24 November 2010

මාරයා කියන බණ කතන්දරේ...බිහිසුණු රැයක්...

අද ඉතින් වැඩ දවසක් උනාට ඒ තරං කරදරයක් නැති පොයින්ට් එකකට සෙට් වෙන්න උන හින්දා කරදරයක් නැතිව ලියන්න කරන්න නිදහස තියෙන හින්දා හොඳයි..

ඊයේත් මම වැඩ..ඒ ඉවර වෙලා අද මේ තැනට ආවේ අපේ යාළුවෙක්ගේ නිවාඩුවක් ආවරණය කොරන්ට තමා..
ඒත් ඉතිං ආයෙමත් හෙට උදැහැනක්ම ආයෙමත් මගේ සුපුරුදු ඉස්තානෙට රාජකාරි වාර්ථා කොරන්ට ඕන...

කොටින්ම කිව්වොත් එක දිගට පැය 72 ක රාජකාරි කාලයක්..එහෙම නැත්තං දවස් තුනක අඛණ්ඩ රාජකාරියක් කොරන අතරතුරේ තමා මේ ඉන්නේ..

හෙට නෙවෙයි අනිද්දා..ඒ කියන්නේ 26 වෙනිදා තමා මට මගේ සුපුදුරු නවාතැන පැත්තේ යන්ට වෙන්නේ..මක්කා කියලා කොරන්ටද...? ඔහොම තමා මේ සිකුරුටි ජීවිතේ...

ටිකක් තදින් නිදිමත දැනුනත් ඉවසා දරාගෙන ඉන්ට වෙලයි තියෙන්නේ...

..................................................

ඉතින් මම හිටියේ සඳළුතලේ වෙන්ට යන විපත ගැන දෙසාබාමින් නෙව...

ඉතින් පින්වතුනි,

දැන් අර විශාල ඇත්කඳ ළිහිණියා අර මාළිගාවේ සඳළුතලය මත්තට ලෑන්ඩ් කරනවා..ඒ කරන ගමන්ම අර සඳළුතලේ සිට පෙර මග බලනා මානවිකාවියක නොවූ ගැබ්බර දේවීයවත් අර නිය පහුරුවලින් අල්ලාගෙන නැවත වතාවක් ටේක් ඔෆ් තත්වයට පත් වෙලා ගුවන සිසාරා ඉතාමත් වේගයෙන් පියාසලනවා පින්වතුනි...

අනේ අර දේවිය..ළඳ බොළඳ සුකුමාලිය..ඉතාමත් සුළු මොහොතක් තුළදී සිද්ධ වෙච්ච මේ අකරතැබ්බය පිළිබඳව සිතා ගන්නටවත් බැරිව..ඇති වූ කම්පනයෙන් සිහිමූර්ජා තත්වයට පත් වෙනවා...

කොහොම උනත් පින්වතුනි...අර පෙරවාගෙන සිටි වටිනා කියන සළුවෙ ආරක්ෂාව නිසා..අර සත්වයාගේ බිහිසුනු නිය පහුරුවලින් මේ දේවියටත් කුසතුළ හොත් දරුවාටත් කිසිම ආකාරයක අතුරු ආන්තරාවක් නැතිව දැන් මේ ගමන යන්ට පුළුවන් වෙනවා...

අනේ පින්වතුනි..මෙන්න මෙහෙම ටික වේලාවක් යන කොට අර දේවියට නැවතත් සිහිය උපදිනවා..

ඇය ඉතාමත් භීතියට පත් වෙලා..අහස් කුස සිසාරා පියඹා යන මේ අති දැවැන්ත සත්වයාගේ නිය පොකුරේ සිට කල්පනා කරනවා..දැන් කළ යුතු දේ කුමක්දැයි කියලා...

අන්න ඒ වෙලාවේදී මේ තැනැත්තිය ඉතාමත් නුවණක්කාර සිතුවිල්ලකට එළඹෙනවා...

මෙවැනි වූ පක්ෂීන් ගොදුරක් ඩැහැගත් කල්හී...එය බුදින්නට තමාට සුපුරුදු ස්ථානයකටම යනවා විනා අතර මගදී ආහාර ගන්නට සැරසෙන්නේ නැත..එහෙනම් මා විසින් දැන් කලබල නොකර මෙසේම සිට..මේ සත්වයා කුමන හෝ ස්ථාවය නතර වූ පසු කෙසේ හෝ ගැල වෙනවා විනා..දැන් කලබල කරන්නට ගියහොත් සිද්ධ වෙන්නේ මෙකා මා බිම හෙලීමෙන් මගේ අඩු පඩු ගැලවී යෑම පමණක්මය කියලා..

ඉතින් මේ විදියට පොතේ ඇති හැටියටම කල්පනා කොරපු මේ ඇත්තී..නොකර සද්ද ලීලාවෙන් දැන් උඩින්ම ගමනේ යා...

ඉතින් ඕන්න ඔහොමයි සිද්ධ උනේ..

ඊට පස්සේ ඉතින් අර ඇත්කඳ ළිහිණියා අර බිසොවුන් වහන්සේවත් අරන් ඈත වනාන්තරේ ඌට සුපුරුදු පොට් එකට එන්ටර් වෙනවා...

ඒ යනකොට ඉතින් ටිකක් රෑ බො උන හින්දා මේක දැන් කල්පනා කරන්නේ ඩිනර් එකට මෙ බිසවව අරගන්ට තමා ඕං...

ඉතින් කොහොමින් කොහොම හරි අර වනාන්තරේ විශාල ගහක් උඩට අපේ මේ ඇත්කඳ ළිහිණි තෙමේ සැපත් වෙලා..තමුන්ගේ ආහාරය සිත් සේ බුඳින්න පටන් ගත්තා විතරයි...

මෙන්න අපේ දේවීන්නාන්සේ ඇරියේ නැද්ද පුල් වොලියුම්...

හප්පද බොල..ඒක නිකං අර ලොතරැයි කූඩුව ගාවින් යන කොටම අද අදිනවා..අද අදිනවා..කියලා කෑ ගහන ලවුස්පීකරේ පරාදයි...

අනේ ඉතින් මේ සවුන්ඩ් එකට අර සතා කොච්චර බය උනාද කිව්වොත් අද කාලේත් අර ගෙදර උන්නාන්සේ චරෝ බරෝ ගාන කොට අපේ සූර වීර හස්බන්ඩලා.. නිකං ගස් බණ්ඩලා ගහෙන් රූටනවා වගේ මාරු වෙන්නේ අන්න එහෙම සිටිස් ගාලා මාරුව දැම්මා...

යන්තං ඕන් ඒ සීන් එක ඉවරයි කියමුකෝ..

මෙන්න ඊළග සීන් එක...

හරියට නිකං හින්දි පිච්චර් එකක් වගේ තමා ඕ...

අහස ගුගුරුවාගෙන..ගස් කොළං අඹරවාගෙන..පොළව කම්පිත කරවාලමින්...
මේ මොකක්දෑ සිද්ධ වෙන්නේ....

මහා ධාරානිපාත වරුෂාවක් එක්ක මහා සැඩ සුළගක් හමාගෙන යනවා...

අනේ ඉතිං අර අසරණ දේවීන්නාන්සේ අර මහා වනාන්තරේ..කාත් කවුරුවත් නැතිව..තමං ඉන්නේ කොතැනද කියලවත් හරියට නොදැන...ඒ මදිවට තනියම බිමට බහිනවා තියා හිතන්ඩත් අමාරු මහා විශාල ගහක් උඩ තනි වෙලා...

එතනින් නැවතුනානං මදැයි...
අලි මදිවට හරක් කියන්නැහේ..
ඒ ඔක්කෝටමත් වඩා දෙයක් දැන් සිද්ධ වෙන්න යන්නේ...

කට්ටිය හිතුවේ මම එතනින් කතාව කුට්ටි කොළා තමා කියලා නේද...?
හපොයි නැහැ..මෙන්න වෙච්ච දේ...

අර මහා වරුසාවේ වැස්සට තෙමි තෙමී...අර මහා සැඩ සුළගට ගස් වැල් අඹරවාගෙන යද්දී..හීතලේ ගැහි ගැහී.. ගහක් උඩ අතු වල රැඳිලා හිටිය මේ බිසොඋන් වහන්සේට විලි රුදා පහළ වෙනවා..

ඒ රුදාව මොකක්දැයි කියලා දන්නවා නෙව...

ඉතින් හිතලා බලන්ට කවුරු කවුරුත්... සාමාන්‍ය අයකුටත් වඩා බොහෝම සැප සම්පත් ඇතිව දිවි ගෙව්ව තරුණ බිසවක්.. අතට පයට දැසි දැස්සන් ඇතිව බොහෝම සුකුමාර ජීවිතයක් ගෙව්ව ගැහැණු මනුස්සයෙකුට හිටි හැටියේ මෙ වාගේ විපතකට මුහුණ දෙන්න උනහම ආයේ ඉතින් ඊටත් වඩ දරුණු තත්වයක් තවත් තියෙයිද මේ ලෝකේ...

ඒ කොහොම උනත් පවතිනා තත්වය යටතේ දැන් මේ බිසොවුන් වහන්සේගේ හිතත් බොහෝම හයිය වෙලා..
අපි ඒකට කියන්නේ යථාර්ථයට මුහුණ දෙනවා කියලා තමා ඕං...

අපි කොයි තරං අකමැති උනත් අපේ ජීවිතවලටත් මේ වගේ අවස්ථා උදා වෙනවා...

නමුත් අපිට බැහැ ඒ වගේ වෙලාවට ඒ ප්‍රශ්න වලින් පැනලා යන්න..අපි ඒ වගේ වෙලාවට කියනවා නහය ළගටම යට වෙලා කියලා..

ආයේ මීට වඩා විපතක් වෙන්න දෙයක් නැහැ...

කරන්න තියෙන්නේ එක්කෝ උත්සහ වන්ත නොවී මැරෙන එක..එහෙමත් නැත්තං..තමන්ට පුළුවන් උපරිමයෙන් හිත තද කොරගෙන පවතින් තත්වයට මුහුණ දෙන එක..තමන්ට උදා වෙලා තියෙන අවස්ථාවත් එක්ක යුධ වදින එක..

අපි කියන්නේ අරින්න හොඳ නැහැ කියලා..ආන්න එහෙම...

ඉතින් මේ දේවීන්නාන්සේත් තමන්ගේ හිත පුදුම විදියට හයිය කරගත්තා..ඒ තමන්ට ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන්...ඒ දරුවාගේ මුහුණ දකින්න තියෙන ආසාව වෙනුවෙන්...එදා අර ගහ මුදුණේ ඉඳලම මහා සටනක් කලා..සොබා දහමත් එක්ක..දෛවයත් එක්ක...

අන්තිමේදී පහුවදා පාන්දරට එළි වෙන්න ඔන්න මෙන්න තියලා අර මහා සුළග නැවතුනා...
එතෙක් වෙලා එක සීරුවට වැස්ස මහා වැස්ස තුරල් වෙලා ගියා...

පහුවදාට හිරු පායා ආවා...

අන්න ඒ වෙලාවේම...

අර බිසවට මුළු රැයක් පුරා තමා පෙළු වේදනාව නිමා කරමින් පින්වත් පුත් කුමාරයෙක් ඉපදුනා...

ඉතින් දැන් මේ බිසොඋන්නාන්සේ අම්මා කෙනෙක්...

ඉතිං ඒ අම්මා තමන්ට පුළුවං විදියට වැදුං ගෙයි කටයුතුත් තමන් විසින්ම කොරගෙන අර දරුවා මෙලොවට බිහි කලා..

වැදුං ගේ කිව්වට මොකද හරිනං කියන්න වෙන්නේ වැදුං ගහේ කටයුතු කියලා තමයි ඕං...

අවසානයේ මේ අම්මා ඒ වෙලාවෙම තමන්ගේ පුත් කුමාරයාට නම තිබ්බා උදේනි කියලා...

වරුසාව නිමා කරමින්..මහා සුළං අවසන් කරමින්...කළුවර දුරළමින් හිරු එළියත් සමග උපන් උදේනි රජකුමරුවාගේ උත්පත්තිය සිද්ධ උනේ ඔන්න ඔහොම තමයි...

48 comments:

  1. බොහොම පින් අපිට මේ වගේ ධර්ම කතා කියනවට..

    ReplyDelete
  2. ඔන්න පින්වතුනි මාරයා සහ සමාගම පළමුවරට ඉදිරිපත් කරන හස්තිකාන්ත මන්තර කතා වස්තුව පිළිඹිඹුවන මහා තොරණ් රාජයාගේ තුන්වන කො‍ටුවෙන් පෙන්වන්නේ ඒ අවස්ථාව තමයි.

    (කෝ මේ විරිදු කියන්න කවුරුත් නැත්ද?)

    ReplyDelete
  3. අම්මප දේවීන්වහන්සෙටත් මාර මොළයක්නෙ තිබිල තියෙන්නෙ.
    අපේ එකෙකුට ඕක උනානං එහෙම උඩිං යනකොට දගලල බිම පතබෑවිල ඇක්සිඩන්ට් වෝඩ් තමයි ඉන්න වෙන්නෙ.

    ReplyDelete
  4. ජීවිතේටම මේ වාගේ රසවත් කතාවක් ඇහුවමයි. මටත් දැනෙන්නේ තාම ගගෙන් බැහැගන්න බැහැ වගේ.

    ReplyDelete
  5. Ano...

    තැන්කූ තැන්කූ..
    නොම වී ඇනෝ..එනු මැන සහෝ...

    ReplyDelete
  6. Praසන්ன...

    උඹ තොරං කවි කිව්වට කමක් නැහැ..ආදායම බාගෙට බාගේ..හරිය..?

    ReplyDelete
  7. Podi Kumarihami...

    බිමට බහින් බිමට බහින්...
    වළව්වෙ පොඩි කුමාරියේ...

    ReplyDelete
  8. ඉලංදාරියා...

    පින් සිද්ධ වෙච්චාවෙ...

    ReplyDelete
  9. හාපොයි!! හුඟාක් පරක්කු උනානේ මේ පැත්තේ එන්න. බණ ඔක්කොම කියෙව්වේ දැනුයි...දැන් පින් අනුමෝදන් කරමු...සාදු සාදු

    ReplyDelete
  10. මාර උන්නාන්සේගේ බණ ඉස්ටැයිල් එකනම් කියල වැඩක් නෑ... මාරයි... වැස්සකටවත් පංසල් නොයන මටත් බණ අහන්ට හිතුන නොවැ... සාධු සාධු සා.... ඉතින් අපෙ මාර උන්නාන්සේ දේශනා කොලානම් අර තපසට ගිය රජවරු දෙන්න උදේනි රජ්ජුරුවොන්ගෙ කතාවට පටලැවුනෙ කොහොමැයි කියලා....

    ReplyDelete
  11. "එහෙයි ස්වාමීනි...!"

    සුලා..

    ReplyDelete
  12. ජයග්‍රාහී දින 10 පහු කලා..රජවරු 2 ක්,කවුද මාරයෝ මේකට රගපෑමට දාන්නේ

    ReplyDelete
  13. උන්නාන්සෙ තරහ අවසර. මේ කතා දෙකේ පූර්වාපර සන්ධි ටිකත් ගලපලා දුන්නොත් නම් ප0කාදු පහයි.උදේනි උන්නැහේ තාපසයට සම්බන්ධ වෙච්චි හැටි තමයි තේරුම් ගන්න අමාරු..

    ReplyDelete
  14. ayesha...

    ඔහොමනං බෑ නගේ අපායට යතත්කළින් ගිය තරමට තමයි ප්ලේස් එක..හුම්..

    ReplyDelete
  15. පුතා...

    අම්මෙ ඒකනං මාත් කරගන්න ලොකු පිනක් තමයි...

    හා පුතා හොඳ පොයින්ට් එකකට තමා ආවෙ..
    බලමු ඉස්සරහට කොහොමද මෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා..

    ReplyDelete
  16. සුලා...

    උඹ දන්නවද අයියේ..උඹ ආයෙමත් මගේ අඩවියේ දකින්න ලැබිච්ච එක මගේ හිතට හරි සහනයක්..

    ReplyDelete
  17. සාදු...!!! සාදු...!!! සාදු‍‍‍...!!!

    ReplyDelete
  18. ItalyDilan...

    තාම තෝරනවා..කැමති අයට ඉල්ලුං කොලෑකි..
    ඔන්න ගන්නවනං චෑන්ස්..

    ReplyDelete
  19. නසරාණියා ...

    ඉඳිංකෝ ඩිංගිත්තක් ඉවසලා...
    මං අග මුල ගැට ගහඤ්ඥං පංකාදු පහට...

    ReplyDelete
  20. ෴ හසියා ෴...

    හා හා හසී උපාසකත් ඇවිල්ලා නෙව...
    හොඳා හොඳා...

    ReplyDelete
  21. කාට කාටත් මෙ කියන්නේ..ඇහුනැයි...

    මෙ කතන්දරෙ කියාගෙන යද්දී අතුරු කතා එමටයි...

    හැබැයි ඒ හැම කතාවක්ම කොතැනින් නමුත් මුල් කතාවට සම්බන්ධ වෙනවා..ඒ හින්දා අකුරක් නෑර හොඳ සිහි කල්පනාවෙන් කියවලා මතක තියා ගන්ට ඔන..තේරුණැයි..නැත්තං අන්තිමට මට එහෙම දොස් කියනවා නෙවෙයි..එහ්නං...

    ReplyDelete
  22. ෙම් නං මාරයාම තමයි නිකං නෙවෙයි වසවාර්ති මාරයා.....

    අප්පච්චිෙය් මදැයි ඩිංගක් එහා මෙහා උන ටිකට බණ කතාව ෙකාටස් දෙකකින් ඉස්සරහට ෙගාහිං.

    නියමයි මාරයියෙ ඔෙහාම යං ඔෙහාම යං
    එක අතකට පංසල් කතා නැවතිච්ච එක ෙහාදා
    නැත්තං මෙව්වා අහංට ෙව්ය ෙම් කපේදි?

    ඔන්න මාරයියෙ මගෙමුත්

    සාදු සාදු සාදු........
    සාදු සාදු සාදු........

    ෙම් කරගත්තාවූ කුසලානුභාවයෙන් සියළු ෙදව් මිනිස් සැප කෙලවර ලබන්නාවූ අමාමහ නිවන් අවෙබොධ කරංට මාරයියට ෙහ්තුවාසනා ෙව්වා....

    ReplyDelete
  23. සද්ධර්ම රත්නාවලියේ කතා කෙටි කරලා අපිට බලන්න ආසා හිතෙන විදිහේ ශෛලියකින් ලියපු බෙට්ස්ම පොත තමයි සමර විජේසිංහ ලියපු සද්ධර්ම කතා පොත.

    වාසනාවකට මගේ උපන් දිනයට තෑග්ගක් විදිහට සචී - හශිත ජෝඩුව ඒ පොත මට එව්වා . . .

    මාරයගේ කතා ශෛලියත් අපූරුයි . . .

    කුට්ටි කරලා දාන නිසා පොඩ්ඩක් අවුල් වගේ වුනත් මුලු කතාවම ඉවර උනාමම කියවන්න තියෙනවනම් හොඳා කියලා හිතෙනවා

    ReplyDelete
  24. අම්මේ සුලා ව දැක්ක කල් . . .
    කොහේද අප්පේ ගිහින් හිටියේ . .
    සැප සනීප කොහොමෙයි . . .
    මම හිතුවේ නිවාඩු ගිහින් වත්දෝ කියලා . .
    අබුඩාබිම ඉන්නවා වුනත් නිකන් හරි කෝල් එකක් නොදෙන එක ගැන නම් හිතට හරි මදි වගේ සුලා මහත්තයෝ . . .

    ReplyDelete
  25. ඩුම් ටක ටක..... ඩුම් ටක ටක....

    පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ මාරයා බණ දෙසන පුටුව....
    පුටුව වටේ ඉන්නෙ බ්ලොගේ බණ අහන්න ඉන්න පිරිස....

    බෲ..............ම්.....................

    දෙවෙනි කොටුවෙ ඇදල ඇත්තෙ මාරයා බණ කියන විදිහ...
    අකුරු වගේ ඒ පේන්නෙ බණට වැටුනු කමෙන්ට් ගනන...

    බුම් ටක ටක බුම් ටක ටක බෲ....ම්..............

    ReplyDelete
  26. ‍අ‍නේ ඉතින් ලිහිනි රජා මා අහ‍සේ සැරි සරලා
    මා වන මැද මා ගස උඩ ‍දේවිය කැඳ‍ලෙහි තබනා....

    (‍කෝ ‍මේ රබන් ගහනවා කිව් එකා....)
    ආ ප්‍රසන්න අයි‍යේ මැද ටික ‍කෝ....


    පරිසරයත් රුදුරු ‍වෙනා මා වැහි වැ‍ටෙනටා හදනා
    සු‍කොමළ ‍ගැබ්බර ‍දේවිය ‍වේදනාව විඳ ගන්නා
    (රබාන ‍මේච්චර ‍වෙලා රත් ‍කොරනවද.....
    සල්ලි ‍දෙන්න කතා කරනම් එයි පියාඹලා හරි.....)

    මා වැහි සැඬ සුළඟත් පහවී ‍ලොව අරුණළු සිප ගන්නා
    ‍දේවිය වැදු පුත් උ‍දේනි ‍‍මේ ‍ලොව කළඑළි දකිනා......
    (තියා ගන්නවා රබාන.... අද ගාන ‍දෙන්නැ මම...)

    :D :D :D :D
    ප්‍රසන්න අයියා‍ගේ අදහස අනුව ලියූවකි..... ‍

    ReplyDelete
  27. රෑ කාලයෙ සඳ නැගෙනා
    මෝදුව ඝණ වනන්තරෙ..

    ඩුම් ටක ටක ඩුම් ටක ටක

    කුමරියකගෙ දුක් ගීයක්
    ඇසුනා මෙහි නිරන්තරෙ..

    ඩුම් ටක ටක ඩුම් ටක ටක

    ReplyDelete
  28. මාරයියෙ.

    මාරයියෙ...

    මාරයියෙ........

    ෙමාකෑ උෙන්

    බණ අස්සෙ දැං පෙම් ගීතත් යනවා..

    බණ කියන අල්ලපනල්ලෙ ෙකාහෙවත් ඔළුව වැදුනයි?

    :-)

    ReplyDelete
  29. Aruna...

    නැතුව නැතුව ඉස්සර අපේ ටීචර්ලත් මට ඔක කියලා තියෙනවා..
    මූනං මහ වසවර්තියා කියලා..මං ඉතිං ඒ කලේ ඉඳලා ඔක අහන්න හරීරීරී කැමතියි...

    ආයේ ඉතිං එකක් නැවතුනා කියලා තව එව්වා කොයි තරං තියේද ලියංට..

    පින් සිද්ධ වෙච්චාවෙ...

    ReplyDelete
  30. දුකා...

    අනේ බං දුකෝ කුට්ටි නොකර දාන්න මාත් ආසයි..ඒත් ඉතින් එහෙම ලියන්න ගියොත් මට එක කතාවක් දාන්න හාර මාසක් විතර කොට කොට ඉන්න වෙයි...
    මෙවා හුගාක් දිගයි බං...

    ReplyDelete
  31. අභීත...

    ඒ විතරක් නොව මිතුරනි..
    මෙ දෙසටත් ඇස යොමන්න..

    ඩුම් ටක ටක
    ඩුම් ටක ටක...

    අභීත මහතැන් දුන්නා
    විසසක් රුපියල් වලින්ම..

    ඩුම් ටක ටක
    ඩුම් ටක ටක...

    ඒ පින ලැබ ගඥ්ඥා..
    නිවන් පුරට යඥ්ඥා..

    බෘෘ...ම්...

    ReplyDelete
  32. හා පැටික්කී...

    රබාන අරගෙන එනකොට..
    හොඳ හොඳ පද මම වයන්න...

    ඩුම් ටක ටක
    ඩුම් ටක ටක..

    මෙතන හිටිය හා පැටික්කි..
    හිටියේ නැහැ මට දකින්න..

    ඩුම් ටක ටක
    ඩුම් ටක ටක..

    අභිත දුන් විස්සාත්..
    ඇය අරගෙන පැන්නා..

    බෘෘ........ම්.......

    ReplyDelete
  33. Aruna...

    නැහැ බං මෙ අපේ ප්‍රවීණ තොරං කවි ශිල්පී..
    අභීත සහ හා පැටික්කී තරගෙට තොරං කවි කියන්න පටන් අරගෙන යනවා..
    ටිකක් බලං ඉම්මු..හොඳ හොඳ කවි රෑ වෙන කොට...

    ඒ අතරෙ ජොති පාල මහත්තයත් අතරින් පතර කවියක් කියන්න ඉල්ලුවා..මොනවා උනත් අපි උන්දැටත් චෑන්ස් එකක් දෙන්න එපෑ..නැද්ද මං අහන්නේ..

    ReplyDelete
  34. එහෙනං එහෙනං

    මාරයාගෙං අවස්තාවක් ඉල්ලපුවාම අනිවා දෙන්න ඔන

    හැබැයි එයා නං මාරයාෙගං චෑන්ස් එක ගත්තෙ හෙන කාලෙකට කලිං නෙවද

    අෙන් මංදා...... මටත් හිතෙන ෙද්වල්

    මරැවා සමග වාෙස්
    ෙජාලි ජීවිතෙ...........

    මාරයි........

    ReplyDelete
  35. Aruna...

    ඇත්ත ඇත්ත ජොතිපාල මහත්යා එක්කගෙන ගියාට මොකද තාමත් ඉන්නෙ මාත් එක්කම තමා..
    මෙ වගේ රටක් වටින මනුස්සයෙක් සුර ලොකෙට උනත් නිකංම දීලා දාලා අත පිහ දාගන්න කවුද කැමති...
    ඒ හින්දා තාමත් මගේ ළගම..පරිස්සමට තියාගෙන ඉන්නවා...

    මොකක් කිව්වා ආපහු එවන්න කිව්වා..
    ආපෝ මනුස්ස ලොකෙ අමනුස්සයින් ගාවටනං එවන්නේ නෑ වැරදිලාවත්..
    උන්දෑ උනත් කැමතිත් නෑ ඔය ප්‍රබුද්ධ ලොකෙට එන්න..ඊට වඩා මෙ මාත් එක්ක තොරං කවියක් කියාගෙන පීචං විදියට ඉන්න එක සැපයි කියන්නේ..

    ReplyDelete
  36. දැන් නම් කතාව මතක් වුණා,
    හරිම ලස්සනයි ඒත් ඔයා කියන විදිය... අද දවල් නම් ඉතින් වැඩ නෙ... ඉඩ ලැබුන ගමන් ඉතිරි ටිකත් ලියන්න...

    ReplyDelete
  37. චේජනා...

    ඔව් චෙජනා නගේ තව ටිකකින් මම අනිත් පොයින්ට් එකට ඒ කිව්වෙ මගේ පුරුදු රාජකාරි ස්ථානයට යන්න ඔන..
    ඊට පස්සේ ඉතින් මුකුත් කරන්න වෙන්නේ නැහැ රෑ වෙනකල්ම..
    පුළුවන් උනොත් අද රෑට..නැත්තං හෙට උදේ තමයි..
    ස්තූතියි...

    ReplyDelete
  38. මරේ මරු... කතාව අහලා තිබුනට,ශයා කියන විදියට තවත් ආසා හිතෙනවා. නියමයි.

    ReplyDelete
  39. කෙලියයි. කට්ටිය රෑ තිස්සෙ විරිදු කියල තියෙන්නෙ.
    මාරය මගේ කොටහත් අරන් මාරුවෙලා ද කොහෙද....

    ReplyDelete
  40. මාරම තැන මෙතැන = "කට්ටිය හිතුවේ මම එතනින් කතාව කුට්ටි කොළා තමා කියලා නේද...? හපොයි නැහැ.."

    ReplyDelete
  41. උදේනි රජ්ජුරුවන්ට කාඩ් එක වැටුණු හැටි දැන ගත්ත එකම මදැයි. මේ කතාවේ වාසුලදත්තා කුමාරිව අරන් එක්න ටික විතරයි මම දැනන් හිටියේ. මේ ටික අදමයි ඇහුවේ.

    මාරයියාට පින් :)

    ReplyDelete
  42. නියම කතාව මාරේ අයියේ මරේ මරු ! මචං මේ ජාතක කතා රේඩියෝ එකේ අහද්දී අහන්න හිතෙන්නේ නෑ උඹනම් එලටම ලියනවා ආසයි බලන්න ...එල කිරි..

    අයියට පිං

    ජයවේවා !!

    ReplyDelete
  43. prasanna86k...

    ඉස්තූතියි කිව්වා..මාර කතා නෙව මෙව්වා...

    ReplyDelete
  44. Praසන්ன...

    මොන පිස්සුද මචෝ..කට කැඩෙනකල් කයි කියලත් හම්බු උනේ රුපියල් විස්සයි..කොහේද ඒකත් අර හා පැටික්කී අරන් පැන්නා නෙව...
    අතින් පාඩුයි..ඔං...

    ReplyDelete
  45. තිස්ස දොඩන්ගොඩ...

    හිහ් හිහ්..නෑ අයියේ ඉතින් කොරනවනං කුට්ටි කොරන්න එතැන කියාපු තැන නෙව..හා නැද්ද මං අහන්නේ...?

    ReplyDelete
  46. Hasitha...

    බොහෝම ඉස්තූතියි මලේ..
    ඉඳින්කෝ තව කතන්දර හැට හුට හමාරක් තියේ...

    ReplyDelete
  47. සිසාරා ඉතාමත් වේගයෙන් පියාසලනවා පින්වතුනි...

    සාදුසාදු


    මෙකා මා බිම හෙලීමෙන් මගේ අඩු පඩු ගැලවී යෑම පමණක්මය කියලා..


    සාදුසාදු




    දැං අර අප්පමාද සීන් එක ​එහෙමම යටපත් උනාද ?

    ReplyDelete