09 January 2011

250 නිමි.

තිස් එක් වසක් ගෙවු දිවියේ අතර මැද..
සිටිනා විටදී දවසක තනිවී නතර..
තව එක් පියක් ඔසවන්නට පෙර මගට..
සවියක් ලබන්නට ලීවෙමි මෙය නිතොර..

වෙනසක් නැතත් අද වන විට දිවි ගමනේ..
ගමනක් පැමිණ ඇත ලියනා මෙ ලිපියේ..
අවසන දකින්නට නොම සිතු මුත් දිවියේ..
අවසන මෙය වෙද මා ලියනා කවියේ..

දෙසියක් හමාරව තව පණහක් ආවා..
ආ මග හැරි බැළුමෙදි සතුටක් ගාවා..
බ්ලොගයක් නිසා සවියක් සිත තුල වූවා..
ඒ සතුටෙහිද අවසන මෙතැනෙහි වූවා..

නිමි.

54 comments:

  1. අනේ අයියේ මේ විහිළු කරන්න එපා ඕං. ඉස්සෙල්ලා ලිපියට කමෙන්ට් එකක් දාන්න කල්පනා කරනකොට මෙ මොන කුනුහරුපයක්ද ලියලා තියෙන්නේ. දුක හිතෙන කතා කියන්න එපා. අයියා හොඳ සිහියෙන්ද? :(((((((((

    ReplyDelete
  2. මට පේන්නේ 2011 සිංහල බ්ලොග්කාරයින්ගේ සර්කිට් අප්සට් වෙන වසරක්ද කොහෙද... (මමත් ඇතුලුව :)..) ඒක නෙවෙයි මාරයානෙනි විහිළුවට නේද බොල ඔය උඩින් නිමි කියල දාල තියෙන්නේ.... විහිළු කරත් කමක් නෑ මාරාන්තික විහිළු කරන්ට තියාගන්ට එපා ඕං...

    ReplyDelete
  3. ඔය වගේ විහිලු කරනකොට අපිටත් මාරය ආවේස වෙනව ඕං...

    ReplyDelete
  4. කිවුවත් වගේ මොකෝ මාරය්යේ මේ? වලව්වට එන්නවත් ලෑස්ති වෙනවද?

    ReplyDelete
  5. මාරයා ජාතික අපරාධයක් කරන්න වගේ යන්නෙ!

    බ්ලොග් එක නවත්තලා ආයි ගමට එන්න එහෙම නෙවෙයි හරිද? දන්නවනෙ අපි හරි සැරයි

    ReplyDelete
  6. මාරයියා මට කියලා හැක් කොර ගන්ට හදන්නේ නැතිව ආයෙත් ලිපි ලියනවා හොඳා... මම සෙවිල්ලෙන් ඉන්නේ ආ...

    ReplyDelete
  7. මාරයා හට නැත කිසිවිටකදි බාධාවක්
    එනමුත් මෙන්න මේකා හට සිදුවුවද මොකක් ?
    මේ දැන් හොඳට හිටියනේ දොඩවාලා ටිකක්
    මාරයො මොකද බොලාට වැහිලාද යකෙක් ?

    ReplyDelete
  8. උඹට කෙසේ වුවත් උඹ නැති එක අපට දුකක් මාරයෝ..
    ඔන්න ඔහේ ඕව අමතක කරල ලියමු ආයෙම.
    මේක විහිළුවක් නේ.

    ReplyDelete
  9. මොකද මේ ? මමනම් හිතුවේ නෑ මාරේ අයිය කියන්නේ පසුබහින කෙනෙක් කියලා . මොකද උඹට එක පාරටම උනේ . අපෙන් වරදක්වත් උනාද දන්නේ නෑනේ ඒක නිසා . අපිට බ්ලොග් එපා කරන්නේ නැතිව . තව ලියන්න .

    ජය වේවා !!

    ReplyDelete
  10. මේ මොකද්ද බොල මේ වෙන්න යන්නේ,,,,මාරයෝ පිස්සු නම් කෙලින්න එපා ඔන්න...

    ReplyDelete
  11. මොකද්ද මේ කරන්ට හදන විනාසේ.... පිස්සු නටන්ට එපා මාරයියේ...දුක නැද්ද අපි ගැන.... මේක විහිලුවක් නේද? අයියෝ මේ වැඩේ නම් කරන්ට එපා අයියේ...

    ReplyDelete
  12. උදකංහි නයන්ති නෙත්තිකා
    උසුකාරා නමයන්ති තේජනං
    දාරුං නමයන්ති තච්ඡකා
    අත්තානං දමයන්ති පණ්ඩිතා

    සෙලො යථා ඒක ඝනො
    වාතෙන න සමීරති
    එවං නින්දා පසංසාසු
    න සමිඤ්ජන්ති පණ්ඩිතා

    - Taboo

    ReplyDelete
  13. මාරයා මාර මාර කතා තමා මාර මාර වෙලාවල් වලට කියන්නේ..
    මාරෙ පිස්සු කෙලින්ඩ එපා...

    ReplyDelete
  14. @ taboosubjects,

    ඔයා ඔය 'නමයන්ති, දමයන්ති' කියන්නේ ගෑනු ලමයි ගැන නෙමේනේ?

    ReplyDelete
  15. මේ ලොකු උන්නැහේ, මෙතන පිස්සු කෙලින්නේ නැතුව ආපහු ලියන්න පටං ගන්නවා හොඳයි. මේ බොලොග් එක නැත්නම් අපි බලන්නේ අ......... ...... යි!

    මාරයියෙ පිස්සු කෙලින්න එපා බං, අද පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ හෙට ඉඳන්වත් පුරුදු විදියට ලියමු.

    ReplyDelete
  16. මොකද්ද බං අයියා...! අපි මෙච්චර කියන එකේ ආයෙත් ලියලා යන්න එන්න .

    ReplyDelete
  17. පෝස්ට් 250ක් ලිව්වා කියලා නේද ඔය අයියා කියන්නේ... අනේ...... ඇයි මේ? නවත්තන්නේ නැ නේද? :'(

    ReplyDelete
  18. කෝ මේ මාරයියා....විහිළු නැතුව ආයි ලියමු. හැමදාම බලන මාරයියගෙ බ්ලොග් එක නැතුව වෙන මොනව බලන්නද? අර නසරාණියා කිව්ව වගේ.....යි.

    සමහර විට මාරයගෙ කෝචෝක් එකක් වෙන්නත් පුළුවන් උඩින් දාන මාතෘකාවනෙ මාරයියා අන්තිමට දැාන්නෙ හැමදාම. ඒකෙ කියල තියෙන්නෙ 250නිමි කියල මිසක් බ්ලොග් එක නිමි කියලා නෙවෙයිනෙ.

    මේ මේ අපිට මාරයා ආවේශ නොකර ලියමු ලියමු

    ReplyDelete
  19. පෝස්ට් දිග වැඩි හින්ද වැඩිය කියෙව්වෙ නැතත් "නිමි" කියල තිබුන හින්ද ගොඩ වැදුනෙ.නවත්තන්න එපා.දිගටම ලියමු...........

    ReplyDelete
  20. බොලා බොරුවට බයවෙන්ට එපල්ලා.. මූ කියලා තියෙන්නෙ 250 බ්ලොග් පෝස්ට් එක නිමි කියලා..

    ReplyDelete
  21. නවතිනු මොටද මෙතරම් දුර ආ ගමනේ
    තව බෝ දුරක් යන්නට ඇත දිවි ගමනේ
    කවදා කොතැනදී හෝ පණ හරින දිනේ
    වෙනතුරු ලියාපන් මේ හැටියෙම අයියේ

    ReplyDelete
  22. මාරයා 250 ඉවර කරන කොට තමයි අපි පටන් ගන්නෙ...මගෙ ජීවිතෙත් ඒ වගේම තමයි..හැමදේටම පරක්කුයි...අන්තිමට ..පරක්කු වෙලා පොළේ ගියාම තියන දෙයක් මල්ලෙ දාගෙන එන්න වෙනවා.(ඒ කිව්වේ මාරයාට නෙමේ හොදේ)...මාරයාට තව හොද හොද මාර කතා ලියන්න..ලැබේවා...

    ReplyDelete
  23. මාරයා අයියා මාර ජෝක් තමයි දාන්නේ....දිගටම ලියන්න බුදු මාර අයියේ.......

    ReplyDelete
  24. හැමෝම වැරදියට වටහගෙන වගේ "නිමි" කියල කිව්වේ පෝස්ට් 250 නිමි කියන එක නේද මාරයෝ?

    ReplyDelete
  25. නෑ බොලං මාරය ලියන එක නවත්තල නෑ, ඊයෙ මට තන්හා, රතී, රගා මුනහැහුන. මිනිහට දෙසීය පනහක් ලියපු සන්තෝසෙට ඩිංගක් වැඩිවෙන්න ගහපු වෙලාවක ලියපු මගුලක්ලු මේක, වෙරි බැස්සම පොර ආපහු වැඩ.

    එහෙම නේද මාරයො ?

    ReplyDelete
  26. මාරයට අමු කැවිලද???
    දිගටම ලියපන්......

    ReplyDelete
  27. මාරයා විසින් හුදී බ්ලොග් ජනයා මුලා කිරීමට ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් හා සම්භන්ධ වී ඇති බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාරගයකින් දැනගන්නට ලැබුනි. විකී-ලූස් හෙවත් අසාන්ජිගේ බාප්පාගේ පුතා විසින් පවත්වාගෙන යනු ලබන නිදහස් බ්ලොග් ලියන්නන්ට එරෙහි වූ අඩවියක් වාර්ථා කරන අන්දමට මාරයා විසින් ඇමරිකානු ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත මේ කවි පද කීපය කොටා ඇත.

    මේ අවස්ථාවේ විකී-ලූස් වූවන්ට විරුද්ධ පාර්ෂවය මගින් කසල තේ වට රවුම පැත්තේ පවත්වන්නට යෙදෙන මාරාන්තික උපවාසයට ක්‍රීම් ක්‍රැකර් පෙට්ටි කිහිපයකුත් රැගෙන සහභාගී වන මෙන් මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
  28. පිස්සු කෙලින්න එපා මාරය අයිය
    දිගටම ලියන්න......

    ReplyDelete
  29. අනේ මේ මචන්.. උඹේනෙ බ්ලොග් එක.. ලියනවනම් ලියපන්.. නැත්නම් නවත්තපන්.. ලිව්වොත් උඹේ එකත් කියවනවා.. ලිව්වේ නැත්නම් අනිත් ඒවා කියවනවා....

    නැත්නම් උඹ හෙට ඇවිත් පොර ටෝක් දෙයි හුදී ජන පහන් සංවේගය පිණිස නැවත ලියන්න පටන් ගතිමි කියලා..

    අපි රැවටෙයි ඕවට....

    ReplyDelete
  30. මාරයියේ...සෙල්ලම් කරලා මට කියලා මාරයා පෙන්නගන්න හදන්න එපා හරියේ...!!

    උබ බීලද බන් මාරයියේ ? :D

    ReplyDelete
  31. අනේ අම්මපා මෙහෙමත් මාරයෙක්.. මූ 250 වන පොස්ට් එකට දෙන පබ්ලිසිටිය කෝමද ? අපි අහුවෙයි ඕවට.. අඩෝව් අපි ගාල්ලෙ හරියේ :P

    ReplyDelete
  32. බ්ලොග් 250ක් ලියල හමාර කිරීමට ලැබීම ගැන සුභ පැතුම්! ඉදිරියේදී තවතවත් රසවත් දේ ලිවීමට හැකිවේවා!

    ReplyDelete
  33. 250 පොස්ට් එකට සුබ පැතුම්

    උඹ ලියනව නම් ලියපන්
    නැත්තන් ඒත් ලියපන්

    ReplyDelete
  34. Taboo ගේ කමෙන්ට් එක තේරුම් ගැනීමට අපහසු අයගේ පහසුව පිණිසයි!
    http://www.lakehouse.lk/budusarana/2010/05/13/tmp.asp?ID=vision01
    http://www.lakehouse.lk/budusarana/2010/06/19/tmp.asp?ID=vision06

    ReplyDelete
  35. අපි නොදන්න මාරයා!

    හැබැයි පු‍තෝ... තව එක පෝස්ට් එකක් හරි මේකෙ ලිව්වොත් බලාගත්තෑකි! හරිය???!!!

    ReplyDelete
  36. මාරයාට ජය ශ්‍රී!
    කලිකාලට ස්තුතියි.........

    ReplyDelete
  37. අපි හැමදාම පෝස්ට් ටික කියවනවා ඔයා ලිව්වොත් මෙතන කොමෙන්ට්ස් නොදැම්මාට, හැබැයි ඔයාට ලියලා ඇති කියලා හිතෙනවා නම් අපිට බල කරන්නත් බෑ....ඒත් ඉතින් ලියන්න බැරි නම් ටික දවසක් විවේක අරන් කාරිය හිමින් ලියන්න. ලියන්නම ඕන නැත්නම් අර අභීත කීවා වගේ පොර ටෝක් දීල දීල ජයසූරිය අස්වෙන්ඩ ගිහින් ආයෙ ඇවිත් කුජීත වෙලා හිටියා වගේ ඉන්නෙ නැතිව ඉන්තේරුවෙන්ම නවත්තපන්. එකක් මතක තියාගනින් ඕනවාට වඩා ඉල්ලුම තියනවා කියලා ඕන ඕන තැන්වල නවත්ත නවත්ත ඩිමාන්ඩ් කරන්න හැදුවොත්, මොන කලාව උනත් මිනිස්සු අතෑරලා විකල්පයකට හුරුවෙනවා. හොඳ උනත් නරත උනත් හරියට ඒක නිකන් එක බාර් එකක් වැහුවට තව එකකින් ගන්නවා වගේ. ඉතින් තැමති නම් ලියපන් අපේ අවුලක් නෑ අපි කියවනවා බැරි නම් මෙතන නාට්ටි කෑලි නොදා හිටපන් අපි වෙන එව්වා කියවන්ඩ හොයා ගන්නම්. දුකයි කියලා දුකට පුං ගහගන්න බෑනෙ. මොක උනත් උඹට ජය!

    ReplyDelete
  38. අනේ මාරායියේ අපිව දාලා යන්න එපා....

    ReplyDelete
  39. මාරයා . .

    අපිට මාරයා අවේස වෙන්න කලින් වර හොඳ හිතින් . . . .

    ඇවිත් මොනා හරි XXXක් ලියලා පල . .

    ReplyDelete
  40. කට්ටිය මට ටිකක් සමා වෙන්ට ඔන...
    ඇත්තටම බ්ලොග් එක නවත්තන්ටත් හිතුනා මට..ඒක බොරුවක් නෙවෙයි...
    ඒ උනත් මෙක නවත්තලා දාලා ඉන්න එක මට කොරන්ට ඇහැකි දෙයක් නෙවී...ඒත් දැනටනං ටික දවසක් යනකල් මට වෙනදා වගේ ලියන්ට කියවන්ට හම්බු වෙයිද කියලා කියන්න දන්නේ නැහැ.
    ඇත්තටම සමහර විට ලියන්ට බැරිම වෙන්ටත් පුළුවන්...
    රස්සාවෙ සහ පදිංචියේ ගැටළු වගයක්.
    249 ලියලා ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ආව කෝල් එකක් හින්දා තමයි හැම දේම වෙනස් උනේ..ඒ ගමන දෙසිය පණහත් ලියලා දාලා මම ගියා...අද උදේ පාන්දර ආපහු ආව ගමන් වැඩට ආවා...දැන් තමයි ගෙදර ගිහින් ලැපු එක උස්සං වැඩ පොළට ආවෙ...
    ෆෝන් එකටත් මිස් කොල් විස්සක් විතර තිබ්බා හුගාක් අයගෙන්...
    මල පැනලා ගිය පාර අස්වීමත් දුන්නා..ඒත් අන්තිමට මට කළින් ඉල්ලලා තිබුනු මාරුව කිසි ප්‍රශ්නයක් නැතිව හම්බ උනා...
    15 වෙනිදා ඉඳලා මට මෙහෙං ගියහැකි.
    දැන් ගේ මාරු කරන්ට දගලන්ට ඔ්න.

    පුළුවන් උන වෙලාවක ලියන්න බලන්න ඔන..ඒත් හුගාක් වැඩ හිටිනවා ඉස්සරහට..
    ලොකු වැඩ දෙක තුනකටම අත ගහන්ට හදන්නේ..ආවොත් ආවා..ගියොත් ගියා...
    ඒ හින්දා මට ඔළුව යවන්ට වෙන්නේ ඒ පැත්තට තමයි.
    බලමු ඒ වැඩ ටික හරි ගියොත් හරි නැත්තටම නැති උනොත් හරි ආපහු එන්ට ඇහැකි වෙයි.
    එතකං තරහා අවසර..
    හැමෝටම ස්තූතියි.
    පස්සේ හම්බ වෙමු.

    ReplyDelete
  41. වැඩ ටික කරගනින් කල්පනාවෙන්...... මොන wedding එක කොරන්නත් නිදහසේ ජීවත් වෙලා ඉන්ට එපැයි....
    තුණුරුවන් සරණයි!

    ReplyDelete
  42. මම අදයි දැන ගත්තේ තිස්ස අයියාගෙන්......
    ඔන්න මම නම් තරහා වෙනවා..... ද්න්නවනේ මේ හාවී...........

    පුළුවන් පුළුවන් වෙලාවට අකුරක් හරි ලියමු අයියේ.............

    ReplyDelete
  43. මගේ බ්ලොග් එක පටන්ගත්තට පස්සේ මුලින්ම ආවේ ගීත් ඊටපස්සේ මාරේ අයියා ..උඹල දෙන්න නිසා තමයි මම අදත් බ්ලොග් එක කරන්නේ . මම හැමදාම මෙහේ එනවා

    ජය වේවා මචං

    ReplyDelete
  44. හරි හරි අයියා හිමින් සීරුවේ වෙලාවක් ලැබුනාම මුකුත් කොටලා යන්නකෝ..බුදු සරණයි අයියාට...!

    ReplyDelete
  45. 250 ට ජයවේවා..
    දිගටම ලියන්න..

    ReplyDelete
  46. හිතවත් මාරයෝ,

    කලින් දවසක මං ඔබ තැබූ තරගයකින් දිනුව වෙලේ තෑග්ග ලෙස මගේ කේදරය බලනවා කියා පොරෝනදු වුණා නේද?

    ඔය නිවාඩුවෙන් පස්සේ ඇවිත් ඒ පොරොන්දුව ඉටු කරමින් වැඩ පටන් ගන්න.

    -කතන්දරකාරයා

    ReplyDelete
  47. මාරයෝ, උඹ මටත් පොරොන්දු උනානේ අර හීනෙන් පෙරභවය දකින්න පුළුවං මන්තර කෑල්ලක් දෙනවැයි කියලා... කෝ බොල ඒක ?

    ReplyDelete
  48. මෙය මඟුලක් කියනවා. වෙලාවට අර කොමෙන්ට් එක දැක්කේ. වැඩ ටික එකලාසියක් කොරන් ආඅයෙම ලියන්න ඔනි බ්ලොග් එක මේ අපි වෙනුවෙන්. මාර වැඩ නොවැ මාර අයිය කොරන්නේ

    ReplyDelete
  49. @ කතන්දරකාරයා

    මට මතක විදියට ඒ තරඟෙ තෑග්ග ලැබුනෙ මටනෙ!

    ReplyDelete
  50. හෆ්ෆේ මං නැති දචස් ටිකේ මුං කොරගෙන ඇති වින්නැහිය....
    ලියපන් මාරයියේ දිගටම.....උඹේ පෝස්ට් කියවන්න ආසාවෙන් ඉන්න උන් තමයි ඔය උඩ ඉන්නේ....ඇයි බොල මම‍‍‍....මමත් ඉතිං උඩින්ම තමයි.....

    දිගටම ලියමු වෙලාව මැනේජ් පාරක් දාලා....තෙරුවන් සරණයි අයියා....!!!

    ReplyDelete