30 November 2010

ඒ වගේ දිනක් නෑ එන්නේ...

ඔන්න අදත් මේ ගෙදරට කඩං පාත් වෙච්ච ගමං..
පොඩි වෙනසකට තියෙන්නේ වෙනදට මම මූලික වැඩ කටයුතු ඒ කියන්නේ මේ නාලා කාලා ඉන්න වැඩ වලට පස්සේ මුළින්ම කරන්නේ ජාලගත වෙලා කළින් දවසේ මට මග හැරුන ලිපි එහෙම කියවලා බලලා..මගේ ලිපිවලට ලැබිලා තියෙන ප්‍රතිචාර එහෙම බලලා ඉවර වෙලා තමයි මොනවා හරි ලියන්න පටන් ගන්නේ...

ඒත් අදනං ජාලගත වෙන්න කළියෙන්ම...මේක ලියලා ඉන්න හිතුවා...

වෙනදා වගේම ඊයෙත් මට වැඩ දවසක්...
හැබැයි වෙනදාට වඩා වෙනස් දවසක්..
මොකද මට මතක ඇති කාලෙකින්..ඇත්තටම කිව්වොත් මම මේ ආයතනයේ වැඩ බාර අර ගෙන මේ ගත වන විසි පස්වන මාසයක කාලය ඇතුළතදී..වැඩිම වැඩ තිබුණු දවස...

හේතුව ආයතනයේ භාණ්ඩවල අලවිය සීඝ්‍ර ලෙස ඉහළ යෑම...

අපි මෙහේ වැඩ බාරගත්ත දවස්වල ආයතනය පාඩු ලබමින් උන්නේ...
පහු ගිය කාල වල වැටි වැටී නැගිටිමින් තමයි ගමන ගියේ...
හැබැයි අද වෙන කොට ආයතනයේ කවදාවත් නැති විදියේ පිබිදීමක් තියෙනවා...
හැම අතින්ම ඇණවුම් ලැඛෙන කාලයක්...

ඉල්ලූමේ හැටියට සැපයුම දීගන්න බැරි තරමේ තත්වයක්..
නිෂ්පාදන කටයුතුත් එහි උපරිම තත්වයට ආසන්න වෙලා තියෙන්නේ..
සේවක බඳවා ගැනීම් අතිනුත් ඉහළ තත්වයක් තියෙනවා...

කොහොමටත් හෙට අනිද්දා වෙනකොට අළුත් යන්ත්‍ර කිහිපයක්ම ගෙන එන්න තමයි බලාපොරොත්තුව...

ඉතින් මේ වගේ තත්වයක් යටතේ අපිටත් දැන් ඉස්සරට වඩා දෙගුණයක් වැඩ කරන්න වෙලා...
මමනං කොහොමටත් මුල ඉඳලම මගෙ වැඩයි, අනුන්ගේ වැඩයි, හැම දේම කරට අරගෙන දුවලා පැනලා වැඩ කරපු හින්දා දැන් තියෙන තත්වයට මුහුණ දෙන්න ලේසි නැහැ..හේතුව මීට වඩා ඇත්තටම කරන්න අමාරුයි...

වෙනදා අපේ ආයතනයේ දෛනිකව ඩිලිවරි හතරක් පමණ කෙරෙනවා...
නමුත් ඊයේ දිනය තුළ ආයතනික රථ වලට අමතරව පිටතින් කුලියට ගත්ත වාහන විතරක් නෙවෙයි, අන්තිමට මැනේජර් උන්නැහේලාගේ වාහනවලත් ටික ටික දාගෙන ඩිලිවරි කරන්නයි උනේ...

හරියටම කිව්වොත් ඊයේ ඩිලිවරි දහයයි..
එහෙම බැළුවහම දළ වශයෙන් සීයයට එකසිය පණහක විතර වැඩි වීමක්...
ඉතින් මේ අසරණ අපිතුමාලා නහිනවා...

කොහොමින් කොහොම හරි ඊයේ මට උදේ තේ එක විතරයි...
යන්තං දවල්ට දඩි බිඩි ගාලා කාලා දැම්මා...
හවස තේ බොන්න මතක් උනෙත් නැහැ...

අන්තිමට රෑට කෑම ඕඩර් කරන්නත් අමතක වෙච්චි...
කෑම ගැන මතක් උනේ රෑ අටට විතර වෙද්දී...
ඒ ගමන යන්තං කෝල් එකක් දාලා කෑම දෙන ගෙදරකට කියලා ඉඳිආප්ප ටිකක් තම්බව ගත්තා..අපරාදේ කියන්න බැහැ ඒ මිනිස්සු ඒ අතින්නං රත්තරං...

ඒත් ඉතින් කෑම එක ගේන්න යංතං දුවා ගත්තේ නවයයි කාලට විතර..ඒ ගෙනාවත් මොන කෑමක්ද..

තවත් වාහන එනවා...
ඒ අතරේ අද උදේ පාන්දර කතරගම යවන්න කියලා ආයතනයේ ලොකු ලොරියකට බඩු පටවනවා..
ඒ අස්සේ ගබඩා ඇරලා කැඩුනු මැෂින් වලට කෑළි නිකුත් කරනවා...

රටේ නැති වැඩ...

අන්තිමට නාලා කන කොට රෑ දෙළහත් පැනලා...

ඔන්න මගේ තත්වේ...
මක්කා කොරන්නද..?

අනිත් ගෝල බාලයින් ටික සැරෙන් සැරේ යවලා නාගන්න කන්න බොන්න දීලා තිබුණු හින්දා හොඳා...
නැත්තං උන් මගේ මව්පිය උපහාර වන්දනාව නොමිලයේම කරනවා...

ඉතින් අන්න ඒ වගේ එපා කරපු දවසක් තමයි ඊයේ...

හැබැයි..ඒ හැම දෙයක්ම අනිත් අතට හැරඋන සිදු වීම් පෙළකුත් හින්දා...
ඊයේ දවස එපා කරපු දවසක් කියලා කියන්නත් බැහැ...

ඒ පිළිබඳව මුලින්ම පණිවිඩය ආවේ..අපේ "අසංකා" නංගිගෙන් තමයි...

රෑ හතට විතර ඇති මගෙ හිතේ...

දවල් ෂිෆ්ට් එකේ අය වැඩ ඇරිලා යන වෙලාව..මෙන්න එනවා සුභ පැතුම් පණිවිඩයක්..
හැබැයි මොකටද කියලා දන්නේ නැහැ..ඊට ටික වෙලාවකට පස්සේ එනවා..කාරණය කියලාම...

"අසෙනිය කුසුම"..කොළඹ රාජකීය විද්‍යාලය මගින් පවත්වන්නට යෙදුණු සාහිත්‍යය උළෙලට සමගාමීව පවත්වන්නට යෙදුණු සිංහල බ්ලොග් සඳහා පිරි නැමෙන සම්මානයක් මංතුමාටත් ලැබිලාය කියලා...

සෑහෙන සතුටක් ලැබුණා..එහෙම නොකිව්වොත් ඒක බොරුවක්...
වැඩ කප්පරකට තියෙද්දිත් මාත් පණිවිඩ කිහිපයක් කොටලා "අසංකා" නගාට ඇරලා තත්වය ටිකක් තහවුරු කරගත්තා...

නුහුරු වම් අතින් ෆොන් එකපාවිච්චි කොරන ගමන්..දකුණු අතින් සටහන් පොත්වල විස්තරත් ලිය ලියා..ඇස් දෙක කාඩ් පත් සලකුණු කරන සේවකයින් වංචා සහගත වැඩ කොරනවද කියලා බලන අතරේම..ගේට්ටුවේ සේවක මහත්වරුන් පරීක්ෂා කරමින් ඉන්න භටයෝ දෙන්නා හරියට ඒ වැඩේ කරනවාද කියලාත් බලන ගමන්ම...

යතුරු භාර දෙන්න එන උදවියත් එක්කත් කතා බස් කරමින්...
යන එන වාහන ගැන ක්‍රියාකළ යුතු ආකාරයත් කෑ ගගහා කියමින්..එක පාර වැඩ කෝටියයි.

ඒ මැසේජ් කෙරුවාව ඉවර වෙන කොටම මෙන්න "කෙහෙල් කොටුවේ උන්නැහෙ"ත් කතා කොරලා සුභ පතපි...

ඒත් එක්කම ආවේ නැද්ද පත ලොරියක්...බඩු වගයක් ගෙනියන්න..නුවර ඉඳලා...

කළින්ම ඒ බඩු ටික ගාඩ් රූම් එකට භාර දීලා තිබුනේ...

ඉතින් ඒ වෙලාවට ආරක්ෂක අංශයේ වැඩ වලට අමතරව ගබඩා බාරකරුවන්ගේ ලියකියවිලි වැඩත් කොරන්ට එපැයි..

ඉතින් ඒ වාහනයටත් බඩු නිකුත් කරලා ඉන්වොයිස්වල රාජකාරි එහෙමත් කොරන ගමන් අර ඇමතුම විසන්ධි වෙච්චි...
ආයේ ඉතින් ගන්න තරංවත් ඉඩපාඩුවක් නැහැ..මොනවා කරන්නද.."බුද්ධියා" තරහා නොවන බව දන්න හින්දා ෆෝන් එක සාක්කුවේ ඔබාගෙන වැඩ ටික කරගෙන ගියා...

ඊට පස්සේ තමයි කෑම මතක් උනේ..

අන්තිමට කෑම එක ගේන්න ගිහින් ඉන්න අතරේ තවත් ඇමතුමක්...ඒක "වත්"ගෙන්...එහෙං කෑම දෙන තැන අක්කාගේ විස්තර විභාග...ඒ මදිවට වහිනවා..මොනවා කරන්නද සුභ පැතුම භාරගෙන පස්සේ කතා කරන්නම් කියලා තිබ්බා...

අන්තිමට කොහොම හරි ඇවිත් වැඩ යන අතරෙම ලැප් එක ඔන් කරලා මේසේ පැත්තකින් තියාගෙන...
කොහොම හරි ජාලගත උනා...

මගෙ අම්මේ හතර අතින් පණිවිඩ...
සුභ පැතුම් ගලාගෙන එනවා...
පොත්පත්වල වැඩ කරන ගමන්ම..ඇස් දෙක විඩින් විඩේ තිරයමත...
ජීමේල් හරහා..ජී ටෝක් හරහා..මූණුපොතේ බිත්තිය හරහා..මුණු පොතේ කතා බස් තීරු හරහා...
එලෝ කෝටියට එනවා එනවා..මට කියවගන්නත් බැරි තරං...

ඒ අතරේ මැසේජි එන සද්දේ...ෆේස් බුක් වින්ඩෝ එකේ ඉන්නකොට ජීටෝක් පැත්තෙන් සද්දෙ ඇහෙන්න පටන් ගන්නවා...ඒ පැත්තට ගිය ගමන් ෆේස්බුක් එක පැත්තෙන් පටන් ගන්නවා...

මට හිතුනේ අද ගෙදර ඉන්න තිබ්බනං කියලා විතරයි...

ඇයි දෙයියනේ මේ පණිවිඩවලට ස්තූතියි කියලා තනි වචනෙන් හරි පිළිතුරු ලියන්න වෙලාවක් කෝ..ඒ තරමටම මම හිර වෙලා..අමාරුවෙන් හරි එක් කෙනෙක් දෙන්නෙක් එක්ක පැටළුනා...

ඒ අස්සේ මම ඇදගෙනත් නෑවා...

ඒ සඳහා සාදර අනුග්‍රහය "අසංකා" නොහොත් අපේ මඩකුමාරිගෙන් තමයි...
මම නිකං බයිට් උනා...මොනවා කරන්නද..අපිත් ඉතින් ඔය මුණු පොතේ පොටෝ කෑල්ලක් එහෙම දැක්කම ලොබ නැතුව දීලා අරිනවනේ...අනේ ඉතින් ඒවට මදි නොකියන්න හම්බ උනා...

ඉතින් ඔන්න ඔහොමයි කාරණා කාරණා සිද්ධ උනේ...

මං අහන්නේ ආයෙමත් ඒ වගේ දවසක් ඒවිද...?

.................................................

තාමත් මට නිල වශයෙන් දැනුවත් වීමක් වෙලා නැහැ...සම්මානය පිලිබඳව...
ඒත් ඒ කොහොම උනත්..නිල නොවන මට්ටමෙන් දැනගෙන..ඒ පිළිබඳව මුලින්ම මා දැනුවත් කළ අසංකා නංගී ඇතුළු ජාලගත අවකාශයේ මගේ දයාබර සියළුම සහෝදර සහෝදරියන්ට මගේ අවංක ආදර ස්තූතිය මම ප්‍රකාශ කරන්න කැමතියි..

උඹලා හැම දෙනාටම පින් සිද්ධ වෙනවා...මාව අගය කිරීමත්...දිරිමත් කිරීමත් වෙනුවෙන්...

ඒ වගේම මේ වෙලාවේ මම කැමතියි "ටැබූ" ටත් ස්තූති කරන්න..උන්නැහේ තමයි මාව පහුගිය දවසක උස්සලා තිබ්බේ..
මම හිතනවා ඒකත් ලොකු තල්ලූවක් උනා කියලා මේ දෙයට...

ඒ වගේම "විවේචන" නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කරමින් එහි පළමු විවේචනය සඳහාම මගේ අඩවිය තෝරාගත්..සොයුරාට හෝ සොයුරියටත් මම ස්තූති කරනවා...හැබැයි දැන් ඒ අඩවියේ කටයුතු නැවතිලාද මන්දා..
සමහර විට ඒ අඩවියට ලැබුණු ප්‍රතිචාර අඩුවීම ඊට බලපෑවාද කියන්න මම දන්නේ නැහැ.ඒත් ඉතින් ප්‍රතිචාර බලාපොරොත්තු නොවී ඒ කටයුත්ත කරන්න පුළුවන්නං වඩාත් හොඳයි.

ඇත්තටම මෙයින් අවුරුද්දකට විතර කළින් මේ බ්ලොග් එක පටන් ගත්තේ...
එහෙම බලනකොට චසරක් වගේ කාලයක් ඇතුළත මම ආව ගමන ගැන මට සෑහීමකට පත් වෙන්න පුළුවන්...

මගේම ජීවිතය ගැන, මේ ජීවිතේදී මම ලබපු අත්දැකීම් ගැන..දුක සතුට මැද ජීවිතය ගලාගෙන යන අන්දම ගැන මම ලියපු වචනයක් වචනයක් පාසා තිබුණේ මනුස්සයෙක් හැටියට මම ලොකය දකින හැටි තමයි...

මේ බ්ලොග් එක වගේම..මගේ ජීවිතයත් තාමත් ඔහේ ගලාගෙන යනවා..මේ දෙකේම නැවතීම කොතැනද කියලා මම දන්නේ නැහැ. කවදාක හරි ඒ දෙකින් එකක් හෝ දෙකම එකවර හෝ නවතින දවසක් එනවා...
"මාරයාගේ හෝරාව" උදා වෙන ඒ දවස වෙනකල්...
මාත් එක්ක මේ වන්දනා චාරිකාව යන්න ඔබ හැමෝම එන්න...

ඉතින් අපි යමු ඉදිරියට...

ඊයේ වගේ දවසක් ආයෙත් නෑ එන්නේ..
නමුත් හෙට දවස ඊයේටත් වඩා අපූරු විය හැකියි...
අපි පියවර තබමු...

මෙයට මාරයා...නොහොත්
චතුෂ තුෂර කුමාර...

51 comments:

  1. එළ කිරි මාරයියේ.. එළම කිරි.. නියමයි..

    ReplyDelete
  2. සුභම සුභ පැතුම් මාරයා අයියා.....
    මමත් බස් එකෙන් අද උදේ තමා දැක්කේ......
    වෙනදා වගේම තව තවත් ලිපි ලියමින් ඉදිරියටම යන්න ලැබේවා...!!!!!
    උණුසුම් සුභ පැතුම් හා පැටික්කිගෙන්....
    (අද මම පළවෙනියද මංදා කාලෙකින්.)

    ReplyDelete
  3. ජය වේවා මාරයියේ... ආපහු සුභ පැතුම් එහෙනම් ඈ...

    ReplyDelete
  4. මාරයා ගේ කතන්දර - රියල් කතන්දර, බොක්කෙන්මයි ලියන්නේ. මේවා අසමසමයි (Unique).

    මගේ සුභ ඵැතුම් පිළිගන්න.

    ReplyDelete
  5. සුබම සුබ පැතුම් පුන්චි මාරයියේ. තව තවත් රසබර අදහස් ඔයාගේ හිතට ගලාගෙන එන්න කියලා මම ප්‍රර්තනා කරනවා.

    ReplyDelete
  6. සුබ පැතුම්

    මම බ්ලොග් ලියන්න අලුත් කෙනෙක් වුණාට දිගටම බ්ලොග් කියෙව්වා.

    ReplyDelete
  7. දහසකුත් එකක් වැඩ රාජකාරි, බාධක කම්කටොලු මැද තම ජීවිතයේ සිදුවූ සිදුවීම් අප හා බෙදාගැනීම උදෙසා මාරයා‍‍ගේ හෝරාව ලියූ (ටයිප් කළ) මාරයා නොහොත් සී.ටී. කුමාරයාට ලැබුණු සම්මානයට මගේ උණුසුම් සුබ පැතුම්.

    තව තවත් ලිපි ලියමින් ඉදිරියටම ගමන් කිරීමට ශක්තිය ලැබේවා.

    ඇත්තටම මාරයො මොනවද ඔය මුර කොරන්නේ. ඔච්චර ඉල්ලුමක් ඇතිවෙන්න.

    ReplyDelete
  8. උණුසුම් සුභ පැතුම්!
    මමත් අසාවෙන්ම කියවන බ්ලොග් එකක් තමයි මාරයාගේ හෝරාව.

    ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  9. මෙන්න මගෙන් ආපහු සුභ පැතුමක්..!
    :D

    ReplyDelete
  10. ඔන්න මමත් අයෙත් මෙතන සුබ පැතුවා

    ReplyDelete
  11. මෙන්න මගෙනුත් දෙවෙනි සුභ පැතුමක්..!

    ReplyDelete
  12. මාරෙ මලේ,

    ඉස් ඉස්සෙල්ලාම මගේ සුබ පැතුම, ඒක අංක එක, මේ සම්මානෙ බොට නහම්බුනානම් තමයි ගොයියො වැඩේ තිබ්බෙ,

    අර ඵ්‍රසන්ன මලයගෙ ප්‍රස්නෙ මටත් ආව නෙව, මොනවැයි බොලා ඔතන නිස්පාදනය කොරන්නෙ හැබෑටම, කතරගමට පටෝනව කිව්වම මට හිතුන පලතුරු වට්ටි මල් මාලා වත්දෝයි කියල, එහෙමෙයි හැබෑටම ?

    ReplyDelete
  13. දැනුයි මචං දන්නෙ (අතිශය කාර්ය බහුලයි නොවැ)... බොක්කෙම්ම සුබ පතනවා...
    උඹ ඔයිට වැඩි දේවල් ලැබිය යුතු මිනිහෙක්!

    ReplyDelete
  14. බොහොම සතුටුයි.. මමත් මේ අහම්බෙන් දැකල ගොඩඋනේ.
    මගේ උණුසුම් සුබ පැතුම් මිත්‍රයා !...

    -ජය

    ReplyDelete
  15. මගෙත් සුභපැතුම් පිළිගනිං මල්ලියේ...
    තවදුරටත් නිදහස්ව හිතන්න...රටට ජාතියට සහ ආගමට හිතැති වැඩැති ලිපි ලියැවෙන්න නුඹේ ඇඟිලි තුඩුවලට මෙන්ම නිදහස්ව හිතන හිත් පුංචට ශක්ථිය ලැබේවා...!

    සුලා..

    ReplyDelete
  16. ජ්යෙන් ජයම් පතනවා අයියේ ඉතින් ඔහොමයන්..තවත් චිරාත්කල් අපිත් එක්ක රෑදෙන්න වාසනා

    ReplyDelete
  17. ජයෙන් ජය ......... ඔහොම යමු ..........

    ReplyDelete
  18. උදේම බලද්දි එකේක තැන්වල සුබ පැතුම් කියල දැක්කට ඒ මොකට ද කියල දන්නෙ දැන් නෙ...
    ඉතින් මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  19. මාරයියට උනුසුම් සුභ පැතුම්.........!!!
    චිරාත් කාලයක් ලියන්න ලැබේවා......!!!

    ReplyDelete
  20. නියමයිනෙ.
    අපි දෙන්නගෙනුත් උණුසුම් සුබපැතුම් උඹට.
    ඉදිරියටම යං.

    ReplyDelete
  21. ජය වේවා මාරයියේ... :D

    ReplyDelete
  22. මමත් ඊයේ වැඩ ඇරිල ගෙදර ගිය ගමන්ම තමයි නිව්ස් එක දැක්කෙ. ඊට පස්සෙ සුභ පැතුම් පෙරහැරේ යන්තක් ඇඟිල්ලක් ගහන්න පුළුවං තැනකට රින්ගල තමයි මූනු පොතෙන් පනිවිඩේ දැම්මෙ. ඒත් ඉතින් මාරයාගේ හෝරාවට හම්බවෙච්ච සම්මානයට සුභ පතන්න ඕනෙ මාරයගෙ හෝරාව කැරකෙන තැනනේ. එක නිසා ඔන්න මමත් ඉතින් ආපහු කට පුරෝලා කියනවා,

    "මගේ බොක්කෙන්ම එන සුභ පැතුම් පිළිගන්න !" කියලා. සුදුසුම අයට සම්මාන ටික ලැබිල කියලා පේනකොට ගොඩක් සන්තෝසයි.

    ReplyDelete
  23. හප්පේ.... චතූෂ තුෂර කුමාර අය්යේ.... සුබ පැතුම් මගෙනුත්....

    ReplyDelete
  24. අම්මෝ! මටත් කියන්න බැරි තරම් සන්තෝසයි. වැඩ කරලා, කරලා, මහන්සිවෙලා ගොඩ උනේ මාර භවනෙට. ආරංචිය අහපුවාම මහන්සියත් කොහෙන් ගියාද නෑ. මගේ උනුසුම් සුබ පැතුමුත් පිලිගන්න.
    ළඟදිම හමුවෙමු හොඳේ!

    ReplyDelete
  25. උණුසුම් සුබපැතුම් එක්ක ඔන්න මමත් එක්වෙනවා සුබපතන්න. ඔහොම යං ඔහොම යං :)

    ReplyDelete
  26. දක්ශ කොල්ලෙක්නේ අපේ මාරයා බලාගෙන ගියාම...
    උණුසුම් සුබ පැතුම්!!!
    දැන් ඉතින් ඔය කික් එකටත් එක්ක වැඩි වැඩියෙන් ලියන්න....

    ReplyDelete
  27. සුබ පැතුම් මගෙනුත්... පරක්කු වැඩිද මන්දා මම ... මට මාර සතුටුයි අයියේ

    ReplyDelete
  28. මෙන්න මගෙනුත් මාරයියට උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  29. ඔන්න අපිත් සුභ පැතුව එහෙනං....ඔහොමම ලියාගෙන යමු, තවම ඔය ලැබෙන්න පටං ගත්ත විතරයි...

    ප.ලි.
    අද නං ලොරියක් අරං යක්කල යන්න වෙනව මේ සන්තෝසෙට....

    ReplyDelete
  30. කොල්ලා මේකනං බෝතලයක් ගහලම සමරන්න ඕන දෙයක්.. ඕං එහෙනං මාත් බොක්කෙන්ම ඕල් ද බෙස්ට් කිවුවා.. අර කකා කිවුවා ‍වගේ මේවා හැමදාම නෑ හැමතැනම නෑ රියල් කතන්දර..

    පලී: කීපදෙනෙක්ම ඇහුව වගේ මොනාද බං උඹලගෙ පැක්ටේරියෙ හදන්නෙ.. මේ කාලෙට මෙච්චර ඉල්ලුමක් එන එකම දෙයයි මමනං දන්නෙ, අරක්කු.. ඒකද දන්නෑ උඹත් දාගෙන මුර කරන්නෙ.. :)

    ReplyDelete
  31. අඩේ අප්පා අපි දන්නේ දැන්නේ...මාරයියට අපෙත් උණුසුම් සුභ පැතුම්!!!!

    ReplyDelete
  32. අනේ සමාවෙන්න ඕනේ මාර අයියේ.... අපිත් ඉතින් සතියේ දවස් වලට උදේ යනවා හවස එනවා. දැන් තමයි විස්තර දැනගත්තේ. ඔන්න මගේත් සුභ පැතුම්. ඔයා ඔයාගේ ජීවිතේ අත්දැකීම් ලියන මේ බ්ලොග් එකට සම්මානයක් නොලැබුනොත් ත්මයි ඉතින් පුදුම වෙන්න ඕනේ. බොහෝම සතුටුයි........ :)))))))))))))))))))

    ReplyDelete
  33. කියල වැඩක් නෑ ෆට්ට ම හැපී ආරංචියක්. උණුසුම් සුභ පැතුම්. මෙන්න මගේ ගානේ ජැක් ඩැනියෙල්ස් එකක්.

    ReplyDelete
  34. චතුෂ තුෂර කුමාර ඔබට මගේ හද පිරී සුබ පැතුම් පිරිනමන වගයි ! .

    සම්මානෙට මගේ බොක්කෙන්ම සුබ පතනවා මාරේ අයියේ උඹට කරන්න බැරි වැඩක් නෑ උඹ නමෙන් විතරක් නෙවේ කරන හැම වැඩකින්ම උඹ මාරයෙක් කියලා ඔප්පු කරලා තියනවා .

    ඉතිං අද මොනාහරි කරනවද ? මාරේ අයියා සතුටට බොන කෙනෙක් නම් නෙවේ මම දන්න තරමට ..

    මාරේ අයියා දිනේවා !!
    ජයවේවා !!

    ReplyDelete
  35. අපිටත් අද මාර සතුටු දවසක් මාරයියෙ.

    මුළු හදවතින්ම සුභ පතනවා.........!

    හදවත සසලන හැගුමන් යතුරැ කරනා...
    ජීවිතය ජීවත් කරන පැතුමන්
    පුංචි බ්ෙලාගයක දවටනා...
    ඔබට ෙව්වා සැමදා දිනුමන්......

    මාරයියා කියල දැනං හිටියට අද තමයි මම ඔයාගෙ නම දැනගත්තෙ චතුෂ අයියෙ.

    ප. ලි. දැන් නම් මං හිතන්නෙ ඔයාට නොබී ඉන්න පුළුවන් තරම් ජීවිෙත් ෙහාද පැත්තට අැවිල්ලා කියලයි. එෙහම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  36. මාරයියේ මම පරක්කුද මංදා....අනේ සොරි සොරි සොරි බං අයියේ දැං කී පාරක් සොරි කිව්වද...තව කියන්න ගියොත් හොරි වෙනවා...

    හේහේහේහේහේ ඔන්න අයියේ මගෙනුත් හදවතින්ම සහ බොක්කේනම් උණුසුම් සුභ පැතුම්....මේවත් හොට් හොට් ඒවා හොදේ පොඩ්ඩක් පරක්කු වුණාට...මේ දැං ලිපෙන් බෑවේ....
    දිගටම ලියන්න...හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
  37. ape pooso set eketh unusum suba pathum maarayata! aniwa sammana labenna one blog ekak

    ReplyDelete
  38. සුභ පැතුම් මාරයියේ

    ඔන්න බොන්න හේතුවක්!

    ReplyDelete
  39. ස්තූතියි..හැම දෙනාටම...
    අද මෙ පැත්ත බලන්න උනේ නැහැ මට වෙච්ච අලකලංචියක් හින්දා...
    කොහොම උනත් මම නැති අතරෙ ඇවිත් ගිය..දැක සතුටු උන හැම දෙනාටම බොහෝම පින්...

    ReplyDelete
  40. මාරයාට මගෙන් මාර සුභපැතුම් ඕං.
    කිව්වට මොකද මාර අයියේ හමාර කොරගන්ට බැරිතරං සංතෝසයි ඕං.

    ReplyDelete
  41. අඩේ මං බොහොම ප්‍රමාදයි නොවැ..සමාවෙලා මගෙනුත් උණුසුම් සුභ පැතුමක් පිළිගන්න හොදේ අයියේ..
    සුභම සුභ පැතුම්...........

    ReplyDelete
  42. Congradulations Maraya(Chatusha)! Weldone keep it up.

    ReplyDelete
  43. 'යක්කල හරහා'.....?

    ReplyDelete
  44. හප්පේ.. දැන්නෙ දැක්කෙ.. ජයවේවා ජයවේවා.. ලංකාවෙහිටියනං බෝතලයක්වත් කඩන්න තිව්න... :)

    අම්මපල්ල හරි සන්‍තෝසයි..

    ReplyDelete
  45. සුභ පැතුම් මාරයා අයියා.....

    ReplyDelete
  46. සුභ පැතුම් වාගේම මේ වටවෙලා ඉන්න උන් කියනා දෑ දැක්කම බොහෝම සතුටක් දැනෙනවා...! හිත හොඳ මිනිහෙක් තනි වෙන්නේ නෑ නෙවද මල්ලියේ ලංකාවේ...?

    ReplyDelete
  47. සුභ පැතුම් මා‍‍‍‍‍‍‍‍‍‍‍‍ෙර්, වැඩිය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙ‍‍‍‍‍ාකුත් ‍නෙලීවාට මමත් නිතරම ‍මෙ‍ පැත්තට ඒනවා යනවා

    ReplyDelete
  48. ඔන්න ආයිමත් සැරයක් මමත් නිල වශයෙන් සුබ පතනවා!

    ReplyDelete
  49. සුභ පැතුම් අයියා............

    ReplyDelete
  50. නැවත වතාවක් සුභ පැතූ සියල්ලන්ටම ස්තූතියි...

    තිස්ස අයියේ..කතාව ඇත්ත..ඒත් බං දැං උඹ මෙ රට රාජ්ජවල ඉඳලත් තනි වෙලා නැහැනේ බං...

    ReplyDelete