19 January 2011

අටුව කැඩුවෙත් නැත..පුටුව හැදිල්ල කෙසේ වෙතත්...නිවිති වැල සහ මාරයා...

අද දවසත් ඔහේ ගෙවිලා ගියා...
දවසම තනියම..ඒත් පාළුවක් නැහැ..තනියට තනි රකින්න මතකය හැමදාමත් මාත් එක්ක...

අහස පොළොව වට පිටාව හරිම හිස් තැනක්...

ඒ උනත්.. ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්..කිව්වළු..

ඇයයි ඔබයි මමයි අපි තුන්දෙනෙක් නම්...තනි කමක් අහලකටවත් එයියෑ...

...........................

උදෙන්ම නැගිටලා උයා පිහාගෙන නාලා කාලා බත් එකත් බැඳගෙන වැඩට ආවා...
දැන් වෙනදට වඩා ටිකක් කළින් නැගිටිනවා...උදෙන්ම උයාගෙන එන හින්දා..අදත් පහයි කාලට නැගිට්ටා...

හයයි හතළිස් පහ වෙද්දී උයලා ඉවරයි..ඊට පස්සේ රැවුල කපලා නෑවා..උදේම නාන එක දැන් ජීවිතේම කෑල්ලක් වෙලා..මොකද නැත්තං වැඩට ගියහම දවල්ට නා ගන්න වෙන්නේ නැහැ...ඉස්සර තැනදීනං නාද්දී හැමදාම රෑ නවය පහු වෙනවා..
සමහර දවස්වලට නාද්දී රෑ එකොළහයි..ඒත් ඉතිං නා ගත්තේ නැත්තං රෑට කන ටික ඇගට අල්ලන්නේ නැහැ නැහැ වගේ...

අදනං පෝය දවස හින්දා දවල්ට නා ගත්තහැකි ඒත් පුරුද්දට වගේ අදත් නෑවා...
..............................

වැඩට එනකොට අද බඩු ගොඩයි...

අඩු, මිටි, නියන්, වර්ග කිහිපයකින් ඇන, ඇලිස් කටු, එතකොට මුළු මට්ටම, පැන්සල් කොටේ..
ජිග්සෝ එක...දැන් කාලෙක ඉඳලා මට කියතින් කපනකොට උරිස් ඇටෙ පොඩි රිදිල්ලක් එනවා.. සීමාවකින් තොරව බෝල ගැහීමත්..අඩු වයසෙන් වැඩි වැඩ කිරීමත් ආදී හේතුවල ප්‍රතිඵල තමයි ඉතින්..ඒ හින්දා මම දැන් පුංචි ජිග්සෝ එකක් පැවිච්චි කරනවා කියත වෙනුවට..ඒක පහසුයි..සමහරක් වෙලාවට ගැලපෙන්නේ නැති උනත්.

ඔය ඔක්කෝමත් එක බෑග් එකක,ලැප් එකත් එකට අයිති බෑග් එකේ..ඒ දෙකම කරේ එල්ලගෙන පිට පැත්තට දා ගත්තා...
ඒ මදිවට කෑම එකයි..තේ බොන්න ගන්න ක්‍රීම් කැකර් ටිකකුයි, අද රෑට කෑම එකක් ගෙන්න ගන්න කවුරුවත් නැති උනොත් කියලා මැගී නූඩ්ල්ස් පැකට් දෙකකුයි,ඒ ටික වෙනමම බෑග් එකක දාගෙන අතේ එල්ල ගත්තා..ඔන්න මාර පුතා හඳට යන්නැහේ ගෙදරින් පිටත් උනා...
අද එන්නේ පොඩි ගේමකට...?

.........................

උදේ හතයි තිස් පහ වෙද්දී මංතුමා රාජකාරි ඉස්ථානෙට වාර්ථා කොළා...
මගේ සගයාගෙන් රාජකාරිය බාර අරගත්තා...

"අද කවුරුවත් නැද්ද වැඩ පලේ..?"

" ඉන්නවා ජයා ඉන්නවා..."


ජයාව දන්නවා අපේ තිස්ස අයියානං..මතකද මංදා...අර එදා අපිට තේ බොන්න කතා කල සුන්දර මනුස්සයා...හරි හොඳ මනුස්සයා...

..........................

මම වැඩට එන්නේ හැමදාමත් යුනිෆෝම් එක ඇඳගෙනම තමා..උඩින් ජැකට් එක දා ගත්තාම අවුලක් නැතිව ආවෑකි..
ඉතිං පොත් පත්වල රාජකාරි එහෙම අහවර කොරලා යුනිෆෝම් ගලවලා දාලා බැහැ ගත්තා වෙන කළිසමකට..
හොඳ තේ කහට එකකුත් හදා ගෙන බීලා එහෙම බැස්සා වැඩට...

ආයතනය පිටි පස්සේ තියෙනවා ලට්ට ලොට්ට ගොඩක්..ඔය පිට රටවල් වලින් කෑලි බෑලි ගේනකොට ඒවා ගෙනාපු පෙට්ටිවල ලෑලි කෑලි එහෙමත් ටිකක් තියෙනවා..
හුගාක් එව්වා දිරලා ගිහින් වැස්සට තෙමිලාම...

පරිස්සමට ඉතුරු වෙච්ච ලෑලි පටි ටිකක් හොයාගෙන ගෙනාව ගාඩ් රූම් එකට...
දැන් තමයි ගේම පටාන් ගන්නේ...

කපනවා..ඉරනවා...මනිනවා..අඳිනවා..යාන්තං කෑලි බෑලි තෝරලා කොරලා..බොහෝම මහන්සියෙන් උදේ නවයට විතර පටන් ගත්ත වැඩේ දවල් දෙක මහාර විතර වෙද්දී හමාර කොළා..හ්ම්ම්...
ඔය තියෙන්නේ යන්තං පකිස් පෙට්ටියක් වගේ පුංචි කබඩ් කෑල්ලක්....

..............................

කළින් හිටිය තැන ගාඩ් රූම් එක මෙලෝ රහක් නැහැ..ඒත් ප්‍රධාන ආරක්ෂක නිලධාරී උන්නැහේ හැටියට මංතුමාට පියන් තුනේ කබඩ් එකක් තිබ්බා නෙව...හැබැයි දෙපැත්තේ දොරවල් තිබුනට මැද කෑල්ලේ පියන නැහැ..ඉතිං ඒකේ සීනි කිරි පිටි වගේම අපේ ගෝල බාලයන්ගේ පොඩි පොඩි කෑලි බෑලි දාගන්න දීලා තිබුනේ..හොඳට තිබුනු දෙකෙන් එකක් මා ළගට ඉන්න ස්ථානභාර නිලධාරී උන්නැහේට දීලා තිබුනේ...හැබැයි පරණ පොත් ටිකත් ඒකේ තමයි තිබුනේ...
අනිත් එක ඉතිං මං මගේ පුද්ගොලික පරිහරණයට තියාගෙන උන්නේ...
ඊට අමතරව මං ඒ දවස්වලත් තව ගෝලයෙක්වත් අල්ලගෙන තව කබඩ් එකක් හදලා දුන්නා අපේ ගෝල උන්නැහේලට..උන්නැහේලාගේ වටිනා කියනා දේවල් පරිස්සමට තියා ගන්න කියලා...

කොහෝමටත් එහෙ හිටපු කාලේ නිවාඩු දවස්වලට මං කොරන්නේ මොනවා හරි පරණ ලෑලි කෑලි ටිකක් අරගෙන මොන මොනවා හරි හදන එක තමයි..හැබැයි අපරාදේ කියන්න බැහැ එහෙ හිටිය එකවුන්ටන්ලා දෙන්නම මට ඉල්ලන පරක්කුවට ඔය පරණ ලෑලි..පැලට් එහෙම ගන්න අවසරේ දෙනවා...
එකවුන්ටන්ලා දෙන්නා කිව්වේ කොම්පැණි දෙකක් නේ..
එකක් එකවුන්ටන් කොල්ලෙක්..නියම බුවා...මිනිහා ආවත් හරි කොම්පැණියට හරි ගියා...හැම දේම හොයලා බලලා කරනවා..ලොකුකං ගෑවිලාවත් නැහැ...පුදුම සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් හාදයා...

අනිත් පැත්තේ නං එකවුන්ටන්ලා කීප දෙනෙක්ම හිටියා..එනවා යනවා...හැබැයි වැඩි හරියක් කාන්තා පාර්ෂවේ අය..දැනුත් ඉන්නේ හොඳ තරුණ පහේ කෙනෙක් තමා..ඊට කළිනුත් හිටියා කෙනෙක් එයත් එහෙමමයි..ඒ අයත් නරක නැහැ..හොඳට කතා බහ කරලා වැඩ කරගෙන යන්න පුළුවන්..ඒ කළින් හිටිය කාන්තා පාර්ශවේ එකවුන්ටන්ට කියලා තමයි මම අපේ ගාඩ් රූම් එකට සිවිලිම ගහන්න බෝඩ් ටික ඉල්ල ගත්තේ..
අපි යනකොට ඒකේ තිබුනේ වහලෙට කාඩි බෝඩ් ගහලා..කෑත කියන එකේ උපරිම...මම පස්සේ ඒවා ගලවලා දැම්මා...ඒ දවස්වල කන්ටෙනරයකින් ආපු බඩු වගයක් පැක් කරලා එවපු අටයි හතරේ වැනිස්ටා බෝඩ් බර ගානක් තිබුනා කිසිම පළුද්දක් නැති...කට්ටිය හුගාක් ඇහැ ගහගෙන හිටියේ ඔය ටිකට වැඩේ දෙන්න..
ඒත් මං ගිහින් අර එකවුන්ටන්ට කාරුණාව කියලා ඉල්ලූවා ඒ ටික...ඒ දවස්වල මං අපේ ගාඩ් රූම් එක ගාව වවලා තිබ්බා නිවිති වැලක්..ඒක නිකංම නිකං නිවිති වැලක් නෙවෙයි..අට පට්ටමට දාන්න ඇහැකි තාලේ එකක්...අඩි හතළිස් ගාණක් දිග එකක්..එකකුත් නෙවෙයි..එක ගානටම යන වැල් තුනක්...මම ඒකට ඔන්චිල්ලා බැදලා වගේ මැහි බැඳලා කරකවා කරකවා ලස්සනට යවලා තිබුණේ...

මං අපේ කළිං හිටිය ගෝලයෙකුට කියලා ගෙන්නගෙන හිටෙව්වේ ඔක..පස්සේ අපේ සරා ගොයියා බොහෝම උදව් පදව් කලා මට ඕක ලොකු මහත් කොරලා දෙන්ට...උදේ හවහා වතුර දානවා..ආයතනය ඇතුලේ හරකෙක් බඳිනවා මනුස්සයෙක් ඒ මනුස්සයාට කියලා ගොම ගෙන්නවගෙන දානවා...
සරාත් ඇවිල්ලා ගහට කොළට ළමයින්ට වගේ සලකන්නේ...
ඕකේ ඇට හැදුනාම ඒ ඇට වැටිලා පැල වෙනවා පුංචි පුංචි පැල දාස් ගාණක්..අපි දෙන්නගේ විනෝදාංශේ තමයි ඒ පැල ගලවලා ඛෙදලා දෙන එක...
හැබැයි අපි දෙන්නම මේ වැලේ කොළ කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ..ඒක තදබල නීතියක්..මොකද අපි ඒක වැව්වේ මල් ගහක් විදියට...

කොළ වලට බැල්ම දාන හැමෝටම ගිහින් හිටවගෙන කන්න කියලා පැල අහුරක් ගලවලා දෙනවා..

ඔය නිවිති වැල ගැන කියන්න ගියහම මට කියන්න දේවල් අප්පරමාණ හිතට එනවා..ඒ තරං පුදුමාකාර මිනිස්සු අපේ ඉන්නේ...
සමරුන්ට කොහොම හරි ඕකෙන් කොළයක් දෙකක් හොරෙන් කඩන එක තරං විනෝදයක් තවත් නැහැ..
කැඩුවට කෑවට ප්‍රශ්නයක් නැහැ..ඒත් ගහක කොළයක් උනත් ගහට හානියක් නොවෙන්න කඩන ක්‍රමයක් තියෙනවා..ඒත් මේ මිනිස්සු කොලෙත් කාලා ගහත් මරලා යන්න වගේ වැඩ තමයි කරන්නේ..
මම හැම ඉරිදටම ඔන්චිල්ලා ටික ලිහලා වැල බිම දිගේ දිග ඇරලා සාත්තු කරනවා...ඉඳුනු කොල පුංචි පිහියකින් කපලා අහක් කරලා...ඇට කිනිති හුගාක් තියෙනවනං.. ගහට පෝර දාලා තියෙන ගානට ඔරොත්තු දෙන තරමට විතරක් ඉතිරි කරලා ඒ ඇට කිනිතිත් අහක් කරනවා... හොඳම ඇටකිනිති ඉතිරි කරලා...

ඔය සාත්තුව දෙන්න ගියහම තමයි අහු වෙන්නේ මිනිස්සු හොරෙන් හදිසියට ඉති කඩලා තියෙන හැටි..අඹරවලා තලලා..ආයේ ඒ තැන් වලින් ඉත්තක්වත් දැන්නේ නැහැ..වැල වේලෙන්න අරගෙන...ඉතිං ඒ තැනුත් තනි කැපුමකින් ශුද්ධ කරලා ආයෙමත් ඔන්චිලි බැඳලා වැල එල්ලනවා..ඊට පස්සේ මුළු වැලේම තියෙන කොළවල දුවිලි යනකල් වතුර ඉහලා හෝදනවා...

ඉතිං ඔය නිවිති වැල අර එකවුන්ටන් නොනා මහත්තයාටත් අල්ලලා ගිහින් තිබුනේ..ඒ හින්දා මම ඉල්ලන පරක්කුවට අර බෝඩ් ටික මට හම්බ උනා...විකුණුවනං රුපියල් හත් අට දාහක බෝඩ්...

කොහොම හරි මම ඒ බෝඩ් ටික අරගෙන නිවාඩු දවසක ඇවිල්ලා කපලා කරලා සිවිලිමත් ගැහැව්වා...

ඔය විදියට..පොත් තියන්න වගේම රෑට පොඩි දිගැදුම් ව්‍යායාමයක් කරන්න ඇහැකි විදියට පොත් මේසයක් එහෙමත් දිගට ගහලා තිබ්බා නෙව...

ඔය වගේ මගේ හුට්ටප්පර ඇටවීමේ කලාවක් තිබ්බා...
ඉතිං දැන් ඒ ඔක්කෝමත් අතීතයට එකතු වෙලා ඉවරයි...

දැන් ඉතිං මෙතන ඉස්තීර පදිංචියට ලක ලෑස්ති වෙන්න එපැයි...
මෙහේ හරි හමන් කබඩ් කෑල්ලක් නැහැ නෙව..යන්තං තුංහුලස් මොකක්ද එකක් තියෙනවා..ඒක අනිත් හාදයා පාවිච්චි කරනවා..මං නිලයෙන් උඩිං හිටියට ඒ මනුස්සයා දැන් කාලයක ඉඳලා මෙතන පදිංචි කාරයා..හැබැයි ඊට කළින් මගේ කළින් තැන මගේ යටතේ හිටිය බොහොම හොඳ මනුස්සයා..මංමයි කියලා උසස්වීමක් එහෙම දීලා තිබ්ඛෙත්..
ඒත් පස්සේ පොඩි පොඩි සීන් කෝන් ටිකක් හින්දා අපි මනුස්සයාව මෙහෙට එව්වා..
මෙතන මිනිහාගේ ගෙවල් ළගමයි...ඉතිං මිනිහාට නරකක් නැහැ...
දැන් කාලයක් තිස්සේ මෑන්ස් මෙතන පදිංචිය..ඉතිං මං මට අවශ්‍ය කොරන දේවල් හදා ගන්න එක හොඳයි නෙව...

ඒ හින්දා ඔන්න අද යාන්තං කබඩ් එකක් හදා ගත්තා...තනි පියනේ දොර..ඇතුලේ තට්ටු දෙකයි උස අඩි දෙක හමාරකට ටිකක් වැඩියි.පළල අගල් විස්සයි..දිග අඩි දෙකයි...හොඳ හයිය හත්තිය...හුම්..

තව එකක් ඉතුරුයි..මං අදම මේක අහවර කොරන්න හම්බ වෙයිද කියලා දන්නේ නැති හින්දා සරනේරු දෙකකුයි කොණ්ඩි පට්ටමකුයි ගෙනාවේ නැහැ..අද හාඩ්වෙයාරුත් වහලා නෙව..
ඉතිං අනිද්දට එනකොට ඒ ටිකත් ගෙනල්ලා හයි කොරන්ට ඕන...
ඊට පස්සේ වැඩේ සම්පූර්ණයි...ලෑලි ටික යතු ගාලා තිබ්බානං පංකාදු පහයි..ඒත් ඉතිං ඔයත් මදැයි...

ඔන්න ඔහොමයි අද දවස ගෙවුනේ...නාලා කරලා දවල්ට කද්දී තුනත් පහු වෙලා...
හවස් වරුව සැපට හිටියා... බ්ලොග් බල බලා...
බයික් එක හෝදන්න ගිහිල්ලත් ආපහු ආවා..ඉරිදටම හෝදනවා කියලා හිතලා...
ඒ අස්සේ තවත් කරදරයක්...
කකුලේ තැනක් පැලිලා..ඉන්ඩ බැහැ දනවා..ඔය කකුල් පැලිල්ලත් එක්ක මට මතක් වෙන තව කතාවක් තියෙනවා..ඒක පස්සේවත් ලියන්න බලමු...

15 comments:

  1. මූ නම් මාරයෙක් නෙමෙයි, දස මාර සේනාවක්...! ඒ පාර මූ වඩ්ඩෙකුත් වෙලා... එල එල... නියමයි.

    මට නම් ෂුවර් තව ටික දවසකින් කියයි, අර අහවල් පංසලේ තියෙන හිටි පිළිමෙ, තනි කළු ගලින් නෙළුවෙ මමයි කියලා....!

    තව ටික දවසකින් කියයි, බිල්ඩින්ග් කොන්තාරත්තුවකුත් අරගත්තා, ඒ නිසා සෑහෙන්න වැඩ වැඩියි කියලා... ඔහොම ඔහොම කොහොම නවතීද දන්නෙ නෑ..!

    ReplyDelete
  2. නිවිති වැල ගැන කියද්දි මට මතක් වුනා චොචො වැලක් ගැන කතාවක්. අයියා ට තව මොන වගේ වැඩ ද පුලුවන් අර දුමී අයියා කිව්වා වගේ කියයි ද දන්නේ නෑ තව ටික දවසකින් :)

    ReplyDelete
  3. දුමියගෙ කතාව සහතික ඇත්ත

    ReplyDelete
  4. කෑම සහ වඩු වැඩ,,,වඩු වැඩෙත් නරක නෑ,මාරයත් මාර බඩුවක් තමා.....ඔහොම හැම ශිල්පෙටම කෙනෙක් දක්ශ වෙන්නේ හරිම කලාතුරකින්,මාරයට ඒ දේ පිහිටලා තියනවා...

    ReplyDelete
  5. පෝය දවසේ හැන්දෑවෙ පන්සල් වත් යන්න විවේකයක් නිවාඩුවක් හම්භවෙලා නැහැ වගේ?

    ReplyDelete
  6. චහ් එදා පිලිවෙළකට ලැබුණු තේ එක අමතක වෙයිය..!

    අපේ ගෙදරත් මේසං වැඩ ඇරුණහම අනෙක් සීරෝම රෙපෙයාර් ඉතින් උඹැහැ වාගේම මා තමා කොටන්නේ...පොඩි වුණුත් යමක් ඉගෙන ගන්නවා නෙව... මේසං වැඩේ ලකේට කරන්ට බැරුවා...

    මේ ඒක නෙමේ බන්.. මේ ගමන ජිග්සෝ එකට හොඳවායින් තල සැට් එකක් ගේමු... මගේ විනෝදාංසෙත් ඉතින් ආයුධ එකතු කොන්න එක නෙව... මටත් ඔය කියත් කෙරුවාව ඇති වෙලා ගත් ජිග්සෝ එකක් කාලෙකට ඉහත...

    ReplyDelete
  7. නිවිති වැල නේ? උඹට මාව හම්බුන වෙලාවක මතක ඈතුව මගෙන් අහපන්. මම කියන්නම් එල කතාවක්.

    ReplyDelete
  8. නරකද අර ප්‍රියන්ත ඒ බී වගේ අපේ වැඩ අපිම කරගමු කියල එකක් පටන්ගත්තොත්.

    ReplyDelete
  9. මාරේ අයියට වඩු වැඩත් පුළුවන්නෙ....

    ReplyDelete
  10. පෝය දවසෙ ලාවට මුකුත් කරගත්තෙ නැද්ද?

    ReplyDelete
  11. මාරයා වගා සංග්‍රාමයේ වගේ. අනේ බං මෙහෙම කිව්ව්ට මුකුත් හිතන්න එපා, උඹ ඔය නිවිති වැල බලාගන්නෙ හරියට ගෑණියෙක් කොන්ඩෙට සාත්තු කරනව වගේ නෙ. මැවිල පේනව මාරය නිවිති වැල ලඟ ඇණ තියං වැල සුද්ද කරනව :)

    ReplyDelete
  12. මාරයාම වතාවක් කිව්ව මට මතකයි සුරක්සිතකම තිබුනාම මිනිස්සු කම්මැලි වෙනවා කියල...ආන්න දැක්කද කබඩ් ඵකක් නැති උන ගමන් මාරයාගේ සැගවුණ හැකියාව ඵලියට ආ හැටි...well done...

    ReplyDelete
  13. මචෝ මම සිංහල වැල ටිකක් කියවන්න කියල සර්ච් කලාම උබේ මේ පෝස්ට් එක දෙවැනි තැනට සර්ච් වෙනව බ්ලොග් සර්ච් වල.....ඇත්තටම ගොඩක් හොඳ දෙයක්..වැවීම කියන්නෙ සමහරු ජීවිත කාලෙටම වවන්නෙ රැවුල කොන්ඩෙ හරි මයිල් ගස් ටික හරි විතරයි..අනික මොකක් හරි කෝමින් හරි හීටෙව්වත් බැලිල්ලක් නැහැ..ඉතින් හොඳ ලිපියක්...

    ReplyDelete
  14. indi...

    පිස්සු හැදෙයි කිව්වළු ඒකත් එහෙමද..?
    කාටද ඉතිං ආඩම්බර..නැද්ද මං අහන්නේ..
    අනික ඉතිං පබ්ලිසිටියට ඔයිට වඩා හොඳ විදියක් තියේද..?
    මොකද ඉතිං අපේ ඈයෝ වැල හොයන එකක්යෑ..?

    ReplyDelete
  15. මාර වඩු උන්නැහේ.....එළ එළ

    ReplyDelete