07 December 2010

සුභ උපන් දිනක් වේවා...

කවියක් ලියන්න හිතුවා..
ඒක හරියන්නේ නැහැ..
මොන විදියකින්වත් ලිය වෙන්නෙම නැහැ...
මොනිටරය දිහා අසරණව බලනවා හැර වෙන කිසිම දෙයක් කරන්න බැහැ මට..

ඇගිළිතුඩු වෙව්ලන දිහා බලන් හිටියා මම..
ඇස් වේගයෙන් ගැහෙනවා මටම තේරෙනවා..
වැඩට යන්න තව වෙලා තියෙනවා..නැත්තං මම තව මොහොතක්වත් මෙතන ඉන්න කැමති නැහැ.

මම හිතුවෙ නොහිතා ඉන්නයි..
ඒත්..................

අද වැඩ දවසක් උන එක හොඳයි..
නැත්තං අද වගේ දවසක මට මේ කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඉන්න බැහැ.
මගේ ඔළුව පුපුරලා යාවි...

ඔයාට සුභ උපන් දිනක් වේවා...!

23 comments:

  1. මමත් සුභ පැතුවා කියපන් මචන්.... එයාට සුභ උපන් දිනයක් වේවා......

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්............
    එයාට සුබ උපන්දිනක්.........

    ReplyDelete
  3. මාත් එකතු වෙනව සුබ පතන්න.......

    ReplyDelete
  4. කවිකම් කුමට.. මේ කුරුටු ගෑවුණු හිතම ඇති.

    ReplyDelete
  5. හැර දමා නිල් පලා යාය
    පැන ගිය මුවැත්තියට
    සාප නොකරනු
    ප්‍රේමද නොකරනු තවත්
    ඇය නුඹ සිත තැලූ නියාවෙන්
    නුඹ වෙනුවෙන් නූපන්
    ඇය වෙනුවෙන් නොතැවෙනු
    නුඹ පතා උපන් ඇය
    වෙයි කොතැනක හෝ
    සොයා යනු ඇය කරා
    මා මිතුර

    ReplyDelete
  6. කොහොම උනත් යාළු එයාට සුභම සුබ උපන්දිනයක් වේවා කියලා පතමු

    ReplyDelete
  7. එයාට සුබ උපන්දිනක් වේවා . . !

    ReplyDelete
  8. එයාට හැපි බ'ත් ඩේ ටූ යූ කියන්න මාත් එකතුවෙනව.

    ReplyDelete
  9. එයාට සුබ උපන්දිනයක් ....!

    ReplyDelete
  10. අතිශය සංවේදී අවස්ථාවක්.

    අර උඹ ඒකාලෙ එයාගෙ උපන්දිනේකදි එයාගෙ අම්මටයි තාත්තටයි ලියපු කවි ටික මට මතක් උනා. ඒක මාර කවි සෙට් එකක් බං අති විශිෂ්ටයි.
    පුලුවන් නං ඒ පෝස්ට් එකට ලින්ක් එක දාපංකෝ.

    ReplyDelete
  11. හුග දවසකින් බලන්න එන්න ලැබුනේ නෑ. බ්ලොග් කියවිම එහෙන් පිටින්ම මග ඇරුනා...
    හුගක් වැඩ විභාගෙත් ළගයි
    ඉතින් අයියාට සම්මානෙකුත් ලැබිලා නේද?
    බොහොම සතුටුයි :)
    හදවතින්ම සුභ පතනවා හැමදාමත් මේ අවකාශයේ හිටියා වාගේම අපි එක්කලා රැදෙන්න කියලා...
    පහුගිය ලිපි කියෙව්වා මගේ අයියාට හැමදාම හොදක්ම වෙන්න ඕනා කියලා මම පතනවා .
    බුදුසරණයි!!!

    එයාටත් සුබ උපන්දිනයක් . . .
    එත්..
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ අයියේ...

    ReplyDelete
  12. කට්ටිය කොහොමද දන්නේ අද මගේ උපන් දිනය කියලා...මම චුට්ටක් අහක බැලුවොත් මෙයා ඉවරයි.

    ReplyDelete
  13. කට්ටිය කොහොමද දන්නේ අද මගේ උපන් දිනය කියලා...මම චුට්ටක් අහක බැලුවොත් මෙයා ඉවරයි.

    ReplyDelete
  14. එයා ගත්තු එකම එක ඉතා වැරදි තීරනයක් නිසා අපේ සුභ පැතුම් වලින් එයාට ඒ හැටි පලක් වෙයි කියල මම හිතන්නෙ නැහැ...

    උඹේ හිත සුවපත් වේවා !!!

    ReplyDelete
  15. අනේ මන්දා මාරයා අයියේ.... ඔයාට අනාගතේ ගැන හිතන්න වෙලාවක් නැද්ද? මම කියන්නේ නෑ අතීතය අමතක කරන්න කියලා. මොකද මම දන්නවා ඒක කාටවත් කරන්න බෑ කියලා.

    ReplyDelete
  16. මට තේරෙන්නේ නෑ මොනා කියනද කියලා !

    පිරිමියෙකුට ඔහුගේ පලමු පෙමත්
    ගැහැනියකට ඇයගේ අවසන් පෙමත්
    අමතකල කල නොහැක !

    ෂොට් එකක් දාලා ඕක අමතක කරලා දාන්න මාරේ අයියා !
    සුබ පැතුව මාත් ඔන්න ...

    ජයවේවා !!

    ReplyDelete
  17. කනගා‍ටුයි, සහෝ. කරන්න පුළුනන්නං තියෙන්නෙ, සියලුම බැඳීම් නවත්තන එකයි. ඉතිරි හරිය කාළය විසඳාවි. මං දන්නවා කියනවා වගේ නෙවෙයි, කරන්න අමාරුයි කියලා, ඒත් වෙන විකල්පයක් නෑ.

    ReplyDelete
  18. හ්ම්........
    සමනලීත් සුබ පතන්නම්.. එයාට සුබ උපන් දිනයක්!!!!!

    අයියාටත් සුබ දවසක්!!!!

    වෙන මොනා කියන්නද තේරෙන්නේ නෑ...

    ReplyDelete
  19. සැනසුම් සුවයක සේයාවක්
    ඉතිරිව නැහැ ඔබ ඇසුරේ
    සුපුරුදු තනිකම විතරද උරුම
    මට මේ මුළු දිවියේ

    ReplyDelete
  20. @පොඩි කුමාරිහාමී,

    ඔබ තුමියට පොඩි කාලේ ඉඳන්ම පිස්සු තිබුනද නැතිනම් පිස්සු හැදුනේ ලඟදිද ?

    ReplyDelete
  21. සුභ උපන්දිනක් වේවා ඈයට...!!

    ReplyDelete
  22. හමුවීම වෙන්වීම සදාතන මේ ලොවේ
    කිමද මාරයාණෙනි සොයා තිර වූ සුවේ
    කාලයා වේගයෙන් අප අතැරදා දිවේ
    මෙදුක විදිනුයේ ඔබ පමණක්ම නම් නොවේ

    ReplyDelete
  23. ස්තූතියි මා ළග රැඳී සිටිනා ඔබ සියළුම දෙනාට...

    උන්නැහේ..

    අන්න යංතං හොයාගෙන දැම්මා..මගේ ඊ ළග පෝස්ට් එකේ...

    ReplyDelete