28 January 2011

බස් පළුවන්ගේ කතාව... 4

"පුංචි අම්මේ...මේ බලන්ඩකෝ..."

කොළුවා හති මුනින් දමාගෙන දුවගෙන එන්නේ මොකක්දෝ යමක් අතේ රුවාගෙන බැව් කුස්සියේ උයමින් සිටි ඇය දුටුවාය...

කොළුවාගේ දෑස් දීප්තිමත්ය..එය සතුටින් පිරී ඇත...තවමත් වයස අවුරුදු දහ හතර ඉක්මවා නැති කොල්ලා තම මවටත් වඩා පුංචි අම්මාට සහ බාප්පාට ලෙන්ගතුය...
උගේ තාත්තා මිය ගොස් කලක් ඉක්ම ගොස් ඇත..ඒද සර්ප දශ්ඨනයකිනි...
සර්ප දශ්ඨනය කෙසේ වෙතත් ඒ මරණය හා බැඳුණු කටකතා වලින් නම් අඩුවක් නැත්තේ මිය ගිය සිරුරටත් දින ගණනාවක් පිළියම් කොට අවසන බැරිම තැන අවසන් කටයුතු කරන්නට යෙදීම පමණක්ම නොවීය..වැඩිමහළු සහෝදරයා හා බැඳුණු හදි හූනියම් ආශ්‍රිත කටකතා ගොන්නක් නිසාම කොළුවාගේ පියාගේ මරණය අදටත් ගම් තොටෙ ප්‍රසිද්ධය...

පොළගා කාපු ඉස්කෝලේ මහත්තයාගේ පුතා...ඒ ඔහුව හදුනා ගත හැකි ප්‍රසිද්ධ තේමාවය..
ඒ එතනකින් නොනැවතී පොළගා කාපු ඉස්කෝලේ මහත්තයාගේ මල්ලීගේ දරුවන් හැටියට ඔහුගේ බාල සොයුරාගේ දරුවන්ට වූවද පළාතේ ඕනෑම තැනක පහසුවෙන් අනන්‍යතාවය හෙළි කල හැකි විය..එය අදටද වලංගුය..

"මොකද වෙනුර පුතේ..මොකක්ද ඔය අරගෙන ඇවිත් තියෙන්නේ.." කොළුවාගේ දෑතේ රැදී ඇති දේ පිළිබඳව අවධානය යොමු කරමින්ම කොළුවාගේ පුංචි අම්මා විමසයි..

"මේ බලන්නකෝ පුංචි අම්මේ අපේ තාත්තාගේ ෆොටෝ එකක්..අද මම තාත්තාගේ පොත් අල්මාරිය ඇද ඇද ඉන්නකොට හම්බඋනේ..."

කොළුවා නිධානයක් ලැබුනා හා සමානව මෙතෙක් සිය සුරතේ රුවාගෙන හුන් කුඩා ඡායාරූපය සිය පුංචි අම්මාගේ අතේ තබයි...

තරමක් අව පැහැ ගැන්වී ඇතද කුඩා කළු සුදු වර්ගයේ ඡායාරූපය තාමත් ඉතා හොඳ තත්වයේ ඇත.
පුංචි අම්මා ඡායා රූපය දෙස බැළුවේ ඒ තරංම අවධානයකින් නොවුනද..සුළු මොහොතකදී ඇගේ දෑස් විමතියෙන් පිරී යනු කොළුවාටද පෙනුනි...

"තාත්තාත් මං වගේ නේද පුංචි අම්මේ..."කොළුවා විමසයි...

"අනේ මංදා පුතේ..ඒකනං ඒ වගේ තමයි..ඒත් මේ මනුස්සයාව මං අඳුරනවනේ..."

"ඒ කොහොමද පුංචි අම්මා බාප්පාව බැඳලා මෙහෙ එනකොට තාත්තා මැරිලනේ..එතකොට මාත් පුංචියිනේ..."

මෙතෙක් වෙලා වෙනත් වැඩක යෙදෙමින් සිටියද කොළුවා හා පුංචි අම්මා අතර සංවාදය අසා හුන් බාප්පාද ඒ අසලට ආවේ සිය දෙවන සහෝදරයා..එසේත් නැතිනම් තමුන් වැඩියෙන්ම ආදරය කළ සහෝදරයාගේ ඡායා රූපය දැක ගැනීමට ඇති වූ ඇල්ම නිසාමය...

"කෝ දීහල්ලා බලන්න..කොයි කාලේ ගත්තු එකක්ද කියලා බලන්න.."

ඡායා රූපය අතට ගත් හෙතෙම මදක් ඒ දෙස බලා හිඳ..

"ඈ ඕයි තමුසේ කොහොමද මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව අඳුරන්නේ මීට කළින්..."

මෙවර නම් පුංචි අම්මා සිය හඩ අවදි කලේ තරමක් සැර ස්වරූපයකිනි...

"මං දන්නෙ නැද්ද..? මේ මනුස්සයත් තමුසෙ වගේම බස් රස්සාව කොරලා තියෙනවා කියලා මීට කළින් කියලා තියෙනවා නේද.."

"ඔව් ඔව් බස් රස්සාව නම් කොළා නේන්නම්... "

"ඒකනේ මං කිව්වේ..ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ බස් එකට නැග්ගම අපේ පස්සෙන් එළවලා සත පහේ ටිකට් එක කඩන මනුස්සයව මට මතක නැද්ද..
අපි මේ හදන්නේ ඒක හංගන් ගිහින් කඩල කන්න..කොහෙද මේ මනුස්සයා මොන ලෝකේ හිටියත් හොයාගෙන ඇවිත් ටිකට් කඩනවානේ.. මට විතරක් නෙවෙයි ඒ දවස්වල අපේ කෙල්ලෝ එකෙකුටවත් මෙයාව පෙන්නන්න බැහැ... ඇයි යකෝ ඉස්කෝලේ යන කෙල්ලෝ එකෙක්වත් මෙ මිනිහට පෙන්නන්න බැහැනේ... "

පුංචි අම්මාගේ නොක්කාඩුවට කොළුවාට හිනා යයි..

ඒ නඩුව අසාගෙන සිටි බාප්පා හිනාවෙමින්ම පුත්තරයා දෙසට හැරී..

"ඈ වෙනුර කොහේ තිබිලද මෙක උඹට හම්බ උනේ.."

"බාප්පේ තාත්තගේ පරණ ලියුම් මිටියක් අස්සේ තිබුණේ...
තව මොන මොනවද හුගක් ඒවා තිබුණා..මම මේක දැක්ක ගමන් අරං ආවේ බාප්පලට පෙන්නන්න..."


"ඇයි බං උඹ තාත්තාගේ ෆොටෝ මීට කළින් දැකලා නැතුවයෑ..."

"දැකලා නැතුව නෙවෙයි බාප්පේ බලන්ටකෝ මෙ කොල්ලා කාලේ එකක්නේ...
ගෙදර තියෙන්නේ එක්කෝම ඊට වඩා පස්සෙ ගත්තුවනේ..."


"හ්ම්ම්.."

කොළුවාට හිමින් තට්ටුවක් දමනා ගමන්ම බාප්පා කට හඩ අවදි කරයි...

"උඹ ඉතිං ඒ කාලේ තාත්තාව දැකල නැහැ නේන්නම්..."

කියමින්ම සිය ඇඹේණිය දෙසට හැරෙමින් මෙසේ කියයි...

"උඹේ තාත්තත් මේ වගේම තමයි කොළුවෝ..ඒත් මේ ඉන්නේ නම් මම..
මීට හුග කාලෙකට කළින් ගත්තු එකක්..ඕක අයියා ගාව තිබුණට මම හිතුවේ නෑ තාමත් ඇති කියලා..."

"උඹලගේ තාත්තයි මායි කියලා වෙනසක් නැහැ බං අපි එක අච්චුවේ එවුන්නේ..."

"මොනවා.."

පුංචි අම්මාගේත්..කොළුවාගේත් දෑස් නළලට යන්නේ එකම මොහොතේය...

"ඇත්තටම මේ තමුසෙද ඕයි..?"

"නැතුව ඉතිං වෙන මොකාද.."

සිනා සෙමින් ඔහු පිටව යයි...

කොළුවාට සිනාව නවතා ගත නොහැක...

"මදෑ පුංචි අම්මා අපේ තාත්තට බැන්නා... "

...............................
( පිරිසිදුම සත්‍ය සිදුවීමකි. පුංචි අම්මා මගේ මව වන අතර..බාප්පා මගේ පියාය... වෙනුර නම් වූ කොළුවා..දැනට නවසීලන්තයේ ජීවත්වන මගේ එදා මෙදාතුර පුරෝගාමී චරිතය වන අයියාය.. ඌ ගැන ලියන්නට හැමදාමත් බලන් හිටියට ලිය වෙන්නේම නැත..ඒ වෙන එකක් නිසා නොව..ඌ ගැන ලියන්ට දෙයක් ඇත්තේද නැත..නැත්තේද නැත..කොටින්ම කිව්වහොත් ඌ මාරයාගේ අනිත් පළුවය...ඒ සමාන කම කොතරම්ද යතහොත් අදටත් ඌ මා වාගේම පිස්සු නටමින් සිටිනවා විනා පවුලක් පන්සලක් ඇති එකෙක් නොවේ...මෙහෙම ලියන්නට ගියහොත් වරහන් ඇතුලේම තව පෝස්ට් එකක් ලියවෙනවාට සැක නැත.එහෙයින් ඔයින් නවතිමි...ආ... එම ඡායාරූපය දැනට අපේ ගෙදර ඇල්බමයක් තුල තිඛෙ...)

18 comments:

  1. හනේ හනේ එහෙනම් ඔන්න පුංචි අම්මා බාප්පටම බැන්නා.......

    මදෑ කොරා...... කෙල්ලොන්ට පේන් බැ කිව්වට ඔය යස අපූරුවට ඉඳලා තියෙන්නේ...... :D

    ReplyDelete
  2. යකෝ මාර පරම්පරාව නවසීලන්තෙටත් යවල එහෙනං.

    ReplyDelete
  3. මං කියවගෙන එද්දි හිතුවා මොකක්ද මූ මේ "බස් පාලුවන්ගෙ කතාව" හෙඩිම යටතෙ ලියන අතුරු කතාව කියලා.

    ReplyDelete
  4. Praසන්ன...

    නැහ්නං..අපරාදේ කියන්න බැහැ..ඌත් එහෙ මෙලහකට ඩෙගා නටනවා ඇති...

    ReplyDelete
  5. නිශ්...

    බස් පාළුවෝ..අනෙ අම්මපා..මට එන කේන්තියක්...

    ReplyDelete
  6. හුටා සමාව බජනය කොරහන් බන් අකුරු ටැපලිලා.

    මං කියවගෙන එද්දි හිතුවා මොකක්ද මූ මේ "බස් පලුවන්ගෙ කතාව" හෙඩිම යටතෙ ලියන අතුරු කතාව කියලා.

    වසයෙන් නිවැරදි විය යුතු බව දන්වා සිටිමි

    ReplyDelete
  7. නිශ්...

    අප්පද බොල ඒකත් එහෙමද..?මං හිතුවෙ බොලා දුන්නා තමයි මඩ බකට් එකක් කියලා..
    ඒත් බං වෙලාවකට පාළුවොත් නැතුවා නෙවෙයි..හෙහ් හෙහ්...

    ReplyDelete
  8. නවසිලන්තෙටත් මාරයෙක් ඉන්නවා එහෙනං

    ReplyDelete
  9. මාරයා,

    මම ලංගම කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ වැඩ කරන කාලෙ, 77 චන්දෙන් පස්සේ මන්ත්‍රී වරු එයාලට වැඩකරපු අය දන්නවනේ ඉතින් කොච්චියටය් බස් වලටය් තමා වැඩි හරියක්ම තල්ලු කෙරුවේ.අපේ වැඩපොළේ හිටිය එහෙම ආපු නිශ්ශංක කියල හාදයෙක්.මිනිහ එවකට ගමනා ගමන උප ඇමති යාපහුව මන්ත්‍රීට (නම අබේයකොන් වගේ මතක) චන්දෙට වැඩ කරපු නිසා තමා ලංගම ජොබ් එක දීල තිබුනේ.ටික දවසකින් බලනකොට මිනිහ කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු අංශයේත් වැඩ කරනවා දකිනවා ඒ පැත්තේ ගියාම. පස්සේ හොයල බලනකොට මුන්දෙන්න (identical twins කියන වර්ගයේ) නිවුන්නු. එකය් චන්දෙට වැඩ කරලා තියෙන්නේ, හැබය් හොඳට වැඩ කරන්න ඇති.මන්ත්‍රී දුන්න ලියුමට එකෙක් ජොබ් එක අරගෙන පස්සේ ගිහිල්ල මන්ත්‍රීට ලියුම නැතිවුණා කියල අනිත් එකත් ලියුමක් අරන් දෙන්නම ලංගම වැඩ.

    ReplyDelete
  10. මේ වගේ කතාවක් ලියන කොට පූර්වාපර සන්ධි ගලපන්නේ නැතුව පාඨකයින්ටම ඉඩ දෙන්න තමන් තමන්ගේ නිගමන වලට එන්ට. ඒක වඩා සාර්ථක ක්‍රමයක්...(ඕනැම නම් ටිකක් ටිකක් හිතන්ට ඉඩ දීලා පසු කමෙන්ටුවකින් කියන්න.)

    - Taboo

    ReplyDelete
  11. ආ හරි මෙච්චර කල් දැනං උන්නේ පුත්​ගේ කෙරුවාවනේ... දැං ඉතිං තාත්තාගේ ටිකකුත් දැනගත්තා.

    ඇත්තටම නවසීලන්තෙත් මෙහෙ වගේද දන්නේ නෑ? තව මාරයෙක් උන්න නම් නම් ඔය ඇමරිකාව පැත්තටවත් දාන්න තිබ්බා.

    ReplyDelete
  12. දැන් ඔය නවසීලන්ත මාරය බ්ලොග් ලියන්නෙ නැද්ද. ලියනවනම් කියන්න ගිහිල්ල කමෙන්ට් එකක් දාල එන්න.

    ReplyDelete
  13. අපරාදේ, මටත් අද ශත 5 හේ ටිකට් එකක් ගන්න උනානේ, හිතාගෙන හිටියේ එකෙන් බුරියානි එකක් කන්න

    ReplyDelete
  14. මරු මරු.....එකිනෙකට, එකිනෙකාට මාර සම්බන්දයක් තියෙන්නේ මාර සෙනාව සහ මාර ගම අතර......

    ReplyDelete
  15. මටත් ආසයි ඔය නවසීලන්න මාර අයියගේ මූණ පොඩ්ඩක් බලන්න.මේක බස් පළු කතාවක්ද? ආ ඔව් නේද?

    ReplyDelete
  16. මෙන්න පොඩි බස් කතාවක්:

    මම ඉස්කෝලෙ යද්දි ගියෙ x හන්දියෙන් බැහැලා, එක බසයකින් තව බසයකට මාරු වෙලා. ඔය කාලෙ ඉතින් සීසන් කට්ටෙන් තමා කොහෙ ගියත් යන්නෙ. අතේ සල්ලිත් නෑ, මලාට ප්‍රයිවෙට් බස් එකක යන්නෙත් නෑ.

    ඔන්න දවසක් හවස ඉස්කෝලෙ ඇරිලා එද්දි, x හන්දියෙ තියෙනවා බස් එකක් නවත්තල, අද්දන්න ඔන්න මෙන්න.අපෙ පාරෙ යන බසයක් වෙන්නැති කියල හිතාන චිත්තප්‍රීතියෙන් දුවගෙන ගිහින් ලාවට අද්දමින් තිබිච්ච බස් එකේ මාර පලුවගෙන් මන් ඇහුවා 'බස් එක මොකක්ද?' කියල. උන්නැහෙ කියපි 'ලෙලන්ඩ් එකක්' කියලා..!

    මාව රතු උනා - මම (නෙත්)කලු නිසා එතන හිටිය අයට පෙනෙන්ඩ ඇත්තෙ දම් පාටට වෙන්ඩැ!!

    ReplyDelete