28 November 2010

මිරිගුවටම පෙම් බැන්දා...

සියවසක් පමණ ගෙවුණා..
ඒ වගේ මෙමට දැනුණා..
ඔබ වෙන්ව ගොසින්..
දැන් බොහොම කලක්..
මගෙ සිත තනිවම හැඩුවා...

අප අපට උරුම නැතුවා..
ඔබ වෙන කාටද බැඳුනා..
මට අහිමි පෙමින්..
මතකය සමගින්..
මා මගේ ලොවේ දැවුනා...

සිහිනය නිමවෙනු පෙනුනා..
සිතුවම් බොඳ වී වැටුනා..
ඔබ නොඑන බවත්..
මා දන්න නමුත්..
මිරිගුවටම පෙම් බැන්දා...

33 comments:

  1. අඳුරු කර මා පැතු ආලෝකය
    ඔබ මගෙන් වෙන් වී පලා ගිය
    ගෙවූ හැම මොහොතක්ම ම'දිවිය
    සිය වසක් නොව කල්පයක් විය

    හඬන්නට දැන් කඳුළු නොමැතිව
    සිතින් සිහි කර ඔබේ ඒ රුව
    සුසුම් ලන්නෙමි නිසා මගෙ පව
    ඔබ හිඳියි අද සිනහ අභිමුව

    සිහින කිසි දා එළි නොවන සේ
    ඔබ එතැයි යළි සිතම් කෙලෙසේ
    සෙනෙහෙ වන්නෙමි නුඹට පෙර සේ
    නොරැ‍ඳුනත් නුඹෙ තුරුලෙ සුවසේ

    ReplyDelete
  2. ඔවුව ඔහොම තමා මාරේ අයියේ ! අපි හැම දෙනාම මිරිගුවක් පස්සේ තමයි දුවන්නේ අන්තිමට බලද්දී අපි ලබාගත්ත දෙයක් නෑ !නැති කරගෙන විතරමයි .

    මාරේ අයියගේ කවිත් අනෙක් ඒවා වගේම පට්ට ලස්සනට තියනවා මාරම ගති..මාරේ අයියා අද බීවද ?

    ජයවේවා !!

    ReplyDelete
  3. මාරයියේ ලෝක ධර්මතාවය තමයි ඔය..

    යක්කල පැත්තේ ගිය වෙලාවක මේ වගේ එකක් ලිව්වට, නරකද ඕපූ කියලා හිතාගෙන බණ කතාවක් කියල ජීවත්වුනා නම්.

    ReplyDelete
  4. මොකද මේ ආයම විරහ ගී ගයන්නේ? මම දීගෙක යන හන්දාවත්ද? මාරයෝ! මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා. මම මාර භවනට ආවොත්, මම 'මාර දේවිය' වෙයිද, 'මාර දූතියක්' වෙයිද? ඒත් මට බෑ අනේ. දුකාලා මට මඩ ගහනවා.

    ReplyDelete
  5. මං බොට කී වංගියක් කිව්වද, ගොම්මං යාමේ ජාලෙ හක්කලං කොරන්න එපැයි කියලා. කෝ ඇහුවද? ඒ මදිවට පුළු‍ටුත් කකා. බොලං, ඔය "පොඩි" කියලා නං මාරු කරගෙන ආවට,ඕක කලු කුමාර දිස්ටිය. ගං අර යක්කල ගුරුන්නාන්සෙ දීපු නැ‍ටුං තෙල් බෝතලේ මෙහාට, පොඩි ආරස්සාවක් කොරාන්ට. මොකක් කිව්වා? පිරිමි පරාණ වලට කලු කුමාර දිස්ටි නෑ. බොලේ ඒ ඉස්සර, දැං උන්දෑත් බයි-සෙක්ස්ෂුවල් නොවැ. අනික බොගේ නමත් කුමාර වෙච්චි, පාටත් ඒ වගේ වෙච්චි ( නෑ, නෑ කලු නෙවෙයි, තල එලලු).

    ReplyDelete
  6. සියවසක් පමණ ගෙවුණමෙන්
    දැනුණමුත් ඔබට
    ඇය වෙන්ව ගොස්
    දැන් බොහෝ කල්ය
    පලක් නැත හඩා තනිව

    ඇය ඔබට උරුම නැතුවා
    ඇය වෙන කාටද බැඳුනා
    අහිමි පෙම පල නැත
    මතකය කුමටද
    නව ලොවත් තනනු විනා

    සිහින නිම වුනාවේ
    හැම දේම සිදුවූයේ
    හොඳට යැයි සිතා
    කළ යුත්තේ දැන්
    නව ලොවක් තැනීමයි

    ReplyDelete
  7. සිරිබිරිස් ගොයිය කියපු කතාව ඇත්ත වගේ.. මාරයො උඹ කොයිකටත් කියලා අර උඹේ මංතරයක් 108 වාරයක් මතුරලා බාගයක් ගැහුවනං හොදා.. ඒකෙං පොඩ්ඩක් කොම්පීතරේ වටෙත් ඉස්සානං වඩා හොදා..

    ReplyDelete
  8. ඔය යක්කල ගිය එකේ ප්‍රතිඵල තමයි.

    ReplyDelete
  9. කාටවත් පරද්දන්න බැරි මාරයව කෙල්ලෙක් පරද්දලා... අනේ ඉතිං අපි ගැන කුමන කතාද?

    ReplyDelete
  10. එදවස මුලු ලොවම,
    කුමටදැයි සිතුවෙම්,
    ඒ සොඳුරු අතීතයෙහි,
    ඔබම මට මුලු ලොවම වී,

    අද ද මුලු ලොවම,
    කුමටද සිතෙයි එලෙසම,
    මා අසල ඔබ නොමැති සඳ,
    කුමටද මේ මුලු ලොවම,

    ReplyDelete
  11. බැඳ දැමූ වරපට...(පැවිදි බව )
    බිඳ වැටුණු අන්දරය..(ආදරය )
    නියත නොනියත බවද..
    සනාතන දහමටද
    එකඟ බව නොදැනේද...
    මගෙ මල්ලියේ...
    හෙනං මේ කිමද උඹ..??

    සුලා..

    ReplyDelete
  12. ලස්සනයි මාර අයියේ... මේක නිකන් ගල් භාගයක් අමුවෙන් ගැහුව වගේ වදිනවා මට නම්...

    ReplyDelete
  13. මැජික් අරිශ්ඨෙ වැඩ කරල තියෙන්නෙ ඔය

    මිරිඟුවක් කියල තෙරුම් ගත්තා නම්
    අතෑරල දාපන් බන්
    නැත්තන් තව මිරිඟුවක් හොයා ගන්
    අඩු තරමෙ ටික කාලෙකට බලාපොරොත්තුවක් වත් තියෙනව

    ReplyDelete
  14. "කාලයේ වැලි තලාව පහුරු ගා
    නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
    මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
    ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්......

    වියැළුණු හෝ පළු වනයේ
    සුළඟේ යන පරඩැල් මැද
    අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
    ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්....."

    ReplyDelete
  15. ඉතින් ඈ හදවතින් ....
    වෙන අයෙකුට අයිතිනම්..
    තවත් මග බලා ඉද..
    කුමකට තෑවෙන්නද...

    අත්වෑලෙන් ගිලිහිලා..
    ඈ ගියත් අවපසට බරවෙලා..
    දුක් කදුලු නුබ සලා...
    හෑඩිමෙහි පලක් වෙද..

    අදුරු මිදුම තුලින්..
    දෙදුන්නක් සොයනෙද..
    දල්වන්න පහස්සිල..
    රිදි රේ කා ඈදෙන්නට...

    ReplyDelete
  16. මාරයගෙ ගෑණු සතාගෙ නම "මාරි." ෂේප් එකේ ඉන්න කොට හරිම ස්වීට්. ඔය කොහාට හරි එන්න කිව්වම නොගිහින් පොල්ලක් තියලා එහෙම බලාපල්ලකො. ආන්න එතකොට නියම ස්වරූපෙ පෙන්නලා, මාරාවේශ වෙලා දෙනව නේද කං දෙකේ ඇඟිලි ගහගන්නම. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
  17. අර පොඩි කුමාරිහාමි එන පොට නං මට ඇල්ලුවෙ නෑ. ටිකක් පරිස්සම් වෙයන් මාරයියේ.
    දැන් ටික දොහකට කලින් කිව්ව නේද හිත හදා ගත්තය පාරෙදි දැකල කතා කලාය අරකද මේකද කියල. අමතක කරහං බං මාරයියෙ. ඔය නැටුං තෙල් බීපුවම තමයි ඕව උඩට එන්නෙ.
    /කුම්භකර්ණයා

    ReplyDelete
  18. හරිම ලස්සනයි නිර්මාණය..

    ReplyDelete
  19. බලාපොරොත්තු කියන්නෙත් එකතරා මිරිඟුවක් තමා...
    ඉතිං අපි පෙම් බදන්නේම ඒ මිරිඟුවටමනේ....

    ReplyDelete
  20. මමත් කියන්නේ .. ඔය පොඩි කුමාරිහාමිගෙන් පරිස්සම් වෙයන් මාරයියේ.. ඔය මැජික් වලට අහුවෙනවා එහෙම නෙවෙයි. දැරිවිගේ බ්ලොග් එකේ හැටියට පිරිමියෙක් නම්, මාරයෙක් උනත් හතරට පලලා ඇන ගහන සයිස් එකක් තියෙන්නේ.

    ReplyDelete
  21. කුමාරිහාමි මේකාට කොට්ට උර එවනවා, ඒ අස්සෙ ඇප්ලිකේෂන් කතාවකුත් එහෙ මෙහෙ යනවා. මේකෙ ඇත්ත නැත්ත බලන්න මාත් ගියා නොවැ ඔය කියන වලව්ව බලන්න.
    ගමන පටන්ගත්තෙ මැලිබන් හන්දියෙන්. සූජානං සරීරෙ කියලා කර්තෙලිස් ගොයියාවත් ගමනට සැට් කොරගත්තා,. උන්දෑ දැණුන්-තෙරුං තියෙන ගොයිය.දහ අට වන්ගුව නං පාස් කොලා තමයි, ඒත් නුවර කිව්වාට මෙක තියෙන්නෙ නුවර දිස්ත්‍රික්කයේ මායිමෙ, බින්තැන්න හරියෙ.
    ඝණ මූකලාන , මඟදී නට නටා එන වැද්දෙක්ගෙන් පාර ඇහැව්වා. පොඩි කුමාරිහාමි කිව්වා විතරයි, මේකා උන්දෑගෙ දිග කෙස්වල්ල දෑතින්න බදාගෙන දුවන්න ගත්තෙ නැතෑ ලවක් දෙවක් නැතිව. පස්සෙ මූකලං බස්සෙකුගෙන් තමා පාර අහගත්තෙ. වලව්වක් කීවාට මේක ගරා වැටිච්ච වලව්වක්. අලියෙකුත් හිටියා නං තමා, කේඬෑරි වෙච්ච. "කිතුල් බොඩයක් දැක්ක කාලයක් මතක නෑ බොස්" කියලා ඌත් නාහෙන් අඬාපි. මං මඬිස්සලේ අතගාලා ඌට කෙහෙල් ඇවරියක් දුන්නා- ඌ ඒක ඇදලා ඇරියා ලෙලිත් එක්කම. මිඳුලට කිට්‍ටු වෙනකොට ඔය ඉන්නෙ මහ කුමාරිහාමි බැබලි, බැබලි. අපිත් කිට්‍ටුවෙලා ඇහැව්වා "කෝ මේ පොඩි කුමාරිහාමි" කියලා. "මං තමා පොඩි කුමාරිහාමි" ආවෙ නැද්ද උත්තරේ හැරෙන තැපෑලෙන්. කෝපි ඩිංගිත්තක් බොමුද, නැත්නං හොට් වයින් එකක් ගේන්නද කියලා අහලා, මගේ බඩජාරිකොමට කට අරින්න ලෑස්ති වෙනකොටම, කර්තේලිසා ඇන්නෙ නැතෑ මගේ ඉලට. "නෑ කමක් නෑ, අපි මේ සප්පායං වෙච්ච ගමන්මයි ආවේ" කියලා ගොඩින්ම ජාම බේරා ගෙන, ආගිය වංහුං කතාකොරන ගමන්, මං නිකමට ඇහැව්වා අන්තිමට වලව්වෙ හුණු පිරියං කොලේ කීයෙ දශකයේද කියලා. ඒක ඇහුවා විතරයි, කුමාරිහාමි කනප්පුව උඩ තිබ්බ ගිරෙත් අපි ලඟට කිට්‍ටු කොලේ නෑතෑ. එතකොටයි මට සිහිවුනේ කිට්‍ටුව පාතක පුවක් ගහක් තියා පුවක් ගෙඩියක් වත් නැතිබව...අපි දෙන්නම දණිපණි ගාලා එලියට පනිනවා විතරයි මතක.

    දඩෝං.....මං කෙලින්ම ඇ‍ඳෙන් බිම. අදත් අර පහල තට්‍ටුවෙ ඉන්න හෝත්ම්බුවා දාලා නේද උගේ බෆල් සැට් එක, දෙමෝලෙන් පිටිකොටන්නැහේ. එලියෙ හිම වැටෙනවා. නොදකිං විතරක් මේ උගුඩුවොත් එක්ක, දෙයියනේ කියලා දවල්ට පොඩ්ඩක් ඇහැපියාගන්න නැති හැටි....

    ReplyDelete
  22. හරි වැඩේනේ! සිරිබිරිස් අය්යටත් මාව දවාලටත් හීනෙන් පේන්න පටන් ගෙන. මොකෝ වෙන්නේ ඇප්ලිකේෂන් එකකුත් අරගන ඇත්තම වලව්ව පැත්තේ ආවානං.

    තව කාට, කාට මාව හීනෙන් පෙනෙන්න පටන් ගනීද දන්නෑ. මදැයි ස්වයංවරයක් කරන්න ගිහිල්ලා මාත් කරගත්ත විපත්තිය...

    ReplyDelete
  23. මේං වැන්දා. උඹ මාරයාටම දිස්ටිය දාපන් බොලේ, අහිංසක මාව අත්තැරලා. මඳෑ මාත් මාරයව ආරස්සා කොරන්න ගිහින් අර අහවල් එක කොරන්න අලිඩබලට උදව් කොරන්න ගිය වඳුරු මොටාට වෙච්ච් එක නේද වුනේ?

    ReplyDelete
  24. ඒකනේ කියන්නේ! අර හීනෙනුත් පේන බැබැළි, බැබැළී ආපු මහ මැනිකේ ගැන මොනවද හිතෙන්නේ?

    ReplyDelete
  25. අනේද කියන්නෙ? මතක් වෙනකොට මේ දැනුත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. හපෝයි, ඒ අස්සෙ මැවිලා පේන්නෙ අර කේඬෑරි අලියගෙ මූණත් තහඩුව. බලං ගියාම දැං මාරයාට ඉස්සෙල්ලා මට ආරස්සාවක් කොරගන්න වෙයි වගේ.

    අනේ බොලේ, ඔහේ නෑතෑ ඕනතරං කැන්ගරුවෝ ඇපිලිකේෂන් එවන්න. අනික උන් හරිම කියුට් කස්ටියනෙ, බලන්න එපැයි ටොයිං, ටොයිං ගගා පැන පැන යන උජාරුව. ඔන්න ඔහේ අපි වගේ හිම වලස්සුන්ට පාඩුවෙ ඉන්න දිපං.

    ReplyDelete
  26. කෝ මේ මාරය. මෙතන දැං වලියක් යන්න යන්නෙ.

    ReplyDelete
  27. සිරිබිරිසෝ.., කොයිකටත් කියලා ආරස්සාවක් කරගනිං මචෝ.. එනපොට හොද නෑ..

    ReplyDelete
  28. බුදු මාරයියේ. උඹ කොහෙදෝ? ආරස්සාව වැරදුනා වගේ බොලේ. හස්තිකාන්ත මන්තරෙයි,දන්න මන්තර ඔක්කොම කියලා හරි මාව බේරා ගනියෝ.

    ReplyDelete
  29. මාරය නං සූර්වෙන්න ගහලා ගොරෝ ගොරෝ බුදි ඇති සැපට.. මං හිතුවා බොට ඕක වෙයි කියලා.. දිස්ටිය ආවොත් නිකංනං යන්නෙ නෑ, නර බිල්ලක් අරගෙනම තමා යන්නෙ.. මාරය නැති නිසා උඹව තමා අහුවෙන්නෙ පුතෝ..

    ReplyDelete
  30. ඔන්න මාර මලේ මගෙ සුබ පැතුම් ලෑබූ සම්මානයට....................!

    ReplyDelete
  31. අඩේ කොල්ලනේ,

    මොනවැයි බොලා මෙතන මාර බවනෙ කුලල් කාගන්ඩය මේ ලෑස්තිය?

    බොලව්,සොයංවරේ තියෙන්නෙ වලව්වෙ, එහෙට පලයල්ලා, මාරයට නිදහසේ ඉන්ඩ දීල, හරිය?

    ReplyDelete
  32. කුම්භකර්ණ...

    මෙ එයා ගැන නෙවෙයි මලේ..ඒ හම්බ උනේ බොහෝම දුර ඈත අතීතයේ හිටිය කෙනෙක්..
    මෙ කියන්නේ මෑත මතකය...

    ReplyDelete
  33. සියළුම දෙනාට...

    හප්පේ ස්තූතියි ගමකට..රසවින්ඳ.. කවි බැන්ඳ..හැමෝටම..

    ඒ අස්සේ අපේ සිරිබිරිස් උන්නැහේ කොටලා නේද කෙහෙල් ගහටම..හනේ හපුච්චෙ...
    ගොයියෝ..මෙ මංවත් අත පය ගහන්න යන්නැති තැන බොලා මක්කටෙයි නොදන්න සිල්පෙට ගියේ...
    වවුලගේ මගුලට ගියානං එල්ලිලා හිටු කිවුවළු..
    වළව්වට ගියානං දැන් බැල මෙහෙවර කොර කොර කබුරන්ට තමයි වෙන්නේ..
    මං ඔය විත්තිය දන්න හින්දා තමයි කම්බි වැටට මෙපිටින් ඉන්නේ..බොලා මගෙන් අහන්නෙත් නැතිව ගිහින් හතරකොං පැන්නට මං මක්කා කරන්නද..?
    ආයේ ඉතිං ගැලවුමක් නැහැ ආයිබෝං...නුවර කියලා කිව්වට ඔවා මං දන්න විදියට මාතර ගුරුකං..දැන් ඔය නුවර වළව්වක එල්ලුනාට මොකෝ කළින් ඔය ඇත්තී හිටියේ නිල්වලා ගග පෙනෙන නොපෙනෙන ඉසව්වෙ..හිහ් හිහ්..බොටත් නරකයෑ..අර තඩි හිම වලස්සුත් එක්ක ඉඳලා පලපුරුද්දත් තියෙන එකේ..
    හැබැයි පුතෝ එකක්..
    දැන් ඉතිං හුළු අත්තයි ,තල් අත්තයි තමා ඔං

    ReplyDelete