05 January 2011

මාරයා මුළින්ම ඉස්කෝලෙන් පැන්න දවස...සහ මල්ලේ පොල්...

ඉතිං එන්න ආයෙමත් හෑල්ල කියවන්න පටන් ගත්තා...

මම හුගාක් වෙලාවට කියපු කොරපු පරණ කතන්දර කියෙව්වට ඒ හැම එකක්ම මං කොරපු රස්සාවල්වලට සම්බන්ධ ස්ථාන හා පුද්ගලයින් ආශ්‍රිත කයි කතන්දරනේ..
ඒත් ඒ කිසිම තැනකදී මම මගේ ඉස්කෝල කාලේ කතන්ර කියලා නැහැ..මම හිතන්නේ මගේ මතකය නිවැරදියි.

ඇත්තමටම මගේ ඉස්කෝල ජීවිතේ ගැන කියන්න මහා ලොකු කතන්දරයක් නැහැ.

මම මුළින්ම ගමේ ඉස්කෝලෙට බඩ ගෑවා...
බාලාංශේ ඉඳලා පහේ පන්තියට යනකල්..පහ කිව්වට හයේ පංතියෙත් මාසයක් දෙකක් විතර හිටියා...මොකද ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා කොළඹ ඉස්කෝලයක් හම්බු වෙනකල්...

මං හිච්චි එකා කාලේ බොහෝම හොඳ ඔළුවක් මට තිබුනා.
ඒ දවස්වල මං තමයි පංතියේ පළවෙනියා හැමදාමත්..එක දවසකවත් එතනින් පහළට ගිහින් නැහැ.
ඒ වගේම තමයි ලකුණු ගැනිල්ලත් හැම විෂයටම සීයෙන් අනූපහකට අඩු වෙන්නේ නැහැ..
ඒත් ඔය තත්වය මුලින්ම වෙනස් වෙන්නේ හතර වසරෙදී අපිට ඉංග්‍රීසි විෂය ආපුවාම තමයි...
ඉස්ඉස්සෙල්ලාම මගේ ලකුණු පොතේ 66 යේ ඉලක්කම ලියවෙන්නේ ඔන්න ඔය හින්දා තමයි.
ඉතිං ඒ ගැන ටිකක් කලබල උන අපේ අප්පුච්චා මාව ඒ පළාතේ පොරසිද්ධ අමතර පංතියකට මාව දාන්න උත්සහ කළා..ඒ පංතිය කළෙත් අපේ ඉස්කෝලෙම ඉංග්‍රිසී විෂය උගන්වපු ගුරුවරියන් දෙන්නාගෙන එක්කෙනෙක් තමයි.ඒ ගුරුවරිය නෙවෙයි හැබැයි හතර සහ පහ පංතිවල අපට ඉගැන්නුවේ..අනිත් ගුරුවරිය තමයි.
කොහොම උනත් ඒ පංතියට ඇතුළත් කොරන්න අපේ අප්පුච්චා ගියා නෙව ඒ ගුරුතුමියගෙන් අහන්න...
ඒත් මොකක්දෝ හේතුවක් හින්දා ගුරුතුමී එක එක හේතු කියලා මාව ගත්තේ නැහැ ඒ පංතියට...
තාත්තාටත් ඒ වෙනස තේරිලා ආයෙමත් ගියේ නැහැ උන්දැගෙන් අහන්න.
ඇත්තටම ඒ ගුරුතුමියගේ දුවත් අපේ පංතියේ ඉගෙන ගත්තේ...හැබැයි අපිට වඩා අවුරුද්දක් බාලයි.හරිනං ඉන්න තිබුනේ අපට වඩා පංතියක් පහළින්..ඒත් ඉතිං අම්මා ගුරුවරියක් වීම හේතුකොටගෙනම ඒ ළමයා අපේ පංතියට දාලා ඉගැන්නුවා..ඒ වගේ ළමයි දෙන්නෙක් අපේ පංතියේ හිටියා.දෙන්නම ගුරුවරියන්ගේ ළමයි..ඒ වගේම කෙල්ලෝ..
වැඩෙ කියන්නේ කෙල්ලෝ දෙන්නම ලස්සනයි...
තවත් එකක් කියන්නද..ඔය මට ඉංගිරිසි උගන්නන්න අදිමදි කරපු ටීචගේ දෝණියැන්දා.. අන්න මම මුළින්ම ලොකේ ලස්සනයි කියලා හිතපු කෙල්ල... හිතා ගත්තෑකිනේ...ඒ තරං හුරු බුහුටි පැංචි...බළල් ඇස්... සුදු හීනී දිගටි මුහුණ...පිස්සු හැදිලා ආයෙමත් හැදෙන සිනහව... නොක්කාඩුවට වගේ රවලා බලන රැවිල්ල..අපෝයි..මීට වඩා කියන්න බැහැ මට කවි ලියවෙන්න එනවා.
කොහොම උනත් අපි දෙන්නා ඒ කාලේ ඉඳලා වලි. කවදාවත්ම අපි හොඳින් හිටිය දවසක් නැහැ.
පුංචි උනාට එයා තමයි පංතියේ කෙල්ලො ටිකට ලොක්කා..
මං ඉතිං කොල්ලෝ ටිකට...කාලයක් යනකොට කොල්ලෝ ටීම් දෙකක් හැදුනා උනත් කෙල්ලෝ එක්ක වලියෙදි අපි එක පැත්තේ...
ඉතිං මොන වෙලේ බැළුවත් අපි දෙගොල්ල වලි...
පංති නායකයා විදියට මට බැහැනේ කොල්ලන්ගේ වලියට මග අරින්න..ඒ හින්දා මමත් නිතරම කෙල්ලෝ එක්ක ඇර ගත්ත ගමන්මයි..ඔන්න ඔය හින්දා උන්ටත් මාව පේන්න බැහැ.
අර දැරිවිටත් ඉතිං මාව දකිනකොට නිකං නයාට අඳු කොළ වගේ තමයි...
ඒත් ඉතිං මංනේ දන්නේ හිත යටින් මං තරහා නැහැ කියලා..මොනවා කොරන්නද..?
ඉතිං ඔය අම්මලා ටීචර්ලා වෙච්ච දූලා දෙන්නම බොහෝම ඉගෙනීමට දස්සයි.
අර මම නොකිව්ව අනිත් ළමයානං අර දැරිවී වගේ ආඩම්බර නැහැ..එයාගේ අම්මත් එහෙමයි..මට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න හුගාක්ම උදව්කල ගුරුවරියන් දෙන්නගෙන් එක්කෙනෙක්.
ඇත්තටම ඒ ටීචර් තමයි මගේ බාලාංශ පංතියෙයි..ඒ වගේම මගේ පහවසර පංතියෙයි පංතිබාර ගුරුතුමිය උනෙත්..
මට අම්මා කෙනෙක් වගේ..හරිම ආදරෙයි...

ආ තව කතාවක්...

මුළින්ම මාව බාලාංශෙට දාලා මම ඉස්කෝලේ යන්න පටන් ගත්තම දවස්වල වෙච්ච දෙයක්...
මාවා ඉස්කෝලෙට දානකොට අම්මා හිටියේ නැහැ..එයා රට ගිහින්..ඉතිං තාත්තා තමයි මාව ඉස්කෝලේ ගෙනිච්චේ...

උදෙන්ම මූණ කට හෝදවලා..කෑම හදලා දීලා..ඇදුම් අන්දවලා..පොල්තෙල් දාලා කොණ්ඩෙ පීරලා..පව්ඩර් දාලා...
හප්පා මාව ඉස්කෝලේ යවන්න දීපු ගේමක්...ඉතිං ඔන්න එහොම මාව දවස් දෙකතුනක් තාත්තා එක්ක ගියාට පස්සේ දවසක මාව ලෑස්ති කරලා තාත්තා ඇඳගන්න හදනකොටම මෙන්න බොලේ අපේ ගේ ගාවින් සුදු අක්කයි එයාගේ නංගි උක්කුං බේබියි ඉස්කෝලේ යන්න එනවා...

"ආ මාරයා මල්ලී..ඉස්කෝලේ යන්නද..?"

"ඔව් සුදු අක්කේ..."

"එන්න අපිත් එක්ක යන්න.."

"තාත්තේ මං සුදු අක්කලත් එක්ක යන්නද..?"

"ඔයාට පුළුවන්ද සුදු අක්කලත් එක්ක යන්න..."

"හා හා මං යන්නං..."


ඔන්න ඉතිං මාත් වැඩ්ඩා වගේ සුදු අක්කලත් එක්ක ඉස්කෝලේ ගියා...
සුදු අක්කා කියන්නේ අපේ ගෙවල් ළගම හිටපු අක්කා කෙනෙක්..මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...එයාගේ නංගී උක්කුං බේබි මට වඩා අවුරුද්දක් වැඩිමල්..මං එයා ගැනත් කළිං ලියලා තියෙනවා.මගේ පුංචි මිතුරිය...

ඉතිං කොහොම හරි අපි තුන්දෙනා අඹ කයියක් ගහගෙන ඉස්කෝලේ ගියා...අපේ ගෙදර ඉඳලා පොඩි ඉස්කෝලෙට මීටර් අටසීයයක් විතර ඇති...සුදු අක්කලා එක්ක කොයි ලොකේ යන්න උනත් මට බය නැහැ..අම්මා නැති හින්දා මම වැඩි හරියක් දවල්ට ඉන්නේ එයාලගේ ගෙදරනේ...ඉස්සර මං ඉස්කෝලේ යන්න කළිං එහෙට වෙලා දවල් ඉන්නකොට හවසට ඉස්කෝලේ ඇරිලා සුදු අක්කා ආවාහම එයා ගෙන විස්කෝතු එහෙමත් මටයි මල්ලිටයි උක්කුං බේබිටයි තමයි හම්බ වෙන්නේ...අපි ඉතිං ඒවා පොල් කට්ටක දාලා සීනිත් එක්ක කොටලා කනවා...
හැබැයි ඒකෙන් වැඩි හරියක් කන්නෙත් සුදු අක්කාම තමයි..එයා කප් ගහපු පෙරේතී...ඒ වගේම අවුරුදු පහළවක් විතර වෙනකල්ම අර ඇගිල්ල උරවන පුරුද්ද තිබුනා..අපෝයී දැන් මතක් වෙන්නේ සුදු අක්කාගේ කතා..
බැහ බැහැ දැන් ඒවා කියන්න ගියොත් මෙකත් අරාබි නිසොල්ලාසේ වාගේ වෙනවා...
අනික ඕකි දැක්කොත් මාව හොයාගෙන ඇවිත් මගේ ඛෙල්ල ගලවලා අතට දෙනවා ෂුවර්...එහෙම බඩ්ඩ...
ඉතිං කොහොම හරි අපි ඉස්කෝලෙටත් ආවා..සුදු අක්කා බේබිව එයාගේ පංතියෙන් වාඩි කරවලා..මාවත් බාලාංශෙ පන්තියෙන් වාඩි කරවලා..මගේ වතුර බොතලෙත් බිත්තිය උඩිං තියලා..එයාගේ පංතියට යන්න ගියා...

මාත් දැන් අර මොකාද වගේ බලං ඉන්නවා...වෙනදානං තාත්තා ඇවිත් පංතියට එළියෙන් ඉඳන් මං දිහා බලං ඉන්නවානේ...ඒත් අද නැහැ....චණ්ඩියා වගේ ආවාට මොකද..දැන්නං මට නිකං බයයි බයයි වගේ...
තාත්තා දවල්ටත් ආවේ නැතොත්...
තව හුගාක් වෙලා තියෙනවද ඉස්කෝලේ පටන් ගන්න..?
ටීචරුත් තාම නැහැ...
අනේ මට තනියි තනියි වගේ...
අනිත් අයගේ අම්මලා තාත්තලා එළියට වෙලා බලාගෙන ඉන්නවා...අනේ දැන්නං මට මෙතන ඉන්න බැහැ..ඔන්න මට දැන් ඇඩෙන්නත් වගේ..අනේ වගේ නෙවෙයි ඔන්න මට දැන් ඇඩෙනවා...
මට ලැජ්ජයි..මං යනවා ආපහු ගෙදර..මට බැහැ තනියම ඉස්කෝලේ ඉන්න..

මම ගියා බිත්තිය ගාවට අමාරුවෙන් අත දික්කරලා වතුර බෝතලේ ගත්තා...මගේ පුංචි බෑග් එකත් එල්ල ගත්තා..දැන් සූදානම ගෙදර යන්න තමයි...

ඔන්න එතකොට අර කවුද ළමයෙක් මගෙන් අහනවා..

"ඒයි ඔයා කොහේද යන්නේ..."

"මම ගෙදර යනවා..."

"ඇයි..?"

"මට බැහැ ඉන්න මම යනවා..."

"දැන් ටීචර් එයි යන්න එපා..."

"බැහැ.. මම යනවා කිව්වොත් යනවාම තමයි..."


ඔන්න ඉතිං දැන් මම යනවා..අර ළමයා අනිත් අයට මොන මොනවදෝ කියනවා මම බලාගෙනයි..ඒත් මම නැවතුනේ නැහැ...

මෙන්න ඒ ගමන අර ඇවිත් හිටිය ළමයින්ගේ අම්මලා තාත්තලා වගයක් මා පස්සේ එනවා..
මම හයියෙන් දිවුවා..යාන්තං ඉස්කෝල වත්තෙන් පැන ගත්තා.. පිටි පස්සෙන් අම්මලා දෙතුන් දෙනෙකුයි ලොකු පංතිවල ළමයි හතර පස්දෙනෙකුයි පන්නනවා...

අල්ලයි මගේ වලිගේ මම තවත් හයියෙන් දිව්වා...ඉස්කෝලේ ගාව ඉඳන් අපේ ගේ තියෙන පැත්තට ටික දුරක් දුවගෙන යනකොට මෙන්න බොලේ අපේ ටීචරුයි තව ටීචර් කෙනෙකුයි එනවා ඉස්සරහට..අර මගේ පිටිපස්සෙන් දුවගෙන එන අය කෑ ගහලා කිව්වා නෙව විස්තරේ..ආන්න ඒ ගමන දැන් ටීචර්ලා දෙන්නා මාව අල්ලන්ටයි හදන්නේ...ඉස්සරහින්ම අපේ ටීචර්...අත්දෙකත් දෙපැත්තට විහිදගෙව මාර්ග බාධකේ දාන්න හදනවා..
එව්වා කොහේද මාත් එක්ක..දැන්නං ඉතිං මොන බාධක ආවත් මං නවතින්නේ ගෙදරම තමයි...ආපු වේගෙටම මම ටීචර්ගේ කකුල් දෙක යටින් රිංගුවෙ නැද්ද...
හපෝයි ටීචර්ට වෙච්ච දෙයක් හිතා ගන්නත් බැහැ...ටීචර්ගේ සාරියටත් යටින් කකුල් දෙක මැදින් මං ඊතලේ විද්දා වගේ අනිත් පැත්තට රිංගුවා...

බාධක අංක දෙක.. අනිත් ටීචර්..අනේ එයා මාව අල්ලා ගත්තා...

ඒත් එක්කම ඒ ටීචර් මහ හයියෙන් විලාප දුන්නා...

අම්මේ..මගේ අත...

මං මරු විකල්ලෙන් වගේ කාලා නේද ටීචර්ගේ අත...ටීචර් ඛෙරිහන් දෙනවා...

දැන් ඉතිං මොන බාධකද...
මං කෙළින්ම දිව්වා...ඒත් වැඩි දුරක් මට දුවන්න උනේ නැහැනේ...
මෙන්න තාත්තා එනවා...බයිසිකලෙත් පැදගෙන...
සුදු සරමයි (අපේ තාත්තා කවදාවත්ම කලිසං ඇන්දේ නැත...) කමිසෙයි ඇඳලා තාත්තා බයිසිකලෙන් එනවා දැක්කම මට නිකං දිව්‍යලොකෙන් දෙවි කෙනෙක් එනවා වගේ තමයි පෙනුනේ...
තාත්තා මාව දැක්ක ගමන් තේරුං ගත්තා වෙලා තියෙන්නේ මොකක්ද කියලා..මොකද ඉතිං එයානේ මං ගැන හොඳටම දන්නේ..ඒකනේ කෝකටත් කියලා සැකේට වගේ මාව බලන්නඉස්කෝලේ පැත්තට බයිසිකලෙත් පැදගෙන ආවේ...

ඉතිං දැන් මං බය නැහැ..තාත්තා මාවත් එක්කගෙන ආයමත් ඉස්කෝලෙට ගියා...
ටීචර්ලා මාව දැකලා ආයෙමත් බය උනා නෙව...
ළමයි ඊටත් එහා...කොහොම හරි එදානං තාත්තා මං ඉස්කෝලේ ඇරිලා එනකංම එළියට වෙලා හිටියා...

ඊට පස්සේනං සුදු අක්කා මාව ඉස්කෝලේ එක්ක එන්න ඇහැව්වේ නැත...
ඒත් මාස දෙකතුනක් ගියාට පස්සේනං මම ආවේ ගියේ එයාලා එක්කම තමයි ඕං...

හරි ඒ කතාව ඉවරයි.

ඉතිං මං කිය කිය හිටයේ වෙන කතාවක්නේ..ඒ තමයි අර ටීචර්ලා ගැන කතාව..ඉතිං මං අර කකුල් දෙකට යටින් රිංගලා ආපු ටීචර් තමයි මගේ ජීවිත කාලෙටම මට හම්බ වෙච්ච හොඳම ටීචර්...

ඉතිං කොහොම උනත් මගේ ඉංගිරීසි ඉගෙනීම ගැන උනන්දුවත් එතනින් අඩු වෙලා ගියා...
ඒ හින්දාම එදා ඉඳලා මම හැමදාමත් අඩු ලකුණු ගාණක් ගත්ත විෂය බවට පත් උනේ ඉංග්‍රීසි තමයි
ඒත් අනිත් ඒවායින් අන්තිම තත්පරය වෙනකල් මම ඉහළින් හිටියා.

කොහොම උනත් මං ඇතුළු අපේ පංතියේ නඩයම පහේ ශිෂ්‍යත්වයට ලිව්වා..ඒ ලිවිල්ල ගැනත් වෙනම කතාවක් තියෙනවා.
මොකද ඔය විභාගේ මං ඒ වෙනකොට ඉගෙන ගත්ත ඉස්කෝලේ නෙවෙයිනේ...
වෙනම ඉස්කෝලෙක තමයි විභාග මධ්‍යස්ථානය තිබුනේ...
හ්ම්..දැන් මෙතනින් නවත්තලා පස්සේ ලියන්නංකෝ ඉතිරිවා...ඔන්න මං කුට්ටි කොළයි කියලා හිතන්න එපා..එහෙම කලානං මෙහෙම නෙවෙයි හොඳ අප්සැට් තැනකින් තමයි මං නවත්තන්නේ..ඒත් දැන් පේනවනේ..මට මහන්සි හින්දම මෙලෝ තේරුමක් නැති තැනකින් මේක නැවැත්තුවා කියලා.

ඇත්තටම මං මේක පටං ගත්තේ කොතනින්ද මංදා...
අන්තිමට කොහෙන් නවතීද මංදා...
ආයෙමත් ඉස්සර වගේ යන්නේ කොහේද මල්ලෙ පොල් කතා ලියවෙයි වගේ...
හුම් හුම් ඒත් මොකෝ මල්ලේ පොල්නං...මේ දවස්වල හැටියට...

29 comments:

  1. ඉස්කෝලෙ කතාත් රසවත් නැතෑ,දිගටම ලියන්න ඔක්කොම

    ReplyDelete
  2. මාර ක්‍රියා මයි කරලා තියෙන්නේ ඒකාලේ ඉදන්ම... මටත් මතක් උනා තාත්තා එක්ක ඉස්කෝලේ ගිය හැටි... :D

    ReplyDelete
  3. ඉස්කෝලෙ කතා අපි හැම කෙනාටම සුන්දර ඉස්කෝලෙ කතා,,,අපි හැම කෙනාටම ආයෙ අතීතයට යන්න පුලුවන්,බලමු මාරයාගෙ ඉස්කෝලෙ කතා

    ReplyDelete
  4. මේක කියෙව්වම මටත් පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය හැටි මතක් වුනා...
    හැබැයි ඉතින් මටනම් කට්ටි පනින්නවත් ... වැඩිය සෙල්ලං දාන්නවත් හම්බවුනේ නෑ. අපේ අම්මයි අප්පච්චියි දෙන්නම ඒ ඉස්කෝලෙමයි ඉගැන්නුවේ... [අප්පච්චි හරිම සැරයි]
    ඒක නිසා මීය වගේ ඉන්න වුනා.

    ReplyDelete
  5. මටත් ඉස්කෝලේ ගිය කාලේ මතක් වුනා....දිගටම ලියන්න මාරයාගෙ ඉස්කෝලෙ කතා

    ReplyDelete
  6. ඉස්කෝලේ කාලේ විස්තර ටිකක් තව කියන්න. පුන්චි කාලේ ඉස්කොලේ ගිහින් කරපු දේවල් මටත් මතක් උනා.

    ReplyDelete
  7. කාලෙකින් කොමෙන්ට් දැම්මෙ නැති උනාට,
    පහුගිය දවස් ටිකේ කතා ඔක්කොම කියෙව්ව.
    අලුත් ජොබක් සෙට් උන නිසා කලින් තරම් නිවාඩු වෙලාවල් නැහැ අය්ය.......
    දිගටම ඉස්කෝල කතා ලියන්ඩ

    ReplyDelete
  8. සාරියක් ඇඳන් හිටපු ටීචගේ කකුල යටින් රිංගුවේ කොහොමද කියපන් ? එක්කො උඹ මී පැටියෙක් වගේ පොඩි වෙන්න ඕනෙ, නැතිනම් ටීච අර ගංවතුරට අහු වෙච්ච එක්කෙනෙක් වගේ දණහිස ගාවට වෙනකන් සාරිය උස්සන් ඉන්න ඕනෙ...

    ඈ බං, උඹට ඉන්ටබල් එකේදි කන්න තාත්තා කරෝල බැදුමකුත් එක්ක බත් මුලක් එහෙම බැඳල දුන්නෙ නැත්ද ?

    ReplyDelete
  9. ඉස්කෝලේ කාලේ කතා හොඳයිවගේ . පොඩි උනත් මාරයා මාරයාම තමයි .

    අනේ ඇත්තට ලමාකාලේ මාරයා කොයිවගේද මම හිතෙන් මවාගත්ත පොඩි කොලු ගැටය වගේද ? මාරේ අයියේ පාසල් ලවු එකක් ගැන ලියන්නකෝ .. එක්කෝ පාසල් වලියක් , එක්කෝ පාසලේ මොනවා හරි ..

    ජය වේවා !!

    ReplyDelete
  10. දුමී අයියා ඈහුවා වගේ කො​හොමද බං සාරියක් ඈදගෙන හිටි ටීචැර්ගේ කකුල් දෙක යටින් රිංගුවේ... උඹ නම් මාරයෙක්ම තමා.... :D

    ජය වේවා...!!

    ReplyDelete
  11. අම්මප ඒකනං මාරම වැඩක් තමයි.
    දැන් ඉතිං අමුණල කරල ඉස්කෝල කතා සීරීස් එකක් පටන්ගමු.

    @දුමී
    ඇයි ඔය විස්කෝතු පොල්කට්ටෙ දාල සීනිත් දාල කොටල කාල තියෙන්නෙ.

    ReplyDelete
  12. යකෝව්... මූ නං එදත් මාරයා අදත් මාරයා.. බාලාං‍ශෙ පන්තියෙදිම ඔහොම නං... :)

    ReplyDelete
  13. මාරයා අයියා පොඩි මාරයා කාලෙදී මාර වැඩ නොවැ කොරලා තියෙන්නේ.....

    ReplyDelete
  14. ඔයා කියපු විදි‍යට මට කියන්න වෙන්නේ මාරයා අයියා කියල තමා..ඒත් මාරයාට නෑකම් කියනවා කිව්වම්ත් ඇඟ සීතල වෙනව..හේ හේ..ඔයා පොඩි කාලේ ඉදලම දුවන්න දක්ෂයි වගේ...

    ReplyDelete
  15. මාර කතාව මාරයියේ!මගේ පොඩි කාලෙත් මතක උනා මට. මාත් ඔය වගේ වැඩක් කරලා තියෙනවා.

    ReplyDelete
  16. හුටා...මටත් මටක් උනා බොලේ.....හෙනට පැන්නා නෙව ඒ දවස් වල..පැනලා ගාල්ලේ ජැටියේ නාන්න යනවා....

    ReplyDelete
  17. අපේ උපාසකගෙත් ඔහොම කතාවක් තියෙනව. දවසක් මුලු ඉස්කෝලෙම ටීචර්ස්ල එකතු වෙලා උපාසකව හෙව්වලු ඌ පංති ටීචර්ගෙ කබඩ් එකේ හැංගිලා ඉද්දි.. :ඪ්
    බලන් ගියාම ඔක්කොම එකයිනොවැ..

    ReplyDelete
  18. සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා
    පාසල් ගිය කාලයේ
    යාලුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසන අරුමේ ...

    ලොකු පංතියෙ අය
    පොඩි පංතියෙ අය
    හැම දෙන එක පංතියෙ විලසේ
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ...

    සුලගේ ලෙලෙනා...

    සාමල අමරල පොත් තුල තව ඇත
    එන එන අය හා යාලුවෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අප යට නැත අයේ...

    සුලගේ ලෙලෙනා...
    (ශාලිත)

    ඉස්කෝලෙ යනව කියල වල බැහැපුව මතක් වෙනව බන්...
    මාරය කොහෙද ඉස්කෝලෙ ගියෙ යක්කල අවටද??
    මම ගිය ඉස්කෝලෙ නම් මාරය දන්නව උදේ හවස ඉස්කෝලෙ ඉස්සරහිනුත් යනව...
    යක්කල ඉදන් නිට්ටඹු පැත්තට යද්දි දේවාලෙ ඉස්සරහ තියන කහයි කොලයි ටයි දාන එක.

    ReplyDelete
  19. මාරයා කියන්නෙ නිකන්යෑ :)

    ReplyDelete
  20. ඒ කාලෙත් මාරයා තමයි එහෙනම්....

    ReplyDelete
  21. මාර පොඩ්ඩා! :D

    ReplyDelete
  22. ඔන්න ඉතිං මාරයියා මාරයියාග් පම්පොරි පටන් අරන්...මොනාවුනත් පට්ටම පට්ට....

    හැබැට මාරයියේ උඹ භූතයෙක් නෙමෙයි කියලා හොදටම ෂුවර් නේද? අර දුමී අයියා කිව්ව වගේ කෝමද එහෙම රිංගුවේ....

    ReplyDelete
  23. ෂා මගේ ජාතියෙම බඩුවක්. ඔය මගේ ඒන්ජල් මගේ ඉංග්‍රිසි මිස්ගේ දුව. එතකොට ඊට කලිං ටුයි කරපු උදානි, එයත් මට උගන්නපු ඉංත්‍රිසි මිස්ගේ දුවෙක් බං. එල එල.

    ස්කෝලෙදී පළවෙනිය වුන එකා අද ඉන්න තැන?

    ReplyDelete
  24. ඉස්සර මාවත් මොන්ටෙසෝරියට, ඉස්කෝලෙට දාල තාත්ත ඉන්නව පේන දුරකින්.....තාත්ත හැමදාමත් (අදටත්) අඳින්නෙ ජාතික ඇඳුම. සුදුම සුදුයි, හරිම කඩවසම්,හරිම ලස්සනයි.

    ReplyDelete
  25. නියම දඟය.... මාරයෝ මේක මගේ පළවෙනි කොමෙන්ටුව මකාදාන්න එපා..හොඳද..

    ReplyDelete
  26. ඉස්කෝලෙන් පැන්න පැන්නමයි, කෝ මේ මාර පුතා? කුමා..............රෝ,,,,,,,,,,,,,,

    ReplyDelete
  27. හලේ මම මේක කියෙව්වේ අද නේ. මාර පුතා පව් පොඩි කාලෙම ඉංග්‍රීසි එපා කරවලානේ. මේක කියවලා කතාවක් මතක් වුණා ලියන්ට ඕනෑ

    ReplyDelete