09 January 2011

බක පණ්ඩිත...මාරයා...

ඔන්න ඉතිං මාරයා ආවා නෙව ගෙදරට..
අදනං ගෙදරට ආවෙම මොනවා නමුත් ලියන්නට කියලා හිතාගෙන තමයි...
මැල්ලූං පලා එහෙම නෙවෙයි මෙ මගේ බොලොග් කෑල්ලට මක්කා නමුත් කයි කතන්දරයක් ලියා දාන්ට තමයි..

හා ඊට කළින් කියලා ඉන්ට දෙයක් තියෙනවා...
මගේ ලියන කියන එකේ එකම රටාවක් තියෙනවා වගේ කියන එක..හැමදාමත් ගෙදර ආව තැනින් පටන් අරගෙන...නාපු කාපු හැටි..උයපු කොරපු හැටි එහෙම ලියන්නම පළවෙනි පරිච්ඡේදය හෝ දෙක වෙන් වෙනවා නෙව...

අනේ ඉතිං මක් කොරන්නද..?මං ලියන්නේ මට පුළුවන් හැටියට නෙව..ආයේ ඉතිං ඒකට අරකද මේකද කියලා විශේෂයක් නැහැ. ඔහේ අතට එන හැටියකට ලියන එක තමයි කොරන්නේ...

වැඩි මනත්ම වෙලාවට මං ලියන්ට පටන් ගන්නකොට මොනවා ලියන්ටද කියලා අදහසක් ඇතිව ලියනවා නෙවෙයි...
කොතනින් හරි පටන් ගන්න එකයි කරන්නේ...

ඒ පටන් ගත්ත තැන ඉඳලා අතට අහුවෙන කොනක් දිගේ ඔහේ ලියාගෙන යන එක තමයි මගේ ෙසෙලිය..ආයේ ඉතිං වෙන මොනයම්ම කෙහුරක්වත් ඕකේ නැහැ.
කවි ලියනවද..? එහෙමත් නැත්තං කතන්දර ලියනවද කියලා මගේ අදහසක් නැහැ..දැන් උනත් එහෙමයි..කොහෙන් හරි පටන් ගන්නයි ඕන කරන්නේ..ඉතිරිය එවෙලෙට හිතෙන හැටියට තමයි...

මොකද අමුතුවෙන් හිතලා මම අරක ලියනවා මෙක ලියනවා කියලා පටන් ගත්තම මට නිකං හිර වෙච්ච ගතියක් දැනෙනවා. ආයේ ඉතිං මං මොකටද අර අමුතු අමාරු හදා ගන්නේ..මට හිතෙන ඕනම දෙයක් ලියලා දානවා..

අනික ඉතිං මේ බ්ලොග් කෙරුවාවත් තම තමුන්ට ඕන විදියට මිසක් අරයට මෙයාට ඕන විදියට ලියන ඒවා නෙවෙයිනේ...

සමහර වෙලාවට සමහරු මෙක විවිධ ප්‍රමිතීන්ට යට කරලා දාන්ට හැදුවට ඒ වැඩෙනං මෙ කපේට කොරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. මෙක බොහෝම විවිධත්වයක් ඇති අවකාශයක් නෙව..ඒ හින්දාම මාත් මට හිතෙන හැටියට ලියාගෙන යනවා....කැමති කට්ටිය කියවනවා...අකමැති අය නිකං ඉන්නවා...

සමහර ලිපි හුගාක් අය කියවනවා..සමහර ලිපි වේලෙනවා...
මට විතරක් නෙවෙයි කොයිකාටත් එහෙමයි...
සමහර වෙලාවට මෙ බ්ලොග් කෙරුවාවේ කප්පිත්තෝ කියලා අනුන් විසින් ලේබල් අලවපු අය වගේම තමන් විසින්ම එහෙම ලේබල් අලවගත්ත කට්ටිය ඕන තරං...ඒක එහෙම උනාට කමක් නැහැ..තම තමුන්ගේ කැමැත්තේ හැටියටනෙව...

හැබැයි සමහර වෙලාවට සමහරු තමුන්ගේ සීමාව ඉක්මවා යන වෙලාවළුත් නැතිවා නෙවෙයි...

අර අපේ ගම්වලත් ඉන්නේ අති පණ්ඩිත උන්නැහේලා...
ඕනම තැනකට පැනලා පොරවල් වෙන්ට හදන අය...දන්න රෙද්දකුත් නැහැ..නොදන්න මගුලකුත් නැහැ...
ආන්න ඒ වගේ අනිත් අයගේ බ්ලොග් වල ලියවෙන දේවල් ගැන අති පණ්ඩිත ටොක්ස් දෙන අයත් සමහර වෙලාවට ඉන්නවා...
ආන්න ඒ වගේ පොරවල්වලට තමුන් කියන ඒවා දැන් ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ගනන් ගන්නේ නැති උනාම මල පනිනවා...
මොකද උන්දලා හිතාගෙන ඉන්නේ තමුන් කියන කොරන ඒවා අනිත් උන් අහංටම ඕන බලන්ටම ඕන කියලානේ...
එහෙම නැති උනාම උන්දලා ඔරොප්පු වෙනවා.
ඒ අතරට උන්දලා කියන දේ ගණන් ගන්නේ නැතිව වෙන කවුරු හරි කියන දේවල් අනිත් අය අහනවා වගේ තේරුනාම..අර පැන්න මල දෙමල වෙනවා...
ඊට පස්සේ කොරන වැඩෙ තමා අර අළුත් උපදේසක බුවාට ගරහන එක...

හැබැයි උන්දලා දන්නේ නැහැ එහෙම ගැරහුවා කියලා ආයෙමත් කොල්ලෝ කුරුට්ටෝ තමුන් කියන දේවල් අහයි කියලා..මොකද ඉතිං කොල්ලෝ කුරුට්ටෝ කොරන්නේ තමන්ට ඕන දේ මිසක් එක එක අස්පට් ජොකියන්ට ඕන ඕන දේ නෙවෙයිනේ...

අපි කාගෙත් ලිවීම නගින බහින කාල තියෙනවා...සමහර වෙලාවට ලිවීම නැති වෙලාම යන කාලයකුත් එන්ට පුළුවන්..ඒ වගේම අපේ ලිපි කියවන පිරිස අඩු වෙලා යන්ටත් පුළුවන්..ඒක සාමාන්‍ය දෙයක්...
අපේ ලිපි ඒකාකාරී වෙන කොට...මාතෘකාවේ සයිස් එකට අන්තර්ගතය වටින්නේ නැති උනහම...කොටින්ම කිව්වොත් අපේ ලිපි මෙලෝ රහක් නැති වෙනකොට ඔහොම වෙනවා...ඒකට හේතුව අපේ අත්දැකීම් සහ අදහස් තව දුරටත් වර්ධනය නොවීම...
ඕනම පුද්ගලයෙකුට තමාගේ කතා මල්ල ඉවර වෙන දවසක් එනවා එදාට...අන්න එදාට තමුන් අළුතින් කතා හොයන්නට ඕන...නැත්තං වෙන්නේ මාතෘකාව විතරක් දාගෙන ඇතුළ පුස්සක් කොරන්න...
එතෙකොටත් ඉතිං වැඩෙ හබක්.
ආ තව කස්ටියක් ඔය වගේ වෙලාවට තව වැඩක් කොරනවා..පොඩි අවුලක් යන විදියේ ලිපි ලියනවා..ඒ කියන්නේ තව කවුරු හරි වලියට ඇදලා ගන්න විදියේ ඒවා...අන්න එතකොට එකෙත් පොඩි වෙනසක් තියෙනවා..හැබැයි සෝඩා බොතල් කෙරුවාවක් තමයි...

ඉතිං මගේ කයි කතන්දරත් ඉවර වේගන එන වෙලාවක් තියෙයි.එදාට මං මේක ලියන වේගේ අඩු කරලා අනිත් අයගේ ඒවා බල බල ඉන්නවා...
එහෙම නැතිව නිකං අමාරුවෙන් ලියන්න ගිහින් විහිළුවක් වෙන්නේ මොකටද..?
අනිත් කාරණාව මං මේක පටන් ගත්තේ ඔය මොනවාවත්ම හිතාගෙන නෙවෙයිනේ..

මගේ බොලොගේ මං පටන් ගත්තේ මම දාර සයිස් බූට් එකක් කාපු වෙලාවක කිව්වොත් හරියටම හරි...තාමත් ඉතිං ඒ බූට් එකේ රස මම හොඳින් විඳිනවා...ඒත් ඒ වෙලාවේ මම බොහෝම මානසික අවුලක හිටියේ...මට කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ...මොකද මම අවුරුද්දකට වැඩි කාලයක් එයා එක්ක කතා කර කර දවසම වෙන්න පුරුදු වෙලා හිටිය හින්දා...
කඩේකට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කොට ඇරෙන්න මං වෙන කිසිම වෙලාවක කාත් එක්කවත් කතා බහක් තිබුනේ නැහැ...ඒ හින්දා මට මගේ ඔළුවේ තියෙන පීඩනය පිට කරගන්න විදියක් හැටියටයි මේ බ්ලොග් එක පටන් ගත්තේ...
හැබැයි මං හිතාගෙන හිටියේ මේකේ ජොතිෂ්‍ය කරුණු කාරණා ගැන සරලව ලියන්ටත්, මගේ දේශපාලන දරුසනේ කියලා දාන්ටත් තමා...
එකක් තමයි ඒ වෙනකොටත් ජෝතිෂ්‍යය ගැන බ්ලොග් එකක් තිබුණත් එක සරල මදි කියලා මට හිතුනු එක...
අනික ඉතිං දවසෙන් දවස පුවත් මැවෙන ලෝකයක දේසපාලනේ ගැන ලියන්න මොනවා හරි දෙයක් තිබීම..

හැබැයි අන්තිමට උනේ වෙනම දෙයක්...මේකේ අඩුවෙන්ම ලියවෙලා තියෙන්නේ ඔය මුළින් කිව්ව දේවල් ගැන තමයි...
වැඩිපුරම ලියවිලා තියෙන්නේ මගේ වැළපිල්ල තමයි...මොනවා කරන්නද.. වැඩි පුරම තියෙන දෙයින්නේ වැඩි වැඩියෙන් වැඩ ගන්නේ...
ඉතිං ඊට අමතරව මම ජීවත් වෙන හැටි ගැන මං ලියනවා...ඔය අපේ දුමියා මට නිතරම කෝචෝක් දාන්නේ මට කෑමෙන් තොර ලිපියක් ලියන්ට බැහැයි කියලා..
ඇත්ත...
දවසට තුන් වේලක් කන මටනං ජීවිතේ එක වටිනා දෙයක් තමයි කන බොන එක...ඉතිං ඔය ගැන ලිව්වට ඇති වැරැද්දක් නැහැ නෙව...
ඒත් ඉතිං දැන් දැන්නං හැම ලිපියකම කන බොන දෙයක් ගැන ලියන්නේ දුමියට හූල්ලන්නම තමයි...
මොකද මම දන්නවනේ බුවාටත් ඔය කෑම බීම ගැන තියෙන්නේ පුදුම ඇල්මක් විත්තිය...

ඕක ලියන්න ගියාම මතක් උනේ..අපි දුමියලා...මෙ හීනියට මඩක් ගහගෙන විනෝදෙන් ඉන්න මෙහෙම දේවල් ලිව්වට..සමහරුනං බොහෝම ද්වේශ සහගතව සමහර දේවල් ලියනවා කියලාත් මතක් කරන්න ඕන...

පහු ගිය කාල වල අපි කාගෙ කාගෙත් බ්ලොග්වල කුණු හරුප ලියලා යන...බැනලා යන ඇනෝලා කිහිප දෙනෙක් හිටියා නෙව..අපි කවුරුත් ඒ වෙලාවල් වලදී ඒ දෙවල්වලට විවිධ ප්‍රතික්‍රියා දැක්වූවා..
හැබැයි මට ඒක එතනින් අල්ලලා දාන්න බැරි උනා...මම ඒ දවස්වලට ඒ වාගේ කුණු ගොඩවල් දාලා ජරා කරන්න උත්සහ කල හැම කෙනාගෙම ලිපිවලට ගිහින් නැවත නැවත කියෙව්වා..ඇයි මේ කියන දේ තේරුම් ගන්න...
හුගාක් දේවල් දැන ගන්න බැරි උනත් අන්තිමට තේරුම් ගිය දෙයක් තමයි ඒ වගේ කුණු කතා ආවේ යම් තරමකින් ජනප්‍රිය වේගන එන බ්ලොග්වල කියන එක...
ඒ කුණු කතා කියන්නන් අතරේ අපි කවුරුත් සැක කරන අර පොඩි එකා හිටියා කියන එක හැමෝගෙම යටි හිත්වල තිබුනා...
ඒත් මම ඒ අතරෙම දැක්ක දෙයක් තමයි...අර පොඩි එකාට වඩා මුහුකුරා ගිය තවත් කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඒ අතරේ ඉන්නවා කියන එක...මට තාක්ෂණික දැනුමක් නැහැ ඒ අය හොයා ගන්න..මට පුළුවන් උනේ ඒ රටාව පස්සේ යන්න විතරයි. ඒ හරහා පැහැදිලිවම මට තේරුන දේ තමයි අපි නොහිතන කෙනෙක් ඒ අතරේ හිටියා කියන එක...
මම අදටත් එහෙම දෙයක් දැක්ක ගමන් බලන්නේ අර පොදු ලක්ෂණ තියෙනවාද කියලා..සමහර විට ඉස්සරහට ඒවා වෙනස් වෙන්න පුළුවන් ඒත් පුංචිම හරි හෝඩුවාවක් ඉතිරි කරලා යන එක ඕනම අපරාධ කාරයෙක්ගේ හැටියක්...
ඒ හින්දා සමහර විටක ඉදිරි දිනකදී කාගේ හෝ රෙදි ගැලවෙන්න පුළුවන්.

ඒ දවස කවදා උනත් ඒ වෙනතුරු ඔහු අළුත් බ්ලොග්කරුවන්ට බාධකයක් වේවී...
හුගාක් ලියන්න එකතුවෙන අය වට්ටාවී...ඔන දේකට ඔරොත්තු දෙන අය කොහොම හරි ආවත් කිහිප දෙනෙක් හරි අතරමග වට්ටවන එකත් අපරාධයක්...මං මේ කියන දේ තේරුම් ගන්න අයත් නොගන්න අයත් ඉඳීවි...සමහරුන්ට මේ ගැන මීට වඩා වෙනස් දැක්මක් හා අදහස් ඇති..මං කිව්වේ මට දැනුන..මට තේරුන දේ...


පෞද්ගලිකව ගත්තොත් මම දවසකට හුගාක් බ්ලොග් කියවන කෙනෙක්...
හැබැයි අර අපේ කාලිංග මහතැන් කිව්වා වගේ තියෙන ඔක්කෝම නෙවෙයි..මම නිතරම කියවන්න තෝරගෙන තියෙන බ්ලොග් ටිකයි..සින්ඩියට අළුතින් එක්කාසු වෙන මට අල්ලලා යන විදියේ මාතෘකාවක් සහ අර සින්ඩියේ මුලින්ම පෙනෙන වචන කිහිපයත් හරහා මට හොඳයි කියලා හිතෙන ලිපිත් ඇතුළුව සාමාන්‍යයෙන් දවසකට අළුත් පෝස්ට් තිහක් හතළිහක් කියවනවා...
සමහර බ්ලොග් වලට එක දිගටම යනවා...සමහර ඒවාට ගිහින් අල්ලන්නේ නැත්තං උඩිං පල්ලෙං බලලා එනවා...
සමහර බ්ලොග් කියවන එක අතෑරලාම දානවා...
ඒ අතරේ සමහරක් බ්ලොග් වලට ගිහින් බලනවා අළුතින් එකක් දාලාද කියලා..සමහර විට මාසෙකින් දෙකකින් ලිපියක් නැති උනත් නිකමට හරි ගොඩ වෙලා එනවා...ඒ තරමට ඒ බ්ලොග් එකට හිත ගිය හින්දා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

ඔය අතරේ මගේ කොමෙන්ටු දැමීම ගැන කියනවනං...මං බ්ලොග්වලට යන්නේ කොමෙන්ටු දාන්න කියලා නෙවෙයි..ඒත් සමහර ලිපි කියෙව්වට පස්සේ මට වචනයක් හරි නොකියා එන්න බැරි වෙන මට්ටමට එනවා..ආන්න ඒ වෙලාවට මට ඕන උනත් නැතත් කොමෙන්ටුවක් ලිය වෙනවා.
එහෙම නැතිව හිතවත් කමට කොමෙන්ටු ලියවෙනවා නෙවෙයි.

අප්පා මං මේ කොහේද යන්නේ..?

මේකත් දැන් නිකං දාර්ශනික වේගන එනවා වගේ..හාපෝ..ඒ ඇති..

ආ කමක් නැහැ තව චුට්ටක් කියමු.

මට අයිතියක් නැහැ කාගේවත් බ්ලොග් එකක් මෙ විදියට කරන්න කියලා කියන්න...
ඒත් සමහර බ්ලොග් වලට මට යන්න බැහැ...ලොඩ් වෙන්න වෙලා යනවා...පොප් අප් මෙනු මතු වෙනවා..හරි ප්‍රශ්න..
ඒ අතරම කොමෙන්ටුවක් දාන්න තව පාරක් ලින්ක් එකක් උඩ කොටන්න ඕන...

අනේ කරුණාකරලා ආන්න ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න.මොකද සමහර වෙලාවට කොමෙන්ටුවක් දාන්න මං විඳින දුක දන්නේ මං විතරයි.
හිතට එන දේ කියලා යන්න ලේසි කරනවානං මං හුගාක් සතුටුයි.
දුක් විඳගෙන කොමෙන්ටු දාන්න බැහැනේ අප්පා...
මං මේ කලේ ඉල්ලීමක් විතරයි...කැමතිනං පොඩ්ඩක් අවධානය යොමු කරන්න...

ආ විශේෂයෙන් අපේ වැම්පා මලයගේ බ්ලොග් එක මට බලන්නම බැහැ.ඒකේ මොනවා නමුත් පුස්නයක් තියෙනවා..
මට ඔය තාක්ෂණික පැත්ත ගැන දැනුමක් නැහැනේ..
ඉතිං මට තේරෙන විදියට කිව්වොත් පිටුව පෙන්නන්න වගේ ඇවිත් ආයේ මුකුත්ම නොපෙනී යනවා නෙව...
ඉස්සර ඔය ප්‍රශ්නේ අපේ මාධව හබරකඩ කොළුවාගේ එකෙත් තිබුනා නෙව..
ආ අර ජනනී නගාගේ බ්ලොග් එකත් එක්කත් පොප් අප් මැසේජ් එකක් මතු වෙනවා නෙව කොයි වෙලාවෙත්...
ඔන්න මට දැනට මතක් වෙච්ච එව්වා කිව්වා..ඒ ඒ අඩවි වල අයිතිකාර මහත්වරු නෝනාවරු සලකා බලත්වා...

ඕන්න මගේ පණ්ඩිත කතා ඉවරයි..මං කැපුනා...

16 comments:

  1. මේ ලියන ලිපි වලට මාතෘකාව දාන්නෙ ලියල ඉවර උනාට පස්සෙද?

    ළගදීම ඇනෝ කුනුහරුප ලියන එව්වන්ට මාරයා පෙනේවි. :D

    ReplyDelete
  2. එකඟයි... අපි ලියනවා... කියවනවානම් කියවන්න... නැත්නම් නිකන් ඉන්න... මම ලියන්නේ තනිකරම මගේ හිතේ තියෙන පීඩනය ඉවත් කර ගන්න... ඒකට වැටෙන හොඳ හෝ නරක කමෙන්ට් වලින් මට පොඩි සතුටක් ලබාගන්න පුළුවන්... කවුරු මොනවා කිව්වත් මගේ විදිහට මම ලියනවා.. එච්චරයි....

    ReplyDelete
  3. Praසන්ன...

    හරියටම හරි මිත්තරයා...
    මට මාතෘකාවට අදාළව කතා කරන්න පුරුද්දක් ඇත්තෙම නැති හින්දා..කතාවට හරියන්න මාතෘකාව දාන එක තමයි කොරන්නේ..ඉතිං කතාව නොලියා කොහොමද මාතෘකාව දාන්නේ..

    පෙනෙයි පෙනෙයි...ඒත් ඉතිං සමහරු නොපෙනුනා වගේ ඉඳියි කිව්වලූ..

    ReplyDelete
  4. අභීත...

    නමෙම තියෙනවා නෙව හැසීරීම...

    අර හීනේ ඉවරද බං..?

    ReplyDelete
  5. අපි ඇත්තටම ලියන්න ඕනේ අපිට ඕනේ දේ. මොකද මේක අපේ ‍බ්ලොග් එක. කීඵදෙනෙක් එකතු වෙලා කරගෙන යන එකක් නම් පොඩි අවුලක් තමා. නැත්තං ඉතිං අවුලක් නැහැ.

    ReplyDelete
  6. ඊළඟට ලියවෙන 250 ලිපිය මොකක් වේවිද? කවියක්ද? ජයවේවා!!!

    ReplyDelete
  7. දෙපෝයක් ගෙවිච්චි. ආපහු බණ කතා ලියන්න හිතිච්ච දවසට බක බ්‍රාහ්මණය ගැනත් ලියන්ඩෝ

    ReplyDelete
  8. මට හිතාගන්න බෑ පොර එහෙම කතන්දරයක් කිව්වෙ ඇයි කියලා.
    මාරයා ඕවයින් සැලෙන කෙනෙක් යෑ.

    ReplyDelete
  9. මටනං මේ ලිපිය කියවද්දි හිතේ මැවුනෙම එක්තරා ජනප්‍රිය බ්ලොග්කරුවෙක් ගැන. ඒත් එයා මේ වගේ වැඩ කරනවා කියලා හිතන්නත් අමාරුයි. බලමුකො ඉස්සරහට මාරයා මොනවද හෙළි කරන්නෙ කියලා...

    ReplyDelete
  10. අපි (කිව්වට ඉතින් මම...) මාරයට....මාරය අපිට.....ජයෙන් ජය

    ReplyDelete
  11. හප්පෙ මගේ එක පේන්නෑ කියන්නෙ.. දැන්ම හදන්න ඕන.. :)

    ReplyDelete
  12. මාරයා මචෝ, මම ගොඩක්ම කැමති උඹේ අව්‍යාජ ආත්ම ප්‍රකාශයට. උඹේ හැම ලිපියක්ම මම නොවරදවාම කියවනවා මට ලැබෙන සීමිත කාලයත් එක්ක හරඹ වෙලා. මම කැමති ගොඩක් බ්ලොග් තිබුනත් ගොඩක් වෙලාවට මට ඒවා කියවන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට, ඉඳල හිට වෙලාවක් ලැබුනොත් තමයි ගිහිල්ල පරණ ඒවත් එක්ක කියවන්නෙ. කොටින්ම කිව්වොත් මට මේ මාසෙටම එකම ලිපියක්වත් මගේ බ්ලොග් එකේ ලියන්න ලැබෙන්නෙ නෑ, තියෙන කාර්‍යබහුලත්වය නිසා.

    උඹ කන බොන ඒව ලියන එක ගැන මම පොඩි කෝචෝක් පාරක් දාන්නෙ විනෝදයට මිසක් උඹට පහර ගහන්න නොවන විත්තිය උඹ දන්නවනේ. ඇත්තම කිව්වොත් උඹ ලියන කන බොන ඒව ගැන දැක්කහම කටට කෙළ උණන එක නවත්තන්න බෑ කියල නම් කියන්න ඕනෙ :) දැන් ඉඳල හිටල හරි උඹ කෑමක් ගැන නොලිව්වොත් නිකන් ඇඟට හරි නෑ හරි නෑ වගේ ගතියක් දැනෙනවා :)

    ඔඹ ලියන්න ඕනෙ උඹට විඳින්න පුළුවන් දෙයක් මිසක් බක පණ්ඩිතයන් කියන විදිහට නෙමෙයි. මම ලියන්නෙ මගේ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් රිලීස් කරගන්න.

    ඒකෙන් මේකෙන් කමෙන්ට් එක පෝස්ට් එකටත් වඩා දික් උනාද කොහෙද...!

    උඹ ඔය ලියන විදිහ දාහෙන් සම්පතයි. අනික උඹේ හැම ලිපියක්ම හොඳටම රහට කියවලා ඉවරකරන්න පුළුවං ගේමක් නැතිව.

    ReplyDelete
  13. මට මේ ලගදි තමයි මේ බ්ලොග් කියන එක අහුවුනෙ...ඒකත් අහම්බෙන් වෙච්ච දෙයක්..ඉස්සෙල්ලම දැක්කෙ දුකා...හැබැයි නැවතුනේ මාරයා ගාව...කාටත් අන්තිමට මාරයා ගාවට යන්න වෙන එකේ..කෝකටත් හොදයි කලින්ම දැන හදුනාගන්න එක..නේද මාරයෝ...

    ReplyDelete
  14. බොසා උඹ දන්නවනෙ බන් එක එක පැතිවල මිනිස්සුන්ගෙ කතා කොරන විදිහ වෙනස්..සමහර උන් කතා කොරන්න ගියොත් කුණුහරුප දෙක 3ක් සුවර් සමහර උන් සමනල්ලු වාගෙ..වලියට යන්නෙත් "අනේ අය්යා..මේ මම ඔයාට ගහන්න කියල තමා ආවෙ කියල"..තවත් උන් තගෙන්මයි වැඩ "අඩෝ ඔය පල්පදිරි මූසලයට කියාපිය සල්ලි නැතනම් තැන් තැන් වල ලොටන්නෙ නැතිව මෙහේ ඇවිත් නවතින්න කියල..." අපි සමහර වෙලාවට මහ පොරටෝක් දාර්ශන ටෝක් දැම්මට ඒක අපේ විදිහ...එහෙම නැතිව වෙන උලව්වක් නිසා තරහට ලියන ටෝක් නෙවෙයි.

    ..මම බ්ලොග් වලට ආපු කාලෙ එකෙක් හිටිය කවි ලියනව...ඒත් මෙලෝම රහක් නෑ උගේ එක කවියක්වත්..අජිත් මුතුකුමාරණගෙ සින්දු හොඳා උගේ කවි වලට වඩා...ඉතින් මම ඌට හොඳට බැනල කවි කියන්නෙ මොනාද කියල ටෝකක් සැරට දැම්ම...මිනිහ මාර විදිහට මානසිකව වැටිල අතපය කඩාගෙන තිබ්බ ඌට කවි ලියන්න බෑ කිව්වම...මම කාලයක් සංස්කාරකවරෙයෙක් විදිහට හිටපු කෙනෙක්..ඒක නිසා මට ඕනි දෙයක හොඳට වඩා වැරදි ඉක්මනට මීටර වෙනව...ඒත් බ්ලොග් එකක් උනාම දැනගන්න ඕනි කොමෙන්ට් 1ක් කියන්නෙ 1 අයෙකුගෙ අදහසක් විතරයි..

    ReplyDelete
  15. අෙපායි මාරයා දාර්ශණිකෙයක් ෙවලා..

    ReplyDelete
  16. මම මාරයගේ බ්ලොග් කියවන්නේ ගොඩක් කලෙක ඉදලා, මාරයගේ ලියන ක්‍රමය මාරයට ඕන විදිහට ලියන්න මන් නම් මාරයා මොනවා ලිවුවත් බලනවා,මාරයගේ ගෙදර මාරයා හිටගෙන හිටියත් ඔලුවෙන් හිටගෙන හිටියත්,ඇදගෙන හිටියත් නැතත් මාරයා මාරයාමයි...මාරයා මාරයට ඕන විදිහට බ්ලොග කරගෙන යන්න දිගටම...

    ReplyDelete