16 December 2010

ආදර්ශමත්ව ලිපි ලියමු...මඩ විරෝධී ජාතික වියාපාරය....

ආයෙත් ලියන්න පටන් ගත්තා ඔං...
හැමදාම කියනවා වගේ මං ගෙදර ආපු හැටියි..නාපු කාපු හැටියි නොලියම පටන් ගන්නංකෝ...
විශේෂයෙන්ම දූමී ජන පහන් සංවේගය හින්දාම මං තීරණය කොළා ඔය කන බොන හැටි..උයන පිහන කෑම ජාති ගැන එහෙම නොලිය ඉන්න...

මොකද ආරංචියේ හැටියට අපේ අර කට කහන මුදියන්සේලාගේ ගමරාළතුමාට මේ දවස්වල හරි ඇබැද්දියක් වෙලා..
ඒ මක්කැයි කියලා කියනවනං ඔය මං ලියපු කෑමක් ගැන බලලා කෙළ පෙරන්න ගොහිං ඒ කෙළ බේරිලා උන්දැගේ කී බෝඩ් එකට...දැන් නිකං අර විලිසොං මාස්ටර්ගේ සරපිනාවට වෙච්ච එකේ අනික වෙලා තියෙන්නේ...මක්කවත් කොටාගන්න බැරිව ලත වෙනවළු... මොකද කේන්තියට කොටන්න කියලා අහල පහළ කෙහෙල් ගහක්වත් තියෙන එකක්යෑ...

හොඳම හරිය ඒක නෙවෙයි..අනේ මංදා මෙව්වා කියලත් බැහැ නොකියත් බැහැ..ඒත් ඉතිං නොකියා කොහොමද..?

මෑන්ස් ගිහිං ගම හාමිනේ ගාවට ආපඳා ණයක් ඉල්ලගන්න..අළුතින් කී බෝඩ් එකක් ගන්ට කියලා...ඒ පාර තමයි වැඩේ ඉහළ උසාවි මට්ටමට ගිහිං තියෙන්නේ...

මගේ මේ කෑම හුටපටේ කොයිතරං පැහැදිලි කොරලා දෙන්ට හැදුවත් ඒ උන්දෑ නැහැළු නෙව තේරුං ගන්නෙම...
උන්දෑ කියන්නෙම..කොහේ හරි යන අර ගෑණු පරාණයක් කොම්පීටරෙන් පෙනිලා මුන්දෑ සෙම සෙවල පෙරුව පාර ඔය කියන ආපදාව වෙන්ට ඇති කියලම නෙව...
ඉතිං ඕකෙන් බේරෙන්න දන්න කියන දහං ගැට ඔක්කෝම දාලත් හරි ගිහිල්ලා නැහැනේ...මෑන්ස් කියලා ඉතිං ඇත්තටම මේ මාරයා උයපු කෑමකටම තමයි කෙල පෙරුණේ කියලා...

ඒ පාර අර ගමමහගේ අඩිය එහෙම පොළොවේ හප්පලා කියලා තියෙනවා නෙව..

"හුහ්..එහෙනං එහෙංම ගිහිං කනවා..ආයේ මගේ කෑම රහ නැති හින්දා වෙන්ට ඇතිනේ ඔය හැම තැනම යන ඒවට පෙර පෙර ඉන්නේ කියලා"...

ආයි ඉතිං කිව්වට මොකෝ ආයිබෝං...ඔය ඇත්තී ඉන්නවා නේද..?අඩි හප්පන්ට උපන්ගෙයි හපනී...මොනවද නිකං අපේ මෑන්ස් නිකං සුනාමියට අහුවෙලා ඇඹරිලා ගිය පැරෑළිය කෝච්චිය වගේ...කෙළින්ම ගේ මුල්ලේ...
මක්කා කොරන්නද..?ඔහොම තමයි ඉතිං ඔවාගේ හැටි...

අන්න ඒ කාරුණාව හින්දා මං තීරණය කොළා ආයෙම වංගියක් ඔය කෑම බීම ජාති ගැන කියලා අර පලස්තීනෙයි ඊශ්‍රායලෙයි වගේ බොහෝම සමගි සමාදානෙන් පවුල් කන ඔය ජෝඩුවට හානියක් වෙන ආකාරයේ ලිපි නොලියා ඉන්න...

.....................................

හා ඒ කතාව පැත්තකින් තියමු.
දැන් මේ අපේ අර මුව පෝතක මහතැන් ඇවිල්ලා නෙව ලංකාව පැත්තේ..මොකක් කිව්වා..ඒ කවුද කියලා ඇහැවුවා...
ඇයි බොලං අර ලොවෙත් නැති කවි සිංදු ගෙනල්ලා අපිට අහන්ට සලස්සන අර සුදු අංකල්...

ඔව් ඉතිං අංකල් කිව්වට ඒ හැටිම වයසක් නැහැ...මම ඒක සහසුද්දෙන්ම දන්නේ උන්දෑගේ අර මුණු පොතේ තිබුණු පිංතූර වලින්ම තමයි...ඒ පිංතූරවල තියෙනවා නෙව උන්දෑ ඔය හැටෙ දශකේ වගේ විස්සවිජ්ජාලෙ ඉන්දැද්දී ගත්තු හරි අපූරු පොටෝ කෑලි ටිකක්..අප්පා ඒ කාලේ හරි නාඹර කොළු ගැටයා...සරීරේ එහෙම හරියට නිකං තඹුත්තේගම යෝධයා වගේ බලන්ට එපැයි..
ඉතින් මං හිතන්නේ ඒ තිබුනු පොටෝ කෑලිවල පෙනුමේ හැටියට ඔය හරියටම හැටෙ දසකේ මුල භාගේ විතර වෙන්ට ඕන..ඒ කාලේ තිබුනු චිත්තරපටිවල තිබුණ ඇදුම් කෑළි..කොණ්ඩ විලාසිතා නෙව තිබුණෙත්...
ඒ කියන්නේ උන්දෑ හැටෙ දසකේ විස්සවිජ්ජාලේ හිටියනං දැන් වෙනකොට ඒ හැටි වයසක් නැහැ නෙව...
ඉතිං මට තියෙන පුරස්නේ මෑන්ස් ලංකාවට ආවා ආවාමයි..වෙච්ච දෙයක් හරියටම දන්නේ නැහැ නෙව...

අර අභීත මලයානං කස්ටියක් එක්ක කොහේදෝ ගමනක් යන ගමන් වෙච්ච කතන්දරයක් ලියලා තිබුණා..ඒත් මං හිතන්නේ නැහැ ඒ කතන්දරේ හිටියේ අපේ කතානායකතුමා කියලා..කොහොම උනත් කවුරුහරි පිංවතෙක් උන්දෑ ගැන හරි ආරංචියක් දන්නවානං මටත් ටිකක් දැනුං දුන්නොත් හොඳයි...

.................................

ආ අර කතාව කිව්වමයි මට මතක් උනේ අපේ මේ අර මලයා...ඔව් ඔව් අර ටික ටික හිනස්සන ගොයියා තමයි..මේ දවස්වල අළුත් වියාපාරයක් ආරම්භ කරලා...
ඔව් ඉතිං කිව්වේනං ඔය සංචාරක කරුමාන්තෙට සම්බන්ධ මොකක්දෝ කියලා තමයි..ඒත් ඉතිං දැන් අපේ බ්ලොග් ලියන එව්වෝ බොහෝම බයෙං හැකෙං තමයි මිනිහා ගැවසෙන තැන ඉන්නේ..මොකද කියලා කිව්වොත්..මිනිහට වන්දනාවේ යවන්න සුද්දෙක් තියා වැද්දෙක්වත් අහුනොවන තත්වය මත..අතට අහුවෙන ඕනම එකෙක්ව ඔය කොහේ හරි පටවලා ගාණ කපන්න හදන හින්දායි කියලායි ඒ මගඩියකට අහු උන අපේ මිත්තරයෙක් කිව්වේ...

ඒත් ඉතිං උන්දෑට අපිත් පුළු පුළුවං විදියට උදවු කොරන්න එපැයි.ඒ හින්දා ඔය දන්න කියන උදවිය ඉන්නවනං ඔය රටේ තොටේ සංචාරේ කොරන්න කැමති අපේ මලයව හම්බු වෙලා ඒ වැඩ කටයුතු පිළිවෙළක් කොරගන්න එක හොඳයි..ඕං ඉතිං අපි නොකිව්වත් උන්දෑම දැන් දැන් ටික ටික හිනා වෙන්න කියලා හීන් සීරුවේ උන්දෑගේ අර බොලොගේ රට වටේ තොරතුරු කිය කියා දැන්වීං දානවා...
අපරාදේ කියන්න බැහැ..මේ මළයා හරි දක්ෂයි ඔය සංචාරය කොරවන වැඩවලට...
ආයේ ඉතිං කොටින්ම කිව්වොත් මෑන්ස්ට ඔය දක්ෂතාවය ලැබිලා තියෙන්නේ මිනිහාගේ පරම්පරාවෙන්මයි..මොකද කිව්වොත් උන්දෑගේ මී මුත්තා තමයි අර කෝට්ටේ ගිය පරංගියාටත් ගයිඩ් වැඩේ කොරලා තියෙන්නේ...
ඉතිං එහෙව් උන්දෑගේ මී මුණුපුරා ගැන ආයේ මං කියන්ට ඕන නැහැනේ...

.............................

අප්පද බොල ඔය දැන්වීං කිව්වම මට සිහි නිච්චියට ආවේ අපේ අර මාකොළ පැත්තේ ඉන්න අයිස්පැකට් මරුවාව..
උන්දැත් පහුගිය දොහේ ඔය දැන්වීං කලාව හරි අපූරුවට කොළා...
කොටින්ම කිව්වොත් මෑන්ස්ගේ දැන්වීං වලට පිකප් වෙච්ච බ්ලොග් ලියන උන්දැලා ටික ගෝනි කරේ තියාගෙන කිරිබත්ගොඩ පැත්තේ කරක් ගහලා තියෙන්නේ...
ඉතිං පහුගිය දොහේ ඔය කිරිබත්ගොඩ තිලකවර්ධනේ..එතකොට අර අනූෂා එකේ එහෙම පෝලිම ඉවර වෙලා තියෙන්නේ කඩවත හරියෙන්..ඒ තරමට පෝලිම...

ඉතිං තිලකවර්ධන මුදලාලි විතරක් නෙවේ මුළු කිරිබත්ගොඩ වෙළඳ සංගොමේම තීරණය කොරලා මෙදා පාර නත්තලටත් මේකාවම පාවිච්චි කොරන්ට උන්දැලාගේ බඩු මුට්ටු විකුණගන්ට...

ඔය කවුරු හරි කිරිබත්ගොඩ ගිය වෙලාවක අර කඩසාප්පු ඉස්සරහා රතු ලොගුවකුත් ඇඳගෙන පිස්සු කෙළ කෙළ ඉන්න නත්තල් පප්පෙක් දැක්කොත් ටිකක් නතර වෙලා කතා කොරලා යන්ට අමතක කොරන්ට එපා..මොකද ඒ අපේ මෑන්ස් වෙන්න පුළුවන්..අඳූරගන්න තියෙන පහසුම කොරමේ තමා අර සුදු රැවුලට යටින් යාන්තමට හරි අගුරු වගේ සුදුපාට මූණු පොඩ්ඩ පොඩ්ඩක් පේන එක...

..................................

අප්පා අද මං මේ මොනවද ලියලා තියෙන්නේ...
මොනවා ලිව්වත් ඉතිං දැන් ආයේ මකන්ටයෑ..ඔන්න ඔහොම පබිලිස් කොරලා දාමු...
අනික ඉතිං මං කවදාවත් නරක දෙයක් ලියන එකක්යෑ..කාට කාටත් ආදරුසමත් දෙයක් ලීවොත් ඇර...

ඔය කාට උනත් ලියුමක් ලියා ගන්න හැටි..ඒ කිව්වේ මේ අනං මනං වල්පල් දොඩවන්නේ නැතුව එක එක්කෙනාට මඩ ගහන්නේ නැතුව... වචන හතරක් ගලපගන්න හැටි ඉගෙන ගන්න ඕනනං..දන්නවනේ තැන..අන්න එතනට එන්න..එතන මාරයා ඇති...

යඥ්ඥං.....

44 comments:

  1. මඩ ගහනව කියල මෙහෙමත් මඩ ගහනවද මං අහන්නෙ?

    ReplyDelete
  2. ඔය ඉතින් මාරයාට මාරයා බලන්න ඕන වෙලා වගේ නේ....

    අර මගේ කථාවේ පොර, හද ගී පොත නෙමෙයි මාරේ.....

    අද සිට මඩ මාරෙ කියලා හැඳින්නුවත් වරදක් නැතිවෙයි මයෙ හිතේ....

    ReplyDelete
  3. රංග...

    අපෝ නෑ රංග..මම එහෙමත් කොරනවද..?
    අනික මෙ මං අනිත් අයටත් කියන්නේ හොඳ ආදරුසමත් ලිපි ලියන්න කියලනේ..
    ආ..රංග නේද..?
    මට මෙ ඔයා ගැනත් නිකං මතකයි මතකයි වගේ...

    ReplyDelete
  4. අභීත...

    ආනේ... මෙ අපේ අර මලයානේ...
    ආ එහෙම නෙවෙයිද..?ඒත් මං හිතුවා උන්දෑ කියලා..එහෙමනං කව්දෑ අර නිශාන්ත කියන්නේ..අපේ බිගුවාවත්දෑ..?

    ඒක නෙවෙයි අභීත මල්ලී..අර මාරයා පෙන්නන එකත් අර මං කිව්ව කෙනාගේ සංචාරක වියාපාරෙට ඇතුළත් වෙයිද දන්නේ නැහැ..

    ReplyDelete
  5. ඒ පාර දුමීගෙ රස්සාව පටන් ගත්තද මඩ ගැසීම. ඔන්න ඉතින් මාරයටත් හම්බවෙන්න යන්නෙ කට්ටියගෙන්

    ReplyDelete
  6. පිණි බිඳු...

    ඔකනේ මෙ අපේ අයගේ වැරැද්ද..
    මං මෙ ආදරුසමත් වෙන්න හදනවා...ඇයි ඉතිං මට බනින්නේ...?

    ReplyDelete
  7. මට නම් මාරේ අයියගේ ජීවිත කතාව අහලා එපා වෙන්නේ නෑ ..මාරයා කන හැටි බොන හැටි මාරම ආසාවෙන් අපි කට ඇරං බලං ඉන්නේ ! ඉතිං මචෝ අද නිවාඩු වගේ .ඒකනෙව මඩ පාරක් ගහන්න පටන් අරං තියෙන්නේ .

    ඔයා වගේ දවසක් ඇර දවසක් නිවාඩු තියන ජොබක් දැන් මටත් හොයාගන්න හිතෙනවා අප්පා

    ජයවේවා !!

    ReplyDelete
  8. නරකද ජාතික රූපවාහිනියෙ හරි ගුවන් විදුලියෙ හරි ලේක්හවුස් එකේ හරි රස්සාවක් ඉල්ලගත්තනං

    ReplyDelete
  9. මාරයෝ කැමතිම අඳුම මොකක්ද අවසන් ගමන් යන්ඩ :D

    ReplyDelete
  10. සද්ද නැතුව හිටියට ඔය දීල තියෙන්නෙ කට්ටියටම සහතික,,,,

    ReplyDelete
  11. මේක නම් පුදුම මඩ ගැහිල්ලක්..රූපවාහිනි නිව්ස් වගේ..මාරයා කිව්වට දැන් නම් මාරු කරන්න වෙයි වගේ....

    ReplyDelete
  12. ඔන්න ඉතින් මාරයා මැරුම් කන්නයි යන්නෙ....

    යකෝ, මම මේ ඊයේ කොටල තිබ්බා අද දාන්නම් කියලා, මූ ඉස්සර වෙලානෙ..... ඈ බං උඹ ඔය කේන්දර බලන ඒවට අමතරව බූතයෝ, යක්කු වගේ එවුන්ව බැඳගෙන වැඩ ගන්නවද ?

    පුදුමයි මූ අද කෑමක් ගැන ලියලා නැති එක... හික් හික්...

    ReplyDelete
  13. ඔන්න ඔහේ කෑම ගැනත් ලියන්න මාරෙ අයියා. අනුන්ගෙ පවුල් කැඩුනහම මොකෝ අපි තාම පවුල් වෙලා නැහැ නොවැ.

    ReplyDelete
  14. හිස් අහස...

    මෙ වගේ ජොබක්...හපොයි යසට හිටිය කොළුවට මොකදෑ වෙන්න යන්නේ..?

    ReplyDelete
  15. Praසන්ன...

    ඒකත් හොඳ අදහස..හැබැයි අර හඩ්සන් උන්නැහෙයි මහින්ද උන්නැහෙයි ඉන්නකං මට හැරෙන්නවත් බැරි වෙයි..

    ReplyDelete
  16. වැප්...

    අනේ මලේ අර බොලා නත්තලට අඳින්න හිතාගෙන ඉන්න නත්තල් සීයාගේ ඇඳුමනං පංකාදුයි වැඩෙට..ඒත් බං උඹ අඳින එකක් ආයේ නහය තියාගෙන අඳිනවා කියන එක තමා පුරස්නේ...

    ReplyDelete
  17. හරී - පිණිපළස...

    කිව්වට මොකද අක්කේ..මොන දෙයක් හින්දා හරි අද මං ඇබින්දක් ඉස්සර උනා..නැත්තං ඊට ටිකකට පස්සේ බලහංකෝ අර දුමියා කොරලා තියෙන වැඩෙ...

    නැත්තං ඉතිං බලන අය හිතයි මම මෙ දුමියාගේ මඩට මඩකින් උත්තර දුන්නා කියලා...

    ඔන්න දුමියානං එහෙම කොළා වගේ පේනවා..හිහ් හිහ්...

    ReplyDelete
  18. මන්දාකිණි...

    මොනවා කියනවද..මම මෙහේ රූපවාහිනී නිව්ස් දාලා පැය දෙකක් යන්න මත්තෙං ආන් සිරසත් නිව්ස් දාලා...

    http://dhumee.blogspot.com/2010/12/blog-post_16.html

    ReplyDelete
  19. දුමී...

    ඇත්තටම බං මරු වැඩෙ නේද..?උනේ...
    මට ඔවා පේනවා බං..මට විරුද්ධව ජාත්‍යන්තර කුමණ්ත්‍රණ එහෙම කොරන කොට මට ඔවා මීටර් වෙනවා...නිකංයෑ අර බුද්ධියා මට "මාරගුරු කුමාරස්සාමි" කියන්නේ...

    මොන කෑමද බං උය උයා ඉද්ඳී ගෑස් ඉවර උනානේ...
    දැන් ඉතිං ආයෙමත් යක්කල තමයි. කොහේද අපි මෙහේ මොනවා හරි තම්බං කාලා ඉන්නකොට ඒවටත් හූල්ලනවා නෙව සමහරු...

    ආ..පොඩ්ඩක් ඔහොම හිටු මං යකාගේ තරම පෙන්නුවෙ නෑ තව...

    ReplyDelete
  20. Ranga...

    යකඩෝ..මුළින්ම ආවානේ සිංහල රංග කෙනෙකුත්..
    ඒ ගමන මෙන්න ඉංගිරීසියෙනුත් ඇවිල්ලා...

    අනේ බං මල්ලියේ ඒ උනාට පුස්නේ මෙකනේ..
    මක්කා හරි වෙලා ඔය දීගේ කැඩුනොත් එහෙම..දුමියනං ඉහේ මල් පිපුනු ගාණට සතුටුවෙයි..ඇයි යකඩෝ එසේ මෙසේ විඳවිල්ලක්යෑ මෙ ගොයියා කරන්නේ අර ගමහාමිනෙත් එක්ක..ඔං මං කියන්නේ බොරුනං කියවලාම බලමුකෝ ඒ ඇත්තීගේ ඉවුං පිහුං ගැන උනත්...

    http://dhumee.blogspot.com/2010/12/blog-post_16.html

    හොඳයි දුමියාගේ සතුට වගේද අර ගෙදර උන්දැව ඊළගට බාරගන්නේ කවුදැ.. අපි නොදන්න පොඩි මල්ලිද..?
    ඒකාට තාම උණ විකාරෙ වගේළු අපි ඔටුවෝ රගපාද්දී කම්පනයකට ලක් වෙලා...

    ReplyDelete
  21. හානේ කිව්වා වගේම මඩ බිංදුවක්වත් නෑ නොවැ..ආදරුසමත් ලිපියක් නේ :P

    ReplyDelete
  22. හසී...

    ඒකනේ නගේ කියන්නේ..නගා විතරයි හරි හමන් විදියකට දෙයක් දකින්න ඇහැකි කෙනෙකුට උන්නේ...
    අනේ බොහෝම පින් මෙ මැර තර්ජන අස්සේ මං වෙනුවෙන් කතා කොලාට...

    ReplyDelete
  23. ෂා මේ වගේ ආදර්ශවත් ලිපියක් මම දැක්කමයි. මාරයියට පිං සිද්ධ වෙච්චාවෙ මේ කරන ජාතික මෙහෙවරට :P :P

    ReplyDelete
  24. බොලාටනන් දිස්ටි බලයක් තියෙනවා... නැතිනන් කොහොමද බං මම ඊයේ කොටපු මේ ලියුම අද දාන්න කලිං මූ මට මල්ටි බැරල් මඩ ප්‍රහාරයක් එල්ල කරේ.... මූ මාරයෙක්ද නැත්නම් වෙසමුණිද ?

    ReplyDelete
  25. බ්ලොග් වීරයන්ට මේ වගේ මඩ ගහනවද? ඒක නෙමේ පුරස්නයක් තියනවා...හැම කෙනාටම මෙහෙම ගෙදර උන්දැලා ඉස්සරහා දන ගහන්න වෙයිද මාරයෝ බයේ බෑ මෙව දකිද්දිත්...

    ReplyDelete
  26. roylyfernando...

    ඒකනේ මලේ කියන්නේ..
    අපි නැති දාට ඉතිං මෙවා කවුරු කරයිද දන්නේ නැහැ.

    ReplyDelete
  27. දුමී...

    අම්මපා බං අර දුකාටයි අපේ තිස්ස පොඩි පුතාටයි තියෙන්නා වගේ මොකක්දපති එකවත් වැඩ කොරනවාවත්ද..?

    ReplyDelete
  28. ItalyDilan...

    ඒක නේන්නං..කන් හීතල වෙලා යනවා මතක් වෙද්දී...

    ReplyDelete
  29. මොකක්ද මාරයෝ ඒ... නිකං හෝමියෝ පති වගේ එකක්ද... ? නැතිනම් තරු පති ? ක පෝති ?

    ReplyDelete
  30. දුමී...

    අනේ මංදා දුමී..එව්වෝ දෙන්නාටත් ඔන්න ඔය මොකක්ද එකක් තියෙනවා කියලා නිතරම දොඩනවා මං බලාගෙනයි..අර කිව්වත් වගේ කපෝතිද දන්නෙ නැහැ.

    ReplyDelete
  31. අනෙ අම්මපල්ලා බොලවු.. දුමියගෙ මඩ ප්‍රහාරය බලල මෙතනට එනකොට මෙතන ඊට හපන් නොවැ.. උඹලට පිං සිද්ධවෙනවා මචංලා අපේ ලේ ටික මෙහෙමවත් පිරිසිදු කරල දෙනවට...

    මේ ඒක නෙවෙයි, කිවුවත් වගේ තිස්ස ලොක්කට මක්කැයි වෙලා තියෙන්නෙ..?? කවුරුහරි සුදු වෑන් එකක්වත් දාලා ඉස්සුවද දන්නෙ නෑ. පොඩ්ඩිත්තක් හොයල බැළුවනං..

    ReplyDelete
  32. මෙව්ව ඇවිල්ල මාර මඩ නොවැ මාර අයියේ...

    ReplyDelete
  33. මෙතන පට්ටම අසාධාරණයක් වෙලා තියෙන්නේ..... එකෙක්ව විතරක් නමින්ම කපලා දාලා.. ටියුබ් ලයිට් උන්ටත් පත්තු වෙනවා ඒක දැක්කම.....

    ඌ වෙනුවෙන් මම යනවා උසාවි.... මාරයාට විරුද්ධව නඩුවක් දාපු පළවෙනි එකා වෙන්න වත් බැරියැ.....

    ReplyDelete
  34. Buratheno...

    අපොයි එහෙම විපතක්වත් වෙලාද හැබෑට..
    ඒත් ඉතිං ගෙනිච්ච උන්ම ආපහු ගෙනත් දානවා..මිනිහා පැරණි රසාංග ඉදිරිපත් කොරන්න ගත්ත ගමන්..දැන් ඉන්න උන්ට ඔවා අල්ලලා යන්නේ නැහැනේ..රැප්, හිප්හොප් මිසක..

    ReplyDelete
  35. පිස්සා පලාමල්ල...

    හා හා එහෙම කියන්න එපා..මෙතන මඩ නැහැ..හරි පිරිසිදුවට තමයි මෙක කොලේ ඔං...

    ReplyDelete
  36. අභීත...

    අම්මපා මෙව්වට තමයි කියන්නේ කළ හොඳ පස්සෙං එළෝනවා කියලා..

    කාවද යකඩෝ නමින්ම කපලා තියෙන්නේ..?
    හාවොන්ට විඳපු ඒවා පඳුරුවලට වැදිලවත්ද..?

    ReplyDelete
  37. ඌරන්ට මොන සෞඛ්‍ය ද කිව්වා වගේ අපේ මාරයියට මොන මඩද......නේද......?

    ReplyDelete
  38. පසුගිය ටිකේ මම දැක්කා බ්ලොග් ලියන කිහිප දෙනෙක් එකිනෙකාට තිරිසන් විදියට මඩ ගසා ගන්නවා.උන්ගේ බ්ලොග් වලට මාරයා හොද පාඩමක් කියාදෙනවා.මාරයාගේ ලිපි කියවනකොට ඇත්තටම ලේ පිරිසිදු වෙනවා.
    හැබැයි ඔන්න මාරයෝ මාව දැක්කේ අදමයි කියලනම් කියන්න එපා!මට ඒක දැන් අහලම එපාවෙලා.

    ReplyDelete
  39. ඈ බන් අය්යෙ ඒ පාර උබත් පටන් ගත්තද මඩ ගහන්න?

    ReplyDelete
  40. මාරෙ : නෑ නෑ උඹට මාව මතකත් නෑ උඹ මාව දන්නෙත් නෑ. බුදු අම්මෝ මට නම් ඔය මඩ වලට ගෑවෙන්න බෑ හි හි.

    ReplyDelete
  41. Udhara...

    නැතුව නැතුව ඔයාටයි මටයි මොන සෞඛ්‍යද..?

    ReplyDelete
  42. JHOTHISHALANKA...

    අනේ මෙ ජීවත් වෙන ටික දවසට ඔය මරා ගැනිලි මොකටද..?
    තමුන්ගේ පාඩුවෙ ජීවත් වෙනවා මිසක්...

    ආ අනික මං ඔන්න කියන්නේ නැහැ..අදමයි දැක්කේ කියලා..ඔනනං මං දන්න කියන විස්තර ටිකකුත් තමුන්නාන්සේ ගැන කියන්නං..හිහ්..අකමැති නැත්තං...

    ReplyDelete
  43. mahima...

    චී..චී...අපි ගහනවද මඩ..?

    ReplyDelete
  44. රංග...

    අනේ එහෙම කියන්න එපා බං..මටනං මතකයි මතකයි වගේමයි...

    ReplyDelete