14 December 2010

දුම..නූඩ්ල්ස්...දවස ඉවරයි...

බොහෝම නිස්කලංකව ගලාගෙන යන හවස් කාලයක්.
පුරුදු විදියටම ඉදිරිපස දිස්වෙන්නේ වෙල් යාය කෙළවරින් රත් පැහැ හිරුගේ රාජකාරි අවසන නික්ම යෑම...ඒක එක දිගටම බලාගෙන ඉන්න තරං ලස්සන දර්ශනයක්..කොහොමත් මම දවසේ වැඩියම කැමති මේ වෙලාවට තමයි...

නිස්කාංසුවේ වාඩි වෙලා..බැස යන හිරුත් එක්කම තවත් දවසකට සමු දෙන්න...
ඒ අතරින්ම දවස ගෙවුන ආකාරය...පිළිබඳව ආවර්ජනය...

උදේම හිතං හිටියේ අපේ වැම්පයර් මලයගේ රෙසිපියට අනුව බිරියානි පාරක් දාන්නයි..
ඉතිං ඒකට අඩු වැඩියත් අරන් එන්න හිතාගෙන ගියා යක්කල පැත්තට..දඹුළු ගිහින් ගොයෙකුත් නෙලාගෙන එන්න කියලා තමයි හිතං හිටියේ...
ගොයෙක් කිව්වට මොකද පුළුහංනං තව ඔය හා පැටියෙක් මීමින්නෙක් එහෙමත් අවුවෙයි කියලත් හිත හිත..මගේ ගමන් මල්ලට අවශ්‍ය කොරන ආම්පන්න එහෙමත් දා ගත්තා...

දඹුළු යෑම කියන්නේ උයන පිහන අඩුවැඩිය අරං ඒම...
තලගොයා මැරීම කියන්නේ මගෙ අස්පයාගේ දුං පරීක්ෂාවයි ඉන්ෂුවරන්ස් එකයි කොරං එන එකයි..තව ඉතිං පුළුවං කොමක් තිබුනානං ලැයිසොමත් අළුත් කරවාගෙන එන එක තමයි...

එතකොට හා පැටියා කියන්නේ අර වේලි වේලි තියෙන සම්පත් බැංකුවට සුළු ආධාර මුදලක් දෙන එක..ඒකත් ඉතිං තව ටික දවසකින් ප්‍රතිආධාරයක් හැටියට අර කාඩ් පොජ්ජ මැෂින් පොජ්ජට මංදො කොරලා ආපහු ඇන්න එන අයිඩියාස් එකෙන් තමයි.

මීමින්නා කියන්නේ ඉතිං ලයිට් බිලත් ඔන්න ඔහේ චම්පික උන්නැහේට දෙන තල්ලූවක් හැටියට වෙලාවට ගෙවලා දාන්නත් එක්ක තමයි.

ඔය ඔක්කොමත් කොරලා අන්තිමට තව බලාපොරොත්තුවකුත් තිබුනා..ඒක ඉතිං කියන්නේ නැත.

හරි..කොහොමින් කොහොම හරි මුළින්ම මිරිස්වත්ත බලා ගමනේ යා...
ඒ ගියේ මගේ අස්පයාගේ දුම බලා කියා ගන්න තමයි...හැබැයි ගියාට මොකද මං සහසුද්දෙන්ම දන්නවා අදනං බඩුම තමා කියලා..මොකද මගේ බයික් පැටියා මේ දවස්වල ඉන්නේ හොඳ තත්වෙන් නෙවෙයි කියලා මටම තේරෙනවා...

එකක් බයික් එක පිකප් මදි...ඊළගට හිටපු ගමන් යන්තමින් මිස් කරන ගතියකුත් තියෙනවා තියෙනවා වගේ...
ඒ විතරක්යෑ පැස්ටෝල් බොන මට්ටමකුත් තිබුනා...ආ..ආයේ ඉතිං උන්දැව දැන් මාස දෙකකින්ම සර්විස් කොරලා තිබුනෙත් නැහැ නෙව.

ඉතිං ඕවාත් ඔළුවේ තියං ගිහිං..ගෙඩි රුපියල් තුන්සිය හැටක් ගෙවලා ඕං දැම්මා ටැස් එක කොරන්න...
හරි ඒකත් ඉවරයි..ගියා අනිත් පැත්තෙන් කරකෝගෙන අර කෙට්ටු කෙළි පොඩ්ඩ ඉන්න තැනට සහතිකේ ගන්න...

අනේ අපරාදේ කියන්න බැහැ..මට කට පුරෝලා හිනා වෙලා ඒ දැරිවි කිව්වෙ නැද්ද...

"ආයේ පොඩ්ඩක් බයිසිකලේ හදාගෙන එමු බලන්න" කියලා...

හ්ම්..මට තේරුනා බඩු බනිස්ම තමයි කියලා..ඒත් ඉතිං ගාණක් නැහැ ඕක අහන්න බලාගෙනනේ ආවේ.
ඒ ගමන මම ඇහුවා..

"මොකද භාණ්ඩෙ ෆේල්ද..?"
කියලා..

ආයෙමත් හිනා වෙලා කියනවා "ඔව්නෙ" කියලා...

"ආයේ හදාගෙන එන්න අපි තව පාරක් නොමිලේම කරලා දෙනව ටෙස්ට් එක...අදම උනත් ආවොත් කර ගත්තැකි..."

රයිටෝ..කිව්වා මං ආවා.

ගියා බණ්ඩාරවත්තේ මගේ දොස්තර මහත්තයා ළගට..හේමන්ත අයියා.
ඒ යනකොට මෑන්ස් ගරාජ් එක අස්පස් කොරනවා ගජරාමෙට..කොහොම හරි පැය දෙකක් විතර ඉන්න ගමන් කාබලේටරේ ශුද්ධ කරලා..පෙට්රල් ටිකක් වහලා..එයාර් ක්ලීනර් එක ශුද්ධ කොරලා..ඒ මදිවට ඕන එකක් කියලා අළුතෙන් ස්පාක් ප්ලග් එකකුත් දම්මවා ගත්තා...

හරි දැන්නම් මගේ හිතට ෆිට්..දැන් ඉතිං පාස් වෙන එක අවුලක් නැහැ කියලා මට ෂුවර්..
බිල ගෙව්වා.. "පන්සිය විසිපහයි...විසිපහ එපා මහත්තයා පන්සීයක් ඇති"...හැමදාමත් වගේ..හේමන්ත අයියාගේ ගාණ රවුං කිරීම..ඒකත් ගෙවලා ආපහු ආවා..මිරිස්වත්තට...

ඒ ගමන වැඩේ එක පාරින්ම ගොඩ...
මාත් ඉතිං අර ළමයට "යන්නාං" කියාගෙන ආවා..ගම්පහට.

ඉස්පිරිතාලේ ගාවිං යන ගමන් ටිකක් ඇරලා යන්න ඕන..නැත්තං සුදූ..ඒ කිව්වේ අපේ පුංචිගේ බාලම දූ..මගේ නංගී..
උන්දෑ ෆාමසියේ ඉන්න ගමං මාව දැක්කොත් කතා කොරලා යන්න වෙනවා..ඒ කියන්නේ තවත් මොන මොනවා හරි කොන්තරාත් ටිකක් අහු වෙනවා කියන එක තමයි...

"චණ්ඩි අයියේ..මගේ බයික් එක ආයෙත් කැඩිලා..ඇවිත් හදලා දෙන්නකෝ..
අනේ කොම්පියුටරේ මොකක්ද අවුලක් හලෝ..ටිකක් ඇවිත් බලනවකෝ.."
එකක් කියලද.. අපරාදේ කියන්න බැහැ සුදූට මාව දක්කම නිකං හිතෙන්නේ නඩත්තු කටයුතු පිළිබඳ දෙපාර්තමෙන්තුවෙ නිසි බලධාරියා හම්බු උනා කියලද කොහේද..?
වැඩ පවරනවා ඇර වෙන දෙයක් නැහැ..මෙ තියෙන පරිප්පු අස්සට තව මොන මුං ඇටද..?ඒ හින්දා ඇරලා දාලා ගියා...

වෙනදා මගේ බයික් එකේ තර්ඩ්පාටි ඉන්ෂුවරන්ස් එක දාලා තිබුනේ පාතික රක්ෂණෙන්..ඒත් මේ පාර ජන ශක්ති හරි සෙලින්කෝ හරි දාන්න ඕන කියලා මට හිතිලා තිබුණේ..වෙන එකක් හින්දා නෙවෙයි..
ජාතික රක්ෂණෙන් දෙන අර මහා පොත් කෑල්ල පර්ස් එකේ දාගෙන යන එක මට දැන් එපා වෙලා තියෙන හින්දා..පර්ස් එකෙන් එකයි ඒක..

ඒ හින්දා සෙලින්කෝ එකට ගිහිං හයසීයක් ගෙවලා ගත්තා ඉන්ෂුවරන්ස් එක..
අර කිරි ටොයියා වගේ ඉලෙක්ට්‍රොනික් කාඩ් පොජ්ජක් එක්ක...පරිස් එකටත් සැහැල්ලූයි..වතුරටත් ඔරොත්තු දෙනවා..
වතුරට ඔරොත්තු දෙන එක මට හුගාක් වටිනවා..මොකද අවුරුද්දෙන් වැඩි දවසක් වැහැවලටම අහු වෙන මංතුමා කවදාවත් වැස්සකට නැවතිලා යන්න පුරුද්දක් නැති හින්දා..
වැහි පිට වැහි හතක් වැස්සත් මම බැහැ ඔය කඩ ගානේ නැවති නැවති ඉන්න..එක පිම්මට යන ගමනක් යනවා මිසක්..ඒ ගිහින් කොහොම හරි ගෙදරට ආව ගමන් හොඳට නා ගත්තම ඔක්කොම හරි.
ඒත් මේ පර්ස් එකේ තියෙන ඒවා වේල වේල ඉන්න එක තමයි එපා වෙන්නේ..ඉතිං අර පොත් දාගෙන ගියහම සංසාරෙත් එක්ක එපා වෙනවා නෙව...

ඔය ඔක්කෝම කරගෙන ඉවර වෙනකොට වෙලාව එකයි..ලයිට් බිල ගෙවන්න කියලා යන්න හදනකොට..ලයිට් බිල ගෙනිහිල්ලා නැහැනේ...
වෙනදට කොහොම හරි ලයිට් බිල් දෙක තුනක් මගේ බෑග් එකේ සාක්කුවේ තියෙනවා..මොකද මම ලයිට් බිල ගෙවන්නේ මාස තුනකට හතරකට පාරක් හින්දා හම්බ වෙන බිල් බෑග් එකේ දාගෙන ඉන්නවා..අහු වෙච්ච වෙලාවක ගෙවන්න කියලා හිතාගෙන...

සාමාන්‍යයෙන් මට මාසෙකට ලයිට් බිල රුපියල් දෙසීයක් විතර එනවා...ඉතින් මාස හතරකට සැරයක් රුපියල් දාහක් දැම්මම වැඩේ ඉවරයි...
ඒත් පහු ගිය දවසක මගේ මහා අස් පස් කිරීමේ මංගල්ලයට අහුවෙලා බෑග් එකේ තිබුණු ලයිට් බිලූත් සුවාස් වෙලා..
ඒ ගමන මොනවා කොරන්නද..බඩගිනිත් එක්ක...දැන්නං බිරියානි කේස් එක හිතෙං අල්ලලා දාලා තිබුනේ...
ඒ වෙනුවට දෙවෙනි සැලැස්මකට හිත ගිහින් තිබුණේ...

මට මේ ළගදී රට ගිහින් ආපු කෙනෙක් දීපු තෑගි බෝග අතරෙ තිබුනා නෙව නූඩ්ල්ස් කප් එකක්.

ටිකක් විතර සයිස් එකේ ප්ලාස්ටික් කප් එකක්. ඒත් ඉතිං මං ඕකට අත තියලා තිබ්බේ නැහැ.

මේ ඊයේ පෙරේදා මම අපේ රොයිලිලා වාසලලා කොරගෙන යන බයිස්කෝප් අඩවියෙන් බෑවා හොඳ බයිස් කෝප් හත අටක්.
ඒ අතරේ තිබුනු අර නින්ජා කතන්දරේක තිබුනා කොප්පෙකට නූඩ්ල්ස් දාලා ඒකට උණුවතුර දාලා කලවං කරලා අර
චොප්ස්ටික්ද මොකක්ද කියන කෝටු දෙකකින් නූඩ්ල්ස් ටික ඇදලා අරින දර්ශනයක්...

මාත් ඉතිං ඔය ක්ෂණික ඉවුං පිහුං වලට බොහෝම කැමැත්තක් දක්වන හිංදා මේ දර්ශනේ මට අල්ලලා ගියා..
ඊට පස්සේ බැළුවේ යිප්මෑන් එක සහ දෙක...

අප්පද බොල ඒකේ තියෙන අර කෝටු දෙකෙන් ඇදලා අරින කෑම වේල් සකස් වෙලා තියෙන ආකාරය දැක්කම මට හිතුනා අර නූඩ්ල්ස් කෝප්පෙට වග කියන්න...

ඉතිං මාත් අර නූඩ්ල්ස් කප් එකට නටන උණු වතුර එහෙම නියම ගාණට දාලා තැම්බී ගෙන එනකොට අර වතුර ගතියත් එක්කම සුප් නූඩ්ල්ස් එක ඇදලා ඇරියා...

වැඩෙ මාර සැටිස්...

අපේ තියෙන නූඩ්ල්ස් වගේ නෙවෙයි ටිකක් මහතයි..හැබැයි ඉක්මනටම තැම්ඛෙනවා...ඉස්සෝ රසත්..තව අමුතුම රසකුත් එනවා...වැඩේ නරකම නැහැ...

ඒත් ඉතිං අපේ රටේ ඔවා හොයන්න නැති හින්දා මාත් හිතුවා ආදේශක ටිකක් අරගෙන හරි වැඩේ කරලා බලන්න...

ඉතිං මගේ දෙවන සැලැස්ම මේක තමා.
ඒ ගමන කීල්ස් සුපර් එකට ගිහින් ගැලපෙන විදියට බඩු ටික අරන් ආවා..ඒත් අර වගේ මහත නූඩ්ල්ස්නං හොයන්න නැහැ.
නූඩ්ල්ස් එකට ඔන කරන අඩු වැඩියයි...තව මගේ ටී බෑග් පෙට්ටිය ඉවර වෙලා තිබ්බ හින්දා ටී බෑග් පණහක පෙට්ටියකුයි අරන් ආවා ගෙදර...

අන්තිමට දඹුළු යෑම සීගිරි යෑමෙන් නැවතුනා...
තළගොයා මරන්න සෑහෙන වෙලාවක් ගියා..ඉන්ෂුවරන්ස් එක ඉවර වෙන්න තිබ්බේ විසි හතර වෙනිදා..ඒක් යන්තං අළුත් කර ගත්තා.. ලැයිසොමනං ලබන මාසේ දහය වෙනකල් තියෙනවා..ඒත් ඒකත් ඊට කළිං කරලා දා ගන්න ඕන නැත්තං අමතක උනොත් එහෙම තවත් අවුල...තල ගොයත් ඒ ගානට මරා ගත්තා...

හාවා..?ඒකත් හරි යක්කල සම්පත් බැංකුවට සුළු ආධාරයක් කොරලා දැම්මා...

මීමන්නා..කොහේද චම්පික උන්නැහේගේ නොලැබීම...නැත්තං අද තව ගෙඩි රුපියල් දාහක්ම හම්බු වෙන්න තිබුනු අවස්ථාව ගහලා ගියා...

අම්මපා බලාගෙන ගියහම මං අද දවසම මහන්සි වෙලා තියෙන්නේ චම්පික ගොයියගේ වැඩ වලට සල්ලි ගෙවන්න මහන්සි වෙච්ච එක නෙව.

උන්දැනේ..ඔය දුං පරීක්ෂණේ හිටං දාලා අපේ පොකැට්ටුවේ තියෙන තව කීයකට හරි කෙළවන්න පොට පෑදුවේ..

ඒත් ඉතිං ඕක නොවෙන්න මම තව මාස ගාණකට බයිසිකලේ අඩු පාඩු නොබලන්න තිබ්බා...ඒ ගෙව්ව ගාණ මට පාඩුවක් නැහැ...
මොකද පහුගිය දොහේ මගේ බයිසිමොටෝ එකේ පැස්ටොල් වැඩ කිරීම සවුත්තු වෙලා තිබුනේ...

ගත්තු දවස්වල ලීටරේට හැත්තෑවක් අසූවක් වැඩ කලාට පහු ගිය දවස්වල ඒක හතළිහටත් අඩු වෙලයි තිබුනේ...
ඒ මදිවට අදිනවාත් හොරයි...

අපරාදේ කියන්න බැහැ..දැන් බයික් එක හොඳට අදිනවා...පෙට්රල් වැහුවා උනත් වෙනදාට වඩා පිකප් එක වැඩියි.
දැන් ඉතිං මේ මාස දෙක පෙට්රල් ගහන වියදමෙන් මට ඔය වියදං වෙච්ච ගාණට වඩා ගාණක් ඉතිරි වෙන එක ෂුවර්.
චම්පික ගොයියත් අපිට කෙළවීමේ චේතනාවෙන් හරි කොල දේට මටනං පාඩුවක් නැහැ කියලා මට හිත හදා ගත්තෑකි.

ඒත් උන්දැට මණ්ඩලේ නඩත්තු කොරගන්න උදව් කොරන්න අද හම්බු උනේ නැති එකටනං හිතට දුකයි.
මොනවා කොරන්නද චම්පිකතුමෝ..ඉවසලා හිටියනං...හෙට අනිද්දටම ගෙවලා දාන්නං.

........................................

ඉතිං...කොහොම හරි දවල් ඇවිත් නාලා කරලා..
කූණිස්සෝ..සෝයා සෝස්..සුදුළුණු.. නූඩ්ල්ස් එහෙම දාලා ටිකක් විතර අර කප් එකේ නූඩ්ල්ස් වලට ළගින් යන්න කෑමත් හදාගෙන කාලා දවල් ටිකක් නිදා ගත්තා...ඇහැරුනේ පහට විතර...

දැන් ඉතිං පුරුදු විදියට හවස් වරුව ගත කරනවා..මගේ පාඩුවේ...

38 comments:

  1. මාරයියා ආද හවස් වරුව අමුවෙන්ම ගෙවනවා වගේ. :)
    අපි නං අනුමතයි :p
    හා..හා.. ඊරිසියා කොරන්ට එපා.

    ReplyDelete
  2. ඔන්න ජීවිතේ........ නේද?

    ReplyDelete
  3. ඔන්න ඔහොමයි දවස ගෙවුනෙ එහෙනම්.... :)

    ReplyDelete
  4. ම්ම්ම්,,,මේ දවස් වල මාරයගේ අඩවියේ යක්කල කියන ගම නිතරම දකිනවා නොවෑ,,,යක්කල .....

    ReplyDelete
  5. අනුමත නොවී සිටිම ගැන මාගේ බලවත් සන්තෝසය!!

    ReplyDelete
  6. අම්මේ....කටට කෙලත් ඉනුවා...දැන් ඉතින් මටත් බඩගින්නක් වගේ දැනුනා...

    ReplyDelete
  7. අපරාදේ උඹේ බයික් එක ආපහු ෆේල් උනානං ආපහු පහුවෙනිදත් ටෙස්ට් කරන තැනට ගිහිල්ලා ගෑනු ළමයව පොඩ්ඩක් බලලා එන්න තිබුනා. නොලැබීම නොලැබීම....

    හපෝ, උඹ ඔය කියන කප් නූඩ්ල්ස් මතක් කරන්න එපා. මතක් වෙනකොටත් ඔක්කරෙට එනවා වගේ. මොකද ඔය අපේ ගම හාමිනේ එහෙම නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ඉන්න දවස්වල ඕකම කාල තව පොඩ්ඩෙන් වෙනම ලෙඩක් හැදෙනවා. අනික ඒවා එච්චර සෞඛ්‍යටත් ගුණ නැහැ කියලා කතාවක් තියෙනවනේ.

    මම කිව්වේ බොලා කෑම දාස කියලා.... කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නෙ කෑමෙන් තමයි.... හික් හික්...

    උඹේ කතාවත් හරියට අර ජිම් කේරි ගොයියගේ 'ටෲ මන් ෂෝ' පික්චෑර් එක වගේ...

    ReplyDelete
  8. නසරාණියා...

    ඉරිසියා කොරන්ට මෙ මං..
    හික්Z

    ReplyDelete
  9. පූසා...

    හ්ම්ම්ම්............

    ReplyDelete
  10. roylyfernando...

    එකනේ මලයෝ...
    ආ මං තවම බාපු ෆිල්ම් ටික බලලා ඉවර නැහැ.
    ඉවර වෙලා ලියන්නං කොමෙන්ට් එකක් හරිනේ...

    ReplyDelete
  11. ItalyDilan...

    මෙකනේ..මම ඉන්නේ යක්කලට ආසන්නවනේ..ඉතිං හරි හමං බඩුවක් මුට්ටුවක් ගන්නනං යක්කලටම යන්න ඔන...
    නිට්ටඹුවත් කිට්ටුයි..ඒත් මම වැඩිය යන්න කැමති නැහැ..අනික යක්කල මට ඔන දේ නැති උනොත් ගම්පහට ගිහින් ගේන්න පුළුවන්නේ...

    ReplyDelete
  12. Ano...

    කවුද යකඩෝ නිර්ණාමිකව සතුටු වෙන කෙනා..?

    ReplyDelete
  13. මම...

    මොකක්..?කවදද ලොකු නෝනා ආවෙ...
    මං හිතුවා ගම රට අත් ඇරලා ගිහිල්ලා කියලා...

    ReplyDelete
  14. දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ නේද ? ඔයාටම කියාපු ජීවිතේ..ඇත්තටම මාරේ අයියගේ බර කීයද ? (උස්සන්න එහෙම නෙවේ ඇහුවේ)

    අයියා තරබාරුද ? සමහරවිට බයික්කේ අදින්නේ නැතිහේතුව ඔයා කනවා වැඩිකම වෙන්න ඇති ..

    මමත් අද රෑ දහයෙන් පසු ...අනුමතයි

    ReplyDelete
  15. දුමී...

    නොදොමකින් විතරක්..මෙ දුමියත් හරියට අර කවුදෝ වගේ..මොනවා කොළත් සනසන්න බැහැ.

    ඇයි යකඩෝ පහු ගිය දොහේ බැන්න කෑම ගැන කියලා අවුස්සනවා කියලා..අදනං මං ටක්කෙටම දන්නවා ලියනකොටම..මෙ කෑමනං උඹට ඇලජි කියලා..

    ඒත් බලහංකෝ කියලා තියෙන ආඩ පාලියක තරම...

    එහෙනං අහගනිංකෝ දුමී මස්සිනා..

    උදේටයි දවල්ටයි බත් කෑවෙ නැති හින්දා..දැන් මං සුදු කැකුළු බත් උයලා පොල් සම්බෝලයක් හැදුවා..තව තියෙන්නේ කරවල කෑල්ලක් තෙල් දා ගන්ට...

    ReplyDelete
  16. හිස් අහස...

    හොඳ ප්‍රශ්නයක් ඇහැවුවෙ..පහු ගිය ටිකේනං 60ත් 62ත් අතර දෝලනය වෙලා... දැඩි උත්සහය නිසා දැන් 58ට පහළින් ඉන්නවා...
    ලබන මාස දෙක ඇතුළත දැනට 32 විතර තියෙන ඉන 30ට ගෙන ඒමටත්..
    බර 54ට විතර ගෙන ඒමටත් හිතං ඉන්නවා...
    මට පොඩි චෑන්ස් එකක් තියෙන්නේ බර අඩු වෙයං කියලා හිතුවහම බර අඩු වෙනවා...

    ReplyDelete
  17. එහෙමත් කියලා නැහැ මල්ලී..මම බත් කන්නේ අඩුවෙන්..හැබැයි බඩ පිරෙනකං කොළ එළවළු ජාති කනවා...
    මගේ බත් පිගානේ නිතරම 1ට 1කේ අනු පාතෙට එළවළු තමයි...

    ReplyDelete
  18. "උදේටයි දවල්ටයි බත් කෑවෙ නැති හින්දා..දැන් මං සුදු කැකුළු බත් උයලා පොල් සම්බෝලයක් හැදුවා..තව තියෙන්නේ කරවල කෑල්ලක් තෙල් දා ගන්ට...
    "

    බොලානන් අපිවම කන්න ආපු මාරයෙක්...! මදෑ කොලා... ඉවසපන් පපුව ලබන ජූලි මාසෙ වෙනකන්....!

    ReplyDelete
  19. දුමී...

    දුමී මල්ලි ඔකට කියන්නේ ඉල්ලන් කනවා කියලා..
    ඇයි යකඩෝ..දුමියා මෙලෝ විදියකින් කන්න අකමැති කෑමක් ගැන ලිව්වමත් මට කෑම දාස කිව්ව වෙලේ.. ආයේ ඉතිං මල්ටි බැරල්ම තමයි පාවිච්චි කොරන්ට වෙන්නේ...

    ගණන් ගන්ට එපා බං මගේ දුප්පත් කෑම වෙල නෙව...

    ReplyDelete
  20. මෙහෙම තමයි අයියේ ජිවිතේ ...හෑටි අපේ වෑඩ අපිම කරගන්න එපෑයි ඉතින් ...

    නේ ද..?

    ReplyDelete
  21. ඔය දුම් පරීක්සනේ ෆේල් වුන නිසා තමා මාස 4 කින් විතර අපේ බයික් එක ලයිශන් කරන්න වුණේ නැත්තේ. තාම හදන්න වුණේ නැහැ

    ReplyDelete
  22. පව් නෙ චම්පිකට ඔන්න ඕක ඉක්මනට ගෙවල දාන්න. බැරි වෙලා වත් මිනිහ තරහ වුනොත් එහෙම ජනවාරි වල ඉඳන් ලයිට් බිල වැඩි කරන්නත් බැරි නෑ. :D

    ReplyDelete
  23. Having too much oily foods will effect your weight (Will increase)
    The Other thing is that it will increase the cholestorol level that makes the heart attaks and heart aches.

    So be careful...

    ReplyDelete
  24. යක්කල කෙසේ වෙතත් ඔය ගම්පහ තියෙනවා නේද? මට දිරවන්නෙම නැති නගරක් නේ. මට නම් පේන්න බෑ. :P

    එල එල ෆිල්ම් ටික බලලා කමෙන්ට් කරන ගමන් මගේ අනික් වැඩෙත් අමතක කරන්න එපා ඔන්න මාරයියේ :)

    ReplyDelete
  25. මගෙ නම් හැම දවසක්ම යන්නෙ එකම විදියට. ඉවර වෙන්නෙ රෑට නින්ද යන්නෙ නැතිකමින්. එහෙම බැලුවම උඹගෙ දවස සෑහෙන්න හොඳයි.

    ReplyDelete
  26. මාරයා මේ කැරකෙන්නේ මයියා ගේ වැයික්කියෙම තමා...කල්පනා කරලා බැලුවේ හම්බ වෙන්න පුලුවන්ද කියලා,,,මොනා උනත් මේ දවස් වල රටේ නැනේ...ඒක වෙලාවකට හිතෙනව දිගටම අන්න්‍යතාවය හOගගෙන ඉන්න..තව වේලාවකට හිතෙනව කීප දෙනෙක්ව අදුනගන්න..බලමුකෝ..ලOකාවට ආපු දවසක

    ReplyDelete
  27. දුං බලන්න ඉන්න තැන ගෑනු ළමයට දුමක් දාල වගෙයි.

    නරකද නූඩ්ල්ස් කප් එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන්ගත්තොත්.

    ReplyDelete
  28. නිර්නාමිකව සතුටු වුනේ නම් මමයි අයියේ

    ReplyDelete
  29. යකෝ ගම්පහ කියන්නේ එල නගරයක්ඩෝ!!

    ReplyDelete
  30. විද්‍යාල මාවතටද බං ආවේ.උඔ යකෙක්නේ බං. බණ්ඩාරවත්තේ මම ඉන්නේ.

    ReplyDelete
  31. අයියෝ...අතහැරලා යන්න මම ,මේ....මම...හීනෙන් තමා..මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබුනා..ඒත් දැන් හරි..ඇත්තටම මාරයියේ බයික් එක ආයෙත් ෆේල් වෙන්න නේ තිබුනේ..මොනා කරන්නද ඉතින් .......): :( දුක තමයි...

    ReplyDelete
  32. මගේ නම් උයන් කෑමේ කාල සීමාව තාවකාලිකවව අත්හිටෙව්වා.. දැන් ඉතින් වයිෆ්ගේ දෑතින් සහ එයාගේ අම්මාගේ දෑතින් හදන රස මසවුළු මාස එකහමාරක් විතර කන්ඩ ලැබෙනවා නොවැ.
    හෙට රෑට පාටියක් එහෙම තියෙන ආරන්චියක් තියෙනවා... මමත් තවම හරියටම දන්නේ නැහැ... එහෙම වුණොත් හොඳට නෙළුවහැකි.
    ආයේ යන්ට කලින් මාරයාගේ කෑම වේලක රස බලන්ඩ හම්බවෙයිද දන්නේ නැහැ....

    ReplyDelete
  33. බිල් ගෙවිල්ල නම් මාර වාතයක් තමා...

    ReplyDelete
  34. බඩගිණි එනවා අනේ මේවා කියයෙව්වාම....ගොඩකාලේකින් මේ පැත්තේ...ආවට පාඩු නෑ...බඩ පිරෙන්න කෑවා....
    ;-)

    ReplyDelete
  35. මම ළඟදි ගත්තා වැස්සෙ යන්න කියාපු භාණ්ඩයක්. අර රේන්කෝ රේන් සූට් එක. ඒක නම් ෆට්ට. පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැහැ. ඒ මදිවට කලිසමකුත් තියෙනවා. මම හොඳට ටෙස් කරලා තියෙන්නෙ. ගාණත් 1400.

    ඇඩ් එකක් නෙමේ හොඳේ.

    ReplyDelete
  36. අර දුම් ටෙස්ට් එක ෆේල් වෙච්ච වෙලේ රු. 100ක් අර කෙලි පොඩ්ඩට දුන්නනම් ටෙස්ට් එක ඉහලින්ම පාස් කරල දෙන්න ගියා. (අත්දැකීමක්['මගේ නෙමේ'])

    ReplyDelete
  37. ඔය කෝ‍ටු දෙකෙන් කන්න මටත් සැහෙන කාලෙ ඉඳල ආසාවක් තියෙන්නෙ. තාම කොරගන්න බැරිඋනා නෙව.

    ReplyDelete