19 December 2010

ඔන්න ඉතිං මාත් ගියා...

දන්න කියන හුග දෙනෙක් ඇවිත් තිබුණා..ඒත් ඉතිං වැඩ සටහන ගියේ කාලිංග මහත්තයා ඇතුළු පිරිස විසින් සකස් කරලා තිබුණු වැඩපිළිවෙලට අනුව තමයි..ඒකට ඉතිං වරදක් කියන්ට බැහැ..උන්නැහේලාගේ මහන්සිය නෙව...
මොකද වැඩෙ අපිට සුව පහසු විදියට සකස් කොරලා තිබුණා හොඳටෝම..
ඒසී කොරාපු තැනක.. දවල්ට කොටා බාන්ටත් දීලා හොඳට වැඩෙ කොළා හීතල තමයි උහුලන්ට අමාරු උනේ..ඔන්න හීනියට දෙකක් නෙලා ගන්ටත් පහසුකං තිබුණනං ඒ හීතලෙත් වරදක් නැහැ ඔං...

ඊ ළග පාරවත් බලමුකෝ එහෙම අංශයක් සැට් වෙයිද කියලා..හියැහ්...

ඒක එහෙම කියමුකෝ..බ්ලොග් වල තාක්ෂණික පැත්ත පිළිබඳව ටිකක් විතර කතාව නැගලා ගියා ඒක නැගලා යන අතරෙ මට කඩින් කඩ නින්දත් ගියා නෙව..කොහේද ඉතිං අපිට ඔය වැදගත් විදියට ඉඳලා පුරුද්දක් ඇත්තෙම නැහැනේ..හැබැයි සැරින් සැරෙ නින්ද කැඩුනා ඒ තමයි ඉතින් මගේ අල්ලපු පුටුවෙ වාඩි වෙලා හිටිය අර පැරණි රසාංග මහත්තයා ගොරවන සද්දෙට..
මංනං ඉතිං ඒ නින්දට බාදා කොලේ නැහැ...මෙ දවස්වල උන්දැට මෙ බ්ලොග් බලන්න විදියක් නැහැ..ඒ හින්දා බය නැතිව ඔන එකක් ලියන්ට පුළුහං..නැත්තං ඉතිං ගෝරි ගොඩයි...
ආ තව එකක් උන්දෑ මං ළගින් වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා අර එෆ්එම් මයික් එක දැකලා

අනේ මලේ මට අරකෙන් සිංදුවක් කියන්ට ආසයි බං කිය කියා ඉඳලා..කරදරේ බැරිම තැන චෑන්ස් එකක් ඉල්ලලා දුන්නත් අන්තිමට බැහැ කිව්වා නෙව..උදව් කොරන්ට යනවට අපිට හොඳ පාඩං ඔව්වා..

වැඩ සටහනනං හොඳයි..ඒත් ඉතිං බ්ලොග් සාමාජික සාමාජිකාවන්ට මීට වඩා විධිමත් විදියට අදහස් හුවමාරු කරගන්ටත් ටික වෙලාවක් හරි වෙන් උනානං කියලා මගේ ටිකිරි මොළේට හිතෙනවා...

සකස් කරගත්තු රාමුවක් ඇතුලෙම නැතුව තව ටිකක් සුහදතාවය වර්ධනය කොරගන්ට ඇහැකි විදියට කෙරුණනං..

අන්තිමට ඉතිං ඒක ටිකක් හරි කෙරුණේ කන්ට ගිය වෙලේ තමයි...
ඒත් ඉතිං හතර දෙනා හතර දෙනා මෙසවලට වෙන් වෙලා ඒක කොරන්ටත් අමාරුයිනේ...

මට හිතුනේ කෑම එකත් අරන් ඉස්සරහා වැව අයිනට ගියානං මාළුන්ටත් බත් ඇට දෙක තුනක් විසි කරලා අපිටත් කයියක් ගගහා නෙලන්ට තිබුණා නෙවද කියලා..ඔක තමයි කියන්නේ කූඩැල්ලා මෙට්ටෙ තියන්ට බැහැ කියලා...

හා තවත් නිව්ස් එකක්...මෙ අතරේ පාවති එකම එක තරගයෙන්නං ඔන්න මාරයා පළවෙනි ස්ථානෙත් අපේ නිශ් ගොයියා දෙවෙනි ස්ථානෙත් දිනා ගත්තා කියලා සතුටින් දැනුම් දෙන්ට ඔන..ඒ අතරෙ තුන් වැනියෙකුත් හිටියා...තරගෙ මොකක්ද කියලා ගිය අයගෙන්ම තමා දැනගන්ට වෙන්නේ...

අන්තිමට කා එක්කත් පුළු පුළුවන් හැටියට වචනයක් දෙකක් කතා කොරලා මාත් ඉතින් ආපහු ආවා...
ආ ඒ විතරක් නෙවී..ලෝබ නැතුව පොටෝ කෑලිවලටත් පෙනී හිටියා...
අන්තිමට මට පෝටෝ ගන්ට අමතත වෙලා ගියා..දැන් ඉතින් අනිත් උන්දලා ඔවා මුණු පොතේවත් දාලා මඩ වියාපරය පටන් ගන්ට ඔන මටත් පොටෝ කෑල්ලක් බලන්ටනං

කතා බහ කොළ හුග දෙනෙකුට තිබුණු පුස්නයක් තමයි මාරයා උන්දලා හිතුව තරං යක්ෂ පෙනුමක් නැති වීම..ඒ ඉතිං මාරයාගේ වෙස් පෙරළිවලින් එකක් තමයි.අනික ඉතිං සලමොං කාංගේ බාප්පගේ පුතාගේ නැන්දාගේ ලොකු අම්මාගේ අල්ලපු ගෙදර හිටිය කෙනෙක්ගේ යාළුවෙක්ගේ පුතෙක් වෙචිචි එකේ ඔවා ඔහොම තමා..
ආයේ ඉතිං මාරයා විතරක් නෙවෙයි හුගාක් හයේ හතරෙ බුවාලා කියලා හිතං හිටිය හුගාක් ඇත්තෝ ඒ හිතුවට වඩා ටිකක් විතර පුංචියි..දෙන්නෙක් තුන්දෙනෙක් ඇර..ඒ අය කවුද කියලත් අහන්ට එපා..එක්කෙනෙක්නං පාතාලයට අධිපති කෙනෙක් ඒ කියන්නේ පතල් හිමි කෙනෙක්..

ඉතිං දැන් මෙ මදෑ...
මං නොලීවට අද රෑට හුගාක් අය දාන්නේ නැතෑ මෙ ගැන ලියුං කරදහි.
මට දැං ටිකක් නිදිමතයි..රෑට වැඩට යන්ටත් එපෑ..හා මං බබා දොයිය බබා වෙනවා..

46 comments:

  1. අප්පේ පොටෝ ගන්න පටන් ගත්තාමනේ මාරයා අයියාගෙන් බේරිල්ලක් නැති උනේ.... පස්සේ පස්සේ මිනිහා කැමරාවක් දැක්ක ගමන් ගිහින් ඉස්සරහින් හිටගන්න පටන් ගත්තා නොවැ හරි අමාරුවෙන් නවත්තගත්තේ

    ReplyDelete
  2. හරි සාර්ථකයි..ඔන්න පළවෙනි මඩ ප්‍රහාරය...

    කෝ කෝ..අනිත් අයත් පටන් ගන්ට..අපරාදේ මෙහෙම අවස්ථා මග අරින්ටම හොඳ නැහැ.

    ReplyDelete
  3. මඩ???? මොනවද මඩ කියන්නේ මම නම් දන්නේ නෑ. අපි ඕවට නෑ අපි ඇල් වතුරත් නිවලයි බොන්නේ.......
    ( චික් අද ලියන ලියන කොමෙන්ට් එක වරදිනවා)

    ReplyDelete
  4. හලේ ඉතින් නෙගියට මාත් ලයිව් බලාගෙන උන්නේ.... ඊළග අවුරුද්දෙනම් මාත් එනව ඔන්න....

    ReplyDelete
  5. අනේ ඉතින් අපිත් ආසයි ඕවට සහභාගි වෙන්න,,,කවදා හරි සහභාගිවේන්න ඕනා,,,දැන් නම් මඩ නාන එක වැඩි වෙයි වගේ...

    ReplyDelete
  6. මේ වතාවෙ නම් බැරිඋනා බොලේ මේ දුර බැහැරක ඉන්න නිසාවෙන්, ලබන පාර වත් බලමු, රතනත්තරේ පිහිටෙං,

    ReplyDelete
  7. හි හි :D එලට ලියලා තියෙන්නේ :D

    ReplyDelete
  8. අද මාරයා මාර වෙස් අරගෙන නෑ... බොහොම සතුටුයි මුන ගැහීම අයියාව..

    ReplyDelete
  9. සිරාවට බ්ලොග් අවකාශයේදි දකලා තිබ්බට ගොඩක් අයව අද තමා හරියට අදුන ගත්තේ

    ඇත්තම කිව්වොත් මම නම් ආවේ මාරයාගෙන් බණක් අහගන්න කියලා කොහේද මෙයා හිමින් සැරේ ලිස්සලා ගියා නොවැ

    ReplyDelete
  10. කට්ටිය සෙට් වෙලානේ... මූනු පොතේ එහෙම දැම්මනම් අපිටත් බලා ගන්න... හික් හික් පූසා දීපු ටෝල්ක් එකනම් මරු හික් හික්...

    ReplyDelete
  11. ඔය ඇවිත් ඉන්නේ පැරණි රසාංග මහත්තයා... හික් හික්... මාර අයියා මේ දවස් වල ඇල් වතුර බිබී මඩ ගහන්නේ

    ReplyDelete
  12. අපිටත් එහෙනම් මාරයා දකින්න චාන්ස් එකක් හම්බ උනා එහෙනම්

    ReplyDelete
  13. අප්පෝ බොන්න මොකුත් තිබ්බේ නැතෙයි ? වෙලාවට මම ආවේ නැත්තේ ..මාරේ අයියා පිතූරවලට පෙනී හිටියා කියන්නේ ? මම හොයාගන්නම් මම හොයාගන්නම් . දැන් මාරයට මගෙන් බේරෙනව බොරු ..

    මම නම් ආවේ නෑ නෙව ආවනම් හොඳයි කියලා හිතෙනවා .ඒත් මම වැඩිය සමාජ සීලී නෑ .ගෙදර හැදිච්ච කොල්ලනෙව .

    ජයවේවා !!

    ReplyDelete
  14. හා හා කට්ටිය සෙට් වෙලා තියෙන්නෙ... කොහෙද අපිට ඉතින් චාන්ස් එකක් නැති උනානෙ මාරයා දැකගන්න... මාරයෝ, මොනවද බං කන්න තිබුනේ ? උඹට ඒ ටික ලියන්න අමතක වෙලා......!!

    ඊයේ දවසම උඹ බ්ලොග් එක පැත්තෙ හිටියෙ නැත්තෙ මොකද, යක්කල පැත්තෙ ගිහිල්ල, ෆේශල්, හෙයර් කට්, බ්ලැක් හෙඩ් රිමූවල්, මැනිකියෝ, පෙටිකියෝ, අයියෝ, අම්මෝ, මෙකී නොකී හැම ජාතියක්ම කොරගන්න ගියා කියලා අරන්චියක් ආවා...

    තිසා, මොකක්ද බං, උඹ මේ ඉන්න ටිකෙත් කොරන්නෙ ගෙදරට වෙලා කොයි වෙලෙත් බුදියගන්න එකනෙ.. ලංකාවට ගිහිල්ලත් පුරුද්ද අත ඇරලා නැහැ වගේ... හැබැයි උඹට සින්දුවක් නම් කියන්න තිබුනා, මාරය මහන්සි වෙලා මයික් එකත් අරගෙන දුන්න නිසා...

    ReplyDelete
  15. ශෙහ්, අපි ආවනන් කොහොම හරි බෝතලයක් ඉනේ හරි ගහගෙන එනවා..... !

    ReplyDelete
  16. එහෙනං මැරෙන්න කලින් මාරයා දැකගත්ත ඕං! :P
    අර ඉතින් කිව්වත් වගේ අවුල් නොතිබුනාම නෙවෙයි.
    ඒත් ඉතින් ඔයිං ගියා මදෑ! :)

    ReplyDelete
  17. යකෝ ලිෂානුයි මමයි ඇරෙන්න වෙන කවුද 6-4 හිටියෙ

    ReplyDelete
  18. ලබන පාර *එහෙව්* අංශයක් දාන එකට නං මාගේ පුල් මනාපය.

    එහෙම එකක් නොතිබිලත් මාරෙ මාමා මෝටාර් එකට නැගලා පාරදිගේ නයා ගියේ මක්කැයි කියල මං මේ කම්පනා කොරන්නෙ.

    අප්පා, මුං හොරෙන් වත්........

    ReplyDelete
  19. අදනේ මාරයා අයියව දැක්කේ,සතුටුයි.මාරයා අයියා කිව්වා වගේ කිසි අවුලක් නැහැ සීතල ඇරෙන්න.

    ReplyDelete
  20. අපි ලියන්නො නොවන නිසා අවෙ නෑ ඹ්න්...

    ReplyDelete
  21. අපිත් ඉතින් ආවා වගෙ තමයි. (එන්න බැරිඋන එක ගැන ඇත්තටම කනගාටුයි )

    ReplyDelete
  22. සේරම හොඳට තිබ්බා. A/C එක තමා අල වෙලා තිබුණේ. සීතල වැඩි වෙලා ම‍ට වචනත් පැටලුනා නෙවැ :P :P

    ReplyDelete
  23. ගයාන් : මමත් විපරම් කොරල බැලුව. ඒත් මොකුත් වෙන්නෙ නැති නිසා ,මම මම ගජයො ටිකක් එක්ක අනුමත උනා

    ReplyDelete
  24. මොකක්ද බං, බෝතලයක්වත් නැතුවද කස්ටිය සෙට්වෙලා තියෙන්නෙ..?? චකේ චකේ, අර දුමියා කිවුව වගේ අපි ආවානං බාගයක් ඉනේ හංගගෙන හරි එනවා..

    ආ මේ අපේ සිංදු අංකලුත් ඇවිත් තියෙන්නෙ සබයට.. උඹට කියන්ට මාරයො පොරගෙ පොටෝ එක දැක්කම මට මතක්වෙන්නෙම අර ඉස්සර හිටියෙ නළුවෙක් ප්‍රේම්ජයන්ත් කියලා, ආන්න ඒ බුවාව..

    ඈ බං.., මොකක්ද අර කවුද කියලා තිබුනෙ උඹ මෝටාර්එකට නැගල නයා ගියා කියලා.. උඹ කෑමට පෙර හොර පොට් එකකින්වත් ගැහුවද..??

    ReplyDelete
  25. මාත් ඕකට එන්නම ඉදල අන්තිම මොහොතෙ මිස් උණා නොවෙ.

    එහෙව් එකක් නොතිබ්බ එකනං අඩුපාඩුවක් තමයි. හැබැයි ඉතිං ඕවට යනකොට කාලක්වත් ඉනේ ගහගෙන යන්න ඕන.

    දැන් ඔය පොටෝ ගත්ත කට්ටිය දාමුකො ‍බලන්න මූනු පොතේ ඔයටික.

    ReplyDelete
  26. හිහ්. කට්ටිය දැකගත්ත හුඟක්.
    සිද්දිය කියන්නෙ අහන අහන හැම එකාම මාව දන්නව, මම උන්ව දන්නෙ නෑ. එහෙම උනට සොරි හොඳේ. :(
    වැඩේ එල කිරියට තිබුන, පොඩ්ඩක් කියවිල්ල වැඩි උනත්. ;)
    පස්සෙ පස්සෙ හීතල නං ඔන්න වැඩි උනා තමා. :D ඒකෙන් මේකෙන් උනේ බඩගින්නත් වැඩිඋනු එක. ;)

    ReplyDelete
  27. AC වැඩි නිසා තොලකට වේලුනාළු පැරණි රසාංග මහත්තයාගේ. පැරණි රසාංගයක් කියනවමයි කියල තමා ආවේ; පවු.

    ReplyDelete
  28. අහ් කවුද දන්නේ...මම හිතුවා මං ළග උන්නු ජීවී අයියා ගොරවන සද්දේ කියලා....

    ඇයි බං මාරයියේ උඹත් අඬ අඬා හිටියා නේද වටාපතක් තිබ්බනක් බණ ටිකක් දෙශාබාන්ට තිබුණා කියලා....

    ඇත්තටම ගොඩක් සතුටු දවසක්....

    ReplyDelete
  29. අපිටත් එහෙනන් මැරෙන්න කලින් මාරය දකින්න චාන්ස් එකක් හම්බුනා නොවැ :D:D

    ReplyDelete
  30. මටත් ඔය හමුවට එන්න උවමනාව තිබුන තමයි.ඒත් ඉතින් කොහේද මේ හදහන් බලන ජොබ් එක කොටි වලිගෙ අල්ල ගත්ත වගේනේ.ඉරිදට තමයි වැඩ වැඩිම.එදා වේල හොයාගන්නත් එපැයි.පොරොන්දු වෙච්ච වැඩත් තිබුනා.තාත්ත(එයාගෙන් තමයි ජොබ් එක උරුම වුනේ) සනීපෙන් හිටිය දවස්වල මමත් ඉතින් කුරුල්ල වගේ තමයි හිටියේ.හැබැයි වැඩ අස්සෙම මම සජීවි විකාශය ටිකක් බැලුවා.මාරයාව නම් මම හොදට හදුනනවනේ.දුවන බස් එකකට නගින්න ගිහිල්ල දවසක් මම එයාව දැක්ක.

    ReplyDelete
  31. එල එල. දැන් මඩ වේලාවයි.

    ReplyDelete
  32. හ්ම් උදේ පාන්දරම මාරය්යව පඩිපෙලේදිම හම්බ උනා නෙවැ..... මාරයා කිවුවට මාරමත් නෑ... හැබැයි බයික් පදින්නනම් සූරයා බව පෙනුනා...... :P

    ReplyDelete
  33. මාරයගේ පොටෝ කෑල්ලක් දැක්කා ,,මම හිතන් හිටියේ හයේ හතරේ පත සයිස් පොරක් කියලා නේ....හේ...හේ

    ReplyDelete
  34. දෑන්විමයි !!

    මාරයා පනපිටින්.. නෑරඹිමට ගාස්තුව මරනය .... හපොයි ..

    පලවෙනි රියල් මඩ ගොට්ට ඔන්න මගෙන් ...

    මාරයියා වගේ ලොකු ලොකු අය සියසින් දැකගන්න ලෑබිම සතුටක් ...

    ReplyDelete
  35. ලබන් පාර නම් එන එක එනවාමයි.. ඔං කිව්වා..

    ReplyDelete
  36. පෙරුම් පිරුවට අන්තිමේ එන්න බැරි උනා නේ,දුකේ බෑ අනේ

    ReplyDelete
  37. මාරයාව දැකකෙ නැති කට්ටිය ඔන්න බලා ගන්න(මාධවගේ කමෙන්ටුව කියවන්න)

    http://sudupoosa.blogspot.com/2010/12/blog-post_19.html

    ReplyDelete
  38. කට්ටියනම හෙන ෆන් එකක් අරන් තියෙනව වගේ. කොහෙද ඉතින් අපිට එන්න බැරි වුනානේ. දුක තමයි ඉතින්. මොනව කරන්නද. ආ ඒක නෙවි මාරෙ අයියත් හෙන හැන්ඩි ඩයල් එකක් නෙ. නැද්ද මං කියන්නෙ

    ReplyDelete
  39. අපොයි දැන් තමා බයහිතෙන්නේ .මොකද පැය 3ක් 4ක් විතර මාරය ගාවින්නේ වාඩි වෙලා හිටියෙ. අර පැරනි රසාංග මහත්තයට පිටිපස්සෙන් මමනේ හිටියේ. බලාගෙන ගිහාමත් මාරය මාරයි මෙයා. දැක්කහමනම් පොඩ්ඩක්වත් බයහිතෙන්නෙ නෑ.

    ReplyDelete
  40. ඇවිල්ල හිටිය කතා පවත්තපු ඔක්කොම උන් මයික් ටයිසන්ලා. මයික් එක ගත්තම තියන්නෙ නෑ. උන් කියන දෙයක් අපිට තියා උන්ටවත් තේරුනාද මංද.

    ReplyDelete
  41. ඊළඟ පාර මමත් එනෝ...

    ReplyDelete
  42. එදා ආව ගමන් මෙක කොටලා දොයිය ගත්තා..ඊට පස්සේ තව තව ඒවා ලිව්වා දැම්මා..
    මෙ කියලා තියෙන එව්වට උත්තර බඳින්ට උනේ නැහැ නෙව..මක්කා කොරන්නද..?දැන්නං උත්තර බඳිනවා තියා හිතන්ටත් අමාරුයි..ඒ තරමට මඩ බාල්දි පිටිං වක්කරලා නෙව..
    හපෝයි...
    ස්තූතියි කිව්වා හැමෝටම...

    ReplyDelete
  43. උඹලා ඔය කවදා කොහේ ගිය එකක් ගැනදෝ බං කියවන්නේ... ;-)

    ReplyDelete
  44. @වන්නි: හෆොයි කොයි ලෝකෙද ඉන්නෙ? බිලොග් කරුවන්ගේ සුහද හමුව ගැන නේ මේ කියන්නේ

    ReplyDelete