06 November 2010

මාර දොස්තර MBBS...

ඔන්න ඉතින් අදත් ගෙදර..
හැබැයි කළින් හිතං හිටියේ අද ගමන් කීපයක් යන්න කියලා..
ඒත් ඉතින් ගෙදර ඇවිත් නාලා තේ එකක් හදාගෙන බීලා ලැප් එකත් ඔන් කරගෙන පුටුවෙ පොඩ්ඩක් හාන්සි උනා..
මළ කෙළියයි මලා වගේ නින්ද ගෙහුන් නෙව..
ඒ මදිවට මෙන්න බොලේ හිටු කියලා වහිනවා.

දැන් ඉතින් කොරන්න හිතාගෙන උන්නු වැඩ ඔක්කෝම කොට උඩ තමයි.
කරන්න හිතාගෙන උන්නු වැඩද..?
එකක් තමයි කොහේ හරි තැනකින් අර එවේලේම දෙන ආකාරයේ ෆොටෝ කෑලි හතරක් ගන්න..ඔව් ඉතින් මගේ මූණත් තහඩුවෙ තමයි..ඊට පස්සේ එම් බී බී එස් දොස්තර මහත්තයෙක් හම්බ වෙලා වෛද සහතිකයක් ගන්න.

එම් බී බී එස් නං ඉතින් මටත් තියෙනවා ඒ විතරක්යෑ කොන් හැළුවම මාත් දොස්තර කෙනෙක් වෙලා ඉඳලාත් තියෙනවනේ..ඒත් ඉතින් මගේ එක මමම පුරවන එක හරි නැහැනේ..

ඇයි හත් දෙයියනේ වැව් බන්ට් එක රෙපෙයාර් කොරන කාලේ දවසට රුපියල් එකසිය විසි පහේ පඩියට බදාම අනාපු කාලේනේ මම ඔය විභාගේ මුලින්ම පාස් කොළේ..ඒ විතරක්නං මදෑ..ගුණේ බාසුන්නැහැ ළග රුපියල් එකසිය පණහට විශේෂඥ සේවා කොරාපු මම නොදන්න එම් බී බී එස්..පුහ්...අපි අර ඕවා තිබුනු පළියට පෙන්නන්න යන්නේ නැහැ නෙව..මෙ මෙ..අර තියෙන නිහතමානීකොම හින්දා...
අප්පච්චියේ ඒ දවස්වල අත් දෙක ගන්න දෙයක් නැහැ..
ඇගිළි පුපුරලා ඉස්ම ගලනවා...
උදේට කහයි පොල් තෙලූයි රත් කරලා ඇගිළි වල ගාගෙන රෙදි පටි ඔතාගෙන වැඩට යනවා.
ටික වෙලාවයි යන්නේ..
අර රෙදි පටි ගැලවිලා ආයෙමත් අත්වල සිමෙන්ති බදාම..ටික වෙලාවක් යනකල් පුපුරු ගගහා දනවා.
ඊට පස්සේ හරියනවා. ආයේ ඉතින් දවල්ට කන්න අත හෝදනකොට තමයි ටිකක් අමාරු වෙන්නේ.
අපි එහෙමයි ඔය එම් බී බී එස් පාස් කොළේ...
හැබැයි ඉතින් ඒ කෙරුවාව හින්දා අදටත් අතට බදාම හැන්ද හුරුයි...
නූලට ගල් ටික බැඳගන්න..කපලාරුවක් ගහ ගන්න දෙයියනේ කියලා පුළුවන් කොම ලැබුනේ ඒ කෝස් එකට පින් සිද්ධ වෙන්න තමයි.

එතකොට මගේ දොස්තරකොම.. හප්පා මෙවා කියලත් බැහැ නොකියත් බැහැ.
මම එසේ මෙසේ දොස්තර කෙනෙක්ද..?
රජයට සම්බන්ධ මණ්ඩලේ වගේම පෞද්ගලික අංශයේත් දොස්තර වෙලා හිටියා නෙව...

මතක අයට මතක ඇති අර අනූ හයේ අවුරුද්දේ වගේ ලංගම වැඩ වර්ජනයක් තිබුණේ..එළ ෆවුසි ගමනා ගමන ඇමැත්තා වෙලා හිටි සංදියේ...

ආන්න ඒ වෙලාවෙ අපේ නියෝජ්‍ය ඇමති වෙලා හිටිය මන්ත්‍රී බුවා වාහන දෙකක් හදිසියේ එව්වා අපේ තාත්තා හොයන්න..

ගමේ ඉන්න මොක්කු හරි කමක් නැහැ අරන් ගිහින් බස් දුවවන්න තමයි තියෙන්නේ..
හැබැයි එදා මොනවා හරි මගුලක් හින්දා අපේ තාත්තා ගෙදර හිටියේ නැද්ද කොහේද..
මම කරගැහැව්වා වැඩෙට...

කොහොම කොහොම හරි දන්න කියන උන් ටිකකුයි අහල පහල ගංවල හිටිය උන් ටිහකුයි ගොඩකරවාගෙන අපිත් ගියා ඩිපෝ එකට...දැන්නං එතන ඩිපෝ එක නැහැ...නුවර පාර අයිනේ තිබුනු බොධියත් මැරිලා ගිහින් වේලිච්ච කඳ විතරක් තියෙනවාද කොහේද...

මොනවද ඉතින් අර මොක්කුන්ටද මොනවාද අහු උනා වගේ...

"ලයිසන් තියෙන අය බස් එළවන්න..ඔය නවත්තලා තියෙන ඕන බස් එකක් අරගෙන ඉස්ටාට් කරගන්න බලන්න.කෝක උනත් කමක් නැහැ..
ලයිසන් නැති අය ටිකට් මැෂින් අරගන්න...
තමුන්ට ඕන රූඩ් එහෙක දුවන එකයි ඇත්තේ...
ආදායම් ප්‍රශ්නයක් නැහැ හම්බ වෙන කීය හරි ගෙනත් දෙනවා..ඒවා ප්‍රශ්නයක් නැහැ..කොහොම හරි පාරේ බස් තියෙන්න ඕන එච්චරයි..."


කව්ද මන්දා කණ්නාඩි දා ගත්ත බුවෙක් කියවගෙන කියවගෙන ගියා...

ඉතින් දැන් මාත් දොස්තර උනා ජීවිතේ මුල් වතාවට...

ඊට පස්සේ වෙච්ච කතන්දර බොහෝමයක් තියෙනවා..පස්සෙන් පහු වෙලාවක කියන්නංකෝ..
කොහොම හරි මට පස්සේ ඩිපෝ එකේම රස්සාවත් හම්බ උනා.

අන්න එහෙමයි මම ඉස්ඉස්සෙල්ලාම දොස්තර උනේ පස්සේ කාලෙක මෙ අපේ යොදයෙක් රට ගිහින් ඇවිත් ගෙනාව බස් තඩියක් ගොඩ දාලා දෙන්න ගිහින් මම පෞද්ගලික අංශයෙත් දොස්තර උනා නෙව..ඒ කතාත් සෑහෙන්න තියේ..අනේ මන්දා මම මෙව්වා කවදා කියයිද කියලා.

දැන් ඉතින් ඔය සමහරු ඉරිසියාවට කියයි ඒ දොස්තරයෑ කොන්දොස්තරනේ කියලා..
මම ඉතින් ඔය වගේ දේවල් වලට සැලෙන්නේ නැහැනේ..අනික ඉතින් ඔය පොඩි පොඩි කොන් කෑලි ගණන් ගන්නේ කවුද..?

මේ ඔක්කෝම සුදුසුකං තියාගෙනත් මට එම් බී බී එස් ලා හොයන්න උනානේ හැබෑට..?

මෙ ඔක්කෝම ඉතින් අර රියදුරු බලපත්තරේ ගන්න වැඩෙට තමයි.
පෙරේදා ගිහින් ගම්පහ රියදුරු පුහුණු ආයතනයකින් වැඩෙ කෙරෙන හැටි ගැන කතා බස් කොරගෙන ආවා.

ලිඛිත පරීක්ෂණේ ඕන නැහැයි කිව්වා මොකද මට කළින් ගත්ත ත්‍රීවීල් ලයිසොම තියෙනවනේ...

බයික් වලට විතරක්නං තුන්දහස් පන්සීයයි..සැහැල්ලූ වාහන වලටත් එක්කනං හයදහස් පන්සීයයි.

ඕන එකක් කියලා සැහැල්ලූ වාහන වලටත් එක්ක දාන්න තමයි හිතං ඉන්නේ..නැත්තං අර කළින් පාර ත්‍රීවීල්වලට විතරක් ලයිසන් ගත්තා වගේ හිටීවි.

බර වාහන ලයිසන්නං මට වැඩක් නැහැ.
අනික අවුරුදු තුනකට සැරයක් ඕක අළුත් කර කර ගෙදර තියාගෙන ඉන්නේ අහවල් එකටද..?

ඒ හින්දා සැහැල්ලූ වාහනවලටයි බයික් වලටයි විතරක් ගත්තැම මදැයි.

ගාස්තු කතා කරන්න කලින් එතන ලියන කියන වැඩ කරගෙන ඉන්න අර ගෑණු දැරිවි මගෙන් අහපි එළවන්න පුළුවන්ද කියලා..එහෙමනං ගැන අඩුයි කියලා...

ආයේ ඉතින් අහන්නත් දෙයක්යෑ..සැහැල්ලූ නෙවෙයි බර උනත් වාහනනේ..අපි එළෙව්වෙ නැති ඒවද ඔවුවා.
ඒ හින්දා මම කිව්වා පුළුවනි කියලා.

ඒ හින්දා තමයි හයදහස් පන්සීයයි කිව්වේ...

වාහන එළවන්න පුළුවන් උනාට මොකද..දැන් අවුරුදු දහයකින් විතර මම එළවපු වාහනයක්නං නැහැ.
ඒත් ඉතින් ඔව්වා මොකට කියනවද ඔය නගාට...

ඇප්ලිකේෂන් දාලා තුන් මාසයක් යනකල් එල් බෝඩ් දෙනවළු ඊට පස්සෙළු ප්‍රායෝගික පරීක්ෂණේ..
කාලා වරෙංකෝ..ජීවිතේට ගහපු නැති එල් බෝඩ් එකක් ගහං එළවන්න..චිකේ චික්..මටනං බැහැ.
එල් බෝඩ් දෙක වෙන කොහේ හරි එල්ලලා මම ඔය තුන් මාසයත් ඔය ගියා වගේ යනවා.

ඔයාකාර ඒවා එල්ලං යන්න පුළුවන්ද මං අහන්නේ..?

කොහොමින් කොහොම හරි අවුරුදු දහයකින් වාහනයක් එළවපු නැති මං උන්නැහේත් හිටි හැටියේ ආයේම වාහනයක් එළවන්න හදන්නේ තව මාස තුනකින් විතර..ඒකත් රියදුරු බල පත්‍රය ලබා ගැනීම සඳහා පරීක්ෂණ මහතැන්ලා ඉස්සරහා..මොන මගුලක් වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ...

කෝකටත් තව තුන් මාසෙකින් විතර මං කාට කාටත් දන්වන්නංකෝ දිනය...
එදාට ඉතින් පරාණ කෙන්දට ආසාවක් ඇති ඇත්තෝ ගම්පහ පැත්තේ කරක් නොගහා හිටියොත් කාට කාටත් හොඳයි...

මොන හයියටත් වැඩිය හිතේ හයිය නෙව වැදගත්...
ඒ හින්දා මාත් අරින්නේ නැහැ...
ඕන........... කියලා එදාටම එළවලා බලනවා...
අඩුම ගානේ මට තාමත් වාහන එළවන්න පුළුවන්ද කියලා මටම හරි තේරුං ගන්න ඇහැක් වේවිනේ..

වාහන එළවිල්ල ගැන කියපුවාම මතක් උනේ මුළින්ම වාහනයක් එළවන්න අපි වින්ද දුක...අපි කිව්වේ මායි මල්ලියි.

අහල පහළ වාහන කීයක්නං හෝදලා දෙන්න ඇතිද..මටත් එහා අපේ මලයා ඌ බේකරියේ ගෙදර දර පලාගෙන, පිටි මෝලිය අල්ලගෙන සෑහෙන කට්ටක් කෑවා..ඔය වැඩේට...
මං ගැරේජ්වල මජං කඳු පිටින් හේදුවා...

එහෙව් පහිනිපත් කොරලා තමයි අපි වාහන එළෙව්වේ..ඒත් ඉතින් අපේ හිතේ හැටියට වාහන එළවන්න හම්බ උනේ නැහැ ඒ කවදාවත්ම...
පස්සෙන් පහු මමම වෑන් එක ගත්තට පස්සේ තමයි හොඳට හිතේ බය ඇරෙන්න එළවන්න ඇහැකි උනේ.

හ්ම්.. දැනට මදෑ...ලියන්න දේවල් ඔළුව ඇතුලේ කැරළි ගහනවා..ඒත් ඇගිළි තුඩු උද්ඝෝෂණය කරනවා..
අපොයි ඔහොම ගිහින් ඇගිළි තුඩු නිකමටවත් උපවාසයක්වත් කොරන්න හැදුවොත්..මේ අහක ඉන්න මංතුමා බඩගින්නේ..

හුටා දැන් දවල්ට කන්නේ මොනවැයි..?
ඒකෙන් මේකෙන් උයන්න අමතක උනානේ..
අද උයන්න දේවළුත් ගෙදර නැහැ මගේ හිතේ...
කාපංකෝ පරිප්පු..ඔව් පරිප්පුනං ඇති...බලමු ඒ පැත්තට ගාටලා..මටත් වෙන තරමක් වෙන්නේ ඔහොම වැඩමයි...

50 comments:

  1. මේ මල්ලිගෙ ආත්ම විවේචනය කියවනකොට ඇස් දෙකට කඳුළු එනවනෙ,,, එක හුස්මට කියෙව්වා. ආයෙත් නිවිහැනිල්ලෙ කියවන්න ඕනි

    ReplyDelete
  2. හරී...

    ඈ බං අක්කේ..උඹ මගේ බ්ලොග් එකේ පදිංචි වෙලාවත්ද..?
    මෙක දාලා ආපහු සැරයක් මටම කියවන්න හම්බ උනෙත් නැහැ නෙව..
    මෙන්න කොමෙන්ට් එකකුත් දාලා..

    අනේ අක්කේ මොකට කඳුළු හලනවැයි..මෙච්චර එකේ මංවත් වෙච්ච දේවල් ගණන් ගන්නේ නැතිව හිනා වෙලා ඉන්න කොට...

    ReplyDelete
  3. එහෙනං ඉතින් ඔය පරීක්ෂණේ ගොඩ දාගෙන එන්නකෝ :)
    Good Luck Good Luck ඈ

    ReplyDelete
  4. ඔය කොන් කෑලි ගණං ගන්න එපා. දැන් ඉන්න 'සමහර' දොස්තරලට කොන්දොස්තරලට තරංවත් දැනුමක් නෑ. (ටිකට් කඩන්නනං කොහොමටවත් බෑ)

    කොහොමහරි ලයිසොං එක ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    දැන් මාර බස් කතා කියල වෙනම එපිසෝඩ් එකකුත් පටංගන්න වෙයි.

    ReplyDelete
  5. හොදින් බැරිනම් නරකින් ලයිසන් එක අරන් දෙන්නම්..

    .අඩෝ..චුට්ටේ..පොඩ්ඩේ...කලූ..කඩු ලෑස්ති කොර ගනින්....මාර අයියගේ ලයිසන් එක හදවන්න යන්න තියෙනවා........

    ReplyDelete
  6. ස්වප්නා...

    තැන්කූ තැන්කූ ආ...

    ReplyDelete
  7. Praසන්ன...

    ඇත්තටම බස් කතා ටිකකුත් දාන්න ඔන තමයි...

    ReplyDelete
  8. ර ත් ග ම යා...

    ඇත්තටම මල්ලියේ සෑහෙන කාලෙකින් මට මාර හිනාවක් ගියා උඹෙ කොමෙන්ටුව දැකලා...

    අම්බානකට ඉස්තූතියි කිව්වා හොදේ..
    (මූ නං රත්ගමම තමයි...)

    ReplyDelete
  9. පරීක්ෂක මහතැන් ඉස්සරහ වැඩ පෙන්නලා බලපත්‍රය අතට ගන්නකම් නියපොතු හපන්නෙ නැතුව ඉන්න වෙයි. බලපත්‍රය ගත්තට පස්සෙනම් හොරෙන් හොරෙන් ඉඳල හිටල නියපොතු කෑවත් කාරි නෑ

    ReplyDelete
  10. මකරා...

    මම හොඳ ළමයෙක්මි..නෝටි වැඩ නොකරමි...

    ReplyDelete
  11. අනේ මන්දා මෙයා කරලා තියෙන රස්සා ගණන් හදලා බැලුවොත් මල්ලී කියන්න බැහැ වගේ,,,,,,,,
    බර වාහන බලපත්‍ර කිව්වම මතක් උනේ අපේ මහත්තයා නම් ඒක පාවිච්චි කරනවට වඩා කරන්නෙ අලුත් කරන එක. මාසයක් දෙකක් ලංකාවෙ ඉඳලා ගිහින් ආපහු එනකොට ආයෙත් හදන්න කාලෙ ඇවිත්. මොකට ගත්තද මන්දා,,,,

    ReplyDelete
  12. හරී...

    හොඳයි නංගී එහෙනං...

    ආපෝ අන්න ඒ හින්දා තමයි බරවාහන එපා කීවෙ...

    ReplyDelete
  13. මාරයෝ, ඉන්තේරුවටම උඹැහේ නම් මේ කියන්නෙ මේ ආත්මයේ කතාවක් නෙමෙයි. මට පේන්නේ නම් උඹ පෙර ආත්මේයේ "පූර්ව ජන්ම අපූර්වත්වය" දොඩවනවා කියලා. යකෝ, නැතිනම් උඹ කරල තියෙන ඒවා මේ අවුරුදු 30ක කාලයකට සාමාන්‍යය මනුස්සයෙකුට කරන්න පුළුවන් කාරිද ? එක්කො උඹ වෙසමුනිගෙන් වරම් අරගෙන ආපු අත්තටම මාර යකෙක් !!

    ReplyDelete
  14. ඉක්මනට ලයිසන් එක හදා ගන්න එක හොඳයි...

    තවම සැහැල්ලු වාහන පුලුවං ඇති තමයි, හැබැයි මේ අවුරුදු 3 ඇතුලත මුකුත් වෙනසක් නොවුනොත්, ඊලඟ පාර ඉඳල බර වාහන ලයිසන් ගන්න වෙයි මගෙ හිතේ..

    ReplyDelete
  15. එල එල මාරයියගේ විස්තර දැනගත්තු එක හොඳා. පන්සල් කතාවට තිත තියලද එහෙමත් නැත්නම් කොමාවක් දාලද ?

    ReplyDelete
  16. මාරයට කමෙන්‍ටුවක් දාන්නේ කලෙකින් නොවෑ,ආ බන් මාරයෝ මන් මේ අලුත් වැඩක් පටන් ගත්තා,,මාරයාගේ ‍රැකියා ප්‍රමානය ගනන් කරනවා,ලිපි ටික කියෝනවා ආයෙත්,
    මාරයා කරපු ‍රැකියා ප්‍රමානය = ..........

    ReplyDelete
  17. මාර බොස් මගෙන් සුභපැතුම්,අන්න ටැබූගෙන් මාරයාට සම්මානයක්,,,ජය වේවා! දිගටම ලියමු.....

    ReplyDelete
  18. හානේ දුමී අයිය කිසි බයක් සැකක් නැතුව මරයියගේ වයස කියපු ලස්සන.

    පොටෝ හැඩට ගන්ට අයියා...

    ReplyDelete
  19. කුමාරස්සාමී,
    1. ටැබූ සම්මානෙට සුබ පැතුම්!
    2. අර දුමීයා ලඟ පාතක හිටියා නම් මිනිහගේ කටේ මාරු කාසි රුපියල් සීයක් දාන්න වටිනවා. මොකෝ මේක කියෝ කියෝ මමත් මිනිහා කියලා තියෙන දේමයි කල්පනා කලේ.
    3.උඹට තව එක දෙයක් කරන්න පුලුවන්. උඔට පුලුවන් "සාර්ථකව රස්සා මාරු කිරීමේ නිවැරදි ක්‍රමය" කියලා දෙන පාඨමාලාවක් ආ​රම්භ කරන්න. මොකද කියන්නෙ?

    ReplyDelete
  20. දුමී...

    කොහේද ඉතින් මම මාරයා කියලා කිව්වට උඹලැහැ විස්වාස කොරන එකක්යැයි..

    අප්පච්චියේ උඹ එවාපු පොත කියවලා නිකං මටත් පිස්සු වගේනං තමයි...
    හොඳ වෙලාවට මම ඊට කළින් "නහි වෙරෙන වෙරානි" ගාථාවෙ නිධාන කතාව අහලා තිබ්නේ...

    ReplyDelete
  21. දිනිත්...

    ඒ මොකදෑ..
    සැහැල්ලු වාහන අවුරුදු තුනෙන් පස්සේ බර වාහන ගැනීම අනිවාර්ය කරලවත්ද..?
    සැහැල්ලු වාහන ලැයිසොම අළුත් කරන්න ඔන නැහැ නේද..?

    ReplyDelete
  22. Hasitha...

    දැනටනං කොමාවක්..
    මගේ හැම කතා මාලාවකටම කොමා තමයි..ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ..
    මට මෙ ජුංඅලවත් ආයෙම ගේන්න වෙලාවක් නැතිව ඉන්නේ...

    ReplyDelete
  23. ItalyDilan...

    සුභ පැතුමට ස්තූතියි ඩිලාන් සහෝ...

    අළුත් වැඩෙනං හොඳයි මොකද මටත් හරියටම මතක නැහැ මං කොල කී දෑ...

    ReplyDelete
  24. හිරු ප්‍රභා...

    ඒක නෙවෙන්නං නගේ..බලන්ටකෝ මෙකා මගේ වයස අවුරුදු දහතුනයි මාස එකොළහකින්ම වැඩි කරලා නෙව...

    අනේ ඉතින් කොහොම ගන්ටත් තියෙන්නේ මගේ මෙ තියෙන මූණත් තහඩුව නෙව නගා..
    බලමුකෝ බලමුකෝ...ශාරුක් ඛාන්ගේ මල්ලීගේ යාළුවෙක් වගේවත් ගන්ට...

    ReplyDelete
  25. බුද්ධි ...

    1) අම්බානක ස්තූතියි..හිතේ සතුටින් බාර ගන්නවා..
    ඒ වගේමයි ඉතින් උඹලැහැත් ඒ වගේම මගේ සුභ පැතුම් බාර ගන්ට ඔන එහෙනං..

    2) අඩෙ උඹ දානවනං මගේ ගානේ කාසි ටික දෙනවා..එහෙමවත් දුමියාගේ ඔය තියෙන කටෙ කැසිල්ල යන්නේ නැතෑ...

    3) ඒකනං මරෙ මරු අයිඩියාස් එක..පුස්නෙකට තියෙන්නේ මන් තාමත් මෙ කෝස් එක ඉවර කොරලා නැති එක නෙව...

    ReplyDelete
  26. අනේ උඹ බබා....

    දැන් 40ටත් කිට්‍ටුයි නේද ? ඔහොම ගියොත් වෙන දේ ගැනයි මම කිව්වෙ...

    ReplyDelete
  27. එල් බෝඩ් එල්ලගෙන යනකොට වස ලැජ්ජයිනේ නැද්ද මාරේ අයියේ.
    මාරේ අයියේ උඹ නොකරපු වැඩක් නෑනේ . ලෝකේ කාපු අයියට සැහැල්ලු වාහනෙත් කජ්ජක්ද පැදහං පැදහං. පනට ආදරයක් තියන නිසා මම ගම්පහ පැත්ත පලාතේ එන්නේ නෑ.

    ලයිසම ගත්තම ෆොටෝඑකක් ගහලා බ්ලොගේ දාන්න . අපිටත් බැරිය හූවක් දාන්න .

    ජයවේවා මාරේ අයියා !!

    ReplyDelete
  28. මට හිතා ගන්න බෑ යාළු. ඔයා ගැන කියෙව්වාම අපි මොනාද කළේ අපිට මොනාද උනේ කියලා හිතෙනවා....
    මිනිස්සු විවිධාකාරයි ඔයා හරි පුදුමාකාරයි කියලා හිතෙනවා ඇත්තමයි.

    ReplyDelete
  29. දිනිත්...

    මම ඉතින් මෙච්චර කාලයක් වාහන එළෙව්වෙ ලැයිසොන් නැතිවනේ..ඉස්සරහටත් එහෙම නාකද..?හෙහ්..හෙහ්...

    ReplyDelete
  30. හිස් අහස...

    නැතුව නැතුව මලේ...
    මෙච්චර දවස් ලෝඩ් පකීර් වගේ බයික් එක පැදපු මට දැන් ඇහැකිය ඔවා එල්ලන් යන්ට..?

    හිටිං හිටිං මම මෙ ලැයිසොම ගන්නකල්...

    ReplyDelete
  31. ayesha...

    අර "යාළු" කියන ආමන්ත්‍රණයටනං මම හරි ආසයි...

    ඇයි දෙයියනේ ලෝකේ ගෝලාකාරයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..?

    ReplyDelete
  32. එල් බෝඩ් එල්ලගෙන යනකොට වස ලැජ්ජයිනේ නැද්ද මාරේ.wht to do..?

    ReplyDelete
  33. අවුලක් නැහැ බං.. මේ මගේ ලැයිසොං එකටත් ජනවාරි 31 ට අවුරුදු 10. හැබැයි එදා ඉඳන් මේ වෙනකල් වාහනයක් එලවලා නැහැ. මෙදා පාර ගෙදර ආපුවහම හුරතල් අල්ටෝ පැටියාව මොන කෙරෙමෙකින් හරි දක්කනවා... හිත ඇත්නං පත කුඩාද කිව්වළු නේ... ගෙදරට එන පාර එහෙම ලියලා දුන්නොත් දෙසැම්බර් දිහා ඔය හාරුක් කාං ගේ මූන බලාගන්ඩ බැරිවෙන එකක් නැහැ....

    ReplyDelete
  34. මං මේ දහ අතේ කල්පනා කොලේ, උඹේ ඔය දොස්තර පට්ටමේ "කොන්" කෑල්ල කැපීමෙයි, අර "රාමලාන්" සඳ(ට) බැසීමෙයි, මොකක්වත් සම්බන්ධයක්වත් තියනවාද කියලයි? ම්හු....මීටර් වෙන්නෙම නෑ. තාම ..අමුවෙන් හින්දා වෙන්ටෑ. කාලක්කිරියා කොරලාවත් බලන්ට ඕනා.

    සමාවෙන්ට ඕනෙ වැරදි පෝස්ට් එකේ දානවට. රාමලාන් සඳේ කතාව නං මසුරං බොලේ. මොකක්දෝ අපූරු (විරාගික) සුන්දරත්වයක් ඒකෙ තියනවා. සමහරවිට ඒ වගේ සිදුවීම් අපි හැමෝගෙම ජිවිත වලට සමීප නිසා වෙන්න ඇති. හිටපු ගමන් ඔහොම හඳවල් දෙක ගානෙත් එකට පායන වෙලාවල් තියනවා.උඹට කියන්න මලේ , නිකම්ම හීල්ලෙනවා බං. ඔයවෙලාවට තමා හිතෙන්නෙ අපි ඉපදිලා තියෙන්නෙ වැරඩි වකවානුවෙ කියලා.

    ReplyDelete
  35. ..::| පොජ්ජේ |::.....

    ඒක නේන්නං සගිස්කුරුතියටත් හරි නැහැ නෙව...

    ReplyDelete
  36. Jeew...

    ඈ..බටගම කස්ටියත් වාහන එළවනවැයි..?

    ReplyDelete
  37. Siribiris...

    අම්මපා ඉස්සර නං හිතුනා ඉපදුනේ පරක්කු වෙලා කියලා..
    දැන්නං හිතෙන්නේ ඉක්මන් වැඩි උනා කියලා නෙව...

    ReplyDelete
  38. මම දිගටම මේ ලිපි කියෙව්වත් අද තමයි කමෙන්ට් එකක් දාන්නේ.. ඇත්තටම අයියේ ඔයා ජොබ් කියක් විතර කරලා තියෙනවද?

    ReplyDelete
  39. අකීකරු හිත...

    පළමු කොමෙන්ටුවට බොහෝමත්ම ස්තූතියි..
    හ්ම්ම්ම්..මටත් හරියටම මතක නැහැ..මට මතක විදියට මම මීට කලින් ලියපු ලිපියක මම ලයිස්තුවක්ම දාලා තියෙනවා වෙන්ට ඔන...

    ReplyDelete
  40. අප්පේ මෙයා ජොබ් කීයක් කරලාද මන්දා.. මාරයෙක්ම තමා..

    ReplyDelete
  41. දැන් සැහැල්ලු වාහන ලයිසන් එකත් අළුත් කරන්න ඕනෙ බං අවුරැදු 8 න් අටට. මේක පරන ඒවට අදාල නැහැ, ඒත් අළුතෙන් ගන්න ඒවා අළුත් කරන්න ඕනේ.
    එතකොට (අළුතෙන් ලයිසන් ගන්නකොට) උඹේ ඔය තියෙන ත්‍රීවීල් ලයිසන් එන ආපහු ගන්න හින්දා ඒකටත් සොරිම තමයි (ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් ....)
    ඕකෙන් රිංගන්න තව මෙතඩ් එකක් තියෙනවා. ඒක තමයි දැන් තියෙන එක නැතිවුණා කියල පොලිස් රිපෝට් එකක් අරන්, තියෙන එක නොදී ඉඳීම. (හැබැයි ලයිසන් එක නැතිවුණා කිව්වම පොලිසියෙ වුන් අහයිද දන්නෙ නෑ උඹ අළුතෙන් ලයිසන් ගන්න යනවද කියල)
    උඹ මාරය හින්ද වෙන මොකක් හරි වෙන ක්‍රමයක් තියෙන්නත් බැරි නෑ..

    ඔන්න බලහන් කලට වෙලාවට ලයිසොං නොගත්තහම වෙන දේවල්...

    ReplyDelete
  42. ආ දැන් ඔක්කොම නීති ප්‍රකාරව හරියාකාරව කොරන්ට වගේ ලෑස්තිය....... ලයිසොම නම් ඉතින් මගෙත් නිකාන් පුස් කකා තියෙන්නේ....

    මේ අයියේ නාකෙයි ලයිසොම ගන්න කලින් වාහනයක් ගෙනිහින් ආයේ හුරු කර ගත්තොත්???? නැත්තම් එදාට අයියා එක්ක යන ලයිසොන් දෙන අංකල්ට බය හිතෙයි පව්නේ මොනවා උනත් ඒ මනුස්පයා..........

    ReplyDelete
  43. පළමුව සුබ පෑතුම් ටෑබූ සම්මානෙට.

    හරි හරි ඔය ලොකු ටොල්ක් නවත්තලා ඔය සෑහෑල්ලු වාහනයක් එලවල පුරුදු වෙයන්. නෑත්තන් පවු අර එක්සෑමිනර් ගොයියා. මිනිහ ගෑස්සිලම මෑරෙනවා.
    ඔක ෆේල් උනොත් මල කරදරේ. ආයි පලයන්කො ට්‍රයල්.

    ReplyDelete
  44. Nuwan Kumaranayake...

    නොසෑහෙන්න පින් මෙ කරපු දැනුවත් කිරීමට ඔං...

    ReplyDelete
  45. හා පැටික්කී...

    ඈ බොලේ..හා පැටික්කීටත් ලැයිසොං තියෙනවද..මම හිතන්නේ පැන පැන යන්ට වෙන්ට ඇති..හිහ්..හිහ්...

    ReplyDelete
  46. නිශ්...

    ඔන නැහැ..ඔන නැහැ..මොකට පුරුදු වෙනවාද..මම අනිවාර්යයෙන් දන්නවා මිනිහා ඉක්මනටම මට කොලේ ලියලා දෙනවා..
    අනික මොන පරීක්ෂක මහත්තයාද කැමති ආයෙත් පාරක් මාත් එක්ක යන්න..

    ReplyDelete
  47. මමනම් අදමයි අයියණ්ඩිගෙ Blog 1 පැත්තෙ ආවෙ. (අයියණ්ඩිද මාමණ්ඩිද මන්දා :D )

    ලයිසොන් 1 ගන්න යන්නෙ learners 1කින් නම් එයාල දවසක් හෝ 2ක් දෙයි පුරැදු වෙන්න... ඒ හොඳටම ඇති වෙයිනේ.. ‍පොඩ්ඩක් එතනින් අහල බැලුවනම්.

    සුබ පතනවා....!!

    ReplyDelete
  48. වේගය මාරයා කැඳවයි
    බීමතින් රිය නොපදවන්න

    ReplyDelete
  49. එල මාරයා

    ReplyDelete