17 January 2011

දෙයියෝ දනී..සමහර විට මාත් දනී...

හොඳායි...ඊ ළග එකත්...
අද ඉතිං ලියනවා ඇර වෙන මක්කා කොරන්නද..?
උදේ ඉඳන් මේ වෙන කොට පෝස්ට්
1
2
3 ක් දැම්මා නෙව...

දැන් ඊ ළග එක

මම ඊයෙද කොහේද බාගයක් කියාපු කතාවක් තියෙනවා නෙව අහවර නොකරාපු..
දැන් ඒකට අත ගහමු.
බැළු වේ නැත්තං මුල කෑල්ල බලලා ඉන්ටත් වෙයි..

හරි මම නැවැත්තුවේ දොළොස් වෙනිදට එළි වෙන්න නෙව..

කොහොමින් හරි එදාත් ගියා වැඩට මම යන්නේ අටටනේ..අර කළින් දවසේ මුලින්ම හින්දා ඒ ළමයි අටට ආවට අද ඉඳලා හතට වැඩට එන්න එපැයි..ඉතිං මං යන කොට පෙරහැර ගිහින් ඉවරයිනේ..

ඒ මදිවට මං වෙනුවට අළුතින් එවන හාදයත් ඇවිත් හිටියා ඉතිං උන්දෑව පුහුණු කොරන්නත් එපැයි...
ඒ ඔක්කෝමත් අතරේ වැඩ පල කප්පරකට..තනි මිනිහෙකුට කරන්න අමාරුයි...ඇස් හයකුයි..
අත් හතර පහකුයි..ඒ විතරක් නෙවෙයි ඇහෙන ඒවට යොමු කරන්න හිත් තුන හතරකුත් එපැයි..

කොහොම හරි යාන්තං දවල් දොළහට ඔන්න මෙන්න තියලා ටිකක් විතර ඉස්පාසුවක් තියෙනවා වගේ දැනුනු හින්දා කස්ටියට වැඩෙ බාර දීලා ගියා මං ගියා ආයතනය අභ්‍යන්තරය පරීක්ෂා කොරලා බලනවා කියන බොහෝම බැරෑරුම් රාජකාරිය කොරන්ට...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට ඔනයෑ...
ගියේ ඉතිං පැකින් අංශයට...

ආ මම මෙච්චර කල් කිව්වේ නැහැනේ මං හිටපු තැන මොනවද කොරන්නේ කියලා...
දැන් ඉතිං මං එතන නැති හින්දා කියලා දාමු..හැබැයි අපේ රංගයටනං මං එදා බ්ලොග් කරුවන්ගේ හමුවේදී ටිකක් විතර කිව්වා...

මෙතන නොහදන්නේ ළමයි විතරයි..ඒකත් නැතුවාම නොවෙයි..ඒත් ටේ‍රඩ් මාක් එක වෙනස් නෙව..හරියටම නිෂ්පාදකයා කවුද කියලා හොයා ගන්ට බැහැ..

මෙක ප්‍රධාන වශයෙන් කොම්පැණි දෙකක් හැටියට තිබිලා දැන්නං එක ආයතනයක් විසින් අනිත් ආයතනයත් අල්ලා ගත්ත හින්දා එක අයිතිකාරයකු යටතේ දුවනවා.

ඊට කළින් තිබ්බේ දෙකක් හැටියට..

එක පැත්තක ඔය ඇසුරුම් වැඩට ඕන කරන ගම් ටේප්..ස්ටේ‍රපින් පටි...පොලිතින් බෑග්..කාඩ්බොඩ් පෙට්ටි වගේම කොම්පියුටර් ෂීට් වගේ දේවල් හදනවා..අනිත් පැත්තේ ආයතනයේ භාණ්ඩ එක් රැස් කරලා ඛෙදා හැරීමේ ව්‍යාපාරයක් සහ මදුරු කොයිල් නිෂ්පාදනය කරනවා...
අර භාණ්ඩ ඛෙදා හැරීමේ අංශයට හුගාක් දේවල් තියෙනවා...
මදුරු කොයිල්..සැමන්..ටොයිලට් ක්ලීනර්..විනාකිරි..සබන්..සෝයා මීට්...එයාර් ෆ්රෙෂ්නර්...කාර් ෂැම්පු..ග්ලාස් ක්ලීනර්..ඩිෂ් වොෂ් පව්ඩර්, ලික්විඩ්..ජෙලි ආශ්‍රිත කෑම වර්ග..ටිපි ටිප් වර්ග..තව ඉතිං ඔය කාන්තාවන්ටම අවශ්‍ය තරන සුවිශේෂි නිෂ්පාදනයක් එහෙමත් තියෙනවා..ඔය කතිව්වාට වඩා පුංචි පුංචි කෑලි බර ගාණක් තියෙනවා..

ඉතිං අපේ ළමයා අනිවාර්යයෙන් වැටෙන්නේ පැකින් සෙක්ෂන් එකට.. ඒ කිව්වේ මදුරු කොයිල් අසුරුම් අංශයට..කරන්න තියෙන්නේ ඛෙල්ට් එක දිගේ එන කොයිල් පැකට් එක කාඩ් බෝඩ් පෙට්ටියට දාලා ඒ වගේ ඇසුරුම් සීයයක් ලොකු කාඩ් බෝඩ් පෙට්ටියකට අසුරලා ටේප් ගහලා වහන්න..

ඉතිං මාත් අර කියාපු රාජකාරී ස්වරූපයෙන්ම ගියා ඔතනට යනකල්...

එතනට යනකොටම ඉතිං ඛෙල්ට් එකේ හිටපු කාන්තා පාර්ෂවයේ ඇත්තියෝ ටික පටාන් ගත්තේ නැද්ද විලාපේ..
පොච්චියේ මං යන විත්තිය උන්දලා දැනගෙනනේ...

මෙච්චර දවසක් ඉතිං මොන තරං කස්ටියට සද්දේ දාගෙන හිටියා උනත් ඔය කාන්තා පාර්ශවේ අය මට බොහෝම ලෙන්ගතුයි නෙව...
මොකද ඉතිං ඕන කුණුහරපයක් කැත නැතිව කියන්න පුළුවන් කටක් මට තියෙනවා නෙව...

ඔය ගෑණු උදවියත් හරි ආසයි නෙව ඒවා අහන්ට...අර මං කළින් වතාවකත් කිව්ව නමේ අරුතේ කතාව වගේ තමයි..

ඉතිං ඒ හින්දා මාත් එක්ක ඔය උන්දලා ටික බොහෝම ෆිට්.
හැබැයි රජෝ අපේ නීති පොත් වලට අනුව ඒ තරං ළගින් අපිටයි එයාලටයි ඇසුරු කොරන්න බැහැ..ඒත් ඉතිං අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නොවෙන්න ඒ හැම දේම බැලන්ස් කරගෙන මංතුමා හිටියා..

ඔතනදී මට තිබුණු වාසිය තමයි මොන මොන හරුප කිව්වත් මං ඔය උන්දලත් එක්ක අනවශ්‍ය සම්බන්ධකං හදා ගන්ට නොයා සිටීම...

විවාහය කල් යන්ට යන්ට ගෙවල් වලින් බර බරේ වැටුනු ලමිස්සියෝ දෙන්නෙක් තුන් දෙනෙක් විතර මට ලයින් දැම්මට..මං ඉතිං ෂේප් න්‍යායෙන් වැඩේ කරගෙන ගියා..

දැන්නං උන් දන්නවා මං උන්ට පටලැවෙන්නේ නැහැ කියලා..ඒත් ඉතිං අනේ වස්තුවේ කියලා කතා කොරන අයනං නැතුවා නොවේ..අර මං කළින් කවියකුත් ලිව්වේ එහෙම එක්කෙනෙක් ගැන..

හැබැයි කතාව විතරයි..වෙන කචල් නැහැ..කට්ටිය හිනස්ස හිනස්ස ඉන්නවා ඇර...ඒ හින්දා ඒ අයත් දැන් බුදු ෆිට්...

ඒත් එක්කම මං දැක්කා ළමයා ඉන්නවා ඛෙල්ට් එකේ කවුරුවත් නැති පැත්තෙන් හිටගෙන තනියම කොයිල් පැක් කර කර...හප්පද බොල පළවෙනි දවසේ මම දකිද්දී හිටියේ බොහෝම චාම් විදියට මල්ටි කලර් සායකුයි..ලා රතු පාට ටීෂර්ට් එකකුයි ඇඳලානේ..හරියටම කිව්වොත් ටිකක් ගොඩේ පාටයි කියමුකෝ..ගොඩේ කියන එක නරක දෙයක් නෙවෙයි..ඒකත් කියලා හිටින්න එපැයි..අපිත් අමුම අමු ගොඩයෝ නෙව...

ඒකටත් එක්ක...
අද බලන්න එපැයි...ඩෙනිමකට බැහැලා..ලස්සන රෝස පාට කඩා හැලෙන බ්ලව්ස් එකකුත් ඇඳලා..කොණ්ඩෙත් ඊයේ වගේ දිගට කඩා දාලා නෙවෙයි..පෝනියක් දාලා...මට මොනවද ඉතිං කෙළින්ම මතක් උනේ අරයාව නෙව..
ඒ ගැස්සිල්ලමයි...ඒ ෂේප් එකමයි...හැබැයි එයාගේ ෆේස් කට් එක නෙවෙයි..ඇස් නං ඒ ඇස් වලට ළගින් යනවා...
කෙල්ල මාව දැක්කා මෙන්න අර පඩත්තල හිනාව..ඒත් ඊයෙට වඩා ටිකක් හොඳයි වගේ...
මාත් ඉතිං ඒ දිහාටත් ඇස් යන්තං යවන ගමන් අපේ ඇත්තියෝ එක්ක කතා බහ කොරනවා...

ඉතිං කොහොම හරි මම අර උන්දලත් එක්ක කතා කොර කොර ඉන්නඑක මැෂින් වල සද්දේ හින්දා පුංචි එකීට ඇහෙන්නේ නැහැ..
මං ඉතිං එයාට කියන්නයෑ..

මම අදින් පස්සෙ මෙහෙ නැහැ ළමයෝ..ඇත්තටම ඔයා කවුද? කියනවකෝ..කියලා...

කොහොම හරි එතැන ටික වෙලාවක් ඉඳලා හැම කෙනාටම ආයිබෝං කිය කිය වටේම ගියා...ඒත් අර දරුවා ඇර...

ඊට පස්සේ මං එතනින් ගියා..ආපහු එනකොට දවල් කෑම වෙලාව..මම ආවා මා ළග තිබුණු යතුරු වගයක තොරතුරු මානව සම්පත් නිලධාරිනියට දෙන්න කියලා..මෙන්න මෙ ළමයයි අනිත් මෑන් පවර් එකෙන් වැඩට දාපු ගෑනු ළමයි දහ දොළොස් දෙනක් එතන..ආයෙමත් ඇස් මං ගාව..හිනාව තොල් අග...

මටත් දැන් මේකි දකින දකින වාරයක් ගානේ තනියම හිනා යන මට්ටමට ඇවිල්ලා...

කොහොම හරි එයාලාත් එක්ක කතාව නවත්තලා අර නිලධාරිනිය මාත් එක්ක කයියට සෙට් උනා..ඒ අතරේ මං යන්න කළින් අහගන්න තියෙන තොරතුරු මගෙන් අහගෙන කොම්පීතර උන්නැහේට බාර දෙනවා..අරුන් ටික මං දිහා බලං ඉන්නවා..පව් හත්දෙයියනේ මුන්ගේ කෑම වෙලාව..මාත් පුළුවන් තරං කතාව කෙටි කරලා ආපහු ආවා...

එච්චරයි...ආයේ එදා දවසටම දකින්න හම්බ උනේ රෑ හතට එයා වැඩ ඇරිලා යනවා..විතරයි..ඒත් යන්තං බලනවා ඇර..මට කතා කරන්න තියා හුස්ම ගන්නවත් බැරි තරමට වැඩ...
යතුරු බාර ගන්න..ඒවා පොත් වල ලියවන්න...කට්ටිය කාඩ් ගහන එක හරියට කරනවද කියලා බලන්න...ෂෆ්ට් එක ඕෆ් වෙලා එළියට යන දෙසීයක් විතර කට්ටියව හරියට පරීක්ෂා කරනවද කියලා බලන්න...
ඒ අතරේ ඩිලිවරි ගිහින් ආපු වාහනත් ඇවිත්..ඒවායේ රිටන් බඩු පරීක්ෂා කරවන්න...
බ්ල් වලට ගෙනාපු බඩු හරියට තියෙනවද කියලා චෙක් කරන්න...
මල කෙළි දාහතයි...

අනේ ඉතිිං අරයත් ඒ අස්සෙම මාරු වෙලා ගිහින් එයාලගේ වෑන් එකෙන් වාඩි උනා..මං වැඩ...

දැන් පහුවදා උදේ..?ඒ කියන්නේ දහතුන් වැනිදා උදේ...

කෙල්ල ආවා..පොත අස්සන් කරන්න මං ඉස්සරහට එන්න එපැයි...

මේ වෙනකොට මං අපේ ගේට්ටුව භාර උන්නැහේට නිකං කියලා තිබුනේ මේ දැරිවි ගැන..
හැබැයි මං කිව්වේ කෙල්ලගේ මොකක් හරි අමුත්තක් තියෙනවා...ඒත් මොකක්ද මංදා සරෝ කියලයි..(හරි හොඳ මනුස්සයා වයස පනස් ගානක්..ඒත් කොල්ලා වගේ..)

මෙන්න ගත් කටටම කියපි

මොනවද සර්..බලමු ට්‍රයි කරලා..කියලා..මගෙ රෙදි නැහැ..ඇයි යකෝ මං කවද්ද කෙල්ලන්ට ට්‍රයි කලේ..?

කොහොමත් මෑන්ස් මට පිළිවෙලක් කොරන්න බොහෝම මහන්සි වෙන හාදයා...
මිනිහත් ඉතිං ආයතනයෙන්ම කිහිප දෙනෙක් එක්කම පිළිවෙලක් වෙලා හිටියේ..මං ඉතිං ඕවට සයිඩ් සපෝට් දෙනවා..නොදන්න ගානට..ඒ හින්දා බුවා බලාගෙන ඉන්නේ මං වැඩකට අත ගහන්නේ කවදද කියලා..අනික මගේ පරණ කතා ඔක්කෝමත් මෑන්ස් දන්නවා

ඒ හින්දා නිතරම මට වැඩිහිටි උපදෙස් සරාගෙන් තමයි...ඒත් අප්පා මට නිකං දැන් ලැජ්ජයි ලැජ්ජයි වගේනේ..
හේතුනං ඉතිං අප්පරමාණයි...

කොහොම හරි මෑන්ස් කෙල්ලව බලා ගත්තා..ඒත් වැඩි ප්‍රතිචාරයක් නැහැ..මට හිතුන දේම උන්දැටත් හිතුනා වෙන්න ඇති...

ඉතිං ඒ දර්ශනය එතනින් අහවරයි...
ආ..මං ඉතිං පොත අස්සන් කරන්න ආවාම ගම අහ ගත්තා...
නමනං ඉතිං පොතෙන් බලා ගත්තා...කෙල්ල අහන ඒවට උත්තර දෙනවා හිනා වෙවී..මං නිකං බයිට් ගෝනියක් වගේ පේනවද මංදා..?

කොහොම හරි මම ආයෙමත් දැක්කේ නැහැ දරුවව...

හ්ම්ම්ම්..අනේ මන්දා..දෙලොවක් අතර සිරවීම කියන්නේ මාර අවුලක්...

මේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ.
මට ඒ ළමයා හුරුයි වගේ දැනෙනවා වගේ ඒ ලමයටත් මං ගැන මොනවා හරි මතකයක් තියෙනවාද..?
ඇත්තටම මට අමතක උනාට එයා මාව දන්න කෙනෙක්ද..?
අනේ මන්දා...?

දැන් තියෙන ගැටළු..?

ඇත්තටම මම ආයෙමත් ආදරයක පැටලෙන්න එනවද..?
එහෙමත් නැත්තං මොනවා හරි මතකයක් මාව අවුල් කරලද..?

කොහොමටත් එ ළමයට අවුරුදු දහ අටකට වඩා වෙන්න බැහැ

මට තිස් එකක් දැන්..ඒ හින්දා ආදරයක් ගැන හිතන්න මට ලේසි නැහැ...

ඒ වගේම අපිට ආයෙමත් හම්බ වෙන්න ලේසි නැහැ.
මොකද මට අපේ ආයතනය අවට සැරි සරන්න බැහැ වැඩ ඇරෙන වෙලාවට..මොකද එතකොට කට්ටියම දැන ගන්නවා මොකක් නමුත් සෙමාරිස් වැඩක් තමයි කියලා...
අනික එතකොට අර මං කළින් කිව්ව මට ලයින් එකේ ඉන්න අය මොන වගේ ගේමකට සෙට් වෙයිද දන්නේ නැහැනේ..මොකද ප්‍රතික්ෂේප කළ ගැහැනුන්ගේ වෛරය මොන වගේද කියලා මම දන්නවා...

කොයි තරම් හොඳින් හිටියත් තමුන්ට කැමති නොවී වෙන කෙනෙකුට කැමතියි වගේ පෙනුනොත් අර යට වෙලා තියෙන ඊරිසියාව මතු වෙනවා...

ඉතිං වැඩි කැටයම් දාන්න යන්න බැහැ.

එකම දෙයයි තියෙන්නේ..මෑන් පවර් එකේ අයිතිකාර අයියාගේ වයිපරේ...
උන්දෑත් මාත් එක්ක ෆුල් ෆිට්..කට්ටිය වැඩට දාන්න ඇවිත් කතා බහ කරලම..
ඒත් එයාලගේ ව්‍යාපාරයට සම්බන්ද කරුණකට මැදිහත් වෙන්න කියන එක ඒ තරම් හරි නැහැ...

ඔන්න ඔය වගේ ප්‍රශ්න හුගාක් හින්දා මං දැන් ඉන්නේ වැට උඩ...

මම හිතනවා වැඩිදත් මන්දා..
ඒත්දැන් ඉස්සර වගේ බැහැ..පොඩි කාලේ කරපු දේවල් තරන්න මම දැන් මම වයස වැඩියි...
මීට අවුරුදු දහයකට දොළහකට කළින්නං මම දෙපාරක් හිතන එකක් නැහැ.
ඕනනං විනාඩි දහයක් කතා කරන්න වෙයි...

ඒත් දැන් මට හිතන්න හුගාක් දේවල් තියෙනවා...

කොහොම උනත් මං හැම දේම අනාගතේට බාර දීලා බලාගෙන ඉන්න කැමතියි.
වෙන්න තියෙන දෙයක්නං මොන අවුල ආවත් කෙරෙයි..නැත්තං ඕන මගුලක්...
හැබැයි ඔය කිව්වට හෙට උදේට මොනවා වෙයිද කියලා දන්නේ දෙයියොම තමයි...?

17 comments:

  1. ඕකෙ දෙවියා තමයි මචන් සරා.... ඌට තමයි වැඩේ ගොඩ දාන්න පුළුවන්....

    මාරෙ.. මටත් තිස් එකයි.. ඒත් උඹත් එක්ක බලපුහාම මම මොනාද බන් කරලා තියෙන්නේ.... ;D

    ReplyDelete
  2. සීරියස් වැඩක් නම් ball-by-ball කමෙන්ට්‍රියක් නොදී කරන දෙයක් කරගෙන රිසල්ට්ස් ආවයින් පස්සෙ කියන එක හොඳයි. :-)

    - Taboo

    ReplyDelete
  3. මෙ මාර අයියේ
    ඔය වයසවල් ගැන තකන්නෙ නැතුව වැඩට බැස්සනම්

    ReplyDelete
  4. මල් සරා බැල්ම හෙලා මාරයගෙ හිතට කොඳුරනවා
    සාය කෑලි දැක්ක ගමන් මල් වාරම් ලියවෙනවා....

    මල කෙලියයි නොවැ බං....

    ReplyDelete
  5. අද අයියා ලිව්වා ලිවිල්ලක් o_O මීට කලින් ඔහොම ලිව්වේ රංග අයියයි ජනනි අක්කයි දැන් මාරයත් පටන් අරන් වගේ....

    මේ වයස ප්‍රශනයක් නෑ අයියේ ;)

    ReplyDelete
  6. මේ මාරයෝ, අතට ආපු කිරිල්ලිව අත අරින්න එපා... උඹේ දුක් කවි අහල එපා වෙලා ඉන්නෙ...! මොනව හරි කර ගනින්කෝ..... අපිටත් සැනසීමෙන් ඉන්න...!

    ReplyDelete
  7. අනේ හොඳයි දෙයියනේ,,, තිස් එකත් වයසක්ද මලේ? ඉක්මනින්ම පිළිවෙලක් වෙන්න බලන්න..........

    ReplyDelete
  8. ඒයි මැන්ටලේ, රස්සාවෙන් අයින් වෙලා හරි කසාදයක් බැඳගනින්. නැත්තං ඉතිං අපිට තමා උඹ වයසට යද්දී ඈප උපස්ථාන කරන්න වෙන්නේ...

    ReplyDelete
  9. ඉස්සෙල්ලම විස්තර ටික හොයා ගනින්කෝ
    ඔය තියෙන්නෙ පාරවල් හැට හුටහමාරක් ම

    වයස ප්‍රස්නයක් නෑ බන් උඹටෙයි කියල මොකෝ මහ වයසක් පේන එකක් යැ?...................

    ReplyDelete
  10. දහඅටක කෙල්ලක් ඉදිරියේ මාරයා පරාජය වෙයිද?
    නැත්තං මාරයා ජයගනීද?
    විස්තර ඉදිරියට.

    ReplyDelete
  11. මමත් ටැබුව එක්ක එකඟයි. කතාව අහන්න අපි කොච්චර ආස උනත් වැඩේ ගොඩ දාගෙනම කිවුව නම් හොඳයි නේද? ඕව කිය කිය කරන්න ඕනෙ වැඩ නෙමේ.

    අය්යෝ දැන් හැමෝම මාරය වැඩ කරපු තැන ගැන දන්නවනෙ

    ReplyDelete
  12. ටැබූ සමඟ එකහෙලා එකඟ වෙමි කියල තමයි මටත් කියන්ඩ තියෙන්නෙ, ඔව්ව මේ ඒ කාලෙ උඹ චන්ද ප්‍රචාරෙ කොලා වගෙ ගමට ඇහෙන්ඩ කිය කිය කොරන දේවල් නෙවෙයි බොල,අර කිව්වත් වාගෙ හෙමිහිට වැඩේ ගොඩ දාගං,

    ReplyDelete
  13. හප්පේ මාරයගේ මල් හිනාව.....ආව් ආව්

    ReplyDelete
  14. මාරයට ඔය මාරදූතිකාව හිතට ‍ෆිට් නං ආයෙ වයස බලන්නෙ අහවල් එකකටෙයි.

    ReplyDelete
  15. හ්ම් හ්ම් හ්ම්..........
    හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.........
    හ්ම් හ්ම් හ්ම්..........

    ඔන්න ඔහේ හිත හිරි වට්ටන හිනාකාරි ගැන හොයලා පාටියක් ගමු අයියේ........

    ReplyDelete
  16. මාරයා ගේමට එන්ටර් වෙන්න තියෙන්නේ,,වයස නම් මොකද්ද මාරයෝ...

    ReplyDelete
  17. සුබ පතනව මාරයෝ... ඔය මල් සරා වෙන්ට ඕනි...

    ReplyDelete