17 January 2011

ගලාපන් සුරා විත..දවා මගේ හදේ දුක...

දන්නෙහිද නුඹ මිතුර..
නුඹ නොමැති ලොව අඳුර..
හැඩක් නැති..රසක් නැති..
දුක පිරුණ තැනක් වෙති..

අතැර යන්නට සිතා..
නුඹ දුරස් කෙරූවද..
නුඹ නොමැති අඩුව මට..
රැය පුරා දැනේමය..

අද දිනේ නැති උවද..
හෙට දිනේ එන්න ඔබ..
විකල් වූ සිතේ දුක..
දවා හළු කරන්නට..

පුරා විත සුරාවෙන්..
දරා අත නුරාවෙන්..
නුඹ සමග ගෙවන රැය..
යළි පහන් උනාවෙන්..

බිඳුනු පෙම් සිහිනයේ..
රුදුරු මතකය මකා..
සිතට සැනසුම ගෙනා..
මගේ සුමිතුරු සදා..

නුඹ නොමැති රාත්‍රිය..
බිහිසුණුය බියකරුය..
වහ වහා දිව ඇවිත්..
මගේ තනි මකනු මැන..

අතීතේ මා සමග..
බැඳි ආ නොම බිඳී..
නුඹ පමණි ළග රැඳී..
සදා සුමිතුරු මගේ...

12 comments:

  1. සිටියත් කඳුළකට ළඟ රැදී නිරතුරු
    මිතුරෙකු නොවේ මල්ලියෙ ඔහු පස මිතුරු !!!

    ReplyDelete
  2. බී..පිය තෝ බී..පිය
    මැරෙනකල්ම බී..පිය
    දානෙටවත් ඉතුරු නොකර
    ඔක්කොම ටික බී..පිය....

    ReplyDelete
  3. මී විතකින් ගත උනුසුම් වූවද
    සිත උනුසුම් වේදෝ . . .

    ReplyDelete
  4. දුකේදිත් සැපේදිත් . ලඟ ඉන්නේ වෙන කවුද ? නුඹමයි .

    පාළුවෙන් සීතලෙන් තනිකමෙන් ගල්ගැහිච්ච වෙවුලන හදවත්වලට සිහින් උනුහුමක් උනේ කවුද නුඹමයි .

    ඉතින් සුරා විත මේ ආචාරය නුඹටමයි !!!


    ජය වේවා !!

    ReplyDelete
  5. අප්පටසිරි යක්කල යන්න බැරි වෙලා වගේ... හොඳ වැඩේ බොට...

    ReplyDelete
  6. .......... කිසිත් නොකියමි............

    ReplyDelete
  7. මත සමග ජීවිතය..
    බිහිසුණුය බියකරුය..
    වහ වහා දිව ගොසින්..
    මීවිතෙන් මිදෙනු මැන..

    ReplyDelete
  8. රිදුනු හද තැවෙන්නේ,
    ඇගෙ සිනහ නැහැ මැකෙන්නේ,
    දිවා රැය පෙලෙන්නේ,
    කාට මම මේ දුක කියන්නේ,

    සුරා බිඳකින් ලැබෙන සුව,
    මිදේ එසැනින් ඇගෙන් සිත,
    පාව යයි ගත කරා දෙව් ලොව,
    නුඹෙ සරණ පමණකිය අද මට,

    ReplyDelete
  9. කවි ටික නම් මරේ මරු යාළු

    ReplyDelete
  10. මාරයාගේ හෝරාව!!!!!

    ග්‍රීසියෙ මොන ඉන්ග්‍රීසිද?

    මෙතන ඉතින් මොකෝ ශරීර සුවතා ගැන ලියන්නයැ!

    ReplyDelete
  11. ඉන්දිකගේ කතා ව නම් පට්ටය. වැදි බන කුමට කියන්නද කියා මම කට පිය ගමි

    ReplyDelete
  12. ප‍්‍රියා සූරියසේනගෙ අඳුර අඳුර මගේ ත් ub-40 Red Red wine ගීත මතක් උනා

    ReplyDelete