24 December 2010

සිංහලෙන් බයිස්කෝප්..උඹලාට ස්තූතියි..

ඔන්න ඉතිං ආයෙමත්..මළ ඇඩියාව..කාගෙද..?
වෙන කාගෙද ඉතිං මගේ තමයි.
හා ඒ කෙන් කමක් නැහැ..පටන් ගමුකෝ.
වැඩි වෙලා කියලා හිතන්ඩ එපා..ඒත් එහෙම වෙලා තමයි.ඒත් මොකද..?

අද දවල් මරණයා හරි බයානක ආරංචියක් දුන්නා හෙට වහලා කියලා..
ඔව් යකුනේ බාර් තමයි..බඩ පපුව හීතල උනා..

ඒ පාර හවසම දිව්වා යක්කල..

අනේ මන්දා දැන් මෙ යක්කල කියන වචනෙත් ලියන්න නිකං කම්මැලියි වගේ..ඒ තරමට මෙක සුලභ වෙලානේ..
අරෙහෙ දුමියා කෑ ගානවා කන බොන දේවල් ලියන්න එපයි කියලා මෙහෙන් යක්කල..

ඕන බඩකඩුත්තුවක්..වචනේ හරිද මන්දා..මට බැහැ ඕවාගේ හරි වැරදි බලන්න..

දැන් ඉතිං මොනවද ලියන්නේ...
අර කඳුළු කතාව දැන් බැහැ..බණ කතා ආයේ පොයක් කිට්ටු කරලා කියමු..හුට්ටාරේ..පෝය පහු උනා නේද..?

මක් කොරන්ඩද..?

රෙද්ද..මෙ කොත්තුවට ලූණු වැඩියි.තුහ්...

ආ මට තව වැඩක් තියෙනවා..

බයිස්කෝප්..මට ඉතිං මෙ ලින්ක් කෙරුවාවනං අමාරුයි..දැන්නං කොහොමටත් අමාරුයි...

ඉතිං මට ඉස්සර මොබිටෙල් වලින් නෙට් අස්සේ කැරකෙනකොට පුළුහං උනේ බයිස්කෝප්වල ලිපි බල බල හූල්ල හූල්ල ඉන්න විතරයිනේ.
හැබැයි දැන්නං ඩයලොග් කාරයන්ගේ කොනෙක්සොන් එකට පිං සිද්ධ වෙන්න හිටු කියලා බානවා.

බෑවාට ඉතිං බලන්න තමයි වෙලාව අඩු..ඒ උනාට කොහොම කොහොම හරි බැළුවා ටිකක්.

අර බෘෘස්ලීගේ ගුරාය කිව්ව හාදයගේ නමට තිබුනු ඒවායින් පළවෙනි දෙක බැළුවා..කියලා වැඩක් නැහැ මල් හතයි.
ආ අපේ වාසලයත් රත්තරං කොල්ලා ඌ මගේ එක ඉල්ලීමටම පටස්ගාලා පොතිචාර දක්කලා තිබ්බා..ඒ එක බයිස්කෝප් එකක සබ් වැඩ කොරන්නේ නැති බව කිව්වා විතරයි මෙකා හැරෙන තැපෑලෙන් එව්වා සබ් ටික..මල් මසුරං...

මම මුලින්ම ඔය චීන සටන් කොරම තියෙන ෆිල්ම් බලන්න ගත්තේ හිච්චි එකා සංදියේ..

දැන්නං මෙ කී බෝඩ් එකත් ඇදේටද මංදා පේන්නේ..මක මක ලියන්න වෙලා..
ඒත් ඉතිං තාම මීටරේ වැඩ..

ඉතිං ඔය බෘෘස් ලී උන්නැහේ හෙම හිටිය ඔක්කෝම පිච්චර් කෑලි ටික ඒ දවස්වලම බැළුවනේ..

අප්පා ඒ කියන කොට මට ජුංගේ කතාවක් සිහියට එනවා..කියලත් බෑ..එක්කෝ පස්සේ කියන්නං..ඒ හැටි ලොකු එකක් නෙවේ ඒත් ඒකත් හොඳයි ඔය ආරළු බූරළු එක්ක දෙසා බාන්ට...

ඒ කොහොම උනත් මං මෙතුවක් කාලෙකට බලලා තියෙන හොඳම සටන් චිත්තර පටිය තමයි තායි චී කියලා ආපු එක..බයිස් කෝප් නඩෙට පුළුහංනං ඒකත් හොයං දාන්ට බලන්ට ඕන.
හරි අපූරුයි අප්පා..

ඉතිං මට ඒ මතකේ ආයෙත් අවදි කොරලා දුන්නා නෙව අපේ මෙ යිප් මාස්ටර්..යිප්ද..ඉප්ද මංදා මොකා උනත් අන්න ඒ රියල් බුවා.

සබ් ටිකනං ටිප් ටොප්...

අපේ ඔය රොයිලියා..එතකොට විකියා..වාසල මුදලි උන්නැහේ...
ආ තව මාත් එක්ක තාම ෆිට් එකක් නැති ඉසිර ලොක්කා.. මුං නඩෙ එක්ක මෙ කොරන වැඩෙනං පංකාදු පහයි..ඒ අස්සේ බලාගෙන යනකොට අපේ මේ කුසාන්ගේ වෙන්න බාරියාවත් හිටියා කියමුකෝ. පික්සු හැදෙයි..ෆා නගාත් මාර වැඩ කාරියක් නෙව..

ඉතිං පහු ගිය ටිකේ එක දිගට බැළුවා බැලිල්ලක්...

නියම බයිස්කෝප් ටික...

අන්තිමට මම බැළුවා අර ඉතාලිද කොහෙද බයිස්කෝප් එකක්.
නමනං කියන්නත් බෑ දිව උළුක් වෙනවා..හරි පොඩ්ඩක් ඉන්ටකෝ හොයලා දාන්න...

El secreto de sus ojos


ඔන්න ඔක තමයි...
ඔන්න ඔය බයිස්කෝප් එකේ අන්තිම දර්ශනයටනං මට හිතට වැදුනා පොල්ලෙං ගහන්නැහේ...
ඒ තරංම සිනමාවට...හුටා තව පොඩ්ඩෙන් මම බර වචනයක් දානවා..ඒ වාගේ වචන මං වගේ ගොබිලෙකුට ගැලපෙන්නේ නැහැ..ඒවා ඉතුරු කොරන්න ඔන අර ගාමිණී වේරගොඩද කොහෙද කියන මනුස්සයට..මං කියන්න ඔන ඉතිං මට හුරු පුරුදු මාර භාෂාවෙන් නෙව..

ආයෙත් ලූණු..හපොයි සංසාරේ...
මොනවා කොරන්නද කොත්තු බාසුත් දෙකක් ඇනගෙන හිටියේ කොත්තුව දානකොට..කමක් නැහැ..දැං ඉතිං ආයේ පහළට බහින්නයෑ...මෙකම බයිට් එකට ගන්නවා ඇර..එක අතකින් වැඩිතමත් නැහැ..හිහ්.

ඉතිං මං කැමතිම බයිස්කෝප් එකක අවසානය හැටියට ඒ අවසානය හිතේ තැන්පත් උනා..

ආ හොඳම කියන අතරේ තව එකක් මතක් උනා..

අර කොලෙක්ටර්ද කොහේද කියලා එකක් තිබිලා මං බෑවා..ඒකනං අන්තිමයි..මට බෑව මෝඩකං කියලා හිතුනා.
ඒ අස්සේ යිප් මෑන් තුනත් ාලා සබ් නැතුව..මට යකා නැග්ගා..ඇයි යකෝ දෙකක් සබ් එක්ක බලලා දැන් කොහොමෙයි සබ් නැතුව තුන බලන්නේ..මං තාම බෑවෙ නැහැ.

පහුගිය ටිකේ හුගක් ඒවා බෑවා ඒත් ඒ හැම එකක්ම කියන්න අමාරුයි..
නරක වෙලාවකනේ මේක ලියන්න පටන් ගත්තේ...

කොහොම උනත් මෙ වැඩෙනං ටොප්.
ආ තව එකක් අර මලීනා ෆිල්ම් එකයි..මව්ලින් රූජ් එකයි බාන්න බැරි තත්වයක් තියේ..අදාල ඇත්තෝ හොයා බලත්වා.

ඇමෙරිකන්
ගොස්ට් ටවුන්
ලොලීටා
වැම්පයර් ඇසිස්ටන්ට්
ද ගර්ල් නෙක්ස්ට් ඩෝ
ශ්රේක්
යිප් මෑන් 1
යිප් මෑන් 2
රැටටුයිල්
ප්‍රිටි වුමන්
ඒ විතරක් නෙවෙයි අර නින්ජා ෆිල්ම් එක..එතකොට අර කලෙක්ටර්.. අර මම කිව්ව ඉතාලිද කොහෙද ෆිල්ම් එක
ෆර්ෆියුම්..සෝල්ට්..ආ එතකොට අර හිර ගෙදර මාරාන්තික සටන් තරග තියෙන ෆිල්ම් දෙකම..
අප්පා මම මේ ටිකේ සෑහෙන බයිස්කොප් තොගයක් බලලා තියෙනවනේ..

හරි ඉතිං මට ඕන උනේ..මෙ මම බලපු සියළුම බයිස්කෝප් වෙනුවෙන් අපේ සිංහලෙන් බයිස්කෝප අඩවියේ හැමෝටම ස්තූතියි කියන්න..
මම නං දන්න වගේම නොදන්න හුගක් ඈයෝ ඕකේ ඉන්නවා..ඒ ඔක්කෝටම ස්තූතියි..
අනේ මචංලා මචීලා... පුළු පුළුවන් තරං සිංහල සබ් එක්කම බයිස් කෝප් දීහල්ලා..මේ මාරයා වගේ කඩ්ඩ අප්සෙට් බුවාලට උඹලා කොරන මේ සේවේ හරියට වටිනවා.

ඒකමයි මං මේ නිකං කොමෙන්ට් එකක් දාන්නේ නැතුව පෝස්ට් එකක්ම දාංටත් හේතුව.
ඉතිං උඹලා හැමෝටම බොහෝම පිං..තව තවත් හොඳ චිත්තරපටි මං ඇතුළු බුවාලට දෙන්ට උඹලට තව තවත් හයිය හත්තිය ලැබේවා.

ඕං ඉවරයි..
කොත්තුවේනං තව කෑලි ඉතුරුයි..බෝතලෙත් තව සෑහෙන්න තියේ..ඒකනං අද ඉවර කොරන්නේ නැහැ..හෙටත් ඉරක් පායනවානේ...

42 comments:

  1. සිරාවටම.
    බයිස්කෝප් සෙටාර් එකේ සේවය ගැන කියන්නං වචන නෑ...

    බයිස්කෝප් සෙට් එකට ජයවේවා...

    ReplyDelete
  2. අපේ මාරයා මාර හදිස්සියකින් ලියලා නොවැ.. මමත් අද බයිස්කෝප් එකක් ඩවුන්ලෝඩ් කලා.බයිස්කෝප් කස්ටියට ජය වේවා..!

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි කිව්වා මාරයියේ පෝස්ට් එකක් ම අපි වෙනුවෙන් වෙන් කරපු එක ගැන. වැඩ නොකරන ලින්ක් අපිට මේල් එකකින් කිව්වොත් ඉක්මනින් හදන්න උදව්වක් වෙයි. මොකද හැම කමෙන්ට් එකක් ම බැලෙනවා අඩු නිසා.

    මේ වගේ පෝස්ට් එකක් දැක්කම තියෙන වැඩ අස්සෙ වුනත් සබ් එකක් නොදා ෆිල්ම් එකක් දෙන්න හිතෙන්නෙ කාටද? ;)

    ReplyDelete
  4. හෙට වහලා..... යකො මාත් යක්කල තමා. 9ට කලින් යක්කල බර් එකට යාගන්න ඕනේ. මාරයා කොකටද යන්නේ කිරිදිවැල පාරෙ එකටද food City එක ඉස්සරහ එකටද???
    8.16 යි මම යනවො.....

    ReplyDelete
  5. ෂැක්............ මගේ වැඩෙත් ඉතිං ඕකම තමා..
    බානවා, බලනවා...
    අද දවස​ට දෙකක්ම බැලුවේ නැතැයි...

    වෙන වැඩක් ද පලක් ද...... :D

    ReplyDelete
  6. ලංකාවේ අපිට බයිස්කෝප් නම් බයිස්කෝප් සයිට් එක තමා ඕන්....
    මගේ ෆිල්ම් කොලෙක්ෂන් එකේ භාගයකටත් වැඩිය තියෙන්නේ බයිස්කෝප් එකේ ඒවා තමා....කාටවත් කියන්න එපා ඕන්....

    පොඩි බයිලා පාරක් ගහලා කොත්තුවකුත් කෑවා නේද...අපිට දුනේත් නෑ...කිව්වා ලුණු වැඩියි කියලා...ඉල්ලයි කියලා වෙන්න ඇති...
    ආයේ හම්බවෙයිනේ අපේ මාරයියා....එතකොට බලාගමු...මාරයා කියලා බලන්නෑ...පුම්බලා උඩ අරිනවා.....

    ReplyDelete
  7. හෙට ඉර පායන්නෙ බොන්න නෙමේ !!!

    ReplyDelete
  8. අනිවා බයිස්කෝප් සෙට් එක මාරම සේවයක් කරන්නේ.බොහොම ස්තුතියි.මාරයියේ තනියම් කොත්තුව කෑවනේ?ඔන්න බඩ රිදෙන්න ගත්තොත් අපි නෑ

    ReplyDelete
  9. අයියෝ ඕඕඕඕඕඕඕඕඕඕඕඕ
    මම ඉවරෝ!!!!!!!!!

    මම පමා උනා ..හෙට තැබෑරුම් වහලා ...මම ඉවරයි ..දැනුත් වහලා ..

    ReplyDelete
  10. නියමායි....එල එල....තව මැක්සා බයිස්කෝප් දෙන්නම්කෝ...

    ReplyDelete
  11. ඒ මාරයියෙ මම නිකමට අහන්නෙ.. ඔය දැන් දීලා කියන කනෙක්සැන් එක අන්ලිමිටඩ් දැ ? නැත්නම් කාලා තියෙයි ඔහොම බාලා :D

    අර යිප් මාස්ටර්ගෙ ෆිල්ම් එක නම් මාරයියේ කියලා වැඩක් නැ බං.. පංකාදු 30 යි..!!
    අම්මපා බයිස්කෝප් සිංහලෙන් බොලාලාට ජය වේවා...!!

    ReplyDelete
  12. ඔන්න නත්තලට තෑගි ගොඩායි.... දැන්ම බයිස්කෝප් එක පැත්තේ එන්න.. :)

    ReplyDelete
  13. රනා...

    ඒ එසේමැයි ජයෙන් ජයම වෙවා...

    ReplyDelete
  14. හසී...

    ෂුවර් එකට ළමා චිත්තරපටියක් හරි ඇනිමෙෂන් එකක් හරි වෙන්ටෑ...
    ඔව් ඔව් චූටි බබාලටත් එකේ චෝයි බයිස්කෝප් තියේ..හිහ් හිහ්...

    ReplyDelete
  15. අනේ මාරයො ඉරිදා වහලා නෑ නේද?යාලුවො සෙට් එකක් එනවා

    ReplyDelete
  16. roylyfernando...

    ආ රොයිලි සහෝදරයා.. සුභ නත්තලක් වෙවා...

    පොස්ට් එකක් නෙවෙයි දහයක් උනත් දාන්නංකෝ සබ් එක්කම දෙනවනං...එකින් එකට කොමෙන්ට් කොරන්න සෑහෙන වෙලාවක් යන හින්දත්..ඊට වඩා වැඩි වටිනාකමක් අනිවාර්යයෙන්ම දෙන්න ඔන හින්දත්..ඒ සඳහා උඹලා සෙට් එකට ඔනවාටත් වඩා සුදුසුකං ඇති හින්දාත් මෙහෙම පෝස්ට් එකක් දාන්න පහුගිය ටිකේම මං හිත හිත හිටියා..ඊයේ ටිකක් වැඩි වෙච්ච වෙලාවෙ තමයි කරන්න හිතුනේ..හොඳ සිහියෙන් ඉන්න වෙලාවකනං මීට වඩා පිළිවෙලකට මෙක සිද්ධ වෙනවා..ඒත් ඉතිං මට ටිකක් වැදුන වෙලාවට තමයි පොරොන්දු හා යුතුකං..වගකීම් ඔය හැම එකක්ම මතු වෙලා එන්නේ..ඒ කියන්නේ නිකං මාරයාට වඩා ඛෙබා මාරයා හොඳ මනුස්සයා...

    සින්ඩියෙත් මෙ දවස්වල කියවන්න දේවල් අඩු එකේ මෙ දවස්වල මම ඉස්සර ඇවිත් විස්තර බලලා හූල්ලලා ගිය බයිස් කෝප් හොය හොය ඇවිදිනවා..හැබැයි සමහර පරණ ඒවාගේ ලින්ක් වැඩ කරන්නේ නැහැ..එකක් අර ෂූටර්ස් එක එහෙම..
    ආ තව එකක් කියන්න ඔන..පහුගිය ඒවා හොය හොය යනකොට ඉක්මනට බලාගන්න පුළුවන් වෙන ලිස්ට් එකක් නැද්ද..එකින් එකට ආපස්සට පිටු පෙරළගෙන යද්දී සෑහෙන වෙලාවක් යනවා නෙව..


    ජයවෙවා කිව්වා...

    ReplyDelete
  17. Ano...

    දැනටනං දන්න විදියට ඉරිදා ඇරලා වෙන්න ඔන..ඒත් ඉතිං කියන්න බැහැ..
    ඇනෝ ඇවිත් තියෙන්නේ කස්ටිය බනී කියලා නේද..?
    ෂුවර් එකට උඹත් අර අපේ විරුද්ධවාදී අමද්‍යප සංගොමෙ පැත්තට කතා කොරාපු එකෙක් වෙන්ට ඔන..හික් හික්..

    ReplyDelete
  18. Thusitha Jayasinghe...

    ඔය දෙකටම වගේ යනවා කොල්ලෝ..
    වැඩිපුර බඩු ගැනෙන්නේනං කිරිඳිවැල පාරේ එකෙන්..ඒත් අනිත් බාර් එක ඉස්සරහා බයිට් කරත්තෙ බඩු ටිප් ටොප් හින්දා බයිට් එකක් ගන්න ඔ්න උනහමනං බඩු කොහෙන් ගත්තත් යන්නේ එතනට තමා...

    අනිත් තැන්වල වගේ නෙවෙයි පොරගේ බයිට් එළ...

    ReplyDelete
  19. ඇයි බං බයිස්කෝප් සයිට් එකේ උඩම තියෙන්නෙ 'ලිපි ලැයිස්තුව' තියලා ලින්ක් එකක්.. ඒකෙ ඔක්කොම පරණ ෆිල්ම්ස් ටික දාලා තියෙනවනෙ..

    ReplyDelete
  20. ඇත්තටම බයිස්කෝප් සයිට් එකේ අය කරන දේනං මාරම තමයි.
    මගේ හාඩ්එක පිරෙනකං ෆිල්ම් බාල තිබිල ළගදි තමයි DVD ටිකකට කොපි කර ගත්තෙ. නැත්තං වැඩකරල හමාරයි.

    මාරය කොහොමහරි ඒ අස්සෙ කන බොන කතාවත් කියල දැම්ම නේද?

    ReplyDelete
  21. සෝරෝ...

    බලාගෙන මචෝ අස්සයා හොරු අරං යයි...

    ReplyDelete
  22. හසියා...

    හෙහ් හෙහ් උඹටනං ඒකත් බැරි නැහැ...උඩ ඇරියත් මොකෝ මඩ ගහන්නේ නැතිව...

    ReplyDelete
  23. හරී...

    අක්කණ්ඩිනං..අම්මපා..මෙච්චර මෙ දැම්ම එකේ අස්සෙන් හොයලා ගත්තෙ ඔකම නෙව..හෆෝයි

    ReplyDelete
  24. පුබුදුවා...

    ආ බය වෙන්න දෙයක් නැහැ මම අලක්කුත් එක්ක සෝඩා බොනවනේ..බඩෙ අමාරු හැදෙන්නේ නැහැ...

    ReplyDelete
  25. සඳරු...

    පෙරලිච්ච අත හොඳයි කියලා අද හිතාගනින් මල්ලියා අමද්‍යප වෙන්න..දවසකටවත්..

    ReplyDelete
  26. බනියා...

    මම කියනවට ඔනනං අරං බලාහංකෝ මෙ කොනෙක්ෂන් එකේ රහස...
    පික්සු පීකුදු..
    බලහංකෝ මල්ලියේ මෙකේ තුන් වෙනි එක අමුවෙන්ම දීලානේ සබ් නැතුව..
    හරියට නිකං අලක්කු නැතුව සෝඩා විතරක් දුන්නා වගේ..
    දුකේ බැහැ.

    ReplyDelete
  27. විකියා...

    අප්පද බොල..බාන්නේ නැතිව..අනික ඉතිං මං අහලා තියෙන විදියට ඔය සුද්දන්ගේ රටවල නත්තල අල්ලලා තමයි හොඳම ඒවා රිලීස් කරන්නේ

    බොලාත් ආන්න ඒවා ආදරුසෙට ගන්ට ඔන..හුම් හුම්...

    ReplyDelete
  28. බුරාතීනෝ...

    අම්මපා බලන්ට ඔන එහෙනං..තැන්කූ කිව්වා...

    ReplyDelete
  29. ප්‍රසන්න...

    හික් හික්..නැතුව ඉතිං අර මඩකරි දුමියා නාහෙං අඩනවා නෙව..අපි එහෙමයි...

    ReplyDelete
  30. මේ මාරේ ඔහෙත් නිකල් පාට ස්කිරීමේ චූටියට ඉන්න සුද්දියො සුද්දොම බලන්නෙ නැතිව අපේ එකෙක්ගෙ ටිකක් නලියන වැඩක් බලනවකො...කීයක් හරි දීල...හැබැය් පුතේ බඩුවක් නම් අරන් යන්න එපා අපරාදෙ සල්ලි මොකද ෆිල්ම් එකේ හොඳ වැඩිකමට කට ඇරන් බලන් ඉන්නව ඇරෙන්න ආතල් එකක් ගන්නවත් වෙලාව නැති වෙයි...
    මම කිව්වෙ අර හඳගම කියන රැවුලගෙ විදූ කියන ෆිල්ම් එක...

    ReplyDelete
  31. indi...

    හ්ම්ම්..චිත්තරපටියක්නං බලන්ට යන්ට ඔන..ඒත් රැවුලගේ ෆිල්ම් එක ගැන මම තාම හිතුවෙ නැහැ..
    හිතෙන්නෙත් නැහැ ඔයි..මගේ කරුමෙද උගේ කරුමෙද මන්දා...?

    ReplyDelete
  32. යක්කල..යක්කල..යක්කල..යක්කල..යක්කල..

    ReplyDelete
  33. baiscop nam alama thamai............

    ReplyDelete
  34. මාරයෝ, වාසලගෙන් අහපන් කෑම ගැන තියෙන ෆිල්ම් මොනවත් නැද්ද කියලා.... නැතිනම් අර 'යැන් කැන් කූක්' වගේ ටී.වී සීරීස් එකකුත් නරකම නැහැ සබ්ස් දාලා ගත්තහම...!

    ReplyDelete
  35. මාරයෝ යක්කල නම් නෙවෙයි, මේ මේරිලැන්ඩ් වල විරිදු අජිත්ව දන්වාද?

    ReplyDelete
  36. මමත් බැළුවනේ අයියේ මාරේ උඹට හිතට වැදුන දෙක තුනක්ම, ෆර්ෆියුම් නම් මැක්සා කතාව.මේ ඒක නෙමේ හෙට බෝතලේ ඉතුරු ටිකට වග කියන්නේ තනියෙන්ද බං. බොලාට අපිව මතක් වෙන්නේ නැහැනේ ඉතිං.

    ReplyDelete
  37. අකීකරු හිත...

    හුම් හුම් හුම් හුම්

    ReplyDelete
  38. දුමී...

    ඇත්තටම දුමියෝ බොලාගේ හීල්ලිලටද කොහේද දැන්නං මට කන බොන ටිකත් ඇගට අල්ලන්නේ නැහැ...

    ReplyDelete
  39. prasanna86k...

    මතක් උනා කියලා ඔය පොඩි ඈයොන්ම නරක් කොරන නරක ළමෙක් හෙම නොවෙය මං...

    ReplyDelete
  40. Ano...

    විරිඳු අජිත් කිව්වෙ..මෙ ඊයේ පෙරෙදා අත්තනගළු ඔයේ පතුල බැළුව තැනැත්තාද..?

    ReplyDelete
  41. බයිස්කෝප් නම් ඉතින් පට්ට කතා දෙකක් නෑ. මාරෙ අයියත් ඉතින් පට්ට තමයි. මොකෝ ඉතින් හොඳ හොඳ බයිස්කෝප් මේකෙත් පෙන්නනවනේ. හික්.

    ReplyDelete