03 January 2011

හෙට බලන්නෙ මක්කේ......යි.....(රත්ගම බුවාගේ පත්තර බැළිල්ල...)

වැඩි වෙලා නැහැ..හැකි ඉක්මනින් යක්කල යන්ට වෙලා තියෙන්නේ...
ගෑස් එක ඉවර වේගන එනවා..
මොනවා කොරන්ටද..හාල් ටික හෝදලා ලිපේ තියන්ට ගියහමයි වැඩෙ අහු උනේ...
ඒත් ඉතිං ඕන මගුලක් කියලා තිබ්බා ලිපේ...
බත ඉදෙයිද කුරුවල් වෙයිද කියලා ඉතින් දන්නේ දෙයියොම තමා..මොනවා හරි වෙන දෙයක් වෙයං කියලා හිතලා මං ඈඳි ගත්තා අකුරු තුන හතරක් කොටලා යන්ට.

අදනං මාත්තුරුකාවක් තියෙනවා.
ඒක තමයි ඔය උඩිං දාලා තියෙන්නේ...

අද උදැහැනක්කෙම මේ මතකය ඔළුවට ආවේ අපේ අර රත්ගොම මළයා නං ගං මාරු කොරපු කේස් එක හින්දාම තමයි.

ඒකා හිතලා තියෙන්නේ මට ඌව අඳුරන්ට බැරි වෙයි කියලා...අපි නොදන්න රත්ගොම...

........................................

ඉතිං මෙ සිද්ධිය මං අර කුරුළු හමුදාවෙ ඉන්න කාලේ වෙච්ච දෙයක් තමයි ඕං...
අපි සැට් එක මූලික යුධ පුහුණුව ලැබුවේ දියතලාවේ නෙව...ඒක මාස හයයි...

ඊට පස්සේ අපේ කෝස් එකේ හිටිය නවසිය පනහක විතර පිරිස දෙකට කැඩුනා.

නවසිය පණහක් පාස් අවුට් උනාට මොකෝ..කෝස් එක පටන් ගද්දී එක්දහස් දෙසීයකට කිට්ටු වෙන්ට කට්ටිය හිටියා ඕං..ඒත් ඉතිං අන්තිමට පාස් අවුට් උනේ නවසිය පනස් හතයි.

අනිත් ඈයෝද..?

ආ උන්දලගෙන් වැඩි හරියක් පැනලා ගියා..සමහරු අඩලා දොඩලා අම්මලාට ලියුං දාලා..අභියාචනා දාලා..අතිං ගෙවලා අස් වෙලා ගියා.ඔය අතරේ දෙන්නෙක් විතර අභාග්‍ය සම්පන්න ලෙස මිය ගිය බව අපට දැන ගන්න ලැබුනත් ඒවාට ඒ තරං ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ..මොකද අනිත් අයගෙත් මොරාල් ඩවුන් වෙයි කියලා..ඊට අමතරව එක සගයෙක් සදාකාලික ආබාධිත තත්වයට පත් උනා..හැබැයි ඒ කෝස් එකේ වරදක් හින්දා නෙවෙයි..ගහක් යට ඉද්දී අත්තක් හිස මතට වැටීම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන්...

අපොයි මං යක්කල යනෝ....

.............................

යක්කලත් ගෙහුං, ගෑසුත් ගෙනත්, උයල පිහලත්, කාලා බීලත්, නැවත මෙතනත්, ඇවිත් ඉඳගත්...මං තුමා නැවතත් කතාවට..හ්ම්..හ්ම්..

ඉතිං ඔන්න ඔහොම පාස් අවුට් උන නවසිය පනස් හතෙන් ලකුණු අනුව මාරයාතුමා පනස් හතරවැනියා වෙච්චි..
ඒ ලකුණු අනුව තමයි අපිලට ඔය සීනියර් නොම්මර එහෙම ලැබුනෙත්...
ඉතිං මෙහෙම පාස් අවුට් වෙච්ච අපිව පළමු වතාවට කොටස් දෙකකට කැඩුවා.
ඇත්තටම ඒ ඛෙදීම කලේ අපි කුරුළු හමුදාවට බැදුනු දවසෙම තමයි..
අපේ සහතික..සුදුසුකං..එහෙම බලලා විශේෂ ක්‍රමයකට ලකුණු දීලා ඒ ලකුණු අනුව අපිව වෘත්තීය වශයෙන් ඛෙදලා වෙන් කලා...යම් කිසි වෘත්තිය පුහුණුවක් දීමට සුදුසු මදිනං ඒ පිරිස රෙජිමන්ට්...

හොඳම වෘත්තීන් හැටියට සැලකුණේ ගුවන් යානා තාක්ෂණ ශිල්පයට අයත් වන වෘත්තීන් තමා..
ඒ කිව්වේ එරෝ එන්ජින්..එයාර් ෆ්රේම්.. වගේ පැත්ත...

ඊළගට ඉතින් සාමාන්‍ය වෘත්තීන්..ඒ අතරින් මුල් පෙලේ තියෙන එකක් වෙච්චි ආම් මැක්..එහෙමත් නැත්තං ආමර් කෙනෙක් විදියට තමයි ඉතිං මාරයා තේරිලා හිටියේ...

තව ඉතිං ඔය සප්ලයි, පොලිස්, ඕ එම් ටී, සේෆ්ටි, ෆයර්, ඔන්න ඔය වගේ ඒවත් තිබුනා..
ඊට පස්සේ ඉතිං කේටරින්, කාපෙන්ටර්, ප්ලම්බර්ස්, ආදී වර්ගත් තියෙනවා...

තව එකක් කියන්න එපැයි ඔය කුරුළු හමුදාවේ ඉතිං ටිකක් ඔළුව උස්සලා ඉන්ටනං හරි හමං වෘත්තියක් අහුවෙන්ට ඕන..නැත්තං ඉතිං සදා දුක...

ඉතිං ඒ අනුව ඉදිරියෙන්ම හිටියේ..

පොලිස්..
ආමර්..
සප්ලයි..
කේටරින්..තමයි...

මොකද නිවාඩු යන්න ගියහම මොන අයියත් පොලිස් සෙක්ෂන් එක හරහා යන්න එපැයි..මොන විදියට නිවාඩු දැම්මත් ගාඩ්රූම් එක ගාව පරක්කු කොරලා තියන්න උන්දලට පුළුවන්..මාස ගාණක් ටැග් ගැහිලා ඉවසීමේ අන්තිම කට්ටත් පැනලා ඉන්න වෙලාවට එක විනාඩියක් පරක්කු කොරන එකත් යක්ෂයා ආරූඪ කරවන දෙයක් කියලා ආයේ අමුතුවෙන් කියන්ට ඕනයෑ...

ඊ ළගට ආමරියට යන්න වෙනවා කොයි අයියටත්..ඇයි ඉතිං ඩියුටි යන්න වෙපන් ගන්න එපැයි..
ඒ ගියහම හොඳ තත්වයේ වෙපන් එකක් ගන්නනං ඉතිං බකට් දාගන්නේ නැතිව හිටිය එකෙක් වෙන්න ඕන...නැත්තං දෙන්නේ දහිර වාට්ටු..වැඩේ තියෙන්නේ මොන තරං මලකඩ කාපු එකක් උනත් ආපහු බාර දෙනකොට හොඳට ශුද්ධ කරලා තෙල් දාලා බාර දෙන්න ඕන..නැත්තං ආපහු බාර ගන්නේ නැහැ..දවසම එතනට වෙලා වෙපන් එක ශුද්ධ කර කර ඉන්න වෙනවා..නිවාඩු යන්න කියලා හදිසියට වෙපන් බාර දෙන්න ගිය වෙලාවට ඔහොම කට්ටක් කන්න උනොත් ආයේ ඉතිං අබ සරණයි...ඒ විතරක් නෙවෙයි කැඩිච්ච වෙපන් එහෙමත් හම්බ වෙනවා..ඔය උණ දාගෙන ඉන්න බුවාලට එහෙම කැඩිච්ච වෙපන් එකක් දීලා පස්සේ බාර දෙන්න ආව වෙලාවට අර කැඩිච්ච එක පෙන්නලා වටේ අරින එකත් සිද්ධ වෙනවා..ඒ හින්දා ගන්නකොට හරියට බලලා ගන්න ඕන..ඒත් ඉතිං අපේ අයියලා තුවක්කුව හොඳද කියලා බලන්නේ වෙඩි තියන්න ගියහමනේ.. ඉතිං ඕන අයියෙක් ආමරිය ගාවත් මාට්ටු වෙනවා...

ඊ ළගට සප්ලයි..යුනිෆෝම් ගන්න ගියහම තමුන්ට හරියන විදියට යුනි ෆෝම් එක ගන්න..මොනවා හරි දෙයක් නැති උන වෙලාවට ගිහින් ෂේප් එකක් දාලා කෑල්ලක් පාස් කරගන්න...අන්න ඒ වගේ බොහෝමයක් කාරණා හින්දා සප්ලයි අංශයත් වැදගත්..

අන්තිමට ඉතිං කේටරින්...ඒ ගැනනං ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනයෑ...
ලිවින් අවුට් ඉන්න එකාලට හොරෙන් කෑම එකක් පාස් කරගන්න.. කන්න ගිය වෙලාවට ටිකක් දැනෙන විදියට කෑම ටික ලබා ගන්න..මොනවාහරි අනුමත වෙන වෙලාවට පස්සා දොරෙන් ගෙහුං බයිට් එකට මොනවා හරි පාස් කරගන්න..ඔන්න ඔය වගේ වැඩ හින්දා ඒ අංශයත් ඉතිං වැදගත්...

ඔය අපේ කෙසෙල් කොරටුවේ මෑන්ස්ට කිව්වනං තවත් අහ ගත්තෑකි.මොකද ඔය ස්පෝට්ස් කරන උන් තමයි මෙස් එක ගැන වැඩිම උනන්දු...( හෙහ්..හෙහ්..)

ඉතිං ම කිය කිය හිටියේ මොනවද..අන්තිමට මේ යන්නේ කොහේද..?

කොහොම හරි අපිව මූලික පුහුණුවෙන් පස්සේ..වෘත්තීය කට්ටිය වෘත්තීය පුහුණුව සඳහා කටුනායක..ඒකල වගේ කඳවුරු වලට එවනවා...
අර අනිත් රෙජිමේන්තුවට අයත් කට්ටියව තිහේ හතළිහේ කණ්ඩායම් වලට කඩලා රට පුරාම කඳවුරුවලට අරිනවා ආරක්ෂක රාජකාරි සඳහා...

ඉතිං ඔන්න ඔය විදියට තමයි අපි මුළින්ම ඛෙදුනේ...
අපිව එව්වේ කටුනායක කඳවුරට තමයි...
අපි ඔක්කෝම හාරසිය පනහක් උන්න..අනිත් පන්සීයක විතර පිරිස රෙජිමන්ට්..ඒ අය කඳවුරු රාජකාරීන් සඳහා රට වටේ කඳවුරුවලට වාර්ථා කලා...

ඉතිං මං මේ කියන කතන්දරේ උනේ ඔය කටුනායක හිටිය කාලේ තමයි...
මෙක කියන්න කළිං තව හුගාක් විස්තර කියන්න තියෙනවා උනත් දැන් දැන් කොටන්න කම්මැළි වේගන එන හින්දා කෙටියෙන් කියලා දාන්නං...

මාත් එක්ක හිටියා අපේ වෘත්තීයට අයත් වන කොල්ලෝ දහ හත් දෙනෙක්..ඒ කියන්නේ ආමර්ලා දහ හත් දෙනයි මුළු කෝස් එකටම...

ඉතිං අපේ ගැන්සියේ හිටිය රියල් බුවෙක් තමයි ඔය පාඨලී කියන්නේ...අහන්ත් දෙයක්ය..බුවා රත්ගම...

කළුයි..කෙට්ටුයි..මූණ පුරා කුරුළෑ වලවල්...රෑට දැක්කොත් බඩුම තමයි...
හැබැයි හිත හොඳ එකා...ගංජා පප්පා...

එක අතකට මේවා කියන එක හොඳද මංදා..හැබැයි ඉතිං මෑන්ස් කවදාවත් බ්ලොග්නං බලන එකක් නැහැ.
ඒ හින්දා ඕන්න ඔහේ ඇරලා දාමු...

මේ පාඨලී ගැන කියන්න කතා අම්බානකට මතක් වෙනවා...කොටින්ම කිව්වොත් අපේ අර ජුං අලත් පරදිනවා මේකට..ඒ තරං කතානායක කෙනෙක් තමයි...
හැබැයි ඉතිං ඌයි මමයි බණ්ඩයි..බණ්ඩා කිව්වේ අර මගේ ෙඓතිහාසික කතා පුවත..ඒ කිව්වේ මාව සින්ඩියෙන් එළියට දාපු කතාව..අර සංජීවනී ගැන කතාව..මතකයිනේ..අන්න ඒකේ හිටිය බණ්ඩා තමයි..අපි තුන්දෙනා ඉතිං ගහයි පොත්තයි..බඩයි පණුවොයි වගේ තමා හිටියේ..ආ.ආ..තව පොඩ්ඩෙන බඩු බනිස්..තව එකෙක් හිටියා ඒ තමයි නිශාන්තයා..ගම පාදුක්ක.

ඉතිංමං මේ කියන දවස සෙනසුරාදාවක්..එදා හවස මං නිකමට වගේ වැඩකුත් නැති හින්දා බුකිං අවුට් එකක් දාලා ගියා මීගොමු පැත්තේ...

ඔය බුකිං අවුට් එකත් ගන්න ලේසි නැහැ...
ඒ ගැනනං අර කෙසෙල් කොටුවේ චූටියා ලියලා ඇති ලිපියක් ගෙහුං බලන්ටකෝ...

වෙනම අවසර පත්තරයක් හදාගෙන ඒක අනුමත කොරගෙන ගාඩ් රූම් එකට දීලා එතන තියෙන මහ පොතක නම ගම විස්තර ලියලා ටික කාලයකට යන ගමනක් නෙව..ඒකත් පැය ගැන සීමා කරලයි කොලේ ලියලා දෙන්නේ...

ඉතිං මට ඒ හැටි අවුලක් නැහැ බුක්අවුට් එකක් දාගන්න..මොකද මගේ අතින් තමයි ඒ වෙනකොට ඔය අපේ කොල්ලෝ ඔක්කෝගෙම ලියකියවිලි කටයුතු කෙරුණේ..ඒ හින්දා මට පොඩි පොඩි පහසුකං ටිකක් තිබුණා.

මොකද අපේ බිලට් වල අඩුපාඩු..ඒ කිව්වේ මේ කොස්සක් ඉඳලක් උනත් මං එපෑ ගෙනත් දෙන්ට..බිලට් ෆන්ඩ් එකේ සල්ලිත් මාළග නෙව...

ඉතිං එදා සෙනසුරාදා දවල් ඔය මොකක් හරි කෙළියකට මං මීගොමු ගොහින් එන ගමන් අරං ආවා කියමුකෝ සිළුමිණ පත්තරයක්...
සිළුමිණ ඉතිං ඉරිදා පත්තරේ උනාට සෙනසුරාදාම ගන්නට ලැඛෙනවා කියලා අපි දන්නවා නෙව...

හැබැයි පුරස්නේ තිබුනේ පාඨලියා මේක දැනං උන්නේ නැහැ..අනේ මංදන්නේ නැහැ රත්ගමට එහෙම පත්තර කළින් එන්නේ නැතුවාද කියලා...

කොහොමින් කොහොම හරි මම දැන් ආපහු ඇවිත් මගේ ඇඳ උඩට වෙලා ආතල් එකේ පත්තරේ බල බල ඉන්නවා..

මගේ ඇඳ ඇවිල්ලා තට්ටු ඇඳක උඩ ඇඳ..දන්නවනේ අර තට්ටු දෙකේ ඇඳන් ගැන...

හැබැයි ඉතිං හරි ආතල් ජීවිතේ ටවල් එක විතරක් ඇදගෙන ෆෑන් එකත් දාගෙන සියළුම අංගෝපාංග වලට හොඳ සිසිලනයක් ලබා දෙමින් මං පත්තරේ බල බල ඉන්න තැනට ආවෙ නැද්ද අපේ පාඨලියා...

ඒ ඇවිත් දැන් මූ මාත් එකක් මුකුත්ම කතා නොකර ඇඳට හේත්තුවෙලා ඔළුවත් ඇල කරගෙන පත්තරේ මම බලන පිටුවට පිට පැත්ත බලාගෙන ඉන්නවා.
මෙහෙම ටික වෙලාවක් බලං හිටපු පොර හිමීට මගෙන් අහනවා..
"ඈ බං මාරයා..ඔක අද පත්තරේ නෙවෙයි නේද..?"

මාත් ඉතිං කිව්වා "නැහැ බං මේක හෙට සිළුමිණ.." කියලා..
මේකා ටිකක් ඇස් ලොකු කරලා මා දිහා බලලා

"ඒ කොහොමද බං හෙට පත්තරේ අද එන්නේ..?"

"එහෙම තමයි බං කළිං දවසේ හවස් වෙනකොට මෙහෙ කඩවලට හෙට පත්තරේ එනවා..."

ටිකක් වෙලා තක්කු මුක්කු වෙලා බලං හිටිය මේකා එක පාරටම මගෙන් අහපු නේද මෙහෙම...

මේකේ ඔය තේ යන්න හුගාක් ඇදලා තමයි මිනිහා අහන්නේ..රත්ගම බූස්ස පැත්තේ කස්ටියනං දන්නවා ඒ ගැන..ඒ පැත්තේ උං එක්ක හිටිය එකාලත් දන්නවා ඒ ඇදිල්ල කොහොමද කියලා.
ඉතිං අන්න ඒ විදියට ලස්සනට ඇදලා පැදලා මේකා අහනවා නේද මගෙන්...

ආ තව එකක් ඔන්න මං එහෙම මුකුත් කිව්වේ නැහැ..පාඨලී තමයි අහන්නේ...
ඔය හරබර වචන දිරවන්නේ නැති අය ඉන්නවනං මෙතනින් නවතින්ට.ආයේ මං නොකිව්වයි කියන්ට එපා...

ඉතිං පාඨලී පුතා අර නිතරම බාගෙට වැහිලා තියෙන අර තණමල්විල අහිංසක ඇස් දෙක බොහෝම අමාරුවෙන් ඇරලා..අහපි..

"හෙට පත්තරේ අද බැළුවම හෙට බලන්නෙ අම්මගේ හු*තේ..යි..."

44 comments:

  1. මූමූ නම් සිරාවටම අපේ ගමේය.....හොයාගෙන ඉස් උම්මා දීමට වටිනා එකේ..මාරයියාට පොරව හමු වේ නම් රත්ගම සුදු මහත්ත්යාගේ ලොකු පුතා දන්නවාදැයි අසනු මැනවි.....
    නැති නම් රත්ගම හන්දියට පැමින පොඩි හ්හූවක් කියන ලෙස ඉල්ලා සිටිමි...
    මම කෝකටත් රෙඩිය

    ReplyDelete
  2. හප්පොච්චියේ ඒ ඇදිල්ල ගැනනම් කියලා වැඩක් නෑ. සමහර වෙලාවට කේන්තිත් යනවා බං.

    මේ ඒක නෙවේ මාරයා, මේ ළඟඳිනේ ගෑස් ගෙනාවේ. තනියම ඉන්න උඹඨ වේල් තුනම උයන්නෙත් නැතුව කොහොමද මේච්චර ඉක්මනට ගෑස් ඉවර වුනේ. බෝතලේ ඉවර වුනාම ගෑස් බොනවද අයියේ?

    ReplyDelete
  3. අහා හික්z.....
    හෙ හෙ... අන්තිම හරබර ටික කියවෞවා හෙ හෙ

    ReplyDelete
  4. එලය, අපේ ඉස්කෝලෙත් උන්න ඔය රත්ගමයො හරියට, රත්ගම, බූස්ස, දැල්කඩ උන්දැල තමයි ඔය ඇදල කතා කරන්නෙ.
    කොහෙ බං යන්නේඒඒඒ, කවුද ඩෝ ප**යා උඹ අ අ....... ඔන්න ඔහොම තමයි කතාව. මරාගන්නමයි හදන්නෙ පොඩ්ඩක් ඇත්ත්නං. ඒ උනාට උංගෙ හිත නං මාර හොඳයි !

    ReplyDelete
  5. අප්පේ ඔය ඇදිල්ල නම් පිස්සුය.
    බුවා උඹට කියපු විදිය මැවී පේනවා.
    මොනව උනත් ඌ ඇත්තනෙ බන් කියල තියෙන්නෙ
    හෙට පත්තරේ අද කියෙව්වම හෙට කියවන්නෙ...............?

    ReplyDelete
  6. දිග වැඩියි අනේ කතාව..කොටස් කරල ලියන්නකෝ..අපිටත් මාරයා නගිනවා බලනකොට....හේ හේ..නෑ..නෑ..ලස්සනයි..මගේ තාත්තා අරන් ගියපු එකා එක්ක මම ඉන්නේ තරහින්.(මාරයා)...එත් දැන් එයාගේ නමින් ඉන්න කෙනාට කොහොම කතා කරන්නද මංදා....

    ReplyDelete
  7. හැබැයි මිනිහා අහලා තියෙන්නේ හොඳ ප්‍රශ්නයක්...... සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් හික්zzzz

    ReplyDelete
  8. රත්ගම ස්ටයිල් එක මරු.. ඒත් දැන් නම් ඒ තරම් නැහ නේද...

    හන්දියුඅට ගොහින් හූ තියන්න කියනව රත්ගමය... ඇයි බොල ගුටි කන්න වෙන්නෙ නහුතෙට උබ බේර ගන්න වගේ හික් හික්

    ReplyDelete
  9. නියම කතාව. මාරය ඒරෝ එන්ජින් සැක්ෂන් එකට ගියානං කෑල්ල කෑල්ල ගෙදර ගෙනල්ල ප්ලේන් එකක් ගෙදරම හදාගනී.

    අර Prasanna86k කියල තියෙනව වගේ මෙච්චර ඉක්මනට ගෑස් එක ඉවර වුනේ කොහොමද?

    ReplyDelete
  10. අඩේ ..............
    මාර ඇදිල්ල තමා.............

    ReplyDelete
  11. අර ප්‍රසන්න සහ ප්‍රසන්න අහපු පුරස්නයම තමා මටත් අහන්න තියෙන්නෙ.. මෙච්චර ඉක්මනට ගෑස් එක ඉවරවුනේ කොහොමෙයි..??

    ReplyDelete
  12. රත්ගමයා...

    අනේ බං මලේ දැං සෑහෙන කාලෙකිං ඔකුන් ටික උන්නාද මළාද කියලාවත් ආරංචියක් නැත...
    හැබැයි දුටු විට වහා හඳුනා ගත හැක...
    බොලා ගරායක් නැටුම දැකලා තියේද..?
    මොකද දවසක් පාඨලියා අම්බලන්ගොඩ ගිය වෙලාවක ඔකාව අච්චුවට අරන් ගරායක් මූණ නිර්මාණය කොර ඇති වග අපේ බණ්ඩා කිව්වාය..
    ඒකනං ඇත්තම ඇත්තය..

    ගරායකා පාඨලියා වාගේ උනේ එහෙමය..
    එහෙම නැතුව පාඨලී ගරායකා වගේ නොවෙය...

    ReplyDelete
  13. prasanna86k...

    මම පාවිච්චි කොරන්නේ කිලෝ දෙකේ පුංචි පහේ එකක් නෙව...

    ඒත් ඉතිං මෙ පාර ටැංකියේ පොඩි දෝෂයක් හින්දා ගෑස් ටික නිකංම යන්නට ගියා නෙව..අම්මපා උඹ මගේ එකවුන්ටන් හැටියට පත් කොරන්ට වටිනවාය...

    ReplyDelete
  14. ඉලංදාරියා...

    ඉලංදාරිකොම කියන්නේ ඔකටය..කොලොත් කොරන්නේ ඔහොම වැඩමය..
    අපිටත් ඔහොම කාලයක් තිබුනෝය..හපෝය...

    ReplyDelete
  15. nawammawatha...

    හරියටම හරිය..මුං වගේ හිත හොඳ උං මට වෙන හම්බවෙලත් නැතිය...
    වලිවලටනං මෙයිට වඩා ෂුවර් බඩු නැත.
    අපේ වලියකට ගිහිං අපි දිව්වත් මුං අරින්නේ නැතිය..එහෙව් වටින කොල්ලෝ ටිකක්.

    ReplyDelete
  16. මණ්දාකිණී...

    හප්පේ දිග වැඩියි කියලා ඉඳලා හිටලාවත් කියන අයගෙන් එක්කෙනෙක් මෙන්න...අනිත් අයගෙනුත් අහලා බලලා මං කුට්ටි කොරන්නංකෝ..හැබැයි යෝජනාව ඔයාගෙන්ය කියලා මං කියනවා හොඳේ..

    අවසන් ටික ගැනනං කියන්න තියෙන්නේ...
    අපි හැමෝටම දවසක් තියෙනවා..එදාට අපි කැමති උනත්..අකමැති උනත්..
    ඊයේ ඔයාගේ තාත්තා..අද මා විය හැක...
    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනත් කළ හැකි දෙයක් නොමැත..වගකිවයුත්තෝද නැත...
    අපිට අපිවවත් නවත්තන්න බැරි එකේ..තවත් කෙනෙක් නවතාලීම කෙසේවත් කල නොහේ...
    හොඳ අය ඉක්මනින් යන බව අසා ඇත...
    තාත්තාත් හොඳ අයකු වන්නට ඇත...

    මාරයා කියා හෝ..වයස අනුව ..මාරයා අයියා හෝ මල්ලී කීවාට කම් නැත...

    ReplyDelete
  17. පූසා...

    ඔය යන්තං කියන්න ඇහැක් ඒවා..ඔකා කියන අනිත් කතා ඇහැව්වනං..බොන්නෙ නැතිව වෙරි වෙනවාය...

    ReplyDelete
  18. පිස්සා පලා මල්ල...

    දැන්නං අඩුයි තමයි..ඒත් නියම රත්ගමනං තාමත් ඔය ලක්ෂණේ පෙන්නුං කොරන්ට ඔන...

    අරූනං හදන්නේ අපි ලවා හූ කියවා අපිට පෝරියල් එකක් සෙට් කොරන්ටම විය යුතුය...
    රත්ගම හන්දියේ හූ කියන්ට..අනේ හපුච්චෙ...

    ReplyDelete
  19. Praසන්ன...

    ඒ කෑළි නැතත්..ගුවන් කුරුල්ලෙක් හදනා අදහස නං තාමත් ඇත...
    මහ වැඩක් නොවෙය...
    හරි හමං බඩු ටිකක් ලැබුනු දාට හදන්ටත් බැරි නැත...

    ගෑස් හුට පටෙ ගැන උඩිං ලියා ඇත..

    ReplyDelete
  20. කැන්ඩි...

    මාර ඇදිල්ල නෙවෙය..රත්ගම ඇදිල්ලය..හැබැයි එය මාරය...හිහ්...

    ReplyDelete
  21. Buratheno...

    ඒ ඩබලත් නිකං තොම්සන් සහ තොම්සන් වගේ නෙව...
    මාරම දේවල් නෙව හොයාගන්නේ..අම්මපා..හෙහ්...හෙහ්...
    බොලා නිකං කැප්ටන් හැඩොක් වගේය..හික්ස්ය...

    ReplyDelete
  22. කැප්ටන් හැඩොක් කියන්නේ දෙකක් දාගෙන ආතල් එකේ ඉන්න බුවෙක්නෙ බං‍‍.. හික්ස්z.. එතකොට කවුද බියංකා කැස්ටෆියුරි..?? අපේ හා පැටික්කි ද..??

    ReplyDelete
  23. තවත් යකාගේ බඩුවක් ගැන කතාවක් දාලා නේද?කොහොමහරි පනසලේ කතා අඩුව මාරයා නියමෙට පුරෝනවා

    ReplyDelete
  24. Buratheno...

    ඈ...ඒ කියන්නේ හා පැටික්කි ඒ වගේද..?

    ReplyDelete
  25. ItalyDilan...

    පන්සලේ ජීවිතේ කියන්නේ මගේ කතාවෙන් හයෙන් එකක්..ඒ ඇරුනුකොට තව කොයිතරංනං තියෙනවද කියන්ට..
    එකක් අත අරිනකොට තව එකක්...
    හරියට මං රස්සා කොලා වගේ...අවසානයක් නැත...අත අරින්නේත් නැත...ඔක තමයි හැටි සහෝදරයා...

    ReplyDelete
  26. චුයිංගම් එකක් කාලා විසික් කරන්න බැරි හින්දා කාල ඇද්ද වගේ...හික්ස්....

    අ‍ර ගෝල්ඩ් ෆිෂ් කාරයා කියපුදේ දැක්කම මටත් මතක් වුනා අපේ ඉස්කෝලේ හිටපු අයියා පොරක්...මිනිහා ගෑස් උරනවා.ගෙදර ගෑස් එක සතිය යන්න ඉස්සෙල්ලා ඉවරයි.මිනිහා ගෑස් උරලම ඇඟ ගන්න දෙයක් නෑ...දුකේ බෑ...පස්සේ ගෙදර අය මේකව පුනරුත්තාපන කදවුරකටද මොකේකටද ගිහින් දාලා.දැන් මිනිහා නිසා ගෙදර ගෑස් ඉවර වෙන්නේ නම් නෑ....මිනිහා ලඟදි බැන්දා කියලත් ආරංචියි...

    අයියගේ පෝස්ට් ඉතිං හැමදාම කියනවා වගේ දිග වුනාට හරිම ස්වීට්...ලෝන්ග් ඇන්ඩ් ස්වීට්....(හෙක් හෙක් හෙක් වැරදියට හිතන්න එපෝ...)

    මාරයියා කොහොමින් කොහොම හරි පෝස්ට් එකෙන් අයියා පොර කියලා නොකියා කියනවා නේද...."ඉතිං මට ඒ හැටි අවුලක් නැහැ බුක්අවුට් එකක් දාගන්න..මොකද මගේ අතින් තමයි ඒ වෙනකොට ඔය අපේ කොල්ලෝ ඔක්කෝගෙම.....බ්ලා බ්ලා බ්ලා...."
    හේහේහේ අපි රැවටෙයි ඔය බයිලා වලට...ආවා මෙතන අපිව අන්දන්න....

    ReplyDelete
  27. හසියා...

    යකෝ මාරයා පොරක් නෙවෙයිනං ආයේ අහවල් එකාද පොරක් වෙන්නේ..හැහ් හැහ්...
    අනේ නැහැ බං..මොන පිනකට හරි මට ඔය ගිය ගිය තැන මුල හම්බවෙන එක මං පොඩි කාලේ ඉඳලාම තිබුණු ගතියක්..හැබැයි කොඹළ ඉස්කෝලේදී ඇර..එතනදීනං මං බොහෝම පුංචි චරිතයක් විතරයි..හේතුව ඉතිං නැති බැරිකං තමයි.
    අනිත් කිසිම තැනක අද මෙ වෙනකල් මට ප්ලේස්එක වැරදිලා නැහැ.
    පූරුවකෘත කුසල කරුම තමා හෙනං..
    ආවා බොලා මෙතන මට මඩ ගහන්න...

    හැබෑටම දිග ඒවා සුවිට්දෑ..?
    හසියත් දන්න ජාති..හෙහ් හෙහ්...

    අඩෙ අර ගෑස් වැඩෙ මම අදනේ දන්නේ...ඒක් වැඩ කරනවද..?

    ReplyDelete
  28. මාරයියට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...අපේ රටේ තියෙන විකාර මත නිසා හසියගේත් හිත පොඩ්ඩක් පෑරුනා...
    අපි හැමෝම මිනිස්සු...ඇගේ තියෙන්නෙත් එකම දේනම්...ඇගේ දුවන්නේ එකම ලේනම් ඇයි තවත් පන්ති වාදයක්.කුල වාදයක්...ආගම් වාදයක්...ජාති වාදයක්...අනේ මන්දා අයියේ ඕවයින කවදා අපේ රට ගොඩ එයිද කියලා උඩ ඉන්නවා කියන දෙයියාවත් දන්නේ නෑ...ඒකනේ හැමදාම අපේ රට පස්සේ...

    සිංහල පවුලක ඉපදුන කිරි සප්පයෙක් ඉපදුන හැටියේ දෙමළ පවුලකට දුන්නොත් ඒකා ලොකු වෙනකොට ඒ දෙමළ පවුලේ අය එක්ක වැඩිලා...සිංහල ගති පැවතුම් එනවද නෑ..ජානමය ලක්ෂන ඉතිං එනන් පුළුහන්...ඒත් 99%ක් වගේ දෙමළ පවුලේ ගති පැවතුම් නේද තියෙන්නේ...එහෙනම් ඇයි මේ විකාර මනස්ගාත වලට තාමත් අපේ රට වහල් වෙවි රටේ එක් කොටසක් අම සැප විද්නනයි තවත් කොටසක් දුක්ඛිත තත්වයක ඉන්නයි...අනේ මන්ද අයියේ....


    ඔය මං කිව්වනේ ඉතිං....වැරදියට තේරුම් ගන්නේපා කියලා...කොහෙද ඉතිං....

    ම්ම්ම්ම් ඒකන්ම ඉතිං උගෙන්ම තමයි අහන්න ඕනි..හැබැයි දැන්නම් උට කිසිම මත්පැන් මත්දුව්‍ය පිළිබදව වගේම ඔය වගේ මන්ද මානසිකත්ව දේවල් හිතෙන්නේ නැතිලු....අපි මාරයියවත් පුනර්ත්ථාපන කඳවුරකට ඇන්න ගොහින් දාන්නද...ඉදලා හිටොලා ඇවිත් යන්නම්කෝ.....

    ReplyDelete
  29. Thusitha Jayasinghe...

    මොකදෑ මෙ හිංගලත් අමතක වෙලා...

    ReplyDelete
  30. හසියා...

    අනේ බං ඔය ඔනවට වඩා හිතන ලෙඩෙ හොඳ කරගනින්...
    ඔක හරි බයානකයි..මෙ අපි වගේ අයට..

    මම නං ඉතිං වැරදියටම තමයි හිතන්නේ ඔං..හිහ්...

    ඈ බොල..තා මට මන්දයා යයි නොකියා කිව්වෙහිද..?

    ReplyDelete
  31. කතාවනම් එලය ෆට්ටය. රත්ගමයා කී කල්හි මෙතන ඉන්න එකා වගේම අවුල් සහගත එකෙක් බව මම සිතාගත්තෙම්හුය. කෙසේ වෙතත් උගේ පුරස්නය මටද පුරස්නයකි.

    ප.ලි : මට ආමරි කාරයින් පෙන්නන්න බැරිය. මගේ උරග හමුදා පුහුණුවීම් කාලයේ එකෙක් ඩබලයක් ලෙස මුලු ආමරියම මා ලවා සුද්ද කෙරෙව්වේය. එහා සිට මට පෙන්නනටම බැරි යක්කු ආමරි කාරයින්ය. එබැවින් මට මාරයාවද පෙන්නන්න බැරි බව සාතිශය සංවේගයෙන් දන්වා සිටිමි.

    ReplyDelete
  32. ඔයාව සින්ඩියෙන් අයිං කරා කියලා දැනගත්තේ අද ! තව පොඩ්ඩෙන් මාත් ඔහොම එකක් ලියනවා . දෙයියංගෙම පිහිටයි . මම මේ පෝස්ට් එක දැකපු නිසා බේරුනා ..

    දකුනේ කටවල් ආයේ ගන්න දෙයක් නෑ පඩික්කම වගේ තමයි ..ඕන වලියකට රෙඩි තද හිත් ඇති කොල්ලෝ තමා දකුනේ ඉන්නේ ‍

    ජය වේවා !

    ReplyDelete
  33. රත්ගම කොල්ලො හරි හිත හොඳ අය. එහෙ අය පූසට කියන්නෙ සෑනා, පස්සෙ මම ඌට නම තිබ්බා සෑනා කියලා.

    මම: මචං මොකාද අර අත්තෙ වහලා ඉන්න කුරුල්ලා?
    සෑනා: අත්තෙ වහලා! නෑ යකෝ, ඌ අත්තෙ වාඩි වෙලා.
    මම: ඔව්, ඔව් අර අත්තෙ වාඩිවෙලා පත්තරයක් කියවන එකා තමා.
    සෑනා:*??%&$$.......

    ReplyDelete
  34. පට්ට කතාව. හැබැයි ඒ ස්ටයිල් එකට කතා කරනව අහල නැති අයට කතාවෙ මුලු රසය විඳින්න අමාරුයි.

    ReplyDelete
  35. චේ උන්නැහේ...

    ඔව් ඔව් ඒ රත්ගමයා හරියට මෙ රත්ගමයාගේ නිවුන් සහෝදරා වාගේය..ඒත් මූට වඩා ටිකක් ෂෝයීය...

    අඩෙ..ආමරියක් ක්ලීන් කරන්න හරි ඇතුලට යනවා කියන එක ලේසි පාසු දෙයක්ද බාං...ඌට මල් තියලා වැඳු...
    ඇයි යකඩෝ..බොලාලාට ජීවිතේට එහෙම ආයුධ ගොඩක් අතපත ගාන්න වෙනවද..?

    ReplyDelete
  36. හිස් අහස...

    මල්ලී මුල ඉඳලා මාව කියෙව්වා නේද..?
    එහෙනං දැන ගන්ට එපැයි...ඔනවාට වඩා බය වෙන්න ඔන නැහැ..හරියට වචන පාවිච්චි කරලා ලිව්වානං හරි...

    ReplyDelete
  37. Siribiris...

    හිහ් හිහ්..
    ඔව් බං මරු වචන සෙට් එකක් බුවා ළගත් තිබුනා...
    ඉනිමගටත් මොකක්ද මංදා ටොප් වචනයක් කිව්වා මට දැන් මතක නෑනේ...

    ReplyDelete
  38. රංග - මගේ ලෝකය...

    ඒක ඇත්ත...අපේ රත්ගමයව හම්බ උන අයනං දන්නවා ඇති රසේ...

    ReplyDelete
  39. මරු මරු.....දැන් හෙට බලන්නේ අහවල් එකද? හික්

    ReplyDelete
  40. මේ දවස් වල නිවාස අඩස්සියේ බැවින් වැඩිය ජාලෙ පැත්තේ ඒමට නොහැකි විය...
    රත්ගමයාගේ කතාවත් හැබෑව නෙව.. හෙට බලන්නේ හූ.................... ද?

    ReplyDelete
  41. දැන් මේ පෝස්ට් එක රත්ගම එකෙක් දැක්ක නම් මෙහෙම කියයි

    "වා....හේ, ‍තෝ මේ මොනා ලියනවද බොල........................"

    තිත් තියෙන තෙන් වල අදින්න

    ReplyDelete
  42. "වා....හේ, ‍තෝ මේ මොනා ලියනවද බොල......................

    යකෝ...මාරයෝ...මට ඉන්න නෑ හත් ඉලව්වේ....මේ මම නෙමේ කියලා කියාපියකෝ.....මාව ෆේස්බුකියේ මරන් කන්න හදනවා බොලේ......නැතිනම් මෙහෙන් සෙටාර් එකක් එවාලා බඩු සෙට් කොරනවා වලටම...

    ReplyDelete