21 January 2011

Box Broken ToDay...මගුල් කතාවක්...

ඉතිං ඔන්න අදත් මංතුමා වැඩ..ඒ කියන්නේ ආරක්ෂක රාජකාරියේ තමා..

උදේ වැඩට ආවා...
අට විතර වෙනකොට කරුමාන්තශාලාව එහෙම විවෘත කොරලා දීලා..නං ගං ටික සලකුණු කොරලා..ආ එතකොට අර මගේ කබඩ් රාජයාට සරනේරු එතනින් ගිහාම කොණ්ඩි පට්ටං එහෙමත් හයි කොරලා..දැම්මා ඉබ්ඛෙකුත්..

දැන් ඉතිං ඒ ඔක්කෝමත් අහවරයි...තේත් බිව්වා.

(විශේෂයෙන් දුමී සඳහා...අද ඉව්වේ නැත. නිදා ගන්න හිතුනා..ඒ හින්දා හය හමාර වෙනකල් නිදා ගත්තා.කෑම කඩෙන් තමා..)

හරි දැන් ඉතිං කොල්ලා ලෑස්ති වෙන්නේ මොනවා නමුත් කුරුටු ගාන්ට තමා...

ම් ම්...කොතනින්ද පටන් ගන්නේ...

හරි අද කියමු මගුල් කතාවක්..මෙක ටිකක් පොඩි එකක්.
හුගාක් අය කැමතියිනේ පුංචි එව්වට...

......................

එතකොට ඉතිං මංතුමාට වයස..හ්ම්ම්ම්..ඔව් එතකොට මට දහ අටකට විතර ඇති...
මේක මේ මගුල් කතාවක්.

මගුලක් උනහම අනිවාර්යයෙන් ඉන්න ඕන දෙන්නෙක් ඉන්නවනේ..
ඒකෙන් පළවැනියා තමයි අපේ මිත්තරයා..ඒ කියන්නේ මනමාලයා...
අපි කියමුකෝ නම පාල කියලා..
මිනිහා ටිකක් වයසක හාදයා..ඒ කිව්වේ එතකොට හතළිස් හතරක් විතර ඇති..රැකියාව තුන්රෝද රථ රියදුරු...

මං ඉතිං පුංචි එකා සන්ධියේ ඉඳන්ම මුල පීදිච්ච එකා වෙච්චි හින්දා මට ඒ දවස්වල මේ වගේ යාළු මිත්තරයෝ තමයි හිටියේ..ඔය කියන කාලේ මං මකබාස් වැඩ පුරුදු පුහුණු වෙන කාලේ තමා ඕං...
ඉතිං මාත් වැටිලා හිටියේ ටිකක් ලොකු නඩේක සාමාජිකයෙක් හැටියට...

මේ සැට් එකට වයස් සීමාවක් නැහැ...අපේ ජුං උනත් අපිත් එක්ක සැට් වෙලා හිටියා..මොකද මෑන්ස්ගේ ගේ ගාවනේ අපේ කස්ටිය වල බහින්නේ..

ඉතිං මේ පාල අයියා තමා අපේ නඩේ හිටිය තලත්තෑනිම හාදයා..
මෑන්ස් අපිට සෙට් උනේ මිනිහගේ තුන් රෝද රිය අළුත් වැඩියා කටයුතු සඳහා ඒ පැත්තේ ඇවිදින්ම තමයි..කොහොම උනත් බුවාත් අපිටම හරියන හාදයා..

පොර ටිකක් එක විදියක්...හැමෝමත් එක්කම කතා බහට යන්නේ නැහැ..ඒත් ෆිට් උනාට පස්සේ ගිරවා වගේ...
කොහොමින් කොහොම හරි පොරගේ කල වයසත් පැන ගෙන යන කාලේ තමයි අපිට සැට් උනේ..
මෑන්ස්ගේ ඥාති වර්ගයා හිටියට ඒ කිසි කෙනෙකුට බුවාව පිළිවෙලක් කොරන්න හම්බු වෙලා නැහැ...

පොරත් ඉතිං කුලෑටි හාදයා..
අර උන්දැලත් ඉතිං ඔවාට උනන්දු වෙලා නැහැ..

ඒත් ඉතිං මිනිහා ඉඳලා ඉඳලා අහු උනේ අපේ නඩේටනේ..
ආයේ ඉතිං ඕකට අහු උනාම ඉරිසින්නාන්සෙලටත් මගුල් ජෝඩු කොරන ජාතියේ එවුවෝ ටිකක් තමයි අපේ හිටියේ...

කොහොමින් කොහොම හරි මෑන්ස් එපා එපා කියද්දිම අපේ අයියලා ටික මිනිහට මගුලකුත් කතා කෙරුවා...

බෑ බෑ කිව්වට අන්තිමට මිනිහත් බොහෝම මනාපයි මේකට...

මනමාලි ඔය පස්යාල පැත්තේ ගමක අවුරුදු තිස් අටක විතර නාඹර ගැටිස්සී...
අපි දෙතුන් ගොල්ල දැන් ගමන් කීපයක් එහෙම එහෙ මෙහෙ ගෙහුං ඔන්න වැඩේ සෙටාර්..

ආයේ ඉතිං කල් යවන්නේ අහවල් එකටදෑ..මොකද මුං දෙන්නට බලන් ඉන්න කියලා මහ කාලයක් තියෙන එකක්යෑ...
එහෙම බැළුවනං ඉතිං මගුලට පෝරු ගහන්න වෙන්නේ අත්වාරු දෙකකුත් දෙපැත්තෙන් දාලා තමයි...

කොහොමින් කොහොම හරි දැන් මගුලට කස්ටිය රෙඩි...

ඔය අස්සේ අපේ එව්වෝ හදන්නේ යාළුවට මාව දාන්න...
මල මගුල් දා හතයි..යකෝ මගේ ඒ කාලේ හරි හමන් විදියකට උඩු රැවුලවත් නැහැ කියහංකෝ..මනමාලයගේ අතරින් පතර කළු කෙස් ගස් දෙක තුනක් තියෙද්දී අනිත් ඔක්කෝම ඉඳිලත් එක්ක...

අන්තිමේදී කොහොම හරි අපේ වෙන බුවෙක්ව වැඩේට සැට් කොලා..
හැබැයි ඉතිං අපේ නඩේ ඊට කළින් තිබුනු මගුලකට මාව තමා මුං ටික යාළුවට අන්දලා දැම්මේ...
ඒ වග විස්තරේ ටිකක් විතර මං අපේ ජුං අලගේ කතාවකදී මෙයිට කළින් දෙසා බාලා තියෙනවා මගෙ හිතේ..
මට මේ ඊයේ පෙරේදා ඒ මගුලේ ගත්තු පොටෝ වලින් අප්සැට් ගිය පොටෝ එකක් තිබිලා හම්බු උනා..පස්සෙන් පහු වෙලාවක මූණු පොතට දාන්නංකෝ..කස්ටියට බලා කියා ගන්නත් එක්ක...

හරි ඉතිං කොහොම හරි දැන් මගුල් දවසත් ආවයි කියමුකෝ...

අපි සැට් එකත් දැන් වැදගත් මහත්හොරු වගේ ඇඳ පැළඳගෙන ගෙහුං මූලික වටේ වැඩ ටික කොරලා අවසන් උනා..
ඒ කිව්වේ ඉතිං පළවෙනි දවසේ මනමාලියගේ ගෙදරනේ සෙල්ලම තියෙන්නේ ඒ කිව්වේ මේ පෝරුවේ කටයුතු එහෙම..

ඉතිං ඒ හැම දෙයක්ම යහතිං කෙරුණා..හැබැයි ඉතිං මල ආතල්..අපේ වැඩේ අරුන්දැව හිනා ගස්සවන එක තමයි...
මං හිතන්නේ පාල අයියා වගේ හිනා වෙවී පෝරුවේ නැගලා හිටිය එකෙක් ආයේ නැතුව ඇති..ඒ තරමට ආතල්...

ඇයි යකඩෝ මනමාලයා හතළිස් හතරයි..මනමාලි තිස් අටයි..මනමාලිගේ යාළුවාටත් තිහක් විතර ඇති..අපේ එකාගේ යාළුවාට විසිතුනයි..අපේ වැඩේ දැන් මුං හතර දෙනාවම බයිට් කරන එක තමයි...
ඔක්කෝටම එහා යාළුවාට අර යෙහෙළිය පෙන්නලා ගන්න ආතල් එක..
අන්තිම හරියේදී හිනාව උහුල ගන්න බැරිව මායි අපේ තුන් හතර දෙනෙකුයි පැන්නා එළියට..ඇයි ඉතිං අර අෂ්ඨක කියන උන්නැහේ අපිව දවා හළු කරලන අන්දමේ රාස්ස බැළුම් හෙලනවා නෙව..හැබැයි ඉතිං දෙපාර්ශවේ ඥාතීන්ගෙන් නං අපිට ආරෝවක් නැහැ..ඇයි යකෝ උන්නේ දන්නේ මේ හුටං දෙක පූට්ටු කොරන්න අපි දර දිය ඇද්ද තරමක්...
හැබැයි ඔය අතරේ හිටියා තවත් අපිට ඔරවන බුවෙක්..

ඒ තමා පාල අයියගේ වැඩිමහළු සොහොයුරා...
අපිනං ඉතිං කියන්නේ තට්ට සුමනේ කියලා තමයි..ආයේ බොරු මොකටද..
මෑන්ස් අති පණ්ඩිතයා...දෙන තරමක් දෙන්නේ පොර ටෝක්ස්...
අපිට පාන්ද..? අපි බුවාව මයිලක තරම ගනන් ගන්නේ නැහැ...මොකද බුවාලට පුළුවන් උනායෑ තමුන්ගේ මලයට දීගයක්වත් සැට් කොරලා දෙන්න...

හැබැයි ඉතිං ඕවායේ අපි නොහිතන පැතිත් තියෙනවා..කවදා හරි අරුන්දැට අයිති දේවළුත් තමුන්ගේ දරුවන්ටම අයිති වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන් ඔය වැඩේට කර ඇර ඇර හිටියේ...

මොකද අපි බැහැලා වැඩ කරද්දී පොර එන්නෙම අඩු පාඩු හොයන්න..
මිනිහා ඉතිං ඔය ගමේ සමිති සමාගං වලත් නිලධාරී මණ්ඩලේට එහෙම පැනලා ඉදිරිපත් වෙන හාදයා..හැබැයි මෙලෝ රහක් නෑ..කොරන වැඩකුත් නැහැ..අනිත් උන්ට කරන්න දෙන්නේත් නැහැ..
දන්නේ නැද්ද ඉතිං අපෙත් වයසේ වැරැද්දනේ..අපිත් කොරන තරමක් හරහාට තමයි වැඩ...

ඉතිං එන්න ඔය වගේ හරි අපූරු පරිසරයක් මැද්දේ දැන් වැඩ ටික කෙරුණා යස අපූරුවට...
දවල් කෑම බීම එහෙමත් සප්පායං වෙලා දැන් ඉතිං අර මගුල් ගෙවල්වල තියෙන එපාම කොරපු හරියට ඇවිල්ලා තියෙන්නේ..

ඒ කිව්වේ අර වැද්දෝ බන කියන වෙලාව..දන්නවනේ කවුරු කවුරුත්...
එකෙක් කවි කතා පවත්වනවා..තව එකෙක් වි වා හ ය අකුරු එක්ක ඔට්ටු වෙනවා...

මයික් ටයිසන්ලා ගොඩයි..ඒ අස්සේ මයික් ගැටින්ලා...හරියට නිකං අර අපේ එස් බී යූ එකේ හමුවීම වගේ...

කොහොම හරි ඔය අස්සේ අපිට පේනවා මිදුලේ කොනකට වෙන්න මොනවා නමුත් පෝරියල් එකක් සෙට් වෙනවා වගේ..

දඩි බිඩි ගාලා අපිත් පැන්නා එතනට...

මෙන්න බොලේ තට්ට සුමනේ පත්තු වෙලා..කියවනවා හතර පස්දෙනෙක් වට කරගෙන...

"මුංගේ අම්මලට...මුං මොක්කු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ...
මෙහෙමත් වැඩ කරනවද අසමජ්ජාතියෝ...වල් බල්ලෝ..."


මල මගුලයි..බැළුවා මොකක්ද කියලා සීන් කෝන් එක...
කට්ටිය දන්නවනේ ඉතිං ඔය මගුල් කාර් සැරසිලි ගැන...
ඉතිං අර වැදි බන සභාව අතරේම අපේ අයියලා දෙන්නෙක් අර මංගොල රථෙට පොඩි ඩැකරේෂොන් පැරක් දීලා...
ටිං ඛෙලෙක්ක ටිකක් එල්ලලා...කොළ අතු ගහලා...ඕවා ඉතිං මහ දේවල්යෑ..
හැබැයි බුවාට මල පැනලා තියෙන්නේ ඒකේ සිග්නල් දත් ඛෙහෙත් උපයෝගී කොරගෙන ලියලා තිබුනු වදන් වැල් වලට තමා...

වැඩි දෙයක් ලියලා තිබුනේ නැහැ...

"ගල් මෝල හෙට සිට වසා ඇත."
"box brokan today"
"ලෑලි විකිණිම අනිද්දා සිට.."


ඔන්න ඔච්චරයි..දැන් මේ තට්ට බුවා කෑ ගහන්නේ අර සිංහලෙන් ලියපු දෙකට නෙවෙයි..
ඉංගිරීසියෙන් ලියාපු එක අල්ලගෙන තමා...

ඔන්න ඔය අස්සේ ඔතනට ආවා තවත් උන්නැහේ කෙනෙක්...
ඒ උන්දෑ ඉතිං අපේ ගම් පැත්තේ ටිකක් වැදගත් උන්නැහේ කෙනෙක්..වයස අසූවකට විතර කිට්ටු ඇති..
ඉන්දරදාස මහත්තයා කිව්වම ඉතිං කවුරුත් දන්නවා. මිනිහා උගතා..
ගමේ හිටපු පැරණි පරම්පරාවේ උපාධිදාරියෝ සුවල්පය අතරින් මුල් කකුලක්.
ඉතිං ඒ දවස්වල මෑන්ස්ව අපේ ගමේ කොයි තැනක මගුලක් උනත් එක්කාසු කොරගෙන යනවා..වෙන මොකටවත් නෙවෙයි අර සාක්කියට අත්සන් කොරවන්ටයි..එතනින් ගියහම අර වැදි බණ ටයිම් එකට පොරයෝජනේට ගන්ටයි.

මිනිහත් ඉතිං ටිකක් අති පණ්ඩිත..ඒත් ඉතිං කොල්ලොත් එක්ක කොකු දා ගන්නවා අඩුයි...ඒ හින්දා අපි මෑන්ස් එක්ක වැඩි ආරෝවකුත් නැහැ...

දැන් උන්නැහේත් තමුන්ගේ කතා වාරය නිම කොරලා එහෙම හිටිය හින්දා මේ පැත්තට එන ගමන් එක පාරටම මේ කේස් එකට අත දැම්මා..

"මොකද මොකද සුමනේ...
මොකද මේ කෑ ගහන්නේ...?"


"බලන්නකෝ ඉන්දරදාස මහත්තයෝ මේ වල් හැත්ත කරලා තියෙන වැඩේ...
මං අහන්නේ මෙව්වා ලියනවද මේ වගේ දවසක මේ වාහනේ...
මහත්තයවත් බලන්නකෝ මේවා හරි වැඩද..මං අහන්නේ හරි වැඩද..?"


හරිනේ වැඩේ දැන්නං අපි හිතා ගත්තා අපිට ඔරිමජිනල් බණ ටිකක් අහගන්ට තමයි මේ සුවිශේෂී අවස්ථාව උදා වෙලා තියෙන්නේ කියලා..මොකද ඉතිං මේක අපි කාගේ කාගේත් සම්මාදං වැඩක් කියලා කවුද නොදන්නේ..
ඕක විතරක්නං මදෑ..
පාල අයියගේ හනිමොන් දා රෑට අදින සරම එහෙමත් මායි අපේ බුවෙකුයි මගුල අස්සෙම ගෙහුන් ටේලර් ෂොප් එකකට දීලා දඩි බිඩි ගාලා දස අතේ මැහුං ගස්සවලා එහෙමත් ගෙනල්ලා නේ තිබුනේ...සරම විතරක් නෙවෙයි ඉතිං උන්දෑගේ අනිත් වටිනා කියන එළියට නොපෙනෙන ඇගළුං වලටත් ඒ සෙතේම තමයි..
ඇයි දෙයියනේ..මුං දෙන්නට රැයක් එළි වෙනකල් කොරන්න වැඩක් තියෙන්නත් එපැයි...අඩු ගානේ මැහුං ලෙහන ගමන් කයියක්වත් ගහං ඉන්නේ නැතැයි.

නැත්තං ඔය වගේ වටින කියන දවසකත් ගොරොද්දේ ඇද ඇද නිදන්ට දෙන්ට හොඳයෑ...?
තව ඉතිං ඔය ඇඳුං බෑග් එකට විනාකිරි බෝතලේකුයි හුළං විස්කෝතුවකුයිත් පාර්සල් කොරලා දාන්ට හිතලත්..කට්ටියගේම නිර්දේශය මත ඒ වැඩේ අපි නවත්තලා දැම්මා හරි නැහැනේ...( දැන් අහංට එපා ඒවා මොකටද කියලා..දන්නෝ දනිති...)

ඉතිං මේ වගේ පසුබිමක් යටතේ අපි කවුරු කවුරුත් දැන් දොහොත් මුදුන් තියාගෙන අනුමෝදන් වෙන්ට තමයි සූජානම..ඇයි යකඩෝ සුමනේ ආචාරියතුමාගෙන් වරං ගත්ත ඉන්දරදාස ප්‍රවීනාචාරියතුමා අපිට දෙයිද කොහොම දීමක්...

ඔන්න ඉතිං ඉන්දරදාස මහත්තයත් තමුන්ගේ අර උපැස් යුවළ එහෙම එහෙම දාගෙන හොඳට බැළුවා මේ වාක්කිය රචනා දිහා...

සුමනෙත් අරින්නේ නැහැ..

"බලන්න ඉන්දරදාස මහත්තයෝ..හොඳට බලන්න..
මං අහන්නේ මේක හරි වැඩක්ද..?"


බොහෝම බැරෑරුම් විදියට ඔළුව හොල්ලලා එහෙම අපේ ඉන්දරදාස මහත්තයා කියනවා මෙන්න මෙහෙම...

"ඇත්ත සුමනේ..එහෙං පිටිංම වැරදියි..එහෙං පිටිංම වැරදියි..
කවුරු කොලත් මේ වැඩේනං වැරදියි..
කවුද මේක කොලේ..?
දන්නැත්තං අහගන්ට ඕනේ දන්න කෙනෙක්ගෙන්..
දැන් බලමු.මේ මෙතන අකුරක් වැරදියිනේ..මෙතන A අකුර නෙවෙයි එන්න ඔන E අකුරනේ..
එහෙං පිටින්ම වැරදියි...ඔක ලියන්න ඔන BROKAN නෙවෙයි BROKEN කියලානේ..."

70 comments:

  1. අඩේ....කඩ්ඩේන් කොටන්න එපා හරිය...ඉකේයියා.....හෙලුවෙන් වනනවා කියාලා කඩ්ඩෙන් කෙටුවම හරිද බොල මාරයෝ.......

    ReplyDelete
  2. ඒකනේ මං බොලාටත් කතා කොලේ හෙළුවෙන් වනන්න..ඔය කඩ්ඩට ගෙහුං අපිලැත්තොලා වරිගේ නහ ගත්ත හැටි දන්න හිංදා තමයි මං බොලාට හෙළුවෙන් වනන්ට කතා කොලේ..කොහේද බොලා බය උනා නෙව..ඒ හන්දා කඩ්ඩෙන් වනලා දැම්මා...

    ReplyDelete
  3. විනාකිරි බෝතලේකුයි හුළං විස්කෝතුවකුයි o_O

    අහන්න එපා කිව්ව නිසා අහන්නේ නෑ ඕං. හැබැයි මට තේරුනේ නෑ :(

    ReplyDelete
  4. ඇත්තටම මොකටැයි විනාකිරි බෝතලේකුයි හුළං විස්කෝතුවකුයි ... දන්නේ නැති කමටයි අහන්නේ

    තුත්තිරි යායවල් වල ඇදුම් වනන සීන් .. වටිනා කියන ඇදුම් එකට තියලා මහන එක ..කොටින්ම ගෙනියන බෑග් එකේ ෂිපර් එක මහන සීන් ඔක්කොම දන්නවා විනාකිරි සීන් එක දන් නෑ නෙ

    ReplyDelete
  5. පූසා...

    දැන් දන්නවනේ..?

    ReplyDelete
  6. Confiuzd ප්‍රෝග්‍රැමර්...

    මූණු පොතට වරෙං මල්ලියේ කියලා දෙන්න...
    ඔන්න මං දැන් අපේ පූස් මල්ලියටත් කියා දුන්නා...
    උඹලට ඉතිං අපි වගේ අයියලා ඉන්න ඔන ඔහොම දැනමුතු කොමක්වත් දෙන්න.

    ReplyDelete
  7. අපි මුණු පොතෙන් පිට මං වුනා නේ...විනාකිරි කොන්දෙ අමාරුවට තවන්න නම් ගන්නවා..මේ බොක්ස් බ්‍රොකන් කේස් එකෙදි කොන්දෙ අමාරුත් පාල අයියට හැදෙන්න පුලුවන්..මම හිතාගෙන යන පාර හරි ද මාර අයියෙ..නැත්ත මේ විනාකිරි වෙනම කේස් එකකට ද?

    ReplyDelete
  8. දැන් මාරය මගුල් කතාමයි ඈ....

    ReplyDelete
  9. එල කතාව මාරයෝ... නියමයි. කොටයි කිව්වට යකෝ විනාඩි පහලවක් ගියා ඔක්කොම ටික කියවල ඉවර කරන්න...

    මේ මාරයෝ, අද උදේට ගම හාමිනේ දෙල් තම්බලා, ලුණුමිරිසක් හදලා, පොලුත් එක්ක තමයි කෑවෙ. පහුගිය දවස තලපත් මාළු ගෙනැල්ල හදප ඇඹුල් තියල් එහෙකුත් සෙට් වෙච්චි නිසා වැඩේ මාරයි.

    දවල්ට ඉතින් මුරුන්ගා ලීව්ස් දාල "ක්‍රොකඩයිල් කරි" එකක්, ඒ කියන්නෙ කකුළුවො කරි එකක් හදනවා. වම්බටු මෝජු එහෙකුත් තියෙනවා, තව අල බැදුමකුත් හදනවලු. පොඩියට මින්චි සම්බෝලයකුත් හැදාගත්තනම් තව වේල් දෙකක් කන්න ඕනෙ නැහැ, ඒ ටිකම ඇති හොඳ සුවඳ ගහන බාස්මති දුන් තෙල් බතුත් එක්ක....

    ReplyDelete
  10. පැන්da...

    ඒ මක්කද මුණුපොතෙන් වහං උනේ..?
    ඔවාගේ වැදගත් වට්ටෝරු මෙ වගේ බ්ලොග් වල ලියන්ට බැහැ පැන්ඩා මලේ ආන්න දැන් වැපානිස් දන්නවා විනාකිරි සහ හුළං විස්කෝතු කතාව ගෙහුං අහගන්ට..

    ReplyDelete
  11. Praසන්ன...

    මෙක මගුල් සක්වලක් උනා එහෙනං..ඈ...?

    ReplyDelete
  12. ආයේ ඉතින් නංගියේ උඹ පොඩි එකී කියලා අහගන්න ඕනි නෑනේ...... තේරුන ටික කියෝගෙන ඕන් මං ගියා........

    ReplyDelete
  13. දුමී...

    ඔහොම තමයි බං..මගේ කෙටියේ හැටි.හෙහ් හෙහ් මක්කා කොරන්නද..?

    ෂහ්..අදනං කාලෙකට පස්සේ ගමහාමිනේට මොනවදෝ හිතිලා නේද..?
    නැත්තං මං දන්නවනේ පහු ගිය දවස්වල උන්දෑ උඹට ගිල්ලවපුවා...

    අර වෙලිච්ච චපාතිත් එක්ක මිරිස් හොඳි කැව්ව හැටි මට උන්දෑ දවසක් කිව්වා..
    කමක් නැහැ බං උඹට ඉඳලා හිටලවත් බත් කටක් ඔහොම කන්න ලැඛෙන එකත් මදෑ..?
    ඒත් ඉතිං මොන දේ ඉව්වත් උයන්නේ අරුන්දෑ නෙව..
    ලුණු ගම්මිරිස් එහෙමවත් තියේද දන්නේ නෑ..
    උඹ පව් බං කොල්ලෝ..හෙක් හෙක්..

    ReplyDelete
  14. හා පැටික්කී...

    උඹ හොඳ කීකරු ළමයා නගේ..වාසනාවන්..
    ඔය ඔන නැති ඒවා හොයන්නේ නැතිව ඉඳින්.

    ReplyDelete
  15. @ හා පැටික්කි (MS)

    මමත් පොඩි එකා තමයි, ඒ වුණාට මාර අයිය මටනම් කියල දුන්නා අහන පරක්කුවෙන්. පොඩ්ඩක් කනට කරල ඇහුවනම් කියල දෙයි

    ReplyDelete
  16. පුහ් හොඳ පොඩි එකා....... පොඩි සීයා.......

    මාරයියේ මෙන්න මෙයා මට කොචොක් කරනවා........ මං හොඳ එකී මාරයියා දන්නවා ඒක..... නරක මකරු වගේ ඕන්නැතිවා හොය හොය කරදර කරන්නැ........

    ReplyDelete
  17. @ හා පැටික්කි (MS)

    පුහ් හොඳ එකී , හී හී, දන්නෝ දනිති ඉත්තෑවගෙ කතන්දරේ

    ReplyDelete
  18. හා පැටික්කී...

    මං දන්නවනේ හා නගා කව්දෑ කියන්ට..
    බලමුකෝ මෙ මකර තඩියා ඒ හිච්චි එකීවත් නලක් කොලන්ට දත කන හැටි..හනේ හප්පේ...

    ReplyDelete
  19. මකරා...

    මෙ ඔන නැති එව්වා නොකර ඉඳින්...
    හා නගාට දැන්ම ඒ පිළියං ගැන දැන ගන්ට ඔන වෙන එකක් නැහැ..අවශ්‍ය කාලෙදී ඔන උනොත් අපි කියා දෙමු..දැනට ඔහොම හොඳා...

    ( මෙ මොකක්ද බං ඉත්තෑ කේස් එක මට හොරෙන් කනට කොරලා කියහංකෝ...)

    ReplyDelete
  20. ඒකනේ මරයියා මකරයියා මාව නලක් කලන්නමයි තනන්නේ......

    මේ මකර තඩියා කොහෙද යන ඉත්තෑවෙක්ගේ කතාවක් වත් අක්කිගෙන් අහගෙන මටත් වද දෙනවා..........

    ReplyDelete
  21. හා පැටික්කී...

    ඒකනේ නගා ඔවා ගණන් ගන්ට කාරි නැහැ..
    ඔහොම හිටියට මකරයියා උඹට හරි මනාපයි නෙව..ඒ හින්දා අපි ඔවා අමතක කොරලා ඉම්මු.

    මකරට මං කියන්නංකෝ ඔය ඛෙගල් අහන්ට එපයි කියලා..

    ReplyDelete
  22. ඔය හුලං විස්කෝත්තු, විනාකිරි කතා මාරයා දැන ගන්න ඇත්තේ අර පන්සලේ හිටිය කාලේ වෙන්න ඇති. අර හාමුදුරුවරු විස්කෝත්තු තේ වතුර බොන අතරේ මාරයා විනාකිරි බොන්න ඇති හුලං විස්කෝත්තු දාලා...

    ReplyDelete
  23. මගේ දවස...

    ඔන්න කිව්වා කතාවක්...
    මෙ මගුල් අස්සේ මොන පන්සල්දෑ..
    ඇල්ලුවොත් අල්ලන්නේ වැරදි කොනෙන් නෙව...
    ඔය කියන කතා සිද්ධ උනේ පන්සල් ජීවිතේට යන්ට බොහෝම ඉස්සර නෙව..

    ReplyDelete
  24. මාරයා මේ post එකේ ලියපු මගුල් ජෝඩු කිරිල්ල ඇරුනම ෂේප් එකේ තව මගුලකුත් ජෝඩු කරන්න වගෙ අරඅඳින්නෙ.ඔව් ඔව්!! ඕව බොහෝම පිං සිද්ධ වෙන වැඩ.

    ReplyDelete
  25. Observer...

    හැක් හැක් හෑ...
    හෆෝයි..මගේ කෙස්සත් ගලවයි ඔකුන් දෙන්නා..

    ReplyDelete
  26. හැහ්.. හැහ්.. ඔය රැග් වලින් බේරෙන්ඩ උපාය ඥානය තියෙන්ට ඕනෑ... අපේ ඇඳුම් බෑග් තිබුණු දිහා දැන ගෙන හිටියේ මායි වයිෆුයි විතරයි.... සෙට් වෙලා හිටපු කට්ටිය ෆුල් හොල්මන්....

    ReplyDelete
  27. Jeew...

    ඒකත් එහෙමද..?
    ඒ කියන්නේ යාළුවෝ සැට් එක කිරියාශීලී මදි කියන එක තමයි..
    හොඳ යාළුවෝනං කොහොම හරි හොයා ගන්ට ඔන..

    ReplyDelete
  28. ඔහේ එහෙනම් විනාකිරි කතාව කියන්නේ නැහැ නෙව...?
    අපි තරහයි ඕ0....

    ReplyDelete
  29. ෆැන්ටසි ...

    තරහා වෙන්ට දෙයක් නැහැ..
    ඒ කටයුත්තේ නිල ඒජන්ත තනතුර මං අන්න අපේ වැප් මලයටයි..එතනින් ගියහම වැම්පයර් මලයටයි භාර දුන්නා..දැන් ඒ දෙන්නා තමා ඒ අතුරු කොන්තරාත්තුව කොරන්නේ..
    දූෂමාන ආරංචියක් හැටියට මකරත් හොර කොපියකින් වැඩෙ කොරනවා කියලා ආරංචියි...
    මංතුමා ඉතිං මූණු පොත හරහා පමණක් තාමත් ඔක විස්තර කොරලා දෙනවා..කැමති තැනකින් වැඩෙ කොරගන්ට ඇහැකි..

    ReplyDelete
  30. හරි හරි එහෙනං කාරී නෑ...කොහොම කොහොම හරි දැන ගන්න තියේනං..
    හරි අපුරු කතාව මාරයෝ...

    ReplyDelete
  31. පුරස්නයක් පුරස්නයක් මටත්.. හිටින්කෝ මූණුපොතේදී අල්ලගන්න..

    ReplyDelete
  32. චතුවා (ළමයා)...

    දන්න කියන දෙයක් තව කෙනෙකුට කියා දෙන එකනං බොහෝම කැමැත්තෙන් කොරනවා..
    ඒත් ඉතිං ඔය වරහන් අස්සේ තියෙන කෑල්ල දැන දැනත් මං කොහොමෙයි ඔය වැඩෙ කොරන්නේ..?
    වරෙංකෝ ළමයෝ මුණු පොතට..මං ඉන්නවා දැන් ඒ අහ රැදිලා..
    අපි බලමුකෝ ළමයා කොයි තරං ලොකුද කියලා..

    ReplyDelete
  33. හික්ස් විනාකිරි සහ හුලං විස්කෝතු.
    brokan නෙමෙයි broken කිව්වලු
    ඉතින් බලහන්කො බන් දැන් මේ කතාවෙ වැදගත් හරිය ඒක ඒත් හොයන්නේ මේ විනාකිරක් ගැන.
    වැප් වැම්පා ප්‍රචාරක සේවය නම් එලාස්..........

    ReplyDelete
  34. නිශ්...

    ඒකනේ බං හරි හමං කොල්ලෝ දෙන්නෙකුට කතන්දරෙ කිව්වෙ...

    ඇත්තටම බං කියන්න ගිය දේ පැත්තක..අපේ අයියලත් හොයන්නෙම නැති දේමනේ..
    කිව්ව දේ කට්ටියට තේරුනාද මංදා..?

    ReplyDelete
  35. හික්ස් මරු එක්කෙනා.. (පහුගිය දවස් ටිකේ මේ අහ ගොඩ වැදුනට හිතේ නිස්කලංකයක් තිබ්බේ නෑ මොනවා හරි කොටලා යන්න.සමාවෙන්න ඕන ඒකටනම් )
    අපේ පොඩි අක්කාටත් අපි ඔය ඇදුම් මහපු වැඩේනම් කොලා..ඇයි කේක්වලට ලුණුත් දැම්මා... :D රිටර්න් එක දෙන දවසට ප්‍රවේසම් වෙන්න වෙනවා.. :)

    ReplyDelete
  36. හසී...

    ඔබ පුල පුලා බලා සිටි රිටන් එක ලැඛෙන දවස ඉක්මන් වෙවා..
    (මං අනුන්ට කොරන ප්‍රාර්ථනා පටාස් ගාලා ඉස්ට සිද්ධ වෙනවා ඔං..)

    ReplyDelete
  37. මාරයියෙ, ඔන්න ඔහෙ මගෙ මූණු පොතටත් ඔය කතාව එවපන්කො.. අනිත් ඔක්කොම දන්නව ඒත් විනාකිරි කතාවක්නම් අහල නෑ නොවැ!!

    ReplyDelete
  38. හෆොයි :O මෙව්වා මාර ප්‍රාර්ථනා.. භයානකයි...!

    ReplyDelete
  39. මූනු ෙපාෙත් ID ඒක ෙමාකක්ද?

    ReplyDelete
  40. හසී...

    මාර උනත් ඉතිං හොඳ හිතිං නෙව..

    ReplyDelete
  41. එදිරි...

    මෙල්ලුවක් දාන්න එවන්නම්...

    ReplyDelete
  42. ඇහුවට තරහා වෙන්ට එපා මාරයා අයියේ.... හැමෝම වගේ ඇහුවත් විනාකිරි කේස් එක මටත් මාර පුරස්නයක්... බැරිද මටත් ප්‍රයිවෙට් හරි කියලා දෙන්ට....අපිටත් අනාගතේට ඕන වෙන්ට පුලුවන්නේ.... අපිත් තවම දෙක හතර නොදන්න හිච්චි පැටව්නෙ......

    ReplyDelete
  43. චේ උන්නැහේ...

    මෙල් එකක් දාන්ට මල්ලි..එන්න උඩ ඇති ලිපිනය..
    මං කියා දෙන්නං මල්ලිලට අපි උදව් කොරන්ට එපැයි..

    ReplyDelete
  44. හි හී මගෙන් පටන් ගත්තු විනාකිරි සීන් එක පහදා දීමේ කර්තව්‍ය නැගලා යන පාටයි. අයියේ ඕක ගැන ටියුෂන් කරන්න ගත්තානම් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි ;)

    ReplyDelete
  45. පූසා...

    හිහ් උඹ තමයි මෙව්වට වග කියන්න ඔන..උඹ දන්නවද මලේ අද මම කාපු කට්ටක තරම..
    හොඳ වෙලාවට අර වැම්ප මලයයි වැප් මලයයි බුදු සපෝට් එකක් දුන්නා..නැත්තං මං ගස්..හෙහ්...

    ReplyDelete
  46. @ මාරයා මහතා.....
    මාගේ උත්තරීතර සදාහරිත ප්‍රණාමය පුද කර සිටිමි. මෙවන් කුප්ප කතා ඉදිරියටත් කියන්නට ට්‍රේසර් බුලට් පහල වේවා යැයි ඉතසිතින් පතමි.....

    ReplyDelete
  47. චේ උන්නැහේ...

    දැන් හරිනේ...

    ReplyDelete
  48. වැම්පා නම් විනාකිරි කතා ඒජන්ත කම නියමෙටම කරනවා. එකපාරටම මේකා විනාකිරි කතාවක් කිව්ව නොවැ. මම බැලුවා මූට මක්කා වෙලාද කියලා. ඇහුවම තමයි පොර විස්තරේ කිව්වෙ. දැනුයි පොස්ට් එක කියවන්න ආවේ.

    ReplyDelete
  49. සරළ සුගම සිංහල නොවැ. අපූරුයි. පුරස්නේ විනාකිරි තමයි.

    ReplyDelete
  50. කාංචන දිනූක...

    ඒකනේ මම වැඩෙ නියම පොරවල් වලට බාර දුන්නේ..අනිත් ඒජන්ත වරයා තමා වැපානිස්..මිනිහත් වැම්පට දෙවෙනි නැහැ...

    ReplyDelete
  51. dugiya...

    විනාකිරිත් ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි..ඔය වැපානිස් මලයා හරි..වැම්පා මලයා හරි මුණ ගැහුනනං කාරිය..

    ReplyDelete
  52. හික්ස්... යකෝ මේ තරම් මරා ත්තේ ඔය අකුරටද?

    ReplyDelete
  53. මාර මඟුලක් නෙව...

    ෂික් මටත් අර විනාකිර තමා පුරස්නෙ...
    ඒත් ඉතින් ඕකට උත්තර බැඳලම හෙම්බත් වෙල ඉන්න මාරයියව කොහොම තවත් මහන්සි කොරවන්න ද ???

    ReplyDelete
  54. විනාකිරි, හුලංවිස්කෝතු කතාව මටත් තේරුණේ නැහැ.

    ReplyDelete
  55. 2010 අසේනිය කුසුම - හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සම්මානය "මාරයාගේ හෝරාවට" හිමි වු බව මම අදයි දැන ගත්තේ...

    මාරයියේ, මගේ උණුසුම් සුබ පැතුම් !

    යමක් සුදුස්සාටම හිමි විය යුතු යැයි කියන කතාව සත්‍යයක් වී තිබිම සැබවින්ම සතුටට කරුණක්...

    ReplyDelete
  56. prasanna86k...

    අම්මපා මලේ උඹට විතරමද මංදා කියන්න ගිය දේ අහු උනේ..
    කොහේද මෙ උන්දලා ටික විනාකිරි වල එල්ලුනානේ..

    සුමනේ මරාගත්තෙනං අකුරකට නෙවෙයි..ඒත් අන්තිමට මෑන්ස්ට උනේ ඉන්දරදාස උන්නැහේගේ අකුරු හරඹෙන් සෑහීමට පත්වෙලා තටු කැපුනු කුක්කු කූක් වෙලා පල්ලං බහින්නයි...

    ReplyDelete
  57. sansarasidu...

    ඉඳින්කෝ මං පස්සේ මලයට පණිවිඩයක් එවන්ට..
    මල්ලිලා වගේ බැංකු මහත්තුරු ඔය වගේ දේවල් දැනගෙන ඉන්ටම ඔන..ඔව් ඔව්..
    ..............
    සුභපැතුමට ඉස්තූතියි කොල්ලෝ..එහෙම එහෙකත් ලැබුනාය කියලා ඔය එහෙ මෙහෙ ලිය උනේ..හැබැයි මංනං මෙ වෙනතුරු එහෙම එකක් දෑහින්නං දැකලා නැහැ නෙව...

    ReplyDelete
  58. JHOTHISHALANKA...

    පොච්චියේ ඔව්වා දැනගෙන ඉන්ටම එපැයි තමුන්නාන්සේ...
    ඒක් ඉතිං වෘත්තීය පැත්තෙනුත් බොහෝම වටිනවා නෙව...
    මා ළග නැහැ නෙව ඊ ලිපිනය..එව්වනං කියා එවන්ට තිබ්බා..එහ්නං...

    ReplyDelete
  59. මාරයා මල්ලි (මම හිතන්නේ මල්ලි වෙන්න ඕනේ. මට 39 ක් නේ දැන්)
    මම ඔයාගේ බ්ලොග් එක කියවන නමුත් කොමෙන්ට්ස් නොදාන silent reader කෙනෙක්.
    ඔය විනාකිරි කතන්දරේ නම් මට තේරුනේම නැහැ. මම ඔයාගේ ඊ-තැපෑලට ලියුමක් එව්වා. ඒකට උත්තරේ එවන්නකො.
    ඔයාගේ කතන්දර නම් maxxxa . ආයේ දෙකක් නැහැ. මගෙන් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  60. උඹලා ඇඳුම් මහල උන්ට ලොකු උදවුවක් කරෙ බං. ;-) විනාකිරි කතාව මම ටැපාගෙන් අහගන්නම් :-P

    ReplyDelete
  61. යකඩෝ අපේ මේ රට කාපු රංගයා දන්නෙත් නැද්ද විනාකිරි දාන්නේ ගල් වෙච්චි ඒවා මෙලෙක් වෙන්නයි කියලා???

    හික්ස්

    ReplyDelete
  62. දුකා : විනාකිරි නම් තේරෙනව බං, ඒත් හුලං විස්කෝතු මොන මගුලකටද?

    ප.ලි - මම රට කාල නම් මට මෙහෙම වෙයිද බං?

    ReplyDelete
  63. td...

    හොඳයි මං එවන්නං..
    අපොයි ඔව් මම මල්ලි තමය්..ඒත් ඒ එවන පැහැදිලි කිරීමෙ ආමණ්ත්‍රණය ඇත්තේ මල්ලි කියලා..ඒක ගණන් ගන්ට එපා මොකද ඒ මම යවන්නේ මම මුළින්ම වැප් මල්ලිට යවපු උත්තරෙ කොපියක් හින්දා..ස්තූතියි..
    ඇත්තටම මෙ වගේ නිහඩ කියවන්නන් තව කොයි තරං ඉන්නවද මංදා..
    බලාගෙන යනකොට ඉඳලා හිටලවත් මෙහෙම ගැට පදයක් දාන එක හොඳයි වගේ..
    හුගාක් අය ඇහැරවලා ගත්තැකි නෙව..

    ReplyDelete
  64. දුකා...

    ඒක නේන්නං..කොච්චර රට කෑවත් මොකෝ..දුකාලා වගේ වටෙ කාලා නැති උනාම ඔව්වා දන්නෙ නැහැ නෙව...

    ( මෙ ඇත්තම කියහං..උඹ දන්නවද හුළං විස්කෝතු කතාව..)

    ReplyDelete
  65. රංග...

    අනේ මෙන්න බබා..
    රංග මචෝ අහගනින් බං අර දුකා අයියගෙන්වත් ඔවා කොහොමද ඌ ඉගෙන ගත්තේ කියලා..?

    ReplyDelete
  66. මාත් අහගත්තා විනාකිරි, හුලංවිස්කෝතු කතාව මූණුපොතෙන්. හික්ස් මරු සාස්තරයක්නේ ඒක.

    කියල වැඩක්නෑ හැරෙන තැපෑලෙන්ම උත්තර.

    ReplyDelete
  67. පට්ට යකෝ.විනාකිරි,හුලන්විස්කෝතු අවුල තමයි ප්‍රශ්නෙ

    ReplyDelete
  68. මාරයා අය්යෙ මටත් මේ විනාකිරි කතාව තේරෙන්නෙ නෑ. කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..

    ReplyDelete
  69. ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete