18 December 2010

එසේ නොවේ නම් මෙසේ විය හැක...

බැසයන හිරු සේ..
ඔබගේ අහසේ..
මා අද දින
සමුගෙන යමි මෙලෙසේ..

යළි හෙට දිනයේ..
නොනැගෙන අහසේ..
මළ ගිය හිරු ගැන
ඔබ නොසිතන සේ..

මින් මතු ආයේ..
නොම හඳුනන සේ..
පෙර දින විලසින්
දිවි ගෙවනා සේ..

කිසි දින එලෙසේ..
නාඳුනනා සේ..
දිවි ගෙවුවද මා
සිත හඩනා සේ..

මතු දින දුකසේ..
දිවි ගෙවනා සේ..
උරුමය එයනම්
මම ඉන් සැනසේ..

19 comments:

  1. මක්කැයි මාරය මේ කියන්නෙ.
    ඔහොම උකටලී වෙලා ඇහැක.
    ඔන්න ඔහේ එකෝමත් එක කාලෙක කතන්දර අමතක කොරලා දාලා අනාගතයක් ගැන හිතලා වැඩක් කොරපං මස්සිනේ.

    ReplyDelete
  2. නසරාණියාගේ කතාවට සීයට දෙසීයක් එකඟයි මම. ඒත් ඉතිං මම දන්නවානේ කට කැඩෙනකම් කිව්වත් මාරයා අයියා නෙමේ ඕවා කනකට ගන්නේ

    ReplyDelete
  3. අහ් අහන්න අමතක උනා අර මාරාන්තික මහා මඩ ගැටුම ඉවරද?

    ReplyDelete
  4. නසරාණියා...

    සිතමි සිතමි..
    අනාගතය ගැන බොහෝම සිතමි..
    මෙ තියෙන එක ඉවර උනහම ඊ ළග එක ගේන හැටි සීතීමත් අනාගතයට අහුවෙන එකක් නෙව...

    ReplyDelete
  5. පූසා...

    හා හා මල්ලිලා ඔක්කෝම එක පැත්තේ අපි ඉතිං තනියම..මක්කා කොරන්නෙයි...

    අනේ මලේ කොහේද මඩ ගැටුමක් තිබ්ඛෙ..මම හාංකවිසියක්වත් දැනගෙන උන්නේ නැහැ නෙව බොලේ...

    ReplyDelete
  6. මේ ඒක නෙමෙයි අයියේ හෙට සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවට එනවැයි. දන්නවා ඉතිං මාරයා අයියා බොහෝම බිසී කියලා. නිකමට වගේ ඇහුවේ.

    ReplyDelete
  7. අනේ මාර අයියේ අමාරුවෙන් නමුත් අතීතය අමතක කරන්න උත්සහ කරන්න අඩුම ගානෙ තමන් වෙනුවෙන් නොවුනත් Blog අවකාශයේ ඔයත් එක්ක හදවතින් මිතු දම් පවත්වන මිතුරු මිතුරියන් වෙනුවෙන්වත්.
    අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නෑ......කියල කියලා තියෙනවා නොවෑ.......

    ReplyDelete
  8. දුක්වෙන පටන් ගත්තොත් ඉතින් දිගටම දුකම තාමා...ඉතින්...

    අයියේ ..ඒ අස්සේ පස්සෙන් එඋන් 200 ගහලා සුබ පෑතුම් ඒකට....

    ReplyDelete
  9. කවිය නම් භාවාත්මකව ලියල තියෙනව. අනේ ඒවුනාට මට මේක තේරෙන්නෙ නෑනෙ. මොකක්ද පුස්නේ...

    ReplyDelete
  10. මෙන්න මාරයා වැලන්ටයින් වෙලා.මුල් හතර කොහොම වුනත් අන්තිම පදවැල නොලිය හිටියනම් හොදයි..

    ReplyDelete
  11. මාරයත් හරියට කාලගුනේ වගේ මේ දැන් අකුණු ගහ ගහා වහිනවා.

    මෙන්න බොලේ අනිත් පැත්තෙන් දිලිහි දිලිහි පායනවා.

    මේ දැන් මඩ ගහ ගහ ජොලියේ ඉන්නවා . .

    මෙන්න තව ටිකකින් වැලහින්නි වගේ අඬනවා.

    ReplyDelete
  12. සමුගන්නම් නුඹේ ලොවින්
    මා අමතක නිසා ඉතින්..
    දුක් විඳ හිත හදා ගත්තා
    බොහෝ මං..

    ReplyDelete
  13. කතා දෙකක් නෑ අද මූ බීල ..

    ඒක නෙවේ මොකද්ද මේ සෝකේ ? මඩ පාරවල් වැදිලා මාරේ අයියගේ මොලේ මඣ්ඛ්ං වෙලා ..

    මාරේ අයියගේ හිතට දුකක් දැනෙන කොට ඒ හිතේ හිර කරගෙන ඉන්න එපා ඒ දුක ගහක බෙනේකට කියන්න ..නැත්තං කවි ලියන්න .

    ජයවේවා !!

    ReplyDelete
  14. සැනසුම් සුවයක සේයාවක්
    ඉතිරිව නැහැ ඔබ ඇසුරේ
    සුපුරුදු තනිකම විතරද
    උරුම මට මේ මුළු දිවියේ....................

    ReplyDelete
  15. අනේ මාරයත් කවියෙක් උනා නේ...

    ReplyDelete
  16. ආයෙ වයර් මාරු වෙලා.....

    ReplyDelete
  17. අනේ මාරයියේ අමාරුවෙන් හරි ඔය අතීතේ අමතක කොරමු අප්පා...ඔයා කොච්චර හොද මනුස්සයෙක්ද...දුකයි ඔයා වගෙ තව කාවහරි මේ රටට දෙන්නෙ නැතුව පොලවට පස් වෙලා යයි කියලා..එහෙම උනොත් අපරාදේ...අපේ රටේ ඉන්න බාගයක්ම මොලේ කුරුවල් වෙච්ච එවුන් නෙ. ඉතින් ඔයාලත් ඔහොම බි බී නාස්ති වෙලා හරියනවද...පන්ඩිතයා වගේ කියෙව්වට තරහා වෙන්න එපා අයියේ..ඔයා කව්ද කියලා දැකලා නැති උනත් මේ ඔයාගේ වචන,අදහස් හරහා අපි ඔයාව දකිනවා...ඉතින් ඒ අයියාට මං හරිම ආදරෙයි...හැමදේම හිමිහිට අමතක කරලා ආයෙත් මුල ඉදලා පිලිවෙලකට ජිවිතේ පටන් ගන්න අයියේ...

    ReplyDelete
  18. හප්පච්චියේ උත්තර බඳින එකනං ලේසි නැහැ නෙව..
    ඔක තමයි කියන්නේ එක පිට එක නොලියාපිය..ලිව්වත් එය නොම දාපිය කියලා...

    බොහෝම ස්තූතියි අදහස් දැක්වූ හැමෝටම..

    දුකා...

    ඔහොම තමයි බං මගේ හැටි..
    වැළපෙන්න ඔන උනහම බොක්කටම අරගෙන වැළපෙනවා..
    හිනැහෙන්න ඔන උනහම ඔන මගුලක් කියලා සංතෝසෙන් ඉන්නවා...

    මන්දාකිණි...

    අප්පොච්චියේ අදද මාර කවි දැක්කේ..

    මම...

    මොකක්මං වගේ තව එකෙක්..හුටස් තමයි...එක අතකිං ඔක මහ දේකුත් නෙවෙයි..ඒ උනාට මගේ අප්පච්චියේ..ඔක තනියෙන් කොරන්න ඇහැකි දෙයක්යෑ...
    අපේ අම්මයි අප්පයි මෙ මං හින්දා කෑව කට්ට කන්න සෙට් උනොත් ඉතිං ඒ මං ගැන නොදන්න කවුරු හරි තමයි...

    Ranga...

    ආ තේරුණේ නැත්තං ඒක ණියම භාවාත්මක එකක් තමයි..හරියටම හරි..ඒ කියන්නේ නිර්මාණය අති විශිෂ්ඨයි..

    ReplyDelete