02 January 2011

මාරයාගේ මුර ජීවිතේ ආරම්භය...

අදනං ලියන්න කියලා ගත්තට ලියන්න මෙලෝ දෙයක් නැහැ.
උදේ වැඩට ආවා...
ඉරිදා හින්දා ඒ තරම්ම කචල් එකක් නැහැ.ඒත් හෙට ස්ටොක් ගන්න තියෙන හින්දා හැම තැනම කට්ටිය දාගෙන බඩු මුට්ටු පෙරලනවා...ඒක ඉතිං ඒ තරං අවුලක් නැහැ.
මගෙ පාඩුවෙ මං...

කාලෙකින් සාත්තුවක් නොදීපු හින්දා ලැප් මල්ලිට පොඩි සාත්තුවක් දුන්නා...
ඔය වැඩකට නැති ෆයිල් එහෙම මකලා දාලා...හාඩ් එක එහෙම ස්කෑන් පාරක් දාලා..තව අර මොකක්දෝ Defragment කියලා එකක් තියෙන්නේ ඒකත් කොරලා...
ෆුල් ක්ලීන් පාරක් දැම්මා.
ඊට පස්සේ වෛරස් ගාඩ් එකකුත් ඉන්ස්ටොල් කොරලා කාරිය එකෙනුත් හතර වටේ පරීක්ෂා කොරලා කියලා හම්බු වෙච්ච ජරහන්ත ටිකත් ..ඒ කිව්වෙ අර මැල් වෙයාර්ද මොන වෙයාර්දෑ කියන එව්වාත් අකාමකා දැම්මයි කියමුකෝ..මගෙ අම්මේ..අන්න ඒ වෙයාර් නෙව වෙයාර්..714ක්ම තිබ්බා කියහංකෝ...

දැන් ඉතිං පහුගිය දොහේ පණ ඇද ඇද හිටිය ලැප් මලයා ටිකක් එක විදියක්...
පහුගිය දොහේ උන්දෑ හිටියේ මාත් එක්ක හරි ඔරොප්පුවෙන් වග මට දැනිලයි හිටියේ...
හැම වෙලේම හිමීටමයි වැඩ..දැන්නං අවුලක් නැහැ..ඔය ඉන්නේ මලයා ගිනි කසයා වගේ...

ඉතිං ඔන්න ඔහොමයි වැඩ ටික...

අනේ මංදා මේ පස්වෙනි සිල්පදේ නැතුව ලියනවා කියන්නේ පුදුම වදයක්..
හිත නිකං පාළු කනත්ත වගේ...
දෙකක් ඇන ගත්ත වෙලාවටනං ඉතිං අදහස් එන්නේ ටිං ටිං ගාලා..මට ලියා ගන්නත් බැහැ.
ඔය ලියලා තියෙන හුගාක් ඒවා මඳ පමනින් අරගෙන ලියාපුවා නෙව..හැබැයි ඒ ලියලා තියෙන්නේ ඒ ඒ වෙලාවට හිතට ආව කෝටියක් ජාති වලින් සීයක් දෙසීයක් විතර තමයි...

ඒ අතින්නං මගේ යාළුවා තරං අදහස් දෙන කවුරුවත් නැහැ නෙව.
මේ ටිකේ අත ඇරලා දාලා ඉන්න හැදුවට යාළුවා හොඳ එකා...

හ්ම්ම්ම්.....

මොනවා ලියන්නද මන්දා...
අද වගේ නිසංසල දවසකත් ලියවෙන්නේ නැති ඒවා කවදා ලියන්නද මංදා...
මුර ජොබ් එකේ ආතල් එක තියෙන්නේ මේ වගේ දවස්වලට තමයි.
වෙලාවට නාලා කාලා පොත්පත්වල අඩු පාඩු බලලා..සතියෙම වෙච්ච දේවල් පිළිවෙලකට ගොනු කොරලා.හවස් අතේ බයිසිමොටෝ එක එහෙම නාවලා කරලා..අප්පේ ඉරිදා දවසක පෝය දවසක තමයි ඕවා කරගන්න තියෙන්නේ...

මම ඉතිං මේ මුර ජොබ් එක අද ඊයේ කොරපු එකක් නෙවෙයිනේ...
එක කාලයක් පොලෝසියේ ජොබ් එක කොරන කාලෙත් මුර කොලා..හැබැයි ඒ කාලේනං අම්බ වහ..
අපි වැටුනේ බම්බල පිටියට කියලා මම කළින් විඩයකුත් කියලා තියෙනවා නෙව...
එහෙ ඉතිං මුර කොරන්න හම්බ වෙන තරමක් හම්බු වෙන්නේ චාටර්ම පොට් තමයි..මක්කා කොරන්නද..ඉවසපං පපුව කියලා කාගෙන ඉන්නවා.ඊට හපං මදුරු කරදරේ..උං මදුරුවෝ නෙවෙයි දෙකේ හතරේ කපුටෝ...

මම මුළින්ම ඩියුටියට වැටුනේ බම්බල පිටිය පොලිසිය පිටුපස්සේ පොයින්ට් එකකට..

ඇත්තටම එතන ඇති ඩියුටියක් නැහැ.ඒත් අපිට දෙන්න දෙයක් නැති කමට එතනටත් ඩියුටි දැම්මා.
මොකද අපි එන්න කළින් තවත් කට්ටියක් රාජකාරියට වාර්ථා කරලා තිබුනා..ඒ අයට පොයින්ට් හුරු කරන කොටම තමයි අපිත් කඩං පාත් උනේ ..ඉතිං අපිවත් අල්ලලා ඔය කොහේ කොහේ හරි තැන් වලට පංගාර්තු කෙරුවා...

මාවයි තව අපේ ඔය නුවර පැත්තේ බුවෙකුයි වැටුනේ පොලිසියේ පිටිපස්සේ මුර කොරන්න නෙව...

එතන හරි අපූරු තැන...
පොලිසිය පිටුපස්සේ තාප්පෙට පිටින් රේල් පාර..ඒ එක්කම මූද..හරි සනීප හුළං පාර...
පොලිසියේ තාප්පයත් මුහුදු වෙරළත් අතර මහ පරතරයක් නැහැ...වෙරළ කිව්වට එතන වැල්ල එහෙම නැහැ මහ තඩි කළු ගල් ගොඩක් තමයි තිබුනේ...අපි ඉන්න පොයින්ට් එක තිබුනේ තාප්පේ කෙළවර මුල්ලකට වෙන්න. කොල්ලූ පිටිය පැත්තට නෙවෙයි වැල්ලවත්ත පැත්තට තියෙන මුල්ලේ..ඒකත් තාප්පේ උඩට වෙන්න හදපු එකක්..එතනට නැග්ගහම වටේම පේනවා.
ඔතන ඉන්නකොට හරි අපූරු දර්ශන අපිට පේනවා...ඔයාලා දන්නවා ඇතිනේ අර පාස්පෝට් කන්තෝරුව ඒ දවස්වල තිබුනේ බම්බලපිටියේ නෙව ඕක..
මැජස්ටික්සිටි එක අයිනෙන් තියෙන පාරෙනේ...

ඉතිං ඕකට පාස්පෝට් හදාගන්න එන හුගාක් ඈයෝ..තම තමුන්ගේ ලිය කියවිලි හදන්න දීලා අහවර වෙලා යන්න එන්න තැනක් නැතුවහම වෙරළ දිගේ ඇවිදගෙන අපි ඉන්න හරියට තමයි එන්නේ..ඒ ඇවිත් නිකං ඉන්නවනං බැරියා..පාස්පෝට් එක හදනකං ඒ හරියට වෙලා පූස්පාට් ඇට් කොරනවා නෙව...

ඒවා ඉතිං මෙහෙම පොරසිද්ධියේ කියන්ටත් නිකං මොකක්ද මොකක්ද වගේ..අපි වගේ හැදිච්ච ළමයින්ට..ඕනමනං ඉතින් කොරලාම පෙන්නන්ටනං බැරි කොමක් නැහැ..ඒත් කියන්නනං ලැජ්ජයි...

කොහොම උනත් ඉතිං අපි උඩ හිටියට අපිව පහළ ඉන්න අයට පේනවා අඩුයි..මොකද අපි ඉස්සරහා සිල්පර කොට ගොඩ ගහලා තියෙන්නේ ඉස්සරහ කවර් වෙන්න..දන්නවනේ ඉතිං අර බංකර් සිස්ටම් එක..
දඩෝරියං සයිස් සිල්පර කොටයක් තාප්පේ දිගට තියලා..ඒක උඩිං ඔය තාර දාන්න ගන්න සයිස් එකේ ගල් කැට ටිකක් එහෙං මෙහෙං තියලා..ඒක උඩිං තව කොටයක් තියනවා..ආයෙමත් ගල් කැට..ආයෙමත් කොටයක්...ඔන්න ඔහෝම කොට තුනකින් අපිව කවර්..අපි හිට ගත්තම යන්තං ඛෙල්ලේ ගානට තමයි කොටවල උඩ මට්ටම..
ඉතිං අපි ඉස්සරහටම ඇවිල්ලා ඔළුව එළියට දැම්මොත් තමයි පහළ ඉන්න අයට අපිව පේන්නේ...

අපිත් ඉතිං නිකං ඉන්න බැරුවට ඔය ඔළුව එහෙ මෙහෙ ඔබන්න යන ඈයෝ නෙවෙයි නෙව..ඉතිං ඒ එන උදවිය තමුන්ගේ පාඩුවේ ඇවිත් ඔය කොරගන්න දෙයක් කොරගෙන යනවා..ඔය ඉතිං කුඩ කබලක් ඉහල ගත්තම හරියට මුළු ලෝකෙන්ම වහං උනා වගේනේ එයයිලට හිතෙන්නේ...
අපෙත් මොකෝ අපිත් දැක්කේ නැහැ වගේ ඉන්නවා..ඒත් ඉතිං දකිනවා..නැත්තං ඉතිං රාජකාරිය නොකළා වෙනවනේ...

ඉතිං ඔය ෂෝ එහෙම යන අතරේ පළවෙනි දවසේ අපි දෙන්නා හරි ආතල් එකේ ඉන්නවා..රාජකාරිය තියෙන්නේ උදේ හයේ ඉඳන් හවස හය වෙනකල් නෙව...
පැහැබර කාලගුණය..මුහුද දෙසින් හමන සනීප සුළං රැළි..නෙත පිනවන සොඳුරු අනග රැගුම් මැද අපි අපිව මෙතන රාජකාරියට දාපු ලොකු පොලිස් අයියට එහෙම පින් දිදී ඉන්නවා...
ආ තව එකක් ඔය අපි හිටිය පොයින්ට් එකෙන් තමයි අපේ පොලෝසියේ හුගාක් උන්දලා යන්නේ එන්නේ...මොකද ප්‍රධාන ගේට්ටුවෙන් යන්න අවසර නැති හින්දා ඔය පොයින්ට් එකට ඇවිල්ලා අපිටත් පොඩි දැනමුතු කොමක් දෙන ගමන් තාප්පෙන් පැනලා අල්ලපු වත්ත හරහා ගාළුපාරට ගමනේ යා..
ආපහු එන කොටත් ඇවිල්ලා තාප්පේ දිගේ බඩගාලා ඇතුලට කමිං...

ඉතිං ඔක සමහර වෙලාවට ප්‍රධාන ගේට්ටුවට වඩා කාර්ය බහුල තැනක්...
අපෙත් මොකෝ..අතිං පයින් යන එකක්යෑ..අනික ඉතිං මෙතනට ඩියුටි දානකොට අපිට කිව්වේ නැහැනේ..මෙතනින් යන්න එන්න දෙන්න එපා කියලා..අපිත් අපේ පාඩුවේ කාලා බීලා තුවක්කුබට දෙකත් එල්ලගෙන ඉන්නවා ඉතිං.

පළවෙනි දවස ගෙවුනයි කියමුකෝ..
රෑ ගියා අපි බැරැක්කයට...
ගෙහුන් නාලා කියලා කාලා බීලා...
ආ කාලා බීලා කියපුවහමයි මතක් උනේ..මං මුළින්ම හරක් මස් කන්න පුරුදු උනේ බම්බලපිටියේ පොලෝසියේදී තමයි.
ඇයි දෙයියනේ එච්චරයි කන්න තියෙන්නේ...
බත් එකක් තියෙනවා එහෙං පිටිං කිරි මැටි...
තව ඉතිං පොල් සම්බෝලයක් තියෙනවා ඒවාගේ අන්තිම බිංදුවට යනකල්ම කිරි මිරිකලා අරගෙන තියෙන්නේ..අර මොක්කුද පිදුරු කනවා ඇති ඊට වඩා රහට...
තව ඉතිං මාළු මිරිස් හොදි..වම්බටු හොදි එහෙමත් නිතර තියෙන ජාති තමයි...
ඔය එකක්වත් මනුස්සයෙකුට කටේ තියන්න ඇහැකි ජාති නෙවෙයි..ඒ තරමට රහයි..ඒ දවස්වල ලූණු සෑහෙන්න ගණන්ද කොහේද..මිරිස් ඊටත් එහා මං හිතන්නේ..මෙලෝ ලූණු මිරිස් රහක් නැහැ.
හැබැයි නිතරම හරක් මස් තියෙනවා අපරාදේ කියන්න බැහැ සුවඳයි පෙනුමයි තියෙනවා මල් ටිකට...

ඉතිං ඉවසලා ඉවසලා අන්තිමෙදී හොදි ටිකක් විතරක් දාගෙන කන්න ගත්තා...
ඊට පස්සේ ඉතිං හොදි එක්ක කෑලිත් කැව්නයි කියමුකෝ...මක්කා කොරන්නද නේද..අන්තිමේදීනං ඉතිං වැඩේ අල්ලලා ගියා.
ඇත්තටම ඒ මස් හොද්දනං රහයි...අනිත් මොනවා නැතත් ඒකත් එක්ක යංතං බත් ටික උගුරෙන් පහලට දාගන්න පුළුවනි..අනික ඉතිං ඇති පදං ඛෙදා ගන්නත් පුළුවං..අර පොල්කුඩු සම්බෝලේ එහෙම දෙන්නෙත් ඛෙහෙතට වගේ...

හරි ආපහු එමුකෝ කියාගෙන ගිය තැනට...

ඉතිං කාලා බීලා රෑ තිස්සේ කට්ටියම එකතු වෙලා කතාව එදා දවසේ කොරපු කියපු දේවල්..දැකපු දේවල්...

අන්තිමට බලනකොට අපි දෙන්නා මාර සැප තැනක ඉඳලා තියෙන්නේ..අනිත් කොල්ලෝ ටික පාරවල් පුරා දවසම කටු කාලා කාලා ඇවිත් තියෙන්නේ..ඉතිං අපිත් දන්න කියන සියළු දෙවියන්ට පිං පෙත් දීලා දොයිය ගත්තා කියමුකෝ..
බුදු පොච්චියේ පහුවදා නෙව ගේම තිබුනේ...
වහිනවා පළු පැලෙන්න...පොයින්ට් එකේ වහලනං කිසි අවුලක් නැහැ...
ඒත් අර ඉස්සරහා තියෙන සිල්පර කොටන් අතරට තියලා තියෙන ගල් කැට නිසා හැදිලා තියෙන අගලක දෙකක තීරු අස්සෙන් මුදූ හුළගත් එක්ක වතුර ගහනවා නිකං මහවැලිය හැරෙවුවා වගේ...

අපි නානවා මදි නොකියන්න...පැය දෙකකට විතර සැරයක් හොඳට පායනවා...ආයෙමත් ඇදුම් වේලෙනවා..ආයෙමත් පැයකින් වහිනවා..අපි තෙමෙනවා..අර ඊයේ පින් දුන්න අයියගේ මෑණියෝ එහෙම දැන් නිවන් දක්කනවා හිටු කියලා.
කළින් දවසේ මෙතනින් ගාළු පාරේ වාහන යනවා වගේ එළියට යන්න ආපු එකෙක් නැහැ නිකමටවත් එන්නේ අපේ දුක දකින්න...
මොනවා කොරන්නද..එදා දවසම තෙමුනා..පහුවදත් තෙමුණා ..පහුවදාත් තෙමුණා...අන්තිමට සතියම තෙමුණා...

ඔන්න ඔහොමයි ඒ සතිය ගෙවුණේ...

අන්තිමට සතියකට පස්සේ අපේ පොලෝසියේ ස්ථාන භාර නිලධාරීතුමාට ඒ කිව්වේ අපේ ඕඅයිසී මහතැන් ආවේ නැද්ද අපිව බලන්න..උන්නැහේට එදා තමයි මතක් වෙලා තියෙන්නේ අළුතින් ආපු කොල්ලෝ සෙට් එක බලන්න...
අනේ ඉතිං ඒ එනකොට අපි දෙන්නා ඉන්නවා නිකං තෙමිච්ච කුකුල්ලූ දෙන්නා වගේ වතුර පෙරාගෙන...

අප්පච්චියේ අපරාදේ කියන්න බැහැ අපේ ලොකු මහත්තයාට අපිව දැකපු ගමන් මහා දුකක් පහළ වෙච්චි..

"ඇයි කොල්ලනේ උඹලා තෙමුනේ...
වහිනවනං අර එහා පැත්තේ තියෙන බැරැක්කෙට යන්න එපැයි...."


එත් එක්කම උන්නැහේ එක්ක ආව සාජන් මහ තැනත් කියනවා නෙව..

"උඹලට පිස්සුද බං මේ වැස්සේ තෙමි තෙමි ඉන්න...අපිට පණිවිඩයක් එවන්න එපැයි...එහෙනං කියනවනේ අරෙහෙට වෙලා හිටහල්ලා කියලා..."

ඔන්න ඔහොමයි ඒ තෙමිල්ල ඉවර උනේ..ඒ වෙන කොට ඉතිං අපිට වෙන්න ඕන විපත් වෙලා ඉවරයි...
ඒකත් කමක් නැහැ කියමුකෝ...
අනේ ඉතිං අපි පස්සෙයි දන්නේ එදා තමයි අපේ රාජකාරි මාරුවෙන දවස...පොලිසියේ ඩියුටි රෝස්ටරය හදන්නේ සතියකට සැරයක් ඩියුටි මාරු වෙන විදියට..මෙ සතිය දවල්නං ලබන සතිය රෑ වැඩ...
සතියක්ම තෙමිලා තෙමිලා ඉවර උනාට පස්සේ තමයි අපේ ගැලවුම්කාරයා හම්බවෙලා තියෙන්නේ...
පහුවදා ඉඳලා අපි නයිට් ඩියුටි ඩග්ලස් දේවානන්ද උන්නැහේගේ මාළිගාව ගාව...
ඒක ඊට හපන්...

................................

ඔය ඉතිං මගේ මුර ජීවිතේ ආරම්භක සතිය..ඔතැන ඉඳලා අද මෙතැනට එනකොට කොච්චරනං කතා තියෙනවද කියන්ට කියලා...

හරි ඉතිං ඒ තරංම දෙයක් නැති උනත් දැන් මට ලියාපු පෝස්ට් එකක් තියෙනවා නෙව දාන්ට..ඒකත් මදෑ...

50 comments:

  1. පස්වෙනි සිල්පදේ නැතුව ලියපු එක ගැන නම් හරි සතුටුයි ඕං....

    ReplyDelete
  2. අඩා මාරයියේ......අදුරන්න පුලුවනෑ මාව

    ReplyDelete
  3. අනේ ඉතින් ඇස් කන් පියාගෙන මුර කරන්නත් බැහ නොවැ කියල නොමිලේම වැඩිහිටියන්ට පමනයි නරඹල වගේ හික් හික්... අපොයි මාර අයියේ පස් වැනි සිල් පදේ නැතිව ලිවීම මටත් අරහං. ඒත් කොමෙන්ට්දැමිල්ලට නම් අවුලක් නැත හික් හික්

    ReplyDelete
  4. ඕන්න දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් සේරෝම ටික කියෝල අහවරයි කියහන්කො......

    ඉතින්.... මාර සහෝ ඔන්න ඔහොමයි 2011 ටත් ආවේ.....

    නොකියාම බැරි දෙයක්......උඹැහැ සඟ වෙස් ගත් කයි කතන්දර ටික නම් සාරෙන් ඉහලයි ගොය්යො.

    ReplyDelete
  5. මම නම් ලියන්නෙ ගොඩක් වෙලාවට සිල්පදේ කඩාගෙන නෙමේ. මොකද සිල්පදේ කඩාගෙන ලිවුව නම් ගිය මාසෙ ලියපු වේගෙට මම ඉස්පිරිතාලෙ

    ReplyDelete
  6. හරි ෂෝක් කතාව! මාත් ඔය බමබලපිටිය පොලිසියට ඇවිත් තියෙනවා ඒ පොලිසියෙන් මගේ වාහන ලයිසන් එක ඉල්ලගත්තනේ.
    පොලිසියේ අයට අපි සැහෙන්න කතා කිව්වට, ඒ අයත් සැහෙන්න කටු කනවනේ බලා ගෙන යනකොට.

    ReplyDelete
  7. මාරයියා පොලිස්සියේ හිටියනම් පොලිස්සිය අද ගොඩ තමා..

    ReplyDelete
  8. පොලෝසියෙ වැඩ - කෙරුවට පාඩු වෙනවද ?
    අර බැරැක්කයේ මැද - උඹලට ජොලියක් නැද්ද ?

    යකෝ බලාගෙන ගියාම පොලීසියත් පීප්පෙ දානවනේ ... ! මේ ලෝකෙ ලව් කරන එවුන්ට නිදහසක් ඇත්තෙම නැද්ද ?

    අද නම් පෝස්ට් එක කම්ප්ලීට්... මොකද කෑම ගැනත් දාලනේ...!

    උඹලැහේට සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  9. අකීකරු හිත...

    ඉඳලා හිටලා හරි නගාගේ හිත සතුටු කොරන්නත් හම්බුවෙච්ච එකත් මදෑ...

    ReplyDelete
  10. ඉරූ...

    අඩෙයී..මක්කදෑ කිව්වෙ...
    රත්ගම බුවාලා අපි අදුරන්නේ නැද්ද..?

    ReplyDelete
  11. පිස්සා පලාමල්ල...

    හෙහ් හෙහ්..අම්මපා සහතික ඇත්ත...
    අනේ ඔව් ඒ දවස්වල අපිත් හිච්චි කොල්ලෝ...

    ReplyDelete
  12. පට්ටම ලියමන. පොලොසිය ගැන අත්දැකීම් නැති අයට සෑහෙන්න වටිනව. ලියන තාලෙත් අපූරුයි. ඉක්මන් කොරල ඩගියගෙ මාලිගාවෙ ඩියුටි කොරපු කාලෙ ගැන ලියමුකො..... ජයවේවා !

    ReplyDelete
  13. Heeniyata...

    සංතෝෂයි..ඉතිං කොහොමෙන් කොහොම හරි අන්තිමට නියම තැනට ආවා එහෙනං...

    බොහෝම ස්තූතියි...

    ඔව් ඉතිං පන්සල් කතාවනං හුගාක් දෙනෙකුට අල්ලලා ගියා..ඒත් ඉතිං නොවැල්විය හේතු මත...හබක්...

    ReplyDelete
  14. රංග...

    ආ ඒපාර දෙන්නගේ තරගේ කොමෙන්ට් වලටද..?
    ඔන්න අර ඇත්ති යටින් එල්ලිලා...

    ReplyDelete
  15. Janani...

    හරිමෙ පාර බලමු අපේ පත්තර නෝනාගෙයි රංග ගොයියගෙයි කොමෙන්ටු තරගෙන් දිනන්නේ කියලා...

    පොලීසියේ උන් කටු කන හැටි දන්නවනං ඔය රුපියල් සීයක් දෙසීයක් ජරාව ගන්න උන්ටවත් කවුරුවත් බනින එකක් නැහැ මගේ හිතේ..
    ඒ තරමට ජීවිතේ කලකිරෙන ජොබ් එකක්.

    ඇත්තටම මොකටද ලැයිසොම පොලෝසියෙන් ගත්තේ ලස්සන බලන්නවත්දෑ..?

    ReplyDelete
  16. කැන්ඩි...

    ගොඩද වලද..මන්දා..

    ReplyDelete
  17. දුමී...

    අම්මපා දුමියෝ දැන් මම ලියන්න ගිය ගමන් උඹව මතක් වෙනවා...
    ඉතිං උඹටත් මොනවා හරි තියෙන්න එපැයි..ඒ ටික උඹට...

    ReplyDelete
  18. ekayaka...

    ඔහොම ඉම්මු..මෙහෙම යනකොට ඒවත් කියවෙයි...

    ReplyDelete
  19. යාළුවාගේ උදව් නැතිව ඔය අපුරුවට ලියලා තියෙනේ.එක ගැනනම් ගොඩාක් සතුටුයි... සුබ නව වසරක් වේවා අයියාට....!

    ReplyDelete
  20. හෆ්ෆේ අර බොතලේ නැති එකනම් සෑහෙන්න හොදයි....මේක විතරමද මන්දා තියෙන්නේ පොස්ට් එක්ක ඔය බොතලේ නැතිව....

    තව නැද්ද බං අයියේ පොලොස් කතා...නෑ නෑ මේ පොලිස් කතා.....හික්ස්

    පට්ට පට්ට....

    ReplyDelete
  21. පස්වෙනි සිල් පදේ ඔය විදිහටම රැකගෙන යමු ලොක්කා :)

    ReplyDelete
  22. අර වෛරස් ගාඩ් එකේ නම කියන්නකෝ මාරයෝ..

    ReplyDelete
  23. මාරයෝ අර ‍රැගුම් ගැන විස්තර කරලා තියනවා මදිද මන්දා.....කොහොමත් අපේ පැති වල පොලෝසියේ උන්දල නම් ඔය කට්ට කන්නෙ නම් නෑ,,මම නොදන්න පොලෝසියේ උන්දල,දැන් කාලෙක ඉදලා මාඔයේ වැලි අදින්නෙත් අර සැර ජාති අදින ක්‍රමේටනේ,,ඉති පොලෝසියේ උන්දලා ගොඩේ ගොඩ......අපි අදුනන පොලිසියේ ලොක්ක මහත්තයා ආවේ බස් එකේ වැඩ බාර ගන්න,,,,මාරු වෙලා ගියේ අලුත්ම කාර් 2ක හිමියෙක් වෙලා,පොලිසියේ ඉදලම කාර් රෙන්ටින්ග් බිස්නස් එකකුත් කලා පොර...

    ReplyDelete
  24. කිව්වට නිකන් පිළිගන්නත් බෑ වගේ,, වෙන මොකක්වත් නෙවේ, නොබී ලිව්ව වග !!!

    ReplyDelete
  25. මමනම් කවදාකවත් බීල ලියන්නේ නෑ . ලියල ඉවර වෙලා තමයි බොන්න ගන්නේ . අයියත් එහෙම කරන්න .

    පොඩිකාලේ ඉඳලා බීමට ඇබ්බැහි උනා වගේ . අයියගේ බ්ලොග් එකටත් නිකම්ම ඇබ්බැහි උනා . අයියා ලියන්නම උපං කොල්ලෙක් .

    අපරාදේ ඩීෆැර්ග්මන්ට් කරන ගමංම . හාට් එකට ක්ලීන් අප් එකකුත් දෙන්නයි තිබුනේ .

    අපි ගියා ..

    ජය වේවා !!

    ReplyDelete
  26. නියමයි ලොක්කා. ආපහු නියම ට්‍රැක් එකක.
    ඔහොම්මම යමු.
    ජය!

    ReplyDelete
  27. හසී...

    ලිව්වනං තමා ඒත් අප්පා නිකං ලියනවා වගේ නෙවෙයි පණ යනවා...

    ReplyDelete
  28. හසියා...

    නැහැ මලේ ඉඳලා හිටලා ලියපු දෙක තුනක් ඇති..මෙලෝ රහක් නැති...
    පොලෝසියේ කතානං තව ඔනෑ පදං..ඒත් බං ඔව්වා හැම එකක්ම ලියන්ට ගියොත් ෂුවර් සුදු වෑන් තමා...

    ReplyDelete
  29. Hasitha...

    උඹට කියන්න මලේ 2011 අවුරුද්දටම බිව්වෙ නැහැ නෙව..ලේසි පාසු කෙළියක්ද..?

    ReplyDelete
  30. ItalyDilan...

    රැගුම් ගැන දැම්මනං රැගුම් පාලක මණ්ඩලෙන් කොටු කොටු දානවා ෂුවර් බොලං..ඒකයි ඒවා දාන්ට නොගියේ..
    අර වගේ උන්දැලත් පොලීසිවල නැතිවා නෙවෙයි...

    ReplyDelete
  31. හරී...

    අනේ ඉතිං මෙව්වට මක්කා කියන්නද..?
    කොහොම කොලත් අක්කණ්ඩිට වැරදියි නෙව..වෙන මොකවත් නෙවෙයි මගේම කරුමෙ..මගේම කරුමෙ..ඔව්...

    ReplyDelete
  32. හිස් අහස...

    දුන්නා දුන්නා මලේ දෙන්න තියෙන එක්කෝම ක්ලීන් අප් දුන්නා...

    ReplyDelete
  33. charmi...

    ඹව් ඉතිං හිටපු ගමං ට්‍රැක් පනිනවා ආයෙමත් නියම පීල්ලට වැටෙනවා..ඔහොම තමයි ලොක්කා...
    හැබෑටම අර කිව්වත් වගේ දැන් අයවැය ලේඛණයට අනුවමද වැඩ...

    ReplyDelete
  34. හුටාය....අදුරා ගත්තාහුය

    ReplyDelete
  35. අඩේ බම්බලපිටියේ පොලෝසියේ හිටියනම් අපිවත් දකින්න ඈති. දැන් ඔය මුකුත් දැක්කේ වගේ හිටියට. හැබැයි එතෙන තමයි ස්පොට් එක. මරු හුලං පාර.

    ReplyDelete
  36. පොලීසියේ මාරයා....
    දැන් ඉතිං පොලිස් කතා දෙකතුනක්වත් ලියමු.

    ReplyDelete
  37. ඉරු...

    මොකෝ බං මට බොලාව අඳුරන්ට බැරි...
    මාත් එක්කත් කාලයක් හිටියා නෙව රත්ගම බුවෙක් එළ කිරිස් කොල්ලෙක් ඌ...
    මට රත්ගම බූස්සේ උන් ළගින් ගියත් කියතහැකි.

    ReplyDelete
  38. prasanna86k...

    දකින්ට ඇති මලයා..හැබැයි ඉතිං මං කියන්නේ මෙ1997 අග බාගයේ වගේ..
    බොලා ඒ දවස්වල සිස්සත්තේ ලියනවා ඇති මයෙ හිතේ...
    පොට් එකනං කියලා වැඩක් නැහැ..ආශික්..ෂෙහ්...

    ReplyDelete
  39. Praසන්ன...

    ලියඤ්ඥං ලියඤ්ඤං..ඒත් කොහේද මෙ රත්ගමයා ඇවිත් වැඩෙ චකබ්ලාස් කොලා නෙව...

    ReplyDelete
  40. පොලිස් බාප්පලව මට නන් ඒච්චර දිරවන්නෑ.. මොකද බන් පොලොසියෙන් අයින් වුනේ...

    ReplyDelete
  41. ඔය පස්වෙනි සිල් පදේ එච්චර සිරා ගන්ඩ ඔනැන්නෙ නැහැ මාරෙ,

    බුදු හාමුදුරුවො උනත් ඕක පංසිල් වල අන්තිමට දැම්මෙ නොවැදගත්ම එක නිසානෙ, අනික කම්පනා කොරගෙන යනකොට මට මෙහෙම දේකුත් හිතෙනව, දැං ඔය පස් වග තවුසන්, පස් මහ බැලුම්,පස් පියුම් වගෙ ඔක්කොම පහේ ගොඩවල් නිසාවෙන්, ඕක බුදු හාමුදුරුවො මේ නිකමට පහ සම්පූර්ණ වෙන්ඩ ඕන නිසාම දැම්ම එකක් දෝ කියලා,

    කිව්වම මොකදෑ මටත් ඔය වගෙ දාර්සනික අදහස් පහල වෙන්නෙ දෙකක් දාගෙන සකෘදාගාමී තත්වයටවත් පත්තුනායිං පස්සෙ තමා ඉතිං,

    ReplyDelete
  42. මාරය දන්නවද කොම්පියුටරය වගේ මිනිස්සුන්වත් Defragment කරන්න පුළුවන්, උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  43. Thusitha Jayasinghe...

    අයින් වෙන තරමටම එපා උනා බං..ඉතිං අයින් උනා...

    ReplyDelete
  44. Ravi...

    අම්මපා දාර්ශනික අදහස් ටිකනං මල් හතයි..කෝ ඉතිං අපි වගේ උත්තමයෝ කොයි තරං කිව්වත් මෙ අවශේෂ ගොබිලෝ ටික පිළි ගන්න එකක්යෑ..

    ReplyDelete
  45. කලිකාල...

    හාපෝ ඔව්වා මෙව්වා කොරන්න ගියහම මාත් මැෂින් එකක් වෙනවා..ඊට මීට හොඳයි මෙ තියෙන ටික පලිස්සං කොලන් ඉන්නවා...

    ReplyDelete
  46. රවියාගේ දාර්ශනික අදහස නං පංකාදුය.. අපට ඔය වාගේ එවුවා කල්පනා නොවන්නේ එක්කෝ අපි බොනවා වැඩි නිසා විය හැක..

    ReplyDelete
  47. මරු ඩියුටි පොයින්ට් එක නේද ? වැස්ස දවසට ඇඟම තෙමෙනව, පායපු දවසටත් යුනිෆෝම් තෙමෙනව....හික්ස්

    ReplyDelete
  48. Buratheno...

    එසේත් නැතිනම් මදි නිසාද විය හැක..මාත්‍රාව වැඩිකොට බැළිය යුත්තාහ...

    ReplyDelete
  49. දිනිත්...

    හපොයි කිව්ව කතාවක කැත....

    ReplyDelete