12 November 2010

නොනිමි කවිය ලියනු මැනවි...

නුඹට තැනූ යහනේ තනිවී රැයක..
අවපැහැ ගැනුණු කොට්ටය සිරකර හිසට..
ගලනට නොදී සිරඋණු කඳුළක ගමන..
තවමත් හිදින්නෙමි සිහිකරමින් මතක..

යන්නට ගියත් නොකියා ඔබ මට රහසේ..
වෙන් වෙන බවක් නෑ පෙර කිසිවිට කීවේ..
ඉන්නට නොහැක ඉවසා පාළුව මහදේ..
එන්නේ කවදාද යළි මා වෙත පෙරසේ..

අවසන් නොවූ කවි පදයක අකුරු වැල..
තාමත් හඩ තලයි පන්හිඳ නිදි නැතිව..
වෙන්උන සිතක් ළග හඩමින් මා තවම..
ඉන්නෙමි බලාගෙන ඔබ ඒ යැයි විගස..

29 comments:

  1. මෙයාට අද මොකද මේ වෙලා තියෙන්නේ.. කවි ලියනවා, කතා ලියනවා, කේන්දර බලනවා.මාර යකෙක් වෙලා. කොහොම වුනත් විරහා කවි පද ටිකනම් මරු

    ReplyDelete
  2. කෝටියක් වැඩ.. ඒ අස්සේ මූ දිගට හරහට ලියනවා.
    මේක නොබලත් බෑනේ ඉතින්..

    ReplyDelete
  3. තැනුනු යහනේ සොඳුරියකව සතපන්නයි
    අව පැහැ ගැසුනු කොට්ටය සුදු සුසිනිඳු වන්නයි
    ගලනා කඳුළු සෝ සුසුමන් නවතින්නයි
    හදවත අරා රැජිනක් ගෙන වැජඹන්නයි

    යන්නට ගියවුන් හට යන්නට දෙන්න
    නොකියා ගියත් ගියවුන් ගැන නොසිතන්න
    පාළුව නුඹේ සදහට තනි කරලන්න
    සිරිකත සොයා ගෙන හදවත රජයන්න

    අවසන් නොවූ කවි පදයත් සරි කරලා
    නොනිදා ඉන්න පන් හිඳවත් නිදි කරලා
    වෙන් වී ගිය උන් මත්තෙහි නොම මැරිලා
    සනසනු නුඹේ සිත නැවතත් පෙම සොයලා

    ReplyDelete
  4. ලස්සනයි කියලා බොරුනම් කියන්න බෑ .

    අති විශිෂ්ඨයි කියලා කියන්නම්.... එච්චරයි ...

    මොකෝ ලියන්න ගත්තම බ්‍රේක් නැතිඋනාවත්ද ? නවත්තන්න එපා ලියපං අයියේ . අපි එලිවෙනකම් හරි බලනවා !

    ඔච්චර ලියන්න මොනාද පාවිච්චිකලේ ?



    ජ්යවේවා !!

    ReplyDelete
  5. ayesha...

    ඔයාට තේරෙනවද යාළු..මීවිතයි මායි කොයිතරම් යාළුද කියලා...

    මෙ ඒ ප්‍රතිඵල තමා..හොඳ උනත් නරක උනත්...

    ReplyDelete
  6. Nuwan Kumaranayake...

    මොනවා කරන්නද මිත්තරයා..ලියන්නම කියලා හිත කෑ ගහනකොට...

    ReplyDelete
  7. දුමී...

    දෙයියනේ දුමී..

    ReplyDelete
  8. හිස් අහස...

    ස්තූතියි මගේ මලයෝ...

    ඇයි බං උඹ හවස චියර්ස් කිය කියා ගැහැව්වෙ..ඉතින් මාත් ඇරියේ නැහැ.

    අද ඉතින් මදින් මද..අතරක් තබා..ලැසි ගමනින් ස්ථාවරව තමා පාවිච්චිය..දවල් ඉඳන් එක ගානට..අඩුත් නැතිව වැඩිත් නැතිව...
    හුග කාලෙකට පස්සේ දැනටම තුන් පංගුවක් අහවරයි...

    ReplyDelete
  9. මචං, බොන එක ගැන මම උඹට මුකුත් කියන්නෙ නැහැ. හැබැයි බොන කොට විඳින්න බීපන්. විඳවන්න නම් බොන්න එපා මචං.

    ReplyDelete
  10. හප්පා මාස දෙකකට පස්සෙ නෙට් ආවේ. මාරයියා ලියලා තියෙනවානේ ගමකට ලිපි. ඔන්න එහෙනම් කියවන්න පටන් ගන්නවා කොනක ඉඳන්. :)

    ReplyDelete
  11. ඔහෙ පලයං, මේකා හි‍ටු කියලා ලියනවා. ඒ අස්සෙ කවිත් කියනවා. හුහ්, අපි මොකටෑ සෑකන්ඩ් වෙන්නෙ. ඔන්න මගේ ගානේ..

    නුඹට තැනූ යහනේ තනිවී ‍රැයක..
    රංවන් දියර බෝතලෙ හිර කර අතක
    අමුවෙන් නැව්වා, ඔහෙ පලයන් යන අතක
    කරපට් වෙන්න ගැසුවෙමි, මට නැත මතක

    ReplyDelete
  12. කවි ලීවට කමක් නෑ. දැන්වත් ඔය අඬන එක නවත්තන්නකෝ. අනෙක තමා, අපේ ගෙදර තියනවා ලස්සන කොට්ට උර. එකක්, දෙකක් එවන්නද?

    ReplyDelete
  13. දැන්වීමයි.
    වහාම මාරයාට කොට්ට උරයක් සපයන්න.

    ReplyDelete
  14. අඩේ මාරයා අයියේ මමත් කියන්නෙ දුමී කිව්ව කතාව හරි
    මෙන්න මං ගානෙත් එකක්

    අවසන් නොවූ කවි පද යලි අමුනන්න
    පන්හිඳ රැගෙන අනාගතය ගලපන්න
    යලි වෙන් නොවන සිතක් සොයලා ගන්න
    නොසිට බලා හෙට දිනයට සැරසෙන්න

    ReplyDelete
  15. එකල අප දුටු සිහින බොඳවී,
    පැතුම් හිරු දුටු තුසර වියැකී,
    සදා මට මේ දුකම පමණද?
    අසන්නේ කා වෙතද ලං වී,

    බැඳි පෙම නිසා දිවි ගෙවනෙමි පෙර දවස,
    හදවිල නෙලුම ඔබටය ලඳ මතු සසර,
    මිලිනව ගියා පිදු මල් හද පුදසුනෙහි,
    මී විත සමග තනිවී මම වැළපුනෙමී,

    නොනිමි කව්පද යලි ගයන්නට,
    තනිවු යහනද තනි නොවන්නට,
    සඳ පහන් රැය බලා ඉඳිනෙමි,
    නුඹේ රූසිරි යලි දකින්නට,

    ReplyDelete
  16. මට ඉතින් රවිට කියන්න තියෙන්නෙත් මාරයට කීව එකම තමයි. ඔයාටත් කොට්ට උර ඕන නම් කියන්න.

    ReplyDelete
  17. මයෙ කිරි අප්පුච්චේ, මේ රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්න ගිහිල්ලා මාත් කොර ගත්ත නවනිගිරහාවක්. මේං කස්ටිය හි‍ටු කියලා පිලිතුරු කවි ලියනවා. ඒ අස්සෙ හීනියට කොට්ට උර බිස්නස් එකකුත් යනවා. අනේ මංදා බොලේ, මෙහෙ නං කොට්ටෙ ගත්තාම උරේ නිකම්ම ලැබෙනවා.

    ReplyDelete
  18. දුමී...

    ගිය දේ ගියා දුමියෝ..ඒ ඊයේ ඔන්න අදනං කටෙවත් තිබ්ඛෙ නැහැ.

    ReplyDelete
  19. roylyfernando...

    ඒක නේන්නං සෑහෙන දවසකින් දැක්කේ..දැන්නං ඉතින් මටත් ඉස්සර වගේ නෙවෙයි මලයාගේ බයිස්කෝප් එහෙම එකක් දෙකක් බාගන්න ඇහැකි නෙව..

    හා හා බලමු බලමු..කොනක ඉඳලා...

    ReplyDelete
  20. Podi Kumarihami...

    අඩනවා නෙවෙයි පොඩ්ඩියේ ඇඩෙනවා..

    කොට්ට උර...හ්ම්ම්...
    නරකම නැහැ..ඒත් ඉතින් ඒවා දාපු කොට්ටවල නිදා ගෙන මොනවගේ හීන පෙනෙයිද දන්නේ නැහැ නෙව...

    ReplyDelete
  21. Praසන්ன...

    අනේ ලොකු දෙයක්...

    ReplyDelete
  22. පූසා...

    අප්පද බොල ඒ පාර පූසොත් එනවා නෙව..බලාගෙන ඔය මකරාත් ළග ඇති..
    ඒකාට පූසෝ පෙන්නන්න බැහැ..
    අරන් ගිහින් ෆොටෝ ගහනවා...

    ReplyDelete
  23. Ravi...

    තව කියපන් රවි අයියේ කවි ටික නියමෙට වැඩ කරනවා..ඔය පොඩ්ඩක් පල්ලෙහා බැළුවනං...

    ReplyDelete
  24. පොඩ්ඩී...

    මට කෙසේ වෙතත් එයාටනං දෙයි වගේ...

    ReplyDelete
  25. Siribiris...

    ඔක මොකක්ද බං මෙහේ හෙණ්ඩුව ගත්තාම අලියා නිකං...

    ඔව්බං කොට්ට උර වැඩෙ නැගලා යනවා...

    එක පාරක් එටක්කෙනෙක් මට කිව්ව හින්දා උඩ බලං හිටියා..
    දැන් කොට්ට උර ලැඛෙනකං කොහේ බලං ඉන්නද මන්දා...

    ReplyDelete
  26. "අප්පද බොල ඒ පාර පූසොත් එනවා නෙව..බලාගෙන ඔය මකරාත් ළග ඇති..
    ඒකාට පූසෝ පෙන්නන්න බැහැ..
    අරන් ගිහින් ෆොටෝ ගහනවා..."

    හෙහ්..හෙහ්.. මං නං කියන්නෙ මූ නං ඔය කතාව දැනගෙන කෙන්දරේ බලවගන්න ආපු පූසෙක්. සිංගප්පූරු ගියවෙලාවක් අර පොටොජෙනික් පූසා හම්බවෙලා කිව්වෙ මෙහෙම කතාවක්:

    " බලපං ලොක්කා, පොරජන්ත්‍රවාදීයි කිව්වට මෙහෙ පූසෙකුටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ මේ මකර තඩියා. පොටෝ ගහනවා විතරක් නං මදෑ, ඒවා පත්තර වලත් දාන එකනෙ කාලා ඉන්න බැරි. මං ඕකට පොරජන්ත්‍රවාදීව විරෝධය පෑවයි කියලා" ඈ බොල ‍තෝ දන්නෙ නැද්ද, මං සියලු සතුන්ට අධිපති මකර රාජයා බව" කියලා ගිනි පිම්බේ නෑතෑ. තවපොඩ්ඩෙන් මගේ බූල් කෝට් එකත් සවත්ුතුවෙනවා කියලා පූසා නාහෙන් අඬන්න තියාගත්තා.

    ඒක නොවෙයි ගොයියෝ, උඹට කොට්ටෙ නැතුව උරේ විතරක් ලැබෙන රාජ යෝගයක්වත් ලබලා වත්ද?

    ReplyDelete
  27. Siribiris...

    හෙහ් හෙහ්..මටත් පේන්නේ එහෙම යෝගයක් ලබලා වගේ තමයි...

    ඒත් ඉතින් නිකං යන එකේ අහල ගියත් මොකද කිව්වළු...
    මට දුක උරෙත් නැතිවෙන එකටනේ...

    දැන්නේ මතක් උනේ මාත් ඉතින් මෙහෙම හිටියට ඔය රුචක යෝගය, ගුරු හංස යෝගය වගේ පංච මහා පුරුෂ යෝගයන්ගෙන් දෙකක්ම සහිතව උපත ලබාපු මාරයෙක් තමා..

    හැබැයි ඉතින් කොතැන ගියත් රජා වගේ ඉන්න නම් පින් මහිමෙ තියෙනවා ඔං...

    ReplyDelete
  28. මම නම් ඔය කොට්ට උර කතා වලට කිසිත් නොකියමි.

    මොකටද නිකන් ඉරිසියාකාරය කියල අහගන්නෙ......

    හ්ම්ම්ම්ම්ම් හිත රවට්ට ගන්න එපා බන්

    ReplyDelete