16 December 2010

මාරයාගේ විරෝධය..මඩ එපා...

අනෙ බුදු අප්පච්චියෝ...
තෙමුනා නොතෙමුනා..ගෙදරට යංතං පය ගහ ගත්තා...

අද උදේම මේ ආදරුසමත් ලිපි ලියන්න ගිහිං උයන්නත් පරක්කු උනා..ඊට පස්සේ උයන්න පටන් ගන්නකොට ගෑස් ඉවර උනා. හදලා තිබුනු කරවල හොද්දත් එක්ක යංතං බත්ටික ගිලලා දැම්මා..මොනවා කොරන්නද ආයේ තව දේවල් උයන්න ගෑස් නැති කොට..මදි පාඩුවට රතුළුණු ගෙඩි තුන හතරකුයි අමු මිරිස් කරලකුයි කිට්ටු කොරගත්තා..ලොකු සුදු ළුණු බිකකුත් හීනියට ලියා ගත්තා..ඒ මදැයි.

මට බත් එක්ක රතුළුණු කෑම පුරුදු කොලේනං අපේ තාත්තා..ඉස්සර මං බත් පිගාන අරගෙන හිමි හිමීට කන කොට උන්දෑ රතුළුණු ගෙඩි දෙකතුනක් ශ=ද්ධ කොරලා මගේ පංගුවට දාලා යනවා...

"පීනසේට හොඳයි" කියාගෙන...

තව දවසක කියන්නේ

"ඇස් පෙනීමට හොඳයි" කියලා...

ආයෙම වංගියක්

"සිහි කල්පනාව වැඩි වෙන්න හොඳයි" කියලා තමයි..

කොහොමින් කොහොම හරි උන්දෑ මට දවස ගානේ රතුළුණු ගිල්ලෙවුවා..මාත් බොහෝම ආසාවෙන් ඒකට පුරුදු උනා.
ඔය ගොටු කොල මිටි පිටින් කන්න මට පුරුදු කලෙත් තාත්තාම නෙව...ඒ දුන්නෙත් අර කළින් කිව්ව කතන්දර ටික කියන ගමන් තමයි...

ඉතිං අදටත් මට රතුළුණු ගෙඩියක් දෙකක් බත්පතේ පැත්තකින් තියෙනවානං පංකාදු පහයි.

මම ඒවාට පුරුදු උනාට අපේ මලයාටනං ඕවා අරහං...

ඒකා කොහොමත් අපි දෙන්නට වඩා වෙනස්...
මායි තාත්තයි මස් මාළු වලට කැමැත්තක් නැහැ.මාළු යන්තං හරි කෑමත් අපේ තාත්තා මස් කෑල්ලක් ජීවිතේට කටේ තියලා නැහැ...
මාත් ඉතිං අවුරුදු දහහතරක් විතර වෙනකල් එහෙමම තමයි...
අන්තිමට මගේ ජීවිතේ කුණාටු සමය ආරම්භ උනේ මට වයස දාහතරෙන් පස්සෙනේ..ආන්න ඒ කාලෙන් පස්සේ තමයි මාත් ටික ටික මස් මාළුවලට හුරු උනේ.
ඒත් අදටත් කට්ට කරවල හොද්දටයි... බල කරවල තෙල් දැමිල්ලයි වගේ මට මස් මාංස ඒ තරම්ම අල්ලන්නේ නැහැ.

ආ මට සුදු ළුණු පාවිච්චියනං ආවේ මෙ බොහෝම මෑතකදී...

මගේ අරයා තමයි මට ඕක පුරුදු කොලේ...

"බත් කනකොට සුදු ළුණු ගෙඩියක් අමුවෙන් පෙති ගහලා
කන්න..කොලෙස්ටරෝල් වලට හොඳයි..පපුවටත් හොඳයි"..

මං ඉතිං හොඳයි කියන දේවල් අහක දාන්නේ නැහැනේ..අදටත් පුළුවන් වෙලාවට රතුළුණු සුදුළුණු පරණ මතකයන් එක්කම ළං කරගන්නවා බොහෝම ආදරයෙන්...

ඉතිං හවස ගෙහුං ගෑස් එකත් ගෙනාවා කියමුකෝ අනිත් අඩු වැඩියත් එක්කම...

ඒත් ඉතිං ආයේම උයන්න කම්මැලියි.
තිබුනු භාජන එහෙම හවසම අස්පස් කරලා දැම්මා රෑට කඩෙන් කනවා කියලා හිතාගෙන...

මෙන්න යකඩෝ රෑ වෙනකොට වහින්න පටන් ගත්තා...
යන්තං වැස්ස ටිකක් තුරල් වෙනකං ඉඳලා දැන් ටිකකට කළින් කඩේට ගියා...
හවස ඉඳන් ප්ලෑන් කරගෙන හිටපු විදියටම වැඩෙ දඩි බිඩි ගාලා කොර ගත්තා...

බිත්තර රොටී.. පරාට.. සමග සැරම සැර මාළු හොඳි...

බිත්තර රොටී දෙකයි පරාට හතරයි කප්පවගෙනම ආවා...

දැන් ඉතින් මඳ පමණින් අනුමත වීමත් සමගම අඳාළ දේවල් ක්‍රමක්‍රමයෙන් භුක්ති විඳීමත් පටන් ඇරගෙනයි තියෙන්නේ...

.................................

හරි ඉතිං අපි ආයෙමත් හැරෙමු අද කතාව දිහාට...

ඔයාලට මතකයි නෙව අද උදේත් මං අර ආදරුසමත් ලිපියක් දැම්මා කියලා...
ඒත් ඉතිනං මටම කියන්න ලැජ්ජයි..ඒකේ ටිකක් විතර වෙන්න අඩු පාඩු තිබ්බා නෙව...
ඒක ඉතිං උනේ මගේ වරදකින් නෙවෙයි ඕං..මට තොරතුරු දුන්න අය ඒ තොරතුරු දෙද්දී හිටන් හිටිය පොළව ඇද හින්දයි.

ඉතිං දැන් මං සූදානං වෙන්නේ ඒ කරුණු කාරණාවලට සංස්කොරණ ඉදිරිපත් කොරන්ට තමයි.

පළවෙනි එක...

ආයේ මං නං ගං නොකිව්වට මොකද දන්නෝ දනිති කිව්වේ කා ගැනද කියලා...

උදෙන්ම වගේ ටිකක් තර්ජන ගර්ජන එහෙම ආවට මොකදෑ..දැන් මේ හවස් වරුව වෙනකොට මට ඒ පළමු කාරුණාවට සම්බන්ධව සෑහෙන සහයෝගය පළ කිරීම් ලැඛෙමින් පවතිනවා..

ආයේ නිකංහිපාටු සහයෝග නෙවෙයි..ජාත්‍යන්තර සහයෝග..
කිව්වට මොකද ඒකත් බලවත් උදවියගෙන්..ආ වැරදුනා බවලත් උදවියගෙන්..හැබැයි ඉතිං වැරදුනා කියන්නත් බැහැ..ඒ ඒ ඇත්තියන්ගේ පවුල්වල බලවත්ව ඉන්නෙත් උන්දැලාම නිසා බලවත් බවලත් උදවිය කිව්වත් වැරදි නෑ ආයිබෝං...

අර කට කහන මුදියන්සේගේ සදාදරණීය ප්‍රියම්බිකාව වෙච්ච ඇත්තියි...

මේ ළගදී පැරණි ලාංකීය ආහාර වට්ටෝරු දෙකක් නවීන ක්‍රමයට තාක්ෂණය මුසු කොරලා වෙනස්ම ආරක් ගත්තු මොනවාද මන්දා බයිට් බිබික්කමක් හදාපු දුකසේ ජීවත් වෙන අපේ යාළුවෙකුගේ ආදරණීය භාරියාවයි...

කියන මෙ බලවත් බවලත් ඇත්තියෝ දෙදෙනාම අද ගේමට බැස්සා නෙව...

මෙච්චර කල් දවස් අපේ මුදියන්සේ උන්දෑගේ බ්ලොග් එකෙන් තමුන්ව පතුරු ඇරිය එකේ වාඩුව අදනං ගන්නවමයි කියලා තමයි ඕං ඒ ඇත්තී කියන්නේ..
අනිත් ඇත්තී කියනවා.. දාහක් වැඩ තියෙද්දී මේ බ්ලොග් එකක් අස්සේ හිර වෙලා දුක් විඳින සුවාමි පුරුෂයාව ඒකෙන් මුදවගෙන ගෙදර දොරේ වැඩ පල කිරීම වගේ ව්‍යයාම් සහිත හරබර කාර්යයන්ට යොමු කරවන එක ඒ ඇත්තීගේ පරම පවිත්‍ර චේතනාව කියලයි.

ඉතිං හත්දෙයියනේ..උදවු නොකර පුළුවනෑ...සද්කාර්යයන් නෙව.
ඉතිං ඒ ගැන විස්තර හා වැඩි දුර සාකච්ඡා මෙ ටිකේ මුණු පොත හරහා ඉතාමත් රහසිගතව කෙරෙමින් පවතිනවා..
ඒ ආශ්‍රයෙන් මෙතෙක් කලක් ශ්‍රී ලාංකික ඔබ නොදැන සිටි ඉතා වැදගත් තොරතුරු රාශියක් මා වෙත ගලාගෙන එමින් පවතිනවා...
දැන් පුරස්නේ වෙලා තියෙන්නේ කොහොමෙයි මෙවා පිළි වෙලකට පෙල ගස්සන්නේ කියලයි...

මං හිතන විදියටනං අර කට කහන උන්දෑගේ කට කහන එක නිට්ටාවටම සුව වෙයි වගේ...

අනිත් හිතවතාගේ දුකත් නිදුකින් කෙළවර කොරන්ට අපිලට පුළුවන් වෙයි මේ යන විදියට..ඉතිං ඉස්සරහට සෑහෙන ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්..කවුරු කවුරුත් කෙල්ල ගෙට ගත්තොත් හොඳා...
දැනට ඒ මදෑ...

...............................

මට පොඩි ලේසියක් උනා නෙව..උදේ මං හාවට කියලා විඳලා තියෙන්නේ පදුරු ගාලකට නෙව...
අපේ මුව පෝතක තෙමේ මට සමාව භාජනය කොරන්ට ඕන අර කාර් එකේ ගිය විත්තිය පටලවා ගත්තට...

මං ඉතිං අර ටික ටික හිනස්සෝන ගොබිලා කීව හින්දා හිතුවෙම මේ කියන දැවැන්තයෝ දෙන්නා වෙන කවුරුවත්ම නෙවී..කතන්දර ශ+රීන්ගේ ගෙදර ගිය මුව පෝතක තෙමේ කියලාමයි..ඇයි ඉතිං සරීරේ උනත් දැවැන්තයි නෙව...අර අල්මේදා උන්නැහේ තරමටම වාගේ...

ඉතිං මේ දැන් ලැබුණු රහස් ඔත්තුවකට අනුව හෙළි උනේ..අර බැරියර් බම්පර් කතාන්දරේට උන්දෑගේ කිසිම සම්බන්ධයක් නැති විත්තිය තමයි.
මොකද පැහැදිලි සාක්කි තියෙනවා ඒ කතාව වෙන වෙලාවේ ජීවිතේ මල් කඩ කඩ මුව පෝතක තෙමේ ඩබල් දාලා කාර් එකේ තනියම ගිය විත්තිය..අර අනිත් කාර් එකේ ලොරි බාගෙක තරමට සෙනග පටවලා තියෙද්දී මේ ගොයියා තනියම අර මොන මුද්‍රාවෙන්ද මන්දා ඉන්ට දක්ෂ ජීවිතයක් එක්ක මල් කඩ කඩ යන එකට මල පැන්න අපේ අර නොපසන් සිතින් යුක්ත හාදයා..තමුන්ගේ සරීර කූඩුවත් බලහත්කාරයෙන්ම වාගේ අර මල් කරත්තෙටම රිංගවා ගත්තයි කියන එකට...

ඉතිං ඒ සාක්කි වලට අනුව මම අපේ මුව රජු නිදොස් කොට නිදහස් කරන අතරම අහිංසක මුව පෝතක සම්මාන නාමයත් ප්‍රධානය කොරනවා.

ඉතිං මං කිව්වනේ මට පොඩි ලේසියක් උනා කිව්වනේ..ඒ තමයි අර තුන්වෙනි කතාවේ ඉන්න පෝතකයම තමයි අපේ දෙවෙනි කතාවේ කාර් සීන් එකට මාට්ටු වෙන්නෙත්...

ඒත් ඉතිං මට මුකුත් කියන්නත් බැහැ..මොකද ඒ දරුවා හරි අහිංසකයා..ඔය සෙල්ලං කාර් එකක් ටික වෙලාවක් අත පත ගාන්ට දුන්නොත් ඕනෑම කඩේකට ගෝනියක් උනත් දීලා අරින්ට පුළුවන් හාදයා...

මට උදේ මෙකාව හොයාගන්ට බැරි උනේ අර අපේ පරංගින්ට ගයිඩ් වැඩ කොරපු පරම්පරාවේ මුණුපුරා දීපු හඳුන්වා දීම නිසා නෙව..
ඇයි යකඩෝ මෑන්ස් මෑන්ස්ගේ අර ටිකක් හිනස්සෝන එකේ දාලා තිබුණේ බ්ලොග් කලාවේ දැවැන්තයින් දෙදෙනෙක් කියලනේ..
ඔන්න මඩ කලාවෙ හරි බස් කලාවේ හරි දැවැන්තයෙක් කිව්වනං එක පාරෙංම මීටර් වෙන්න තිබ්බනේ...
මොකද උන්දෑ තියෙන කම්මැලි කොමට මොකුත් ලියන හාදයෙක්යැයි...
ඉඳලා හිටලා හරි ලියුං කරදහියක් ලියන්න වෙන්නේ ඔය මකොළ මාවරමණ්ඩිය පැත්තේ ගෑනු ළමයි දෙන්නෙක් බස් එකකදී පොඩි චැට් එකක් දාගෙන යන එකකට අර රබර් කණ දාලා මොනවා හරි තොරතුරක් හොයා ගත්තොත් විතරනේ...

ඉතිං ඔන්න ඔහොමයි අද දවසේ කතන්දර ඉවර උනේ...

තවත් හරබර රසබර තොරතුරු රැසක් සමගින් නැවතත් ඔබ හමු වීමේ ඉලා පොරොත්තුවෙන් ඔඛෙන් සමු ගන්නා මා..ඔබේ දයාබර ආරියසිරි විතා..හෝ හෝව් වැරදුනා...
මාරයා...

ඇයි මට පලි තහනංද..?
පලි- මේ කතන්දර තේරුං බේරුං කොරගන්ටනං මෙකට අඳාළ අනිත් උදවියගෙත් පහු ගිය දවස්වල ලිය උන ලිපි එහෙම බලලා තියෙන්ට ඕන හොඳේ...

23 comments:

  1. දවසට දෙපාරක් , උදේ කෑමට පෙර හා රාත්‍රී ආහාරය පෙර මඩ ගහන්න කියලා තියෙන්නෙ කොහෙද ඈ?

    ReplyDelete
  2. මමත් තීරණයක් ගත්තා,,, ලංකාවෙ ඉන්න කම් විතරක් මේ කෑම බ්ලොග් එක බලන්න,,, දේශ දීපංකරේ ඉන්නකොට මේක දැක්කොත් කොච්චර දුක හිතෙයිද දෙයියනේ,,,

    හප්පොච්චියේ,,,මඩ ව්‍යාපාරය ජයටම නැගලා යනවා වගේ නේ?

    ReplyDelete
  3. ඔය මුලින්ම ලියලා තියෙන්නේ අපේ දුකා අයියයි දුමී අයියයි ගැන එහෙම නෙමෙයි නේ.... ;)

    ReplyDelete
  4. අර පුතා කොලුව කිව්ව වගේ දැන් අලුත්ම බ්ලොග් කලාව මඩ සහ කෑම . . .

    යකෝ අහිංසක බලවත් අහ් සොරි . . බවලත් උදවියත් මේ අන්තර්ජාතික කුමණ්ත්‍රන වලට හවුල් කරගෙන නොවැ . .

    (වැරදිලා කියවුනත් අර මාරයා කිව්ව වගේ ඒ උදවිය බලවත් උදවියද කොහේද මම හිතන්නේ අනික මාරයත් ඒක පිලිගන්නවා. ඒකනේ මේ තනිකඩව ඉන්නේ . . හික් හික් )

    ReplyDelete
  5. මේ සැරේ නම් මඩ හෝදන්න සර්විස් එකකට ගෙනියන්න වෙයි වගේ සැට් එකම,බ්ලොග් අවකාශේ මඩ වලින් නෑවෙනවා හි‍ටු කියලා.....ඒක නෙමේ අර බවලත් උදවිය අර යෝදයන්ව දන ගස්සවලද මේ වෙද්දී...

    ReplyDelete
  6. මට පේන්න මාරයත් කුණු කරවල හොදි කාලා කට කාරවන්න අරගෙනද කොහෙද නන් දොඩවනවා....සුදු ලූණු ටිකක් වැඩි පුර කාහන්... එතකොට පොඩ්ඩක් බඩ විරේක වෙයි දෙයියනේ කියලා...හික් හික්..

    මේ මාරයා නම් නවතින්නෙ ආපහු ස්වර්ගස්ථ වෙලා තමයි ඕන් මම හූනා කිව්වැක්කේ කියන්නම්....

    බලවත් බවලතෙකුගෙන් පූරුවේ කරුමෙකට ගැලවිලා දෙයියනේ කියලා කාටවත් මඩක් ගහන්නෙ නැතිව හිටපු මාරයට මොකෑ මේ හිටපු ගමන් වෙසමුණියා ආවේස වෙලා වගේ උනේ....?

    අනික මේ බණ කතාවක් එහෙම කරගෙන අනිත් අයවත් දැහැමි මාවතට ගන්න මහන්සි වෙන අපේ මාර තුමා මොකෝ මේ එක පාරටම කුඹුරකට බැහැලා දස අතේ මඩ නාන්නෙ....?

    ඔන්න බලහන් ඉතින් මම කිව්වෙ බොරුද කියහන්... උඹ ලිව්වොත් ලියන්නෙ කෑම ගැන නෙමේද ? උඹනම් කෑම දාසම තමා... උඹට බ්ලොග් එකේ නම වෙනස් කරන්න වෙයි ඔහොම යනකොට... මාරයාගේ හෝරාව කියලා නෙමෙයි.... 'මාරයාගේ කෑමේ හෝරාව' කියලා.... හික් හික් හික්....

    ReplyDelete
  7. මූ ඇණයක් වී ගෙන වගේ යන්නේ... ඔක්කොම එකතුවෙලා වට කරගෙන දෙන්න වෙයි වගේ.....

    මූට කෝල් කරන්නත් බයයි දැන්නම්....

    ReplyDelete
  8. ඔය ආයිත් කෑම කතාවක් පටන් අරන් තියෙන්නෙ.

    දැන් මාරය විකිලීක්ස් එකේද රාජකාරි කරන්නෙ. කොහොමද අලුත් සයිට් එකක් හැදුවොත් 'මරලීක්ස්' කියල.

    හැබැයි මේකනං මඩලීක්ස් වගේ

    ReplyDelete
  9. වැඩබැරිදාස කියල මං හරි ආස පොතක් තිබුනා. මාරයටත් ඒවගේ කෑමදාස කියල නම වෙනස් කරන්න බැරිද?

    ReplyDelete
  10. මාරයා කියන්නේ බොරුවක් ලු!
    http://budurashmiya.blogspot.com/2010/12/blog-post_16.html

    ReplyDelete
  11. බලාගෙනයද්දී මාරෙ අයියත් මගේම ටයිප් එකේ පොරක් නෙව. මමනම් 100% වෙජිටේරියන්

    හැබැයි මචං යියේ මටනම් උයන්න පිහන්න තිහා තේකක් වත් හදාගන්න බෑ !

    මුගේ වැඩේ දැන් මඩ නාන එක ..හත්පොලේ ගාගෙනද මන්දා ?

    ජයවේවා !!

    ReplyDelete
  12. අනේ මට නම් මුකුත්ම තේරුනේ නෑ අනේ!

    ReplyDelete
  13. @අභීත,

    පව්නේ බං.. ඇණයක් උනත් ඉතින් අපේ මාරයනේ.... මට පේන්නෙ මූ බ්ලොග් එකේ කට්ටියව කුලප්පු කොරන්න අරකයි, මේකයි ඉව්වා කිව්වට මට පේන්නෙ මූ හැමදාම කන්නෙ කඩෙන්ද කොහෙද...!!

    මාරයෝ කනවැයි ඉතින් පී නට් බටර්....!

    ReplyDelete
  14. මාරේ අයියේ සුදු හංසිට දුක හිතෙන්නේ මේ කට්ටිය මඩ බාල්දිය ගේද්දිම ඒක අරන් ඔළුවේ හලා ගන්න එකනේ... හිකිස්...

    ReplyDelete
  15. ඒක නෙවෙයි මාරයෝ ඔයපැත්තේ රතුළුණු,සුදුළුණු ලාබයිද?

    ReplyDelete
  16. කෑම ගැන ලියන්නෙ නැහැ කියපු මනුස්සයට මොකො මේ අයෙමත් කෑම මතක් වෙලා. මේව නිසා අනුන්ගෙ පවුල් කැඩුනොත් අපි එහෙම නෑ ඕං.

    ReplyDelete
  17. මොනා අමුවෙන් කෑවත් සුදු ලූනු අමුවෙන් කන්නේ කොහොමද අනේ...මාරයා කන්නේ මාර කෑම...

    ReplyDelete
  18. වැප්...

    ආ මලේ..ඔක ඉතිං අහන්න ඔන අර බස් පියාගෙන්ම තමයි..මෙවා මඩද..ආන්න ඒකානේ මඩ ගහන්නේ..

    ReplyDelete
  19. හරී...

    අනේ නෑ අක්කා වියාපාරෙනං අන්තිම පාඩුවට දුවන්නේ..

    ReplyDelete
  20. දුකා...

    හිහ් හිහ්..
    ඒකනේ..ආයේ ඉතිං දැන දැන අමාරුවෙ වැටුනහැකිද..අනික බොලා විඳින දුක දැක්කම අපෙත් බඩ පපුව හෝස් ගාලා යනවා නෙව...

    ReplyDelete
  21. අඩේ මියෑව් කියන්නේ රට පූසෝ මම කියන්නේ ඥාව් කියලා

    ReplyDelete