11 December 2010

පෙම් වැස්සට හසුවී...

ඔඛෙ නුරා නෙත් කැල්මෙන් නැහැවී..
මගේ හදේ මල් පොකුරු පිපේවී..
සිනා සලන සඳ තරු මල් හිනැහී..
පෙමෙ අමා රස සුවඳ ගලාවී..

නුවන් වැසී අඩවන් වී මත් වී..
නුඹෙ සුසුම් මා පුබුදු කරාවී..
ගලා හැලෙන පෙම් වැස්සට හසුවී..
අපේ ලොවට හෙට හිරු පායාවී...

15 comments:

  1. අනිවාර්යෙන්ම අයියට හොඳ කාලයක් ඉක්මනට ලබාවි. අපිත් ඒක ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. පෙම් මල් මත්තේ රඟ දෙන නුඹ දැක
    අපත් සතුටු වේ නියතයි හෙට දින
    නුඹට දැනෙන පෙම් හැඟුම් පොදිය ගැන
    තවමත් නැහැ අප හට නම් සම වෙන

    ReplyDelete
  3. මාරයා අයියාට වරදින්නේ නෑ :)

    ReplyDelete
  4. හදේ පිපෙන මල් සුවද සලාවි
    සිනා සලන සඳ ඔමරි කරාවි
    ලොවම දකින්නට සිහින පිපේවි
    පෙමේ අරුණ හිත පුරා දිලේවි

    ජයවේවා!! :)

    ReplyDelete
  5. හිරු පායයි මාරයියේ.. ඔහොම යං සැලෙන්නැතුව

    ReplyDelete
  6. ඔයාට ලස්සන ඉරක් පායාව් අයියා

    ReplyDelete
  7. ගලා හැලෙන පෙම් වැස්සට හසුවී..
    නුඹෙ ලොවට හෙට හිරු පායාවී..

    ReplyDelete
  8. අපටත් දවසක හඳ පායනවා – එදාට අපි මල් පැණියෙන් නානවා‌

    ReplyDelete
  9. @ ItalyDilan,
    නොදකිං විතරක් කාලකන්නිය, මිනිහෙක් හැදෙන්න හිතුවා විතරයි, ආපහු වලටම තල්ලු කරනව!

    ReplyDelete
  10. ඔහොම යං මාරේ....අපටත් දවසක හඳ පායන්නෙ නැතෑ

    ReplyDelete
  11. අන්න එහෙම නෙව ඉන්න ඕන ..ඇතිවෙන්න තෙමෙන්න ඔය ලස්සන වැස්සේ ..ඔය වැස්ස හැමදාම වහින්නේ නෑ ..කාලෙකට විතරයි ..

    ලස්සනයි මචං ...

    ජයවේවා !!

    ReplyDelete
  12. "පෙම් වැස්සට හසුවී..."

    හුටා, තෙමිලා හෙම්බිරිසාවක් එහෙම හදා ගත්තොත්, බඩුම තමා..

    ReplyDelete
  13. හොහ් හොහ්..ස්තූතියි හැමෝටම...

    ඇනෝ..හපෝයි...
    ඩිලාන්..ගණන් ගන්න එපා බන්...

    ReplyDelete
  14. අනේ මාරයෝ අනෝල කියන ඒවා ගනන් ගත්තොත් මේ සින්ඩි වල ඉන්න වෙන එකක් නෑ..

    ReplyDelete