..එදා ඉඳලා මේ අද වෙනකල්ම මේ කාන්තා පාරුෂවයේ උදවිය..මේ අහිංසක අප්පිලා ඇත්තන්ට කොරනවා වගේ..එදාත් ඒ බිසෝඋන්නාන්සේ අර අහිංසක තාපස උන්දෑට එළුවේ නැද්ද දැල...

ඉතින් දැන් මේ ගෑනු මනුස්සයා කල්පනා කොරන්නේ අර තාපසතුමාගේ ශීලය බිඳුවලා..ඒ තාපසතුමාව තමුන්ගේ වසගයට අරගෙන..තමන්ගේත් දරුවාගේත් මතු ආරක්ෂාව සලසා ගන්ට තමයි...

අනේ ඉතින් මේ මුකුත් දන්නේ නැති අර තාපසතුමා තමුන්ට පුළු පුළුවන් හැටියට අර දෙන්නව බලා කියා ගන්නවා..

ටික දවසක් යනකොට අපේ තාපසතුමාට අමුතු අමුතු අත්දැකීම් ටිකක් විඳින්ට වෙනවා...

ඔය ඉතින් දැන් උනත් ගෑනු දැරිවියෝ හොඳට කර කපාපු එල්ලා හැලෙන ඇදුම් ඇඳගෙන..ඒවා මේවා ඇහිදින්ට අපිවගේ පින්වත් උපාසක ඇත්තෝ ඉදිරිපිට නැවුනාම අපේ උනත් ඇස් ඇදිලා යන දර්ශන තියෙනවා නෙව..ආන්න ඒ වගේ මේ බිසවත් දැන් අර කැලේ මැද්දට වෙලා අවුරුදු ගාණක් ගෑණු පුළුටක් නොදැක උන්න තාපසතුමාට මැජික් පෙන්නනවා...

මොනවා කොරන්නද පින්වතුනි කරුමයක මහත අර අසරණ තාපසතුමාත් මේ නාඩගම බලන්ට ගිහින් වැඩේ වරද්ද ගත්තා නෙව...

අර බිසව නිකං වැරදීමකින් උනා වගේ ඇදන් ඉන්න ඇදුම් ලෙහෙන්න ඇරලා පෙන්නපු දර්ශනේ ටිකට් නැතිව ෆී බලන්න ගෙහුන් අන්තිමට සර්කස් එකේ ටිකට් කඩන්නයි..පුටු හෝදන්නයි..කඩේ යන්නයි.ඇතුළු එකී නොකී හැම වැඩක්ම කරන්න ඉන්න බෝයි කොළුවා වගේ..දැන් ඉතින් අර ස්ත්‍රීපරාණෙත් එක්ක පවුල් කන්ට උනා..

නරක නෑ නේද වෙච්ච සංගදිය..?

අනේ ඉතින් දැන් මේ යුවළ..අර දරුවවත් හදාගෙන ජීවත් වෙනවා..
මෙහෙම කාලයක් යනකොට දවසක් දා අහසේ තරු දිහා බල බල නැකැත් සාස්තරයට අනුව කල්පනා කොර කොර ඉන්න බමුණාට..දැන් ඉතින් තාපසතුමා කියන්නත් බැහැනේ..ඉතින් මේ බමුණාට පේනවා දඹදිව කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ට ටිකට් එක ඇදිලා වග..ඒ කියන්නේ මාරයා වසගයට..ඔව් ඔව්..මා වසගයට තමා ඕං..
ඉතිං අන්න ඒ කියූ පරිද්දෙන්..පරන්තප රජු කාලක් කිරියා කොරලා බව දැන් බමුණට පේනවා...

ඉතින් බමුණත් නිකං ඉන්න බැරුවට අර දේවියට කියනවා..
සොඳුර අදනං පරන්තප රජ්ජුරුවන්ට බඩුම තමා කියලා..
මේක අහන බිසව අඩන්ට පටන් ගත්තේ නැතිවද වැළහින්න වගේ..

ඇයි ඇයි බමුණ තා එහෙම කියන්නේ..ඔබ පරන්තප රජු සමග ඔරොප්පුවෙන් සිටිනා අයෙක්දැ

නැත නැත සොඳුර මා හා පරන්තප රජු අතර කුමන නම් ආරෝවක්දැ..මා මේ ග්‍රහ තරුවලට අනුව දුටු දේ තමයි කියලා දැම්මේ..හරියට අදින් වරුස දෙදහස් පන්සියයකට පමණ පසු අප දඹදිව්තලයට ආසන්න සිරිලංකා දීවීපයේ පහළව ග්‍රහ තරු දිහා බලා බ්‍රහ්ම අනාවැකි කියන්නා වූ මාර පුත්තරයා හා සමානව මාද මේ කියන්නට යෙදුණේ ටොප්මැ ටොප් අනාවැකියකි..යි කියා යාන්තං ජාම බේරගන්ට යෙදුණා ඕං...

යාන්තං ඒක එහෙම කියාගත්තට මොකද..දැන් බිසව අඩන කාරණයත් දැනගන්ට එපැයි..?

ඒ හින්දා ඒකට හේතු කාරණා හොයන බමුණා දැනගන්නවා සිද්ධවෙලා තියෙන හුට්ටප්පරේ මොකක්දැයි කියලා...

ඉතින් අන්තිමට බිසව බමුණාට කියනවා මට දුක රජු මියගිය එකට නෙවෙය..
පුත්තරයාට හිමි රජකම මිස් වෙලා යන එකටය කියලා...

ඔන්න දැන් බමුණා ආයෙමත් වැඩෙට එන්ටොර් වෙනවා..

බිය නොවන්න සොඳුර..රජ කරනා අයුරු මම පෙන්වමි... එහෙම කියලා එන්ට කියනවා අර පුතණ්ඩියට..දැන් ඉතින් උදේනි කොළුවත් යමක් කොමක් කියාගන්ට ඇහැකි..කර දඩු උස්මහත් වෙච්ච කොළුවා වෙච්චි...

ඉතින් එහෙම උදේනි කොළුවට එන්ට කියලා අර බමුණු තෙමේ අර කොළුවට තමුන් දන්න අලි මන්තරෙයි..ඒ කියන්නේ හස්තිකාන්ත මංතරෙයි..වීණාවයි දීලා..එක්ක ගිහින් ඒ පළාතේ ඉන්න කප් ගහපු අලි එක්කාසු වෙන පොට් එකක තිබුණු රූස්ස නුග ගහකට අර කොළුවා නග්ගනවා උපදෙසක් දීලා...

ඒ උපදෙස තමයි අර මංතරෙයි වීණාවයි පාවිච්චි කොරලා පළවෙනි තියරිය ටැස් කොරලා බලන එක..ඉතින් අංක එක සාර්ථකයි..ඒ කියන්නේ එදා රෑ අර නුගේ යටට ආව අලි ටික ඔක්කෝම බයකොරලා පන්නලා දාන්ට කොළුවා සමත් උනා..
ඉතින් ඊළග දවසේ අංක දෙකත් කිරියාත්මක කොරලා බැළුවා..වැඩේ එළකිරි වගේ වැඩ...

ඒ ගමන දැන් අවසාන සීන් එකට ඇන්ටර් වෙන්ටයි හදන්නේ..

ඊට කළින් අර බිසවට කියලා තමුන් කවුද කියලා ලියුං කරදහියක් එහෙම ලියවගෙන..අර බිසවව පැහැරගෙන එන දවසේ පොරවං ආව වටිනා කියන සළුවයි..අර පේරැස් මුද්දයි එහෙමත් අර කොළුවා අතට දීලා..

නුග ගහට නග්ගන ගමන් එදා කොරන්ට ඕන වැඩපිළිවෙලත් කියා දුන්නා..

ඉතින් ඒ කිව්ව විදියටම අර උදේනි කොළුවා මොකදෑ කොලේ...

එදා රෑ අලි ඇත්තු ටික එක්කාසු වෙනකල් ඉඳලා..අර මංතරේ එහෙම කියලා..දීලා ඇද්දේ නැද්ද වීණාවේ පළවෙනි තත ටිං ටිං ගාලා...

මෙන්න ඉතින් අලි දුවනවා..හුරේ රන් එක දීලා..
ඒත් එක්කම උදේනි කොළුවා නැවතත් අර මංතරේ මතුරලා දණහිස නවලා දෙනවා දෙවෙනි තත ඇඹරිලා යන්ට....
මෙන්න යකඩෝ අර පණ එපා කියලා දුවපු අලි එකා දෙන්නා දුවන ගමන් සයිඩ් කණ්නාඩියෙන් පස්ස බල බල දුවනවා...

ඒත් එක්කම මෙන්න පිංවතුනි ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් මොහොත...

මංතරේ කියනා ගමන්ම තුන් වෙනි තත නාදය කරනවාත් එක්කම අර දුව දුව හිටිය අලි නැවතිලා ආයෙමත් බොහෝම යටහත් පහත්ව අර නුග ගහ ගාවට එනවා..ඒ ඇවිත් ඒ ඇත් රංචුවේ හිටිය නායක ඇත් රජා අර ගහ යටට ඇවිත් දණ බිම ඔබලා තමන්ගේ පිට උඩට කුමාරයාට නැග ගන්න පුළුවන් හැටියට ඉන්නවා..

ඉතින් අපේ අර බමුණුතුමා කියා දීපු ආකාරයටම අර ඇත් රජාගේ පිට උඩින් වාඩි වෙලා එහෙම ඇත් රජාගේ හිස එහෙම පිරිමැදලා..එක කනකට කිට්ටු කරලා

මම ඇවිල්ලා කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි පුත්තරයා වෙච්ච එකේ බැරිද මට ඒ රාජ්‍යයේ රජකම අල්ලලා දෙන්ට කියලා..

ආන්න ඒ වෙලාවේ අර ඇත් රජා හිටගෙන පොඩ්ඩක් අමුතු විදියේ සද්දයක් දානවා...
ඒ සද්දේ අහපු අර ඇත් රංචුවේ හිටිය පොඩි පොඩි අලි ටිකයි පැන්ෂොන් යන්න ඔන්න මෙන්න හිටිය අලි ඇත්තු ටිකයි හිමිංම මාරු වෙලා යනවා...

අන්න ඊට පස්සේ අලි ඇතුන් පන්සීයක විතර සෙට් එකකුත් එක්ක අර නායක ඇතා උදේනි කුමාරයාවත් කරේ තියාගෙන කොසඹෑ නුවරට යන්ට පටාන් ගන්නවා...

ඉතින් පින්වතුනි අපි ඊ ළග කුට්ටියෙන් බලමු නේද මක්කදෑ උනේ කියලා...
මොකද කියනවනං මට දැන් අලියා පිටේ ගිහිං..ආ නෑ නෑ අලියා පිටෙ යන කුමාරයා ගැන ලියන්නට ගෙහුං හොඳටම මහන්සියි...

33 comments:

  1. දවස් 2ක් වීණා ගහල බය කරල එලෙවුවට පස්සෙත් ආයෙ ඒ ගහ ගාවටම එන්නෙ අලිම අලි මෝඩ අලියොනෙ

    ReplyDelete
  2. බලන්න මේ ගෑනු ජාතිය නේ අර අහිංසක තාපස තුමා වට්ට ගත්තා ! චි:හ් අපි නම් ඕවට අහුවෙන්නේ නෑ නේද මාරේ අයියේ ?

    අර අලි ගැන්සිය අතරේ බීරි අලියෙක් එහෙම උන්නනම් තමා කුමාරයට තට්ටු වෙන්නේ ..

    අනික් කොටස බලාපොරොත්තුවෙන් මම ...

    ජයවේවා !!

    ReplyDelete
  3. ටක්කෙට ටකේ මම නම් හිතුවා ගෑණු පරනයක් එන්ටොර් වෙද්දී ,,තාපසයට ඔහොම වින්නැහියක් වේවි කියල,,කාලා වරෙන්කෝ අනේ තාපසයට උන දේ...ඉතින් ඉතින් මාරයෝ කතාව සිරසෙන් එහෙම ඉල්ලුවොත් දෙන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  4. පිරිමි මෝඩයෝ කියලා ඔය බනෙනුත් ඔප්පු වෙලා තියෙන්නේ. මොකටද ඔච්චර බන බාවනා කරපු බමුනු ඇත්තා මැජික් බලන්න ගියේ. ඔය කතාවලට බයේ වෙන්න ඇති, මේ පැත්තට ඇප්ලිකේෂන් නොදාන්නේ!

    නැත්නම් මෙච්චර රහට කෙල්මල් උයන්න පුලුවන්, ලස්සන කොට්ටා උර මහන්න පුලුවන් මට අකැමති වෙන්නේ කවුද?

    ReplyDelete
  5. ඔය කතාව මුලින්ම කියවපු දා ඉදන්ම මම කල්පනා කරපු දෙයක් තමා ඇයි තාපසයා ඔය වැඩේ කරන්න ඔච්චර කල් ගත්තෙ කියන එක.. ඕනෙමනං ඉතිං දේවියගෙ ඇගේ පතේ අමාරුව යන්න සතියක් හමාරක් කල් දීලා, ඊට පස්සෙ අර මන්තර පොජ්ජ දාලා අලියෙක් ගෙන්නලා, දේවියයි බබයි ඩබලම අලියගෙ පි‍ටේ නග්ගලා ආපහු රජතුමා ගාවට යැවුවනං වැඩේ ගොඩනෙ.. එහෙනං දේවියට ඔය එක එක මැජික් පෙන්නන්න වෙන්නෙත් නෑ, තාපසයටත් සීලෙ රැකගෙන අර එයාගෙ යාළුව වගේ දිවියලෝකෙ යන්න තිබුනා..

    පලි: ඒක කියන‍කොටයි මතක්වුනේ.. ඔච්චර කෙලියක් වෙනකං තාපසයගෙ අර යාළු දෙයියා උඩ බලං හිටියද..?? පොරට තිබුනනෙ ටක් ගාලා ඇවිල්ලා පොඩි ජිමික්ස් එකක් දාලා තමන්ගෙ ෆ්රෙන්ඩාගෙ සීලෙ රැකල දෙන්න නැද්ද මං අහන්නෙ..

    ReplyDelete
  6. මාර තුමා ගේ බණ අති විශිෂ්ඨයි. බණ කතාවක් කියලා තෙරෙන්නෙ වත් නෑ.
    සාදු! සාදු! සාදු!

    ReplyDelete
  7. ඇයි යකඩෝ, ඉවසනවා කියලා මෙහෙමත් නින්දා ඉවසන්න පුළුවනිද?

    කෙහෙල් මල, තාපස තුමා මැජික් බලන්න ගියේ නෑ, කපටි ‍රැජින උන්දැට බලෙන්ම මැජික් පෙන්නවෙව්වා මිසක්කා. ඉතිං ඒකට ඒ අහිංසකයා මොනා කරන්නද?

    මාරයියේ, කොට්ට උරේ උඹට මැජික් පෙන්නන වගේ හදන්නෙ. උඹ දන්නවා නොවැ, කෙහෙල් අපට අකැප වග, ඇන්නොත් අනිවා පැටලෙනවා හොට.

    ReplyDelete
  8. බලපල්ලකෝ පිරිමි අපේ අවංක කම නිසා අපිලව රවට්ටන ගෑණු එකල සිට මෙකල දක්වාම තාමත් පැවත එනවානේ.

    මාර අයියේ දැන්නම් කතාව දීර්ඝ ටෙලිනාට්ටියක් වගේ වෙලා නොවැ

    ReplyDelete
  9. මහා මාර බණ කතා වස්තුව ටිකට් නැතිව බලන අයට මොනව වෙයිද මන්ද?
    අර බුරතෙනො කියල තියෙනව වගේ යාළුව මෙච්චර දෙයක් වෙනකං උඩ බලං හිටියද? මොකද දෙයියො උඩ බලං හිටියට වැඩක් නෑනෙ. බිම එපැයි බලන්න.
    ඊළග එකත් ලියල දාන්න.

    ReplyDelete
  10. මාර මචන්, ශෝක් බණ පොඩ්ඩ... ආසාවේ බෑ අහන් ඉන්න.....

    ReplyDelete
  11. මකරා...

    උන් මොඩ අලි වෙන්නේ කොහොමද..සමහර අලි එකම ලණුව අවුරුදු ගාණක් කාලත් තාමත් ඔය යහතින් ඉන්නේ...

    ReplyDelete
  12. හිස් අහස...

    අම්මපා කොල්ලෝ..උඹට මතක් වෙච්ච දේනං මරුම තමා..බිරී අලින්ට වීණා වයලා වැඩක් ඇතෑ...

    ReplyDelete
  13. ItalyDilan...

    ඒකනේන්නං ..බලහංකෝ වෙච්ච දෙයක්...

    සිරස..හුහ්..මගෙ බල්ලවත් යයි ඔකුන්ට දෙන්න..

    [සැලකිය යුතුයි- මගේ බල්ලා ලකී සෙනෙවිරත්න මහත්තයාගේ බල්ලාගේ ජාතියට වඩා වැදගත් ජාතියක එකෙකි.]

    ReplyDelete
  14. Podi Kumarihami...

    හා හා කේන්ති ගන්ට එපා...
    එහෙම උනොත් අර වයස් සීමාව 30ත් 60ත් අතර දක්වා කොරන්ට වෙවි..(පොඩ්ඩී වයසට ගෙහුන්..)

    ඇප්ලිකේෂන් දාන්ට තාම මැජික් දැක්කේ නැහැ නෙව..හිහ් හිහ්...
    අනික ඉතින් කෙහෙල්මල් වෑංජනේට මම කොහොමත් මනාප නැතුවා ඔං...
    හැබැයි ඉතින් බොරු කියන්නේ මක්කටෙයි අර කොට්ට උරෙනං නින්ද යනවා මාර සනීපෙට...

    ReplyDelete
  15. Buratheno...

    ඔක මලේ මෙහෙමනේ...

    මුළීන්ම විස්තර කතා කර ගත්තට අර බිසව තමන් මොන රජ්ජුරුවන්ගේ බිරින්දෑද කියලා කියලා තිබුනේ නැහැ හරියටම..මොකද ඔය තපසට ගිහින් හිටියා උනත් ඒත් රජෙක්නේ..වැරදිලාවත් තාපසතුමා රජ කොරන කාලේ තමුන්ගේ රජ්ජුරුවන් එක්ක ආරෝවෙන් හිටිය කෙනෙක්ද කියලා හරියටම දන්නේ නැති හින්දා ඒ ගැන විස්තර කියලා තිබුනේ නැහැ...

    අනික පොඩි දරුවෙක් අරගෙන ගෑනු මනුස්සයෙක් කොහේ යන්ටද අර ඝණවනාන්තරයක් මැද්දෑවෙන් එච්චර දුරක්

    ReplyDelete
  16. Siribiris...

    හිහ් හිහ්..නැතුව නැතුව...

    ReplyDelete
  17. පූසා...

    අනේ ඉතින් මං මොනවා කොරන්ටද..කතාව කොහොමත් දිගයි නෙව...

    ReplyDelete
  18. Praසන්ன...

    දෙවිවරු පස්සෙන් එළව එළවා දෙන්නේ නැහැ අඩා...

    ReplyDelete
  19. මාරයියේ බැරිද ඔය බන කතා ටිකෙනේ පොඩි පොත් පින්චක් ගහන්න. එතකොට එකදිගටම කියවගෙන යන්න පුලුවනිනේ. ඒක නෙවෙයි මොකක්ද මේ කොට්ටවුර සීන් එක. බලාගෙන මල් මහලා ඉන්දිකට්ටත් එකේම ගහල තිබ්බොත්?

    ReplyDelete
  20. අම්මේ... සෝයි බණ කෑල්ල.. සෘංගාරය, ත්‍රාසය, ආදරය, කොමඩි වගේ මෙකී නොකී හැම දේම දාලා හොඳ බණක් කියනවා නේද මාරයියා..

    මාර දූවරු සෙට් එකත් අර කිව්වා වගේ මැජික් පෙන්නන්න ආවට බුදු හාමුදුරුවෝ ටැකල් කරගන්න බැරු උනානේ නේද? බයිදවේ, මාරයියාගේ දූලා තුන්දෙනාද තන්හා, රතී, රඟා කියන්නේ?

    ReplyDelete
  21. මාරෙ අයියේ අපේ පොඩි කුමාරිහාමි සහෝදරීත්, ඔයත් බණ කතාවෙ වගේ පොඩි "මැජික්" කෑල්ලක් දැම්මනම් ඇප්ලිකේෂන් එයි එකසිය ගානට නේද?. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කිව්වා නම් නහයෙන් අඬ අඬා ඉන්නෙ නැතුව..

    එයාට පොඩි විහිලුවක් කලාට තරහා යන්නේ නැතුව ඇතිනේ............

    ReplyDelete
  22. බනත් ඇහුවා මෙහෙම බන ඇහිල්ලක් නම් අහලා නෑ ජීවිතේට . . හික්ස් . . .

    මේ බන සීරීස් එකට නමක් දාමුද බන් . .
    "පබා කල මාරයාගේ බන" හික් හික් හික්

    වැඩේ පබා හරි පබලු හරි කරලා කමක් නෑ මෙගා වැඩ වල තියෙන ලාබ කොලිටිය නැති නිසා අහන්ට ආස හිතේ . ..

    ReplyDelete
  23. මාරයෝ මේ පොඩි කුමාරිහාමි ලියන කෙනා නම් ගෑනු කෙනෙක් වෙන්ට බෑ . .

    ෂුවර් එකට පිරිමි පරානයක් . . හික්ස්

    ReplyDelete
  24. මේකනෙ මචංලා.. ඔය කොයි කොයි කුමාරිහාමිත් අපට සද්ද බද්ද දාගෙන, නළලෙ තිලකෙ තියාගෙන හිටියට අන්තිමට තේරුං ගන්නවා පිරිමි පරාණයක් නැතුව වැඩේ ගොඩදාගන්න බෑ කියලා.. ඉතිං එතකොට තමා ඕං ඔය ඔක්කොම මැජික් පෙන්නන්නයි, ඇප්ලිකේෂන් කෝල් කරන්නයි පට්ටාං ගන්නෙ..

    අනේ ඉතිං ඒ ඇත්තිට අනුකම්පා කරලා ඔය එකෙක් දෙන්නෙක් හරි ඇප්ලිකේෂන් පාරක් දාපල්ලා.. පවුනෙ මොනාවුනත් ගෑණු හිතක්නෙ.. හිත රිදිලා කැඩිලා ජීවිතේට අනතුරක් කොරගත්තොත් හෙම..

    ReplyDelete
  25. ඔව් ඔව් මටත් එහෙමයි හිතෙන්නේ. කුමාරිහාමි පිරිමි පරාණයක් වගේ තමයි. කෝ තාම ගිය කෙනෙක් එහෙම නැතෙයි.

    ReplyDelete
  26. හෑ, මොකක් කිව්වා. පොඩි කුමාරිහාමි පිරිමි පරාණයක්. බුදු අම්මෝ, මැජික් එපෝ. හුටා මාරයට බඩුම තමා. දුවපං, බුදු මාරය්යේ පණ එපා කියලා - කිලෝ 10 අඩු කරගන්නත් ඇහැකි.

    ReplyDelete
  27. මේ පිරිමි පරාන ටික එකතු වෙලා අසරන මම නැති තැන, මට මෙහෙම කාඩ් ගහන එක හරිද? මට දීගෙක යන්න කීවේ දුකාමයි. අනෙක් පැත්තට කතා හදන්නෙත් එයාමයි. මම දීගෙක යන්වට එයා අකමැතිද දන්නෑ. පිරිමිද, ගෑනුද කියලා බලන්න එනවද 'ස්වයංවරය'දාට වලව්වට? අනේ මාර අය්යේ, ඔයා 'මාරය' උනාට කොච්චර අහිංසකද කියලා දැනුයි තේරෙන්නේ.

    ReplyDelete
  28. ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මමනං ඇප්ලිකේෂන් දාන්නේ නැහැ පොඩ්ඩියේ...

    ඇයි යකඩෝ මෙ අහල පහල හැට හුට හමාරක් ගෑනු දැරිවියෝ ඇප්ලිකේෂන් පුරෝගෙන මා වටෙ කැරකෙද්දීවත්..ගානකට නොගෙන අයියා වගේ ඉන්න මංතුමා..ඇවිත් මෙතන වළව්වෙ අයගේ ආඩම්බර බලහල්ලකෝ...
    ඒකනේ මං ඔයාට කිව්වෙ..ඔයාට ඔනනං මට ඇප්ලිකේෂන් එකක් දාන්ට මං සලකලා බලන්නං..

    ReplyDelete
  29. කොට්ටෙ සැපට නින්ද ගියා වගෙ නෙවි මාර මලේ උඹටත් සර්කස් එක හොරෙන් බලපු කොලුවට උන වැඩේ වෙයිද දන්නේ නෑ.

    මූත් අහුවෙලා වගෙ ඔය ඔය කියන්නෙ ඇප්ලිකේශන් දාන්න කියල සලකා බලන්නම් කියලා.
    මාරයාට මාර දිව්ය පුත්තරයගෙම පිහිටයි....!

    ReplyDelete
  30. අනේ ඉතිං පමාවෙලා ආවත් හසියා හොදට මාරයගේ බණ කතන්දරේ අහගත්තා ඕන්...
    ඉතිං ඊලගට උදේනි කොලුවා විත් අලි ගැන්ග් එකට මොකද වුනේ කියලා දැනගන්නම ඕනිනම් මරායා ඊළග පොස්ට් එක දානකම් දත කට නියවං බලාහිටපල්ලා.....

    ReplyDelete
  31. " නැකැත් සාස්තරයට අනුව කල්පනා කොර කොර ඉන්න බමුණාට..දැන් ඉතින් තාපසතුමා කියන්නත් බැහැනේ..ඉතින් මේ බමුණාට "

    මුලින් රජ කෙනෙක් හැටියට ඉදලා පස්සේ තාපසයෙක් වුණා කියලා නේද කිව්වේ ???

    ReplyDelete