22 January 2011

ආයෙ බොනකන්..

පුරා විසි දෙදිනක්..
සුරැකි සීලය අදින් අවසන්..
නැවතත් හෙට ඉඳන්..
රකින්නෙමි සිල් ආයෙ බොනකන්..



වියළුනු කෙතක් සේ පාළුව ගිය මසිත..
නැවතත් පණ ගසයි පොද වැස්සට හසුව..
කලෙකින් නොදුටු මිතුරා මුණ ගැසේ අද..
ඒ සතුටටයි මෙ කවි පද උනේ ලිය..

26 comments:

  1. හපොයි බීල කට පියාගෙන ඉන්නෙ නැතිව තව බිව්වැයි කියල කවිත් ලියලා.අපිට මොකෝ....කිව්වට අහන එකක්යැ .

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. බිව්වට කමක්නෑ කවි කියන්නෙ නැතිව :D

    ReplyDelete
  4. කවුද බන් ඔය කියන අපාය සහායක මිත්‍රයා..... මරං කන්න වටින්නෙ ඕකව....

    ReplyDelete
  5. JHOTHISHALANKA...

    අපොයි තව බීලා නැහැ..මෙ ආරංචියේ සතුටට ලිය වෙන එව්වා..
    තව බිව්වාම මොනවා ලිය වෙයිද..?

    ...........................
    ආන්න ඉල්ලපු විනාකිරි ටික මං එවලා ඇති...

    ReplyDelete
  6. Praසන්ன...

    අම්මපා..ඇත්ත..කිඹුලා හොඳා..කොහිල කටු නැතිව..නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
  7. අභීත...

    එහෙනං මං ඌව මරන්නද..?හා ද කියපංකෝ...?

    (යකෝ මං මෙතන මිත්තරයෙක් ගැන කියලා තියෙනවද..?..උඹ කොහොමද ඒක දන්නේ..? දීපංකො උත්තර...)

    ReplyDelete
  8. විනාකිරි බෝතලේ මට ලැබුණා පරිස්සම් කරල තියාගත්තා පස්සෙ ඕන වෙයිද කව්ද දන්නෙ

    ReplyDelete
  9. කමක් නෑ අයියේ අද බීපං
    හිටියනේ පුරා විසි දෙදිනක්
    අද බිව්වාට පස්සේ යළිත්
    හිටපන් නොබී දින හතලිස් හතරක්

    (ඕක මම බස් එකෙත් ලිව්වා)

    ReplyDelete
  10. කලෙකින් නොදුටු මිතුරා මුණ ගැසේ අද කියලා තියෙන්නෙ වස්ත්‍රෙද?

    ReplyDelete
  11. කමක් නෑ මාරයො ඕක එක පාරටම නවත්තන්න අමාරුයි පුසා කොල්ලගෙ කතාවට මාත් එකගයි.....

    ReplyDelete
  12. බීම නං එක පාරින්ම නවත්තන්න අමාරුයි. හැබැයි ට්‍රයි එකක් දීල බැලුවොත් කරගන්න බැරිකමක් නෑ. සුද්දත් කියල තියෙනවනෙ.

    ReplyDelete
  13. මිතුරන් සමඟ එකතු ව බීම උවත් ඔබේ සෞඛ්‍යට ඇති කරන්නේ හොඳක් නොවේ..ලෙඩක් දුකක් වූවොත් විඳින්නේ ඔබ සම්ඟ බොන මිතුරා සමඟ නොව තනියමයි...

    ReplyDelete
  14. අන්න සුදු පූසා හරි....... මේ පාර 22යි. අද බීවා. ඊළඟ පාර දින 44. අපි එහෙම යමු..... :D :D

    ReplyDelete
  15. නුබලා බොන නිසවෙන්
    නොවෙද ඔහු කඩන්නෙ සිල්
    අනෙ මින් පසුවත්
    උදවු දෙන්න්නකො රකින්නට සිල්

    ReplyDelete
  16. රකින්නට බැරිනම් මොකට ගන්නේ පන්+සිල්...
    එකක් අඩුකොට...
    අදින් පසු වෙනු, සමාදන්....

    ReplyDelete
  17. අයියන්ඩිය ඔබ සතුටෙන් නම් මමද සතුටෙන් . !
    ඔබ දුකෙන් නම් මමද දුකෙන් .!
    අසරන අපි වෙන කුමක් කරමුද ?
    ඉතිං ගසනවා නම් ගසමු කරටි කැඩෙන්න...චියර්ස් ..!!

    ජය වේවා !!

    ReplyDelete
  18. බාගෙට වැදුනාම තමයි මේ වගේ කවි මතක් වෙන්නේ හි හි :)

    ReplyDelete
  19. අම්මප සෑර්, අපි නං ඔය වෙද හෙදකං ගැන දන්න කෂ්ටිය නෙවෙයි, ඒත් මට මෙඩිකැල් කොලීජ් යන කොල්ලෙක් කිව්වා, ඔය හොඳට බොන පොරවල්ගෙ හෘදය-වස්තුව නිකං පොඩි ලමයෙක්ගෙ වගේ මෙලෙකයි කියලා-කිෂිම බ්ලොක් එකක් නැතිලු. අක්මාව නං සොරිම තමයිලු.

    ReplyDelete
  20. කාලක් ගැහුවොත් කාලකන්නි වෙනව දෙපැත්තටම නැතුව.බාගයක් ගැහුවොත් භාග්ය වන්තයා.තුන්කාලක් ගැහුවොත් තුන්ලොවට අධිපති.ඊට වැඩිය ගැහුවොත්....sorry.com සමහර විට හෝටල් සංස්ථාවෙ සභාපති කම ලැබෙයි.

    ReplyDelete
  21. මම දන්න විදිහට නම් අම්බානක බොන උන් උඹ වගේ කියන්නේ නෑ.

    උඹ මේ බොනව බොනව කියලා පෝසෙට් දාලා අනෙක් උන්ගෙන් බීමේ ආදීනව ගැන කමෙන්ට්ස් අරගෙන හැබෑවටම බොන උන්ට බීම එපා කිරීමේ ප්‍රොජෙක්ට් එකක් කරනවද කොහෙද . .

    හෙ හෙ හේ . . . ඇත්ත කියපන්

    ReplyDelete
  22. දුකා,
    අපි නම් අහු වෙයි ඕවට.

    ReplyDelete
  23. හැමෝටම...

    බීමට ගොස් මාරයා චොර විය...
    කව්වම මොකද සත වරුස ගාණකට පස්සේ හොඳම නෑම නා ගන්නා ලදි...
    අන්තිමට වෙච්ච දෙයක් දන්නේත් නැත..යාළු මාළුවෝ ගියා දන්නේත් නැත...
    හැබැයි අපරාදේ කියන්න බැහැ උං ටික ඔක්කෝම අස්පස් කොරලා ගෙහුං..
    යාන්තං වෙච්ච දේ ඊයේ දහවල් එකෙක්ගෙන් අහ ගන්නා ලදි...

    අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කරුණු තුනකි...
    විවෙකයකින් පසුව නැවත ක්‍රීඩා කිරීමෙදී ප්‍රවෙශම් විය යුතුය..
    වර්ගය වෙනස් ඌ කල බොහෝ ප්‍රවෙශම් විය යුකුය බෝතලේ කටෙ තියාගෙන නෙලීම කිසිසේත්ම හොඳ නැත..

    හැමදාමත් වගේ..ගල්නං මල්...

    ReplyDelete
  24. බීලා ලෙඩ වුන අයට ඉස්සර වගේ දැන් නිකං වෙදකම් කරන්නේ නැත. එමනිසා ජීවත රක්ෂණයක් හෝ කැටයකට මුදල් එකතු කිරීම හෝ දැන්ම අරඹන්න!
    අද අද එයි මරු සල්ලි හොයන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ

    ReplyDelete
  25. එල කොල්ලෙක්නේ.
    මචන් ඒකා මටත් අඳුන්වලා දීපන්කෝ.
    දැන් මාත් එක්ක ඉකෙක්වත් බෝන්නේ නැනේ.
    ශීක්

    ReplyDelete
  26. අනේ අම්මප කියන කැත විතරක්... හොඳ වැඩේ බොට නොදනන් මන්තර ජප කොරන්ඩ යනවට... හොඳ වෙලාවට අප්සෙට් වෙන්නෙ නැති සෙට් එකක් එක්ක බිව්වේ... නැත්නං ඉතින් අර සතා එක්ක නිදා ගන්ඩ තමයි වෙන්නේ...

    ReplyDelete