15 January 2011

හිත හීලෑ නැහැ...ජීවිතේ මගේ..100 වැනි ලිපිය..

එපා කරපු දවස් දෙක තුනක් අතරේ ආයෙමත් කීබෝඩ් එක අතරේ ඇගිළි දුවවන්න හිත හදා ගත්තත්..ඇගිළි වලට හරියන විදියට හිත දුවන්නේ නැහැ.
හැම දේම අමුතුයි වගේ.

මොනවා වෙන්න එනවද මන්දා...

........................................................

දැන් සෑහෙන දවසක ඉඳන් මට රස්සාව එපා වෙලා හිටියේ...කොහොම හරි මගේ සීමාව පැනලා තිබුනු එකේ ප්‍රතිඵලයක් හැටියට අස්වෙන්න ඔන්න මෙන්න කියලා හදද්දී කතා කරලම මට මාරුව හදලා දුන්නා...
පුදුම සැනසීමක්...ඒත් ඒ සැනසීම දවස් දෙකකින් ඉවර වෙයි කියලා හිතුවේ කවුද..?

අනිවාර්යයෙන්ම 17 වෙනිදා ඉඳන් මගේ මාරුව ස්ථීරයි කියලා දැනුම් දුන්න වෙලේ තිබුණු සතුට පැය හතළිස් අටක් යන්න කළින් හුළගේ ගහගෙන යයි කියලා මං හිතුවේ නැහැ...ඒත් අන්තිමට උනේ ඒකම තමයි.
මොනවා කරන්නද හිනා වෙලා බාරගන්නවා ඇර.
හිත කම්මර වෙලා තියෙන තරමට දැන් මට හිතක් නැද්ද මංදා...?

මාරුව හරි කියලා දැන ගත්ත දවසට පහුවදා ඒ කියන්නේ 10 වෙනිදා මම පුරුදු විදියට රාජකාරිය කලා...
නව වෙනිදා තමයි මට මාරුව හරි ගියේ...
ඉතිං දහවෙනිදා වැඩ කරලා ඉවර වෙලා එකොළොස් වෙනිදා උදේ ගෙදර එන්න ලෑස්ති උනා..වෙලාව අටයි දහයට විතර ඇති.

මගේ සගයාට රාජකාරිය බාර දීලා යන්න ලෑස්ති වෙලා..ආයෙමත් කාර්යාලයට ගිහින් ආවේ අමතක වෙච්ච වැඩක් හින්දයි.
ඒ වැඩේ ඉවර කරලා මම ඉක්මනට ඇවිත් ජැකට් එක දා ගන්න ගමන් ගාඩ් රූම් එකේ කවුන්ටරය ඉස්සරහා බැළුවේ නිකමට වාගෙයි...

අළුත් ළමයි වගයක් ඉස්සරහා පිරිලා...අපේ ආයතනයට තාවකාලික පදනම මත සේවකයින් සපයන ආයතනයකින් අළුතින්ම ගෙනාපු කට්ටියක්...
සාමාන්‍යයෙන් මෙහෙම කට්ටිය සැරෙන් සැරේට එනවා යනවා.
හුගාක් වෙලාවට ඒ ගෙන අයට කෙළින්ම සේවයට බැඳීමට බැරි ප්‍රශ්න තියෙනවා...
සමහර අයට වයස වැඩියි.ඒ හින්දා ආයතනයට බඳවාගන්නේ නැහැ.
තවත් කොටසටක අවශ්‍ය කරන සහතික එහෙම නැහැ...හුගාක් වෙලාවට ඈත පළාත් වළින් ආව අයට ඒ වගේ තත්වයන් තියෙනවා...
ඒ අතරම තවත් කොටසක් ඉන්නවා...ඒ තමයි තවමත් දහ අට සම්පූර්ණ නැති අය...ඉතින් වයස සම්පූර්ණ වෙනකල් ඒ අය මෑන් පවර් ආයතනයක් හරහා තමයි වැඩට එන්නේ...

කොහොම හරි මම දැලෙන් එළිය බැළුවෙත්...ඒ වෙනකොට මෑන්පවර් ආයතනය මගින් ආරක්ෂක අංශයේ තබා ඇති පොත ලියමින් හිටිය පුංචි කෙල්ල මා දිහා බැළුවෙත් එකම වෙලාවටයි...

අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...මං ඉවර උනා.

ඇත්තටම මම බය උනා..මොකක්දෝ දැන අඳුරන ගතියක් ඒ ඇස්වල තිබුණා...
හුගාක් පැතිවල කරක් ගහලා තියෙන හින්දා මට එක පාරටම හිතා ගන්නවත්... මතක් කරගන්නවත් බැරි උනා..ඒත් මම ඒ ළමයාව දන්නවා කියන එක හොඳටම මට විශ්වාසයි.

මාව දැක්ක ගමන් ඒ ළමයටත් අමුතුම හිනාවක් ගියා..ඇත්තටම ඒක මහ අලූගුත්තේරු හිනාවක්.
මට ඊට වඩා ඒ ගැන කියන්න තේරෙන්නේ නැහැ...පැහිච්ච අම්මණ්ඩියෙක් පොඩි එකෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා හිනා වෙන ගමන්ම ඒ හිනාව හංගා ගත්තා.

මං නේද...?හ්ම්ම්ම් කරකවලා පොලොවෙ ගැහැව්වා වගේ...
මොනවා කියන්නද කියලා මතක් උනේ නැහැ..ඒත් තත්පර ගාණක් ඇතුළත මම ඇහැව්වා...

"ඔයා කළින් මෙහෙ වැඩට ඇවිල්ලා තියෙනවා නේද..?"

ආයෙමත් අර ඔලොක්කු හිනාව...

"නැහැ.."

"මට ඔයාව මතකයි වගේනේ..."

එහෙම කියවෙන කොටම තමයි මට මතක් උනේ ඔය වචන සෙට් එක කෙල්ලන්ව කතාවට අල්ලගන්න ඔනම කොල්ලෙක් මුළින්ම දාන වචන සෙට් එක කියලා..ඒත් මං මොනවා කරන්නද..?කියවිලා ඉවරයි..අනික ඇත්තමනේ කිව්වේ...

ආයෙමත් මගේ දිහාවේ හිනා වෙවී බලලා මුකුත්ම නොකියා ඉන්නවා නෙව...

මම යන්න ලෑස්ති වෙලා හිටිය හින්දා ජැකට් එකට උඩින් ලැප් එකත් කරේ එල්ලගෙන හෙල්මට් එක අතට අරගෙන ආවා ගාඩ් රූම් එකෙන් එළියට...

ඒත් එක්කම ගේට්ටුව ගාවින් එබුනේ නැද්ද ඇතුළට ඇණයක්...අවුරුදු හතළිහක් පණහක් විතර ඇති මුනුස්සයෙක්..දැන් දවස් කීපයක ඉඳලා මෑන්ස් සැරෙන් සැරේට ගේට්ටුව ගාව කැරකෙනවා...කාරණේ මොකක්ද කියලා මට මීටර් උනේ කළින් දවසේ තමයි.
මිනිහා හිරේ ඉඳලා ඇවිත් තියෙන්නේ..මෑන් හිරේ යන්න හේතු උන ගෑනු කෙනෙක් ආයතනය ඇතුලේ වැඩ...
මිනිහා ඒ ගනු දෙනු බේරගන්න එන්නේ ගේට්ටුව ගාවට...පහුගිය ටිකේම මෑන්ස් එක එක කතන්දර කිය කිය හිටියේ..ඒත් කළින් දවසේ මට වැඩෙ ආරංචි වෙලා තිබුනේ මාත් බල බල හිටියේ බුවාව අල්ල ගන්න.

යන්න කියලා ගාඩ් රූම් එකෙන් එළියට බැහැලා බයික් එක ගන්න ගරාජ් එකට යන්න යනකොටම තමයි මෑන්ස් මගේ මූණ ඉස්සරහින් මතු උනේ...

ඔක්කෝමත් හරි රාජකාරි උණ ඇගට ආවේ තත්පරයෙන්...

"තමුසේ මොකද මෙතන කරන්නේ...කරුණාකරලා යනවා එළියට...ආයේ මෙතන ඉඳලා මට අහු වෙන්න එපා...තියෙන ප්‍රශ්නයක් ගෙවල් වලදී බේරගන්නවා... මෙතනට ගේන්න එපා..."
මගේ අර යක්ෂ වොයිස් එක පැනපි එළියට...මෑන්ස් කෙළින්ම එළියට විසි උනා...මම ආපහු හැරුනා.

මළ කෙළියයි අරුන් ටික බලන් ඉන්නවා නේද..?යකෙක් දිහා වගේ...ඉතින් ආයෙමත් කොහේද දන්න එකෙක් උනත් මාත් එක්ක කතා කරන්නේ...

මම සද්ද නැතිව ගිහින් බයික් එක ගත්තා..හිමීට බැළුවා අර ළමයි ටික දිහා අරකි මං දිහා බලං ඉඳලා එක පාරටම ඇස් අහකට ගත්තා..ආයෙමත් අර කැත හිනාව..මට පොළොව පලන් යන්න තරම්...

මේකි බය වෙනවා තියා ගාණක්වත් නැති ගාණට ඉන්නවා.ඒ මදිවට අනිත් ළමයි එක්ක කතා කරන ගමන් ඇස් කොණ මා ළග...ඇත්තටම කෙල්ල මාව දන්නවා..මට හිතෙන්නෙම එච්චරයි.
මාත් ඒකිව දන්නවා...ඒත්..අනේ මන්දා මොන ලෝකෙද කියලා මට මතක නැහැනේ...?කොහොමද හරියටම දැන ගන්නේ..තව එක දවසයි මට රාජකාරි කරන්න තියෙන්නේ...ඒ අන්තිම දවස...

12 වෙනිදායින් පස්සේ මට ආයෙමත් මෙතන රාජකාරියක් නැහැ.

ගෙදර ඇවිත් වැඩ පල කරන අතරේම හිතුවා හිතුවා...ම්හ්..මතකයට එන්නෙම නැහැ..පේන්නෙම අරකිගෙ අර ඔලොක්කු හිනාව...ඒත් ඒ හිනාවට යටින් තියෙන කතාවට මං ආසා උනා කිව්වොත් ඒක වැරදි නැහැ.

දොළොස් වෙනිදා උදේ වැඩට ගියේ දාහකුත් එකක් සිතුවිලි හිත ඇතුලේ යකා නටන අතරතුරේම තමයි.

32 comments:

  1. අයියා ආපහු ආපු එක කොයිතරම් දෙයක්ද ? හෙමීට හරි කමක් නෑ මොනවා හරි ලියලා යන්න .. මම තාම බැලුවේ නෑ බලලම කමෙන්ට එකක් දාන්නම්

    ReplyDelete
  2. හ්ම්ම්ම් ඒ පාර මේ මොකාටද එන්න එන්නේ????

    ReplyDelete
  3. මාරයා දකින්ඩ තියෙන ආසාවක්.

    ReplyDelete
  4. ඔවු ඔවු රොයිලි කිවුවා වගේ මටත් ඈල්ලුවේ නෑ...

    කොහොම හරි ආයෙත් ආව එක ගැන සතුටුයි....

    ජය වේවා...!!

    ReplyDelete
  5. අපේ මාරයට ජය වේවා!!!!!!!!!!!

    ReplyDelete
  6. හප්පේ යන්තම් ඇති. කාලෙකට පස්සේ නොවැ අයියාව දැක්කේ.

    අනික මොකක් ගැනද මේ කියන්න යන්නේ???? :O ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න

    ReplyDelete
  7. අම්මෝ මාර අයියේ
    ආපු එක ලොකු දෙයක්.
    ඔය කෙල්ල කොහෙදි හරි හම්බ වෙලා ඇති.
    ටිකක් හොයල බැලුවනම්.
    හාර්ට් 1ට තට්ටුවක් දාල ඇහුවනම් මහ බඹා නළලේ කෙටුව එක්කෙනෙක්ද කියලත් හොයා ගන්න තිබ්බා.

    ReplyDelete
  8. ඒ අබිරහස් කෙල්ල කවුරු උනත් .මමනම් එයාට බොක්කෙන්ම ඉස්තූයි කියනවා. එයා නිසා නෙව මාරේ ආයේ අකුරක් දෙකක් කොටලා යන්ඩ ආවේ

    මාරේ අයියයා ඔයාට ඒතරම් ලේසියෙන් පැනලා යන්ඩ බෑ ...බලමු ඔයා නතරවෙන තැන . හදවත හැරෙන පැත්තට හැරියං අයියේ . අර කීවත් වගේ අයියටම මවපු කෙනාද දනේ නෑ .

    මමනම් හිතන්නේ මේපාර මාරයා කපෝති . අර ඔලොක්කු හිනාව. මාරයාව කුමාරයයෙක් කරයි වගේ

    ReplyDelete
  9. මාරයට මේ අවුරුද්දෙ සිකුර ලබල.....
    ජය වේවා.....

    ReplyDelete
  10. අයියා අනුන්ගේ කේන්දර බලන ගමන් උඹේ එකත් බලාගත්තනම් හරි නේද දැං? මට පේන්නේ මාරයාට බඩු හරි වගේ. නැත්තං අර ගැහැනු ළමයාට මොකද ඔච්චර ලෙංගතු කමක්? කමක් නෑ ඉතුරු එක දවසේ හරි, වැඩේ ගොඩ දාගත්තොත් කාටද හැපි?

    අඩෝ මේ පාර නං කේක් ඕනෙ හරී‍‍...

    ReplyDelete
  11. ආ ඔය ඇවිත් තියේන්නේ අකුරු ටිකක් කියලා යන්න. ඔන්න මාරයියේ මට පුල් සුවර් ඒ මං නෙමෙයි..... හික්ස්..... :P

    මේ එයා කව්රු උනත් පින් කිව්වා කියන්න ඈ........

    මතක් උනොත් කව්ද කියලත් දාන්නකෝ.......

    ReplyDelete
  12. හිස් අහසේ සදරුගේ කතාවට මමත් එකගයි. ඒ ගැණු ළමයා කවුරු උනත් මමත් එයාට ස්තූතියි කියනවා මාරය අයියව ආයේත් මේ පැත්තේ එව්වට....

    මාරයා අයියට මල්සරා ආයෙත් විදින්න වගේ සුදානම.......

    ReplyDelete
  13. අනේ අපි දන්නැද්ද මාරයාගේ සැර..අර සුහද හමුවට ආපු වෙලේ පොටෝ වලින් අපි දැක්කනේ.. හරි සැර මූනක් තමයි තිබුනේ.

    ReplyDelete
  14. --- ? ---
    රන් දොරින් එන්න ආදරේ...
    කැඳවලා මල්සරා...
    නිල්නුවන් ඔබ මා කෙරේ...
    දෙන්න සතුටින් පුරා....

    ReplyDelete
  15. ඔබේ පෝස්ට් එකක තාත්තා ගැන කියා තිබූ කාරනා කීපයක්
    නිසා ඔහු මා හඳුනන කෙනෙක් යැයි සැකයක් ඇති වුනා.තාත්තා අසූ ගනන් වල අග හරියේ අලව්ව ඩිපෝවේ වැඩ කලාද? එසේ නම් ඔහුට මගේ පිංතූරෙ පෙන්නන්න මාව අඳුන ගනීවි.

    ReplyDelete
  16. මටත් අවසාන වරට ගිය මලගෙදරකදි ඔහොම දෙයක් උනා...කෙල්ල දැකල පුරුදුයි වගේ..බලනවත් එක්ක..මට බීමත් ඇල්ලුව...ඒත් මට මීටර වෙන්නෙම නෑනෙ..කොහේද කියල....

    ReplyDelete
  17. හුරා... මාරයට මල්සරාගෙ ඊතලේ වැදිලෝ... කික්ම තමා...

    ReplyDelete
  18. මේක ලියන්නෑ කියල කියපු මාරය කෙල්ලෙක් දැක්ක ගමන් ආයි ලියන්න පටන් අරන් තියෙන්නේ අනිවාර්යෙන්ම මොකක් හරි දෙයක් වෙලා තමයි.

    කොහොමහරි ඔය කෙල්ල දිහා බල බල හරි බ්ලොග් එක ලියපං.

    ReplyDelete
  19. ඔය පත්තු වෙලා තියෙන්නෙ හීනියට.......
    ජය ශ්‍රී! ඔහොම යමු......

    ReplyDelete
  20. ඔහොම යන්.. ඔහොම යන්..
    මේ පාර මාරයට ගැලවීමක් නෑ වගෙයි....
    ආයෙත් ලියන එක ගැන ගොඩක් සතු‍ටුයි........ :)

    ReplyDelete
  21. @හිස් අහස...
    ඈ බං මලේ ගං වතුර ඉවරෙයි..?

    @රොයිලි...
    මොකාටද මන්දා..මට තේරෙන්නෙත් නැහැ.

    @අමිල...
    දැක්කට පස්සෙනෙ කෙළිය තියෙන්නේ..

    @සෝරෝ...
    බය වෙන්න එපා කොල්ලෝ බොලාගේ අස්පය එහෙම උස්සන්න නෙවෙයි...

    @අයේෂා...
    මගේ යාළුටත් එසේම වෙවා.

    @පූසා...
    ටිකක් ඉඳින් ඥාව්වෝ ඉවසලා..කප්පරකට වැඩ අස්සෙ නෙව ඔක්කොම කොරන්නට වෙලා තියෙන්නේ..

    @අමිල...
    නළලේ කෙටුවනං කණ්නාඩියක් ගාවදී හරි පේන්න එපැයි..කෝ..එහෙමත් නැහැනේ..?

    @හිස් අහස...
    මාරයා කොහොමත් කුමාරයෙක් තමයි අඩා..බල නම අගිස්ස...

    @තුසිත...
    සිකුරනං කවදත් ලබලා..ඒත් ඉතිං රාහුත් හවුල් නෙව..

    @රං මාළුවා...
    හිටු තොට දෙන්න හොඳවැයින් කේක් එකක්.

    @හා පැටික්කි...
    නැහැ නැහැ ඔයා නෙවෙයි..කන් දිග නැහැ නෙව.
    හිටිංකෝ නංගියේ කියනකල්...

    @නිර්මල...
    විද්දටනං කමක් නැහැ..ඒත් ඉතිං කාලා ඉවසන්නනේ බැරි.

    @ජොතිෂ්‍යලංකා...
    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...

    ReplyDelete
  22. තිස්ස අයියා...

    අඩෙ බං අයියේ ඔකනං මං උස්සනවා අරිද..නියම සිංදුව නෙව...
    අම්මපා මෙ වගේ වෙලාවට ඔකට වඩා වෙන අහවල් එකක්ද ගැලපෙන්නේ...

    ReplyDelete
  23. @Observer...
    කණගාටුයි. තාත්තාට ඔබව පෙන්වීමට දැන් පරක්කු වැඩියි.

    හැත්තෑව අග භාගයේත් අසූව මුලත් වගේ තාත්තා හිටියේ රත්නපුර,බළංගොඩ,සහ ඇඹිළිපිටිය යන ඩිපෝ තුනටම පොදු රාජකාරියෙහි නිරතවය.අලව්වට ඔහුගේ එකල සම්බන්ධයක් නොමැත.
    නමුත් ඊට බොහෝ කළකට පෙරදී නම් අලව්ව පිළිබඳ ඔහුගේ සම්බන්ධයක් ඇති බව මතකයේ ඇත.
    ස්තූතියි.

    ReplyDelete
  24. @ඉන්දි...
    ඒකනේ වැඩෙ..මක් කොලත් ම්හූ..

    @බුරතීනෝ...
    වැදුනා වගේද යකඩෝ රිදෙන්න ගත්තහම..?

    @ප්‍රසන්න...
    වෙලා වෙලා..අනිවා වෙලා.

    @ජීව්...
    මලා නෙවෙයි මල කෙළියයි...

    @හීනියට...
    හීනියට නෙවී අඩා මහතටම.

    @සමීර...
    මොන ගැලවුම්ද..?නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්...

    ReplyDelete
  25. හරි හරි ඔහොම යන්කෝ......

    පුදනකොටම කාපි යකා කිව්වලු

    ReplyDelete
  26. ආ..මාරයා ඇවිල්ලා මේ සැරේ නම් අමුතු ටොපික් එකක් එක්ක ඇවිත් තියෙන්නේ,,,නව වසරේ ලොකු පෙරළියක් වෙන්න වගේ

    ReplyDelete
  27. අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා . .. .
    ආරාධනා . . . !!

    ReplyDelete
  28. මල්ලි, මේ කාරණාව සහසුද්දෙන් දැනගෙන මිසක් දමල ගහල යනව එහෙම නෙවෙයි ඔන්න,

    කවුද ඒ? මොකක්ද ඒ හිනාවෙ තේරුම? මෙව්ව පිලිතුරු සෙවිය යුතු ප්‍රශ්න,

    ReplyDelete
  29. උබ ලියන එකම මැදැයි. ඒ කෙල්ලේට පින්. හැබෑට කව්ද ඒ ??

    දැන් කියපිය මාර අයියා කොහෙටද මාරු වෙන්නේ ?? කොහෙන් මාරු උනත් අපි ආවම බෝතලේකට සැට් වෙම්න්න ඕනි

    ReplyDelete
  30. @නිශ්...
    හෙහ් හෙහ්...

    @ඩිලාන්...
    වෙනසින් වෙනස..

    @දුකා...
    ඔකම මම කිව්වෙ මීට කළින් දුකෝ..ඒත් අන්තිමට..?

    @රවි...
    කවදාද කොහෙද කොයි තැනකද අප හමුවූවෙ..
    හැමදාම ඇසිමි ඔබ නැත මට පිළිතුරු දුන්නේ..

    @පිස්සා...
    අරං වරෙංකෝ..තාම මෙ අවුරුද්දට වැඩ ඇල්ලුවෙත් නැහැ..
    හැබැයි ඉතිං අර හරි අක්කා..එතකොට හා පැටික්කී..එතනින් ගියහම අකීකරු හිත් එහෙම පිස්සගෙ කෑලිත් ගලවයි ඔං කිව්වා..
    (මගේ මොකද..මගෙයෑ..හිහ් හිහ්..)

    ReplyDelete
  31. සුබ පතුම් මම හිතුවේ මාරයා යන්නම ගියා කියලා...දිගටම ලියන්න අපි ඉන්නවා පසු පසින්...

    ReplyDelete