26 January 2011

බස් පළුවන්ගේ කතාව 3...

වෙනදා වගේම අදත් ඔන්න කොල්ලා ගෙදර...
ඊයේ දවසම වැඩ පොළට වෙලා බස් පැදලා පැදලා දැන් ඉතිං අදත් බස් පළුවන් හැටියට කොල්ලටයි කොල්ලගේ මහ එකාටයි තිබුනු අතීතය පට්ටා ගහන්ට සූජානං වෙන මොහොත...

කොහොමින් කොහොම හරි මගේ තාත්තණ්ඩි බස් පළුවෙක් උනයි කියමුකෝ...
ඉතිං එදා ඉඳන් බොහෝම උනන්දුවෙන් මහන්සියෙන් වැඩෙ කොරගෙන ගෙහුන් තියෙනවා...ඒ අතරතුර කාලයේ ලංකාව වටෙ ඩිපෝ හැට හුට හමාරක රාජකාරිය කොරලාත් තියෙනවා...
අපේ අප්පුච්චටත් මට වගේම මේ කුලී ලෙවල්..බෝඩිං කාමර ආදිය මහ අමුතු තැන් නෙවෙයි..
ඉතිං ඒ අස්සේ වෙච්ච කතන්දර ගාල ගෝට්ටි අප්පරමාණ උනත් ඒ කියාපු දේවල් අතුරින් බොහෝම සුවල්පයක් තමයි මෙ වෙන කොට මටත් සිහියේ තියෙන්නේ...

තව එකක් කියන්නංකෝ ඔන්න එය කතාවක් කියාගෙන යද්දී දවසක් තාත්තා ආවා බියර් ගැන කියන්ට...
ඉතිං එදා තමයි මං මුළින්ම බියර් බෝතලයෙන් වීදුරුවට වක් කරන හැටි දැන ගත්තේ...
ඒ විතරක් නෙවෙයි බියර් බොන්න තියෙන්න ඕන හොඳම බයිට් එක හොඳ වර්ගයක චීස් කියන එකත් උන්දැම තමයි කියා දුන්නේ..
ඕං තාත්තලා පුතාලට කියා දෙන ඒවා නේද..?
ඇත්තටම ඕවා හරිනං කියා දෙන්ට ඹ්න තාත්තලාම තමා..නැත්තං පිට එව්වන්ගෙන් ඕවා අහගන්ට ගියාම හම්ඛෙන තරමක් හම්ඛෙන්නේ වැරදි උපදෙස්ම තමයි..අන්තිමට අපි නොමග යනවා නෙව...

ඉතිං ඔය බියර් කතාව කිව්වේ වෙන කතාවක් අස්සේ...
ඒ ඇවිල්ලා ඔය නුවර එළිය හරි හේවා හැට හරි වගේ පළාතක තිබුනු ඩිපෝ එකක රාජකාරි කොරන කාලේ වෙච්ච දෙයක් කියන්ට ගෙහුං...

එදා තාත්තලා බොන්ට කියලා හවස් අතේ ගෙහුං තියෙන්නේ අළුතින් එහාට ආව බස් පළුවෙකුත් එකතු කොරගෙන තමයි...
කොහොමින් කොහොම හරි වැඩෙ නැගලා යන අතරේ අර අළුත් බුවාට ඔන වෙලා තියෙනවා පොඩි ශාරීරික අවශ්‍ය තාවයක් ඉස්ට සිද්ධ කොරගන්ට..ඉතිං බුවා අර බොන්න සෙට් උන පොට් එකේ ඒ සඳහා අඳාළ ඉස්ථානේ එහෙම තියෙන තැන අහගෙන ගෙහුං තියෙනවා...
හැබැයි යන්ට කළින් තාත්තාලා කියලා තියෙනවා..ඔය ඇතුලෙ එකට වඩා එළියේ තියෙන එක හොඳා එහෙට පලයං කියලා...
ඒත් කොහේද අර බුවා ඇතුලේ එකටම ගෙහුං..
ටිකක් වෙලා ගියා අර මෑන්ස් තාම නැහැ...
ම්හු..තව ටිකක් වෙලා ගියා..ඒත් නැහැ..
දැන් නං සෑහෙන වෙලාවක්..හරියන්නේ නැහැ කට්ටිය ගියා බලන්න...

අඳාල ඉස්ථානේ ඇතුළින් කිසිම සද්දයක් නැහැ...
දොරට තඩි බාලා බාලා..කොහොම හරි ඇර ගත්තා කියමුකෝ..
හත් ඉලව්වට ගහපු කලාබරේ..ඇතුළ යුද්ධ පිට්ටනියක් වගේ නෙව...
මොකැයි වෙලා තියෙන්නේ..?

අර බොන්න සෙට් වෙච්ච බාර් එකේ ඇතුළින් වගේම පිටතිනුත් වැසිකිළි පද්ධති දෙකක් තිබුනා උනාට පිටත එක සාමාන්‍ය පෝච්චියක් හයි කොරාපු එකක්..
ඒත් ඇතුලේ එක නවීන පන්නෙට කොමඩ් එකක් හයි කොරාපු එකක්...
ඔය ඉතිං හැටෙ දශකේ නෙව...හැම තැනම ඔව්වා තියෙන එකක්යෑ..
ඊටත් අර ගංතුලානෙන් ආපු හාදයා ඔව්වා දන්නා එකක්යෑ...
උන්දෑ කල්පනා කොරලා කොරලා නැගලා නේද අර කොමඩ් එක උඩටම...
කොමඩ් එක හයි කොරාපු බාස් ළගේ හොඳකොමට හරි..කොමඩ් එකේ හොඳ කොමට හරි මෙකා අරකත් කඩාගෙන බිඳගෙන වැටිලා නෙව...
මූට ඇති වෙච්ච විළිලැජ්ජාවටයි ඒ සංතෝසෙටයි..අර කොරන්න ආපු රාජකාරියත් කොරන්න ඔන නැති වෙලා..අර පෙරළිලා කඩා වැටිලා තිබුනු කොමඩ් එක දිහා බලාගෙන උන්දෑ අහස පොළොව ගැටළමින් ඉඳලා දැන් මක්කැයි කොරන්නේ කියලා..

අනේ ඉතිං වෙච්ච දේට මක්කා කොරන්නද...
තාත්තලගේ වියදමින් අර ඉස්ථානේ අළුත් වැඩියා කොරලා දෙන්ට පොරොන්දු වෙලා අර බුවත් අරන් ආපහු ඩිපෝ...

....................................

ඊ ළගට කතන්දරේ රත්නපුරේ නගරයේම කඩෙක උඩ තට්ටුවක පදිංචි වෙලා හිටි සංදියේ කතාවක්...
මේ හැම එකක්ම පුංචි පුංචි එව්වා තමයි...

මෙ කඩෙ යට තට්ටුවේ වෙළහෙළදාං කොරගෙන ඉඳලා තියෙන්නේ මුස්ලිම් මනුස්සයෝ ටිකක්...

තාත්තයි තවත් යාළුවෝ දෙන්නෙකුයි තමයි උඩ තට්ටුව කුළියට අරන් උයා පිහාගෙන කාලා ජීවත් වෙලා තියෙන්නේ...
ඉතිං දවසක් මේ තුන් කට්ටුවටම නිවාඩු දවසක දවාලේ...බත් මුට්ටියකුයි කරවල හොද්දකුයි තවත් මොනවාදෝ වෑංජනේකුයි එහෙම උයලා තියලා තුන්දෙනා ගොහින් ගගට නාන්ට කියලා...

ඔය නානවා කිව්වාට මොකද..අපේ තාත්තණ්ඩිට කොරන්න බැරිම රාජකාරි දෙකෙන් එකක් තමයි පීනිල්ල...
මොන ගගට ගියත් උන්දෑ නාන්නේ බාල්දියෙන්...
ඒ විතරක් නෙවෙයි කවදාවත් වතුරේ ගැඹුරටනං යන්නේ නැහැ...

අපේ අම්මා ඒ දවස්වල විහිළුවටත් කියන්නේ..

"මෙයාට ඉතිං විළුඛෙන් උඩට වතුර තිබ්බත් හරි ගැඹුරුයිනේ" කියලා..

ඒ කියන්නේ ගොඩ ඉඳන් කොහොම හරි පනිට්ටුවෙන් අරගෙන නානවා මිසක්..දණිස්ස ළගටවත් උන්දෑ නෙවෙයි ගගකට බහින්නේ..
අනිත් බැරි කෙරුවාව තමයි ගස් නැගිල්ල...
"ගහක් කපලා බිම දාලා දුන්නත් ඒක දිගේ යන්ට බැහැ"..

ඒකත් ඉතිං අපි නෙවෙයි අපේ අම්මාම තමයි හිනා වෙවී කියන්නේ...
හැබැයි ඉතිං ඒ කතාවත් ඇත්ත..

ඕවා කියලා විහිළු කලාට උන්දෑ හිනා වෙලා අම්මා දිහා බැළුවා මිසක කවදාවත් උත්තර බඳින්න ගියේ නැහැ...

ඉතිං දැන් තුන් දෙනත් එක්ක නාගෙන කොරගෙන ආපහු ඇවිත් තියෙන්නේ කන්ට බලාගෙන තමයි...

හිතා ගත්තැකිනේ කට්ට අවුව දවසක හොඳට ගගකින් වතුර ටිකක් නාගෙන ආවාහම තියෙන තත්වෙ...
උණු පිට බතකුයි පොල් සම්බෝලෙකුයි තිබ්බත් ඇති..යකෙක් කන්ට ඇහැකි බඩ ගින්නක් හැදෙනවා නෙව...

ඉතින් අපේ තුන් කට්ටුවත් ඇරලා දාලා ඇවිත් තියෙන්නේ බුරිය උල් වෙන්ටම නෙලන්ට කියලා..

අප්පද බොල..කාලා තියෙයි...

බත් මුට්ටියයි අර හට්ටි මුට්ටියි හූරාගෙන කාලා..ආසාවට එක දංකුඩයක් නැහැ...
හිතා ගත්තෑකිනේ දැන් මෙ තුන් දෙනා සද්ධර්මෙන්ම දේශනාව දෙන ආකාරය...
රත්න පුරේ ටවුන් එක පුරාවට ඇහෙන්ට දෙසාබානවා...

තත්පර ගානයි ගෙහුන් තියෙන්නේ..මෙන්න දුවගෙන එනවා උඩට..කවුද..
අර යට තට්ටුවෙ උන්න බඩ තඩි තම්බි මුදලාලියි ගෝලයින්ගෙන් එකෙකුයි...

"මාත්තියලා..ෂ්..ෂ්..කෑ ගාන්ට එපා..කෑ ගාන්ට එපා"...
එහෙම කියලා ඒ දවස් වල හැටියට කීයක්දෝ මංදා තාත්තාගේ අතේ තියලා පිටට තට්ටුවකුත් දාගෙන බැහැලා ගෙහුං...

මක්කෙයි වෙලා තියෙන්නේ..අරුන්දලා නොම්බි අල්ලලා ඉඳලා තියෙන්නේ..
ඒ අස්සේ අපේ මහ එව්ං ටික සුවඳ ගහන්න කරෝල ඉව්වම ඉතිං...කොහොම ඉන්ටද..
තාත්තලා ගගට යන්ට ගියාට පස්සේ ඉවසන්ටම බැරි තැන මුදලාලියි ගෝල බාල ඇත්තනුයි හීන් සීරුවෙ උඩට නැගලා අර හට්ටිවල එවුවා බත් මුට්ටියටම හලාගෙන දීලා ඇදලා...

මොනවා කොරන්ද තාත්තලත් අර දුන්න ගානෙන් ටවුමෙ කඩෙකට ගෙහුන් හොඳට බඩ කට පුරා කාලා හවස හීනියට දෙකකුත් නෙලලා...

හැබැයි ඉතිං එදා ඉඳන් තාත්තලා නොම්බි කාලෙට හැමදාමත් හත් අට දෙනෙකුට සෑහෙන්ට උයලා තියෙනවා...

අර මිනිස්සුත් අපරාදේ කියන්ට බැහැ මෙ තුන් දෙනාට රජවරුන්ට වගේ සලකලා තියෙනවා...

මං හිතන්නේ තාමත් ඒ මුස්ලිම් කට්ටිය රත්නපුරේ ටවුමෙ වෙළහෙළදාං කරනවා..
මොකද පහු කාලෙක..ඒ කියන්නේ අනූ හතරේ අනූ පහේ වගේ කාලෙත් අපේ තාත්තා රත්නපුරේ ගිය වෙලාවක තාත්තාව දැකලා බොහෝම සංතෝෂෙන් තාත්තාව එක්කගෙන කඩෙට ගෙහුං හොඳට සලකලා එවලා තිබුණා...

හුම් අදට මදැයි...

16 comments:

  1. හප්පේ මාරයියාත් තාත්තා වගේම නෙමේ වෙන්නැ........

    මුස්ලිම් අය පුදුමයි නෝම්බි මඟදි ඇරලා.... මං හිතන්නේ ඉවසන්නම බැරි සුවඳක් තියෙන්නැති......

    හා හා අද තුන් වෙනි දවස.... අදත් එකද බලමු.

    ReplyDelete
  2. බැහැයි ඉතින් බස් පළු කතන්දරයක් කිව්වට මේක කෑම කතාවක්නෙ... උඹේ කෑම කතා අහලම මගෙ ඩයටින් ප්‍රෝග්‍රෑම් එකත් චක බ්ලාස් වෙලා....

    අර කොමඩ් එක උඩ නැගපු කතාව වගෙ එකක් මමත් අහලා තියෙනවා. ඒ නැගපු එකානම් ආපහු නැවතුනේ ඉස්පිරිතාල පස්ස පැත්ත පිරින්නෙ මැහුම් හිටන් දාගෙන....

    ReplyDelete
  3. හප්පා...ඒ පාර මටත් බඩගිනි උනා........

    මට හිතෙන විදිහට ඔය ටිකට් කඩන එකයි ඉවිල්ල්යි දෙකම එක ලගින යනවා වගේ. බස් එක ඇතුලේ ආපන ශාලාවක් දාන්න අදහසක් තිබුනේ නැතෙයි?

    ReplyDelete
  4. බස් කොම්පැණි තියෙන කාලයේ, දුර ගමන් බස් වල ඉස්සරින්ම වාඩිවෙලා ගියාලු චණ්ඩියෙක් තුවක්කුවක් අතේ අරගෙන. එහෙම නැතුව තරගකාරී සමාගම් අනෙකුන්ට බස් දුවන්ට දීල නැහැ. අවාසනාවකට මේ රස කතා කිසිවක් ලේඛන ගත වී නැහැ. (බස් පළුවන් ලිව්වේ කොහෙද ඒ දවස්වල! ලිවීම පණ්ඩිතයන්ට සීමා වෙලානෙ තිබුණේ.)

    - Taboo

    ReplyDelete
  5. මාරේ, තාත්තට එහෙම සැලකුවට උඹට නම් නැහැ පුතේ. උඹට දෙයි දුවපිය ගස් මාරයා කියලා.. කරලා තියෙන වැඩ වල හැටියට.

    ReplyDelete
  6. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්ව වගේ අදත් අපිට බඩගිනි හදවලා කෑම කතාවකින් නවත්තලා.

    ReplyDelete
  7. හම්මේ ..බස් කතා ටික හරි ෂෝක්..මුස්ලිම් මිනිස්සු නෝම්බි පිට කෑවයි කිව්වහම හිතන්නත් අමාරුයි.තාත්තට පීනන්න ගස් නගින්න බැරි වුනාට පුතාට පුළුවන් ඇති නේද?

    ReplyDelete
  8. අනේ කෑම කතානම් අඩුවක් කොයින්ද මාරයගේ අඩවියේ.....මොනව උනත් එලම රෙසපි තමා මාරයත් දෙන්නේ

    ReplyDelete
  9. කොළඹ සන්නිය මතක් උනේ..හික්

    හප්පට බොල ටැබූ කියන තාලෙට බස් කොම්පැණි කාලේ මාරම ජෝගි ටිකක් තිබිල තියෙන්නේ නේද...

    ReplyDelete
  10. හ්ම්ම් ඔය කතාව අපූරුවට පිළිවෙලකට කියා ගෙන යන්නේ.

    ReplyDelete
  11. මේ ළඟකදී නෝම්බි කාලේ අපේ මුස්ලිම් එකෙක්ට මරු වැඩක් වුනා. අපේ එකෙක් උපන්දිනේට කේක් එකක් ගෙනාවා. අරූට තිබ්බ හදිස්සියට කේක් කෑල්ලම කාලා ඉවර වුනාම තමයි මතක් උනේ නෝම්බි කියලා.....

    ReplyDelete
  12. එල කිරි මාරයා....ඔබ තුමාගේ කෑමත් තාත්තගෙ වගේ නෑතෑ....නෑද්ද මන් ඇහුවේ.....

    ReplyDelete
  13. මමත් ඔය වෙනසක් ඔන වුණ වෙලාවට කොමඩ් එකේ ඇණ තියා ගන්නවා... සිරාවටම කොමඩ් එකක ඉඳගන්නවට වැඩිය පෝච්චියක් උඩ ඇණ තියා ගන්න එක මාර ම පහසුයි නොවැ රාජකාරිය කොරගන්ට.... කවුදැයි මේ කතාවට එකඟ...?

    ReplyDelete
  14. යකෝ මාරයයි තාත්තයි දෙන්නම කෑම උයල මිනිස්සුන්ගෙ සිහි බුද්ධියත් නැතිකරනවද කොහෙද?
    අර කිවුව වගේ මාරයට පීනන්නයි ගස් නගින්නයි පුලුවං ඇති නේද?

    ReplyDelete
  15. කැලණිය ඩිපෝව තියෙන තැනමද මන්ද ඉස්සර තිබුන "පෑලියගොඩ බර වැඩ අංශය" කියල එකක්. ඕක පිටිපස්සේ කැළණි ගඟ.
    නාන කෂ්ටියට ගඟට බහින්න පඩි පෙළක් එහෙමත් තිබුන.ඩිපෝව සහ පඩි පෙළ අතර ටකරම් වැටක් තිබුන. නාන්න එන ගැහැණු කෂ්ටිය ඇඳුම් මාරු කරන්නේ අර කිව්ව ටකරම් වැට ලඟට ඇවිල්ල වැට පැත්තට හැරිලා. වැටේ චුටි චුටි හිල් තිබුන කව්රු හදපුවද දන්නේ නැහැ.දවල් කෑම පැයේදී සමහරුන්ගේ විනෝදාංශය තමා අර හිල් වලින් හංසයෝ,දොඩම්,තැඹිලි,වට්ටක්ක සහ තව තව දේවල් නැරඹීම.
    ඔන්න මම එහෙම ඔය ඩිපෝවේ වැඩ කරලත් නැහැ,ඩිපෝව ඇතුලට වැස්සකටවත් ගිහිල්ලත් නැහැ හොඳේ.

    ReplyDelete