02 December 2010

මාරයා කියන බණ කතන්දරේ...එකක් ඉවරායි...

ඕන්න ඉතිං ආයෙත් පටන් ගන්නයි හදන්නේ කතන්දරේ කියන්න...
කතන්දර කියන්න හදන වෙලාවනං ඉතින් වෙනදා කතන්දර කියන වෙලාවනං නෙවෙයි ඕං...

වෙලාව පාන්දර එකයි දහයයි..
අදත් ඉතින් මේ වැඩ පොළේ ඉඳන් තමයි..අපේ කරුමාන්ත ශාලාවේ ළබන හතර වැනිදාට තියෙනවා නෙව සරුව රාත්‍රික පිරිත් දේශනාවක්..ඉතින් මේ දවස්වල ඒකට ලක ලෑස්ති වෙනවා..
ඒ යටතේ අද දහවල් කාලයේ අපේ මුර කුටිය ආසන්නයේම තියෙන දැවැන්ත ගේට්ටු රාජයාටත් පොඩි වෙනසක් ලැඛෙනවා..
අවුරුදු ගාණක් පරණ හිටපු ගේට්ටු පියන් දෙක පැංෂොං ඇරලා අළුත්ම අළුත් පියන් දෙකක් හයි කොරන්ට ගත්තා නෙව..

කරුමේ කියන්නේ දවල් වැස්ස හින්දයි..ඒ වැඩෙ කොරන අපේ නඩත්තු අංශයේ ඉන්න බක පණ්ඩිත බාල ගෝලයනුයි හින්දා දැන් තියෙන්නේ එක පියනයි..අනිත් පියන ඔන්න ගේට්ටුව පේන නොපෙනෙන තෙක් මානයේ පොක්ලිෆ්ට් රාජයාගේ අර දත් ඇන්ද උඩට වෙලා ඇලට් එකක් දාගෙන ඉන්නවා..

කොටින්ම කිව්වොත් අද අපේ තියෙන්නේ එක ගේට්ටු පළුවයි..
ඉතින් අනිත් බළුව හායි ගාලා ඇරලා දාලා...

ඉතින් අද ඇරලා දාපු ගේට්ටුවට පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්ටයි අපිට වෙලා තියෙන්නේ...
ඒක හින්දා වෙනදා වගේ පැයක දෙකක හෝ ඉස්පාසුවක් ගන්ට අවසරයක් අද නෝ වරං...
මොනවා කොරන්නද එළි වෙනකල් බණක්වත් කියාගෙන ඉම්මු...වෙන ඉතින් මක්කා කොරන්ටද..?

............................................

හොඳයි පින්වතුනි..අපි එදා කථාව නැවැත්තුවේ...අර උදේනි කුමාරයා තමුන්ට හම්බු වෙච්ච බ්‍රෑන්ඩ් නිව් අලි හමුදාවත් එක්ක..කොසඹෑ නුවර දක්වා ගමන් ආරම්භ කොරපු තැනින් නෙව...

හරි ඉතින් දැන් මෙන්න මේ විදියට අර නායක ඇත් රජු පිට මස්තකයේ නැගිලා දැන් අපේ කුමාර තෙමේ..බොහෝම සුව පහසුව ගමනේ යනවා...
ඉතින් පින්වතුනි මෙහෙම යන කොට අතර මගදී හම්බු වෙන ගම් දනවු වලදී මේ කුමාරයා ඒ ඒ ගම් නගරවල ඉන්න මෑන්ස්ලට කියනවා..

"එම්බා වැසියනි, තොපිලාට පේනවානේ මගේ ඇත් සේනාවේ තරම..මේ ඇත් සේනාවත් අරගෙන මම මේ කොසඹෑ නුවර රජකොම ගන්ට කියලා යන ගමන් බොලාත් කවුරු හරි මේ ටුවර් එකට සෙටාර් වෙන්න කැමතිනං ඔන්න ඔහොම ෂේප් එකේ මේ අලි සැට් එකට පිටිපස්සෙන් ජොයින්ට් එකක් දාගෙන වරෙල්ලා..දන්නවනේ ඉතින් මට රජකොම සෙන්ටි මෙන්ටල් උනහම බොලාටත් රජ සැප තමයි.."

ඉතින් මෙන්න මේ ටෝක අහපු ගමන් අර ගම් නගරවල ඉන්න යමක් කොමක් කරකියා ගත හැකි තරමේ බුවාලා ටික මේ ගැන්සියටම සෙට් වෙනවා..ඇයි යකඩෝ රජ සැපකට සෙට් වෙන්න කවුදෑ අකමැති...
අනික ඉතිං මෙච්චර අලි සෙට් එකක් ගේමට බැහැලා ඉද්දී අපි ඉතින් අහවල් එකක් කොරන්ටයෑ..ගේම අහවර උනාට පස්සේ අර මොකාද කිව්වා වගේ..මේවා ඉතිං අලිංගේ අපේ වැඩ තමයි කියලා ෆුල් මාක්ස් දාගෙන දෙන දෙයක් කාලා ආතල් එකේ ඉන්න නෙව තියෙන්නේ කියලා උන්දැලාත් දැන් ඔන්න වැඩේට ෆිට් වෙලා යනවා...

ඕන්න ඉතිං මෙහෙම දින ගාණක් ගොහිල්ලා අපේ උදේනි පුත්තරයා තමුන්ට අයිති කොහඹෑ නුවර රජ මාළිගාව ආසන්නයටම ආවයි කියමුකෝ... නිකං නෙවෙයිනේ ඇත් පන්සීයක නාඩාර් සෙට් එකක් සහ..අතර මගදී සෙට් වෙච්ච අම්බානක මැර පොරවල් ගාණකින් සමන්විත මහා හමුදාවක් එක්ක තමයි දැන් මෙතනට කඩං පාත් වෙලා තියෙන්නේ...

ආන්න එහෙම අදාළ ඉස්තානෙට ආවැයිං පස්සේ...කුමාරයා පණිවිඩයක් යවනවා මාළිගාවට...

"වලියටනං වලියට..සාමෙටනං සාමෙට..හැබැයි..කවුරු කවුරුත් සැරෙන්ඩර් වෙලා..මාළිගාවෙන් එහෙ මෙහෙ වෙලා තමුන්ට රජකම දුන්නොත් හොඳා..නැත්තං ඉතිං ගෝරි ගොඩයි තමයි" කියලා...

අන්න ඒ වෙලාවේ මාළිගාවෙන් පණිවිඩයක් එනවා මෙන්න මෙහෙම...

"වලිත් නැත..සාමෙත් නැත...අපිට මේ කෙළ වෙලා ඉන්න වෙලාවේ..මොන මගුල්දෑ" කියලා..

"ඒ මක්කෙයි එහෙම කියන්නේ" කියලා අහලා ආයෙමත් පයිණ්ඩයක් ඇරියාම හැරෙන තැපෑලෙන් රිටර්න් එක හම්බු වෙනවා මෙන්න මෙහෙම...

"මේකනේ ලොක්කා කතන්දරේ..
අපේ හිටපු අති ගරු උතුමාණන් වහන්සේ පහු ගිය දොහේ... නොවැලැක්විය හැකි හේතුවක් මත සුවර්ගස්ථ උනා නෙව..ඉතිං දැන් මේ ඒ පිළිබඳ ශෝක කාලය තමයි යන්නේ..අනික ඉතිං දැන් මේ රාජ්‍යයට නියම උරුමක්කාරයෙකුත් නැති එකේ අපිත් මේ මඥ්ඥං වෙලා ඉන්නේ මක්කැයි කොරන්නේ කියලා..මොකද අපේ අති ගරුට කියලා දරු මල්ලෙකුත් නැහැ නෙව..ලැඛෙන්ට හිටිය දරුවාත් එක්කම උන්නාන්සෙගේ බිසෝ තුමියත් දැනට කාලයකට කළින් කිඩ්නැප් කොළා නෙව ඇත්කඳ ලිහිණියෙක්..දැන් ඉතින් අපි මේ තාම සාකච්ඡා කොරගෙන යනවා මක්කැයි ඉස්සරහට කොරන්නේ කියලා..ඒ අව් අස්සේ තමුන්නැහේ එනවා මෙතන ගිනි අරන් තියෙන අපේ රැවුලෙන් සුරුට්ටු පත්තු කොරන්ට"
කියලා...

ආන්න ඒ වෙලාවේ අපේ උදේනි කුමාරයා දැනගන්නවා..යකඩේ නියමෙට රත් වෙලා තියෙන්නේ කියලා...දැන් තියෙන්නේ හිටු කියලා තලන්ට තමයි කියලා..එහෙම හිතලා අර මාළිගාවේ හිටපු වැඩ බලන ඇමතිවරු හම්බු වෙලා..තමුන් ගාව තිබුනු අර සළුවයි..පේරැස් මුදුවයි..මෑණියැන්දෑ දුන්න ලෙටර් එකයි ඉදිරිපත් කොරලා තමුන්ගේ අයිතිය සහ අන්න්‍යයතාවයද මොකක්ද එක ඔප්පු කොරනවා නෙව...

ආයේ ඉතින් තවත් මොන කතාද...?

අර ඇමැතිවරු සැට් එකම බොහෝම සතුටට පත් වෙලා අපේ උදේනි කුමාරයාව අල්ලලා වාඩි කෙරෙව්වෙ නැද්ද රජ පුටුවේ..

ආන්න පින් වතුනි එදා ඉඳලා තමයි ශ්‍රීමත් අතිගරු උදේනි මහාරාජොත්තමයානන් වහන්සේගේ රාජ යුගය උදා වෙන්නේ...

.............................

රායිට්..දැන් මේ හැමෝම දන්නවා කොසඹෑ නුවර උදේනි රජතුමා රජ පුටුවට එන්නේ කොහොමද කියලා...
හොඳයි එහෙනං අර මං මුළින්ම පොරකාශ කොරන්ට යෙදුණු අප්පමාදෝ අමතපදං කියන ගාථාවට අඳාළ සාමාවතී කතා පුවතේ පළමු කතාව වන උදේනි වස්තුව කියන කොටස මෙතනින් නිමයි...

දැන් ඉතින් තියෙන්නේ මේ රජතුමාට බිසෝවරු පැටලිච්ච හැටි කියන්න තමයි...

ඒකෙත් පළමු වෙනි කතාව හැටියට සාමාවතිය කියන අපේ මේ කතාවේ කතා නායිකාව ගැන මුළින්ම දෙසා බාන්ට එපැයි..
හැබැයි ඉතින් සාමාවතිය ගැන කියන්ට කළින් සාමාවතියව හදා වඩාගත්තු පියා වෙච්ච ඝොෂක සිටුවරයා ගැන කතාව තමයි මුළින්ම කියන්ට වෙන්නේ...

මේ පින්වතුන්ට කිව්වට මොකෑ..මංතුමා මෙතුවක් කාලෙකට ආසා කරපු හොඳම කතාව තමා ඔය ඝෝෂක සිටුවරයාගේ කතා වස්තුව..ඒක ඒ තරම්ම අගේ ඇති කතාව...
මොන හේතුවක්ද මන්දා..ඝෝෂක සිටු කියන නම ඇහැව්වත් මාරයාගේ මයිල් ඉස්මයිල් වෙලා තමයි නවතින්නේ...

හැබැයි ඉතින් ඔය ඇත්තෝ හිතන්ට එපා මාරයාටත් පොඩි සංදියේ ඉඳන් ඝෝෂකයාගේ වගේ කටහඩක් තිබුනු හින්දාකියලා විතරක් ඕං..ඒක මේ ඝාණ්ටාර පූජා කිරීමේ ආනිසංසයෙන් ලැබිච්ච දෙයක් නෙව...

කොහොම උනත් මෙතැන ඉඳන් ඉඩ තියෙන හැටියකට අපි ඒ රසවත් කතාන්දරෙත් පුළු පුළුවන් හැටියකට අහන්ට බලමු...

හා එහෙනං කවුරු කවුරුත් ඔය තප්පලං දාගෙන හිටිය තැන් වලින් නැගිටලා ටිකක් හිරි ඇර ගත්තනං..කැමති කට්ටිය ඉන්නවනං අර අපේ සොඳුරු සිතැත්තී උපාසක අම්මා හදාපු කෝපි එහෙම තියෙනවා බීලා කරලා ආයමත් වාඩි වෙමු ඊළග කතාව අහන්ට...
හැබැයි ඉතිං මේ කතාව බොහෝම දිගයි..හුම් හුම්...

37 comments:

  1. හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව (අසෙනිය කුසුම 2010)

    නියමයි මාර බොස්,,මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!!
    මේකට නම් අපිට එලකිරි පාටියක් ඕනා....

    ReplyDelete
  2. මාරයාගේ මොඩ් බණ,,ඔන්න බණ සීරීස් එකේ එක කතාවක් ඉවර උනෝ,,,,හා,,හා ඔහොම යමු,
    ඇත්තටම මාර බොස් මම මේ බණ කතා දන්නේ නම් නෑ,,,අර පන්සල් කතාවේ අඩුව මාරබොස් එලටම පුරවනවා...නොදන්න බණ කතා මම ඉගෙන ගන්නවා....

    ReplyDelete
  3. අද ඉතින් අවේලාවක බන කියපු හන්දා, කලින් එන්න පුලුවන් උනා. ඊලඟ බන පටන් ගන්න කලින් මොනවා හරි කන්න දුන්නානම්! හරිම බඩගිනියි. සුලු පටු දුරක් ගෙවලා අවා කියලද හිතේ.

    සාමාවතීට නම් මමත් හරි ආසයි. මොකද වෙන්නේ ඔය බන කතා ටික CD එකකට දැම්මා නම්! කැමති, කැමති වෙලාවට අහගන්නත් තිබුනානේ.

    ReplyDelete
  4. ItalyDilan...

    හා හා ඔකනං මොකක්ද..?
    දෙන්නංකෝ එළ කිරි පාටියක්...
    පොඩ්ඩක් හිටින්කෝ එළ වැස්සියෙක් හොයා ගන්නකං...

    ReplyDelete
  5. Podi Kumarihami...

    හනෙ අප්පේ ඇහුනෙ නැතැයි අර උපාසකම්මාගෙන් කෝපි බොන්න කියනවා..ආ ඒ විතරක් නෙවෙයි උන්දෑ හරි අපූරු විදියට කන්න බැරි පුඩිං ජාතිත් හදනවා..ඉල්ලලා බැළුවනං...

    මෙ ඔයා මාගන්ධියාට ආස නැතෙයි..?

    ReplyDelete
  6. හ්ම්..යන්තං එළිය වැටීගෙන එනවා වගේ..දැන් ඉතින් ජාලයෙන් ටිකක් අහක් වෙලා මූණකට හෝදාගෙන ආයෙමත් වැඩ රාජකාරි පටන් ගන්න ඔන...
    ඊට පස්සේ ගෙදර ගිහිල්ලා නාලා කරලා දොයිය ගන්නවා...

    සම්පූර්ණයෙන්ම නිදි වර්ජිත රැයක් අවසන් විය...

    ReplyDelete
  7. බිසව අලියා පිටේ කොහඹෑ නුවර ආවෙ නැත්තෙ ඇයි.

    ඔය රජවරුන්ගෙ නම් වලින්නම් මමනම් කැමතිම නම මඛාදේව. යක්කුන්ගෙන් ආලවක. බිසවලගෙන් කැමතිම පබාවතීට. ඇත්තුන්ගෙන්නම් අර වැසි වස්සවන සුදු ඇතාට, එයාගෙ නම මතක නෑ.

    ReplyDelete
  8. හාමුදුරුවන්ටත් බන කියලා මහන්සි ඇති නොවැ... ගරු ස්වාමීන් වහන්ස, මොකුත් ගේන්නද එහෙනම් සෝඩා නැතිවම....

    ReplyDelete
  9. පිරිකරකුත් දෙන්න වෙයි වගේ....

    ReplyDelete
  10. එහෙනම් එක කථාවක් අහවරයි.අනිත් කථාවත් හිමින් සීරුවෙ පටන් ගත්තානම්....

    ReplyDelete
  11. ෂෝයි මාර බණ....

    ඉතිං මීළගට මොකද වෙන්නේ කියලා දැනගන්නම ඕනිනම්...හිටපල්ලා එදා වගේම රැදිලා මේ මාරයියා සමග....

    මේ මාරයියේ දාපන් පෝස්ට් එක...නැත්නම් මම එවනවා මන්තරයක් ජප කොරලා....

    ඔය සොදුරු සිතැතිති උපිසාකාමාතාවට හොදට කෝපි හදන්න පුළුහන් කියාලා මාරා දුතායා කෝමෙයි දන්නේ....

    ReplyDelete
  12. ඝෝෂක සිටුවරයාව ඔච්චර අල්ලලා ගිහින් තියෙන්නේ මොකද්ද කේස් එක?

    ඝෝෂක සිටුවරයා කිය්න්නේත් හවසට හවසට යක්කල පැත්තට යන ඩයල් එක්ක්ද දන්නෑ..

    ReplyDelete
  13. ela aaaaaaaaaaa ele ela



    PCW

    ReplyDelete
  14. නියමයි නියමයි මාරේ අයියේ සම්මානේ අරං හොරා වගේ ඉන්නව නේද .. එවුවා බෑ! පාටියක් දෙනකං මං මෙතනින් නැගිටින්නේ නෑ ..! බන කතාව නම් නියමයි අහගෙන හිටියා වෙලාව ගියා දන්නෙ ම නෑ .. හැබැයි අර කෝපි වලට මගේ බඩ අවුල් ගියා !කවුද කෝපි හැදුවේ ?


    ජයවේවා !!

    ReplyDelete
  15. මාරයෝ කෝපි හදන කෙනාව නම් මාරු කරන්න වෙයි වගේ,,උදෙන්ම මගෙත් බඩ බුරු බුරු ගෑවා,ඊයේ රෑ කෝපි බීලා, අර පොඩිකුමාරිහාමි ගෙන් අහලා බලන්නකෝ,කෝපි රාජකාරිය ගැන,,,
    කවදද අර සම්මාන රාජයා ගන්න යන්නේ,,,අපිට සන්තෝසෙට කිරි පාටිය්වත් ගමු ඔන්න ඔහේ,කිරිත් බීලා,අරවත් ගමුකෝ

    ReplyDelete
  16. මකරා...

    කොහොම එන්ටෙයි අර උන්නැහේව දාලා...
    ඔය කියන්නේ අර ඇලි ඇතානේ..උගේ නම මටත් මතක නැහැ...

    ReplyDelete
  17. හරී...

    හම්මෙ උපාසක අම්මා දැන්ද නින්දෙන් නැගිට්ටෙ..
    දැන් බණ ඉවර වෙලා හුගාක් වෙලා..අන්න කට්ටිය කෝපි බොනවා...

    ReplyDelete
  18. අභීත...

    අන්න දවසකටවත් උපාසක වරු...

    ReplyDelete
  19. Praසන්ன...

    ආදරුසෙට ගන්නවානං අන්න අර උඩින් ඉන්න අභීත උපාසක...

    ReplyDelete
  20. හසී...

    නැතුව නගේ..පටන් ගන්නවා...

    ReplyDelete
  21. හසියා...

    මෙ දවස්වල මංතරෙන්ම වගෙයි වැඩ..හැබැයි පුතෝ මෙ මාරයා ගුරුන්නාන්සේ එක්ක එව්වා සුම්මා..හොඳේ..

    ආ සොඳුරු උපාසකම්මාගේ වැඩ බලන්ට යන්ට එපැයි මුණු පොත පැත්තේ...

    ReplyDelete
  22. sameerausa...

    හපොයි නැහැ..මෙ ඝොෂක ගියාට ඒ ඝොෂක එන්නෙ නැහැ ඒ පැත්ත පළාතේ...

    ReplyDelete
  23. හිස් අහස...

    මම එළකිරි පාටියක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ...

    කොපිනං ඉතින් ජ්‍යාත්‍යන්තරය පවා පිළිගත් සූප වෙදිනී..මාර සොහොයුරී..සොඳුරු සිතැත්තීගේ අමුතුම රෙසිපියේ වැඩක් තමයි...

    ReplyDelete
  24. ItalyDilan...

    හියැහ් පුහ්...
    අනේ කොළුවෝ ඔය තියෙන හැටියකට කෝපිම බීලා ඉඳින් පැත්ත වැටිලා...
    අඩුම තරමෙ දැන් බඩ තියෙනවා වගේවත් දැනෙනවානේ..
    ආයේ ඉතිං ඔකට තුමාරිහාමි අත තියෙව්වොත් බොලාට බඩ තියෙනවාද කියලාවත් දැනෙන එකක් නැහැ...හිහ්...

    ReplyDelete
  25. අර තාපසයට මොකෑ උනේ .........? වැරදි ප්‍රශ්නයක් ඇහැව්වද මන්දා ?

    ReplyDelete
  26. මාරයා කියන බන අහන්න පින් කොරන්න ඕනි... හික් හික්...කෝ බොල මම අහපු ප්‍රශ්න පත්තරේට උත්තර දීල නැහ නොවැ...

    ReplyDelete
  27. අහනව නම් මෙන්න බණ..
    කැමති අය අහාන්ට
    කැමති අය බලාන්ට
    ඕනෙනම් තලාන්ට...

    ReplyDelete
  28. සාධු සාධු සාධු.........

    ReplyDelete
  29. තරහා අවසර, "යුද්දය හෝ කළමැනව, රාජ්‍ය හෝ දුන මැනව" කියලා පත් යැව්වෙ නැ එතකොට පුතන්ඩිය නේ!
    ...........
    අර වැප් උපාසකට තියෙන ගැටලුව මටත් ආවා. බණ මඩුවෙ කට්ටිය හිනාවෙයි කියලා බයට මේ තනියෙං ඒක විසදගන්න කියලා ගියේ. වෙලාවය වැප් උපාසක ඒ පස්නෙ ම අහලා වෙලාවට

    ReplyDelete
  30. වැප්...

    මොනවද ඉතිං අර මව් යානයත් නඩත්තු කොරගෙන අර හයිය හත්තිය තියෙන අලි ටවුන් ගියාට පස්සේ ඉතිරි වෙච්ච කැහුටු අලි ටිකත් එකතු කොරගෙන ටුවරිස් සයිඩි එකේ මොකක්ද බිසිනොස් පාරක් දමාන හිටියා කියන්නේ..ඔය අභීතයාත් ඒ ගැන දන්නවා...පොර සුද්දන්ට පෙන්නන්නේත් ඒ ජාතියේ කැහුටු අලි නෙව

    ReplyDelete
  31. ඒ උනාට මං හිතුවා තව මොනවා හරි කුසල අකුසල කර්ම ගැන අතුරු කතාවක් ඇති කියලා ......

    ReplyDelete
  32. බුද්ධි...

    ඒක නේන්නං යුද්දෙටනං එහෙමයි සාමෙටනං එහෙමයි කිව්වෙ...

    ReplyDelete
  33. පූසා...

    අනුමෝදං උනා වගේ...

    ReplyDelete
  34. නසරාණියා...

    තලන්ටනං ඔන තරං කට්ටිය...හොහ් හොහ්...

    ReplyDelete
  35. පිස්සා පලාමල්ල...

    නැතුව නැතුව...

    බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටිය මාරයා බණ කියනවට ඉංතේරුවෙංම විරුද්ධ වෙච්චි..
    ඒකටත් එක්ක අපි..දැන් අපිම ඒ වැඩෙ කොරගෙන යනවා..

    කෝ බං පුරස්න පත්තරෙ..?මට මග ඇරුනාවත්ද..?

    ReplyDelete