30 December 2010

අවසන් ලිපියයි ඔබට ලියන්නේ...

හොඳයි එහෙමනං මෙ අවුරුද්දෙත් අන්තිම දින දෙක උදා උනා..
සමහර විට..සමහර විට නෙවෙයි හරියටම කිව්වොත් බොහෝ විට මේ ලියන්නේ මේ අවුරුද්ද තුල මාරයා ලියන අන්තිම පෝස්ට් එක වෙන්න පුළුවන්...
ඒත් ඉතිං දන්නෙ නැද්ද මාරයා කියන්නේ මෙ ලෝකේ මිනිහෙකුට ෂුවර් කරන්න පුළුවන් එකෙක්යෑ...
ඒ කොහොම වෙතත් මෙතනින් නවත්තන්න කියලා හිතාගෙනනං ඉන්නවා ඕං...

කොහොම උනත් ආපහු හැරිලා බලලා හුගාක් සතුටු වෙන්න පුළුවන් අවුරුද්දක් කියලා මම හිතන්නේ නැහැ..ඒත් සමහර විට..තව කාලයක් යනකොට මේ අවුරුද්ද ගැන උනත් මීට වඩා ආශාවෙන් බලන්න පුළුවන් කාලයක් නොඑයි කියලා කියන්නත් බැහැනේ..මොකද අද මේ වෙන කොට මම මේ බ්ලොග් එකේ ලියලා තියෙන හුගාක් දේවල් ඒ කාලේ මම මහා දේවල් කියලා හිතපු දේවල් නෙවෙයි.
ඒත් අද වෙන කොට ඒ හැම දේටම වටිනාකමක් තියෙනවා.

අතීතය සුන්දරයි..එය හැමදාමත් එහෙමමයි..නමුත් අද අපි අතීතය කියලා හදුන්වන ඒ යුගයන් හී අප වර්ථමානය ගෙවා දමන විට ඒ කාල වල මහා සුන්දරත්වයක් අපි දකින්නේ නැහැ..
දුක..කලකිරීම..වේදනාව..නොරිස්සුම..මෙන්න මේ දේවල් එක්කයි මමනං ඒ කාල ගෙව්වෙ..අතරින් පතර සතුට සැනසුම නොතිබුණාම නොවුනත් ඒ හැම දෙයක්ම අර දුකින් කඳුළින් අපිව වසා ගන්නවා...

මනුස්ස ජීවිතේ හැටි ඔහොමයි...
හැමදාමත් ළග තියෙන දේ නෙවෙයි වටින්නේ ළග නැති දේ...
හරියට මම මළ ගිය ප්‍රේම පුරාණයට හඩනවා වගේ තමයි... මක් කොරන්නද..ඔහොම තමයි අපි...

ලියන්න දේවල්නං අපමණ තියෙනවා..ඒත් පෙළ ගැසෙන පිළිවෙල හරි අපිළිවෙලයි.

ඒ අපිළිවෙල හින්දාම පහුගිය අවුරුද්ද ගැන කියන්න කළිං හෙට අනිද්දා උදා වෙන අවුරුද්ද ගැනත් කතා කොරමුකෝ...

මෙච්චර කාලයක් ගෙදර එල්ලලා තිබුනු කැලැන්ඩර් දෙකේ..පොඩ්ඩක් හෝව්...

ආ හරි ගිහින් බලලා ආවා..එකක පිටු කඩන එක අගෝස්තු මාසෙන් නැවතිලා..
අනික ඔක්තෝබර් වලින් නැවතිලා..ඒ කියන්නේ මම ඊට පස්සේ කැලැන්ඩරේ දින බලලා නැහැ.කමක් නැහැ ඔහොමම තිබිච්චදෙන්..හෙට අනිද්දට අළුත් කැලැන්ඩරයක් හම්බු උනොත් බැරියෑ ගලවලා දාලා එකෙන්වත් දින බලන්න.
ඉතින් මම මොකක්ද කැලැන්ඩර් ගැන කියන්න ගියේ..අම්මපා මට මතක නැහැනේ..මදැයි කොලා.
හ්ම් මතක් උනොත් බැරියෑ පස්සේ හරි කියන්න.

කොහොම උනත් අළුත් අවුරුද්දේ කියලා අමුතු වෙනසක් තියේවි කියලා මම හිතන්නේ නැහැ.ඒත් මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ මට දැනට මේ කරගෙන යන රස්සාව නැති වෙයං කියලා.
ටිකක් අප්සෙට් වගේ නේද..?
ඔව් ඒත් ඒක මම මේ බීලා හින්දා කියන කතාවක් නෙවෙයි.
මම දැන් මහම මහා කම්මැලියෙක් වෙලා...
දවසක් ඇර දවසක් කරන රස්සාවට මම කැමතියි..ඒත් ඒක හින්දා මම එක තැන නැවතිලා.
ලොකේ කැරකෙනවා දැන් මට දැනෙන්නේ නැහැ.
මාසෙ අන්තිමට ස්ථීර වශයෙන් වැටුපක් හම්බු වෙන එකනං ටිකක් විතර සුරක්ෂිත කොරමයක් තමයි.
ඒත් ඉතිං හැමදාම එහෙමම තමයි.

පහුගිය දොහේ වැඩි වෙච්ච සුළු මුදලත් එක්ක යන්තං දහ හත් දාහක් දහ අට දාහක් විතර අතට ලැඛෙනවා...
කාලා බීලා නවාතැං කුලී ගෙවලා ජීවත් වෙන්නනං ඒක හොඳටම ඇති.
ඉතුරුවක් කියලා මහ ලොකු දෙයක් කොරන හාදයෙක් නෙවීනේ මංතුමා.

ඒත් දැන් හිතෙනවා මට කෙළවෙයං කියලා..ඒ කිව්වේ මේ ජොබ් එක නැති වෙයං කියලා..මොනවා කොළත් මම අස්වෙන පාටකුත් නැහැ.
මුං මාව අස් කොරන පාටකුත් නැහැ.
මට දැන් ඇති වෙලා...
ඕන ලබ්බක් කියලා කේන්දරයක් බලා කියාගෙන හිටින්න ආසයි.

ඒත් ඉතිං ඒක හරි හැටි ස්ථාවර ආදායමක් ඇති රස්සාවක් නොවන වග මම දන්නවා..සමහර කාල වලට මාත් ඕකෙන් මාසෙට හතළිස් දාහ පනස් දාහ හොයපු දවස් තිබුනා..ඒ වගේම ඔය වරුසා කාලෙට එහෙම මිනිස්සු කේන්දර බලන්නම කියලා පැනගෙන එන්නේ නැහැ..ඒ වගේ කාල වලට දහයක් හොයන්නත් ලේසි නැහැ. ඉතිං දැන් තියෙන නිතර වහින දේශගුණික තත්වයත් එක්ක ඒක ටිකක් අවදානම් වැඩක්.

අනික දැනට මම ඉන්න තැන උනත් ඒ වැඩෙට ඒ තරම්ම යෝග්‍යය නැහැ.
ඒ විතරක් නෙවෙයි..ඒ සඳහා මූලික වියදම් කිහිපයක් දරන්නත් වෙනවා.ඒකත් ලේසි නැහැ.
යන්තං රුපියල් විසිපන්දහක්ද කොහේද පොතේ තියෙනවා...

ඉතිං ඕකත් තියාගෙන ජීවිතේ ගැට ගහ ගන්නයි... අළුත් දේකට අත ගහන්නයි ලේසි නැහැ.
දැනට ඉතිං ඔය දන්න කියන අය බලහත්කාරයෙන් වගේ ඇගේ ගහලා යන කේන්දර මාස ගාණක් ගියාට පස්සේ තමයි බලලා දෙන්නෙත්...
ඒත් ඉතිං බඩ රස්සාවට ඕක කොරන්න ගත්තොත් එහෙම බැහැ..ටිකක් උනන්දුවෙන් මිනිස්සු රස්තියාදු කොරන්නේ නැතිව ඕක කොරන්නත් එපැයි...

කෝකටත් කියලා මම මේ දවස්වල දන්න කියන කීප දෙනෙකුට කිව්වා මට හරියන තැනකින් කුලියට කඩ කාමරයක් හරි පොඩි ගෙයක් හරි හොයන්න කියලා..නවතින්නත් ඇහැකි විදියට..මූලික වශයෙන් ටිකක් විතර මිනිස්සු ගැවසෙන..බස් යන එන තැනකින්.
එහෙම තැනක් හම්බ උනොත් මාරයා යන්නයි හිතං ඉන්නේ...

කොහොමත් හුගාක් හිර උනාම මම ටිකක් විතර හිතට අරගෙන වැඩ කොරනවා.
අන්තිම අඩියට වැටුන හැම වෙලාවෙම මම සටන පටන් ගන්නවා..ඒ මගේ හැටි.
එහෙම නැතුව ඔහේ ගලාගෙන යද්දී යන අතකට යන්න ඇරලා පාඩුවේ ජීවත් වෙන එකත් දැන් පුරුද්දට ගිහිල්ලා..

ඒකට කියන්නේ ඉතිං කම්මැලි කොම තමයි.

ඉතිං අළුත් අවුරුද්දේ කොරගෙන ඉන්න මුර ජොබ් එක නැති වෙයං.

ඊ ළගට බීම...
ඕක නවත්තලා දාන එකනං හෙනම හෙන අපරාදයක්...
යන්තං හරි ආතල් එකක් තියෙන්නේ ඕකේ විතරක් වෙච්ච එකේ නවත්තන එක වැඩක් ඇති වැඩක් නෙවෙයි...
ඒත් ලබන අවුරුද්දේ ඉඳලා ඒ සඳහා වියදං කරන මුදල සීමා කරනවා..ඒ කියන්නේ දැන් මම අනිවාර්යයෙන් මාසෙකට අරක්කුවලට රුපියල් තුන් දහත් හාර දහත් අතරේ වියදං කරනවා...
ඒක වෙන්නේ මම ගෙදර ඉන්නේ දවස් පහළොහක් නිසා..
ඒ වියදමත් මාසෙට රුපියල් එක්දහස් පන්සීයත් දෙදහත් අතර ගාණකට ගේන්නයි බලා පොරොත්තුව.
ඒකනං කරනවා කියලා හිතුවා..ඕක මහ කජ්ජක් යෑ...
කන සාක්කුවට නොදා..උරහිස ගාවින් නවත්ත ගත්තාම ඒක කොරන්ට පුළුවන්..
උපරිම මාසෙට බෝතල් දෙකයි..ස්ටෑන්ඩ්බයි බාග තියා ගන්න එකත් සපුරා තහනං.

ඔන්න ඔය දෙක තමයි මූලික වෙන්නේ අළුත් අවුරුදු උදාවට...

ඊට අමතරව වැට උඩ තියෙන කාරණාව තමයි කොහොම හරි මතකය අමතක කොරන්න උත්සහ කොරන එක.
ඒත් ඒක තනියම කොරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මොකද මම නොදන්න වෙලාවල්වලට හිටි හැටියේ මගේ හිතට එයා ගොඩ වෙන්නේ තාමත් මගේ හිතේ පූර්ණ අයිතිය එයාට සින්නක්කර ලියා දීලා තියෙන හින්දයි..ඉතිං ඒ අයිතිය තියෙනකං මට තනියම තීරණයක් ගන්න බැහැ.
ඒත් මගේ පැත්තෙන් මම උත්සහ කරනවා.

ඔන්න ඔහොම තමයි අළුත් අවුරුද්ද ගැන මම දකින්නේ...

ඉතිං පරණ අවුරුද්ද..

ඔහේ ගෙවිලා ගියා..රස්සාවටයි බ්ලොග් එකටයි පින් සිද්ධ වෙන්න ගෙවිලා ගිය වරුසයක්...
රස්සාවෙන්නං අන්තිමට කලකිරීම විතරයි ඉතුරු වෙන්නේ...

ඒත් බ්ලොග් එක මාව අදටත් ජීවත් කරවනවා.
ඇත්තටම මේක තිබුනේ නැත්තං මට මෙලහට පිස්සු හැදිලා...

කොහොම උනත් පහුගිය අවුරුද්දෙම මම මට පුළු පුළුවන් හැම වෙලේම මොනවා හරි ලිව්වා..
හුගාක් අය ආවා ගියා..නිකංමත් නෙවෙයි ඒ ආව ගිය හුග දෙනෙක් එක අකුරක් හරි මේකේ සටහන් කරලයි ගියේ...

ඉතිං මමවත් හිතුව නැති තරං මිත්තරයෝ රාශියක් අද මාත් එක්ක ඉන්නේ මේකට පින් සිද්ධ වෙන්න.
ඒ අතරේ ටැබූගේ අගය කිරීමකුත් මට හිමි උනා.
ඇත්තටම ටැබූගේ අගය කිරීම මතම තව හුගාක් අය මේ අහ ගොඩ වෙන්න පටන් ගත්තා..ඒ එක්කම රාජකීය විදුහලේ අපේ සුදාරක මලයලගේ අර සාහිත්‍යය උත්සවෙන්..ඒ කිව්වේ අර අසනිය කුසුමෙන් මට ලැබුණු තාමත් කළුද සුදුද කියලාවත් නොදන්න අපි නොදන්න සම්මානෙත් බොහෝම හිතට ගැම්මක් අරගෙන ආපු දේවල්...
ඒ ඇර අවුරුද්ද අහවර වෙන්න ඔන්න මෙන්න තියලා බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න අපේ රැහේ අපේ ඈයෝ ටිකක් සියැසින් දැක බලාගන්නත් පින තිබුණා නෙව.

ඉතිං මෙ කාලය තුල මාත් එක්ක රැඳී හිටිය ඒ හැමෝටම බොහෝමත්ම ස්තූතියි කියලා කියන්න ඕන..
ස්තූතියි අනේකවාරයක් නුඹලාට...මාරයාව ජීවත් කෙරෙව්වට...

ඉතිං ඔන්න ඔහොමයි කතන්දරේ...
තව එකම එක වටයක් වීදුරුවේ ඉතිරි වෙලා තියෙනවා..ඒකත් ආමාශගත කොරගෙනම මේ ලිපියත් මෙහෙමම අහවර කොරන්නයි ලෑස්ති වෙන්නේ...මෙ අවුරුද්දට මම ආයෙම බොන්නේ නැහැ. මොකද හෙට මම වැඩ නෙවැ.

සියළු දෙනාටම ලබන්නා වූ 2011 වසර සාමකාමී...හිතේ සැනසිල්ලෙන්..ගත කොරන්න ලැඛෙන සැනසිලි දායක වසරක් වෙවා...!
අනුන්ට ඊර්ෂ්‍යා නොකර..වෛර නොකර...අපහාස උපහාස මැදහත්ව ඉවසා දරාගෙන..ලැඛෙන දෙයින් සතුටු වෙලා බොහෝම නිහඩව ඉදිරිවසර ගත කොරන්න මටත් ඉඩ කඩ සැලසේවා...!

61 comments:

  1. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. මාරයා අයියාටත් අයියාගේ සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත් සුභම සුභ නව වසරක් වේවා කියලා ඕං මාත් ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  3. මාර මල්ලිටත් සුබ නව වසරක් වේවා!
    පැතුම් ඉටුවේවා!

    ReplyDelete
  4. සියළු සිතුම් පැතු ඉටුවන වසනාවන්ත , සුභ නවවසරක් වේවා!!! ( මල් පැණි බීම එපාම වේවා!!!!! )

    ReplyDelete
  5. ලබන්නාවු නව වසර මාරයා අයියගේ මාර පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  6. Janani...

    බොහෝමත්ම ස්තූතියි නගේ...

    ReplyDelete
  7. පූසා...

    ආ ඥාව්වා මලේ..බොලාටත් ඔන් ලයින් ඔෆ්ලයින් නැතිව ඥාව් ටික් ටික් වෙන වසරක් වෙවා.

    ReplyDelete
  8. නිශ්...

    බොලාටත් එසේම වෙවා කිව්වා ඔං...

    ReplyDelete
  9. හරී...

    අක්කාටත් එසේම වෙවා..(වරහං ඇතුලේ තියෙන ඒවා පෙනෙනවා හොරයිද මංදා..)

    ReplyDelete
  10. නිර්මල...
    ස්තූතියි කොල්ලෝ..බොලාටත් එසේම..හොඳේ..

    ReplyDelete
  11. බොන කතන්දර නම් අපි හිතන හැටියට සීමා කරන එක ටිකක් අමාරු කර්තව්‍යයක් බන්. කොහොම උනත් උඹේ පැතුම සාර්ථක වේවා කියල මම පතනව.

    සුරක්ෂිතබව අපිව කම්මැලියො කරනව. ඒ කතාව නම් සෑහෙන ඇත්ත. අවදානමක් තියෙන්න ඕන ජීවිතේ ගැම්මක් දැනෙන්න.

    සුභ නව වසරක් වේවා මාරයියා!

    ReplyDelete
  12. බීම ගැනනං මං ඉතිං බොට මුකුත් කියන්නෙ නෑ.. මං උඹට බැනල තියෙන්නෙ බීම නිසා නෙවෙයි, උඹ බොන හේතුව නිසා.. ඉතිං උඹ ඒ හේතුව ගැන තීරණයක් ගන්න යනව කියල ඇහුවම සන්තෝසයි.. මම දන්නව ඒක හෙන අමාරු වැඩක් බව.. අපිත් ඔය විරහව විදලා තියෙනවනෙ මල්ලි.. ඒත් ඉතිං ඒක දිහා උපේක්ෂාවෙන් බලන්න පට්ටාං ගනින්, උඹට ඒක අමාරු දෙයක් නෙවෙයි නෙ.. බණ දහම් දන්න එකා වෙච්චි.. සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා කියලා ඕන්න මමත් ප්‍රාර්ථනා කරනවා . .. !

    ReplyDelete
  14. නව වසරේ ඇස් පෙනීමත් හොඳ වේවා !!! :D

    ReplyDelete
  15. Raven...

    බලමු..මට හිතුනොත් බැරි දෙයක් නැහැ මලේ..වැඩෙ කියන්නේ මම හිතන්නේ නැති එකයි.මෙදා පාර හිතන්නයි හිතුවෙ..

    සුභ නව වසරක් වෙවා..දෙපලටම..පංගුකාරිවත් මතක් කොලැයි කියන්ට හොඳදෑ..

    ReplyDelete
  16. සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ,මත්වතුර එපාවෙන වසරක් වේවා කියල මමත් ප්‍රාර්තනා කරනව!

    ReplyDelete
  17. Buratheno...

    දුක සහ දුකට හේතුව කිව්වළු..බලමුකෝ..
    සුභ නව වසරක් වෙවා...

    ReplyDelete
  18. දුකා...

    දුකාට සහ ගෙදර ඇත්තීටත්..විරූල් උන්නැහේටත් සුභම සුභ නව වසරක් වෙවා...

    ReplyDelete
  19. හරී...

    අක්කණ්ඩියේ උඹටනං...හෙහ් හෙහ්...

    ReplyDelete
  20. නදී...

    අපි බලමුකෝ නේද..?

    නදීටත් පැහැබර අනාගතයක උරුමය හිමි වෙවා...

    ReplyDelete
  21. සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනම්...

    ReplyDelete
  22. ඉතුරු 1500ත් ලබන අවුරුද්දේ කැපීම යනසේකුවා....!!!!!!

    සුභම සුභ අළුත් අවුරුදද්දකු මාරයියේ.....!!!!!!!
    මේ එන අවුරුද්දෙවත් අයියලව හමුවෙන්න බලැපොරොත්තු වෙනවා..... බලමුකෝ......

    ReplyDelete
  23. දැනට ඉතිං ඔය දන්න කියන අය බලහත්කාරයෙන් වගේ ඇගේ ගහලා යන කේන්දර මාස ගාණක් ගියාට පස්සේ තමයි බලලා දෙන්නෙත්...

    ස්ටෑන්ඩ්බයි බාග තියා ගන්න එකත් සපුරා තහනං.

    මෙන්න මේ ටික කිව්වේ ඇයි කියලා තමා මාරයෝ මට තියෙන ප්‍රශ්නේ....

    මාරයටත් හිතේ තියෙන සියළු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා....!

    මාරයියේ.. උඹ පන්සලේ ඉද්දි ගුරුකම් එහෙම ඉගෙන ගත්තෙ නැද්ද අම්මපා.... එක මන්තරයයි ආයෙත් අරක ලඟ ඉදීවි වෙලි වෙලී.....

    ReplyDelete
  24. මේ අවුරුද්දේ . ඔබේ තනිකඩ දිවියට නැවතීමේ තිත .තබන්න වාසනාව ලැබේවා !!

    අයියේ ..උඹට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

    ජයවේවා !!

    ReplyDelete
  25. සිතේ ඇති සියලු පැතුම් එලෙසම ඉටුවන සුබම සුබ අලුත් අවුරැද්දකට මගෙනුත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  26. සුබ අලුත් අවුරුද්දක් මාර අයියේ...

    යකෝ 17 ක් 18 ක් හම්බු උනහම ඒකෙන් 25 % ක් විතර බීඑමට නොවැ... හික් හික් ඔව් ඔව් ඒ සහනාදාරෙ අඩු කරපන්. 10 % ට අඩු කරගත්තනම් හරි.

    ReplyDelete
  27. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාළු ඔයාට

    ReplyDelete
  28. හැබැයි නිකන් අඟට හරි නෑ හරි නෑ වගේ.... මොකද උඹ මේ පෝස්ට් එකේ කෑම ගැන මුකුත් ලියලා නැති හින්දා. අඩු ගානේ හබරල කොල මැල්ලුමක් හදන හැටිවත් දාල තිබ්බනම් පංකාදු පහයි...!

    උඹට සිතන පතන පැතුම් ඉටුවන වාසනා බර සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
  29. මාරයටත් සුබම සුබ නව වසරකට ආසිරි පතුම්,,වැඩි වැඩියෙන් ලැබේවා!!! අරවා අඩු කරන තීරනය නම් මල් 7 ජය වේවා!!!

    ReplyDelete
  30. සුබම සුබ නව වසරක් වේවා !!!!!!!!

    ReplyDelete
  31. සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ..........!

    ReplyDelete
  32. පුතා...

    පුතාටත් එසේම වෙවා...
    මොකද මෙ දවස්වල වට්ටක්කා ගණන් ගිහිංද ඩුබායි පැත්තේ..?

    ReplyDelete
  33. හා පැටික්කී...

    පැටික්කිටත් කංකුං කැරට් සුලභ වෙන වසරක් උදා වෙවා...

    ඈ නංගියේ 1500ත් කැපුවොත් නිකං මගේ ඛෙල්ල කැපුවා වගේනේ...

    ReplyDelete
  34. උන්නැහේ...

    උන්නැහේටත් 2011 පිල් කණ්ඩිය උඩ වැඩි වෙලාවක් දපන්ට ඇහැකි වෙන නිදහස් හා සාමකාමී වරුසයක් වෙවා...

    ReplyDelete
  35. අභීත...

    කළු අකුරෙන් උඹැහැ දාලා තියෙන පළවෙනි ටිකනං බොලාට අදාළ නැත..මෙ අවුරුද්ද ඇතුළත පරණ වැඩ ඉවර කොරන්ට යෑමෙදී අද සිද්ධ වෙච්ච කාරණාවක් හින්දා ලියාපු දෙයක්ය..

    දෙක ගැනනං මං මුකුත් කියන්නේ නැතුවාය...ඒවා මඩට පෝර වෙන නිසාය..

    බොලාටත් අර වක්කඩෙ තිබ්බ අතංගුවට තිත්ත පැටව් දණ්ඩි කොරළි අහුවෙන්නා සේ..සුද්දෝ අහු වෙවා...(උන් හම්පඩ සුද්දෝ නොවෙවා..)

    මංතර වලින් කොරනා වැඩ සදාකාලිකද නැත..
    ආදරය යනු ඇන්දීම් නෙවෙමය...

    ReplyDelete
  36. හිස් අහස...

    ඈ මලේ උඹ ඒ මට සුභ පැතුවද..?

    යකෝ මට නිකං ඇහුනේ තෝ හිරෙ පල කියන්නා වාගෙනේ...

    බොලාට දැන්ම හිරෙ විලංගුවෙ වැටෙන්න කියන්නනං බැහැ අර පොඩි එකී හින්දා..තව ටිකක් කල් යද්දෙන්කෝ..
    සුභ නව වසරක් වෙවා මලයා...

    ReplyDelete
  37. තාරක Dilsh@n...

    එසේම වෙවා මලයාටත්...

    ReplyDelete
  38. පිස්සා පලාමල්ල ...

    අළුත් අවුරුද්ද පිස්සා මලයටත් පිස්සු බම්ප් වෙන වසරක් වෙවා...

    මාරයාත් කොස්ට් කටින් කියලා පොරවුර්ති පත්තර වල හෙමත් යයිද දන්නේ නැහැ...

    ReplyDelete
  39. ayesha...

    මගේ යාළුටත් එසේම වෙවා...

    ReplyDelete
  40. දුමී...

    උඹට කිව්වට මොකද..දැන් සමහරු කෑමක් බීමක් ගැන නොලිව්වහම පස්සේ හරි අහනවා..අද මොනවද කෑවෙ කියලා...
    අනික බං අද කාපු බීපුවගේ මොනවා ලියන්නද..?
    සුදු කැකුළු බත් උයලා සම්බෝලයක් විතරක් හදන්න ගියේ..
    පොල් ටික වැඩියත් එක්ක ගෑවුන හින්දා එහෙමම සම්බෝලෙට අමතරව කිරි හොඳි ඩිංගිත්තක් හැදුවා..ආයේ ඊට පස්සේ ඔන මගුලක් කියලා බල කරෝල කෑල්ලක් ලූනු ටිකක් දාලා තෙල් දාලා ගත්තා ඔච්චරයි..ආයේ ඔක ගිලලා කියවන්නත් ඔනයෑ..මං නිකා හිටියා...

    ඉඳිංකෝ වෙලාවක දිය හබරළ තෙම්පරාදු කරලා උයන හැටිවත් කියා දෙන්ට...

    ගමයටත් මහගෙටයි පැටඋන්ටයි සුභ නව වසරක් වෙවා...

    ReplyDelete
  41. ItalyDilan...

    එසේම වෙවා..
    ඒ වගේම හැකි ඉක්මනට අපිත් එක්ක මෙ පොළොවෙම පය ගහලා ඉන්ට වරං ලැඛෙවා

    ReplyDelete
  42. වැප්...

    මලයටත් එමසේම..හරිය...

    ReplyDelete
  43. Udhara...

    මල්ලීටත් එසේම වෙවා...

    ReplyDelete
  44. මාරෙ මලේ,

    මමත් කියඤ්ඤං එහෙනං සුබ නව වසරක් කියල,

    උඹට ඉස්තූතියි මලේ මේ අවුරුද්දෙ උඹේ කාපු, බීපු, හිතපු, නොහිතපු, අටෝරාසියක් දේවල්, කවමකවදාවත් දෑහිං නොදැකපු මේ අපිත් එක්ක, සහෝදරයෙක් වගෙ බෙදා හදා ගත්තට,ඇත්තටම උඹ ලියෝපුව කියෝලම දැං මටනං උඹ මයෙ සහෝදරයෙක් ගාණට ඇවිල්ල ඕං තියෙන්නෙ, අම්මප මේ ඇත්තමයි,

    මේ අවුරුද්දෙවත් බලමු කොල්ලො, මං එඤ්ඤංකො උඹලයි අහ,

    ReplyDelete
  45. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියා! උඹ කැමති විදියේ ජොබක් ඉක්මනින්ම සෙට් වේවා.

    උඹ බොන්න වියදම් කරන ප්‍රතිශතේ හොඳටම වැඩී. අඩුකරපන් අඩුකරපන් ඕක.

    ReplyDelete
  46. අයියා කිරියෙන් පෑනියෙන් ඉතිරෙන සුබ නවවසරක් වෙවා..!!!

    ReplyDelete
  47. එහෙනං මාත් අලුත් අවුරුද්දට එකෙන්ම සුබ පැතුවා ඕං....

    ReplyDelete
  48. අලුත් අවුරුද්දෙවත් පරස්සාවක් කරගන්න වාසනාව ලැ‍බේවා කියල සුබ පතනව....!

    ReplyDelete
  49. Ravi...

    රවි අයියාටත් ඉතිං අළුත් අවුරුද්දේ ජයෙන් ජයම වෙන්ට ඔන...
    බලමු අයියණ්ඩි තව ඉස්සරහට මොන මොනවා හරි කොරන්ට බැරියෑ..

    ReplyDelete
  50. නුවන් කුමාරනායක...

    මලයාටත් සුභ නව වසරක් වෙවා...
    සතෙන් සතේ..
    රුපියලෙන් රුපියල..
    ඔන්න ඔහොම දැන්වීමකුත් තිබ්බා කාලයක්...

    ReplyDelete
  51. ඉලංදාරියා...

    මලයාටත් එසේම වෙවා..!

    ReplyDelete
  52. chanaka...

    මෙන්න මාත් ඒ එකෙන්ම සුභ පැතුවා...
    චානක කිව්වාම මං මෙ බැළුවෙ..අපේ මකරාක්ෂ නෙවෙයි නේද..?

    ReplyDelete
  53. Thusitha Jayasinghe...

    මෙන්න මාව හිරෙ යවන්ට දත කන තව හාදයෙක්...

    ReplyDelete
  54. සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ..........!

    ReplyDelete
  55. මාරයාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි...

    ReplyDelete
  56. මාරයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  57. මාරය අයියටත්,
    සියලුම බලාපොරොත්තු ඉ‍ටුවෙන
    සුභ නව වසරක් වේවා.....!!!
    අයියට අමතක කොරන්න ඕන හැම දෙයක්ම අමතක වේවා.......!!!

    ReplyDelete
  58. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...මතින් තොර‍‍‍....කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  59. කංකුං කැරට් ලැබෙන්න එපැයි මේ පැත්තේ හරි හමන් විදියට එන්න ලැබිලා.......
    මාරයියේ ඒ 1500ත් කැපුනම ෆුල් ශොක්නේ....
    කව්රුවත් අයියට වද දෙන්නෑ ඔය ගිනි වතුර බීම නවත්තන්න කියලා..... ඒකම කොච්චර සහනයක්ද........

    එහෙනම් ආයෙමත් සියළු පැතුම් බලාපොරොත්තු සඵල වන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!!!

    ReplyDelete
  60. ම්..... මම මේ ලිපිය දැක්කේ අද.එක හුස්මට කියවගෙන යන්න පුළුවන් විදියට ලියල තියෙනවා.මාරයා මම හිතුවට වඩා විවෘතයිනේ.මේ බ්ලොග් එකට ගොඩක් අය කැමති ඔයා අව්‍යාජව ලියන හින්ද වෙන්න ඇති.ඔයාගේ දවස ගෙවෙන විදියේ සමහර දේවල් මගේ එකට සමානයි.(මම බොන්නෙ නම් නැහැ.)බොන එක නවත්වන්න යාළු, බීමෙන් නරකක්මයි වෙන්නේ.ජ්‍යොතිෂ වැඩ දිගටම කරන්න.ඔයාවගේ අවංක අයට ඒක ගැලපෙනවා.හැබැයි ඒක කරනකොට ශාස්ත්‍රීය ගෞරවය හා මානුෂික හැගීම් දෙකම රැකගෙන කරන්න ඕන.ජ්‍යොතිෂය කරන කෙනෙක් සිල්වත් ගුණවත් වෙන තරමට තමයි අගේ වැඩි.ඔබට සුභ වසරක්!

    ReplyDelete