12 November 2010

පුරුදු පදම...

අද දවසේ තුන්වැනි ලිපිය තමයි ලියැවෙන්නේ...

පළමු එක ලිව්වේ කේන්දරයක් බලන්න හිතිලා ඇත්තටම මට ඔන උනේ ආරම්භයක් ගන්න...

මොකද ටික දවසකින් ටිකක් විතර නිදහසේ ඉන්න හම්බ උනේ නැති හින්දා..
ඊ ළග එක පොරොන්දුවක් ඉටු කරලන්ට..ඒකත් කරලා දැම්මා..

දැන් පරණ පුරුදු විදියට ලියවෙන වෙලාව..

අද හවස ටික ටික නවන්න පටන් ගත්තා..සමහර දවස්වල වගේ ළග නැමුවේ නැහැ.

ඉතින් තාමත් ලියන්න කියන්න පුළුවන් තත්වෙ ඉන්න ලැබිලා තියෙනවා..කොහොම උනත් හුග කාලෙකින් හිතේ නිදහසේ ලියන්නේ..ඒකට ඉතින් හැමදාමත් වගේ අනුග්‍රහය පරණ පුරුදු හිතවතාගෙන්ම තමයි..

දැන් ඉතින් ටිකක් විතර බනින කට්ටියටත් ඇති..මොනවා කරන්නද මෙ තමයි මම මේක ඒ කිව්වේ මගේ මෙව්වා එක..ජීවිතේ ගෙවන හැටි.
ඊයෙත් එහෙමයි..අදත් එහෙමයි..සමහර විට හෙටත් එහෙමම වෙයි...

මම දන්නේ නැහැ මට ඇයි මේ නාකියෙක් වගේ හිතෙන්නේ කියලා..හැම වෙලේම හිතෙන්නේ මගේ කාලේ ඉවරයි කියලා..අනේ මන්දා..දැන්නං හිටියා හොඳටම ඇති.

හ්ම්..ඒ අස්සේ ඔන්න කවි වගේ ඒවත් ලියවෙනවා...

දැන් වෙලාව පහමාරයි...
මම ඉන්න තැනට බැහැගෙන යන ඉර හොඳට පේනවා ඇත්තටම ඒ දිහා බලන්නත් අමාරුයි..ඒත් හරිම ලස්සනයි...
තව විනාඩි කීපයකින් ඉර ගස් කොළන්වලට මුවා වෙලා යයි..
ඉරෙ ඡායාව ගේ ඉස්සරහා තියෙන වෙලේ ලියදි වලින් පේනවා..මට ඉරවල් දෙකක් පායලා වගේ පේනවා..
හ්ම්ම්..හරි ඉර පේන එක ඉවරයි...වෙල් යාය ඈත ගස් කොලන් අස්සෙන් පේන්නේ නැති වෙලාම ගියා..ඒත් ආකාසේ දීප්තිමත්...

ඇත්තටම බැස යන සූරිය දිව්‍යරාජයා දිහා බලන් ඉන්න මම ඉස්සර ඉඳලම ආසයි.
ගේ ඉස්සරහා පාරේ වැඩ ඇරිලා යන ගෑණු ළමයි රොත්තක් තොරතෝංචියක් නැතිව කිචි බිචි ගගා යනවා...

බැල්කනියේ කෙටි තාප්පය නිසා ඒ අයට මාව ඒ තරම් හොඳට පේන්නේ නැහැ.
ඒක හොඳට ගියා නැත්තං අරක්කු වීදුරුවකුත් ළග තියං ලැප්එකත් ළගට අරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේ පිස්සා කවුද කියලා බලයි...

මට මතක් වෙන්නේ ඒ දවස්වල අපි මේ වගේ වෙලාවට කොච්චරනං බස්හෝල්ට් ගානේ චාටර්කාලා තියෙනවද..?

පන්ති ඇරිලා එන පැංචියෝ බලන්න..
ඒ දවස්වලනං කිව්වෙ බඩුවක් පරවනවා කියලා තමයි..දැන්නං අළුත්ම වචනේ මොකක්ද කියලා දන්නේ නැහැ..

ඉතින් බඩු පරවන කාලේ හරි සුන්දරයි...
කන චාටර් අපමණයි..
විඳි දුක් කඳ නොම දනියි..

පුට් බයිසිකලේ නැගගෙන කොල්ලෝ සෙට් එකම නියම වෙලාවට වැඩෙට සෙට් වෙනවා..දැන් මේ කල්පනාවට ආවේ අපේ උන් හරියට වෙලාවට වැඩක් කෙරුවානං කලේ ඕක විතරමද මන්දා..

වේලාව නොවරදවා..
බඩුව පරවයි කුමරු සොඳවා...

අප්පා අද මම මේ මොනවද ලියන්නේ..හරියන්නේ නැහැ..මෙහෙම ගියොත් මගේ පටි රෝල් වෙයි වගේ..ඒ හින්දා මම නවතිනවා...

පස්සේ සිහි නිච්චි තියෙන වෙලාවක ලියමු.

මේක ලියන එක නවත්තලා ඔය ලිපියක් දෙකක් කියවන ගමන් කොමෙන්ට් පාරක් දාගෙන ඉන්න ඕන වෙලාවේ හැටියට ඒක ඇගට ගුණයි...

26 comments:

  1. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු නේද යාළු

    ReplyDelete
  2. ayesha...

    ඔයා යාළු කිය කියා මට ටොකු අනිනවද මන්දා..?

    ReplyDelete
  3. ඔයගේ හිතට ගලාගෙන ආපු අදහස් නේ ඔහේ ලියාගෙන ගිහින් තියෙන්නේ. ඒකෙත් ගතියක් තියෙනවා. අපි මේකට අව්‍යාජ ආත්ම කථනය කියලා කියමුද ?

    ReplyDelete
  4. හසියා...

    හපොයි එහෙම සම්මාන පොජ්ජකුත් හම්බ වෙලා තිබුනා පහුගිය දොහේ...

    මෙක අව්‍යාජ මොකක්ද එකක්ද ඛෙබද්දෙකුගේ දින සටහන්ද මන්දා..

    ReplyDelete
  5. මාරයියා අපිව මතකද... මාර කාලෙකින් මෙ පැත්තෙ ආවෙ. කොල්ලට දැන් ජයයි වගෙ.. ලැප් එකක් එහෙම අරගෙන සුද්ද වගෙ වෙලා..

    මතකද මාව මම රවා..

    ReplyDelete
  6. රවා...

    බුදු මල්ලියේ තෝ දැකපු කල්..මොකද යකෝ ඇඩ්රස් නැතිව එන්නේ..
    අපිට හරිගියා නෙවෙයි අඩා තොපි අපිව අමතක කලා..එහ්නං..

    ReplyDelete
  7. මට පොඩි ගැටලුවක් ආවා.. ඉස්සර හිටපු හොඳම බේබද්දා මරණේ නේද? දැන් මාරයා, මරණේ පහු කරලද?
    -කාංචන

    ReplyDelete
  8. කාන්චන...

    උත් මෙ අහල පහල තමයි ඉන්නේ වෙලාවක මරණයවත් සෙට් කරගෙනම බීලා බලන්න වෙනවා...

    ReplyDelete
  9. ආදරය ගැන කවි දෙකක්

    1. ආදරය

    හෙලවෙන කණු හොඩ
    දිරච්ච ටකරම
    බස් නැවතුම් පොළ
    මහ මැදුරක් විය


    2. ආදරය

    බස් නැවතුම ලඟ
    දූවිලි කාගෙන පැය ගණනක් ලැග
    ඇය දැක සැනසෙන
    තත්පර දහයද
    මොක් සුව ගෙන දෙන
    මහා භද්‍රයකි.

    ReplyDelete
  10. අයියා මේක මෙතෙනට අදාල නැති ප්‍රශ්නයක්.මම යාලුවෙක් අසනිපවෙලා උන්න වෙලාවක ගුරුන්නාසේ කෙනෙක් ගාවට ගියා.කරන්න දෙයක් නැති වෙලා තිබෙබේ (අන්තිමට යාලුවා නැති උනා) එක එහෙම වෙනවා කියලා සතියකට කලින් කිව්වා.
    කොහොමහරි මගේ මුන බලලා කිව්වා ඔයාට මොහිනිගේ බැල්ම තියෙනවා කියලා.තව කිව්වා මට වැඩිමල් ගැණුලමයෙක් එක්ක යාලු වෙන්න එපා කියලා. මම යාලු වෙලා ඉන්නේ මට වඩා මාස 2ක් වැඩිමල් කෙනෙක් එක්ක.මම ඇහුවට හේතුවක් කිව්වේ නැ.මොකක්ද මොහිනිගේ බැල්ම කියන්නේ? දන්නවනම් පොඩි උත්තරක් දෙන්න.

    ReplyDelete
  11. මාරේ අයියෝ . ! එකපාර ගොඩාරියක් ලියලා . ගන්නකෝ ටයිප් රයිටරයක්.

    අයියේ උඹට වැඩිද ?

    මමත් මේ ඩිංග වෙන්න ගන්න හදන්නේ ! හිතට අමාරුයි බං මම මොනාරාගලට මාරුකරා නෙව.

    හිතේ දුක යන්න දැන් ගසනවා කොර වෙන්ඩ

    එහෙනම් චියර්ස්!! කීවා ඕං .

    ReplyDelete
  12. ඔයාට තරම් දැනුම තේරුමක් මට මේ ලෝකේ ගැන නෑ. ඔයා කරන දේ හරිද වැරදිද කියලා මට තේරුම් ගන්න බෑ. ඒකයි එහෙම කිව්වේ තරහකට නෙවෙයි යාළු

    ReplyDelete
  13. හෆ්ෆෝ තනියම ගසනවා නේද....

    ReplyDelete
  14. කාකා...

    ඔය තියෙන්නේ බස්හෝල්ට් ආදරයේ කාකාගේ මතකයන්..හරි අපූරුවට...

    ReplyDelete
  15. romesh...

    අනේ මම දන්නේ නැහැ කොල්ලෝ...
    නොදන්න මොකක්ද එකට ගිහින් වරිගේ නහගන්නේ මොකටදෑ..

    ReplyDelete
  16. හිස් අහස...

    චියර්ස්...
    අඩෙ කෝ මෙකා...

    ReplyDelete
  17. ayesha...

    ඒකත් එහෙමදෑ..මං ඒත් හිතුවා හීනියට වගේ මගේ කනෙන් ඇල්ලුවා කියලා..
    අනේ කිව්වම මොකද මාත් දන්න ඉලව්වක් නැහැ මෙ උලව් ලෝකේ ගැන..මම තාමත් හොයනවා..ඔයාට හම්බ උනොත් මටත් කියනවා නේද..?

    ReplyDelete
  18. Nuwan Kumaranayake...

    නැහැ මෙ සඳරු මල්ලියත් ඉන්නවා...

    ReplyDelete
  19. මේ හීතල රටවල නං බොන එක හරිම සාමාන්‍ය දෙයක්, හරියට අපි තේ බොනවා වගේ. හැම තැනම බඩුත් සුලභයි. එහෙම කියලා කර්පට් වෙන්න ගහපු අය පේන්නත් නෑ. හැබැයි බීලා වාහන එලවන්න බෑ. එලෙව්වොත් බඩුම තමා. ඒ නිසා හැමෝම බොන්නෙ ගෙදර ගිහිල්ලා. පාටියකදි බිව්වත් නොබිපු එකෙක් තියාගන්නවා වාහනේ එලවන්න. ඒ වගේම බීලා වැඩිවෙලා ඉක්මනට මැරෙන පාටකුත් නෑ, ඔය ඉන්නෙ අසුව අනූව වෙනකං කරෝල වගේ වෙවී. එව්වා පැත්තක තියලා කතාවට එමුකො.

    මට කියන්න ඕනෙ උනේ කන එක වගේම බොන එකටත් වෙලාවක් -කලාවක් තියෙන්නෙ ඕනෙ කියලයි. මට මතක් වෙනවා පරණ කෙටිකතාවක තිබුණු කොටසක්:

    මේකෙ පොර මුදලාලි කෙනක්. දවස් 6 ම කඩේ වැඩ කරලා, මිනිහා ඉරිදට නිවාඩු ගන්නවා, මෙන්න මෙහෙම:

    ඉස්තෝප්පුවේ හාන්සි පු‍ටුවේ , පතබෑවිච්ච මුදලාලි. කකුල් දෙකත් අර එක්ස්ටෙන්ෂන් කෑලි දෙක උඩ. පැත්තකින් බඩු බෝතලේ සහ බැදපු අල පිඟාන, හීනියට දාගත්ත රේඩියෝ එක. ආන්න, නියම නැමිල්ල...

    කරටි කැඩෙන්නට අද මං ගැහුවේ....අද ඉරිදා හින්දයි..
    මගෙ නං අදහස ජිවත් වෙනතුරු.. කාලා බීලා ඉන්නයි.

    චියර්ස්.......

    ReplyDelete
  20. අද කතාව නං බොන කට්ටියට ඔන්ලි වගෙයි.

    ReplyDelete
  21. Siribiris...

    ඉතින් සිරිස් උන්නැහේ මගේ බීමෙයි ඒ බීමෙයි අතර වෙනස මොකක්දෑ..

    එකම දේ හාන්සිපුටුව නැති එක විතරයි..
    ඒකට හරියන්න කකුල් දෙක ස්ටූල් එක උඩ පුටුවෙ ඇන්ද දිග ඇර ගත්තාම මම හාන්සි..පැත්තකින් ලැප..බෝතලය හා බයිට් පිගන් එසේමය.. හීනියට ඇහෙන වික්ටර්ගේ හෝ සෝමතිලක ජයමහගේ ගීත රාවය...
    ඉදිරියේ ඈතට විහිදී යන වෙල් යායේ දසුන..

    තව වෙන මොනවද..?

    ReplyDelete
  22. Praසන්ன ...

    ටිකක් ඒ වගේ තමා නේද..?

    ReplyDelete
  23. වෙනස? ඇයි අප්පුහාම්, මුදලාලියා බොන්නෙ සතියට එක දවසයි නෙ! මං කිව්වෙ, දැනුත් ඉන්නෙ අමර පදමෙ නේද?

    ReplyDelete
  24. Siribiris...

    ඉදින්කෝ බලන්ට මාත් ඒ වගේ වෙන්ට...

    ඒත් ඉතින් හොඳ පුරුදු ජීවිතේ හැමදාටම තියා ගන්ට කියලා තමයි ඔං පොතේ පතේ හිටං තියෙන්නේ..

    අනේ මන්දා සතියකට එකක්..?සෑහෙන්න බොන්න වෙන පුස්නයක් නෙව...

    ReplyDelete
  25. පිස්සනම් ගිය සෙනසුරාද... ඊයෙ නෙමෙයි ඊට කලින් සතියෙ නැමුව නැවිල්ලක් ඉරිද දවසම සෝදා පාලු වෙන්න. සතියකට එපා වෙන්නම හි හි.

    " අරක්කු වීදුරුවකුත් ළග තියං ලැප්එකත් ළගට අරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේ පිස්සා කවුද කියලා බලයි... "

    මේ කෑල්ලනම් මට කියල වගේ හි හි

    ReplyDelete
  26. අනේ මංදා ලොක්කා...මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.වෙලාවකට මටත් හිතෙනවා ජිවිතේ මොන තරම් දුකක්ද කියලා.ඒත් ඒ දුක නැති කරලා හරි හිතේ හංගන් හරි ජීවත් වෙනවා.

    අරක්කු හරි බියර් හරි වීදුරුවකුත් ළග තියං ලැප්එකත් ළගට අරගෙන ඉර බහින හැටි බලාගෙන ඉන්න මේ පිස්සා කවුද කියලා බලයි...
    බොලේ තවත් ඉන්නවා මං වගේ පිස්සෝ....
    එකම වෙනස මම හොස්ටල්....

    ReplyDelete