06 December 2010

පැරණි සටහන්..කරවිල..තාත්තා..සහ හෙට...

අදනං දවසම ගෙවිලා ඉවරයි..
හිතං හිටියේ අද මොනවත්ම ලියන්නේ නැහැ කියලා..ඒත් අන්තිමෙදී ඒ අදහස මගේ මිත්තරයා විසින් වෙනස් කරන්න පටන් ගත්තා..

උදෙම්ම ගෙදර ඇවිත් කාලෙක ඉඳන් අත පහු වෙවී තිබුණු වැඩක් අහවර කොරංට කියලා හිතලා අත ගැහැව්වා.

කාමරේ අස්පස් කරලා දැංට තමයි..
කාමරේ කිව්වට ඒකේ හැම තැනම විසිරිලා තිබුන කඩදාසි එක්ක තමයි වැඩෙ තිබුනේ..
පහු ගිය දොහේ අද හැදුනුංපත හදන්න ගත්ත වෙලාවෙ ඉඳන් කාමරේ පුරා ලිය කියවිලි.

එක පාරට විසූ කොරලා දාන්නත් බැහැ..කවුද දන්නේ ඕවයේ මොනවා තියෙනවද කියලා..ඒ හින්දා ටිකක් හීන් සීරුවට කොරන්න ඔන කටයුත්තක් හිංදයි පහු වෙවී තිබුණේ..ඒ හින්දා උදේ ගෙදර ඇවිත් බත් එක ලිපේ තියලා වැඩෙට අත ගැහැව්වා...

යංතං පැයක් විතර දගලලා වැඩෙ ඉවර කොර ගත්තා...
අන්තිමට බලන කොට කඩදාසි කිලෝ තුනකට එහා පැත්තේ බඩු..ලොකු බාස්කට් එකකට ඔබලා ඔබලා පුරවලා ඊට පස්සේ පල්ලෙහාට ගෙනිහින් මම කුනු පුච්චන කොන්ක්‍රීට් වළල්ල ඇතුලට දාලා කුස්සියේ තියෙන මගේ කුණු බකට් එකේ කුණු ටිකත් එක්කම පුච්චලා දැම්මා...

සමහර ලිය කියවිලි අවුරුදු පහකටත් එහා..
හැබැයි ඒ අස්සේ තිබිලා මම මීට අවුරුදු ගාණකට කළින් ලිව්ව පොඩි පොඩි කවි..එහෙමත් හම්බු උනා.

පොඩ්ඩක් ඉන්නකෝ බලන්න මෙකේ දාන්න පුළුවන් මට්ටමේ ඒවා තියේද කියලා..

හ්ම්ම්..බලමු...

"ලොවේ දෙතැනක ඉපදිලා..
කොහේ හෝ අප හමු වෙලා..
යළිත් දෙඅතක යන්න යනවද..
නාඳුනන සේ වෙන් වෙලා.."


කවද ලිව්ව එකක්ද මංදා..තව තියෙනවා...

"පතාගෙන ආ පැතුම් නැතිවද..
පෙරූ පාරමි තවත් මදිවද..
එසේ නැතිනම් කියා දෙනු මට..
ඔබේ හදවත ගලක් වූවද.."


ඔන්න ඔහොම ඒවා තමයි හම්බ වෙන්නේ..
ඒ අස්සේ මෙන්න මෙහෙම කෙටි වදනකුත් තිබ්බනේ..

"අස්ථීර ලොකේ ස්ථීර වූ දෙයක්..
සොයා යන්නට හදන මා හරිම මෝඩයෙක්.."


ෂුවර් එකටම ඔකනං ලියන්න ඇත්තේ සුනිල් එදිරිසිංහ මහත්තයගේ අර සාදාකාලික නොවූ ලොකේ කියන ගීතය අහපු වෙලාවක වෙන්න ඇති...

හැබැයි ඉතිං මං කරන ගොංකං වල හැටි එහෙම තමා..මේ තියෙන්නේ එහෙම කවියක් වගේ එකක්..

"ගොන්කම උනත් ආදරයෙන් කරනකොට..
ගොන්කම නොවේ එය පණ්ඩිතකමකි මට..
බැන්නත් කොයි තරම් වාගේ හරකෙකුට..
මමනම් නෙවේ එය ගන්නේ මගෙ හිතට.."


ඔක ලිව්වෙනං අරයා මට මොකක් හරි එහෙකට බැන්න වෙලාවක...
ඒ වගේ වෙලාවක මම කරන්නේ ඔහොම එකක් ලියලා ඒක් සිංගිරිස් වලින් කොටලා එයාට මැසේජ් එකක් යවන එක..
ටික වෙලාවකින් මට කෝල් එකක් එනවා..
"මොනවද අර ලියලා එවලා තියෙන්නේ..පිස්සුද?" කියලා..හැබැයි අන්තිම වචනේ කියවෙන්නේ හිනාව අතරින්...
ඉතින් අපි දෙන්නා ආයෙත් යාළුයි.

මගෙ අම්මේ..ඒ වෙලාවේ හම්බ උනාට මම කියෙව්වේ නැහැ..දැන් තමයි කියවන්න ගත්තේ...
හ්ම්..මෙහෙම ලියලා හරියන්නේ නැහැ වෙන වෙනම පෝස්ට් දෙක තුනක් දාන්න වෙයි වගේ..ඒක නැවැත්තුවා...

ඉතිං අස්පස් කරන වැඩෙ ඉවර වෙලා උයන්න ගත්තා බත් එක ඉඳිලා තිබුණේ...
අලයි හාල් මැස්සොයි තක්කාලියි එකට දාලා ඉව්වා..මට කවදාවත් එපා වෙන්නේ නැති කෑමනේ ඒක.
පොල් සම්බෝලෙකුත් හැදුවා.
ඊට අමතරව උදේ එන ගමන් කඩේට ගිය වෙලාවෙ නිකමට වගේ කරවිල කරලකුත් ගෙනත් තිබ්බා.
මම උයන්න අරං දැන් හුග කාලයක්.ඒත් මෙතුවක් කාලෙකට කරවිල උයලා නැහැ.හිතුනෙත් නැහැ.

අල, බෝංචි,ලීක්ස්,කැරට්,ගෝවා,රතු අල, රාබු, නෝකෝල්, බණ්ඩක්කා, වම්බටු,එළබටු,කැකිරි,පොළොස්,අඹ,විශේෂයෙන් වට්ටක්කා,වැටකොළු..එතකොට දෙල්,කිරිකොස්,කොහිළ දළු, මුරුංගා,...ඔය කොයිකත් වගේ මම නිතරම උයන ජාති..

ඊට අමතරව පතෝල,දඹළ,පිපිඥ්ඥා වගේ දේවල් සලාද හදලා කන්නත් මම කැමතියි.
ගොටුකොළ,මුගුණුවැන්න,කතුරුමුරුංගා, වගේ කොළ ජාති මැල්ලූමට සම්බෝලෙට හදලා කන එකත් නිතරම කෙරෙනවා..කොහොමටත් මම ලොකු මුගුණුවැන්න මිටිය දෙවේලට කන්න තරං දක්ෂයා...
බත්වලට වඩා කොළ වලට කැමති ඉතිං මං හරකෙක් හින්දාද මංදා..?
හැබැයි ඉතිං මේ බොන බීම මට ඔරොත්තු දෙන්නේත් ඒ හින්දාම වෙන්න ඇති.

කොහොමත් බත් වලට වඩා මට එළවළු, කොළ ජාති කැවෙනවා.

මම උයන ජාතිවලින් නිතරම වගේ පරිප්පු කන එකත් මම කැමැත්තෙන් කරන දෙයක්..
සමහරු පරිප්පු වලට කැමති නැති උනාට මටනං පරිප්පු කියන්නේ හොඳම කෑමක්...
ඇයි එතකොට මුං ඇට හිදෙන්න උයලා, කව්පි වලට කතුරු මුරුංගා කොළ අහුරක් දාලා උයලා...
එහෙමත් මම කැමතියි..
හැබැයි කඩලනං ඔනම නැහැ.

මම ඉතිං කියන්න ගියේ කරවිල ගැනනේ..ඉවුං පිහුං ගැන වෙන වෙලාවක ලියන්න ඕන...

අන්තිමට මම කෝකටත් කියලා කරවිල ගෙඩියත් උයන්න ගත්තා...

මට ඔය කොයි දේ උයන්නත් උදව් කරන්නේ මතකය තමයි.

ඒ කිව්වේ ඒ දවස්වල අපේ තාත්තා උයන කොට ළගට වෙලා බලාගෙන හිටපු මතකය...
මම කවදාවත් තාත්තා එක්ක එකට උයලා නැහැ.
එයා මට නියම ක්‍රමයට ඉගැන්නුවේ හාල් ගරන එකයි, බිත්තර ඔම්ලට් හදන විදියයි විතරයි...
ඊට අමතරව සමහර වෙලාවට උයන ගමන් පොඩි පොඩි දේවල් කියවනවා...
ඒ ඇර අනිත් කිසිම දෙයක් මට මෙහෙමයි කරන්නේ කියලා කියා දීලා නැහැ.

ඒත් මං ඒ දිහා බලං ඉන්නවා.
තාත්තා උයන කොට ඒක හරියට මැජික් එකක් වගේ...
මේ ලොකේ විදියකින් කන්න බැහැයි කියලා හිතෙන ඕනම දෙයක් එයා බොහෝම ඉක්මනට එයාගේ විධික්‍රම භාවිතා කරලා..කන්න ආසා හිතෙන දෙයක් බවට පත් කරනවා.

ඉතිං ඒ මතකයත් එක්ක මම පටන් ගත්තා...

කරවිල කපනකොට කතා කරන්න හොඳ නැහැ..

තාත්තා එහෙම කියනවා මම අහලා තියෙනවා..
එයා කවදාවත් කරවිල කපනකොට අපිත් එක්ක කතා කරන්නේ නැහැ.

ඉතිං මාත් ඒ විදියටම පටන් ගත්තා...අනික ඉතිං මේ පාළු ගෙදර කව්රු කියලා මාත් එක්ක කතා කරන්නද..?
කොම්පීතරේ පැත්තෙන් ඇහෙන
"එක කුඩයක් යට ගෑවි නොගෑවී..දවසක් හැන්දෑවේ"
ගීතය ඇරුනු කොට වෙන මෙලෝ දෙයක් අහන්නවත් නැති කොට...ඒ සිංදුවනේ මේ දවස්වල මගේ ජාතික ගීය වෙලා තියෙන්නේ...දවසකට සිය පාරක් විතර අහලත් තාම එපා උනේ නැහැනේ...

ඉතිං කරවිල කපලා මතකයේ හැටියට තුනපහ දාලා දියකිරෙන් තම්බලා හිඳීගෙන එනකොට මිටි කිරි ටිකක් දාලා ආයෙමත් හින්දෙව්වා..සමහරු කරවිල උයද්දී සීනිත් දානවනේ..ඒත් තාත්තා කවදාවත් දාන්නේ නැහැ..මම දැම්මෙත් නැහැ..

අන්තිමේ අවුරුදු එකොළහකට දොළහකට විතර පස්සේ ආයෙමත් අර පරණ රසය විඳින්න මට ඇහැකි උනා...

ඇත්තටම තාත්තා දැක්කා වගේ..
අදටත් මට මම උයන කෑම බීම වල නියම පදම ආවාම තාත්තාව පේනවා...
අදත් මම කරවිල මාළුවත් එක්ක තාත්තා දැක්කා...

තාත්තේ...තාත්තා මට කෙළින්ම ඉගැන්නුවේ නැති උනාට..බලං ඉඳලා පුරුදු වෙන්න හරි නියම විදියට උයන හැටි පෙන්නුව එකට බොහෝම පිං...
නැත්තං අද වගේ දවසක මට කන්ඩ වේලක් උයලා දෙන්නේ කව්ද..?
ඒ පිනත් අරගෙන ඉක්මනට නිවන් දකින්ට..

තාත්තා කොහොමත් දැනගෙන උන්නා ලොකු එකා ගැන..
ඌට දෙයක් කියා නොදුන්නට ඕන දෙයක් බලං ඉඳලා අල්ලගන්න ඇහැකි බව තාත්තා දැනං උන්නා..
ඒ හින්දා අදටත් මට තාත්තා හිංදා කටට රහට කන්න හම්බ වෙනවා.

නාලා කරලා බත් ටික කාලා ටිකක් ජාලගත වෙලා නිදා ගත්තා...
දැන් හවස් යාමය...
සුපුරුදු විදියට ගෙවනවා...

දෙසැම්බර් හත...හෙට විශේෂ දවසක්..ඇයගේ උපන් දිනය...හ්ම්ම්...

27 comments:

  1. දුක තමයි රංජනී කිව්වලු.
    හික් හික්
    . . ... . .. .

    එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
    දවසක් හැන්දෑවේ . . .
    මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
    පිනිමල් වරුසාවේ . . .

    කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
    ඉර බැස යන වේලේ . . .
    ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
    අපෙ ඉස්සර කාලේ . . . අපේ ඉස්සර කාලේ . . .

    එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .

    මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත . . .
    ඔබහට අද දවසේ . . .
    වැස්සට අව්වට තනිව මුහුන දෙමි . . .
    මගේ මහිම එලෙසේ . . . මගේ මහිම එලෙසේ . . .

    එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
    දවසක් හැන්දෑවේ . . .
    මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
    පිනිමල් වරුසාවේ . . .

    ම්. .ම් . .ම් . . ම් . . ම් . . ම් . . .
    හා . . හා . . හා . . හා . .

    ගායනය : වික්ටර් රත්නායක මහතා
    පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල මහතා
    සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස් මහතා

    http://dukaa.blogspot.com/2009/08/blog-post_05.html

    ReplyDelete
  2. හ්ම්ම්.... සංවේදී සටහනක්.... අපිත් එන්නංකෝ වෙලාවක මාරයා උයන කෑමක රහ බලන්න ලංකාවට ආපු සන්දියක...!

    ReplyDelete
  3. මටනම් ඒ වේලෙ රස ලගදිම බලන්න ලැබේවි නෙ... ඒත් ඉතින් කරවිලනම් මට වහ....

    ReplyDelete
  4. දුකා...

    ආයෙත් අහලා..ඔය තියෙන්නේ..තැන්කූ දුකෝ..ඒක නෙවෙයි බං මොකක්ද අර උඹ කොරාපු වැඩෙ තේරුම..
    පෝස්ට් එකක් දාලා..මම ඒක කියවලා කොමෙන්ට්ස් එකක් කොටාගෙන ආපහු ඇවිත් බලනකොට ඒක මකලා..බොට පිස්සුද හැබෑට..?

    ReplyDelete
  5. කරවිල නම් මටත් පෙන්නන්න බැරි කෑමක්... හැබැයි මෙහෙ මෙලෝ රහක් නැති කෑම නිසාම හොදට උයලා දුන්නොත් කරවිල නෙවෙයි වස උනත් කාවි.

    ReplyDelete
  6. දුමී...

    අප්පච්චියේ..උඹලා එක්ක කන බොන දෙයක්වත් එකට කොරන එක හරි බයානකයි..අන්තිමට අල්මෙදා තමා...

    ReplyDelete
  7. අභිත...

    ඉඳලා හිටලවත් වහ කන්න පුරුදු උනානං...
    මමනං ඔය කොයි එළවළුවත් වගේ ඉඳලා හිටලා කන්න කැමතියි..
    රසයට වඩා විවිධත්වයට මුල් තැන...

    ReplyDelete
  8. Grey...

    ඔහොම තමා මොනවා කරන්නද..?
    නැති වෙලාවට තමයි ලුණුයි බතුයි උනත් වටින්නේ...

    ReplyDelete
  9. අනේ මංදා මාරේ අයියගේ කතාව ඇහෙනකොට බඩ පපුව "හෝස්" ගාල දාල යනවා ! මාරේ අයියගේ මල්ලි ගැන අපිට කියලා නෑ නෙව ..ඒ විතරක් නෙවේ මවුපියන් ගැන ! මට නම් පුදුම කුතුහලයක් තියෙන්නේ මේ මාරදිව්‍ය පුත්‍රයාගේ අබිරහස් ජීවිතය ගැන..මට ඒ ගැන සබ්බ සකල මනාවම දැනගන්නා තෙක් ඉවසුමක් නෑ .....

    කරවිල මම කටේවත් තියන්නේ නැ හැබැයි මම 100% වෙජිටේරියන් ..දන්නවද මාරේ මම බයිට් එකට ගන්න දේවල් ?

    කඩල,පොලොස්,කංකුං , රටකජු, ඔයවගේ වෙජිටේරියන් බයිට් එකක් තමයි මම හැමදාමත් ගන්නේ ...ඒක නිසාද කොහෙද මම බීවට පවු නැත්තේ නේද ?

    කතාව වෙනදා වගේම බොක්කේ තමයි ගිහිං නතර උනේ ...

    ජයවේවා !!

    ReplyDelete
  10. "දෙසැම්බර් දොළහා...හෙට විශේෂ දවසක්..ඇයගේ උපන් දිනය...හ්ම්ම්.."
    ඈ බං... අද තාම බොන්ඩ හම්බවුණේ නැද්ද..අප්සැට් කතා කියන්නේ.? ‍අද 6 නේ බං... එතකොට හෙට 12 වෙන්නේ කොහොමද..?

    දෙසැම්බර් 6 මගේ පළවෙනි කෙල්ලගේ උපන් දිනය. 2008 දෙසැම්බර් 10 ඒකි බැන්දා.... කොහොමද මගේ මතකය...

    ReplyDelete
  11. කරවිල නම් වහකි. හැබැයි පරිප්පු නැත්නම් එදාට කෑමක් නැත.

    ReplyDelete
  12. හැඳුනුම් පත හදන්න ගිහිල්ලා මාරයා අයියගේ අවුදුගානකට එපිට මතකය එලියට ඇවිත්. හැඳුනුම් පත හදන්න ගිහින් ඔහොමනම් විදේශ ගමන් බලපත්තරේ එහෙමෙ හදන්න ගියොත් කොහොමට හිටීද?

    ReplyDelete
  13. Jeew...

    අඩෙ..ඇත්තම නේන්නං..මොන මගුළක්ද මංදා..
    ඔක ලියනකොටත් මද ගාණකින් හිටායේ..
    මම ලියන්න ගියේ එකක් ලියවෙලා තියෙන්නේ එකක්.හර ගස්සන්නං සුතුතියි..

    ReplyDelete
  14. අනිද්දා එන්නං කියෝලා යන්න.

    ReplyDelete
  15. හිස් අහස...


    අනේ බං ඔය හැම එකක්ම ඔහොම යනකොට ලියවෙන්නේ නැතෑ..
    ඒත් සමහර වෙලාවට හිතෙනවා,මම දැනටත් එළියට ඇවිත් වැඩිදත් කියලා..
    ආ තව එකක්..
    පොළොස් පැහිනං බයිට් එකට මරු..

    ReplyDelete
  16. පූසා...

    ඔව්බං මලේ...හැදුනුංපත වගේම ගමන්බලපත්තරත් තියෙන්නේ පැවිදි නමට..මම දඹදිව යන්න ලක ලෑස්ති වෙලානේ ඒක හැදුවෙ..
    ඒත් ඉතිං තාමනං ඒක අළුත් කරන්ඩ හිතුන්නෑ..
    රට යන අදහසක් නැති හින්දාද කොහෙද..

    ReplyDelete
  17. Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)...

    කරවිල ඉතිං නිතර කන්න බැඑැ තමයි ඒත් නරකම නැහැ.

    ReplyDelete
  18. බුද්ධි...

    අද මොකදෝ වෙලා තියෙන්නේ...

    ReplyDelete
  19. පරිප්පුනම් කාලම පුරුදු වෙලා ඒත් ඉතින් කරවිල අපෝ........

    ReplyDelete
  20. හාල්මැස්සො සමඟ තක්කාලි එකට උයන්න හොඳ නැහැ ලු. හාල්මැස්සන්ගෙ තියෙන කැල්සියම් එක්ක ප්‍රතික්‍රියා කරලා ශරීරයට අහිතකර ද්‍රව්‍ය හැදෙනවලු,, :(

    ReplyDelete
  21. මාරයියාගේ අතින් රහට හැදුණු කෑම වේලක් කාලා යන්න එන්න ඕනේ. ගම්පහ පැත්තේ කියන්නේ අපේ ගෙවල් පැත්තේ නේ..........

    කොහොම නමුත් මුලින්ම තිබ්බා කවි ටික නම් සිරා හොඳ හොඳ අයිඩියාස් ටිකකුත් ආවා :))

    ReplyDelete
  22. සංවේදී සටහනක්.
    මටනං දවසකට එක වේලක් පරිප්පු අනිවාර්යයි.
    නරකද සූප ශාස්ත්‍ර පෝස්ට් ටිකකුත් ලිව්වනං

    ReplyDelete
  23. මාරයෝ දැන් අර වැඩේ හරි.
    අර කොටපු කොමෙන්ට් එක දාපිය

    ReplyDelete
  24. මමත් උයන්න ඉගෙන ගත්තෙ තාත්තා උයන දිහා බලලා.

    මාරයා උයන වෙලාවක දැනුන් දීපන් මාත් එන්න කෑම ටිකක කාල යන්න

    ReplyDelete
  25. අනේ මේක කියවන්න කම්මැලියි. ඒක නිසා කියවන්නෙ නැතුව කොමෙන්ට් එකක් දැම්ම. :ලී

    ReplyDelete
  26. හැබෑ ආදරේ පට්ටම දුකක් නේද.... මම මාරයා තරම් දුක් වින්දෙ නැති උනාට කෙනෙක්,හ්ම් තමන්ට ආදරේ කරන කෙනෙක්,වෙන කෙනෙක් ලඟ ඉදලත් මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියන දුක විදිනවා.මගෙ තියන එකම වෙනස මම ආදරේ නැති උනත් අර තරම්ම මට අදරේ කරන කෙනෙක් මගෙ ලඟ ඉන්න එක................ජීවිතෙ ඔහොම තමා...සුවඳ පෙන්නලා මල අරන් යනවා.......ලඟ තියන මල් වල සුවඳ වැඩක් නෑ..............බ්ලොග් එක මැක්සා.......ඔහොම යන්......

    ReplyDelete
  27. ඔන්න අදයි ඉස්පාසුවක් ලැබුනේ. උඔත් අර හුලං ගහන්න මට උදව් කරපු කුමාරයා වගේ නේද?
    ඕනැ දෙයක් බලං ඉදල කරන්න පුලුවන් නේද?

    ReplyDelete