17 January 2011

අළුතින්ම පටාන් ගන්නයි යන්නේ...

ඔන්න ඉතිං සෑහෙන දවසකින් ටිකක් නිවාඩු පාඩුවෙ ලියන්න හම්බ උනයි කියමුකෝ...
අද ඉඳන් මම මෙතෙක් කලක් රාජකාරි කරාපු ස්ථානය වෙනස් කරලා අළුත් තැනක ඉඳන් වැඩ පටන් ගත්තා..අළුත් කියලා කිව්වට අළුත්මත් නැහැ ඉතිං මොකද මම මුළින්ම මෙ සිකුරුටි රස්සාව පටන් ගත්තෙත් මෙතනින්ම තමයි.
ඒ මීට අවුරුදු දෙක හමාරකට විතර උඩදි...

ඒත් මට මෙතන ඉන්න හම්බ උනේ ඉතාමත් සුළු කාලයයි.

මම ඔය පහුගිය දොහේ රාජකාරි කරාපු ඉස්ථානෙට මට යන්න උනා බොහෝම ඉක්මනින්ම...

ඒ ඉස්ථානේ කලින් හිටපු සිකුරුටි සේවය ඉවත් කරලා අපේ සේවයට භාර දුන්න හින්දා එතන අපිට අළුත්ම තැනක්..
යස අගේට මම මෙතනට වෙලා පාඩුවේ ඉද්දී අපේ පරිපාලන නිලධාරී තෙමේ මංතුමාව අමතලා ඇහැව්වේ නැද්ද

"මිස්ට මාරයා..අපි අළුත් පොයින්ට් එකක් ගත්තා වාරණ පන්සල කිට්ටුව...ඔයාට පුළුවන්ද එතන අපිට ටිකක් හදලා දෙන්න..."
කියලා..

මාත් ඉතිං වැඩි හෙවිල්ලක් බැළිල්ලක් නැතුව එතනට යන්න පොරොන්දු උනා.මොකද තව හේතුවක් තිබුණා ඒකට..

මං මෙතනට එන්න කළින් වැඩ කරපු වයසක පහේ නිලධාරීතුමා අසනීප තත්වය මත සේවයෙන් ඉවත් කරපු හින්දා තමයි මට මෙතන ලැබුනේ..ඒත් මං ඇවිත් මාසයක් විතර යනකොට උන්නැහේ ටිකක් විතර සනීප වෙලා ඇවිත් කං කෙඳිරි ගාන්න අරගත්තා ආයෙත් වැඩට එන්න ඇහැකිද කියලා බලන්න..ආං ඒ හින්දත් මං හිතුවා මං ගියොත් උන්නැහේට ජොබ් එක ආයෙමත් හම්බු වෙන්නේ නැතෑ කියලත්...

ඒත් උන්දෑ ඇවිත් මසයක් විතර කොරලා ආයෙමත් යන්න ගියා..අන්තිමට මට මෙතනට එන්න උනෙත් නැහැ..උන්දෑ මෙතන හිටියෙත් නැහැ.

ඒත් උන්දෑ ගියාට පස්සේ මම ආයෙමත් අහලා බැළුවා මට මෙතනට එන්න බැරි වෙයිද කියලා...

ඒ ගමන අපේ පරිපාලන නිලධාරී උන්නැහේ කිව්වේ නැද්ද..

"අනේ මිස්ට මාරයා...තව ටිකක් ඔතන ඇදලා දෙන්න..මාස තුනක් විතර ගිහින් ඔතන කෙළින් කටින් හිටියට පස්සේ ආයමත් අතනට මාරුව දෙන්නං" කියලා...

අන්තිමට මාස තුන ඇදුනා ඇදිල්ලක් අවුරුදු වලින්...
දැන් අපේ පරිපාලන නිලධාරීතුමත් අපේ සේවයේ නැහැ...
මං අතනමයි...
ඒ අතරේ හදිසියේ මොකක් හරි ගේමක් හින්දා මට ගිය අවුරුද්දේ දිහාවේ මාසයකට විතර මාරුවක් හම්බු උනේ නැතැයි ආයෙමත් මෙතනට...ගේම දුන්න ඈයෝ කොහොම ආතල් ගත්තත් මට මොකෝ මගේ වැඩෙ කෙරිලනේ කියලා මාත් ආවා බොහෝම සන්තෝෂෙන්..

හෆොයි..හරියටම මාසයකට පස්සේ ආයෙමත් මාව කැඳවලා නෙව ඉහළින්ම...

මක්කා කොරන්නද ගියා ආපහු අතනටම...
ආයෙමත් ගොනා සේ ඇදපංකෝ බර...

කොහොමින් කොහොම හරි මේ ඊයේ පෙරේදා වෙනකල්ම ඔහේ ඇදගෙන ආපි.

ඒත් අන්තිම දවස් ටිකේනං මට එපා තිත්ත වෙලයි හිටියේ...
වැඩවල ඉවරෙකුත් නැහැ...ඇති හොඳකුත් නැහැ...

අන්තිමට මම ඇද්දා බාල්දිය...
එක්කෝ මාරුව..නැත්තං පෙබරවාරි වෙනකොට පුතා අස්වෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ කියලා...

යාන්තං වැඩේ ගොඩ මං මෙහේ...
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි.

ඉතිං පහුගිය දවස් ටිකේම ගෙවල් හොයන්න ඇවිද්දා...ම්හූ..තාමත් හරි හමන් තැනක් හම්බ උනේ නැතුවා...

මම දැන් ඉන්න ගෙදර උඩ තට්ටුවක් කියලා දන්නෝ දනිති නෙව..ආතල් පොට් එක..කිසි කරදරයක් නැහැ..පාඩුවේ ජීවත් උනහැකි.
කාමරනං දෙක තුනක්ම තියෙනවා..ඒත් ඉතිං ඒවා හුගාක් හිස්..ආයේ මගේ කියලා මහ ගොඩක් බඩු මුට්ටු තියෙන එකක්යෑ...
උයා පිහා ගෙන කන බඩු මුට්ටු ටිකයි...
මංතුමාම හදාගත්තු ටෙම්පරි ඇඳ පොඩ්ඩයි..ඒ වගේම අටෝ ගත්තු මෙස කෑල්ලයි..ෆෑන් එකයි...පුටු දෙක තුනයි නෙව..
ආයේ ඉතිං බරකට කියලා තිබ්බේ ඔය කොම්පීතර උන්නැහේ තමයි..ඒත් ඉතිං උන්දෑ දීලා මේ ලැප් මල්ලියාව ගෙනාවට පස්සේ ඒ බරත් දැන් නැති ගාණයි.
ඔය ඔක්කෝම බඩු මුට්ටු ටික හයිඑස් වෑන් එහෙක දාගෙන යන්න ඇහැකි...
ඒත් ඉතිං ගෙයක්ම කුළියට ගත්තේ මට පාඩුවේ ජීවත් වෙන්න ඕන හින්දා තමයි.

හවුලේ ජීවිතේ මහා අවුලක් අප්පා...
මට ඕන වෙලාවට යන්න එන්න ඇහැකි..කැමති විදියට අඩියක් පුඩියක් ගහලා පාඩුවේ ඉන්න ඇහැකි...
නාන්න කරන්න පොලිමේ ඉන්න ඕන නැති..
කැමති දෙයක් කැමති වෙලාවට උයා පිහා ගන්න ඇහැකි..ආන්න ඒහෙම ඉන්ටනං පුංචියට හරි ගේ කෑල්ලක් තමයි ඕන...

ඉතිං මගේ පොට් එක ඒ අතිංනං මල් මසුරං..ඒත් ඉතිං දැන් ඉන්න තැනට වැඩට යන්න එන්න එතන ඉඳලා ටිකක් දුර වැඩියි.
කළින් තැනටනං වැස්සකට කුඩයක් ඉහළං හරි යන්න ඇහැකි..මොකද එතන ඉඳලා ඒ වැඩ පොලට හරියටම කිලෝ මීටරයක් වගේ තමයි තිබ්බේ..හැබැයි ඉතිං කවදාවත් වැස්සකටවත් කුඩ ඉහළං පයින් ගියේ නැහැ..වැස්සෙම තෙමීගෙන බයිසිමොටෝ එකේම ඇද්දා මිස..ඒත් එහෙම උනත් යන්න ඇහැකි..

ඒත් දැන් තැනටනං එතන ඉඳලා කිලෝ මීටර් හත අටක් තියෙනවා...
ඒ හින්දා අළුත් නවාතැනක් මේ අහල පහළිනං හොයාගන්න එක හොඳා...නැත්තං ගෙවල් කුලියට අමතරව තව අමතර පැස්ටෝල් වියදමකුත් මට එනවා නෙව...ජීවිතේ බරයි වියදම සැරයිළුනේ..ඒ හින්දා එක වියදමක් හරි කපා දාන්ට ඕනේ...

ඉතිං මේ ටිකේම මාරයා වාසස්ථානයක් හොයන්ට බොහෝම මහන්සි ගන්නවා...
මාර භවනක් කිව්වොත් හරියටම හරි...

මාරභවනක් හොයන එකත් ලේසි නැහැ...

පාඩුවේ ඉන්ට ඇහැකි වෙන්ටත් ඕන..
නාන්න කොරන්න ඇහැකි විදියට පහසුකං තියෙන්ටත් ඕන..
උයා පිහා ගන්න ජල පහසුකං ඇති වෙන්ටත් ඕන..
ටිකක් හරි මිනිස්සු යන එන තැනක පාරක් අයිනේ වෙන්ටත් ඕන..
නෝනට හරියන්න පාට තියෙන්නත් ඕන...ආ නෑ නෑ..එහෙම ඕන නැහැ..පාටනං නැතත් කමක් නැහැ.

ඔය ඔක්කොමටත් වගේම මගේ ආර්ථීක සැලසුමට ගැලපෙන්ටත් ඕන..දැන් ඉන්න තැනටනං මාසෙට තුන්දාහයි..
ආන්න ඒ වගේ වෙන්ටත් ඕන...

ඉතිං ඔන්න ඔය වගේ හේතු කාරණා හින්දා වැඩේ ලේසි නැහැ...
නිට්ටඹුව..වතුපිටිවල..රංපොකුණුගම වගේ හරියෙන් දැන් ඉතිං මාර භවන් හොයන එක ලේසි පහසු නැහැ..ඒත් ඉතිං හොයන්ටත් එපැයි...

ආ තවත් එකක් ඔය කනතු අයිනේ..එතකොට භූත බංගලා එහෙමත් මාරයට යා දෙනවා...

මීට ටික කාලයකට කළිනං මාරයා හිටියා නෙව බෝඩිමක..ඒ බෝඩිමේ ලොකුම කාමරේ හම්බු උනේ මාරයාට තමයි..මොකද අනිත් කවුරුවත් ඒකේ වාසය කොරන්ට කැමති නැහැ..මොකක්ද කේස් එකක් හින්දා ඉස්සර මිනී මැරුමක් උන කාමරයක් කියලයි බෝඩිමේම උන්නැහේ කෙනෙක් කිව්වේ...
මයේ මොකෑ..මාරයාට මොන කැටයංද..මාත් ඔන්න ඔහේ හිටියා..කිසි අවුලක් නැහැ...
හැබැයි අනිත් එවුංනං දවල්කටවත් එඛෙන්නේ නැහැ ඒ කාමරයට...

ඒ වගේ බෝඩිමක්නං ආයේ හම්බුවෙන්නේ නැහැ.
ආයේ ඉතිං බෝඩිංවල ඉන්නත් බැහැ.

ඉතිං දැනට අළුත් තත්වය ඔන්න ඔහොමයි...
දැන් ඉතිං වැඩ කරන දවස්වලට පලූ යනකං ලියන්නයි තියෙන්නේ...

හැබැයි ඉතිං පොඩි කොස්සකට තියෙන්නේ ආයෙමත් අතනටම කැඳවීමක් ලැඛෙයිද කියන එකයි..
ඊයෙත් එක ගෝලතුමෙක් කතා කරලා කියනවා මගේ යටතේ හිටිය තවත් ගෝලතුමෙක් පෙරේදා දවල් ඩියුටිය අස්සෙම යන්න ගිහින් කියලා ඕ අයි සී උන්නැහේ එක්ක වැඩ කරන්න බැහැ කියලා...
ඇත්තටම මටත් ඒ දාලා ගිය උන්නැහේ එක්ක වැඩ කොරන එක එපා වෙලා හිටියේ..ඒත් මං උන්දෑගේ වැඩ ටිකත් කවර් කොරගෙන මගේ වැඩත් ඇදගෙන තමයි ආවේ...

අළුතින් ආපු ඕ අයි සී තැන ඉතිං ඕවා දන්නවයෑ..උන්දැට වැරදි කියන්න බැහැ.
දාලා ගිය උන්දෑගෙම තමයි පරහා...

ඒත් ඉතිං ඔය වගේ කේස් හින්දා ආයෙමත් කොහු කොහු ගාණට වැඩේ ගියොත් මාරයාට කැඳවීමක් ලැඛෙනවා..ඒත් ඉතිං එහෙම උනොත් දින විසි හයක් කල් දීලා අස්වීම දීලා මාරතුමා ගෙදර යනවා ටක්කෙටම...ඕං කිව්වා...
මේං ගියා...

24 comments:

  1. එතකොට අර අරකට මොකද උනේ මාරේ..... ඒක මොකෝ තත්වේ ආ....

    ReplyDelete
  2. දැන් ඔය තනිකඩ ජීවිතේ මදෑ හිටියා. පවුලක් පන්සලක් උනානම්.. අපොයි මෙන්න මාරයා ගහන්ට එලවනෝ..

    ReplyDelete
  3. ඉන්න ආසම තැනම ඇති වෙනකම්ම ඉන්න ලැබේවා.....!!!!!!

    මාරයාට පාඩුවේ ඉන්න තැනකුත් ලැබේවා....!!!!(මේ ලංකාවේ නම් මාරයාටවත් පාඩුවේ ඉන්න අමාරුයි)

    කොහොමින් කොහොම හරි ආයේ ලියන එක ගැන නම් හා නඟාට පුල්ම පුල් හැපී............

    ReplyDelete
  4. මාර අයියේ අර ආපු දැරිවිට අතන රස්සාව ලැබුනැයි
    ලැබුනනම් ආයෙත් එහෙටම යන එකයි ඇත්තෙ.
    රස්සාව කෙසේ වෙතත් පරස්තාවවත් හරියන්නෙ නැතෑ.

    ReplyDelete
  5. මාරුව ස්තිර වේවා....
    මාර භවනක් ඉක්මනින් ලැබේවා....
    මේ බ්ලොගයේ පෝස්ට් වැඩියෙන් වැටේවා.

    ReplyDelete
  6. ඉතිං මචං කිලෝ මීටර් හත එච්චර ගේමක් නැහැනේ. ෂේප් එකේ බයිකෙන් පල. පරන නවාතැන ඔච්චර හොඳනම් අලුතෙන් කුණු කනවට වඩා ඒක ලේසිනේ.

    ReplyDelete
  7. හලි හලි දැන් ඉතින් රාජාකාරිය කොරන ගමන් ලිව්ව හැකි නේ

    ReplyDelete
  8. ඔය අපිව නොමග යවන්න දාන පොස්ට්... අපි අහුවෙයි...!!!!
    "මිස්ට මාරයා..අපි අළුත් පොයින්ට් එකක් ගත්තා..."

    ReplyDelete
  9. මේ මාර අයියේ අභීත අයිය අහපු ප්‍රශ්නෙම තමා මටත් තියෙන්නේ. අනිත් ඒවනම් ඕනෙ එකක්. අර අරකට මොකද බං වුනේ ? අර නිකං කොහෙහරි දැකල තියෙනවා කියලා හිතාගෙන උන්නු එකට... කියපංකෝ බං ඒකත් අගේ නොකර.

    ReplyDelete
  10. හනේද කියන්නේ.....හතත් ගේමක්ද බොල මාරයට.......

    ReplyDelete
  11. කොතැනක වුවත් නැත මරු හට බාධා

    ReplyDelete
  12. කෙලෙසද හෙට මරු නේති සිතන්නේ?

    ReplyDelete
  13. කොහොමද මාරයා මෝටර් නැතුව නිකම්ම බයිසිකලයක් දවසට කි.මී.14ක් පැද්දොත්,පර්ස් එකටයි ඇඟටයි දෙකටම නරකද?

    ReplyDelete
  14. හවුලේ වාසය නම් හරි යන්නේ නෑත තමයි. ඒක නිසා නිදහස් මාර භවනක් ඉක්මනින්ම ලැබේවයි පතනවා. ඒක නෙමෙයි බොල අර ආයෙ බ්ලොග් එක ලියන්න මුල් උනු හේතුව ගැන නැද්ද මොකුත්

    ReplyDelete
  15. මාර භවනක් ඉක්මනින්ම ලැබේවි...මාරයියා ආයෙමත් ලියන එක ගැන නම් හරිම සතුටුයි

    ReplyDelete
  16. Observer : ආයෙත් අහල... පාඅගන බයිසිකලයක් පදිනවනම් කොයි කටත් හොඳ නොවැ. මාරා වේශ නොවුනු මට නම් දවසක් දපල ඉත හැකි රස්සව කෙසේ වෙතත් ඒ තරම් දුරක් පැදල.

    හපොයි ඒ උනාට එහෙම පැද්ද කලක් තිබ්බ නොවැ. ජීවිතේ හැටි

    ReplyDelete
  17. කවුරුත් තරහා වෙන්ට එපා..අද ප්‍රති උත්තර බැඳිම ටිකක් සුනංගු වෙනවා...
    කෝච්චිය එක්ස්ප්‍රස්...
    පුළුවන්නං එල්ලෙන්ට...
    මාරයා වෙගය කැඳවයි...
    නෑ නෑ වෙගය මරු කැඳවයි...
    අරෙ..යාං......

    ReplyDelete
  18. Maaraya ge office eka koheda thiyenne?
    Nittambuwa - Ranpokunagama peththe nawathinna thenak hoyala denna puluwan wey..
    hebey ara kiyapu gaanata nam amaruy ayye.....
    Facebook ekata MSG 1k dannako, koy hariyenda oone kiyala.......

    ReplyDelete
  19. office eke indan liwwe, meke singlish nehe, ekay english walin liwwe

    ReplyDelete
  20. කළගෙඩිහේනෙන් නන් හොයල දෙන්නන්..

    ReplyDelete
  21. ඊලඟ එක බැලීමට යමින්

    ReplyDelete
  22. @අභීත...
    පිළිතුරු ඉදිරියේ ඇත..

    @පිණිබිඳු...
    පවුල කෙසේ වෙතත් ආයෙම වංගියක් පන්සලක්නං වෙන්ට වෙයි වගේ..

    @පැටික්කී...
    නගාලා සතුටෙන්නං අයියාත් සතුටින් තමා ඔං..

    @අමිල...
    අපොයි එතනට..?

    @ප්‍රසන්න...
    මං ඒත් බැළුවා මට ඊයේ මොකද උනේ කියලා..?
    බොලාගේ කට තමයි කට..එහ්නං..

    @මුචලින්ද...
    ඒක ඇත්ත මල්ලියා..ඒත් වහින කාලෙට අත්තනගළු ඔය නිතරම පිටාර යනවා...එතකොට මට යන්න වෙනවා කිලෝ මීටර් විස්සක විතර වටයක්..?

    @නිශ්...
    ඔය තියෙන්නේ පොරොතිපල ඊයේම..

    @තිස්ස අයියා...
    අනේ මගෙ කට...අඹ පුරස්න අහලා මිහිඳු හාමුදුරුවන්ටත් බැරි වෙච්ච එකේ..මෙ මම කොහොම කොරන්ටෙයි ඒක..
    හැබැයි මුවාවනං වටෙ ඇරියැකි.. හෙහ් හෙහ්...

    @රංමාළුස්...
    පිළිතුරු ලැබී ඇතැයි සිතමි..හිහ්..

    @හීනියට...
    හතනං අවුලක් නැහැ..හත අවුරුද්දට තිස් හතළිස් පාරක් විස්ස විසි පහ වෙනකොටනේ රගේ තේරෙන්නේ...

    ReplyDelete
  23. @මකරාස්...
    මකරු ඇවිත් කෙරුවොත් මිස ඝෝෂා..

    @කතන්දර...
    අද අද එයි කෙල්ලව ගෙට ගන්නේ..

    @ඔබ්සවර්...
    එහෙම කාලෙකුත් තිබ්බා..දැන් මං නාකියා ගොයියෝ..එව්වා කොහෙද දැන්...

    @පිස්සා...
    පුත ළග නොබලන්න ඉදිරිය බලන්න..

    @අකීකරු හිත...
    ආ නගා ආව එක ගැනත් මට කියන්න තියෙන්නෙත් ඔකමයි..

    @පිස්සා...
    ආයෙත් අහලා..මටත් ඒ සංතෑසියම තමා...

    ReplyDelete
  24. @සමීර...
    රං පොකුණත් හොඳා මලේ...ගානේ අවුල තමයි ටිකක් තියෙන්නේ..ඒත් මට හරියටම සෙට් වෙනවනං ඒකත් තව ටිකක් ඉහළ ගියාට අවුලක් නැහැ..මං මුණු පොතේ අහු උනහම කතා කරන්නංකෝ..

    @තුසිත...
    ස්තූතියි කොල්ලෝ..ඒත් කළගෙඩිහේන දැන් ඉන්න තැනටත් වඩා දුරයි බං...

    @හිස් අහස...
    අරෙ ඔහොම යං...

    ReplyDelete