31 January 2011

ඔරුව පෙරළුනෝ...

හරී ෂනීපයි..ඩයලොග් එකේ නැන්දිලා මාමලා මගේ අජරාමර කොනෙක්ෂොන් එකට කෙළලා...
මොනවා කොරන්නද..?වෙලාවට කලාවට බිල් නොගෙවීමේ ආනිශංෂ තමයි මං හිතන්නේ..උදේ යාංතං පෝස්ට් දෙකක් දාගන්නකං පණ ඇද ඇද දිව්වා..දැන්නං ඒකත් හුටාරිස් වෙලා...

මොනවා කොරන්නද..?බිල ගෙවන්න වෙන් කොරපු චූටි සුපියල් දාහා පුස් කකා මුදල් පසුම්බියේ තියෙනවා උනත් දැන් තැපෑලෙන් දාන්ටයෑ..
වෙනදානං කලට වෙලාවට ඕවා ගෙව්වා..ඇයි ඉතින් දවස් තුනකට හතරකට සැරයක් අනිවාර්යයෙන්ම යක්කල පැත්තේ කරක් ගහන හින්දා ඒ ගමන්ම ගම්පහට ගෙහුං ඕක ගෙවනවා...

ඒත් ඉතිං දැන් ඒ ගමන නැවතුනායින් පස්සේ ඔන්න මට ඇති වෙලා තියෙන පුරස්න..
දැන් පුළුවන් තරං යක්කල අහලකින්වත් නොයන්ට මංතුමා වග බලාගන්නවා නෙව..ආයේ ඉතිං දේවාලේ දැක දැක අහක බලං යන්ට හොඳ බැතිමතෙකුට පුළුහංයෑ...
ඒත් ඉතිං ඒ ගමන් බිමං නැවැත්තුවාම සිද්ධ වෙන අලකලංචිත් තියෙනවා..

කවුද මේවට වගකියන්නේ..?

ඔන්න කවුරු කවුරුත් දැන කියා ගන්නවා හොඳයි. ඕවා නැවැත්තුවාමත් සෑහෙන කරදර මිනිහෙකුට එනවා...එහ්නං...

ඒත් ඉතිං දැන් මෙක නැතුව ආයේ උහුලං ඉන්ට ඇහැකියෑ මට..
කල්පනා කරලා බැළුවා..මොකක්ද කොරන්ට ඇහැකි කියලා...

එක විසඳුමක් තියෙනවා...සුදු හාමිනේ..ඒ කියන්නේ අපේ පුංචි අම්මාගේ බාල දූ..මගේ හිච්චි නගා..අර මං පහු ගිය දොහේ බයිසිමොටෝ පුරුදු කරවන්ට පටන් ගත්ත දැරිවි තමා...

ඒත් ඉතිං කාගෙන්වත් උදව්වක් ඉල්ලන්ට දිව නැමෙනවා හොරයි..කම්පනා කොරලා කොරලා අන්තිමට ගත්තා කොල් එකක්...

අප්පද බොල මොකෙක්ද ගැටයෙක් සීපදයක්ද කොහේදෝ කියනවා...හරි අපූරු සීපදේ...ටික වෙලාවක් යන්ට මත්තෙන් අරකි කෝල් එකට ආමණ්තරණය කරපු හින්දා ඒ පදේ අහ ගන්ටත් අමාරු උනා..හැබැයි ආයිබෝං ඒ කිව්ව එක වචනයක්වත් මට තේරුනෙත් නැහැ..මතකත් නැහැ..ඌ මොන මොනාදෝ දෙඩෙව්වා..මං අහගෙන හිටියා...

හරි කොහොම හරි අනිත් පැත්තෙන් කතා කොරනවා ඇහෙනවා...

"අයියේ ඇයි..?"

"ආ සුදූ..ඔයා කොහේද ඉන්නේ..?"

"ආ මං වැඩට ආවා..ගම්පහ..............එකේ ඉන්නේ...ඇයි..?"

"නෑ සුදූ මට පොඩි උදව්වක් ඕන වෙලා..ඔයාට පුළුවන්ද දන්නෙ නැහැ... "

"අනේ අයියේ ඕන දෙයක් කියන්ඩ මං කරනවා..."(හෆෝයි..මං මුංට සලකනවා මදි..)

"නෑ සුදූ මගෙ ඩයලොග් බිල ගෙවන්ඩ වෙලා..කනෙක්ෂන් එක කපලානේ..දැනුයි දන්නේ..දැන් ගෙවන්න යන්න විදියක් නැහැ..අද මම වැඩ දවසනේ...ඔයා ගාව සල්ලි තියෙනවද වැඩිපුර රුපියල් දාහක් විතර..."

"තියෙනවා අයියේ කියන්ඩ.. "

"ඔයාට පුළුවන්ද ඩයලොග් එකට ගිහිල්ලා මගේ අයි ඩී නම්බර් එකට ගෙවන්න..."

"හරි අයියේ මං කරන්නං..."

යාන්තං ඉතිං ඕන කොරන විස්තර ටික කිව්වා...කෙල්ලට පුදුම සංතෝසයක් තියෙන්නේ මං උදව්වක් ඉල්ලූවට...
දැන් ඉතිං තව ටිකකින් ඒක ගෙවයි..ඒත් ඉතිං ඩයලොග් එකේ උත්තමයෝ ටික තව කොච්චර වෙලා ගනීද දන්නේ නැහැ ඕක දීලා දාන්ට...එතකං හුළං...අනිත් එක බිලම නෙවෙයිද දන්නේ නැහැ හේතුව..මගේ භාවිතාවත් බොහෝම සැරයි නෙව...

මං ගත්තේ 2GB සම්බන්ධතාවයක් නෙව..යාන්තං ඒක GB දක්වා ඉහලට දාලා මේ මාසේ ඉඳලා..අපරාදේ කියන්ඩ බැහැ ස්පීඩ් එකනං මල් හතයි...මාසෙටම ගෙවන්ඩ ඔන රුපියල් 907 යි.
ඒත් ඉතිං තව 1GB එහෙම ඕනනං තවත් රුපියල් 390ක් විතර ගෙවලා ගත්තෑකි...
මේ මාසෙත් එහෙම අරන් තියෙන්නේ...

හැබැයි ඉතිං ඔය ලිමිට් එක පැන්නහම ස්පීඩ් එක අඩු වෙනවා නහුතෙට..ඒත් හිමින් හිමින් ගාට ගාට ඇද ගෙන ගියහැකි...
මූණු පොතේ එල්ලිලා ඉන්ට..බ්ලොග් එකක් දෙකක් කියවන්ට...බ්ලොග් පෝස්ට් එකක් පබිලිස් කොරලා දාන්ට...
ඕවාට පුළුවන් කම තියෙනවා...යාන්තං ජීමෙල්ලූවේ වැඩ ටිකත් කොර ගත්තෑකි..හැබැයි හොඳ ඉවසීමක් තියෙන්ට ඕන..
අමාරුම වැඩෙ බස් පදින එක තමා..ඒත් ඉතිං ඒ අමාරුකං මැද්දේ මං කොයිතරංනං මේ බස් කරුමාන්තතේ රැක ගන්ට මහන්සි වෙනවද කියලත් දන්න කට්ටිය ඉන්නවනේ..
අම්මපා මං මේ නහින නැහිල්ල දන්නවනං අර ගැමුණු විෙජ්රත්න ගොයියට පයිං ගහලා එලෝලා දාලා මට දෙනවා අර මොකක්ද සංගොමේ සභාපති කොම ඒකේ එකාලා..ඒ තරං මගේ කැපවීම..සහ ඉවසීම...කට්ටිය දන්නවනේ හිටි හැටියේ මං කතා කොරන එක නැතිව යනවා නෙව බස් අස්සේ ඒ ඉතිං මක්කොරලවත් බස් එකේ නැග ගන්ට බැරි වෙන තරමට මගේ වේගේ අඩු වෙන හින්දා තමයි කියලා දැන් තේරුං ගත්තහැකිනේ...

ඒ වගේම තමයි අර දැන්වීම් පූවරු..එතනින් ගියහම කපුටෝ කුරුල්ලෝ පියාඹන..එතකොට අර පෝලිමේ හිනාවෙන රවුං රවුං මූණු තියෙන වැඩ කෑලි නාවාපු බ්ලොග් හතර මායිමේ නොයන්ටත් මං වග බලා ගන්නවා ඔය තත්වේ හින්දා...
කිසිම වැඩි වැඩ නැති සරල සාමාන්‍යය බ්ලොග් වල විතරක් සැරිසරන්ට මං පුරුදු වෙලා ඉන්නේ ඔන්න ඔය දේවල් හින්දා තමයි...නැති බැරි කොමට ජීවත් වෙන්ට පුරුදු උනහම එහෙම තමයි මොනවා කොරන්ටද..ඒ කෙන් ඉතිං මට හුගාක් ලිපි මගහැරෙනවා තමයි..ඒත් ඉතිං මොනවා කොරන්ටද..?ලියුං කියවන්ටයි කුරුල්ලෝ එළවන්ටයි දෙකක් බැහැ නෙව...

අනිත් දේ තමයි මං ඉස්සර මොබිටෙල් සතියට සීයේ වැඩ සටහන යටතේ නෙට් එකේ රවුං ගහපු එකා නෙව..ඒ හින්දා මට ඔය වේගේ අඩුයි කියන එක ඒ හැටි ගාණක් නැහැ..මොකද ඩයලොග් එකේ අවම වේගයයි මොබිටෙල් එකේ උපරිම වේගයයි දෙකම සමානයි මටනං..හිහ්..ඉතිං තව මොන කතාද....

අර අපි තේ කොළ ටිකක් තේ මණ්ඩියට දාලා තේ වක්කොරන්ට ගියහම මුළින්ම එනවනේ කහට ඇති බදං..අපි කොරන්නේ එයින් කහට ටිකක් දාගෙන පදම හරියන්ට උණු වතුර අමුවටම දාන එක නෙව..ඒත් වැඩි තේ ගාණක් හදන වෙලාවට අර මණ්ඩියේ තේ කහට එන ප්‍රමාණේ ටිකෙන් ටික අඩු වෙලා යන්නැහේ මෙකත් එහෙම වෙනවා...හැබැයි ලා කහට එනවා වගේ මෙකත් නවතින්නේම නෑ...කොහොමින් කොහොම හරි මෙ මාසේ වෙනකොට මගේ අර සාධාරණ භාවිතාව කොච්චරද කියලා මෙතන ලියන්ට බැහැ...ඒක හරි අනතුරු දායකයි...

යකෝ මං ඩයලොග් එකට කඩේ ගිහිල්ලා නේද..?

අනේ ඉතිං උන්දලට මං මේ කොරපු කඩේ යෑම සලකලා බලලවත් මගෙ කොනෙක්ෂන් එක ඉක්මනට ගොඩ දාලා දෙනවනං...

අනේ සුදු හාමිනේ ඉක්මන් කොරලා මට පිහිට වෙයං..මං උඹට ඊ ළග දවසේ ඉඳලා පැයක් පුරුදු කරන එක පැය දෙක ගානේ පුරුදු කොරෝනවා...

හරි ඔය ඇති..හැම දෙයක්ම හොඳටයි කියලා හිතලා..අද ඉතිං කොරන්ට තියෙන්නේ හැකි තාක් ලියන එක තමයි...
මේ බස් පැදිලි හින්දා මගේ ලිවීමටත් කෙළ වෙලාද මංදා...
යාන්තං මෙහෙම වෙච්ච හින්දාවත් බලමු ලියන කියන දේට තැනක් දෙන්ට...

පෙරළුනාට මොකෝ ඔරුවේ මේ පැත්තත් හරි අපූරුයි නෙව...

35 comments:

  1. අනේ අම්මෙ..ඔන්න යන්තං වැඩෙ ගොඩ සුදූ නංගියාට ඉක්මනටම කොල්ලෙක් හොයලා බන්දලා දාන්ට ඔන..ඒවා මගේ යුතුකං..

    ඩයලොග් එකේ නැන්දිලා මාමලාත් චිරාත් කාලයක් යෙහෙං වැජඛෙන්ට ඔනේ...

    ReplyDelete
  2. පෙරලුනු ඔරුවේ පිට පැත්තේ ඉඳන් ලීවාට මොකද මේ ලිපියත් හරි අපූරුයි බොලන්

    ReplyDelete
  3. මාරයියේ....මම තනිකඩයාය...තැපැල් කන්තෝරුව භාරේ රත්ගමයා වෙත කේන්දර කොපියක් සමග විමසන්න...දායාද රැගෙන එන්න....සුදු නන්ගා සුරකිමි...වයස ප්‍රශ්නයක් නැත...
    මා සතුව අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් සහ අමතර ඩොන්ගල් එකක් හිමිය...
    ප.ලි - ඉකේයියා.........

    ReplyDelete
  4. අනේ හැමදාමත් මූට මේ පැත්තම පෙරලෙනවානම්?

    ReplyDelete
  5. සුදු නංගියාට කොල්ලෙක් හොයනව නම් මේ මම ඉන්නව. මාත් හොඳ එල කොල්ලෙක්. :D

    ReplyDelete
  6. මාත් ඔය 2 GB කනෙක්ෂන් එකක් ගත්ත මේ ළගදි. මුල් මාසෙනං ඒකට 1200 ගානක් ආව. ඩයලොග් වයිමැක්ස් වලනං ඔය ඩවුන්ලෝඩ් අවුල නෑ. හැබැයි මාසෙකට 2020 ක්.
    මුලින්නං 6000 පනිනකං කැපුවෙ නෑ. දැන්නං බිල් දෙකක් එනකොට බඩු හම්බවෙනව.
    ඒත් ඉතිං වී කෙයා ඕල්වේස් වලට වැඩිය අනාගතය අදයි හොදයි.

    ReplyDelete
  7. රත්ගමයා ට දිව දොට්ට..අයින් කරපං බං ඔය ඉකෙයියාව ඒක් මහ චා..

    ReplyDelete
  8. අඩේ පැන්ඩයියේ...මේක මාගේ මාතෲ භූමියයි...මෙහෙ එලවලු රොටියක් උනත් රුපියල් 40කි.පොල් බෑය(සින්ගල් එකා40කි..ඉතින් බොලේ මාගේ ඉකේයියාව ඊට වඩා චා වෙන්නේ කෙසේද...මාරයියේ....කොහොම හරි කේන්දර කොපියක් එවන්න හොදේ...
    ප.ලි ඉකේයියා නැත.......

    ReplyDelete
  9. මම නම් එයාටෙල් වලට සංග එක්කම මාරු උනා ;-) ඩයලොග් විතර ස්පීඩ් නැති උනාට ඩවුන්ලෝඩ් වලට නම් එල.

    ReplyDelete
  10. මාරයා සෑහෙන්න පිරිමැස්මෙන් උපරිමේටම වැඩේ කරනව නේද?

    මොන රෙද්දක්ද මන්ද. මහෙ වර්ඩ්ප්‍රෙස් ක්‍රෙඩෙන්ෂල් හරි නෑලු
    මං
    nawammawatha.wordpress.com

    ReplyDelete
  11. සුදු හාමිනේට ජය වේවා!

    සෙල්ලOද රත්ගමයෝ මාර පව්ලකින් හිරයක් ගන්න එක.

    ReplyDelete
  12. මෙහෙම බිල් ගෙවන නංගියෙක් මටත් හිටියනම් දෙයියනේ... හිහ් හිහ්..

    ReplyDelete
  13. මාරයියේ අර සුදු හාමිනේද කාටද වයස කීයද හැබෑටම ආ....
    නෑ නෑ බං මාරයියේ මනුස්සකමට මගේ යාළුවෙක් වත් ඉන්නවනම් සැට් කොරන්න හැදුවේ...අනිත් එක මමනම් ඉතිං තාම ඔය ගැන හිතුවේ නෑ...අපි ඉදිරියට හෙමින් බලමුකෝ....

    අම්මපා මාරයියේ උඹ කඩේ ගිහින් රෙදිත් හොදලනේ බං.තව පොඩ්ඩෙන් උඹ තේ කහට සමාගමකටත් කඩේ ගිහින් රෙදි අපුල්ලනවා.අනේ මන්දා මෙහෙමත් මාරයෙක්....

    ReplyDelete
  14. මාරයියට මාර මාර නංගිලා නේ ඉන්නේ.....
    අනේ එවන් පිංවන්ත නංගිලා ගැන අහන්ට ලැබීමත් වාසනාවක්.....

    ReplyDelete
  15. මදැයි දන්නවානම් මාරයියා ව ම ගන්නවා ඩයලොග් එකේ ඇඩ් එකකට... ලස්සනට සුදු නංගිට කොල් එකක් දිලා

    'අනේ නංගියේ මට දාන්න ඩයලොග් රිලොඩ් එකක් ඩොන්ගලේට '
    'මේන දාන්නම් අයියේ '
    'අපේ මාරයියාට රිලොඩ් එකක් දාන්න ආවේ..'
    'ඔව් දාන්නම්..'
    නංගි එලියට බහින කොට ම රිලොඩ් එක දෙනවත් අපේ මාර අයියා හිනා කටක් පුරවන් ඉන්න හැටිත් ඇඩ් එකට පෙන්නන්න තිබ්බා.. :D :D

    ReplyDelete
  16. මුතු මැණික්...

    ඒකනේ කියන්නේ..දැන් ආයෙත් අනිත් පැත්ත පෙරළුනානං ඒ පැත්තත් හොඳයි...

    ReplyDelete
  17. රත්ගමයා...

    මම සලකා බැළුවෙමි..උඹෙ අවුලක්ම නැත..
    එහෙත් ඒකී 85 ය..තොට වඩා බොහෝ වැඩි මහළුය..ඒ බව කී විට එකි ඇසුවෙ දරුකමටනං කමක් නැත කියාය..ඒකත් ඉවසන්නට හැක එහෙත් අන්තර් ජාලයෙන් පිරික්සා තෝව පෙන්නූ වහාම ඒකී මෙසේ කීවෙය...
    ඊකේයියා..

    ආ උඹෙ ඩොන්ගලේ පලිස්සම් ඇති තැනකින් තියා ගන්ටයි කියලාත් කීවෙය..ඉකේයියා..

    මාත් එක්කනං අමනාප වෙන්ට එපා මලේ...

    ReplyDelete
  18. prasanna86k...

    ඔව් එතකොට තොපිට මං නැතුව සනීපෙට ඉන්ට නේද..ඈ..
    එව්වනං කොහෙද..?

    ReplyDelete
  19. Ranga...

    සලකා බැලීම සඳහා යොමු කොට ඇත...

    ReplyDelete
  20. Praසන්ன...

    මාත් දැන් මාස තුනක් පමණ පාවිච්චි කොට තිඛෙ..මටනං අවුලක් ඇත්තේම නැත...

    ReplyDelete
  21. පැන්da...

    දැන්නං ඒක ඇතුලට දාගෙන ඇති බව සැල විය

    ReplyDelete
  22. රත්ගමයා...

    දෙවෙනි වටයට තෝරා ගන්නා ලදි.

    ReplyDelete
  23. රංග...

    වැඩෙ තියෙන්නේ මෙ ඉසව්වෙ ඛෙහෙතකටවත් හුලං ටෙල් සිග්නල් නැති එකනේ..?

    ReplyDelete
  24. kasun...

    නැතුව බැහැනේ අඩා...පීඩිත පංතියේ එව්වෝ නෙට් ආවාම ඔහොම තමා...අරපරිස්සමෙන් තමා කොරන්ට වෙලා තියෙන්නේ...

    ReplyDelete
  25. Heeniyata...

    ඔව් ඒකත් ඇත්ත..අපේ පව්ලෙන්ම මගේ ජාතියේ එකෙක් ඉන්නේ ඔච්චරමයි.

    ReplyDelete
  26. චතුවා...

    එහෙනං එහෙනං..

    ReplyDelete
  27. හසියා...

    ආයේ ඉතිං උඹට වද දෙන්ට ඔන නැහැ නෙව මලේ..මං ඒකිට හොඳ එකෙක් හොයා දෙන්නං..ආයේ ඉතිං උඹටත් නෙවීනං අහවල් එහෙකට උඹ මහන්සි ගන්නවද..?

    අනික මං නැහැ බං..එක පගර නැට්ටෙක්වත් හොයා ගන්ට බැරි උනොත් අර රත්ගමයා අල්ලගෙන හරි යන්ට බැරියෑ..

    හප්පා මලයා තව දැකලා නැහැ මෙ අයියා කඩෙ යන හැටි...

    ReplyDelete
  28. මකුළුවා...

    නැත්තං ආයුබෝං...

    ReplyDelete
  29. නිම්ශා...

    ඇඩ් එකකට මෙ අපේ සුදූව..බැරිත් නැහැ...
    මට ඉතිං ඉන්න සුදු නංගිලා එහෙම තමා...
    ඔන දේකට ඔට්ටුයි...
    හෆෝයි..

    ReplyDelete
  30. බිලක් ගෙවන්න කියලා සුදු නංගිට ආපු යෝජනා තොගේ මේ සුදු අයියට..........

    හපුච්චේ තමා.......

    ReplyDelete
  31. අනුන්ට මගුල් තුලා කතා කොරන මාරයට, මාර දුතිකාවක් හොයල දෙන්න කව්රුත් නැද්දෝ?

    ReplyDelete
  32. හා පැටික්කී...

    ඒක නේන්නං නගේ..මං මෙ බැළුවෙ හෙට අනිද්දට මෙකේ පැත්තකින් මංගල යෝජනා තීරුවකුත් දාන්ට...

    ReplyDelete
  33. Observer...

    අනේ ඉතිං කවුරුවත් ඔවා ගැන හිතන්නෙවත් නැහැ නෙව..මෙහෙමවත් මතක් කොලාට බොහෝම පිං ඔං...

    ReplyDelete
  34. කෑම බීම වට්ටෝරු හොයද්දි මේ පැත්ත දකින්න ලැබුනා.
    සති ගානක් තිස්සේ කියෝ ලා කියෝලා 2009/2010 අවුරුදු දෙක කියෝලා ඉවරකොළා.
    ලියනවැයි කියලත් මෙහෙමත් ලියනවද..?????

    තව බාගෙකටත් සැහෙන්න වැඩිය කියවන්න එපැයි.

    ReplyDelete