30 November 2010

මටමයි වෙන්නේ...

ඔන්න ඉතිං සෑහෙන වෙලාවකට පස්සේ ආයෙමත් මාරභවනට ගොඩ වෙන්න උනේ...

දවල් ගම්පහ ගියා..මගේ ගිය මාසේ ජංජාල බිල ගෙවන්න..ඊට පස්සේ තව ගන්න තිබුනු අඩුම කුඩුම ටිකකුත් අරගෙන කාරිය..යක්කල හරහා සුපුරුදු විදියටම ගෙදර ආවා...
ඊට පස්සේ ජංජාලෙට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොටම ගියා නේද විදුලිය.හපෝයි..
මක් කොරන්නද..කොහොමත් ඊයේ මුළු රෑම ඇහැරිලා හින්දා..නිදිමතත් ගානට..ඒ ගමන නිදා ගත්තා..
බඩුම තමයි..නැගිටිද්දී රෑ හතයි..ඒත් ලයිට් නැහැ..ඒකත් ඉවසන්න පුළුවන්..ඒ උනාට පළාතෙන්ම ලයිට් නැත්තේ මට විතරයි..යක්ෂයා ආරූඩ වෙනවනේ අප්පා...පස්සේ ගෙදර අයිතිකාර අයියාට දැනුම් දීලා මණ්ඩලෙන් අවිත් වැඩෙ ගොඩදාලා දීලා ගියා..අපරාදේ කියන්න බැහැ..දැනුම් දීලා විනාඩි හතළිස් පහක් යනකොට වැස්සෙම ඇවිත් වැඩෙ කොරලා දීලා ගියා..හොඳ මිනිස්සු ටිකක්...වේයන්ගොඩ මණ්ඩලේ තමයි.

දැන් පුරස්නේ තියෙන්නේ මගේ මාසික ජංජාල භාවිතය උපරිම තත්වයට ඇවිල්ලා..ටිකක් විතර හෙමින් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ...
මොනවා කොරන්නද..පස් වෙනිදා වෙනකල් හිමීට අදින්න වෙනවා..නැත්තං ඉතිං තව සුපියල් හාරසීයකට විතර තට්ටු කොරගෙන ස්පීඩ් එක හදා ගත්තැකි..
ඒත් ඉතින් මෙ මාසේ ආදායමට වඩා වියදම ඉහළ ගියා නෙව...
ඒ හින්දා අත්‍යවශ්‍ය වියදං හැරෙන්නට අනිකුත් වියදං කපා හරින්නට මංතුමා තීරණය කොරලයි ඉන්නේ..මං ගිය මාසෙත් ඔහොම තීරණය කොරලා ඉද්දී..දැම්මෙ නැද්ද පස්වෙනිදට ඔන්න මෙන්න කියලා රොයිලි මලයා හිංගල වචන සැට් එකත් එක්ක බයිස් කෝප් එකක්...
ආයේ ඉතිං ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලිය යටපත් වෙලා මගේ සිනමාලෝලීත්වය ඉස්මතු උනා නෙව...ඒ ගමන ඉතිං වැඩිපුර හාරසීයයක් දීලා තව ජීබී එකක් ගත්තා...

මෙ මාසේනං එහෙම නොකර ඉන්න ඔන...
මොකද ගිය මාසේ මීවිත සඳහා සුපියල් දෙදහක් විතර තමයි ගිහින් තිබුනේ..මෙ මාසේ ඒකත් තුන්දහ පන්නගෙන ගිහින් තියෙනවා..ඒවා ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව යටතේ හින්දා කපා හරින්න බැහැ නෙව...
ඒ මදිවට මෙ මාසේවෙනදා වගේ කේන්දර හරහා ලැබුනු ආදායමත් පහළ බැහැලා තියෙන්නේ...
වැඩ පොළේ වැඩ වැඩි වීම හින්දා ගෙදර ඇවිත් ඒ සඳහා මිඩංගු කළ කාලය අඩුවීමත් බලපු කේන්දර කිහිපයක්ම තාම අයිතිකාරයින් විසින් රැගෙන නොයාමත් තමයි හේතුව...
නැත්තං ඉතිං ආර්ථික සමතුලිතතාවය පවත්තා ගන්ට ඇහැකි..කොහොමත් මම කේන්දර වළින් ලැඛෙන මුදල් මීවිත ගිණුමට බැර කරලා තියෙන නිසා..මීවිත සඳහා වූ අතුරු ගිණුම හැමදාම බැලන්ස්...

ආ ඒ අස්සේ අපේ කිහිප දෙනෙක්ම අහලා තියෙනවා නෙව මං වැඩ කොරන තැන මොනවැයි හදන්නේ කියලා...
අප්පා එතන සෑහෙන ජාති හදනවා...
මූලික වශයෙන්ම එතැන ආයතන දෙකක් තියෙනවා..
ඒ එක් ආයතනයක මුළු ලංකාවටම අද නැතිවම බැරි දෙයක් නිෂ්පාදනය කරනවා...
ඒ දේ සැපයීම සඳහා අද ලංකාවෙ ඉන්න සුපිරිම සැපයුම් කරු අපේ ආයතනය තමයි...
යුද්ධෙ නැවතුනත් හරි දැන් පුදුම ඉල්ලුම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන්නේ..පොයටත් වැඩ..ඒ තරමට වැඩෙ නැගලා යනවා...

අනිත් ආයතනය ඇසුරුම් කර්මාන්තයට අයත් බොහෝ දෑ නිශ්පාදනය කරනවා...
ඒ ආයතනයේ කර්මාන්තශාලා පහක වෙනස්ම ආකාරයක නිෂ්පාදන කිහිපයක් තියෙනවා...
ඊට අමතරව අර කළින් කිවුව ආයතනයටම අනුබද්ධිත තවත් ආයතනයක් මගින් දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා..ඒකේ නැති දෙයක් නැහැ.
අපේ ආයතනයේ වෙළඳ නාමය යටතේ සුළු පරිමාණ නිෂ්පාදකයන් විසින් සපයනු ලබන විවිධ නිෂ්පාදන රාශියක් ලංකාව පුරා ඇති ඒජන්තවරු හරහා ඛෙදා හැරෙනවා...

ඒ ගැන විස්තර ඔය මදැයි...

හ්ම් දැන් හුගක් රෑ වෙලා බඩගිනියි කාලා ඉන්න ඔන...
බණ කතාවෙ ඊ ළග කොටස දාන්නත් ඔන..
ඔන්න මං නැවතුනා.

46 comments:

  1. මං හිතන්නේ මාරයියා වැඩ කරන්නේ ස්කාගාරයකද කොහෙද..

    පුදුම විදියට ඉල්ලුම වැඩිවෙලා තියෙන, ශ්‍රී ලංකාවටම නැතුවම බැරි, යුද්ධෙන් පස්සේ ඉල්ලුම වැඩිවෙලා තියෙන්නේ එව්වට තමා!

    ReplyDelete
  2. "ඒ එක් ආයතනයක මුළු ලංකාවටම අද නැතිවම බැරි දෙයක් නිෂ්පාදනය කරනවා..."
    condoms??

    ReplyDelete
  3. sameerausa...

    අපොයි නැහැ..
    ඔන්න ඉතිං මල්ලියා වරද්දගෙන...
    ඔයාලා හිතන්නේ නැති තව කොයි තරං දේවල් තියෙනවාද කොල්ලෝ..

    අනික ඉතිං ඉස්කාගාරයක ඉන්න තිබුනනං..හෙහ්..

    ReplyDelete
  4. කොපර කොපර පිපිඤ්ඤා
    පස්ස බැලුවොත් රතිඤ්ඤා

    ReplyDelete
  5. ela ela hodata liyala thiyanawa
    hebei mama tharahai eda fb 1ken karapu wedeta

    ReplyDelete
  6. Grey...

    ඒකත් හොඳ නිෂ්පාදනයක් තමයි..ඒත් ඒවා නොවෙ...

    ReplyDelete
  7. මකරා...

    මොකද අවුරුදු කියලා හිතුවද..?

    ReplyDelete
  8. බණ කතාව නම් ඉක්මනට කියන්න නැත්තම් මුල ටික අමතක වේගෙන යන්නේ දැන් ;)

    ReplyDelete
  9. නිශ්පාදනය හා විකුනුම් ඉහලට මාරයට නිවාඩු පහලට

    ReplyDelete
  10. පූසා...

    එහෙමත් අමතක වෙනවනං ඉක්මනට කියන්නම හොඳ නැහැ..
    මුල අමතක වෙන එක එච්චර හොඳ නැහැ නෙව...

    ReplyDelete
  11. ඉලංදාරියා...

    අන්න නියම පැහැදිලි කිරීම...

    ReplyDelete
  12. හරී...

    අක්කේ අද මෙ වෙනකල්..මම මෙ බ්ලොග් සාමාජික බොහෝ අවගේ කේන්දර බලලා තියෙනවා..සමහරුන්ට වචන දෙක තුනක් කියලා තියෙනවා..තවත් අයට දින ගණන් බලලා දීලා තියෙනවා..
    ඇතැම් වෙලාවට පිටු දෙක තුන ලියලා දීලා තියෙනවා...

    ඒ එකම එකකටවත් මම කාගෙන්වත් සල්ලි අරගෙන නැහැ.

    කේන්දර බලන එක මම මෙ දවස්වල කරන්නේ විනෝදයට සහ නිරන්තර පුහුණුව සඳහා පමණයි.

    හුගාක් අය මට සල්ලි දෙන්න උත්සහකරලා තියෙනවා..
    ඒත් මම ඒ කාගෙන්වත් සත පහක්වත් අරගෙන නැහැ..
    මම මෙ ගිය සතිය ඇතුළතත් මගේ වැඩ පාඩු කරගෙන කේන්දර තුනක් බලලා දීලා තියෙනවා..

    මට සල්ලි ඔන නැතුව නෙවෙයි..ඒත් මම මෙ බ්ලොග් එක පටන් ගත්තේ සල්ලි වෙනුවෙන් නෙවෙයි කියන කාරණාව මම නිතරම සිහිපත් කරන හින්දයි...

    මම බොන්නේ මගේ හුරු පුරුදු සාමාජික වෙච්ච පාරිභෝගික කිහිප දෙනෙකුගේ කේන්දර බලලා හම්බවෙන සල්ලි වලින්..

    අන්න ඒ හින්දා ඔයාලා කවුරුවත් පවු කරගෙන නැහැ.

    ReplyDelete
  13. හපොයි දෙයියනේ,,,සමාවෙන්න මලේ මම කියපුදේ මල්ලි තෙරුම් අරන් තියෙන්නේ වැරදියට නේ,, මම ඒකෙන් අදහස් කරේ බොන්න එපා කියලයි දෙයියනේ,,,,, මල්ලී ඔයා කේන්දර බලලා ජීවිත සුවපත් කරන බව මම හොඳින්ම දන්නවා, අනේ මම අදහස් කරේ බොන එක හොඳ නෑ කියලා විතරයි. සමාවෙන්න,, සමාවෙන්න... ඉඳ හිටලා මීවිත ටිකක් බොනවා නොකියා " කේන්දර බලන සල්ලි වලින් බොනවා" කිව්වහම තේරෙන්නෙ බොන්න සල්ලි ඕනා නිසා කේන්දර බලනවා කියලනේ. ඒකයි මම කිව්වෙ,,,,,,,,,දහස් වරක් සමාවුව මැනේ!!!!!!!!!!!!!

    ReplyDelete
  14. හරි හරි, මම දන්නවා මාරය වැඩකරන කම්පැණියේ මොනවද නිශ්පාදනය කරන්නෙ කියලා . . . . !

    කැරට් නේද ?

    ReplyDelete
  15. හරී...

    නැහැ ඉතින් අක්කා ඇත්තටම කේන්තියෙන් කිව්වා කියපු හින්දයි කිව්වෙ...

    ඇයි කමෙන්ට් එක මැකුවෙ...
    සමාව ඉල්ලන්න ඔයා වරදක් කොලා නෙවෙයිනේ..
    මං දන්නවා අක්කා මගේ බීමට බොහෝම විරුද්ධයි කියලා..
    අපි ඔන්න ඔවා අල්ලලා දාමු..වැඩකට නැති කතා..

    ReplyDelete
  16. දුමී...

    ඔව් ඔව්..දුමීටත් ඔනද ටිකක් ගම හාමිනේ ෂේප් කොරගන්න..

    ReplyDelete
  17. @හරි,
    මේකනෙ ඔතන වැඩේ.. කස්ටිය ඉතිං පලාඵල බලලා දෙන්න කියලා අපේ මාරයට කේන්දරේ දෙනවළු.. හැබැයි ඒ පලාඵල කියන්නනං දෙකක් දාගන්නම ‍වෙනවළු.. එහෙම නැත්තං බොරුටිකක් කියලා නිකං ඉන්න වෙනවළු.. මූ සොට් එකක් දැම්මත් ඒකත් හුදී ජන පහන් සංවේගය උදෙසාළු..

    ReplyDelete
  18. නෑ බං මම කිව්වෙ යුද්දෙන් පස්සෙ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා කියලා කියපු නිසයි. දැන් ආණ්ඩුව මිනිස්සුන්ට කවන්නෙම කැරට්නෙ . . . ඒකයි මම හිතුවෙ උඹලත් කැරට් වවලා බෙදා හරිනව ඇති කියලා.

    ReplyDelete
  19. සිරාවටම මොනාද මාරයියෙ ඕකෙ හදන්නෙ?

    ප/ලි
    මම ඒත් බැලුවා මගෙ නහය දන්න ගත්තෙ මොකද කියලා. හරි මේ මාව මතක් කරලා තියෙන්නේ. :P

    ReplyDelete
  20. අප්පේ මාරේ අයියට මීවිත ගිනුමකුත් තියනවද ? මටනම් මේ මාසේ ණය වෙන්න සිදූ උනා මීවිත ගන්න...මටත් ඔය වර්ගයේ මීවිත ගිනුමක් හදාගන්න ඕන .

    ඇත්තට මොනවයි ඔයාගේ ෆැක්ටරියේ හදන්න්නේ මම දන්නවා මමදන්නවා !

    අත් බෝම්බ ! නේද ?

    ජයවේවා !!

    ReplyDelete
  21. ගෙදර යන ගමන් :P

    ReplyDelete
  22. ඇයි අනේ ඔයාලා ඔක්කොම අපි නිදන වෙලාවටම ඇවිත් කතා කර, කර, ඉඳලා යන්නේ. අපි නැගිටින කොට පෙරහැර ගිහින් ඉවරයි.

    ReplyDelete
  23. හා,,පෝ, මීට පස්සෙ නම් මුකුත් කියන්නෙ නෑ. කමෙන්ට් එක මැකුවෙ බලන් අනිත් අයත් වැරදියට හිතයි කියලයි,, කේන්ති යන්නෙ කවදාවත් නොදැක්ක උඹලා සහෝදරයෝ කියලා දැනෙන නිසයි, ඒත් ඉතිං කියල හදන්න බැහැනෙ,
    බීපන් . බීපන්. බීල වෙරි වෙයං :D

    "මටමයි වෙන්නෙ" ,,,,,,සහතික ඇත්ත

    ReplyDelete
  24. @පොකු,
    මේකනෙ මෙයා ඔයා ඉන්නෙ වැරැදි රටක වැරැදි වෙලාවක.. ඕක තමා කියන්නෙ "පතිරූප දේස වාසෝච" කියලා.. :)

    ReplyDelete
  25. ඒකනෙ ඔය 'පතිරූප දේස වාසෝච' හරියට කරන කෙනෙකුට මම සෙට්වෙන්න හදන්නේ!

    ReplyDelete
  26. ඔය මීවිත ගිණුම හදාගන්න හැටි අපිටත් කියපංකො.
    ඔය ත්‍රීවීල් බයික් හදන තැනකද වැඩකරන්නෙ.

    ReplyDelete
  27. දුමියා තමා දවසකටවත් මිනිහා.
    ඇත්තටම මාරයෝ කැරට් නෙමේ කියලා ෂුවර්ද?

    ReplyDelete
  28. ඔය මිවිත ගිණුම වහන්නම බැරි එකක්ද මාර අයියේ... මම බලන් උන්න මගෙ කේන්දරෙත් බලල දෙයි කියලා

    ReplyDelete
  29. අර ආයතනෙ ගැන කිව්වට වඩා නොකිව්වනම් හොඳයි

    ReplyDelete
  30. මාරයෝ... මොකෑ බං හැබෑටම කොම්පැණිය. අර කිව්වත් වගේ නොකියා හිටියානම් තමා හොඳ. උඹ අර දුන්න ඩිස්ක්‍රිප්ෂන් සිරාද ජෝක්ද? කොහොම හරි ඉක්මනට බන දාපං. නිවුස් වලත් කිව්වා උඹේ බණ ගැන. කිව්වත් හරි බණ ඉස්ටොප් වෙලා නේ. දා දා ඉක්මනට දා...

    ReplyDelete
  31. bil wedi wela mama ree kiyapu eka ita passenda mathaka nee
    thawa ahanawa mama eiye ubath ekka chat kalada kiyala?

    ReplyDelete
  32. ඈ බන් මාරයො... යක්කල පැත්තෙ මොකක්ද වෙන්නෙ හැබෑට... උබ සක්මන් කොරනව නොවැ සෑහෙන ඒ පැත්තෙ ???
    ආශ්චර්යයක් නොවැ 45 මිනිත්තු වලින් වැඩේ ගොඩ කිව්වම... කවුරු උනත් මාරයට බය බව ඔප්පු උනා...
    හපුච්චියේ උබ මට එහා නොවැ. මීවිත බෝතල් 4ක් පමන මසකට නැති නාස්ති කොරල වගේ....
    මම නම් ඔය කොයි ගිනුමත් එක්සෙල් ශීට් එකක දාල තියෙන්නේ... හපොයි මේ ලගදි බැලුවම මීවිත කියන්නේත් සෙල්ලමක් නෙමෙයි.

    ReplyDelete
  33. මාරයෝ ඇත්තෙයි මීවිත ගනන් ඉහල ගියා කියන්නේ,,,මාර බොස් කේන්දරයක් බලන්න මොනද උවමනා කරන දේවල්?මගේ ලග්නයවත් මම නොදනී..

    ReplyDelete
  34. Buratheno...

    හික්..ඔන්න මලයට විතරයි ඒක තේරුනේ...

    ReplyDelete
  35. දුමී...

    මෙක ඇවිල්ලා කෘෂිකාර්මික නෙවෙයි නෙව...

    ReplyDelete
  36. roylyfernando...

    හිහ්...නහය නොදෑවානං තමයි පුදුමෙ...
    උපන් දිනය
    උපන් වෙලාව
    ස්ථානය
    ඔන්න ඔය කරුණු තුන තමයි උවමනා කරන්නේ...

    ReplyDelete
  37. හිස් අහස...

    අත් බෝම්බ දැන් මොකටද මලයෝ..?

    ReplyDelete
  38. Podi Kumarihami...

    මං අහන්නේ ඇයි අපි කතා කරන වෙලාවට ඔයා නිදා ගන්නේ..?
    අනික පොඩ්ඩියේ පතිරූප දේස වාසෝ ච විතරක් මදි..
    පුබ්ඛෙථ කථ පුඥ්ඥතා ත් උවමනා කෙරෙ...

    ReplyDelete
  39. හරී...

    "බීපන් . බීපන්. බීල වෙරි වෙයං :D"

    මයෙ හොඳ සුදු අක්කි..තෑන්කූ...
    (ආයෙත් ටිකක් බැනහං අක්කේ..උඹෙන් බැනුං අහන එකෙත් ගතියක් තියෙනවා..)

    ReplyDelete
  40. Buratheno...

    ඒකට අපි මෙ දවස්වල පොඩි පිළියමක් යොදමින් ඉන්නේ...

    ReplyDelete
  41. Praසන්ன...

    හා හා..ඒවා ආවාට ගියාට කියාදෙන්නේ නැහැ.

    අනේ ඇත්තටම අපි මොනවද හදන්නේ කියලා කාටවත් හිතන්න බැරි හැටි...
    ටිකක් චූටි මට්ටමෙන් හිතුවනං...

    ReplyDelete
  42. ඔය රිජිෆෝම්, කාඩ්බෝඩ් පෙට්ටි ඒවද? අගේ නොකර හියහංකො මාරයියෙ
    ඔය කවද හරි කමක් නෑ මගේ කේන්දරෙත් බලල දෙන්න බැරිද? දිනේ වෙලාව එහෙම එවන්නද?
    /කුම්භකර්ණයා

    ReplyDelete
  43. කුම්භකර්ණයා...

    උඹැහැනං ටිකක් විතර අහලිං පහලිං ගිහින් තියෙනවා..
    මූලික වශයෙන් භාණ්ඩ ඇසුරුම් වලට උපයෝගී කරගන්න දේවළුත් තියෙනවා...

    ReplyDelete