30 January 2011

යක්ෂයා...

අළුත් දවසක්..ඒත් පැරණි මතකයන් ගොන්නක් එක්ක..හිත පුපුරු ගගහා තියෙන වෙලාවක උනත් පටන් ගත්ත වැඩෙ ඉවරයක් දකින්න ඕන හින්දම ලියන්න කියලා ගොඩ උනේ..රටාව බිඳ වැටෙන්න ඇති හැකියාව උපරිමයි..ඒත් බලමු...අත හැරලා බැහැ.

ඊයේ දවස එහෙම පිටින්ම අන්ධකාර දිනයක් වෙන්න ගිය එක..යාන්තං නැවත්තන්න එකම එක පුංචි ළමයෙකුට පුළුවන් උන හින්දම අද මේ තරමින් ඔළුව කෙළින් තියාගෙන උන්නා උනත් ඒ හැම දෙයක්ම බිමටම සමතලා වෙලා කැඩිලා යන්න මහ වෙලාවක් යන එකක් නැති වෙන්නත් පුළුවන්...

ජීවිතේ බොහෝම දුරක් ආව උනත්..මම තාමත් අඳුරේ අත පත ගාන පොඩි එකෙක් වගෙයි කියල මටම හිතෙන වෙලාවල් අනන්තයි..අප්‍රමාණයි..ඒත් ඒ මෝඩකමට මං කැමතියි..ඔළුව ලොකු ලොකු බරපතල දේවල් වලින් පුරෝගෙන බකපණ්ඩිතයෙක් වගේ ජීවත් වෙනවට වඩා මෝඩයෙක් වගේ මෝඩ වැඩම කරකර හිනාවෙන් ජීවිතේ ගත කරන එකට මට දැන් අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ...

පුරා වසර දෙක හමාරකටත් වැඩි කාලයක් ඇතුලේ මම හැම දේම කලේ හිත හදා ගන්න..මේ බ්ලොග් එක ඒ උත්සහයේ එක පුංචි පියවරක් විතරයි...අනිත් පැත්තෙන් මත්වතුර මට මහා සහනයක් වෙලා හිටියා ඒ උත්සහයේදී..
ඒ හැම දේකින්ම මට පුළුවන් උනා ජීවිතේ ගැට ගහගන්න...

පුංචිම පුංචි බලාපොරොත්තුවක් හරි හිතේ ඉතිරි වෙලා තිබුණු හින්දම ජීවිතේ යාන්තමින් රැකුනා උනත් ඒ හැම වෙලාවකම මම දැනන් උන්නා හැමදේම බිඳ වැටිලා යන මොහොතක් එනවා කියලා..ඒත් ඒක මෙ විදියට මා සොයාගෙන ඒවි කියලා මම හිතුවේ නැහැ..

ඒත් හැම වෙලාවෙම වගේ සිතු දේ තිබියදී නොසිතූ දෙයම වන ස්වභාවයම අද මට නැවතත් මගේ ඇස් ඉස්සරහම දකින්න ලැඛෙනවා...

වේදනාව ටිකෙන් ටික ගෙවී යමින් තිබුණු මොහොතක..මත් වතුරට දුන්න අවස්ථාව අඩු කරගනිමින් හිටිය අවස්ථාවක...
ආයෙමත් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න තරම් සැහැල්ලූවක් හිතේ පුරවගෙන ආව කාලයක් මෙ අන්තිම දවස් ටික...

පුළුවන් තරම් සැහැල්ලූවෙන් ජීවත් වෙන්න මම ටිකෙන් ටික හුරු වෙමින් හිටියේ...
ඔළුවේ තිබ්බ බර ටිකක් සැහැල්ලූ කරගෙන...මා තුළ ජීවත් වෙච්ච ඒ සැහැල්ලූ කොල්ලව හොයන්න මං ආයෙමත් පටන් ගත්තා...ඒකව මට මීට අවුරුදු දහතුනකට විතර කලින් නැති වෙලා හිටියේ...
ජීවිතේ බර දැනෙන්න දැනෙන්න ඒකා මගෙන් හැංගිලා ගිහින් හිටියේ...අන්තිමට අවුරුදු ගාණකට පස්සේ මට පුළුවන් උනා ඌව ආයෙමත් හොයාගන්න.. මම ආයෙමත් හිනාවෙන්න පටන් ගන්න අරගෙන තිබ්බේ...

මෙයිට අවුරුදු ගාණකට කළින් හිටිය ඒ කොළුවා...
සරලව සැහැල්ලූවෙන් ජීවිතේ ගත කරපු ඒ කොළුවා...
උදයක රැයක වෙනස අඳුරන්නේ නැති..සීමා මායිම් නැති..නීති රීති නැති..සිහින ලෝකයක පාවෙලා ගිය...මිතුරන් අතරේ විනෝද වෙමින් හිටි... කෙල්ලන්ගේ ආදර ගංගාවන්වල පාවෙවී හිටිය ඒ පිස්සව මම ආයෙමත් අල්ලා ගත්තා...

කොයි තරම් හොඳට ඌට පණ ආවද කිව්වොත් මීට දවස් ගාණකට කළින් ආයෙමත් අර ඉස්සර කරන දගකාර වැඩක් කරන්න ඌ පෙළඹුනා...
ඒ කියන්නේ ආයෙමත් ඉස්සර වගේම කෙල්ලෙක් ඉස්සරහ...
ප්‍රතිඵලය මොකක් උනත්...අන්තිමට මට ආයෙමත් ඉස්සර වගේම අපූරුවට වචන හොයාගන්න පුළුවන් උනා...
වේලිලා තිබුණු ස්වර උපදවන්න මට පුළුවන් උනා...

පිස්සුවෙ තරම කොච්චරද කිව්වොත්..ඉස්සරහා හිටිය දැරිවිට වයස දාසයයි...
ඔන්න පිස්සගේ තරම..ඌට සීමා නැහැ...

කොහොම හරි ජීවිතේ යන පාරෙන් ගොඩ ගන්නට තරං හිත හදාගෙන එන වෙලාවෙම..ඊයේ වැහි නැතිවම අකුණක් පිපුරුවා...අර හැම දේම සසල වෙලා ගියා..අත්තිවාරම දෙදෙරලා යනවා මට දැනුනා...

මම ආවේස උනා...වචන වේගයෙන් ගලාගෙන යනවා මට තේරුනා..ඒත් මම නැවැත්තුවේ නැහැ..නවත්තන්න ඕන කමකුත් නැහැ...ටිකක් විතර හිත සැහැල්ලූයි...ඊලගට ඒ මදි කියලා තේරුනාම බිත්තිවලට ඇනගෙන ඇනගනෙ ගියා...ඒත් මදි..ගියා ෂවර් එක යටට ඔළුව අල්ලගෙන හිටියා ගලාගෙන යන වතැරට..කොයි තරම් වෙලාවක් එහෙම හිටියද කියන්න මං දන්නෙත් නැහැ...

හිස තෙමාගෙන ඇස්වලින් පනින කඳුළු කැටත් එක්කම හේදිලා යනවා...ඒ එක්කම ඒ වතුරෙම අතීත මතක මතු වෙවී..දිය වෙවී යනවා...
අන්තිමට මට වමනෙට ආවා...එකත් කලා...එක්කෝම ඉවර වෙලා ඇවිත් බැළුවා මොනවද ලියලා තියෙන්නේ කියලා..සැරයි..ඒත් ඒ හැම වචනයක්ම හරි කියලා මම දන්නවා...ඒ මගේ වචන ඒ හැම වචනයකටම මම සාධාරණයක් කල යුතුයි...හැමදාමත් වගේ...

ඒ අතරෙ කිහිපදෙනෙක්ම කලබල වෙලා..ෆෝන් එක එක දිගට කෑ ගහනවා...යන්තං දෙන්නෙකුට විතරක් කතා කලා... උස්සලා වචන දෙකක් කියලා කට් කරලා දැම්මේ වැරදි වටහා ගැනීමක් වෙන්න පුළුවන් කියලා හිතුන හින්දයි..නැත්තං ඒ තරමටවත් හිතට නිදහසක් නැහැ...
හුගාක් ඒවා ඔහේ තියෙන්න ඇරියා..එකක් දෙකක් නිකංම කට් කරලා දැම්මා...
බර ගාණක් තරහා වෙන්න ඇති..ඒත්... අකුණු ගහපු තැනට ආයේ වෙන මොනවා වෙන්නද..?

අන්තිමට එකෙක් මාව අල්ලා ගත්තා මුණු පොතෙදී..හුගක් රෑ වෙලා...
විස්තරේ කිව්වා... නැත්තං කවුරුවත්ම දන්නෙ නැති හින්දා..එක සාක්කියක් හරි ඉතිරි කරන්න ඕන හින්දා...

ඒ අතරෙ තව පොඩි දරුවෙක් පැය ගානක් මාව අතඅරින්නේ නැතිව අල්ලගෙන හිටියා...රෑ වෙනකල්ම..අන්තිමට ආයෙමත් පාන්දර දෙකේ ඉඳලා උදේ එළිය වැටෙනකල්ම...ඇත්තටම තනියම කල්පනා කරන්නේ නැතිව ඒ විදියට අල්ලගෙන හිටිය එකෙන් හුගාක් ගොඩ එන්න පුළවන් උනා..අපූරු පොඩි එකෙක්...පැය ගාණකට කළින් දුං විසි වෙවී හිටිය මාව අන්තිමට හිනස්සලා නැවැත්තුවේ...පුදුම දරුවෙක්...පැහිලා හොඳටම...

ජීවිතේ අපි මොන තරං විඳලා විඳෝලා තියෙනවා උනත්..මොන මොන දේ දන්නවා උනත්...සමහර වෙලාවට අපි පොඩි එවුන් වගේ වෙනවා..ඒ වෙලාවට හුගාක් බරපතල වචන වලින් ඒ වෙලාවට වැඩක් වෙන්නේ නැහැ...
ඊයෙත් ඒ වගේ දවසක්...
හැබැයි පොඩි උනාට..කියන්නෙ පොඩි දේවල් උනාට ඒ හැම දෙයක්ම හරි තදේට හිතට වදිනවා...
කොහොමින් හරි දැන් වෙනකොට කරන දෙයක් හරියට කර ගන්න තරං නිදහස් ගතියක් දැනෙනවා..පටන් ගත්තේ මාතෘකාව දාලා...බස් පළුවන්ගේ කතාව...6 කියලා..ඒත් ඒක ඊ ළග ලිපිය වෙවී..ඔළුව නිදහස් කරගන්න මේ ඇති...

37 comments:

  1. හ්ම්... ඔය විදිහෙන් හරි බේරැමක් කරගත්තනම් එච්චරයි සහෝ... ප්‍රශ්නෙ මොකක්ද කියල මං දන්නෙ නෑ. හැබැයි දුක වේදනාව කඳුල කියන ඒවා අපේ ජීවිතේට ආගන්තුක දේවල් නෙමෙයිනේ... ඒවට මූන දෙන එක තමයි අකමැත්තෙන් වුනත් කරන්න තියන එකම දේ.....

    ReplyDelete
  2. අයියා කවදාවත් නැති විදියට මාරාවේශ උනාද කියලත් හිතුනා....... ආයෙමත් පහුගිය දවස් ටිකේ හිටි දඟකාර කොළුවව බලන්න ආසාවෙන් බලන් ඉන්නවා......
    විස්තරයක් නම් දන්නැහැ අහන්න ආවෙත් නැහැ හැම පැත්තෙන්ම ඕක අහන්න ගත්තමත් තරහා තවත් වැඩි වෙන නිසා.......

    හැමදේම හොඳ විදියට සිදුවෙන්න පතනවා මුළු හදවතින්ම කිසිම කහටක් නැතුව.....!!!!!

    ReplyDelete
  3. "කොහොමින් හරි දැන් වෙනකොට කරන දෙයක් හරියට කර ගන්න තරං නිදහස් ගතියක් දැනෙනවා"

    ඒ ඇති අයියේ. කරන දෙයක් හොඳට හිතලා බලලා කරන්න.

    ReplyDelete
  4. මටත් ජිවිතෙ එක විකාර හිති හිති ඉන්නෙ දැන්.ඉගෙන ගත්න තව තිබ්බත් එකත් ඇති වගෙ.ෆිල්ම් එකක් වත් බලන්න හිතෙන්නෙ නැ.කෙල්ලගෙ ප්‍රශ්නයකුත් නැ.ප්‍රශ්නයක් ලොකුවට නැති එකම ප්‍රශ්නයක් වගෙ.ඔක්කොම දමල ගහල කඳු බොඩ පැත්තෙ යන්න හදන කොට මගෙ මැනික කියනව එපා ලු එක අතකින් එහෙම හදිස්සියට හිතිල ගියාට පස්සෙ දවසක් ඉන්න කොට ඒකත් එපා වෙන්න පුලුවන්.මොනා කරන්නද හරි පාලනයක් නැති අපේ මනුස්ස හිතේ හැටි නේද?

    ReplyDelete
  5. ප්‍රශ්නේ මොකක් උනත් යාළු දැන් ඔයාගේ හිත පොඩ්ඩක් හරි නිවිච්ච එක ගැන සන්තෝසයි.ඇත්තටම ඊයේ මාරයෙක් උනා නේ?

    ReplyDelete
  6. මං මෙච්චර කල් හිතන් උන්නේ මාරයාට මාරවේශ වෙනවා කියලා විතරයි දැන් බැලුවම යක්ෂාවේශත් වෙනවානේ... මොන ආවේශයක් වෙලා හරි කලින් හිටි මාර බබාම අපිට ඕන.. හැමදේම හරි යයි අයියේ...

    ReplyDelete
  7. ඔව් .. ඔව් .. ප්‍රශ්නෙන් ගොඩ ආවනම් ඒකයි ලොකුම දේ .....

    ReplyDelete
  8. මොකක් උණත් ප්‍රශ්නෙන් ගොඩ ආවනං ඒක ලොකු දෙයක්.
    හැමදේම හොදින් සිදුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  9. මාරයා ඉස් රොක්ස් අගේන්..පුට් යුවර් හෑන්ඩ්ස් අප් ඉන්දි එයාර්...
    ඉකේයියා................
    (මේ ...මේකට කොමෙන්ට් කොරන්න ඕන දුක හිතෙන විදිහටද බන් මාරයියේ..මම හෙන ට්‍රයි කොරා සීරියස් වෙන්න...අහෝ!!!!තියෙන කුප්ප කමක මහත...මට බෑ නේ බන් එහෙම වෙන්න)

    ReplyDelete
  10. හම්මේ ඇති යන්තන් මෙහෙම හරි ඔලුව ගහල ඉන්න පුලුවන් උනානම්. හැමදේම වෙන්නෙ හොඳට කියලා මමනම් අහලා තියෙන්නේ.

    ReplyDelete
  11. ඔය යකා, හිතන තරං කලු නෑලු බං

    ReplyDelete
  12. මම හිතන විදිහට අර පැහිච්ච එකී තමා ....

    ReplyDelete
  13. ..ChAnDiKa..

    හ්ම්ම්..මෙ ඉතිං කොරගෙන යන්නේ ඒක නෙව..

    ReplyDelete
  14. කාලයට ඉඩ දෙන්නකෝ මාර අයියේ.....ඔයා ඉක්මනටම නැගිටියි... හිතුවොත් කරන්න බැරි නැ මුකුත්... :)

    ReplyDelete
  15. හා පැටික්කී...

    උඹටනං මොකක් නමුත් පිස්සුවක් හැදීගෙන එනවා..මාත් දන්නෙ නැතුව නගේ...
    අහවල් එහෙකටද කහටක්..?

    ReplyDelete
  16. පූසා...

    හිතනවා නෙව..දැන් වෙලා තියෙන්නේ හිතනවා වැඩියිද කොහේද..?

    ReplyDelete
  17. පැන්ඩා...

    මං හිතන්නේ ප්‍රශ්න නැතත් කඳුබොඩ යන එක හොඳයි..දැන්නං මට උඹට උදව්වක් කරන්ට බැහැ..ඉස්සරනං කඳුබොඩත් මට ගෙදර වගේ වෙලා තිබුනා...

    ReplyDelete
  18. ayesha...

    මාරයා ඉන්නවා යාළු හැමදාමත්..හැබැයි නැගිටින්නේ උහුලන්නම බැරි උනහම විතරයි...

    ReplyDelete
  19. හසී...

    යක්ෂයා හැමදාම ඉන්නවා නගේ..ඒත් පේනවා අඩුයි..බලමු හංගලාම තියන්න...

    ReplyDelete
  20. kumaraya...

    තාවකාලිකව විය හැකි උනත්...

    ReplyDelete
  21. Praසන්ன...

    ස්තූතියි සහෝදරයා හැමදාමත් වගේ..

    ReplyDelete
  22. රත්ගමයා...

    මචං නිකං ඇඩෙන වොයිස් එකකින්ටිකක් හර බර වචන තුන හතරක් මෙලෝ තේරුමක් නැති විදියට දාපං...ඔනනං ඔය මං දාන එව්වා බලහංකෝ...

    ReplyDelete
  23. ජේ.ඩී...

    පෙරළුන පැත්තත් එහෙමමයි හරි හොඳයි බං..

    ReplyDelete
  24. oshan...

    හිතන තරං සුදුත් නැහැ බං..

    ReplyDelete
  25. ItalyDilan...

    ගහ දන්න උඹට කොළ කඩා පාන්ට මට බැහැනේ බං..ඒ පිස්සී තමා...

    ReplyDelete
  26. මාරයා මල්ලි,
    බැරිවෙලාවත් Skype එකේ එහෙම ඉන්නවද?

    ReplyDelete
  27. නිම්ශා...

    හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්..ඔයිට වඩා කියන්න බැහැ අප්පා...

    ReplyDelete
  28. Observer...

    බැරි වෙලා වගේ එකවුන්ට් එකක් හැදුවා මෙ මෑතකදී..ඒත් මං ඒ පැත්ත පළාතේ ගෙහුං නැහැ නෙව...

    ReplyDelete
  29. මාරයා Skype එකේ ඉන්නවා අහුවුනා බොලේ, ඔන්න රික්වෙස්ට් එක්කක් දැම්මා ,මාවත් ඇඩ් කොරගනින් මලේ.

    ReplyDelete
  30. Observer...

    ඇහ් ඉන්නවාද..මං ඇඩ් කොරන්නං..ඒත් පස් වෙනිදා වෙනකල් ඔවා අරින්ට තියා හිතන්ටවත් බැරි වෙයි මගෙ හිතේ..මෙ බයිස්කෝප් ඉාලාම කොනෙක්ෂන් එක ක්ෂය වෙලා නෙව..

    ReplyDelete
  31. උපරිම කල්පනාවෙන් මාර සහෝ......
    හොඳ සිහිය ගැන උඹට අමුතුවෙන් මක්ක කියන්නද බොල......
    පරිස්සමින් හීනියට කාලයට පොඩ්ඩක් යන්න දීහන්කො...

    ReplyDelete
  32. ඉාලාම
    ඒ වචනේ තේරුම මොකද්ද? ස්කය්ප් එක පැත්තේ එන්න පුළුවන් වෙලාවට එස්.එම එස්. එකක් එවන්න ,විශේෂයෙන්ම හිතෙන් වැටෙන වෙලාවට.

    ReplyDelete
  33. Observer...

    ඇහ් ඉන්නවාද..මං ඇඩ් කොරන්නං..ඒත් පස් වෙනිදා වෙනකල් ඔවා අරින්ට තියා හිතන්ටවත් බැරි වෙයි මගෙ හිතේ..මෙ බයිස්කෝප් බාලාම කොනෙක්ෂන් එක ක්ෂය වෙලා නෙව..

    ReplyDelete
  34. ඊයෙ මූණු පොතේ දැක්ක මාරෙ අයිය ආලවකය වගේ අල්ලපු ගෙදරටත් ඇහෙන්න බෙරිහන් දෙනව. මාරය ආවේශ කර ගත්තට කමක් නෑ හැබැයි ඔය යක්ශයව නම් ආවේශ කර ගන්න එපා. ඌ හොඳ එකෙක් නම් නෙවෙයි. ජය වේවා

    ReplyDelete
  35. මාරයියේ මොකක් හරි කර ගෙන අයෙත් ජිවිතේට අලුත් කරගෙන අයෙත් වරෙන්. ප්‍රස්ණ ගනන් ගන්න එපා බන්. ඔවට අඩන්න බොන්න ගියොත් මෙ ලොකෙ බාගෙට බාගයක් බේබොද්දො වෙලා.

    කලින් පිස්සම හම්බ වෙන්න කියල ප්ර්‍ආර්තනා කරනව

    ReplyDelete
  36. යකා කළුත් නැහැලු, සුදුත් නැහැලු, මේකා රෝස පාට යකෙක්ද කොහෙද!

    ReplyDelete
  37. ප්‍රශ්නෙ මොකක් උනත්, දැන් ඒක ගැන ආයෙ කතා කරන්න එපා.....
    හැමදේම වෙන්නෙ හොන්දටයි...!!
    හැමදේම වෙන්නෙ අපිටයි...!!
    එහෙම හිතල හිත සන්සුන් කරගන්න....
    මාරය අයියව සන්සුන් කරපු පොඩි එකා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ.........

    ReplyDelete