12 November 2010

මෙන්න සැනසිලි තෑග්ග...

ඔන්න ඉතින් කළින් කිව්ව විදිහට මම වැඩෙ කොරන්නයි සූදානම...

ඒත් ඉතින් මට කාකා පස්සේ ලෙඩක් දාවිද දන්නෙත් නැහැ..මක්කා කොරන්නද...අද හිතේ ෆිට් එකෙන් හිටියේ කේන්දරයක් බලන්න ඔන කියලා නෙව..ඉතින් මෙ ප්‍රමාද දෝෂයට කාකා උරන නොවේවා...

අද උදෙන්ම ගෙදර ආවෙ හොඳ නිදහස් දවසක් ගත කොරන්න හිතාගෙන නෙව..පහුගිය ටිකේම මේ හැදුනුම්පත් හදන්නයි..රියදුරු බලපත්තරේට අඩුම කුඩුම හොයන්නයි ගෙහුන් මගේ හොඳ පණ ගෙහුන් නෙව තිබුනේ..ඒ හින්දා අද දැහැමින් සෙමින් ගත කොරන්ට ඕනය කියලා වෙලපහම හිතලා තමයි..අවශ්‍ය කරන කලමනා එහෙම වේලපහම සූජානං කොරලා තිවුනේ..

ඉතින් උදේම ලිපියක් ලියලා දාලා ටිකක් නිදාගෙන..ඊට පස්සේ නැගිටලා හොද්දක් බතක් රත් කොරාන එයින් ඩිංගිත්තක් බංඩියට දමාන..එහෙම..ටිකක් වෙලා හිටියා..දැන් ඉතින් සුන්දර සැන්දෑව මගේ යාළුවත් එක්ක නිසංසලේ ගෙවන වෙලාව වෙච්චි..

ඉතින් අපි බලමු මෙ කලිකාල පණ්ඩිත උන්නැහේගේ වේලපත් කඩේ කොහොමෙයි කියලා..හ්ම් බැළු බැල්මටම පේන්න තියෙනවා කාල සර්ප යෝගය තියෙනවා වගේ...හා කමක් නැහැ තව ටිකක් බලලා ඉන්න ඕන කාල සර්ප යෝගෙන් ගැලවෙලාද කියලා..

ධනු ලග්න කේන්දරයක් නෙව...

හ්ම්ම්..යන්තං ඉතින් චන්දරයා එළියට පැනලා කාලසර්පයෝගෙන් ගැලවිලා තියෙනවා උනත් ඒක ඒතරංම ඇති කියලා හිතන්නත් බැහැ..

හරි ඉතින් මෙහෙම කියමුකෝ...මේ කේන්දරයේ රවි, සිකුරු සහ බුධ ප්‍රභල තත්වයන්හී ඉන්නවා..ඒ වගේම දුකට අධිපති සෙනසුරු උන්නැහෙත් යාන්තං ජාමෙ බේරගෙන හොඳ විදියට යෙදිලා තියෙනවා.

ටිකක් අවුලකට තියෙන්නේ මෙ කාල සර්ප යෝගයට ටිකක් විතර ආසන්න වීමයි..ලග්නාධිපති උන්නැහේ සතුරු රාශිගතව සෙනසුරුගෙන් ටිකක් විතර පීඩාවට පත් වෙලා ඉඳීමයි තමයි...රාහු කුජ යෝග වෙලා නරකම තැනක වැටීමයි වගේ කරුණු තමයි...

හොඳයි...

මෙ ජන්මපත්තරේ හිමි අපේ කලිකාල දරුවා ටිකක් සමාජයේ තැනක් තියාගෙන ඉන්න හැකියාව තියෙන..ඒ වගේම කවදා නමුත් දවසක හෝ යම් කිසි නිශ්චිත කාල සීමාවකදී..තමන් සිටින ප්‍රදේශයේ..ගමේ රටේ..පළාතේ කිසියම් පොරසිද්ධියක් ලබන ආකාරයේ පුග්ගලයෙක් තමා.

ඒ වගේමයි හොඳ තේජස් සහිත ස්වභාවයක් ඇති අයෙක්.සිහි බුද්ධිය කල්පනාව එහෙමත් හොඳින් තියෙන හොඳ අධ්‍යාපන තත්වයක් එහෙම ලබන්නට පුළුවන් දරුවෙක්..ඒ වගේම තමයි දැන් මෙ ලබලා තියෙන කාල සීමාව තුළදී පහුගිය කාල වලදී නැවතිලා හෝ බැහැයි කියලා අත ඇරලා දමලා තිබ්බ අධ්‍යාපන අංශයේ කටයුත්තක් නැවත සාර්ථක කරගැනීමේ ස්වරූපයකුත් පෙන්නුම් කරනවා..

හැබැයි තව කාරණාවක් පෙන්නුම් කරනවා..තමන්ටත් හිතාගන්න බැරි විදියේ හිටි හැටියේ සිද්ධ වෙන නිකං සිහි කල්පනාව අඩු වීමේ තත්වයක් ඉඳ හිට මතුවීමේ ගතියකුත් ඇති වෙන්ට පුළුවන්..සමහර විට මේ තත්වය සුළු මොහොතක් විතරයි..සමහර විට කෙටි කාල සීමාවක් මෙ ආකාරයට පවතින්නත් පුළුවන්...

තමන් ඉගෙනගනු ලබන දෙයට සරිලන ආකාරයේ හොඳ රැකියා අවස්ථා ලැබීමත් ඒ වාගේම හොඳින් හරි හම්බ කිරීමේ හැකියාවත් තියෙනවා..සමහර අවස්ථාවල සිතූ පැතූ සම්පත් ලබන්නට අහැකි තරමේ වාසනාවකු=ත් පේනවා නෙව...

හැබැයි රැකියාව වෙනුවෙන් නිරන්නතර වෙහෙසක් මහන්සියක් විදින්ටත් වෙනවා වගේ තමයි පේන්නේ නම්...

නොනවතින කටයුතු රාශියක නිරත වෙන්නටත් සිද්ධ වේවී...

ටිකක් කල්පනාවෙන් පරිස්සම් කරගත්තේ නැතොත් අඩු වයසෙන්ම කෙස්ටික ගැලවිලා හඳ පායන්ටත් පුළුවන්..

තමන්ට උපතින් හිමි යම් දේපලක හිමිකාරිත්වය අහිමි වීම හෝ දායාද වැනසී යාමත්..අතට ලැඛෙන්නට වාගේ තිබූ දේවල් නොලැබී යන්ටත් පුළුහං.

හොඳ විවාහයක් එහෙමත් කෙරෙනවා...ඒ ඇත්තිත් තමන්ට පෑහෙනවා.

උප්පත්ති අවස්ථාවෙදී හෝ බාලම කාලයේදී තදබල මාරාන්තික අපල තත්වයකුත් පේනවා නෙව..ඒක තමන්ට විතරක් නෙවී තමන්ගේ මව්ටත් තරමක අපලදායී තත්වයක්...

පොඩ්ඩක් ඉස්සරහත් බලමු...

හ්ම්ම්..පහුගිය කාල වල තිබුනු කරදරනං සෑහෙන්න අහවර වෙලා තියෙන්නේ..ඒත් රැකියා සම්බන්ධ කටයුතු වලදී..තමාට වඩා වැඩිමහළු හෝ..තමන්ගේ ඉහළ සිටින අය අතර තමා පිළිබඳව වැරදි චිත්තරයක් මැවෙන ආකාරයේ කටයුතු සිද්ධ වෙන්ට පුළුවන් ඒ හින්දා ටිකක් ප්‍රවේසමට කටයුතු කරන්ට ඕන..ඒ වගේමයි කට ඩිංගිත්තක් පාලනය කොරගන්ටත් මතක තියා ගන්ට ඕන..

ටිකක් විතර ඔළුවේ අවුල් සහිත බවක් ඇතිවීමත් විය හැකියි.
රැකියා ස්ථානයට සම්බන්ධ හෝ..තමන්ගේ පිය පාර්ශවයට අයත් ඥාතියකු සමග හෝ ටිකක් විතර ගැටෙන්නට සිදධ වෙන්නත් ඇහැකි.

කරගෙන ආ කටයුතුවල වෙනස් වීමක් වෙන්ටත් පුළුවන් ඒත් ඒවා පස්සට තමාගේම හොඳට හිටීවී...
මංගල යෝග හෝ අනියම් සම්බන්ධකම්වල පැටලෙවෙන්ටත් අවස්ථා මෙ කාලයේ මතු වෙයි..
හැබැයි ඉතින් කන බොන දෙයක් පරිස්සමට තමා කොරන්න ඔන ඕං..
හදිස්සියට කොරන දේවල්වල ප්‍රතිවිපාකත් තමන්ම විඳින්න ඕන කියලා මතක තියාගත්තොත් හොඳා...

2011-05-24 වෙනකල් ටිකක් විතර ජීවිතේ සමපලදායීව ගෙවෙයි..කොහොම උනත් 2009 අවුරුද්දේ ඉඳලා 2025 විතර වෙනකල් කාලය තමා තමුන්ගේ ජීවිතේ වඩාත් පෙරළිකාර..ඒ වගේම ජීවිතේ විඳින්න ලැඛෙන කාලේ...

හ්ම්ම්..ඔය මදැයි...
මේක ඇවිල්ලා අහක යන අවස්ථාවක් ලැබීමක් නෙව..ඔන්න කාකා ආවානං මට මීට වඩා බැරෑරුම්ව මේක කොරලා දෙන්ට වෙනවා.

ඉතින් කලිකාල ළමයා...ඕං මං නැවතුනා...මෙයට අමතරව එකම එක පුරස්නයක් අහන්න අවස්ථාව මම දෙනවා..හැබැයි පෞද්ගලිකව..මගේ ඊමෙල් එකට එවලා අහන්න පුළුවන්..හැබැයි මතකනේ එකම එකයි.

29 comments:

  1. ඔයාගේ සාස්තරේ හරිද කියලා දන්නේ කාලිකාලමනේ. ඔය මිවිතෙන් බේරෙන්න පුළුවන්නම් මොකක් හරි විසඳුමක් කේන්දරෙන් හොයා ගන්න බැරිද යාළු?

    ReplyDelete
  2. ayesha...

    සොඳුර නුඹ දන්නෙහිද ..
    මීවිතෙහි ඇති අරුම..
    දුකත් නැති සැපක් ඇති..
    අරුම පුදුමෙකි විඳින..

    කිසිත් නැති කලෙක වුව..
    යමක් ඇති බව හැගෙන..
    පාළු හිස් හිත් අහස..
    තුටින් පුරවා දෙවන..

    අපොයි වැඩිද මන්දා..

    ReplyDelete
  3. දුකේදිත් සැපේදිත් නැත තනිය රකින්නට
    මිවිතක් දෙතොලඟට නුහුරු ඇයි මෙපමනට
    කිසිත් නැති වු කලට ගැහැණියක් වූ පවට
    නුඹට මෙන් නොහැකි විය රස එහිම දකින්නට

    ReplyDelete
  4. ayesha...

    ගැහැණියක් වූ නිසා නුඹට හිමි නොවූවට..
    ගැහැණියක් නිසා වෙන් එය හිමිව තිඛෙ මට..
    හුරුව ගිය දෙතොළගට එහි පහස දැනෙන කල..
    ඇය නිසා උරුම දුක තුනීවී යයි නිබඳ..

    ReplyDelete
  5. කෝ මේ වෙලාව අයිති පුද්ගලයා....
    මම මාරයියගෙ පිටුවට අද දවස ඇතුලත ආව කීවෙනි වතාවද මංදා..
    එක සැරයක් එනකොට ප්‍රශ්නේ අහලා.. සතුටින් විසඳුම ලියන්න යනකොට මම පමා වෙලා.. අපායට යතත් ඉස්සෙල්ලාම යන්න කියන්නේ ඕකටද ඇත්තට..?

    ReplyDelete
  6. ප්‍රාර්ථනා...

    ඉන්නවා නගේ ඉන්නවා..
    මම මෙ තවත් එකක් ලියන ගමන්..
    දැන් මොකදෑ වෙන්න ඔන..?

    ReplyDelete
  7. තරහ වෙන්න එපා ඕනි මාරයියේ..මම නම් ඉතිං ඔය කේන්දරේ විශ්වාස කොරන පොරක් නෙවේ...
    ඒත් මාර අයියා මේ කියපු ඒවා බලපුවහම මටත් මගේ කේන්දරේ බලාගන්න හිතුනා...හැබැයි විශ්වාස කොරන්න නෙවේ...මොනවද කියන්නේ කියලා බලන්න....හික්ස්
    වැඩේනම් නියමයි මොනවා වුනත් අයියා....!!!

    ReplyDelete
  8. හසියා...

    මල්ලියේ උඹ දන්නවද වැඩක්..

    අර දූරියන් තියෙනවා නේද..සමහර විට උඹ කාලාත් ඇති නැතුවත් ඇති..
    ඒ කොහොම උනත් සමහරු දූරියන්වලට හරි ආසයි..
    සමහරු හරිම අකමැතියි..

    මමනං දූරියන් වලට කැමතියි..
    දූරියන් කන බුවාලා හැටියට අපිනං ඔය නොකන අයට වැඩිය බල කරලා කවන්න යන්නේ නැහැ..ඇයි ඒ..ඒක කාලා රහ වැටුනොත් ආයේ ඉතින් දුරීයන් ගෙඩියට වග කියන්න තවත් පොරක් සෙට් වෙන හිනිදා...
    මෙක ටිකක් ආත්මාර්ථකාමී වැඩක් වගේ තමයි..ඒත් ඇත්ත ඒකයි.
    ආයේ බොරු කියන්න ඔනය..

    ඉතින් මමත් ඔය විශ්වාස නොකරන කේන්දරේ ගැන මලයාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි..විශ්වාස නොකරන එකේ ඔක බලන්න මහන්සි නොවී ඉඳහන් මලේ..හිහ්..මම කියපු දේ හරියටම තේරුනාද මන්දා..?

    ReplyDelete
  9. අයියා එහෙම කිව්ව හන්දම පොඩ්ඩක් කේන්දරේ රස කෝමද කියලා බලන්නම හිතුනා දැන්නම් ඇත්තටම....
    මොකද දුරියන් කනකොට මමත් අයියා කියපු ඔය ආත්මාර්ථකාමී වැඩේ ඒ විදිහටම කරන හින්දා.....හික්ස්....

    ReplyDelete
  10. හසියා...

    මදැයි කොලා
    නෙද්දකින් විතරක්..අපිට අහුවෙන්නේ අපි වාගේම ගල් බමුණෝම තමයි..
    එවහං මලේ..පුළුවන් හැටියකට කොරලා දෙන්න..

    ReplyDelete
  11. මොකක්ද බොලේ මේ කාල සරුප යෝගෙ කියන්නෙ? කාලක් ක්‍රියා කොරන එකක්ද​?

    ReplyDelete
  12. සොරි වැඩ ඇරිල ගෙදර එන්න පමා උනා
    ඉස්සෙල්ලම කියන්න ඕන මම ගහැණු කෙනෙක් කියල.
    කිව්ව ඒව ඒහැටි වැරදිත් නැහැ. මම නන් කේන්ද්‍ර විස්වාස කරන කෙනෙක් නෙමෙයි, මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව වන විවාහයෙදිත් මං කේන්ද්‍ර බැලුවෙ නැහැ. (ඒක යෝජිත විවාහයක් වෙලත් )
    මම වෘතියෙන් ඉංජිනේරුවරියක්. එතකොට රැකියාවෙ වැඩ ගැන කියපුවත් හරි ( ඕව ඉතින් ඕන විදියට ගලප ගන්න පුළුවන්) දැන් නම් ගෙදර වැඩ තියෙනව. මම හෙට එක එක කාරණය ගැන වෙනම කමෙන්ට් කරන්නම්
    .මාරයාට බොහොම ස්තුතියි

    ReplyDelete
  13. Ano...

    සර්පයෙක් කාලක් කිරියා කොරන එකට..හැහ් හැහ්...

    ReplyDelete
  14. කලිකාල...

    ආ බොහෝම සංතෝෂයි ඉංජිනේරු නෝනා කෙනෙක් දැනකියා ගන් හම්බ වෙච්ච එකට..
    කවදා හරි අපිත් ඔය පාලමක් බැරිනං බෝක්කුවක් හදන වෙලාවටවත් උපදේසයක් එහෙම ගන්ට බැරියෑ...

    ස්ත්‍රී පුරුෂ ඛෙදයක් ගාව ගන්ට ඔන නැහැ..ඔය කියලා තියෙන ඒවා පොදුවෙ ගත්තහැකි.
    තමන් ස්ත්‍රීලිංගයෙන් තබාගෙන සහකාරිය කියා කිවූ තැන්වලට පුරුෂලිංගයෙන් තියලා කියවගෙන යන්ටකෝ..

    ReplyDelete
  15. මොකද මාරයෝ, ඇයි ඉංජිනේරුවෝ කියන්නේ මහ ලොක්කොද?
    ඇයි අපි කළුද? අපි නොදන්න ඉංජෝ, ඉංජියෝ!!!

    ReplyDelete
  16. @ කතන්දරකාරයා

    අර දිග විචල්‍යයක් වෙන පාලම හදපු ඉංජිනේරුවානම් මහ ලොක්ක්කෙක් වෙන්නම ඕනෙ.

    ReplyDelete
  17. කාල සර්ප යෝගය කියන එක ඔය ඉංජිනේරු නෝනලට මහත්තුරුන්ට තේරෙන විදිහට කියන්නෙ මෙහෙමයි. සමචතුරශ්‍රාකාර කේන්දරයේ විකර්ණයකින් එක පැත්තකට පමණක් ග්‍රහයන්ගේ ඛණ්ඩාඃක සීමා වෙලා තියෙනවානම් ඒකට කියන්නෙ කාල සර්ප යෝගය කියල. තවත් තේරුම් කරල දෙනවනම් ග්‍රහයන්ගෙ Convex hull එක Right Angle Triangle එකක් .

    Hikz

    ReplyDelete
  18. කාකා ...

    කාකාඉතින් මොකට උරණ වෙනවැයි ඔකට..?

    ReplyDelete
  19. ඔන්න මට නොතේරෙන ඒවා පැහැදිලි කිරීම පිණිස..ඒවා තේරෙන මකරා කරළියේ...

    ReplyDelete
  20. ප්‍රථමයෙන්ම සමාව භජනය කරනව මාරයගෙනුත් ඔහුගේ පාඨකයෙන්ගෙනුත් උණුවෙන්ම ප්‍රතිචාර දක්වල මේ වැඩේ රසවත් භාවය තව ටිකක් රැක ගන්න බැරි උනාට. අර කතන්දර කාරය කිව්ව වගේ ගෙදර වැඩ පමා කලොත් තව පාරක් කේන්දරේ බලාගන්න වෙයි.
    මාරයත් අනිත් අයත් කුතුහලයෙන් ඇති කියපුව ඇත්තද කියල බලන්න. ( මේ පෝස්ට් එකේ අරමුණත් ඒකනෙ. නැත්නම් මට ප්‍රතිපලේ ඊ මේල් කරන්න තිබුනනෙ )
    ලග්නෙ නම් මගේ කේන්දරෙත් තියෙන්නෙ ඔය විදියට තමයි, අර යෝගය ගැනත් මකර කියල දුන්නනෙ. මට ඔය ග්‍රහයො ගැනනම් වැඩිය තේරෙන්නෙ නෑ. ( ඒව ඉතින් කේන්දරකාරයො කොලිටිය තියාගන්න කියන ඒවනෙ, අපිත් රස්සාව කරනකොට පාරිභාෂිත වචනක් දෙකක් දානව : D)
    ඊලඟට තියන ප්‍රසිද්දියක් ලබන කතාව හොඳ අතට උනොත් හොඳයි. දැනටනම් එහෙම නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. (අඩු ගානෙ අල්ලපු ගෙදර මිනිස්සුවත් දන්නවද මන්ද )
    සමාජෙ තැනක් තියන් ඉන්න තේජස් කතාවනං අහන්නත් ආසයි, මධ්‍ය්ස්ථව බැලුවොත් එහෙම එකක් මගේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ (පලා ඵල වලට මං අකමැති ඕකයි, තමුන්ට හරියන විදියට ගලපගත්තැහැකි )
    අධ්‍යාපනයත් නරකම නෑ. සිස්සත්තෙ පාස් උනා, OL පාස් උනා, AL පාස් උනා, උපාධියත් එක පාරින්ම පාස් උනා. සිහිබුද්දියනම් ටිකක් අඩුයි කියලයි මටනම් හිතෙන්නෙ. සමහර වෙලාවට සිහි කල්පනාව අඩුයි කියලනං අම්මත් කියනව.
    coun.....

    ReplyDelete
  21. @ මාරයා
    මේවා ඇත්තද​?

    ...ඒ තමා ග්‍රහලොව අති ප්‍රබලම යෝගය. මීට සමාන හෝ මීට වඩා ප්‍රබල වෙන කිසිම ග්‍රහ යෝගයක් නෑ.....

    http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142

    @මකරා

    තාක්‍ෂණිකවනම් තේරුණා :)

    ''බැළු බැල්මටම පේන්න තියෙනවා කාල සර්ප යෝගය තියෙනවා වගේ...හා කමක් නැහැ තව ටිකක් බලලා ඉන්න ඕන කාල සර්ප යෝගෙන් ගැලවෙලාද කියලා..''

    ඒත් මාරයා මේ කියලා තීයෙන විධිහට මේක භයානකයි වගේනෙ

    ReplyDelete
  22. කමෙන්ට් එක දිග වැඩි නිසයි දෙසරෙකට දාන්නෙ, මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න හිතුවත් පස්සෙ හිතුන ඒක සයිබර් සදාචාරයට පටහැනි වෙයි කියල( එහෙම ඒව තියෙනවනං)
    සිතූ පැතූ සම්පත් ලැබෙනවනං ඉතින් හොඳයිනෙ! සාමාන්‍යයෙන් ජීවිත කාලෙම මං කරල තියෙන්නෙ ලැබෙන දේටයි කරන්න ඕන දේටයි කැමති වෙන එක තමයි. ලේසිම වැඩේ ඒකයි.
    රැකියාව වෙනුවෙන් කන කට්ට නං කියල වැඩක් නෑ. ඉස්සර කොම්පැණියක වැඩ කරපු කාලෙනම් මට කියල ජීවිතයක් තිබුනෙම නෑ. බැන්දට පස්සෙ අර්ධ රජයේ තැනකට මාරු උනා. දැන්නම් වැඩත් අඩුයි, පඩිත් අඩුයි.
    කෙස් යන කතාවනං ඕනම ගෑණියෙක් කියාවි. :ඪ්D
    විවාහයත් ඉතින් කියන්න වරදක් නෑ.
    පොඩි කාලෙ මාරක අපල ගැනනම් දන්නෙ නෑ, එක පාරක් වාහනයකටනම් හැප්පුනා තමයි. (පොඩ්ඩක් සීරුනා විතරයි ) අම්මට අපලයි කිව්වෙ මං නිසා රස්සවෙන් අස්වෙන්න උන එකද දන්නෙ නෑ (ඒකට ඉතින් මල්ලිත් හවුල්නෙ ) ඉස්සරහ ගැන ඉතින් බලමු. 2025 දි මායි මාරයයි දෙන්නම ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම මං මාරයට ඊ මේල් කරනව,
    මේ කේන්දරේ බැලුවමයි. මට අමතක උනා, මල්වර නැකතෙ ලියල තියෙනව උත්සාහයේ හැටියට ප්‍රථිඵල නෑ කියල. මම ළඟදි ඒක දැකල අම්මට කිව්වා "මං PHD එකක් ගන්න හිටපු කෙනෙක්, කේන්දරේ අප්සට් හින්දා මෙහෙම උනාට"කියල.
    මාරයගෙ කැපකිරීමෙන් වැඩක් ගන්නත් හිතුව, MBA එකක් හරි MSC එකක් හරි කරන්න හිතගෙන හිටියෙ, ඉක්මනට පටන් ගන්න ඕන.
    මාරයත් කමෙන්ට් කරපු හැමෝටමත්, මට අවස්තාව දීල තමන්ගෙ වැඩක් බලාගත්තු කතන්දරටත් බොහොම ස්තුතියි.
    සමහරවිට මෙහෙම අහක යන චාන්ස් වදිනව කියලත් මගෙ කේන්දරේ ඇති :D

    ReplyDelete
  23. මට අමතක උනානෙ අර එකම එක පුරස්නයක් අහන්න දුන්න අවස්තාව , හැංගි හොරා මොකටද කෙලින්ම අහන්නං. (මාව ඉතිං කවුරු දන්නවද?)
    මං කියවල තියෙනව මිනිහෙක් සම්පූර්ණ වෙන්නනම් ගහක් හිටවන්නයි, පුතෙක් හදන්නයි, පොතක් ලියන්නයි ඕන කියල. (ගැහැණු ඉතින් කොහොමත් සම්පූර්ණ හින්ද ඕව කරන්න ඕනත් නෑ).මට ඔය තුනෙන් කීයක් කරන්න පුළුවන් වෙයිද 2025 වෙනකොට?

    ReplyDelete
  24. කලිකාල...

    හ්ම්ම් මගේ අම්මෙ මෙකේ දිග..
    අපරාදේ පෝස්ට් එකක් හැටියට දාන්න නෙව තිබ්ඛෙ..මෙහෙ සදාචාරයක් කියලා එකක් තියේද හැබෑට..

    මගේ නැහැනේ ඔය නීති රීති

    හා ලොකු විග්‍රහයක් කොරලා තියෙන්නේ..කතන්දරනම් ඔකට කියන්නේ පස්තාච්චි විග්ගරහය කියලයි.

    අදමං ඉන්නේ වැඩ කොරන තැන නෙව..ඒ හින්දා අද ඔය කේන්දර වැඩ කොරන්න විදියක් නැහැ..හෙට ගෙදර ගිහින්වත් බලමු..මට කේන්දරෙ බලන්නේ නැතිව කියන්න තියෙන දේ තමයි අහලා තියෙන්නේ ගස් ගැනවත් පොත් ගැනවත් නෙවෙයි කියලා..මම අදාල කාරණාව ගැන පරීක්ෂා කරලා කියන්නම්..
    ස්තූතියි මෙ තරං ප්‍රතිචාරයක් සටහන් කිරීම ගැන..

    ආ මට තව ප්‍රශ්නයක් තියෙනවා..

    ඉංජිනේරු නෝනා මෙ දවස්වල මෙලෝ වැඩක් නැතිවද ඉන්නේ...

    මටනං වැඩ දවසට මෙවා කරනවා තියා හිතන්නවත් වෙලාවක් නැති තරමට වැඩ..

    අපි ඉතින් ඉංජිනේරුවෝ නොවෙච්ච හින්දාද කොහේද තමයි..

    මුර භටයින්ට මොන විවෙකද..?

    ReplyDelete
  25. Ano...

    ඔය නිර්නාමිකව නැතිව එමුකෝ..

    කොහොම උනත් ඔය රුචක යෝගය බොහෝම බලවත්නං තමයි..ඒත් ඉතිං සුමනදාස මහත්මයා කියන දෙයක් විවෙචනය කරන්න තරං මං ලොක්කෙක් නෙවෙයිනේ..

    හැබැයි ඔය රුචක යෝගය යෙදෙන්නේ වෘශ්චික රාශිගතව වීම නිසා ඔහු කියන හොඳ ප්‍රතිඵල වගේම අතිධාවනකාරී ගතියත් ඒ හරහා වන කැළඹීම් ගතිත් ඇති වෙන්න පුළුවන්..

    විෂයට අදාල හින්දා මෙහෙමවත් කිව්වට මම ඇනෝලාගේ පුරස්න වලට වැඩිය උත්තර බදින්නනං කැමැත්තක් නැහැ..තරහා වෙන්න එපා.

    ReplyDelete
  26. @ Anonymous

    ඔයිට වඩා ප්‍රබල ග්‍රහ යෝග එකම එකම එකක් තියෙනෝ. කටක රාශිගතව 1,4,7,10 ස්ථාන වල ග්‍රහයන් 4 දෙනෙක් උච්ච වීම (ඡායා ග්‍රහයෝ නැතුව ). හැබැයි ඒ යෝගෙ ආයෙ අවුරුදු මිලියන ගානකටවත් උදා වෙන්නෙ නෑ.

    ReplyDelete
  27. මකරා...

    ඈ මකරාස්..දැන් මගෙ ජොබ් එකත් කොරනවද..?

    ඒ කියන යෝගෙනං කවදාවත් උදා වෙන එකක් නෙවී තමා...

    ReplyDelete
  28. මටත් පේන්නෙ මකරා ගානෙන් ගානට වැඩේට බැහැලා වගෙයි,,, ඕං ඉතින් මකරුන්ගෙ කේන්දර බලන්න කෙනෙකුත් ඉන්න එපැයි නේද??

    ReplyDelete
  29. සමාවෙන්න ඕනි. මම ඉතිං බ්ලොග් අවකාශේ එහෙ මෙහෙ සැරිසැරුවට එහෙමට අනන්‍යතාවයක් නැහැ නොවැ. ඒත් ඉතිං මාර බ්ලොග් නං ඔක්කෝම කියෙව්වා කොමෙන්ටු නොදැම්මට​. අනික බොලේ අපේ ටැබූ උන්නැහැල උනත් ඇනෝ නොවැ. කාල සරුප යෝගෙ ගැන ඇහුවෙනම් අමුතු වදනක් හින්දා, පහදන්න බැරිනම් කමක් නැහැ ආයුබොවන් :)

    සුමනදාස මහත්මයා ගැන ඇහුවෙනම් මට වෙලාවකට එතුමා අපිව නක්‍ෂස්ත්‍රයෙන් අන්දවද මන්ද කියලා හිතෙන නිසයි. මකරට ස්තූතියි හොඳේ.

    ReplyDelete