30 December 2010

තවත්නම් මට එපා...

කොතරම් සුන්දරද මල් පෙති පිපුණු නැවුම්..
කෙලෙසින් තැනුනේද පිරි පුන් පැහැ මනරම්..
දුටුවෙන් මන බැඳුණි ඒ වෙත කර නොසෙවුම්..
රිදවුම් දෙවන්නෙද කටු අග විස රැඳුනෙන්..

මල් පෙති සුමුදු සුසිනිඳු බව විය වැටහුම්..
ඒ පෙති යටින් ඇති කටු ගැන නොව විපරම්..
විගසින් ගොසින් නෙළනට ඒ මල් මනරම්..
කටු විස වැඳී තාමත් හද වීය ගිලන්..

ලොව ඇති නේක විසිතුරු මල් වල දැවටී..
ඒහා බැඳුනු කටු අතු ඉති බොහො පවතී..
ඒ බැව් නොදැන මල් නෙළුමට ගොස් වැරදී..
මා මෙන් දුක් විඳින අය තව බොහෝ වෙතී..

මල් ගොමු අතර පිපි සියළුම මල් පැරද..
හද දිනු මලට විය කාගෙත් ලෝබ සිත..
එනමුත් එමල අපහට නැතිනම් උරුම..
කටුවල පැටළිලා දුක් ගන්නෙද කුමට..

කටු අතු එපා ඒ හා ඇති මලූත් එපා..
සුවඳත් එපා මනරම් පැහැ කිසිත් එපා..
මල් ගොමු තබා වන වදුලක් උවද එපා..
කඳුළැල් වලින් නිම වෙන කවි මලූත් එපා...

23 comments:

  1. අවසන් ලිපිය කිව්වට මෙන්න මාර කවියක් දාල... වැඩේ කියන්නේ මාර අයියේ කවියත් 2 - 3 වෙලා පේන වෙලාවක නොවැ දැක්කේ... ඔය කොයි මලත් එපා වෙලා මම නම් ඉන්නේ

    ReplyDelete
  2. නෙලන්න බැරි මල් නටු අග මොටද පිපෙන්නේ...
    නොලැබෙන දෙයකට ඇයි මෙතරම් සිත යන්නේ...

    ReplyDelete
  3. ඇත්ත නේන්නම්. අවසන් ලිපියට comment දාලා ඉවර වෙලා බලනකොට මෙන්න තවත් post එකක්.හ්ම් කොහොම උනත් අපූරු පද වැල් ටික.අලුත් අවුරුද්ද පරන අවුරුද්ද මොකක් උනත් ලියන්න.

    ReplyDelete
  4. ඉවරයි කිවුවට ඉවරම නෑ තව තියනවා,,,,ආ මේ මේ වසරේ අවසන් කවි පෙළ නේ,අරක අවසන් ලිපිය නේද?

    ReplyDelete
  5. මාර අයියගේ කවි නම් මාරයි ආ !!! බණ වගේමයි කවිත්. පටේ පට්ට

    ReplyDelete
  6. මාරයා අයියා පදමට ගන්න කොට පට්ට කවිසිතුවිලි පහල වෙනවා නේද?
    හැබැයි එක මලක් නැති උනා කියලා ඔක්කොම මල් එපා කියලා හරියන්නේ නෑ නෙද?

    ReplyDelete
  7. මෙන්න බොලේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ කියපු එකා තවත් එකක් දාලා... මම හිතන්නෙ මේ නම් ලියන්නෙ මාරයා නෙමෙයි...! අනිත් එක බොලේ කවි ලියනව කියල මෙහෙමත් ලියන්න පුළුවන්ද ? ඕමාර් කයියාම් හිටන් පරාදයි...!

    ReplyDelete
  8. හහ්.. හහ්... මල් කවියක්. මල පනිනවනේ බොස්!

    "එනමුත් එමල අපහට නැතිනම් උරුම..
    කටුවල පැටළිලා දුක් ගන්නෙද කුමට.."

    ඕකම තමා ඉතින් අපිත් අහන්නෙ!

    ReplyDelete
  9. එනමුත් එමල අපහට නැතිනම් උරුම..
    කටුවල පැටළිලා දුක් ගන්නෙද කුමට..

    ඒකනේ බලන්නේ නැති මල් පස්සේ ගිහින් වැඩක් නැහැනේ..

    ReplyDelete
  10. මල් මල් මල් *!%**%%-==+++_==+
    මම දන්න එකම මල ******
    දාස්පෙතිය මල් ගසට සමාන බෙහෙත් පෑලෑටියක්....

    ReplyDelete
  11. කවියත් මාරම ලස්සනයි .. තවත්නම් මට එපා කීවම මම මේ දුවලා ආවේ . අරවා වත් නවත්තන්න යනවද කියලා . බලන්න

    ජයවේවා !!

    ReplyDelete
  12. @දුමී,
    මූ මචං 'ඕමාර් ඛය්යාම්ගෙ' මී මුණුපුරෙක්.. 'මාර් ඛය්යාම්'.. ඒකනෙ හැමවෙලාවෙම ගී පොතයි මී විතයි කියාගෙන ඉන්නෙ..

    ReplyDelete
  13. මෙන්න කවි..... එළකිරිස්..... ජයවේවා ආ..........

    ReplyDelete
  14. මාර මල් කවි...
    2011 දි කටු නැති මලක් හමුවේවා...!

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  16. මාර කවිත් නියමයිනේ....තව වෙන මොනාද.....

    ReplyDelete
  17. මේ මොකෑ.... මලක් ලැබෙයි බං... හිටපංකෝ ටිකක්.

    ReplyDelete
  18. අනේ ඇත්තමයි ඔය මුකුත් එපා......
    හරියට හරි මාරයියා.......
    මාර කවි ටික......

    වෙනදා කියවූ විට සිතට එන ගීතය අද ආවේ නැත......
    මොකද කියන්නේ මාරයියේ තවලිපි 5ක් ලිව්වානම් අළුත් අවුරුද්දට 250 ලියන්න තිබ්බා..... හික්ස්... :P

    ReplyDelete
  19. මේ අවුරුද්දේ අන්තිම කමෙන්ට් එක දාන්න ආවා ඔන්න. මාරයියාට සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  20. ඒක අවසන් ලියුම උනාට මේක කවියක්නොවැ නේද..
    ඔන්න 2010 අවුරුද්දෙ අන්තිම කොමෙන්ට් එක දාල යන්න ආවලු අපිත්!!

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  22. ඊයෙ ගෙදර ආවෙ. ඒ අල්ලපනල්ලෙ කොම්පීටර් මලා. කොම්පීටර් කිව්වට උගෙ අම්මගෙ.. බෝඩ් එක. යන්තන් අටෝගෙන මේ කොටන්නෙ. සමාවෙන්ඩ ඕන.

    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  23. වෙන වෙනම වචනයක් හරි නොකිව්වා කියලා අමනාප වෙන්න එපා ඔං..
    හැම දෙනාටම ස්තූතියි.

    ReplyDelete