17 January 2011

හිමේ නැග්ම සහ පැරණි කථා...

මුළින්ම කියන්ට ඕන මෙ ලියන්නේ තවත් එකෝමත් එක කතාවක්නං නොවෙයි..

අද මේ අපේ තිස්ස අයියා දාලා තියෙන අර සිරීපාදේ ගැන කතන්දරේ කියෙවුවහම මට මතක් උන සිද්ධි තමයි...

මේ ඉතිං සිරීපාදේ වන්දනා සමය නෙව...
අර අපේ හාවා ඇතුළු සෙට් එකත් හිමේ ගොහින් ඇවිත් හිටියේ..

ආ ඒත් එක්කම කියන්ට ඕන ඔය වාරෙට වගේම අවාරෙට සිරීපාදේ යන රැල්ලකුත් ආවානේ පහුගිය කාලේ..මංනං ඉතිං ආන්න ඒකට ඉංතේරුවෙම්ම විරුද්ධයි...

අපේ සුළු විනෝදයක් නිසා හෝ..අවදානමට ඇති කැමැත්ත හින්දා..යාන්තංවත් පරිසරයට ලැඛෙන විවේකය උදුරාගන්න අපිට අයිතියක් නැහැ.

කොහොමටත් වාරෙටත් අපි කරන්නේ නිසංසලේ තියෙන්න ඔන පරිසර පද්ධතියකට බලහත්කාරෙන් ඇතුළු වෙලා ඒකට කොරන්න තියෙන ඔක්කෝම හතුරුකං කොරලා එන එකනේ..

අඩුම ගානේ අවාරය හැටියටවත් හම්බවෙන සැනසිල්ල විඳ ගන්න සිරීපාද අඩවියේ ගහ කොළට සතා සීපාවට අපි දෙන්න ඕන..ඒකත් අපි කීපදෙනෙකුගේ ආශාවන් හින්දා නැති කොරන එක ජාතික අපරාදයක්...

......................................

ඉතිං මං මුළින්ම සිරීපාදේ ගිහිං තියෙන්නෙනං පුංචිම කාලෙද කොහේද..? අපේ තාත්තා එහෙම කියාපු කතාවක් මට යාංතං මතකේ තියෙනවා..ඒ කියන්නේ මට වයස අවුරුද්දක් විතර ඇති කාලෙද කොහේද..?

ඒ ගැන කියන්න ඉතිං මට මතක නැහැ නෙව..

මට මතක කාලයක මම මුළින්ම සිරීපාදේ ගියේ මට වයස දහ හතක් දහ අටක් විතර කාලෙදී තමා...

එකම වාරෙදි දෙපාරක් වගේ තමයි මතක...කොහොමත් ඒ කාලේ මට වන්දනා ගමන්..විනෝද චාරිකා වලින් අඩුවක් තිබුනේ නැහැ...
වෙන එකක් හින්දා නෙවෙයි..තාලය..සෘතිය කෙසේ වෙතත් නොනවතින සිංදු මැෂිමක් බවට පත් වෙලා හිටිය කාලේ ටිකක් විතර ඉල්ලූමක් තිබුනා නෙව ගමනට බිමනට...අපරාදේ කියන්න බැහැ..දවස් දෙක තුනක ගමනක් යනකල් එනකල් එකම සිංදුව දෙපාරක් කියන්නේ නැතිව ඇදගෙන යන්න තරං මෙමරිය හොඳට තිබුණු කාලේ...

තාමත් මං ගාව තියෙනවා මගේ අත් අකුරින්ම ලියාපු මොනිටර් එක්සයිස් පොත් දෙකක් සිංදු වලින් පුරෝපු...හෙට ගෙදර ගියහම ඒකේ පොටෝ කෑල්ලක් දෙකක් අරං දාන්ට තිබ්බනං හොඳයි කියලාත් හිතෙනවා.මං හිතන්නේ මගේ අත් අකුරු ටිකක් හරි පිළි වෙලක් උනේ ඔය සිංදු ලිවිල්ල හින්දා තමයි...

ආ තව එකක් තියෙනවා..
මගේ පුංචි කුමාරිගේ නාට්‍ය හා රංගකරණය සම්පූර්ණ නෝට්ස් ටිකම තඩි පොතක් පිරෙන්න ලියලා දීපු එකත් ඒකට හේතුවක්..අපොයි මාත් කොරලා තියෙන දේවල්...

...................................
ආපහු මුලට...දැන් දැන් මට ආයෙමත් පරණ ලෙඩේ හැදී ගෙන එනවා..මාතෘකාවෙන් පිට පනින එක..


ඉතිං මම ඔය කිව්ව මුල්ම ගමන් දෙකම ගත්තොත් මතක් කොරලා සතුටු වෙන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නේ...

ගමන් දෙකම එහෙම පිටින්ම දුරාචාරය රජ කරපු ගමන් දෙකක්..තනිකරම නොහික්මුණු කාලේ නෙව...
යන එනකල් බීපු එක වතාවකුයි...
නගිනකල් බහිනකල් රෝස කරත්තයක් දක්කපු තවත් වතාවකුයි කියලා කෙටියෙන්ම කිව්වහැකි.

...........................................

කට්ටිය තරහා අවසර මම මෙතනින් මේක කඩනවා..මොකද ලිපිය දැන් බොහෝම දිග්ගැස්සිලා තියෙන්නේ..මෙතැන ඉඳන් තියෙන්නේ මගේ පිළිවෙළකට හිමේ නැග්ග කතාව...කාට කාටත් යමක් කමක් දැන ගන්න ඇහැකි හරියක් වේවි කියලා මං හිතනවා..අපි ඉතිං මේ ටික කියවලා ඉම්මුකෝ මුළින්ම..සෙස්ස පස්සට..හොඳා නෙව...
(ආයේ ඉතිං ලිපි දිග වැඩියි කියලා අහගන්ට ඕනෑයෑ..)

............................

9 comments:

  1. දැන් මොකක්ද මේ, හඳුන්වාදීම නොහොත් පූර්විකාවද? මොක උනත් කමක් නැහැ කියාහංකො කතාව සමං දෙවි සරණෙං,

    ReplyDelete
  2. බීපු කතානං හැමතැනම නොවැ.අර රෝස කරත්තෙ දක්කපු සීන් එක කියන්න පුළුවන්නම්.........හික්...හික්.....

    ReplyDelete
  3. වහාම ඉතුරුටික දාපන්. කව්ද දැන් ඔය දිග වැඩි කතාව කිව්වෙ?

    ReplyDelete
  4. Ravi...

    පූර්විකාව නෙවී බං අයියේ..ලියාගෙන යනකොට දිග වැඩි උනා..ඒ ගමන කැඩුවා..මට පහු ගිය දොහේ මෙ මිත්තරියක් කිව්වා නෙව..ලිපි මෙලෝ රහක් නැත..
    ඊටත් වඩා දිග වැඩිය කියා..
    ලිපි රහ කොරන්න බැරි උනත් කොට කොරන එකවත් කොරලා බලන්ට හිතුනා...

    ReplyDelete
  5. dinesh...

    ඒවා සම්පූර්ණයෙන්ම වැඩිහිටි කතා..ඒ කියන්නේ කොටු කොටු කතා...
    මෙතන කියන්ට ගියොත් ඊ ළග ලියුං කරදහිය සින්ඩියෙන්නං බලන්න හම්බු වෙනවා බොරු...

    ReplyDelete
  6. නිශ්...

    මෙ අපේ මිත්තරාවියක් එහෙම කිව්වා නෙව..
    උන්දෑ ඉතිං බොරු කියන්නේ නැහැ..මට මුල ඉඳලම අත හිත දුන්න කෙනෙක් නෙව...

    ReplyDelete
  7. වහාම ඉතුරු කොටස දව....

    ReplyDelete
  8. යකෝ එච්චරටම අවුල්ද.....එලම තමා.දැන් ඉතිං හිතා ගන්න පුළුවන්....හික්....

    ReplyDelete
  9. @ප්‍රසන්න...
    හෑ..මෙකාගේ සැර..අර වළව්ව පැත්තෙවත් ගාටලද..?

    @දිනේෂ්...
    හිහ්...එහෙං පිටිංම වැඩිහිටියන්ට පමණයි..

    ReplyDelete