08 December 2010

ඔන්න මං නැගිට්ටා...

උදේ පටන් ගත්ත බීම ඉවර උනේ දවල් දෙකට විතර ඇඳට කඩං පාත් වෙලා...
ඇහැරෙන කොට හය හමාරයි...
ඊයේ රෑ හරියට නින්දක් නැති එකයි...ඇගට දැනුන කෙඩෙත්තු ගතියයි..එක්ක මත් ගතියත් එකතු උනහම මලා වගේ නින්ද යන එක තමයි අවසන් ප්‍රතිඵලය...

කොහොම උනත් එක පැත්තකින් සහනයක් දැනෙනවා.
හිතේ තිබුනු බර ගතිය ටිකක් විතර අඩුයි..
ඒත් ඇගටනං ......
හරියට නිකං පොලිසියෙන් ගහලා වගේ...
දැන් දවස් දෙකක විතර ඉඳලා උගුර රිදි රිදි තිබුනේ..සෙම් ගෙඩිද මන්දා..
ඒකත් එක්කම ඇගට පණ නැති ගතියකුත් දැනෙනවා..උණ ගැනෙන්නද මන්දා..ඒත් ඉතිං දැන් ඛෙහෙත් ගන්න යන්න බැහැ..තාමත් වෙරි...

ඔක්කෝටම වැඩිය බඩ ගිනියි...ඒත් මොනවත් හදන්නත් කම්මැලියි..එළියේ ලාවට වහිනවා...මුකුත් ගේන්න යන්නත් අමාරුයි වගේ...
අනේ මන්දා...
උදේ ඉඳන් ගෙදර තිබුණු මික්ස් මුරුක්කු ටික බයිට් එකට අරන් බිබී හිටියා..අන්තිමට ක්‍රිම් ක්‍රැකර් වගේකුත් කකා බිව්වා වගේ මතකයි...
ඔව් ඔව්..දැන් ගිහින් බැළුවා බෝතලේට දාලා තිබුණු බිස්කට් වලින් හත අටක් අඩුයි..කාලා තමයි...
තව හතරක් පහක් තියෙනවා...

එක අතකට කන්න නැතත් මෙහෙම කරටි කැඩෙන්න ගහලා ඇඳට වැටිලා දවස ගෙවන්න තියෙන එකත් හොඳයි...
කොහොම උනත් හෙට වෙන කොට හිටිය තත්වෙට එන්න ලැබුනොත් හරි...

අනේ මන්දා මේ ජීවිතේ කවදා කොහෙන් කෙළවර වෙයිද කියලා...
.................................

ඕන එකක් කියලා නාලා ඉන්න ඔන...
එක්කෝ උණ ගැනෙයි..නැත්තං හොඳ වෙයි...උගුර රිදෙන එක තමයි ඉවසන්න අමාරු...

හ්ම්ම්ම්..හතත් වෙන්න ආවා..මෙතනින් නැගිටලා ඇවිදින එකත් මරනවා වගේ වැඩක්...
නාන්න කළින් තියෙන මොනවා හරි රත් කරලා..ඊට පස්සේ නාගන්න ඕන...
බෝතලේ අඩියේ තියෙන ටිකත් උගුරු දෙකට ගහලා..කාලා ආයෙත් මේ පැත්තේ එන්න පුළුවන් තත්වයක් තිබුණොත් බලමුකෝ...
ඔන්න මං නැගිට්ටා...
ආ මේක පෝස්ට් කරලා ඉන්න එපැයි...

15 comments:

  1. want to get liver failure??? Dont have too much alcohol..unless you want to see real MARAYA

    ReplyDelete
  2. අඩෙ මාරේ බඩුද ? හිතේ දුක යන්න අද මාත් ගහනවා ...(ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක ) හැබැයි මගේ ටයිම් එක රෑ 10:30 තමයි ..මම අනුමත වෙන්නේ ඒ වෙලාවට

    ඔයාගේ උපදෙස් නිසා අද යන්තමට බේරුනා ...මාරේ අයියා ආත්මාරක්‍ෂක සටන් කලාව පිලිඹඳ ප්‍රවීනයෙක් කියලා මම තේරුම් ගත්තා ..(සිරාවට)

    මොනාද ගත්තේ ගල්ද ?

    ජයවේවා !!

    ReplyDelete
  3. මාරයෝ... උඹ හිතන්නෙපා ගොයියෝ උඹට විතරයි පෑරෙන තුවාල තියෙන්නෙ කියලා. බලපං උන් අපූරුවට පැලැස්තර අලෝගෙන හිනා වෙවී ඉන්න හැටි.

    ReplyDelete
  4. ප්‍රශ්න වලට විසඳුම බොන එකනම් නෙමෙයි අයියේ

    ReplyDelete
  5. මම නං මාරෙ, උඹ මාරයි කියලා කියන්නෙ නෑ. මේ වැඩෙන් උඹටවත්, ඒ කෙල්ලටවත් වෙන සෙතක් නෑ. මට ඔය ආලවට්ටං දාලා කියන්න තේරෙන්නෙ නෑ,, අමුවෙන්ම කියල දාඤ්ඤං:

    උඹලා දෙන්න අතර වුනේ මොකක්ද කියලා මං දන්නෙ නෑ, මොක වුනත් ඒක වෙලා ඉවරයි. ඒ කෙල්ල හිත හදාගෙන අපූරුවට , ජිවිතේ ගෙනියනවා. බලපං උඹ මොකද කරන්නෙ? උඹටත් කෙලෝගෙන, අර අර අමාරුවෙන් හිත හදාගෙන, ජීවිතේ ගැට ගහගන්න හදන කෙල්ලටත් ඇණයක් වෙන්න හදනවා.

    නොලැබිච්ච , නැති දේට හූල්ලන එක මනුස්ස ස්වභාවය. ඒකෙ ඇති වැරද්දක් නෑ. ඔහොම හුටප්පරයක් වෙලා, මේහාට මංගච්චන්න ඉස්සෙල්ලා මං හිතුවෙ, ආව් අප්පා එහේ නියමයිනෙ, හවසට පබ් යනවා, කරටි කැඩෙන්න ගහනවා. අ..හම් එක බස් එකක් වැරදුනොත් අනිත් එකේ එල්ලෙනවා කියලයි. ඒවා එහෙම නැතෙයි කියලා කියනවා නෙමෙයි, වැඩේ කියන්නෙ එතකොට හුල්ලන්නෙ, පොල්සම්බෝල, ජාඩි, පොල් මැල්ලුං වලට, කොටින්ම ලංකාවෙ ගතකරපු කූල් ටූර් ජීවිතේට. බැරිම තැන ආයි ලංකාවට සැපැත්වෙලා මාස දෙක ඉන්න කොට මෙන්න යකඩෝ මතක් වෙනවා, ගිලපු හැම්, බේකන්, සනීපෙට යන්න පුළුවන් පොදු ගමනාගමන පහසුකං. මට හිතෙන්නෙ, ප්‍රස්නෙත්, ඒකට උත්තරෙත් දෙකම තියෙන්නෙ අපිගාවම කියලයි.

    ඒකට විසඳුම හැමදාම හූල්ලන්න යන එක හරි, ඒකෙන් අනිත් අයට ප්‍රශ්ණයක් වෙන එක නං නෙමේ.
    තමන්ට නැතිදේ ගැනම පසුතැවෙන්නෙ නැතුව, තියෙන් දේ ගැනත් හිතාපං. ඉන්න හිටින්න තැනක් තියනවා, රස්සාවක් තියෙනවා, අමතර ආදායමක් තියෙනවා, ජීවිතේ ආයි පටං ගන්න කල් තියෙනවා. තව මොන ඉලව්වක්ද ඕනෙ.

    වැරදි යමක් කියවුනා නං සමාවෙයන්...

    ReplyDelete
  6. ඔන්න සිරිබිරිස් ලොක්ක කියන්න ඕන ටික සහසුද්දෙන්ම කියලා තියෙනවා.. අපට තව කියන්න දෙයක් නෑ.. මට හිතාගන්න බැරි, අපට ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න කියන උඹ ඇයි උඹේ ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්නෙ නැත්තෙ කියලා.. උඹෙත් නිකං වැදි බණ විතරයි බං..

    ReplyDelete
  7. every thig will be ok in the end

    if it's not ok
    it's not the end
    ------------------R---------------

    ReplyDelete
  8. මොනව කියන්නද? ඔය දෙන්නෙක්ම කියල තියෙන්නෙ හොදට

    ReplyDelete
  9. "කියන්ඩ ඕන දේ අර Praසන්ன කිව්ව වගෙ දෙන්නෙක්ම කියල තියනවනෙ යස අගේට, siribiris සහ buratheno දෙන්නා,
    "

    මට බොහොම පොඩ්ඩයි එකතු කොරන්ඩ තියෙන්නෙ,

    කාටවත් අවවාද දෙන එක මම බොහොම අකමැති වැඩක්, එයිට වැඩිය අකමැති එකම දෙයයි තියෙන්නෙ, ඒ මට කවුරු හරි අවවාද දෙන එක,

    මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ හැටියක් කොච්චර අවවාද දුන්නත් තමන්ටම හිතුනෙ නැත්නම් ඒව පිළිනොගන්න එක, මේකට ඉතිං වැරැද්දක් කියන්ඩත් බැහැ, අපි හැමෝම කරන්නෙ අපිට හරිය කියල හිතෙන දේ නෙව, අනුන්ට හරියි කියල හිතෙන දේ කරන්ඩ පටන් ගත්තොත් ඉතිං ඒකෙ කෙළවරක් නැතිවෙනවනෙ, අන්තිමට මම කියල එකෙක් නැතිම වෙලයි වැඩේ කෙළවරක් වෙන්නෙ,

    ඉතිං මට කියන්ඩ තියෙන්නෙ මලේ, මෙහෙම අතීතය ගැන හිත හිත දුක් වෙන එකේ කිසීම තේරුමක් නැහැ කියල බොටම හිතෙනකල් අපි කොච්චර කිව්වත් ඕකෙන් සත පහක වැඩක් නැහැ, උඹටම ඕක හිතෙන්ඩ ඕන, ඔය වැඩේ ඉතිං මෙහෙමනෙ, එච්චරම ලේසිත් නැහැ, හැබැයි අමාරුවකුත් නැහැ,සත්‍යාවබෝධය කියන එක තමන්ම ලබාගතයුතුය කියන එක තමයි මගේ තියරි එක,

    මෙහෙම ඉවර කරන්නම්, උඹම පරණ පෝස්ට් එහෙක කියාපු එකක් පොඩ්ඩක් සංශෝධනය කරල උපුටාගන්නට අවසර,

    විපිළිසර එහෙත් හිත හොඳ මාරයානනි,

    ඔබට සත්‍යාවබෝධය සමඟ පලක් නොවනා දෙය අතහැර දැමීමට ධෛර්යය ද නොපමාව පහළ වේවා!!!!

    ReplyDelete
  10. පලවෙනි කාරනේ තුවාලේ තියනකෙනාට තමයි වේදනාව දැනෙන්නේ.අනිත් කාරනේ තමා ඇත්ත තිත්තයි කියන එක.ඒ ගෑනු ලමයට පුලුවනි නම් හිත හදාගන්න,මාරයියේ ඔයාටත් ඒක කරන්නම වෙනවා.දුක හිතෙන දේවල් මතක් නොකර ඉන්න.වැදි බන කියනව නෙවෙයි ලැබුනු අත්දැකීමෙන් පස්සේ අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සාහ කරන්න.ඔයාගේ බ්ලොග් එක බලනකොට තේරෙනවා ඔයාට ආදරය කර අය කොච්චර ඉන්නවද කියලා.ඉතින් ඔයාට ඒක සතුටක් නේද?

    ReplyDelete
  11. අර රවි කියපු එකට මාත් තව චුට්ටක් එකතු කරන්නං..

    උඹෙ බ්ලොග් එක බොහෝ කාලයක් තිස්සෙ කියවන නිසා මම දන්න දෙයක් තමා උඹ ජීවිතේ දාහක් ප්‍රශ්නවලට (අපි හැමෝටම වඩා) මුහුණ දීලා, කට්ට කාලා, ඒ හැම ප්‍රශ්නයක්ම ජයඅරං ඉන්න එකෙක් විත්තිය.. ඒ අතිං අපට වඩා උඹ ගොඩාක් ඉදිරියෙන් ඉන්නෙ.. අන්තිමේදි උඹ මහණ වෙලා ඒක ඇතුලෙන් ආපු ප්‍රශ්නවලටත් ජයග්‍රාහීව මුහුණදුන්න විදිය උඹෙ පන්සල් කතාවලින් අපි දැක්කා.. ඒ අතිනුත් උඹ අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නෙ.. ඒකයි මට හිතාගන්න බැරි උඹ ඇයි මේ තරමට මේ විරහවක් නිසා දුක් විදින්නෙ කියලා.. මට පේන්නෙ උඹට බැරිකම ‍නෙවෙයි ඕන නැතිකම..

    "ඔබට සත්‍යාවබෝධය සමඟ පලක් නොවනා දෙය අතහැර දැමීමට ධෛර්යය ද නොපමාව පහළ වේවා!!!!"

    ReplyDelete
  12. හම්මෙ ඔය දීලා ඇදලා තියෙන්නේ මට නොකවුට් වෙන්නම...

    ඇත්ත බැරි කමට වඩා ඔන නැතිකම තමා...
    ඒකටත් හේතුව මම දන්නවා..මොකද මෙහෙම පස්ස ගහනවා ඇර ට්‍රැක්එකට වැටෙන්න මම කැමති නැහැ..මොකද දැන් මෙහෙම හිටියට පාරට වැටුනම මම එච්චර කොන්ට්‍රෝල් චරිතයක් නෙවෙයි..ඒ හැම දේම දන්න හින්දයි මම ආපස්සට ගමන් කරන්නේ.

    ආ තව එකක්...මට මතක තරමින් නම් මම වැදි බණ කියලා නැහැ නෙව..හැම තැනම බණ කතා අගිස්සටවත් මම මෙහෙම කළ යුතුයි කියලවත්..ඒ වායින් ආදර්ශ ගන්න කියල කිව්වයි කියලවත් මට මතක නැහැ.
    අනික කිසිම ආකාරයකින් වත් බොන කෙනෙකුට මම කවදාවත් බොන්න එපා කියලවත් නැහැ..මම හිතන්නේ සඳරු (හිස් අහස) උනත් දන්නවා මම ඌටවත් බොන්න එපා කියලවත් නැහැ.

    මම වැරදියට ඉඳගෙන මම කාවවත් හදන්න යන කෙනෙක් නෙවෙයි...
    මෙ මගේ අවසාන කාලය...ඒක් මෙ විදියටම ගෙවිලා යයි..දවසක මෙ බ්ලොග් එක නවතීවි..මගේ ජීමෙල් ගිණුමෙ කොළ ලයිට් නිවිලා යිවි..අන්න එදාට මම ඉවරයි..ඒ වෙනකල් මම හිතන්නේ නැහැ මම වෙනස් වෙන්න උත්සහ කරයි කියලා..

    ඇත්තටම මට වෙනසක් උවමනා කරන්නේ නැහැ.
    මම දුක් වෙන්නේ එකම එක දෙයකට විතරයි..ඒ දේ අතහැරලා මම අනිත් දේවල් බදා ගත්තොත් මට දුක් වෙන්න හුගාක් දේවල් තියේවී...

    මෙ යන විදිය ඇත්තටම හොඳයි...
    මම දන්නවා කවුරුත් හිතන්නේ මගේ යහපත වග..ඒත් ඒ යහපත කියලා කියන රාමුව ඇතුලේ තියෙන හැම දෙයක්ම වගේ..මගේ දැක්මට අනුව මාව මෙ ලොකයේ පවතින රටාව තුළ තවත් එක් සිරකරුවෙක් බවට පත් කරවනු ලබන සාධක පමණයි කියලා...

    මට අත අරින්න තියෙන්නේ එක දෙයයි..ඒක නියම වෙලාවට මගෙන් අත හැරිලා යාවී...අනිත් සැම දෙයක් සමගම..ඒ හැර අන් කිසිම දෙයක් මගේ ජීවිතයට කවමදාවත්ම ළං නොවෙවි.
    ස්තූතියි සිරි ඇතුළු සියළුම දෙනාට...
    ඇත්තටම හොඳින් කියනවට වඩා මෙහෙම තදින් කියන කොට මම ඒකට කැමතියි.
    එතකොටයි මට දැනෙන්නේ මගේම උන් ටිකක් කියලා.

    ReplyDelete
  13. "ඔබට සත්‍යාවබෝධය සමඟ පලක් නොවනා දෙය අතහැර දැමීමට ධෛර්යය ද නොපමාව පහළ වේවා!!!!"

    ReplyDelete
  14. මට නම් ජීවිතේ ගැන බර අත්දැකීම් නෑ. ඒත් නොලබපු දේවල් ගැන හිතන්නෙ නැතුව තමන්ට ලැබුන දේවල් ගැන හිතන්න පුලුවන්නම් ඒකත් ජයග්‍රණනයක්

    ReplyDelete