26 January 2011

දුටු මහ අරුමයකි මනුසත් ලොව ඉපිද..

මිනිසුන් නොමිනිසුන් අතරේ කලක් වැස..
මිනිසත් කමේ ගුණ සුවඳද විඳ නිතොර..
මිනිසුන් නොමිනිසුන් වනයුරු වරින් වර..
දුටු මහ අරුමයකි මනුසත් ලොව ඉපිද..

සිටිනා යකුන් සහ මල ගිය පෙරේතයන්..
කාපාළුවන් සහ නා නා පිසාචයන්..
සගවාගෙන මුහුණු ගෙන නෙක විලාසයන්..
ඉන්නේ සුපින්වත් පිරිසුදු මුහුණු බැඳන්..

ගුණදම් යට යතිය මතුවෙති කුරිරු හැගුම්..
පාඩුව ලගදි බොසත්කම් නොවෙති රැගත්..
මතුවේ මෙතෙක් කල් නොදුටුව අමුතු වෙසක්..
එතකින් අවසන්ය මෙතුවක් රැගුනු රැගුම්..

16 comments:

  1. සාදු සාදු සාදු.....
    මොකද මේ සසර කල කිරිලද?

    ReplyDelete
  2. මොකෑ මාරයෝ බොලාට යක්ෂයා වැහිලා...?

    ReplyDelete
  3. යකෝ එකට බීල අස් කරල ගිය උන්ට එහෙම කියන්ඩ එපා...

    ReplyDelete
  4. මටනම් මේක පෙනෙන්නේ ලෝවැඩ සගරාව,සුභාෂිතය පොත්වල තියෙන තරමේ උසස් කවි නිර්මාණයක් වගේ.බොරුනම් දෙපාරක් තුන් පාරක් කියවල බලන්න.යකෙක් වැහිලවත් බීල ඉන්න කෙනෙකුටවත් මේ කවි පෙළ ලියන්න බැහැ.ඇත්තමයි කිව්වේ.මේ කවි පෙළ මම මගේ අයියගේ ලොකු පුතාට පාඩම් කරවන්න තීරණය කරල ඉවරයි.

    ReplyDelete
  5. රංගයා සමඟ අද බී ඒ වීදුරුව....
    වැඩ කර තිබෙන හැටි මැනැවින් පෙනුනේය...
    හෙටත් ගොසින් සුරා පොඳක රස බලව.....
    ආයෙත් ඇවිත් මේ වගේ නිමැයුම් කරව.....

    ReplyDelete
  6. මේ මොකද ? අයියා ...බීලද ? මොනාද මික්ස් කලේ ? වැරදි බීමක් බීල වගේ .. හි ..හි

    ReplyDelete
  7. "කාපාලුවන්" කියන වචනෙ වෙනුවට වෙනත් ගැලපෙන සුදුසු වචනයක් දැම්මනම් මේ කවි පෙළ පාසැල් පෙළ පොතකට වුවත් සුදුසුයි.ඒ සදහා සුදුසු වචනයක් ඔයාම කියන්න මාරයෝ

    ReplyDelete
  8. ආ... තව ලියපං...තව ලියපං, හොරෙන් කොරපුවා කවදා හරි වමාරන්න ඕනෙනේ...

    ReplyDelete
  9. බස් කතා අපිට තව ඕන

    ReplyDelete
  10. ඒ කියන්නෙ දැන් රැඟුනු රැඟුම් අවසන් කියන එකද මාරයියේ ? :O

    ReplyDelete
  11. අර අයියා කිව්වා හරි ගොඩක් වටිනවා පද පෙලක්..... අද කාලේ ලියවෙනවා අඩු කවි පෙලක්.

    ReplyDelete
  12. කලු පසුබිමෙනි සුදු පැහැ මතුවී පෙණුනේ...
    ස‍ඳෙහි සිසිළ හිරු තාපය මත යැපුණේ...
    බඹදත් රජුගේ හී පහරින් සිදුරු වුණේ...
    සඳ කිඳුරාම පමණක් නොව සිතනු මැණේ..

    පිලිබිඹුවමය හද තුල ඇඳි වද දෙන්නේ...
    ඔබමය අන්දවා සලුපිළි සරසන්නේ...
    සිල් ගුණ සපිරි මිනිසුන් නෑ දෙස් දෙන්නේ...
    "කම් නැත එයින්.." සිතනුව මා සකි සඳුනේ...

    අට ලෝ දහම එක් එක් අය විඳිනයුරූ...
    කරතිය සිතුම්, මදනල, සුලි වෙනායුරූ...
    ඉන්නට ඇහැකිනම් නොසැලෙන මහ මේරූ...
    ලෙස, අපි සබඳ වෙති මිනිසුන් වූ මහරූ...

    ReplyDelete
  13. හිතවත් සොයුර, ඔබේ ලිපි කියවන්නට මේ ඉසව්වට නිතරම ගොඩ වැදුණත් කොමෙන්ටුවක් දාන්නේ මේ පළවෙනි වතාවට. මේ මම සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතේ කාලෙකට ඉහතදි ලියපු කවි පන්තියකින් උපුටාගත්ත කවි කීපයක්. ඔබේ කවි පන්තියේ අදහසට තරමක් ගැලපෙනවා කියලා හිතුණා.

    කැලතී බොර වෙලා ඇත මේ ගොහොරු විල
    නෙක වන් රකුස් වෙසෙනා මේ විමානය
    පරදා සියපතක් විලසින් මතු වන්න
    මේ මඩ වගුර තරණය කළ යුතුව ඇත

    නපුරු දිය නයින් දිය රකුසන් ගහන
    කුඩ මසු බුදින ලොකු ලොකු මාළුන් වෙසෙන
    දිය ගොඩ පනින මැඬියන් ගෙම්බන් සිටින
    බොර වූ දියේ හැටි එහෙමයි දැනගන්න

    උකුසු ලිහිණි ඇත මඩ වල වට නිතර
    තපස් රකින කොක්කුද එහි අඩුත් නැත
    පෙන්නා හොඳ මුහුණ අප රවටන තුරුම
    හිතා සිටින්නේ මිතුරන් බව ලඟම

    බොර මඩ වගුරු දිය තව තව කලත්තනා
    කළ දුටු කළ වළ ඉහගන්නා දුදනා
    බොර වතුරේ මාළුන් බෑමට එන්නා
    අපට නොදැනි අප ඇමටම අමුණන්නා

    මේ හැම දෙනම අප වට ඇත නිරතුරුව
    ඒ හැම දෙන හඳුනා වැඩ කළ යුතුය
    තමන් හිසට තම අතමය සෙවණැල්ල
    තමන් රැකුම තම අත බව දත යුතුය

    සුදන ගුණෙන් පිරිපුන් පිළිවෙත් පුරන
    නිති පන්සිල් රැක දිවි මග සරු කරන
    යුතුකම් හැඳින විශ්වාසය නිති රකින
    සුදනන් රැකෙයි දහමේ බලයෙන් නිබඳ

    ReplyDelete
  14. සගවාගෙන මුහුණු ගෙන නෙක විලාසයන්..
    ඉන්නේ සුපින්වත් පිරිසුදු මුහුණු බැඳන්..
    මේ දෙක කියෝනොකොට මට හිතුනෙ මේ දවස්වල ඉන්න සුපිරිසිදු ජනතා සේවකයො ගැන කියන්නෙ කියල.

    ReplyDelete
  15. බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියනි අපි "ඉලංදාරියාට" පිහිට වෙමු.මේ වෙලාවෙ අපි එයාට පිහිට විය යුතුමයි.
    http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html

    ReplyDelete
  16. ෂා නියම පද පෙළ

    ReplyDelete