26 December 2010

මගෙ තනියට නුඹ නාඩන්..සුරතලියේ...

"පුතේ...
චුටි පුතේ.."


"හ්ම්ම්"...
සිහින් කෙඳිරිය විනා ඇය ඇස් අරිනා පාටක් නැත...
ඇගේ සුව නින්ද බිඳ දමන්නට මට සිත් නොවේ...

නැවතත් මා ඇය අසලින් වැතිර ගමි.
ඇගේ සුරත මා බඳට ඉහළින් ඇදි යන්නේ නිරායාසයෙනි..

"කපටි කෙල්ල නිදි නැහැ නේද..?"

"මං නිදි අයියෝ.."

"හා ඔව් ඔව් මට පේනවා නිදි කියලා..නිදි නං කොහොමද මේ කතා කරන්නේ.."

"අනේ මට කරදර කරන්න එපා..මං නිදි..."
ඇය පොඩි එකෙකු සේ කෙඳිරිලි හඩ නගයි...

මා නිහඩ වෙමි.හිසට යටින් අතක් යවා සිරුමාරුවට ඇගේ හිස මා පපුවමතට ගනිමි.
උණූසුමට ගුලි වෙන පූස් පැටවක සේ ඇය මා පපුතුරේ කිසිවක් සොයමින් ඉව අල්ලමින් තව තවත් තදින් මා බඳා වැළඳ ගනිමින් නිදන්නට සැරසෙයි...

"හ්ම්ම්..කමක් නැහැ එහෙනම් තව චුට්ටක් දොයිය ගන්නකෝ"..
මමද නෙත් වසා ගනිමින් පවසමි...
මොහොතක්..දෙකක්..නැත..එය කාලයෙන් මැනිය හැක්කක් නොවේ..ආත්මයක්..ඊට වැඩි කාලයක්..මහා කාලයක් ගත වූවාසේ හැගෙයි...

"ඇයි දෙයියනේ අපි හම්බ වෙන්න මේ තරම් පරක්කු උනේ"..දිනක් ඇය මගෙන් ඇසූ පැනය නැවතත් මා මගෙන්ම විමසා ගනිමි.

හදවතේ සිරව තිබූ මහා දුකක් සුසුමක් ලෙසින් පිටව ගියේ මටත් නොදැනීමය...කිසියම් වෙනසක් වූ බව මට හැගේ..මා සෙමින් දැස් විවර කලෙමි...
ඇය මා පපුතුරේ මුහුණ හොවාගෙනම දැස් විවර කර මාගේ මුහුණ දෙස බලා සිටී...මා ඇය දෙස බලනවාත් සමගින්ම ඒ දෑස් පුංචි වී යනු මා දුටිමි..
"මොනවද ඔය තරම් කල්පනා කරන්නේ.."

"මුකුත් නැහැ.."

"එහෙනම් මෙ තරමට පපුව ගැහෙන්නේ.."

"අනේ මන්දන්නේ නැහැ..මට බයයි.."


"පිස්සෙක්"..
ඇය මට කොනිත්තමින් නැවතත් නෙතු පියා ගනිමින් කීවාය...
මම සෙමින් සෙමින් ඇගේ හිසකේ අතරින් ඇගිළිතුඩු යවමින් මෘදුව හිස පිරි මදින්නට වීමි.
හ්ම්ම්...ඇය තවත් තදින් මා සිරුර වෙළා ගනිමින් සිටී...මා හිසකේ පිරිමදිනා අතරම අනිත් අතින් ඇගේ පොරවනය සකස් කලෙමි.

"දැන් කීයද වෙලාව...?"

"හ්ම් මම දන්නෙ නැහැ.."

"අනේ..?"

"තුනටත් කිට්ටුයි.."

"නැහැ"..

ඇය බියපත්ව හිස ඔසවයි..

"ඔයා හරි මොඩයෙක්නේ..ඇයි මට කිව්වේ නැත්තේ..?"

"කියන්න තමයි හැදුවේ..කෝ ඉඩක් දුන්නයෑ..."


"මැට්ටා.."

"මැට්ටී..."

"යනවා යන්න බකමූණා.."

"බකමුණී.."

"මීමා.."

"මීමී.."

"හිහ් හිහ්..ඒ මොකාද..?යනවා යන්න..හරියට රණ්ඩු වෙන්නවත් බැහැ.."


"මොකද රණ්ඩු වෙන්නනං බැරි.."

"එහෙනං රණ්ඩු වෙයංකෝ.."

"හරි රණ්ඩු වෙමු.."

"පලයං බං උඹ කොහොමද මාත් එක්ක රණ්ඩු වෙන්නේ.."

"ඇයි උඹ හිතුවද මට රණ්ඩු වෙන්න බැහැ කියලා.."

"පලයං යන්න..ආවා මෙතන මට උඹ උඹ කියන්න.."

"ඇයි දැන් තෝමනේ කිව්වේ මටත් උඹ උඹ කියලා.."

ඇය සිනාසෙයි..නොනවත්වාම සිනාසෙයි..
මා ඇත්තෙන්ම පෙම් බඳින්නේ ඇගේ මේ සිනහවට නොවේද..ඇගේ මුරණ්ඩු කමට නොවේද..?
ඒ සෑම ඉරියව්වක්ම මා නැවත නැවතත් ජීවත් කරවනවා සේය..ඇය වෙනුවෙන් කුමක් කල නොහැකිද..?

"ඇයි අනේ ඔයා මට ඇහැරෙව්වේ නැත්තේ..?"

"මට දුකයිනේ...ඒකයි වැඩිය කතා කලේ නැත්තේ.."

"ඔයා මං ගාවම නිදාගෙන ඉන්නවා දකින්නයි මම හැමදාමත් ආසා..කොයිතරම් සනීපෙට ඔය නිදාගෙන ඉන්නවාද..?මම කොහොමද ඔයාව ඇහැරවන්නේ..."

"එහෙනං ඉස්සෙල්ලා කතා කලේ..."


"ඒ ඔයාට බත් කවන්න..ඒත් ඊට පස්සේ ඔයා පපුව බදාගෙන නිදා ගන්න කොට මං කොහොමද ඔයාව ඇහැරවන්නේ..ඉතිං මාත් නිදා ගත්තා.."


ඇය හිස ඉවතට ගනිමින් ඇස් ලොකු කරමින් මදෙස බලයි..

"ඔයා ඉව්වද..?"

"ඔව්.."

"කොයි වෙලේද මම දන්නෙත් නැහැ.."

"එතකොට ඔයා නිදි.."

"ඇයි මාව දාලා ගියේ.."

"අනේ පුතේ දාලා ගියයෑ..මම කුස්සියේ ඉඳන් නිතරම එබි එබි බලන ගමන් තමයි ඉව්වේ."


"ඇයි මටත් කතා කලේ නැත්තේ උයන්න..?"

"මට ලෝබ හිතුනා..."


ඇත්තෙන්ම මට ඇය නිදා සිටිනා සැටි දුටු විට ලෝබ සිතුනි..
දිගටම..දිගින් දිගටම..අර නිදි කුමාරි වගේ ඇය මා යහනෙහි නිදා සිටින්නේ නම්..
එවිට මට හැමදාමත් ඇය දෙසම බලා ගෙන සිටිය නොහැකිද..?

ඇගේ තෘප්තිමත් සිහින් සිනහව රැඳි මුහුණ දෙස බොහෝ වේලාවක් බලා සිටි මා හට සිතුනා නොවේද..?
ඉතා සොඳුරු කාල පරාසයක් ගතවූ අවසන ඇය මාගේ උරහිසට හිස තබාගෙන නිදන්නට වූ අයුරු මා හට සිහි විණි.
කාලය ගලා ගියේ කෙසේදැයි මටවත් නිනව්වක් නොවීය..
එහෙත් හදිසියේම ඇය බඩගින්නේ නේද..?අද උදේටත් හරියට කාලා නැහැ.
ෂොප් එකට ඇවසි බඩු භාණ්ඩ කිහිපයක් රැගෙන ඒම සඳහා මා හා බයිසිකලයේ නැගී මහරගම යද්දී අතර මගදී සුළු ආහාරයකින් පමණක් සෑහීමට පත්වූ ඇය එසේම ගෙදර ඇරලවා පැමිණිය නොහැක..පසු ගිය දින කිහිපයේ අසනීපව සිටි ඇයට ආහාර පිරිය නැතිව ගොස් ඇති බව දන්නා නිසාම ඈ වෙනුවෙන් යමක් සූදානම් කරනු රිසිව ඇයට නොදැනෙන සේ හිස කොට්ටය මතින් තබා ඉවත ගොස් තිබූ පොරෝනය නිසි ලෙස සකස් කොට ඇය සතපා මා කුස්සියට වැදී උයන්නට වීමි...
එළවළු සිහිනියට ගිනිකූරූ සේ කපනා ගමන්ම මා විටින් විට ඇය සිටින මානය නෙත් හෙළුයෙමි..
කිසිදු ශබ්දයක් නොනැගෙන සේ සියල්ල කළ යුතුවිය...

තම්බා පෙරා ගත් සම්බා බත එළවළු සහ බිත්තර සමග තේම්පරාදු කිරීමේදී ශබ්දය නොනැගෙන සේ කිරීමට හැකි පමණ උත්සහ දැරීමි..
බත හැකි තාක් වියළිව තිබිය යුතුය..ඇය කැමති එසේය..
හොඳි බාල්දි ගණන් කෑමට රුසියකු වූ මා හොඳි රහිතව වියළිව මාළු පිණි සැකසීමට හුරු වූයේ ඇය නිසාමය...
බිත්තර හා එළවළු සමග බත තෙම්පරාදු කර..අනතුරුව ඇය කැමතිම මගේ වට්ටෝරුවට අනුව හතු මාළුව සකස් කලෙමි..
යහමින් කෑලි මිරිස් දමා තෙම්පරාදු කොට අවසන ලිපෙන් බෑමට පෙර පුළුස්සාගත් සුදුළුණූ බික් දෙක හැන්දකින් පොඩි කර තක්කාලි සෝස් ස්වල්පයක් සමගින් හතු බැදුමට එක්කල විට එයින් නැගෙන සුවඳට මෙන්ම එහි රසයට ඇය මහත් සේ ඇළුම් කරනා වග මා දනිමි..පළමු වතාවට එසේ හතු සකස් කර දුන් දවසේ..ඇය බත් කෑම පසෙක තබා හතු බැදුම පමණක් ආහාරය කොට ගත්තේ..ජීවිතේ කවරදාවත්ම හතු බැදුමක් නොකා තිබූ පරිද්දෙනි..
මෙයට දින කිහිපයකට පෙර ඇය මා සමගින්ම පිළියෙල කල චිලී පේස්ට් බොතලයද ඇති බැවින් ආහාරය එයින් සෑහෙනා බව මා දනිමි..මේ සියල්ල අවසන් කොටය මා ඇය පුබුදුවා ලීමට ගියේ...

"පුතේ අපි චුට්ටක් නාලා ඊට පස්සේ කාලා ඉමු.
ඔයාට රෑ වෙනවනේ.."


"හා හා..යං යං.."
ඇය ඇදෙන් බිමට පනින්නේ..හරියට මෙතෙක් වෙලා මම කම්මැලිව සිටි පරිද්දෙනි..

"අම්මද බොල බොල ඒ ගමන තියෙන හදිස්සිය..මෙන්න මෙහෙ එනවා"..
මා ඇය ඇග වටා ඔතාගෙන සිටින පොරොනයෙන් අදිමි..

"ඔය..ඕන නැති වැඩමයි කරන්නේ.."
ඇය පොරොනාව රැක ගැනීමට වෙහෙසෙමින් ගතු කියයි..
මම සිනා සෙමින් ඇෙඳන් නැගිට ඇය වඩා ගනිමි.


"අන්න ෂොක්..."

මම ඇය වඩාගෙනම සාලය පුරා ඇවිද යමි...

"බරද..?"

"හම්මේ ඔව්..කිලෝ දහයක් විතර වැඩි වෙලා"..
මම මහත් වූ වෙහෙසට පත්වූවකු නියායෙන් පවසමි..

"අනේ යන්න..බොරු කියන්න එපා"..
ඇය අඩන්නට ආසන්නය..
මගේ මෝස්තරකාරි..ඇය මහත් වෙනවාට කොතරම් බියදැයි මා හොඳින්ම දන්නා නිසා..ඇය තරහ ගැස්සවිය හැකි ආකාරය හොඳින්ම දැන සිටියෙමි.
ඇත්තෙන්ම ඇය මොස්තරකාරියෙකි...
ලස්සනට අඳින්නට පළදින්නට..හිනා වෙලා ඉන්නට ඇය ඉතා කැමතිය..

ඇගේ ඒ සෑම ඉරියව්වක්මත්..මෝස්තරයක්මත් මා සිත් ගත් ඒවා විය...

විටෙක ඇය කෝපගැන්වීම උවමනා වූ විට මම ඇගේ ස්ටේ‍රට් කොට ඇති කොණ්ඩය අවුල් කර දමා දුවමි..ඇය මා පසුපස දිව එන්නේ මා අල්ලා ගැනීමටය..මොහොතක් එහෙ මෙහෙ පනිමින් සිටියද ඇයට මා අසු වේ..

"මොකක්ද ඒ කලේ..?යනවා යන්න ඉරිසියා කාරයා"..අත උස්සා මා හට ගසන්නට මෙන් හදමින් ඇය කියයි...

දෙනොම නාන්නට ගිය විට මම ඇයව ප්‍රථමයෙන් නාවන්නෙමි...
"මට කුචු හලෝ"...
පිටේ සබන් ගෑමට යෑමේදී සැමදාමත් නළියන ඇය නැහැවීම පොඩි දරුවකු නාහවනවාට වඩා අසීරු කටයුත්තකි.

නෑමෙන් අනතුරුව තෙත හිදෙන තෙක් කොණ්ඩය ඉතා සීරුවට පිස දමන්නේ මා ඉමහත් ආශාවෙනි.තදින් පිස දැමිය නොහැක්කේ ඇගේ කොණ්ඩයේ මට සිළුටු ස්වභාවය රඳවා ගත යුතු නිසාවෙනි.

"මං බත් ඛෙදං එන්නං.."

"හා"..
ඇය හිස පසෙකට ඇල කොට කියනා ආකාරය සුන්දර දසුනකි..

කුඩා දීසියකට බත් ඛෙදාගෙන පැමිණ මා ඇයට බත් කවන්නෙමි...

"හානේ හතුත්..හැදුවද..?"

"හ්ම්..."

ඇය නැවතත් මාහට තුරුළු වීගෙන ම
"කෝ දෙන්න මම කවන්නම්" කියමින් මගෙන් දීසිය උදුරා ගනිමින් මට බත් කවයි.
ඇය බත් වලට වඩා හතු බැදුමට වග කියයි..කෙසේ වූවද කම් නැත විය යුත්ත ඇගේ කුඩා කුස පිරීමයි..
කුරුල්ලෙකු සේ ඉතා ස්වල්පයක් ආහාර ගන්නා ඇය වන් අන් කෙනෙක් මා කෙදිනකවත් දැක නැත..
විටෙක ඇගේ මව වූවද මා සමග ඒ පිළිබඳ කියමින් ඇයට දොස් පවරයි..ඒත් ඇයගේ ස්වභාවය එයයි.

කාලය වේගයෙන් ගතව යයි...
සෑම සතියකටම දින දෙකක් හෝ තුනක් අපගේ දවස ගෙවී යන්නේ මේ අයුරිනි.
අවසන්ම කොටස සැමදාම මෙන් දුක්බරය..ඇය කැටුව ගොස් ඇගේ සාප්පුව පෙනෙන නොපෙනෙන මානයේ ඇය ඇරළවා ඒම හරියටම පපුවෙන් කෑල්ලක් නන්නාදුනන තැනක දමා ඒමක් වැනිය..
ඇය ඇරළවීමෙන් පසු දුරකථනයට නිවාඩුවක් නොදීම අපි දිගින් දිගටම කතා කරන්නේමි..
ඒ කතාව අවසන් වන්නේ ඇය ගෙදර ගොස් මහ රාත්‍රීයේ නින්දට වැටුනායින් පසුය..අවසන ඇයට නින්ද යන තෙක් මා ගයන්නෙමි..
ඇයගේ ප්‍රියතම ගීතය...

"සුනිල්වන් නුවන් යුග..වසා උතුර උතුරා..."

ඇය නිදන්නීය...සුවසේ නිදන්නීය..ඇගේ හුස්ම හඩ වෙනස්වන අයුරු මා හොඳින් හඳුනමි.මඳ වෙලාවකින් දුරකථනය කොට්ටයෙන් ගිලිහී ඇඳේ කොනකට වන තෙක්ම මා ඇගේ හුස්මෙහි රිද්මය අසමින් නිහඩව සිටිමි.දිනය නිමා වෙයි..
මා සුව නින්දට එළඹෙන්නේ ඊට පසුවය...
හදවත පුරා ගැවසී ගත් ආත්මය සනහාලන මහා සුවයක් මා සිරුරෙහි නහරයක් නහරයක් පාසා විදුලි වේගයකින් ගමන් කරනු මට දැනේ...
ඇය හොඳින්..මට ඒ ඇතිය...

.............................................

එවැනිම දිනක් අවසන මාගෙන් සමුගෙන ගිය ඇය කුමන හෝ හේතුවක් නිසා මාගෙන් දුරස්ව සැගවී ගොස් අදට වසර එක හමාරක් පමණ ගෙවී ගොසිනි.එනමුදු ඇය තාමත් මා හදවතේ නිදයි.
සෑම රාත්‍රියකම ඇයගේ සිහින් සුසුම් හඩ තාමත් මට ඇසෙන්නා සේය...
විටෙක මා දෑස හැර බලමි..
ඇය මා අසල නොමැත...
යන්නටම ගොසිනි...
අද උදෑසනම කඩ පොළට ගොස් එළවළු මිලදී ගැනීමේදී අහම්ඛෙන් මෙන් එතනට ආ මනුස්සයෙක් කඩයට හතු පැකට් කිහිපයක් දැමීය..
ඇති වූ ආශාව මත එයින් එකක් මිලදීගෙන පැමිණි වරදට මා දැන් විඳවමි...

අද හතු බැඳුම හැදුවට ඔයා මා ළග නැහැ.............

මම විතරයි...
ඔයා දන්නෙ නැහැ..මට හුගාක් තනියි.
මුළු ගේම මහ පාළු සොහොන් පිට්ටනියක් වගෙයි.

ඇයි මම මේ හැම දේකින්ම විඳවන්නේ...
කන්න ගත්තට අද මට කන්න බැහැ..ඔයා මොනවා කරනවා ඇතිද..
අමතක කරනවා කියලා හිතුවට මට ඒක කරන හැටි තේරෙන්නේ නැහැ පුතේ...

අන්තිමට හතු බැදුම බත් එක්ක තරහා වෙලා..
ගිනි වතුරත් එක්ක එකතු උන එක විතරයි උනේ...

ඇයි අපිට මෙහෙම උනේ...මට තේරෙන්නේ නැහැ...
ඔයාට තේරෙනවද මගේ අරුමෝසම් කිරිල්ලියේ...?

50 comments:

  1. ඇයි උඹට ඔහොම උනේ....
    මට තේරෙන්නෙත් නැහැ.

    කොහොම උනත් අදත් කෑම බීම ගැන තමයි.....

    ReplyDelete
  2. හ්ම්ම්.. හෙන සංවේදී පෝස්ට් එකක් නේ..

    Praසන්ன කිව්වත් වගේ අදත් කෑම ගැනම තමයි.. සීවලී නැකතකින් ද කොහෙද ඉපදිලා තියෙන්නේ

    ReplyDelete
  3. ප්‍රෝග්‍රෑම් එකනම් පිළිවෙලට ලියලා තිබ්බට සමහර තැන් ෆාස්ට් ෆෝවර්ඩ් ගිහින් නේද?

    උඹේ බණ උඹම කියා ගනින් ආයෙත් ..... එතකොට හරි යයි......

    ReplyDelete
  4. සංවේදී කියන්නේ....... හරියට...... ඔලුව අතගාලා ඔලුව පැලෙන්න ටොක්කක් ඇන්නා වගේ.....

    ReplyDelete
  5. හින්දි ෆිල්ම් එකක් වගේ...

    ReplyDelete
  6. සමා වෙන්න ඔන..කව්දෝ මංදා නාදුනන ගොබිලෙක් හරි අපූරු කොමෙන්ට් එකක් දාලා තිබ්බා..ඒ ගැන මට අපේ අක්කා දැනුම් දුන්න හින්දා දැක්කේ..
    ඒක තියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි මටනං..ඒත් ඉතිං උගේ මෝඩ ආතල් අපිට ආතල් නැති හිංදා අහක් කොරලාම දැම්මා..

    සුලා අයියේ..උඹ මෙක දැක්කොත් මට සමා වෙයං මං මෙච්චර දවසක් ඇනෝලට ඉඩ තියලා තිබ්ඛෙම උඹ හිංදා..ඒත් අද මං ඔන්න ඒ අවස්ථාව වහලා දැම්මා..මක් කොරන්නද..
    මට පොඩ්ඩක් මෙ පැත්ත බලන්න බැරිව යන පැයට දෙකට උනත් මෙ එකෙක් දෙන්නෙක් ඇවිත් කොරන මෝඩ ආතල් වලට ඉඩක් නොතියා ඉන්න එක හොඳයි කියලා හිතුනා..

    උන්ට අවශ්‍ය ප්‍රසිද්ධිය මං දෙන්න කැමති නැති නිසාම ඔන්න මං ඒ කතාවත් මෙතනින් නැවැත්තුවා.

    අනිත් ප්‍රතිචාර දැක්වූ හැමෝටමත්..හරී අක්කාටත් මගේ ස්තූතිය..

    ReplyDelete
  7. මාරයියේ අයි බන් එහෙම ආදරයකට මෙහෙම උනේ,
    මාරම සංවේදී. උඹට ඒ විදිහ ජීවිතයක් ආයෙත් තියෙයි, මෙ බ්ලොග් පවුලේ හැමෝගෙම ප්‍රාර්තනාවත් ඒක. චුට්ටක් ඔය ගිනි වතුරෙන් ඈත් වෙලා උඹව ජීවත් කරවපන්කෝ. උඹේ ලස්සසන් හදවතට ඒ විදිහ ආදරයක් ආපහු ලැබෙයි.
    ජය වේවා....!

    ReplyDelete
  8. මට නම් මොනවද කියන්නෙ කියල හිතා ගන්න බැහැ...

    හැබැයි මේකට උත්තරේ අර කර්ම අත්පොතේ තියෙනවා.... ආපහු ඒක කියවපන්....

    උඹට ලඟදීම ඔය සිත් සාංකා ඔක්කොම නැති කරගන්න පුළුවන් වේවි...

    ReplyDelete
  9. මාරයා අයියේ උඹනම් මගේ හතුරෙක්ද කොහෙද බං. මාත් මෙච්චර කල් හිතේ කදකරගෙන හිටපු හැඟුම් ගොඩක් උඹ අවුස්සලා දැම්මා බං. දැං ඉතිං මාත් ආ‍සාවෙන් මේක කියවපු පවට විඳවපංකෝ පරණ මතක ගොඩත් එක්ක. උඹට නම් බෝතලේ හරි කියෙනව, මට ඉතිං මුකුත් නෑ. අමුවෙන් තමා. ෂිඃ...

    ReplyDelete
  10. මේ තරම් ආදරෙන් හිටපු දෙන්නෙක්ට මෙහෙම වුනානම් දැනටමත් ඉහටත් උඩින් ප්‍රශ්න තියෙන මගෙ ආදර කතාවට මොනා වෙයිද කියලා හිතාගන්න බැහැ..මේ සටහන කියවනකොට ආදරෙන් ගෙවපු මගෙ අතීතය හුඟාක් මතක් වුනා..

    ReplyDelete
  11. නියමයි මාරය අයියා...ගොඩක් සංවේදී සටහනක්..

    ReplyDelete
  12. Praසන්ன...

    ඒ හැම දේකම ඒ මතකය තියෙනවා යාළුවා...

    ReplyDelete
  13. sameerausa...

    ඒ කී වෙනි නැකතද..?

    ReplyDelete
  14. පූසා...

    අත ගාන්ඩ හරි ටොකු අනින්න හරි එකක් තියෙන එකත් මදෑ..?

    ReplyDelete
  15. සොඳුරු සිත...

    ඒකත් ශෝකාන්තයක් වෙච්චි...

    ReplyDelete
  16. AmilaArt...

    මම දැන් හීන වලට බයයි මලේ...

    ReplyDelete
  17. දුමී...

    නොදැන විඳෝනවා නෙවෙයි බං...
    දැනගෙනත් ...
    මම උඹට වෙලාවක පොඩි ගාථාවක් දෙන්නම්..ඒක ටිකක් විතර මංතරයක් වගේ දෙයක්..කියලා නිදියන්න තියෙන්නේ..හීනෙන් පෙනෙනවා අමුතුම දෙයක්.ඒක ඔය කර්ම අත්පොතටත් වැඩිය හිතන්න දෙයක් තියෙන දෙයක්...
    උඹත් පෙර ආත්මය විශ්වාස කරනවානේ..?

    ReplyDelete
  18. prasanna86k...

    මං උඹට කිව්වනේ...

    ReplyDelete
  19. maleesha...

    ඔයාලා බය වෙන්න එපා.ඔයාලට එහෙම වෙන එකක් නැහැ.
    අපි දෙන්නා විහිළුවට මිසක කවදාවත් රණ්ඩු වෙලා..තරහා වෙලා නැහැ..ඒ තරමටම අපි දෙන්නා හිතන පතන හැටි ගැළපුනා.
    එයා මා වෙනුවෙන් ඉවසුවා..මම එයා වෙනුවෙන් ඉවසුවා..
    අන්තිමටම උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියලා ඔක්කෝම ඉවර උනා.

    ReplyDelete
  20. blog gadol...

    ස්තූතියි මලයලා...

    ReplyDelete
  21. අනේ මන්ද අයියෙ, මොනව කියන්නද කියල හිතාගන්න බැහැ.........

    ReplyDelete
  22. මාරේ අයියා තරහ වෙන්ඩ එපා මට හිතෙන්නේ මෙහෙමයි ..

    කොල්ලෙක් කෙල්ලෙකුටකුට අසීමිතව ආදරය කරන එක වරදක් නෙවෙයි . ඒත් ඒක එයාට දැනෙන්න අරින එක වරදක් කියලා මට හිතෙනවා . මොකද අපි එයාට අසීමිතව ආදරේ කරන බව දැනගත්තොත් කෙල්ල තමන් ගැන අධි තක්සේරුවක් ඇතිකරගන්නවා (හැමෝම නොවුනත් ගොඩදෙනෙක්) ඊට පස්සේ අපිව දාල යනවා ..

    ඔයා එයාට බොක්කෙන්ම ආදරේ කරන්න ඇති . ඒ ආදරේ එයාට දැනෙන්න අරින්නත් ඇති . ඒකයි මම හිතන විදිහට ඔයාගේ දුර්වලකම

    අයියට ජයවේවා !!

    ReplyDelete
  23. සඳරු ගේ කතාව නම් හරියටම හරි මාරයියා.

    ReplyDelete
  24. නුඹ නොමැතිවුව නුඹේ සිනාහඬ මට ඇසේ,
    හද ගැහුණු රාවයද නිරතුරුව මට දැනේ,
    මේ සසර යළිත් අප හමු නොවන බව දැනේ,
    ඒ මතක තුරුලු කර අතීතයෙ දිවි ගෙවේ,

    උඹත් දැං අර මැක්කගෙ කතාව ලියන පොඩි එකා වගේ වෙලා නෙව කොල්ලො, මෙච්චර සිරා කතාවක් ලියද්දිත් කොහොම හරි ඒක අස්සටත් රෙසිපි එකකුත් ඔබල,

    ReplyDelete
  25. sameera wijayawardane...

    මටත් බැරිව ඉන්නකොට..මල්ලි..?

    ReplyDelete
  26. හිස් අහස...

    පණ ඇරලා විශ්වාස කිරීම දුර්වල කමක් වෙන්න ඇති මල්ලි..ඒත් ඒ දුර්වලකම මම නැති කරගන්න කැමති නැහැ කවදාවත්ම..

    ReplyDelete
  27. Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)...

    ඇත්ත උනත් මක්කා කොරන්නද..?

    ReplyDelete
  28. අකීකරු හිත...

    හ්ම්ම්...

    ReplyDelete
  29. Ravi...

    දුමියාට ගේම කෝල් කරන්නේ එහෙම තමයි..
    සමා වෙන්ට ඔන මෙ දවස්වල කවි මැරිලා මගේ..

    ReplyDelete
  30. ඊයේ මං මේ පැත්තේ ඇවිත් කථාව කියවලා හොරෙන්ම ගියා. මොනවත්ම කියන්න ඕනේ නෑ කියල හිතුනා. මේ කථාව මගේ හිතට කොච්චර තදින් වැදුනද කියල මට දැනුනේ අද. අද මං තනිවුනු හැම විනදියේම මට මතක උනේ මේ කථාව. මෙච්චර ආදරයක් ලැබිලත් ඇයි එයා ගියේ කියල මට නම් හිත ගන්නවත් බෑ. කථාව කියවපු මට මෙච්චර දුකයි නම්, මෙයට මුහුණු දුන්න ඔබට කොච්චර දුක ඇත්ද....

    ReplyDelete
  31. මාරයා : මේ කතාව මට නම් පුදුමයක් නෙමේ. මමත් කරන්නෙ ඔය ටිකම උනත් කෙල්ලක් නිසා මෙච්චර කාලයක් විඳවන එක නම් මචං මෝඩ කමක් (මේව වැදි බන ඕං).

    ReplyDelete
  32. ආදරේ අරගෙන එන්නෙ දුකම විතරද? කොච්චර කරත් කාලකණ්නි හිත දුවන්නෙම අතීතෙට.

    ReplyDelete
  33. මාරයියේ අදනම් කිසි සමාවක් නෑ...... මාව හොඳටම ඇඩෙව්වට මුණගැහුනු දවසක ටොකු කෙක් හරි අනිනවා.........

    හීන හීන විතරමයි....... කවදාවත්ම ලැබෙන්නැති තරමටම අපිට උරුම නැති හීන විතරමයි............ තව මුකුත් කියන්න බෑ.... මං යනවා.....

    ReplyDelete
  34. Janani...

    නංගී ඒ අපේ කතාවෙ එක දවසක් විතරයි...
    ඔය වගේ දවස් හුගාක් තිබුනා අපේ කතාවෙ..ඒ හැම දෙයක්මත් අදටත් දවසට සිය දහස් වාරයක් මතකයට එනකොට මොන තරම් හිතේ හයිය තියෙන කෙනෙක් උනත් වැටෙනවා...
    සමාවෙන්න ඔයාලාගේ හිත්වලටත් දුකක් ගෙනාවට..

    ReplyDelete
  35. රංග - මගේ ලෝකය...

    උඹ මට බණ කියපං..මං උඹට බණ කියන්නං..වෙන මොනවා කරන්නද බං...

    ReplyDelete
  36. පිණිබිඳු...

    හීලෑ නැති හිතත් එක්ක ජීවිතේ ගෙවන කොට අපි වගේ එවුං වෙන මොනවා කරන්නද..?

    ReplyDelete
  37. හා පැටික්කී...

    ඇනපං නංගියේ..මෙ පිස්සු අයියට ඔන තරමක් ටොකු ඇනපං..ඒත් මදිනං ගහපං..කන පුරෝලා ගහපං..
    උඹ පොඩි එකී...උඹව අඩවන්න හිතුවා නෙවෙයි..

    හීන හීනම තමයි..ඒත්..ඒ හීනෙට මං තවමත් ආදරෙයි...
    කවමදාකවත්ම මට ඒ හීනෙන් ගැලවීමක් නැති වෙයි..ඒ මගේ උරුමෙ...
    මෙ කාලකණ්නි අයියාගේ උරුමය..
    උඹ මට බනින්න එපා අදත් බීලා කියලා..
    එක්කෝ හීනේ මැරෙන්න ඔන..නැත්තං..?

    ReplyDelete
  38. මාරයියේ ඔයානම් මාර හොදයි අනේ...ෂික් ඔයා වගෙ තව අය ඉන්නවනම් ඔන්න මට කියන්න ඕනා...:) ඇයි බොලේ එතකොට උයන්න එහෙම ඉගෙන ගන්න ඕනෙත් නෑ...ඕනා කරන ආදරේ රැකවරනයත් නොඅඩුව ලැබෙනවා..ඉතින් තව වෙන මොනවද ? ඔන්න මාරයියේ මතක් කරලා කියන්න...

    ඈ මාරයෝ...මේක ලියද්දීත් අර බෙහෙත අරගෙනද..? අනේ අයියේ ඔයා නම් කවදාවත් හැදෙන්නෙ නම් නෑ ඕන්..ඕක නවත්වන්න කියලා හැමදාම හැමෝම කියනවනේ අයියේ..වැඩක් තියෙනවද? අනේ මගෙ කට බිම උලාගෙන මොකටද?

    ReplyDelete
  39. මම...

    මොනවා කරන්නද නගෝ..

    නංගියේ ඔයාට එක තැනක වැරදුනා...
    ආදරෙ කොච්චර උනත්..කවලා පොවලා නිදි කරවලා සැනසුවත්..දෙයියන්ගේ මල්ලී ලග නැති වෙලාවට හැම දේම කන පිට පෙරළෙනවා..
    දැන් ඔයා කියයි ඒක එහෙම නෙවෙයි කියලා..ඒත්..එයාගේ අම්මාට නෑදෑයන්ට ඒදේත් වැදගත්..අනික් දේවල් කොහොම උනත් ඒ දේ ළගදී අනිත් ඇද ඇරෙනවා...
    ඒ ඇදේ තියෙන තැන අනිත් කිසිම දෙයක් ඒ තරම් වටින්නේ නැහැ.

    තිත්තයි තමයි..ඒත් මුදලටයි නම්බුවටයි යටවෙච්ච ලෝකයක් නංගියේ මෙක..

    ඒ හින්දා එහෙම අය හොයන්න එපා නගේ..සල්ලි කාරයෙක්ව හොයන්න...

    ReplyDelete
  40. අනේ අයියේ........... මං කීවේ එහෙම හිතලා නෙමෙයි............ ඇත්තටම කවදාවත් නැති තරම් දුකත් දැනිලා අඬපු නිසයි කීවේ එහෙම. තරහකට නෙමෙයි. අවේ මංදා.... ඔයාට දැනුනේ තරහින් කියලද????? පෝස්ට් එකට වඩා ඔයා මට දාපු රිප්ලයි එකට ඇඬුනා......

    ඔයා විදලා දුක් වෙන දේවල් ගැනම ගොඩක් දෙනා නොවිද දුක්වෙනවා. ඒකයි හීන කිව්වේ.
    උරුමේ ඕකමයි කියලා හිතන් ඉන්නවා මිසක් වෙනස් කරන්නෑ ඔයා කොච්චර කිව්වත්. ඒ ඔයාගේ හැටි.
    ඒත් හිතන්න ඒ අක්කා මේක දැක්කනම් කොච්චර දුක් වෙයිද???? හිතින් මැරි මැරි උපදියිද????

    අද ඔයා හොඳටම බීලා. වෙනදටත් වඩා මට දැනෙන හැටියට.

    තව දෙයක් ඔයා "මම" ට කිව්ව එකත් එක්ක එකඟ වෙන්නැහැ. සල්ලි හැමදේම තිබුනත් සතුටක් නැතිව විඳවන ජීවිතේ මොකටද???? ඊට හොදා තනියමම ඉන්නවා.

    ReplyDelete
  41. මාරයට මොකක් කියන්නද මන්දා? මාරය අපිට වඩා දැනුම් තේරුම් තියන කෙනෙක් විදිහට,,,ගිය දේවල් වලට තාමත් අඩන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි....කොතන හරි වැරදීමක් උනාද එහෙම යන්න...

    ReplyDelete
  42. මම හුඟාක් සැරයක් මේ සටහන ආපහු ආපහු කියෙව්වා..දුක සැරින් සැරේ අලුත් කරගෙන.අපිට කවදාවත් දාලා යන්න බැරි මිනිස්සු අපිව දාලා යන්න දවසින් දවස ලෑස්ති වෙනකොට දැනෙන දුක මම මේ දවස්වල හොඳට අත්විඳිනවා..මාත් ලඟදිම දවසක ඔබ විඳින මේ දුක විඳවයි..ඒත් එක දෙයක් අයියේ මත්වීමකින් හිතේ වේදනාවන්වලට උත්තර හොයන්න එපා..ආපහු පියවි සිහියට එනකොට හිත ඒ වගේ දහස් ගුනයක් රිදෙනවා ඇති

    ReplyDelete
  43. මාරායියේ...ඔව් ජිවත් වෙන්න සල්ලිත් ඕනා...ඒත් කෝටි ගනන් තිබුනත් වැඩක් නෑනේද ඒ මනුස්සයා ලග ඒ ගැහැනු කෙනා හොයන ආදරේ නැත්තම්....ඒ අතින් ඔයා වගේ අය දුර්ලභයි කිව්වොත් හරි...හැමගැහැනු කෙනෙක්ම පතන්නෙ ඔයා වගෙ ආදරයක්..(අම්මෝ හිනාවෙන්නනම් එපා...මං පන්ඩිත කතාවක්ද මංදා තමා කිව්වේ...ඒත් ඉතින් හිතට ආපුදේ..එහෙමම ලිව්වා)

    ReplyDelete
  44. හ්ම්ම්ම්ම්............
    ඕන වෙලාවට දැඩි කරගන්න පුලුවන් හිතක් තිබීම වාසනවක් කියලා තමා මට හිතෙන්නේ.
    ඔය ආදරේ කොහොම හරි ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනව.

    අනෙ බන් මාර මලෙ අර හීන මන්තරේ මටත් පොඩ්ඩක් දීපංකො අනේ මන්දා මටත් මේ දවස් වල විකාර හීන ටිකක් පේනවා.

    ReplyDelete
  45. මට කියන්න වචන එන්නෙ නෑ අයියේ.
    ඔයාට ඒ දැනෙන දුක කොහොමද කියල හිතාගන්නත් අමාරුයි

    ReplyDelete
  46. Mulinnma samawenna one unicode walin liwwe nati ekata. man ube blog eka kiyewwata comment ekak danna taram hayiyak awe me post eka dakkata passe. ekath nikamata balapu welawaka dakke. mata godak dukai uba gana. mokada matath ohoma wela tiyena nisa. mehema deyak unama adha ganna baha neda. matath mage athithe matak una. eka matak weddi mata godak duka hitenawa. mata ube duka terum ganna puluwan mochoo. eth bona eka okata tiyena wisaduma nemei.

    ReplyDelete