31 January 2011

උඹට මතකද..?

අපි මුළින්ම දැන අඳුර ගත්තෙ මීට බොහෝම කාලෙකට ඉස්සර උඹට මතකද..?
ඒ මගේ විකාර කියවන්න උඹ නිතරම ආපු ගිය දවස්වල...

උඹ ඇවිල්ලා නිකං හිටියේ නැහැ...
මොනවා හරි සටහනක් තියලම යන්න පුරුදු වෙලා හිටියා...
මාත් උඹෙ කුරුටු ගී බලන්න නිතරම ආවා ගියා..

මෙ කතාවේ අතර මැද්දට තව එක්කෙනෙක් හිටියා ...උඹට මතකයි මං දන්නවා උඹට අමතක නැහැ කියලා..ඒ දිල් නගා..උඹෙ දිල් අක්කා...

අපි හැමෝම වගේ පිස්සුවෙන් ලියා ගෙන ගිය කාලේ ඒක...
ඇත්තටම ලියන කියන දේ හැර ඉන් එහාට අපි කතාවට බහට ගියේ නැහැ...

ඒ අතරේ දවසක් මං මගේ ගැටළුවක් මගේ බ්ලොග් එකේ ලිවුවා..උඹට මතකද..?
මගේ හැදුනුම්පත හදා ගැනීම ගැන..නුවර මල්වත්ත පන්සලෙන් ලිපියක් ගැනීම තමයි මට උවමනා වෙලා තිබුනේ...
ඒත් මං ඒක ලිවුවෙ උදව්ගන්න කවුරුවත් මෙ අවකාශයේ ඇති කියලා හිතාගෙන නෙවෙයි...
මගේ ප්‍රශ්න එක්කම ඒකත් මං ලිව්වා...

එදා උඹ මට වඩා ඒ ගැන උනන්දුවෙන් සටහනක් දාලා තිබුණා...

"අයියේ මට උදව්වක් කරන්න පුළුවන් කියලා හිතෙනවා..මං කොහොම හරි කරන්න බලන්නං කියලා"..හැබැයි මෙ වෙලාවෙ පොඩි බාදක වගයක් තියෙනවයි කියලාත් උඹ කිව්වා..ඒක හින්දා චුට්ටක් කල් ගියත් කොහොම හරි මගේ වැඩෙට උදව්වක් කරන්නම් කියලයි උඹ කිව්වේ...

ඒ දවස්වල උඹත් එක්ක වගේම අතීතයෙන් මතක අහුලපු දිල් නංගි මාත් එක්කත් සහෝදරත්වයෙන් කතා බහ කරන කාලේ..
පස්සේ දවසක් මමයි දිල් නංගියි කතා කර කර ඉන්න වෙලාවක උඹ ගැන කතාවක් ඇදිලා ආවා..

මං දිල්ට කිව්වා මෙන්න මෙහෙම උදව්වක් කරන්නං කියලාත් මට කිව්වා කියලා..ආන්න ඒ වෙලාවේ දිල් මට කිව්වා උඹට ටිකක් මේ දවස්වල සනීප මදි ඒ නැත්තං ඒකා කොහොම හරි ඔයාට උදව් කරාවි කියලා...

මම ඇහැවුවට දිල් මට කවදාවත් කිව්වෙ නැහැ අසනීපේ මොකක්ද කියලා...ඒක කාටවත් නොකියන්න උඹට පොරොන්දු වෙලා තිබ්බා ඒකී..ඒ හින්දා මං ඒ ගැන අහන්න ගියෙත් නැහැ..උඹෙන් අහන්න ගියෙත් නැහැ...

ආයෙමත් කාලෙකින් මගේ සටහනකදී උඹම මතක් කරලා තිබ්බා මගේ වැඩේ ගැන...ඒ වෙනකොට මටත් ඒ ගැන වැඩි කල්පනාවක් තිබුණේ නැහැ...ඒත් උඹට උඹ වෙච්ච පොරොන්දුව ගැන හොඳ මතකයක් තිබ්බා...

කොහොම හරි උඹ දන්නවා මම මගේ වැඩේ කරගත්තා කියලා...
ඒ වැඩේදී උඹට මට උදව් කරන්න බැරි වෙච්ච එක උඹ කණගාටු උනා..
මට බං වැඩෙට වඩා උඹේ හිත හොඳකම වටිනවා...ඒ ඇති..කවුද කින්ද මන්ද කියලා අඳුරන්නේ නැති එකෙක් වෙනුවෙන් උඹේ හිතේ තිබ්බ ඒ බැඳිම..මට වටිනවා ඒක හැම දේටම වඩා...
අද මම දන්නවා... උඹ ඒ දේ මට කරන්න පොරොන්දු උනේ මොන වගේ තත්වයක ඉඳගෙනද කියලා..මට උඹ ගැන එදාට වඩා අද බැඳිමක් තියෙන්නේ ආන්න ඒ හැගීමත් එක්කමයි.
.......................................

මේ වගේ වෙලාවක උඹ වෙනුවෙන් මං කරන්න ඕන දේ කරනවා කියලා මම අමුතුවෙන් කියන්න ඔුන නැහැ..ඒක පැත්තකින් තියමු..ඒත් ඇයි බං උඹට මෙච්චර කල් ගියේ මේ දේ කියන්න..මට තියෙන් ගැටළුව ඒකයි.
අඩුම ගැනේ අර වෙලාවේ දිල් වත් මට කිව්වනං..අද..?
දිල් එයාගේ පොරොන්දුව අකුරටම රැකිකා ඒක හරියටම හරි..

අද බං රටේ ලෝකේ මිනිස්සු ලෙඩ විකුණගෙන කන විත්තිය අපි දන්නවා..මිනිහෙකුට රුපියලක් දෙන්න කළින් දෙපාරක් හිතන්න මිනිස්සු පෙළඹිලා ඉන්නේ ඒකයි...ඒක වැරදි නැහැ..ඒත් ඒ අස්සේ උඹලා වගේ එවුන්ට වෙන අසාධාරණේ...?

උඹත් හිතන්න ඇති අපි උඹවත් ඒ ගොඩට දායි කියලා..නේද..?
එහෙම වෙන්නේ නැහැ බං...මේ බ්ලොග් ලියන එවුන් හරක් නෙවෙයි...
සැක කරාවි..ඒත් ඒ හැම සැකයක්ම නැති කරන්න බැරි කමක් නැහැ..අපිට පුළුවන් කමක් තිබ්බා හොයලා බලලා ලෝකෙට කියන්න...උඹ වෙනුවෙන් අපිට ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි...

අද උඹට පේනවද මොකද වෙන්නේ කියලා...?
හැම එකාම...හැම එකාම අද උඹ වෙනුවෙන් අත් අල්ලන් ඉන්නේ...

ඒ හැම කෙනෙක් අතින්ම සුළු හෝ දායකත්වයක් උඹ වෙනුවෙන් තියෙනවා...
චවන වලින් විතරක් නවතින්නේ නැති දායකත්වයක්...
ඉලක්කය ටිකක් ඉහළ මට්ටමේ තිබුනත් අපි බලමු මේක බැරි වෙන්නේ නැහැ...
හැකි ඉක්මනින්ම මම එනවා උඹව බලලා යන්න.

............................................
මේ වෙනුවෙන් කැප වෙලා ඉන්න හැමෝටම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා...
ඒ වගේම පුළුවන් තරං වචනවලට වඩා දෙයක් කරන්න අපි බලමු.

9 comments:

  1. බ්ලොග් අවකාසය තුලින් ඇතිකරගන්න හිතවත්කම, සහෝදරකම හරිම ඉහලයි කියල මේ වගේ අවස්තාවල හිතාගන්න පුලුවන්.
    මමත් පුලුවං උදව්වක් ඉලංදාරියා වෙනුවෙන් කරන්න ලෑස්තියි.

    ReplyDelete
  2. අනේ මන්දා බන් අයියේ...මට අපේ අම්මව අඩ ගහලා මේක පෙන්නන්න හිතෙනවා...ඉන්ටර්නෙට් ව්වලින් කරන්නේ නරක වැඩම විතරක් නෙමේ කියලා...මමත් බ්ලොග් එක දිගටම ලියනවා...සල්ලි හම්බෙනවට වඩා මේ ලියන එකෙන් මනුස්ස කම හම්බකරගන්න පුලුවන්...ඉලන්දාරියා ගොඩාක් හම්බකරගෙන....ඒ තමයි උගේ වැටුප....හිත පිරෙන වැටුප..අපි උඹ වෙනුවෙන් ඉන්නවා ඉලන්දාරියෝ.....

    ReplyDelete
  3. ඔව් මල්ලී සිංහල බ්ලොග් අවකාෂය තුල ඇතිවූ උනන්දුව, එකමුතුව ශක්තියක් වී ඉලංදාරියා මල්ලිට ඉක්මනට පිහිටක් වෙනවා දකින්නයි පැතුම.

    ReplyDelete
  4. අපිත් ඉන්නවා උඹත් එක්ක....

    ReplyDelete
  5. @Praසන්ன...
    ඇත්ත වශයෙන්ම..මෙක තමයි වෙලාව..

    @රත්ගමයා...
    සල්ලි හම්බ කරන්න ලේසියි මල්ලි..අමාරු මිනිස්සු හම්බ කරන එක..ඉලංදාරියා ඒ අතින් හරි පෝසත්..

    @ගල්මල්-Coral...
    ඔව් ඩීන් අයියා..ඒක සිහිනයක් නෙවෙයි..

    @෴ හසියා ෴...
    ඔව් අපි හැමෝම..

    ReplyDelete
  6. උඹ වෙනුවෙන් යුතුකම ඉටු කරන්න හෙට(අගහරුවාද) ලංකා බැංකුවට යන්න ඉන්නෙ

    ReplyDelete
  7. හෙට නෙවෙයි අද

    ReplyDelete
  8. පමා වෙලා ආවත් අපිත් ඉන්නවා...... සැබෑවටම බැඳීම් කියන්නේ මේවට මිසක් වෙන මොනවද.......

    ReplyDelete
  9. පුලුවන් උපරිම දේ අපේ සහෝදරයෙක් වෙනුවෙන් අපි කරනවා..

    ReplyDelete