28 December 2010

හෙට දිනයෙත්..

නුඹෙ නමින් නෙතු කඳුළැල් ගලා හැලෙන සැදෑ කලේ..
ජීවිතයෙන් පලා යන්න කිසි විටකත් මෙමට නොහේ..
හෙට දිනයෙත් පෙර දින මෙන් පැතුම් ගගුල හොවා ලයේ..
යළි එනතුරු මාවත කොන නුඹෙ නමින් සිටිමි මෙසේ..

ජීවිතයේ පෙර දිනකදි අපමණ සුව සැදූ ලයේ..
නුඹෙ නමට කවි ගී වැල් මුතු අමුණා එවමි මෙසේ..
එදා වගේ අද මා ළග ඔබ නැති මුත් රැඳී එසේ..
සංසාරෙ මා සැමදා ඔබ ලගින්ම හිදිමි මෙසේ..

29 comments:

  1. Ayyo athi yanatham.. peli deka thunak wath... grt macho.. keep it up...!!!

    ReplyDelete
  2. ඉතින්.....
    උබ කෑමතිනම්....
    ඔය දුක ඔහොම විදපන්..
    හිත හදාගත හෑකිනම්...
    ඔය දුකට පෑල දොර ඈරපන්...

    ඔය ජිවිතය අලුතින් ලියමු..

    ReplyDelete
  3. හිත අතැර නොයා ඉන්නා දුක ඔබ..
    දුක තුරුළු කරන්
    වැළපෙන හිත මම..

    ReplyDelete
  4. ඔය මාවතේ නම කියන්න පුළුවන්ද?හැබැයි කොනේ ඉන්නවට වඩා හොදයි මැදින් ඉන්න එක.එතකොට හොර වැඩ වුනත් අල්ල ගන්න පුළුවන්.

    ReplyDelete
  5. මාරයගේ කවි කියවන්න ගිහින් මමත් දන් කවි කියවනවා,මම ඉස්සර ආසම නැති දෙයක් කවි කියවන එක....මාරයෝ ඒ අතීතය අමතක කරන්න බැරිද ඇත්තටම... ඒ දුකම තියාගෙන ඉන්නේ..

    ReplyDelete
  6. මාරායියේ කලින් පෝස්ට් එකට මං ආයේත් කමෙන්ට් එකක් දැම්මා ගිහින් බැලුවනම් තරහා නැතුව...
    හෙට මොකුත් විශේෂ දවසක් නෙවෙයි නේ අයියේ...

    ReplyDelete
  7. අමතක කරපන් අමතක කරපන්....
    http://www.youtube.com/watch?v=-Y4tdFTChJo&feature=related

    ReplyDelete
  8. මේ මාරයෝ මට හිතෙන්නෙම "මම මාරයියට .......කියලමයි "

    ReplyDelete
  9. එදා වගේ අද මා ළග ඔබ නැති මුත් රැඳී එසේ..
    සංසාරෙ මා සැමදා ඔබ ලගින්ම හිදිමි මෙසේ..

    ReplyDelete
  10. අයියේ ඔන්න මම පොර ටෝක් එකක් දෙන්න යන්නේ ..!

    අපට ලෝකයම උනත් නතුකරගන්න පුලුවන් .ඒකට අවශ්‍ය වන්නේ ආදරය හා කාරුණික බව විතරයි ..

    හිතලා බලන්න ..

    ජයවේවා !!

    ReplyDelete
  11. අපට ලෝකයම උනත් නතුකරගන්න පුලුවන් .ඒකට අවශ්‍ය වන්නේ ආදරය හා කාරුණික බව විතරයි !

    අපෙ සීයගෙ සරම. ‍තෝ දන්න ඉටිගෙඩිය!

    කොලුවෝ උඹ තරහා වෙන්න එපා මම එහෙම කීවාට. ඔය වයසට ඔහොම තමා, අපිත් ඔය වයස පහු කලා නොවැ, හැමදේම සුන්දරයි.

    ඒත් කොලුවෝ ලෝකෙ විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි. මිනිස්සු හරිම සංකීර්ණ සත්තු ජාතියක්. සමහර වෙලාවට මට මාවවත් තේරුම් ගන්න බෑ. මං මේ උඹව බය කරන්න හදනවා නෙවෙයි, ඕක තමා ලෝකෙ හැටි. තියෙන්නෙ ඕවත් එක්ක ජිවත් වෙනහැටි ඉගෙන ගන්න එකයි, උඹත් තව දැණුං තේරුං වනකොට තේරෙයි.

    ReplyDelete
  12. Kush...

    ස්තූතියි කිව්වා...
    සිංහල පාවිච්චියක් නැතිද තවම..?

    ReplyDelete
  13. ඉලංදාරියා...

    ලියන්නට නොහැක තව..
    පොතේ පිටු ඉහිරිලා..
    පන්හිදේ තුඩග මත..
    රුහිරු බිඳු තැවරිලා...

    ReplyDelete
  14. පිණිබිඳු...

    හරියටම..
    මලයි නටුවයි වගේ...

    ReplyDelete
  15. JHOTHISHALANKA...

    මාරයාගේ ආදර මාවත..
    මාරාදර මාවත...

    ReplyDelete
  16. ItalyDilan...

    අමතක කරන්නේ කොහොමද කියන එකනං මට දැන් අමතක වෙලා...
    ස්තූතියි කවි හඹා යෑම පිළිබඳව...

    ReplyDelete
  17. මම...

    බැළුවා නංගී...හ්ම්..ඔයා කියනේ ඇත්ත. ඒත් මං පැරදුනේ එතැනදී විතරයි කියලා මගේ හිත මට කියනවා හැමදාමත්..ඒ ඇර අන්තිම තත්පරය දක්වාම කිසිම ආකාරයේ හිත් නොහොඳවීමක්වත් අපි අතරෙ තිබුනේ නැහැ.

    මට හැමදාමත්ම හෙට කියන දවස විශේෂයි නංගී..ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි..හෙටවත් ඇය ඒවි කියන බලාපොරොත්තුව නිසා...

    ReplyDelete
  18. Thusitha Jayasinghe...

    දැන් බලන්න වෙලාව මදි..රෑ වෙලාවත් බලමු.

    ReplyDelete
  19. JHOTHISHALANKA...

    පැහැදිලි මදි..

    ReplyDelete
  20. හිස් අහස ...

    මම මුකුත් කියන්න ඔන නැහැ..ඔන්න පහලිං සිරිබිරිස් අයියා දීලා තියෙනවා දැනමුතුකොම ටක්කෙටම...

    ReplyDelete
  21. සිරිබිරිස්...

    මම ඉස්සර සිරිබිරිස් කියන කාටුන් එකට බොහෝම ඇළුම් කොළා..ඒ වෙන එකක් හින්දා නෙවෙ අපි වෙනුවෙන් කතා කොරන හින්දා..
    ඒ තරමටම පුංචි මිනිහාගේ සැබෑ හඩ ඒකා ගාව තිවුනා.

    අද උඹත් මොන ලෝකෙන් හරි ඇවිල්ලා ඒ විදියම කතා කියනවා දකිනකොට ...

    ReplyDelete
  22. බය නැතුව හිටපං අයියේ, උඹගේ අනාගතේ සුභ වෙනවා, අනිවා. ඔය පරන සීන් ටික පුළුවන්නම් විතරක් හිතිං අයින් කරලා දාන්න බලපං. එතකොට උඹ කොහොමත් දිනුම්.

    ReplyDelete
  23. හිතේ දුකට එතකොට කවි කියවෙනවා......

    ReplyDelete
  24. .....................................!

    ReplyDelete
  25. නුඹේ දෙකොපුල,
    ගලන කඳුළක,
    සැඟව ඉන්නම්,
    සිනහ රැල්ලක,
    රැඳී ඉන්නට,
    නොහැකි හින්දා,

    හමන පවනක,
    කෙඳිරු රහසක,
    පාව එන්නම්,
    සදා නුඹ ලඟ,
    රැඳී ඉන්නට,
    නොමැති හින්දා,

    ReplyDelete
  26. දෑන් කොහේ හිටියත් එයාට දවසක ඔයා ලන්ගටම එන්න වෙනවා.. (එක හේතුවක් ඔය "මාරයා" නිසා, අනිත් හේතුව තම්ය් අපි ඔයා සතුටින් ඉන්නව බලන්න කමති නිසා) එතකන් හිත හදා ගෙන ඉන්න.

    ReplyDelete
  27. ඇගේ නමින් රැදෙන නුඹේ
    වයස යනවා නේද සඳේ
    පෙරදිනකදි ලැබුන සෙනේ
    හිත තුල රැදුනා ට සඳේ
    ගුණ දම් ඇති ලඳක් සහේ
    අරගෙන සැනසියන් හොදේ...

    මාරයියගේ කවි නම් අපූරුයි..

    ReplyDelete