ඉතින් ඔන්න අදනං කොහොම හරි මෙක ඉවර කරලා දාන්ට වෙනවා..මොකද බස් සතියත් ඉවරයි.
ආයේ ඉතිං පස්සෙන් පහු ඒවා කොහු කොහු වෙන්ට කළින් මතක හැටියට මේ අණ්ඩර දෙමළෙ ඉවර කරමු...
................................
ඉතිං අද පටන් ගන්නේ අර ඕළු ගංතොට ඉස්පිරිතාලෙන් තමයි..
හරියටම 1979 අවුරුද්දේ වෙසක් මාසේ හරියටම වෙසක් පෝය දවසේ රාත්තිරියේ පහුවදාට එළි වෙන්ට ඔන්න මෙන්න කියලා තිබියදී... ඔය ඉස්පිරිතාලෙදී අර මහ බස් පළුවටයි උන්නැහේගේ ඇඹෙණියටයි පැටියෙක් හම්බු උනා...
ආන්න ඌ..ඒ කිව්වේ අර පැටියා ඇවිල්ලා නිකං පැටියෙක් නෙවෙයි..ඌ මාර පැටියෙක්...
ආන්න ඒ මාර පැටියා තමයි අද මෙ උගේ අප්පාගේ බස් පළු ජීවිතේ ගැන පලූ ඇර ඇර ලියන්නේ...
ඉතිං අටුවා ටීකා නැතිව කොටින්ම කිව්වොත් මංතුමා මෙලොව එළිය දුටු කතන්දරේ තමයි ඒ..
.............................
ඉතිං කොහොම හරි මංතුමත් ලොකු මහත් වෙලා..ඔය එකක්ය කියලා නැතුව දාහකුත් එකක් රස්සාවල් කොර කොර ඉන්න අවදියේ හදීසි අවශ්‍යතාවයක් මත මංතුමාටත් බස් පළු ජීවිතේ දොරටු පියන්පත් ඇරුණා...
එච්චර කලක් මංතුමාට පට්ට යනකල් බැන බැන උන්නු අපේ මහ උන්දැත් එදානං කිසි සද්දයක් නැතිව උන්නා..
මං පස් පළුවෙක් වෙච්ච හැටි මීට කළින් කතාන්දර වලදිත් කියලා තියෙනවා උනාට සුළුවෙන් හරි මෙතනත් කියලා දාමු..එහෙම හොඳයිනේ...?
ඔය කාලේ ඇවිල්ලා මට මතක හැටියට එකදහස් නවසිය අනූහයේ අවුරුද්ද වෙන්ට ඔන..අපේ එළෆවුසි ඇමටිතුමා පොරවාහන ඇමති හැටියට හිටිය යුගේ...
හදිසියේ ආවෙ නැතෑ බස් වර්ජනයක්...ඒ අවු අස්සේ බස් වර්ජනේ වෙලාවේ ඒ වර්ජනේ අතිසාර්ථක විදියට කඩාකප්පල් කිරීමට ලැබුණු අවසරයක් මත අපි කස්ටියකුත් ගියා බස්වල වැඩ කොරන්ට..මල විකාර ලෝකයයි..ඕන ඕන එවුං බස් අරගෙන දුවනවා..මෙලෝ තේරුමක් නැහැ..ඒත් පාරවල්වල බස්...වෙනදටත් වඩා ඇති පදං..ඇයි යකෝ අර පුංචි පුංචි ලෙඩ හින්දාත් දුවන්නේ නැතුව අහක් කොරන්න දාලා තියෙන බස් හිටං එහෙං මෙහෙං අමුණගෙන දුවනවා..ඇයි ඉතිං හදිසියේ කඩං පාත් එවුවෝ දන්නවයෑ මෙවෑ ලෙඩ කියලා..ඉස්ටාට් කොරගන්න පුළුවන්නං බස් එක පාරේ...ඇංජිම නැතත් කමක් නැහැ.ගියර් වැටෙනවනං එච්චරයි...
කොහොම හරි එදා හවස වෙන කොට වෙනදාට වඩා බස් දුවලා කියලා තමයි ආරංචිය...
දවසෙන් ඉස්ට්‍රයික් එක ඉවරයි...
ඉතිං ඕක අස්සේ එදා හවස අපිට කිව්වා වර්ජනේ වෙලාවෙ දුන්න සහයෝගෙට ඉස්තුතියක් හැටියට...වයස් සීමාවට ගැලපෙන..සාමාන්‍ය පෙළ සමත් හැමෝටම ඩිපෝවෙ රස්සාව දෙනවා කියලා...හැබැයි පුහුණුවකින් පස්සේ...
ඉතිං අපි විස්සක් විතර තමයි අන්තිමට ඕකට සෙට් උනේ...
ඉතිං දැන් සති දෙකක් විතර අපි පුහුණුවේ...
රියදුරු උන්නැහේලාවනං බස් එකක දාගෙන යනවා පුහුණුවට..ඉතිං අපි..ඒ කියන්නේ මේ අභිනව බස්පළු පුහුණු ඇත්තෝ මොකද කොරන්නේ...
ඔය ඩිපෝව ඇතුලේ තියෙනවා පරණ බස් එකක්.
එකේ රෝද එහෙම මුකුත් නැහැ..බස් සැකිල්ල සහ බොඩිය විතරයි...
කනු හතරක් උඩ තියලා ලස්සනට තීන්ත එහෙම ගාලා..ඇතුළ එහෙම හොඳට තියෙනවා..මං හිතන්නේ මුළු ඩිපෝ එකේම තියෙන බස්වලින් සීට් ටික එහෙම හොඳටම අඩු පාඩු නැතිව තියෙන්නේ ඒ බස් එකේ තමයි...
ඉතිං ඒක තමයි අපේ පුහුණු මධ්‍යස්ථානේ...
අපි දහ දොළොස් දෙනෙක් ඕකට නැගලා දැන් පුරුදු වෙනවා.
අපේ ගුරුතුමා ඉතිං පරණ බස් පළුවෙක් වෙලා ඉඳලා දැන් පුහුණු නිලධාරියෙක් හැටියට ඉන්න කෙනෙක්...
හැබැයි ඩිපෝවෙ කන්තෝරු ඇතුලෙත් උන්නැහේට රාජකාරි තිබ්බා..
මට මතක හැටියට දෙමළ මනුස්සයෙක්..නම නං හරියටම මතක නෑ දැන්..ඉතිං මේ ගුරුතුමාත් බොහෝම හොඳ මනුස්සයා..අපිට ඉතිං කියා දෙනවා හැම දේම..ඇත්තටම පුහුණුව කිව්වට මුළු සතියම වගේ අර බස් එක ඇතුලට වෙලා කුණු හරුප කියන එක තමයි කර කර හිටියේ...
ඒ අස්සේ ඉතිං වැඩ ටිකත් පුරුදු උනා අඩුවක් නැතුව...
මුළින්ම පුරුදු කරන්නේ වේ බිල් එක මාක් කරන්න...
ඔය හැමෝම අපේ සිටීබී බස්වල ගිහින් ඇතිනේ එහෙනං දැකලා ඇති අර බස්පලූ උන්නැහේ සැරින් සැරේ උඩ සාක්කුවෙන් කොළයක් අරගෙන ඒකේ මොන මොනවද ලියනවා..ආන්න ඒක තමයි වේ බිල් එක...
දෛනික මාර්ග සටහන් විස්තරය...
මුළින්ම කියා දෙන්නේ ඕක පිළි වෙලකට නමන විදිය...ඒකත් හරි අපූරු රටාවකට නවන්න ඔන..නැත්තං ලියන්න බැහැ කරදරයි..
එහෙම නවලා ඒ බිලට හරි මැද්දෙන් කාඩ් බෝඩ් තීරුවක් තියා ගන්න ඕන..එතකොට ඒක හරි..ඊ ළගට ඒක පුරවන හැටි...
හැමදාම උදේට වැඩට ගියහම බස්පළු තැනට බස් එකක් හම්බ උනාම ඒ බස් එකට අදාලව ලොකු යකඩ පෙට්ටියක් දෙනවා..ඔයාලා දැකලා ඇති ඒකත්..අර බස්වල බැස්ටි පෙස්ටිය ලගින් තියලා තියෙන්නේ..අර අර බස්පළු උන්නැහේ සැරෙන් සැරේ ඇවිත් ටිකට් රෝල් එහෙම අර ගන්නේ..අර යකඩ පෙස්ටිය අනේ..ආන්න ඒක..
ඉතිං ඔය පෙස්ටිය ඇතුලේ තියෙනවා...
වේ බිල් එකයි
ටිකට් මැෂින් එකයි
ටිකට් පොත් එකක් හෝ සමහර විට දෙකක්.
කාබන් කොල දෙක තුනක්
ටිකට් රෝල් දෙකක් විතර
ඔන්න ඔය බඩු පෙස්ටිය ගත්ත ගමන් අපි අර වේ බිල් එක පුරවන්ට ඔන..අපේ නංගං විස්තර දාලා..බස් අංක දාලා..
ඊට පස්සේ හරියට නවලා තමුන් ගාව නිතරම තියෙන කාඩ් බෝඩ් තීරුව තියලා අර වේ බිල් එක දා ගන්නවා උඩ සාක්කුවට
ඊ ළගට මැෂින් එක පරීක්ෂා කොරලා බලන්ට ඕන..ඒක හරි නැත්තං එවෙලෙම කියලා මැෂිම මාරු කර ගන්ට ඔන..මැෂිමේ තියෙන කවුන්ටර් පරීක්ෂා කරලා ඒවායේ විස්තරත් අර වේ බිලේ ලියා ගන්ට ඕන ආරම්භක තොරතුරු හැටියට...
අළුත් ටිකට් රෝලක් ලෝඩ් කර ගන්ට ඕන...
ටිකට් පොත් වල පිටු පරීක්ෂා කරලා බලන්ට ඕන..
හරි මේ ටික හරිනං ඉතිං ඊ ළගට රියදුරාත් හොයාගෙන ගෙහුන් බස්එක පාරට දාන්ට තමයි තියෙන්නේ..තෙල් ගැහිලි ආදිය රියදුරු උන්නැහේ හොයලා කරගන්ට ඕන...
ඉතිං පුහුණුවේදී ඔය වැඩ ටික කර ගන්න හැටි ලස්සනට කියා දෙනවා...
ඊට පස්සේ ලංකාවේ මාර්ග වල සෙක්ෂන් කැඩෙන හැටි..ඒ කිව්වට ඉතිං හැම පාරම කියා දෙන්ට වෙන්නේ නැහැ..ළග ලග පාරවල් කිහිපයක් කියා දෙනවා..අනිත්වා ඉතිං ගිහිංම පුරුදු වෙන්ට ඔන...
ඊ ළගට සෙක්ෂන් වලට අදාලව බස් ගාස්තු කැඩෙන හැටි...
ඒ දවස්වල මූලික බස් ගාස්තුව රුපියල් දෙකයි..එතන ඉඳලා මෙන්න මෙහෙම වැඩි වෙනවා..
02.00
02.50
03.00
03.50
04.50
05.00
ඔන්න ඔහොම...
සෙක්ෂන් කැඩිල්ලත් එහෙම තමයි
කඩවත සිට මහර හන්දියට එකයි.. (රු. 2යි)
මහර හන්දියේ සිට කිරිබත්ගොඩට එකයි (රු. 2.50යි)
කිරිබත්ගොඩ සිට දළුගමට එකයි (රු. 3.යි)
දළුගම සිට බුළු ගහ හන්දියට එකයි (රු. 3.50යි)
බුළු ගහ හන්දියේ සිට හතරෙ කනුවට එකයි (රු. 4.50යි)
හතරෙ කණුවෙ සිට පාලම උඩට එකයි ( රු. 5.යි)
පාලම උඩ සිට ඔරුගොඩ වත්තට එකයි (රු. 5.50යි)
ඔරු ගොඩ වත්තේ සිට දෙමටගොඩට එකයි (රු. 6.යි)
දෙමට ගොඩ සිට පුංචි බොරැල්ලට එකයි (රු. 6.50යි)
පුංචි බොරැල්ලේ සිට ඇස්වාට්ටුවට එකයි (රු. 7.යි)
ඇස් වාට්ටුවෙ සිට පුරහලට එකයි (රු. 7.50යි)
ඔය තියෙන්නේ මට නමෝ විත්තියෙන් හම්බු වෙච්ච රූඩ් එක..ඒ කියන්නේ 193 කඩවත පුරහල රූඩ් එක...ඒ කතාවත් පහල ලිය වෙන්නැතෑ...
ඉතිං ඔය විදියට තමා වැඩෙ සිද්ධ වෙන්න ඕන...
ඒ අතරේ සෑම සෙක්ෂන් එකක් අවසානේම යන ගමන්ම අර වේ බිල් එක අරගෙන ඒකේ ලියන්න ඔන
අර මැෂිමේ කවුන්ටර් වල අගයන්...
කවුන්ටර් තුනක් තියෙනවා...
එකක් රුපියල් කවුන්ටරේ..අනික ශත කවුන්ටරේ..ඊලග එක සීරියල් නම්බර් කවුන්ටරේ...
ඊට අමතරව අපි කළින්ම ලියා ගන්නවා ගමන ආරම්භ වෙන්න කලින් සෙක්ෂන් ටික...
අන්තිමට ගමන් වාරය අවසන් උනහම ඒ ගමනේ ආදායම..කැඩුනු මුළු ටිකට් ප්‍රමාණය එහෙමත් ලියන්ට ඕන...
හ්ම්..ලිපිය දිග වැඩි වේගන එනවා..ඒ හින්දා මෙතනින් නවත්තලා ඉතුරු ටික පස්සේ ලියමු...
ඔය රූට් එකේ ඔය කාලෙදිම මාත් ගිහින් තියෙනවා කීප වතාවක්ම වගේ පුංචි බොරැල්ල හා හතරෙ කණුව අතර. මට ඒක මතක මගේ ජීවිතේ ගියපු පැරණිම බස් එකේ ගියේ මේ රූට් එකේ නිසා. (මේ රූට් එකේ බස් දුවනවා අඩුයි. ඒ වගේම කොට කොට යන නිසා මාර වෙලාවක් යනවා.) 22 ශ්‍රී, කෑලි හැලෙන, සමහර කෑලි ලණු වලින් බැඳලා තිබුණු බස් එකක්. මාරයා ඒකෙද හිටියේ?
ReplyDelete- Taboo
මාරයගේ 1st ජොබ් එකද මේ..?
ReplyDeleteමම බුකියෙ රික්වෙස්ට් එකක් දැම්ම ඇප්සෙට් කරපන්...
කඩවත පුරහලද? හා..පෝ... එපාම කරපු රූට් එකක්නේ, හැබැයි කිරිබත්ගොඩ අඟුලාන රූට් එකට වඩානම් හොඳයි.
ReplyDeleteපරන ලඩි නේද ඔය රූට් එකේ දුවන්නෙ. අර ටැබූ කිව්ව වගේ සමහර ඒව කොහු ලනු, කම්බි කෑලි වලිනුත් ගැටගහල, සමහර වෙලාවට ඩැයීවර් උන්නැහේ පේන්නෙ නැති තරං දුං දානව එන්ජිං පෙට්ටියෙන්, හරිම අජූතයි.
ReplyDeleteවර්ඩ් ප්‍රෙස් ක්රෙඩෙන්ෂල් වෙරිෆයි කරන්නෙ නැතෝ.
මං නවම් මාවත
ඔය ටිකට් කඩන මැෂිමයි කොන්ඩ කටුවකුයි සම්බන්ධ වෙන කතාවක් තියෙනව නේද කඩවත පැත්තේ බොහොම ප්‍රසිද්ධ...
ReplyDeleteලංගම කොන්දොස්තර,රියදුරු මහත්තුරු සම්භන්ද පොඩි කතාවක් කියන්නම්. මේ අසූ ගණන් වල මැද හරියේ මට මතක විධියට. මම ගිරිඋල්ල ඩිපෝවේ ඉංජිනේරු අංශයේ හිටියේ එතකොට. ඒ කාලේ ඩිපෝව ඇතුලේ කැන්ටිමක් තිබුනේ නැහැ.හැමෝම තේ එකක් එහෙම බොන්න යන්නේ මැදි වියේ ජෝඩුවක් කරපු තේ කඩයකට ඩිපෝව ඉස්සරහ. දවසක් මම තේ එකක් බිබී ඉන්න අතරේ රියදුරු, කොන්දොස්තර මහත්තුරු කෂ්ටිය සාකච්චාවක් හොරකම් ගැන, ඒ කියන්නේ කොන්දොස්තර මහත්තුරු කලෙක්ෂන් එකෙන් පිල්ලි ගහන හැටි,රියදුරු මහත්තුරු ඩීසල් විකුණන හැටි විතරක් නෙමෙය් බාස් උන්නහලා ගැරේජ් කෑලි බෑලි හොර පාරෙන් ගෙනිහිල්ල විකුණන හැටි එහෙම. ඔය කතාව යද්දී එක පාරටම කඩේ ගෑනු මනුස්සය කියාපි "අපෝ මම තමුසෙලා ඔක්කොම හොඳට දන්නව, Driver හැටියට බුදු හාමුදුරුවො දාල කොදොස්තරට ජේසුස් වහන්සේ දැම්මත් හොරකම් කරනව" කියල. ඒ අම්මණ්ඩි මොන ආගමේද නම් මම දන්නෙ නැහැ.
ReplyDeleteප.ලි. මට විශ්වාසය් මාර පියා හෝ මාර පුත්‍රයා ඒ ජාතියේ නෙමෙය් කියල.
එහෙනං මාරය ඉපදිලා තියෙන්නෙ බලංගොඩ.
ReplyDeleteබස් පලු රස්සාව ගැන ගොඩක් දේ දැනගත්ත අද ලිපියෙන්.
@ඔබ්සර්වර් මාරයගෙ හැටියට හොරකං කලානං මෙලහකට බස් හතරක පහක අයිතිකාරයෙක්.
@ Praසන්ன,
ReplyDeleteමොනව කියනවද, මාරයාව අඳුරගත්තේ ඉතාම ලඟදි වුනාට ඊමේල් වලින් ටෙලිෆෝන් එකෙන් කතා කරල, මාරයා කියන නමින් ඉන්න මනුෂ්ශ්‍යයා අඳුනගත්ත.
කොල්ලො ...
ReplyDeleteමම කලින් ලිපියට දාපු කමෙන්ට් එක හරි ගියා එහෙනම් ...
193 සහ 166......හෆෝයි අවුරුදු 13ක් තිස්සෙම බඩ ගෑවනේ ඉතින් පුර්හල සිට පුOචි බොරැල්ලට එහා හෝල්ට් එක වෙනකල් .....ඒ කාලේ සීසන් එක කප් රුක වගෙයි....
ReplyDeleteලOගම නම් ඕනෙම නැහැ ඉතින්....
සුදුයි නිලුයි ප්‍රයිවෙට් බස් තිබ්බෙ මහ ගොඩාරියක්. මොකක්ද මාරෙ එකෙ නම.
ඒ කාලෙ (1992) ස්කෝලෙ ගාව තොසේ කඩේ තෝසයක් රුපියලයි. ධවලගිරි යන්න සල්ලි මදිනම් එතනින් තමයි සප්පායම් වෙන්නේ. සොමිම කාලෙ නේද?
taboosubjects...
ReplyDeleteනැහැ මං ඒ බස් එකේ වැඩ කරන්න තරං වාසනාවන්ත උනේ නැහැ..මං ඩිපෝ එකට යද්දී භාවිතාවෙ තිබුණු පැරණිම බසය 23 ශ්‍රී එකක්..ඒක ඉතාමත් හොඳ ධාවන තත්වයේ තිබුණා..කොටින්ම කිව්වොත් විශාඛාවෙ පාසල් බසය තමයි ඒ..
Thusitha Jayasinghe...
ReplyDeleteඅපොයි නැහැ මං හිතන්නේ පහ නැත්තං හය වෙන්න ඇති..
මගේ ජොබ් පටන් ගන්නේ ඉස්කෝලේ යන ගමන්මනේ..
අර මොකක්ද එක මෙව්වා කරන ලදි...
කලිකාල...
ReplyDeleteඑහෙම කියන්න එපා ළමයා..හිතට දුකයි නෙව...
නවම් මාවත...
ReplyDeleteඅපෝ එහෙම ඒවා නැහැ ඒවා ඇවිල්ලා මල් මසුරං බස් (වෙන නැත්තං)
අර වර්ඩ්ප්‍රෙස් කේස් එකනං මං දන්නේ නැහැ ආයිබෝං..ඇත්තටම මොකක්ද ඒ...
මං මොනවා හරි මගේ සෙටින්ග්ස් වෙනස් කොරන්ට ඔනද..?
පුතා...
ReplyDeleteහප්පා ටිකට් මැෂිම සම්බන්ධ කතා නං ඉහටත් උඩිං ඒත් පොරසිද්දම කොම්පඤ්ඤ වීදියේ බාසුන්නැහේ කෙනෙක් තමා..කතාවෙ හැටියට මෑන්ස් දැන් ඉන්නේ ජර්මනියේ...
ඔබ්සවර්...
ReplyDeleteඔය තියෙන්නේ නියම කතා..දැන් අපේ කස්ටියට එක බ්ලොග් එකෙන් ලිපි දෙක ගානේ බලතෑකි...
අනෙ අප්පේ හොර වංචානං නැහැ..හැබැයි අර ඉතුරු දෙන්න නැතිම වෙලාවට ඉතිරි වෙන සත පණහේ ඒවානං ටිකක් අන්තිමට එක්කාසු වෙනවා..ඒක් කොයි තරං සාධාරණව කටයුතු කොලත් සිද්ධ වෙන දෙයක්..එක් ගමන් වාරයකට සත පණහේ ඒවා දෙතුන් සීයක් තිබ්බත් සෑහෙන්නේ නැහැ...
Praසන්ன...
ReplyDeleteඔහොම ඉම්මු..තව ඉවර නැහැ..ඔනනං හදිසියකට බස් පළුවෙක් වෙන්ටත් බැරියෑ..
kumaraya...
ReplyDeleteඑහ්නං එහ්නං..ඒකනේ මං ගාථාවෙන්ම කිව්වෙ...
Heeniyata...
ReplyDeleteඅප්පද බොල..පුරහල පැත්තේ ඉඳලා එද්දී පුංචි බොරැල්ලෙන් එක හෝල්ට් එකයි..ඈ..අර හෝටලේ නම ප්‍රභාත් වෙන්ටෑ..
හුට්ටප්පරිජාලං..හිතා ගත්තැකිනේ මාරයා කොහොමද ඔව්වා දන්නේ කියලා..
මාත් ආයිබෝං නැති බැරි කොමට ඒ දවස්වල ඔය හෝටලේ තෝසේ ගිල්ල එකෙක් නෙව..
මාත් ඉතිං කඩවත පැත්තේ ඉඳන් පුරහල පැත්තට ගෙහුං පුංචි බොරැල්ලට හෝල්ට් දෙකක් මෙහායින් බැහැපු එකා නෙව...
ආ අර බස්නං ඇවිල්ලා සුරංජිත් ටුවර්ස්...
මෙ මොනවා කියනවද..එහෙමත් කාලයක්..එහ්නං...
ඕහ්. සමාවෙන්න. ටැපලුණා. මා කියූ බස් එක පෞද්ගලික බස් එකක්. ලංගමෙන් 'ගර්භිත' කරපු එකක්. ඒකයි ලංගම වගේ මතකයේ රැඳී තිබුණේ.
ReplyDelete- Taboo
මඟ ඇරුනට කියෙව්වෝ.........
ReplyDeleteහැබෑටම දොස්ර ලෙඩේට තුන්ඩු ලියනවා වගේම අමාරුයිනේ මේ කොන්දොස්තර වැඩෙත්..........
taboosubjects...
ReplyDeleteආ එහෙනං ඉතිං දෙකක් නැහැ..සුරංජිත් ටුවර්ස් එකේ පාන් ගෙඩියක් හෝ..නැව් බට්ටෙක් වෙන්ට ඔන..මට මතක හැටියටනං පාන් ගෙඩියක්ම තමා..නිල් පාටයි ලා කහ ගැහුණු සුදු පාටයි..හරිනේ..අර දිග බස් එක..
හා පැටික්කී...
ReplyDeleteකොච්චර අමාරු උනත් කමක් නැහැ..මෙ මාර කොන්දොස්තර අයියාට ඛෙහෙත් තුණ්ඩුවක් ලියා දෙන්ටත් එක්ක නගාත් වෙමුකෝ බලන්ට දොස්තර නෝනා කෙනෙක්...