29 January 2011

බස් පළුවන්ගේ කතාව... 5

සුපුරුදු ආකාරයටම මට මේකත් දැන් එපා වේගන එන්නේ..ඒත් ඉකිමනට කෙටි කොරලා හරි ඉවරයක් කොරන්ට ඕන...
ලියන්න දේවල් දාහක් ජාති තියෙද්දී ආයෙ මොකටද කෑලි ඉතුරු කොරන්නේ පස්සෙ ලියන්ට...

කොහොම හරි අපේ තාත්තණ්ඩි අර බස් වල ටිකැට් කඩ කඩා රට වටේ යන්ට අරගෙන හුගාක් කාලයක් ගියා..ඔය අතරේ දන්නෙම නැතු උන්දැගේ කල වයසත් ගෙවී ගෙන ගෙවී ගෙන ගියා...ඒ ගෙවුණු කාලය අතරේ තමුන්ගෙන් ගෙදරට වෙන්න ඔන යුතුයුතුකං එහෙම ඉස්ට සිද්ධ කොලාට උන්නැහේට මගුලක් කොරගන්ට ඇහැකි වෙලා නැහැ..හැබැයි ඉතිං ඔය අස්සේ ගමෙම හිටිය උන්දැට නෑදෑ කොමක් තිවුණ ගෑනු දැරිවයක් එක්ක පුංචි පහේ පටලැවිල්ලක් තිබිලා තියෙනවා..ඒත් ඒකට අපේ ආච්චි අම්මා..ඒ කියන්නේ තාත්තගේ අම්මා සහ ඥාති පිරිස ටිකක් විරුද්ධ වෙලා තියෙන හින්දා උන්දෑ ඒකත් හිතෙං යටපත් කොරගෙන ඉඳලා තියෙනවා...

හැබැයි අපේ අම්මා තාත්තත් එක්ක දවසක් පොඩි නෝක්කාඩුවක් වෙච්ච වෙලාවක කියවුන කතාවක් අල්ල ගත්තහම තමයි තේරුනේ තාත්තණ්ඩිත් නරකම නැහැ කියලා...

ඒ කිව්වේ ඉතිං අර මනාපෙන් හිටි ගෑණු දැරිවි වෙන දීගෙක ගියාට හෙම පස්සේ ඒ ජෝඩුවම අපේ තාත්තට බොහෝම හිතවත් කොමින් ඉඳලා තියෙනවා...

කොහොමින් කොහොමින් හරි ඔය පළ හිලව් අස්සේ උනේ..අපේ තාත්තා ගම්පහ නගරය ආසන්නයේම අරගෙන තිබුණු අක්කර බාගයක ඉඩමක් හෙම අර ඇත්තිට ලියලාම දීලා තිබුණු එකයි...
අම්මා ඉතිං අඩපාලි කියැව්වේ අපිට අයිති වෙන්ට තිබුණු දේවල් එක එක්කෙනාට දොල දන්දීලා කියලා තමයි..ඒ දවස්වලනං ඉතිං අපිටත් ඔවා අහන කොට ටිකක් හිත්වල අමනාපකං ඇති නොවුනා නෙවේ..

ඒත් ඉතිං දැන්නං මං හිතන්නේ තාත්තණ්ඩිට දොස් කියන්ට බැහැ...

මොකද ඉතිං ඒ ගොංකම්ම උනත් බොහෝම පිළිවෙලකට මාත් කොරලා තියෙන හින්දා...පහුගිය කාල සීමාව පුරාවටම හම්බ කොරගත්ත ලස්ස දෙක තුනත් මාත් පිළි වෙලකට දීලා දාලා මේ ඉන්නේ යස අගේට..මොකුත් නොවුනා වගේ..ඒ හින්දා තාත්තණ්ඩිත් ඔය මොනවා කිව්වත් බොහෝම හොඳ පෙම් කුරුල්ලෙක් වෙලා ඉන්ට නැතෑ...

අනික ඉතිං බස් කෙරුවාව කියන්නේ දවස ගානේ අළුත් අළුත් ස්ත්‍රී පරාණ නිතර දෙවෙලේ මුණ ගැහෙන කතා බස් කොරන්ට ලැඛෙන රස්සාවක් කියලා මාත් හොඳටෝම දන්නවනේ...

කොහොම හරි ඔය වගේ කාලය ගලා ගෙන ගියා...
තාත්තා බස් පළුවෙක්ව ඉඳලා අන්තිමට ටයිම් කීපර් කෙනෙක් වෙලා...ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන්නෙක් හැටියට ඒ කියන්නේ ටික්කෙක් වෙලා..ඔන්න ඔය විදියේ ගමනකින් පස්සේ අන්තිමට ටයර් පරීක්ෂක කෙනෙක් උනා...

ඔය ටයර් පරීක්ෂක කොම ගැන අපේ ඔබ්සවර් මහතැන් නං මාත් එක්ක තළබණුවෙන් කතාබස් කොළ වෙලාවේ විස්තර හුගාක් කිව්වා...සමහර විට අර මගේ අනිත් කතා අග්ගිස්සට අටුවාවල් වලින් සම්බන්ධ උනා වගේ ඒ ඇත්තා මේක අගටත් ඒ විස්තරේ අමුණන්ට ඉඩ තියේ...

ඉතිං කොහොම හරි තාත්තාට වයස 42 ක් විතර වෙනකල්ම මේ මං වගේ තනිකඩ ජීවිතයක් ගෙවලා තියෙනවා...

අන්තිමට ඉතිං මොන දේ කොළත් කරුමෙ කියන එක වලක්කන්ට සක්කරයාටවත් බැහැ කිව්වා වගේ උන්දැට කෙළියෙ නැද්ද මල්සරා මල්ටි බැරල් එකකින්ම...

අනේ ඉතිං ඒ මල්ටි බැරල් ප්‍රහාරයට එහෙම මුහුණ දීපු උන්දෑ..42 දී කොරගත්තා මංගල්ලයක්..ඒ ඉතිං උන්දෑට වඩා අවුරුදු 18 ක්ම බාල අපේ අම්මණ්ඩිව තමා ඕං...

මනමාලයාට 42 යි..මනමාලි 24 යි... අවුරුදු හතක් අටක් වයස කාලේ ටිකට් නොගෙන බස් එකේ යන්ට දැගළුව ඉස්කෝලේ යන පුංචි කෙලියි.. එක මගියෙක් නෑර ටිකට් කඩලා කොහොම හරි රස්සාව හරියාකාරව කොරන්ට දගලපු අර බස්පළු තෙමෙයි..ඊට අවුරුදු දහසයකට හද හතකට පස්සේ කසාද බඳිනවා..ඕං...

ඒ දවස්වල අපේ අම්මා ඔය කොහේදෝ ගෝනි සංස්ථාවකද කොහේද වැඩට යනවාළු නෙව..ඔය අස්සේ තමයි අපේ තාත්තාත් බස් වලදී මුණ ගැහිලා තියෙන්නේ..හැබැයි ඉතිං ඒ වෙනකොට උන්නැහේ බස්පළු ජීවිතේ හමාර කොරලා ටිකක් ඊට වඩා ඉස්සරහට ගෙහුං..කොහොම හරි අනිවාර්යයෙන් බස් එකේ සීට් එකක් දිනපතාම උන්දෑ යන බස් එකේ බස්පළු උන්නැහේ විසින් වෙන් කරලා තියාගෙන එන තත්වයක් යටතේ සමහර විට තාත්තා මහ ලොක්කෙක් කියලා අපේ අම්මා හිතුවද දන්නෙත් නැහැ..කොහොම හරි අපේ තාත්තා අර කෙළිට ඇහැ දාලා..බහ දීලා...කොහොමින් කොහොම හරි වැඩෙ සෙටොල් ඩවුන් කොරගෙන...

හැබැයි මේ වෙනකොට අපේ තාත්තට කියලා බිං අගලක් ඉතිරි වෙලා නැහැ ගමේවත්..

මොකද ඒ වෙනකොට තාත්තගේ උරුමය හැටියට තිබුණු අක්කරේක ඉඩම උන්දැගේම වැඩිමහළු සහෝදරයා විසින් පුංචි නූල් සූත්තරයක් දාලා ඩැහැගෙන තිබ්බේ...

උන්දෑ ඉස්කෝල ගුරා වෙච්චි...මොකක්දෝ ණයක් අනුමත කොරගන්ට කියලා ඉඩම ලියෝගෙන ඊට පස්සේ ඒක එහෙමම තියාගෙන ඉතින් අපේ අප්පාත් මගේ ජාතියේම කියලා කිව්වනේ..මම මගේ නමට තිබ්බ සකලමනාවම අපේ මලයට දීලා ගෙයින් එළියට බැස්සා වගේ උන්දැත් ඔවා අමතක කරලා දාලා රස්සාව කොරගෙන හිටියා රණ්ඩු සරුවල් වලට නොගෙහුං....

අර උන්දෑ සල්ලි වලට ඇන්න තිබුණු ඉඩමට වෙච්ච දේත් දන්නවනේ..
ඉතිං කොහොමින් හරි ඔන්න ඔය වගේ හේතු උඩ තාත්තා බැන්දාට පස්සේ ගමට එනවා වෙනුවට ගියා ගේ කෑල්ලකුත් කුලියට අරගෙන බළංගොඩ දිහාවට...

ඉතිං තාත්තාගේ පත්වීම තිබුණේ එක ඩිපෝවකට නෙවෙයි..ඩිපෝ තුනක රාජකාරි උන්දෑ බලන්ට ඕන...

රත්නපුරය
බළංගොඩ
ඇඹිළිපිටිය

ඔන්න ඔය කියන ඩිපෝ තුනේම ටයර් පරීක්ෂක නිලධාරියා හැටියට රාජකාරි කොරන ගමන් ඔය තුන් දිසාවටම යන්ට එන්ට පහසු වෙන්ට තමයි ස්ථාන තුනේම මැද්දෑවට වෙන්ට තිබුණු බළංගොඩ නවතින්ට උන්දෑ තීරණය කොලේ..බළංගොඩ කල්තොට කියන හරියේ පංචි කඳු ගැටයක් උඩ තිබුණු පුංචි ගෙයක්...

ඔන්න ඔය කාලේ තමයි මේ කතාවේ වැදගත්ම සිද්ධිය සිද්ධ වෙන්නේ...හිතා ගත්තැකිනේ...

සිද්ධිය වෙන්නේ බළංගොඩට ආසන්නයේම තියෙන ඕළුගංතොට කියන ප්‍රදේශයේදී තමයි...

අර රාම රාවණ කතාවේ අන්තිමට රාවණා රජ්ජුරුවෝ තමුන්ගේ මල්ලිගේ නීච පාවාදීම හේතු කරගෙන සටනින් පැරදුණු වෙලාවේ...රාම විසින් දුන් ප්‍රහාරයක් හේතු කරගෙන රාවණ රජ්ජුරුවන්ගේ හිස..එහෙමත් නැත්තං ඔළුව ගෙහුං වැටුනාය කියනවානේ ස්ථානෙකට..අන්න ඒ ප්‍රදේශය තමයි ඕළු ගංතොට හැටියට හඳුන්වනවායි කියලා කියන්නේ..
ඉතිං අන්න ඒ ඕළුගංතොටදී සිද්ධ වෙච්ච කතාව ඊ ළග ලිපියෙන් බලමු...

34 comments:

  1. බලන් ගියාම මාරයියා යන්නේ තාත්තාගේම අඩි පාරේ...... සැක් අර කෙල්ලට කොල්ලෙක් එිටියනේ කමුරෙට.... කමුරේ කමුරේ...... නැත්නම් අපේ මාරයියත්.... කුලී ගෙවල් අහක් කරලා මැදකට වෙන්න ගෙයක් හදයි......

    හික්ස්.....

    ඉක්මනට ඕනෝ.........

    ReplyDelete
  2. කමුරෙම තමයි නංගියේ..කමුරෙ...
    හිහ්...අදත්..1

    ReplyDelete
  3. අර වෙන් කරගෙන යන එක් සීට් එක පස්සෙ දෙක උනා කියල තමයි ආරංචිය.
    මාරයගෙ තාත්ත මේ ළගපාතනෙවෙ ඉදල තියෙන්නෙ.

    ReplyDelete
  4. නැතුව නැතුව..අහල පහලම තමා...ඒකනේ තාමත් මං ඔය අහට ආසා...

    අනික තව කාරණයක් ඔහේලා ඉන්න අහට ඩිංගක් මෙහාට වෙන්න තමා මං ලංකාවෙ ලස්සනම ගෑනු දැරිවියෝ දැකලා තියෙන්නේ..ආන්නඒ හින්දත් මං ඉතිං ඔය අහලට ආසයි..හිහ් හිහ්...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම කමුරේ....... බෙල් හොඳ කරන් බලන්නකෝ අයියා........ ආයේ ඇති මල් අස්සේ මලක්........

    ඒක තමා මං කියවනවා වේගේ වැඩිද මංදා........ එක දවසක් ටිකක් වෙලා බලන් ඉදලත් ඇවිත් බැලුවා ඒත් 1 උනා.......

    ReplyDelete
  6. අනේ නංගියේ බැළුව පළියට ඔවා නෙලන් ගෙහුන් ආයේ ඉතිං මානසිකව වැටිලා අතපය කඩා ගන්නවට වඩා හොඳා..මෙන්න මෙහෙම විකාරයක් ලියාගෙන පාඩුවෙ ජීවත් වෙනවා...
    ආ උඹ නගේ කියවනවද..එහෙමත් නැත්තං පෝස්ට් එකෙත් පැන පැන යනවද..ඒ තරමට ඉක්මන් නෙව...

    ReplyDelete
  7. අයියේ කමුරේ කමුරේ කියලා උඩ බලන් ඉඳලානම් වැඩක් වෙන්නේ නෑ. උත්සාහවන්තයා ජය ගනී කියනවනේ

    ReplyDelete
  8. ඒකත් ඇත්ත ඒ උනාට බං පුස් මල්ලියේ උත්සහවන්තයා ණය ගනී කියලත් ඔය එක එකාලා කියනවා මං අහලා තියෙනවා..අන්තිමට ඔව්වාට ගෙහුන් උත්සහවන්තයා ඇණ ගත්ත දවසට..?හෙහ් හෙහ්..ඒ නොදන්න සගිස්කුරුත නැතිවට කමක් නැහැ බොලේ...

    ReplyDelete
  9. යකෝ ඉතිං මෙහෙට ඇවිල්ල ජොබ් එකක් හොයාගනින්කො.
    එතකොට මාරයටත් මොකක් හරි සෙට් වෙන්නෙ නැතැයි.

    ReplyDelete
  10. යකෝ..ඇයි ඔහේට ආවාම මගේ මූණත් තහඩුව වෙනස් වෙයිදෑ..හැහ් හැහ්...

    ReplyDelete
  11. මාරය දාල තිබුන ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැහැනේ.මාරයා නිකම්ම ටයර් පරීක්ෂක කිව්වට ඔය තනතුරට ඒ දවස් වල කිව්වේ ටයර් සහ සේවා පරීක්ෂක කියල.ඉංගිරීසියෙන් කිව්වේ Tyre Cum Service Inspector කියල, සිංහලෙන් ලංගම ඉංජිනේරු අංශ වල වැඩ කරපු ඕනෙම කෙනෙක් දන්නේ T.C.S.I. මහත්තුරු කියල.ඉස්සර ලංගම සෑම බස් එකක්ම සති 4,8,12 සහ 24 කියල සර්විස් චක්කරේට යටත් වෙනවා. මෙහෙම හිතාගන්නකෝ හැම බස් එකක්ම සති හතරකට සැරයක් සර්විස් කෙරෙනවා, 24 එකේදී තීන්ත එහෙමත් ගානවා.ඔය සර්විස් වලදී බස් එකක සීට් අරව මේවා එළියේ පෙන්න තියෙන ඒවා විතරක් නෙමෙය්, සුක්කානම් පද්ධතිය,ඉන්ධනපොම්පය ඇතුළු සම්පූර්ණ ඉන්ධන පද්ධතිය , රෝධක (break) පද්ධතිය, එන්ජිම, ගියර් පෙට්ටිය,differential එක, බස් එකේ බොඩිය,(ඔය එන්ජිම කිව්වම ඕකෙ ටැපෙට් ක්ලියරන්ස් හිටන්),තෙල් වතුර මට්ටම් විතරක් නෙමෙය් හෑන්ඩ් බ්රේක් කට්ට කීයකින්ද හිරවෙන්නේ කියල හිටන් මෙකී නොකී සීයක් දේවල් පරීක්ෂා කොරල වැරදි තියේනම් හරිගස්සනවා. ඕව ඔක්කොම හරිගැස්සුවට පස්සේ ධාවනයට සුදුසුය් කියල පාස් කරන්නේ ඔය ඩිපෝවට සුමානෙකට සැරයක් දෙකක් විසිට් එකට එන T.C.S.I. මහත්තය තමය්.
    හැබය් ඔය පරීක්ෂා කරන ක්‍රමයේ පොඩි වැරද්දක් ඒ කාලෙත් තිබුන, මම ඒක මෙතැනදී සඳහන් කරන්න යන්නේ නැහැ, සමහරවිට මාරයට තේරේවි මම කියන්නේ මොකද්ද කියල.

    අපිට ඒ දවස් වල TCSI මහත්තුරු එක්ක කිසිම වලියක් තිබුනේ නැහැ, එකට කෑව බිව්වා ජොලියක් දැම්ම, පෙන්නන්න බැරි ඔඩිට් මහත්තුරු තමා.අවස්ථාවක් හම්බ වුනොත් මාරයාගේ කතාවක කොමෙන්ට් එකක් හැටියට අපි හු* කටා නම් ආදරණීය නමින් හඳුන්වපු ඔඩිට් මහත්තයෙක් ගැන ලියන්නම්.

    ReplyDelete
  12. එතොකොට මේ මාරෙ අයියත් බලන් ඉන්නෙ 42 එනකන්ද??

    ReplyDelete
  13. මගෙ අම්මෝ........ටයර් පරීක්ෂක කොම ගැනනම් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
  14. බුදු අම්මෝ, මම හිතාන උන්නේ ටයර් පරීක්ෂක කිව්වහම, අර රුප පෙට්ටියේ පෙන්නනවා වගේ තඩි පොල්ලක් අරගෙන ටයර් වලට නෙලන එකයි රාජකාරිය කියලා.....

    ReplyDelete
  15. Dinesh putha,Do you want to know how "wheel alingments" were checked those days without any computers?

    ReplyDelete
  16. Sorry it should be "wheel alignment"

    ReplyDelete
  17. ඔන්න අද තමා ඔක්කොම කියවලා ඉවර කලේ... බලමු බලමු අනිත් කථාවත්..

    ReplyDelete
  18. @Observer,

    ලොකු අප්පච්චිට පුළුවන්නම් කියල දුන්නොත් ලොකු දෙයක්.මොකද මාත් ඔය කොයික ගැනත් දැන කියාගෙන ඉන්න ආස එකෙක්.

    ReplyDelete
  19. ඒ කියන්නෙ උඹට තව අවුරුදු 11ක්ම තියෙනව....ඔහොම යංකො එහෙනං...සමහරවිට යක්කලදිම මල්ටි බැරල් ප්‍රහාරය එල්ල වෙන්නත් බැරි නැහැ ඔහොම යනකොට....

    ReplyDelete
  20. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. අපේ මාරයත් තාත්තගේ අඩිපාරෙම ගිහින් මල්සරාගේ බැල්මට අහුවෙයි.

    ReplyDelete
  21. මං මේ කල්පනා කළේ ... අර ඕලු ගංතොටදී සිද්ද වුනාය කියපු විශේෂ සිදුවීම මොකක්ද කියලයි.
    මරයියා මෙලොවට පහළ වීම වත් දෑ ....

    ReplyDelete
  22. Observer...

    බොහෝමත්ම ස්තූතියි..තව එකක්...

    ReplyDelete
  23. තාරක Dilsh@n...

    අපේ ඥාති පරපුරම කියන්නේ ඔය වචන ටික නෙව..

    ReplyDelete
  24. dinesh...

    ඒකනේ කියන්නේ..
    එන්න පරණ කියුං කියන්ට නියම බුලට් එකක් අපිට සැට් වෙලා තියෙනවා...

    ReplyDelete
  25. Niroshan ...

    හිහ් හිහ්..එහෙම නෙලලා වැඩක් තියේයෑ...

    ReplyDelete
  26. Observer...

    අනිවාර්යයෙන්ම දාන්ට ඔන නෙව..?

    ReplyDelete
  27. හසී...

    මොකක් කිව්වා..මං ඒත් බැලුවා මොකද නැත්තෙ කියලා..

    ReplyDelete
  28. දිනිත්...

    ඔව් ඔව් තව 11ක් විතර තියෙනවා..හැබැයි වලට...

    ReplyDelete
  29. ayesha...

    ආයේ අහු වෙන්ට දෙයක් නැහැ යාළු..
    ඒ දවස්වල මල්සරා මට දුන්නා පොකුරු පිටින්..දැන් ඉතින් මගේ නමට තිබ්බ ඔක්කෝම ඊතල ඉවරයි කියන්නේ..
    ආයේ ඉතිං ලබන ආත්මෙ තමා..

    ReplyDelete
  30. kumaraya...

    මාරං ජාතේන ලොකේන...
    ඒතං අද්භූත කාරණං...

    ReplyDelete
  31. Dinesh putha,
    වීල් එලෛන්මනට් තියන හැටි කියල දෙන්නම්,රුප සටහන් එහෙම අඳින්න ඕනේ නිසා බ්ලොග් වල අමාරුය්,අප්‍රියෙල් තුන්වෙනිදට හම්බ වුනාම අනිවා ඩෙෆා.අපි ඉගෙනගත පොතත් අරන් එන්නම්.හැබය් ඒක නිල් පාටය් ඉන්ගිරිසියෙනුය් සින්හලනුය් දෙකෙම්ම තියෙනවා ඒකෙ.

    මම අර කොමෙන්ට් ඒක ඔයාට දැම්මෙ ඔයත් ඔටෝමෝටිව් ෆීල්ඩ් ඒකෙ නිසය්.

    ReplyDelete
  32. වැදගත්ම දේ ගොOකO උනත් වැදගත් විදිහට කොරණ එකයි.....නැත්ද මම අහන්නෙ....
    කොහොම වැදිල්ලක් වදින්න ඇතිද නේද බොලO, අක්කර බගයක්ම ගෙඩි පිටින්ම දෙන්න.....

    ස්තුතියි ඔබ්සවර්ටත්....සෙල්ලOනෑ ටයර් පරීක්ෂක කෙළියත්...

    ReplyDelete
  33. Observer...

    ඒ පුතා විතරක් නෙවෙයි මෙ පුතත් මක බාස්..
    අපිත් ඔව්වට කැමතියි අයියණ්ඩි...

    ReplyDelete
  34. Heeniyata...

    නැතුව නැතුව..පස්සෙන් පහු තව තව ආරංචිත් ආවා...ඒ කොරලා තියෙන්නෙත් යුතුකං නෙව...
    මොනවා උනත් අද තාත්තා හිටියානං සංතෝෂ වෙනවා මං දිහා බලලා..මං කොරනවා නෙව ඊට එහො ගොං කං...

    ReplyDelete