16 January 2011

හමුවන්නට පෙර සමුදෙමි ඔබ හට..

ඇය වෙනුවෙන් දුක් කවි පද ලියුවට..
වින්දෙමි සුවයක් ඈ ගැන සිහි කොට..
නන්නාදුනනා එකියක් හොරෙන්ම ආවට..
කවි සිත පෙර මෙන් නොවේවි විකසිත..

දුකටම හුරු වූ රිදුම් දෙවන සිත..
තවත් වරක් යළි රිදවා ගැනුමට..
බියක් දැනේ මා සලිතව මුළු ගත..
තෙරක් නොමැති කළුවරක් දැනේ මට..

හෙටක් ගැන යළිත් පැතුම් පතන්නට..
නොහැක ඉතිං මට ජීවත් වන්නට..
නන්නාදුනනා පුංචි කුමාරිය..
හමුවන්නට පෙර සමුදෙමි ඔබ හට..

15 comments:

  1. අතටම පැමිණෙන බෝලය
    එපා මිස් කරනු කිසි විට
    නෝ බෝල් දැයි බලමු පසුවට
    මුලින් අල්ලා ගන්න කදිමට

    එක් වරක් සිදු වූ පලියට
    යලිත් වේ යැයි සිතනු ඇයි ඔබ
    අඳුරු අතීතය සිහි නොකොට
    තබමු පියවරක් අනාඅගතයට

    ReplyDelete
  2. අතීතය නැවත නැවතත්
    සිදු වේය සිතමින්
    බලෙන් හද වහමින්
    තවත් කල් නොයිදින්

    ReplyDelete
  3. උපදින්නට පෙරම මලේ ය....

    ReplyDelete
  4. කෙල්ලන් පාරේ යන බස් වැනිය...
    එකක් මිස් වුනොත්...
    අ‍නිකේ යා හැකිය...
    (මන් දන්නෑ බන් කවි ලියන්න පරන මගුල අතැරල අතට ආපු
    එක සෙට් කරගනින් නැත්තන් එකත් වෙන එකෙක් එක්ක යයි..)

    ReplyDelete
  5. රිදව ගන්න වෙයිද නැද්ද කියලා දැනගන්නනම් ඉතින් අහලා බලන්න එපැයි . බය නැතුව හෙට උදේම කේක් ගෙඩියක් අරං ගිහිං ඒ කෙල්ලෙගෙන් අහන්න .


    මම ඔයාට කැමතියි ඔයා මට කැමතිය ?

    මම මෙහේ ඉඳන් ජය පතමි

    ජය වේවා !!

    ReplyDelete
  6. අපෝ මෙහෙම බයගුල්ලෙක්?

    ReplyDelete
  7. මේ මොන මගුලක්ද බං? ඔන්න ඔහේ පදම් වෙච්ච හිතේ තව රිදෙන්න දෙයක් නැහැනේ. ට්‍රයි එකක් දාලා බලපංකෝ බං.

    ReplyDelete
  8. මං දැනන් උන්න අයියා ඔහොම ලියන බව...... ඒකනේ මං කලින් එකේ එහෙම මුකුත් නොකීවේ........

    ඔන්න ඔහේ කට්ටිය කියනවට පොඩ්ඩක් මුකුත්ම නැත්නම් මොකද කින්ඩි හිනා දැම්මේ කියලවත් අහලා ඉතිරිය දැන ගන්ට..........

    ReplyDelete
  9. හමු වන්නට පෙරම
    සමු දෙන්නේ කුමට
    ඇගේ සිත
    නුඹ ලඟ තිබී
    හමුවීමටද
    පුලුවන
    ඉදින්
    ඉක්මන් නොවන්න

    ReplyDelete
  10. කවි ලිවීමට මට නොහැකිය
    නමුත් පූසා කියා ඇති දෙයට මාත් එකගය.....

    ReplyDelete
  11. ඔය ඔය ඉතින්....නෝටියෙක් වෙන්න යන්නෙ මාරයා...

    ReplyDelete
  12. @පූසා...
    ජීවිත කෙළිය ක්‍රීඩාවක් නොව මිතුර..
    පැරදුම දිනුම වන අරුමය බලන කල..
    අහක යන පන්දු පිත්තේ කොනක වැද..
    දැවී යන්න වූවොත් වෙයි සිතට දුක..

    @අමිල...
    අතීතය ලෙස හැදින් වූවත්..
    එයයි ඇරඹුම මෙ සියල්ලේ..
    කරන්නේ කෙලෙසින්ද අමතක..
    කෙළවරක් නැති දුක් හැඩිල්ලේ..

    ReplyDelete
  13. @ජීව්...
    ගබ්සාවක්..?

    @තුසිත...
    යනවනං යද්දෙන්..ලැඛෙන දෙයක්නං කොහේ ගියත් ආපහු නියම තැනට එන්න එපැයි..එහෙම යනවනං ඒක කොහොමවත් අයිති දෙයක් නෙවෙයි නෙව..

    @හිස් අහස...
    කේක්..?????

    @පොඩ්ඩී...
    අනේ වස්තුවෙ..?ඔහොමත් කියනවද මං අහන්නේ..?

    @රංමාළු...
    බොලා කියයි..මගෙ පණ යයි...

    @පැටික්කී...
    නගා ඉතිං මාවකාලා බලලා වගේ දන්නවා නෙව..

    ReplyDelete
  14. @පිණි බිඳු...
    වන්නට හැකිය එලෙසත්..
    එසේ නැත්නම් මෙලෙසත්..
    තිබුනු පණ කෙන්දත්..
    අරං යයි ඈ හොරෙං මෙමටත්..

    ReplyDelete
  15. @ප්‍රසන්න...
    නිකමට හරි ට්‍රයි කරමුකෝ..කවියකට..?

    @හීනියට...
    හෙහ් හෙහ්..

    ReplyDelete