03 February 2011

බස් පළුවන්ගේ කතාව...10

ඔන්න ඉතිං අද ගෙදර ආවෙ මෙ කතාවෙ ඊ ළග කොටහා ලියලා දානවා කියලා හිතාගෙනයි..
ඒත් ඉතිං ඊට කළින් අනිත් බ්ලොග් ටික කියවලා කොමෙන්ටු කොටන්න ගියහම දන්නෙම නැහැ වෙලාව ගෙහුල්ලා..ඒ මදිවට අතර මගදී කොමෙන්ටුවක් කොටන්න ගිහිල්ලා ඒක මහ දිග කතාවක් වෙච්ච හින්දා එයින් අර දාන්න ගිය කොමෙන්ටුවට අදාල කොටස එතන තියලා..අනිත් ටික උස්සං ඇවිත් දැම්මා පෝස්ට් එකක් හැටියට..

ඊට පස්සේ ඔන්න මට හිතුනා අදට ඔය මදෑ..ආයේ මොකටද තව මහන්සි වෙන්නේ..හෙටම ලියනවා..කියලා..

ඇයි ඉතිං විනාඩි හයක් අරගෙන ලියාපු පොස්ට් එකෙන් දවස ෂේප් කරගන්න අකමැති වෙන්න හේතුවක් තියේයෑ..

ඒත් ඉතිං ටික වෙලාවක් යනකොට මගේ අර ලෙඩේ උත්සන්න වේගන ආවා නෙව..

ඔව් ඉතිං අර දුමියාගේ කට කහනවා වගේ..මගේ හිත කහනවානේ..
ඔනවට වඩා හිත කහන්න ගන්න කොට ඒකට හොඳම ඛෙහෙත තමයි ලියන එක..ඉතිං කම්මැලිකම පැත්තකට දාලා ආයෙමත් කොන්ද කෙළින් කරගෙන හරි බරි ගැහිලා මගේ සිංහාසනය උඩ ඈදී ගත්තා..හරියටම කිව්වොත් මාරාසනය උඩ..මාරාසනාරූඩ උනා..හරි එහෙනං බලමු...

.....................................................

ඔන්න ඉතිං පළමු වැනි දවසෙම හොඳටම හෙම්බත් උන මං කළින් කල දැනුම් දීමට අනුව පහුවදා පාන්දරම ගෙදරින් පිටත් උනා රාජකාරියට වාර්ථා කොරන්න...

අපේ ගෙදර ඉඳලා කොළ අඹ පුරයේ සිට කන්ද උඩරටට යන මහා වීදියට හරියටම හැතැම්ම දෙකක් තියෙනවා..
එතැන ඉඳලා ඔය කියන බස් රාජකාරි කොරන සේවා ඉස්ථානෙට හරියටම හැතැම්ම හතරක් තියෙනවා...
ඒ කියන්නේ ගෙදර ඉඳලාම හැතැම්ම හයක්..හරිනේ..

ඔය මුළින්ම කිව්ව හැතැම්ම දෙකනං ඉතිං මට මහ අමුතු හරියක් නෙවෙයි..එකදහස් නවසිය අසූනවය අවුරුද්දේ ඉඳලා..එකදහස් නවසිය අනූ හයේ අවුරුද්දට වගේ වෙනකල් මං ඉතිං ඔය කොළ අඹ පුරයේ තක්සලාවට යන්ට හින්දා හැමදාම පාන්දර පහට ගෙදරින් පිටත් වෙලා දවස ගානේ බයිසිකල් පැදපු පාර නෙව..

හැබැයි ඉතිං ඒ දවස්වල මහ වීදියට පහයි විස්ස වෙන කොට යන මම..එතන ඉඳලා අර කේවට්ට බමුණා..වාද කොරන්ට මහෞෂධ පණ්ඩිතයා එනකල් ඛෙල්ල දික් කොර කොර බලන් හිටියා වගේ..පාර ඈත මෑත බල බල ඉන්නවා..සීටීබී බස් රාජයෙක් ඇවිත් මාව දාගෙන යනකල්..
අනේ අපුච්චේ ඉතිං බස් පරක්කු වෙනකොට මුළුමහත් ලංකා ගමනා ගමන මණ්ඩලයේම ඉහළ ඉඳන් පහලට ඉන්න සෑම සියළු නිලධාරී මහත්තයෙක්ම හරිම ආදර කරුණාවෙන් මතක් කොරන්නත් මං අමතක කොරන්නේ හෙම නැහැ...

ඒත් ඉතිං දැන් තමයි තේරෙන්නේ අපි එහෙම ලේසියට මව්ගුණ උපහාර පැවැත්තුවට ඒක හරිම අසාධාරණ පූජාවක්ය කියන එක...

දැන් ඉතිං මොකදෑ වෙලා තියෙන්නේ..අර වගේ ඉස්කෝලේ යන ලමයින්ගෙන් අපේ මැණියන්ට උපහාර නොලැඛෙන්ට වග බලා ගන්න එකේ වගකීමත් මට තියෙන හින්දා..මාත් උදෙන්ම යනවා..ඒ කියන්නේ ගෙදරින් හැමදාම පාන්දර හතර හමාරට විනාඩියක් හරි කළින් යන්ට ඕන..මුළින් මුළින් අර හැතැම්ම දෙක පැදලා..එතැන ඉඳලා මොකක් හරි බස් තඩියක නැගලා අර ඉතිරි හැතැම්ම හතර යන්ට හැදුවට ඒක බොහෝම කාලේ නාස්ති වෙන වැඩක් කියලා තේරුන හින්දා මං පස්සෙන් පහු හැමදාම පාන්දර හතරහමාරට ගෙදරින් පිටත් වෙලා අර හැතැම්ම හයම පැදගෙන යනවා ඩිපෝ එකටම...
පායන කාලෙටනං ඔක අවුලක් නැහැ..ඒත් ඉතිං වැස්ස දවසට කුඩයකුත් ඉහළං බයිසිකලෙත් පදින්ට එපැයි...

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම දුක විඳගෙනම එනවා උදේ පහ වෙනකොට ඩිපෝ එකට..
ඒත් ඉතිං මුල් මාසෙම අපිට ස්ථීර බස් එකක් හම්බු වෙන්නේ නැහැ වැඩ කොරන්ට..
අපිව දාන්නේ පොරොත්තු සේවයට..අර කවුරුත් කියන හිගලෙන් කියනවනං ස්ටෑන්ඩ්බයි..

ඩිපෝවෙ අඳාල ඉස්ථානේ තියෙන දිග බංකුවෙ වාඩි වෙලා ඉන්නකොට ඔන්න අර යකඩ කටින් එක පාරටම ඇහෙනවා..

"මාර පුත්තරයා..මෙහෙ එනවා හොඳයි කියලා.."

ඉතිං ඔන්න මාත් යනවා..ඒ ගියහම ඔන්න මට හම්බු වෙනවා වේ බිල් එකත් එක්කම තඩි ලොකු ටකරං පෙට්ටිය..
කවුන්ටරේ ඉන්න උන්නැහේ කියනවා..

"ළමයා අහවල් රූඩ් එක.. අහවල් බස් එක.. ගෙහුං අද වැඩ කොරනවා තමුසේ කියලා.."

මාත් ඉතිං අර මොකාද එකා වගේ ඔළුව වනලා අර පෙට්ටියේ තියෙන සබ්බ සකලමනාවම පරීක්ෂා කොරලා අදාල පොත්වල අත්සන් එහෙම කොරලා.. ටිකට් මැෂීම එහෙම ලෝඩ් කොරගෙන..ලෑස්ති වෙනවා රාජකාරියට යන්ට..ඔය කිව්වට ඉතිං විනාඩි දෙකතුනක් ඇතුලත ඔය ඔක්කෝම කොරගෙන දුවන් ගිහින් බස්එක හොයාගෙන යන්ට ඔන..මොකද දැනටමත් බස් එක පාරට දාන්ට පරක්කු වෙලානේ තියෙන්නේ..බස් එක අයිති බස් පළු තැන දැන් එයි දැන් එයි කියලා බලලා බැරිම තැන තමයි අපිට බස් එක දෙන්නේ..

ඒ අවු අස්සේ පරණ බස් පළු තැනකගෙන් අර මාර්ගයේ විස්තර ටිකකුත් අහගන්ට ඕන..සෙක්ෂන් කීයද..? ඒවා කැඩෙන්නේ කොහෙන්ද..? ඉතිං ඒ උන්නැහේලාත් දන්න හැටියට කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා..සමහර වෙලාවට ඒ පාරවල් වල ලගකදී වැඩ කරපු බස් පළු තැනක් හොයා ගන්ට නැති වෙන වෙලාවළුත් තියෙනවා..එහෙම වෙලාවට ඉතිං රාජා හෝ..මාහෝ..ගංගා හෝ.. කියලා දෙයියෝ බුදුන් සිහි කොරන් ගෙහුං එල්ලෙනවා බස් එකේ...

ඔය පොරොත්තු මාසේ හරිම අමාරුයි..මොකද අද වැඩ කොල බස් එක නෙවෙයි හෙට..
හෙට වැඩ කොරන එක නෙවෙයි අනිද්දා..
ඉතිං එක එක පාරවල්වල..එක එක ජාතියේ බස්වල..නානා ප්‍රකාර රියදුරු උන්නැහේලාත් එක්ක..
අළුත් අළුත් ගං රටවල් මැද්දෑවෙන් හනේ අම්මේ..මතක් වෙද්දී තාම හති...
ඒත් ඉතිං ඒ පුහුණුව හරි වැදගත් බස්පළුවෙකුට..තමන් ගැන ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්ට..
කොටින්ම කිව්වොත් අදටත් මට බස් පළුවැඩේ ඕනම වෙලාවක කරන්ට පුළුවන් ඕනම නොදන්න රූඩ් එහෙක..මට ඒ හිතේ හයිය ආවේ ඔය කියන පොරොත්තු සේවයේ හිටිය මාසේ හින්දාම තමයි ඕං...

හැබැයි ඔය මාසේ හම්බ වෙන තරමක් හම්බ වෙන්නේ ළග ළග පාරවල් වල රූඩ් තමා..ඒකත් වැඩි හරියක් කැලෑ පාරවල් තමා..අතරින් පතර ප්‍රධාන පාරත් වැද පුදාගන්න හම්බු වෙනවා...

ඉතිං මට මුළින්ම හම්බු උනා ඔය කිව්වා වගේම කැලෑ පාරක්...

ඔය කැළෑ පාර ගැන කිව්වොත් ඒ පාරේ දිගටම ගියොත් අපේ ඔය බ්ලොග් කරුමාන්තෙටත් බොහොම ඉහළ දායකත්වයක් දක්වන ඒ වගේම ගූගල් බස් කරුමාන්තෙ අතිනුත් ඉහළින්ම වැජඹෙන උන්නැහේ කෙනෙක්ගේ ගෙවල් ඉසව්වටත් යත හැකි...දැන් අහන්ට එපා ඒ කවුද කියලා එහෙම ඕං...

ඉතිං උදේම ටි්‍රප් එක නෙව..යන්ට නං අවුලක් නැහැ තුන් හතර දෙනෙක්වත් නැහැ...ඒකටත් එක්ක අප්පද බොල එද්දිනේ කෙළිය..?

අර ගම්මානවල ඉන්න ඔක්කෝම උදවිය පාරට එන්නේ මෙ බස් කටුවේ නෙව..
ලේලන්ඩ් තනි දොර බස් එකකට ගම්මාන හතරක පහක උන්දැලව එක විඩේ රිංගෙව්වහම..ආයේ ඉතිං කතා කොරන්ට දෙයක් නැහැනේ...
ආසාවට ටිකට් පහක් කඩා ගන්ට බැහැ...
ටිකට් කඩනවා තියා මට දැන් වම් අතේ තියෙන ටිකට් මැෂිම ගාවට දකුණු අත ගේන්ටත් බැරි තරමට...
සමහර වෙලාවට මං ඔය ටිකට් මැෂීම අත ඇරලම දාලා අත් දෙක එක්කාසු කොරගෙන වේ බිල් ලියනවා..ඒත් ඉතිං මැෂිම නෙවේ බිමට වැටෙන්නේ..මගේ ඇගටයි තව ඔය කාගේ හරි ඇගකටයි කිටි කිටියේ හිරවෙලා තියෙනවා මිස..

මුළින් මුළින් සෙක්ෂන් හොයන්ටත් බැරි උනත් පස්සෙන් පහු අපි ඉවට වගේ තේරුම් ගන්නවා මෙතන තමයි කැඩෙන තැන කියලා..ඒකට ඉතිං යන එන අය මාරු සල්ලිවලින් ටිකට් ගන්න කොට ඒ මුදලට අඳාලව හිතා ගන්නත් පුළුවන් හරි දැන් සෙක්ෂන් එක කැඩිලා කියලා...

කොහොම උනත් කවදාවත් ඔය කියන කැළෑ පාරවල්වල උදේ ටර්න් එකේ ටිකට්නං සම්පූර්ණයෙන්ම ගමනාන්තයට කළියෙන් කඩන්න වෙන්නේ නැහැ ලේසියකට..
මුලදී මුලදී මෙක ප්‍රශ්නයක් උනත් පස්සෙන් පහු මට සිස්ටම් එක අහු උනා..
මාත් ඔන්න ඔහේ ටිකට් කඩන්න දගලන්නේ නැතිව අර කට්ටියත් එක්ක කයියක් ගහගෙන පුළුවන් තරමට කඩාගෙන ඇවිත් ගමනාන්තයට ආවම බස් එකේ දොරකඩ ඉඳගෙන කඩනවා කැඩිල්ලක් මැෂිම ඇඹරිලා යන්ට...
අන්තිමට මට හොඳ වේගයක් පවත්වාගෙන යන ගමන් සල්ලි ගනන් බේරන අතරම ටිකට් ටික කඩා ගන්න පුළුවන් තරමේ හැකියාවක් ලැඛෙනවා...

දැන් කාට හරි හිතෙන්ට පුළුවන්..සල්ලි විතරක් අරන් ටිකට් කඩන්නේ නැතිව ඉන්ටත් පුළුවන් නේද කියලා..ඔව් එහෙම කොරන්ටත් බැරි නැහැ..හැබැයි ඩිපෝ එක තියෙන්නෙත් ඒ අහලමයි..ටයිම් කීපර් උන්නැහේලා සහ ඩිපෝවේ නිලධාරී මහත්තුරු වැහි වැහැලා..අර වගේ කඩප්පුලි කොමක් කොළොත් පැයක් යන්ට කළින් ඩිපෝවට පණිවිඩේ යන එක නවත්තන්ට සැක්කරයටවත් බැහැ...
අනික ඉතිං එහෙම කොළයි කියලා මට ඇති වාසියකුත් නැහැ..ඒවායින් වෙන්නේ ටාගට් එක පන්නන්ට බැරි වෙන එකයි...

ඉතිං ඔන්න ඔය විදියට වැඩ ටික කෙරීගෙන ගියා..හැම ගැටළුවකටම විසඳුම් හොයාගෙන...සීරු මාරුවට බස් කෙරුවාව කොරගෙන යන අතරේ තමයි තවත් අපූරු අත්දැකීමකට මුහුණ දෙන්ට මංතුමාට අවස්ථාව හම්බ වෙන්නේ..මෙන්න මේ අවස්ථාවනං පුතේ ලේසියෙන් මිනිහෙකුට හම්බු වෙන එකක් නෙවෙයි ඕං...

18 comments:

  1. ඒ අවස්තව කියාපන් ඉක්මනට....උඹට උන සිද්දි ඉතින් කවද්හ්ඩ් බන් මාරයියේ අනිත් උන්ට උනේ.......ඉකේයියා...අපි නම් ඔව්වට නෑ

    ReplyDelete
  2. ටිකට් කැඩිල්ල තරම්ම දක්ෂයි දැන් කතා කැඩිල්ලටත්....අර ටෙලි නාට්ටි වල වගේ කුතුහලය ඇති කරලම තමයි නවත්තන්නෙ නේද ?

    ReplyDelete
  3. ඔය වගේ කටු කාල තමයි දැන් මාරය නූඩ්ල්ස් කටු කන්නෙ. :D
    ඊගාව එකත් ඉක්මනට ලියමු.

    ReplyDelete
  4. මරු වැඩ ටිකනෙ අයියෙ.
    එළම තමා.
    නිවාඩු පාඩු වෙලාවක් හොයාගෙන ඉතුරු ටිකත් කෙටුවනම්

    ReplyDelete
  5. අඩේ ඉතුරු ටිකත් දාපං බං කම්මැලි කම තියලා. උඹ හැමදාම ඔහොම්මයි.

    ReplyDelete
  6. කිව්වත් වගේ මාරයටම මිසක්, වෙන කාටද ඕව කල හැක්කේ.....
    ලියමු....ලියමු.....

    ReplyDelete
  7. ඉතිරි ටිකත් ඉක්මනට දාපං මචං....!

    ReplyDelete
  8. ෙකාෙමන්ට් දැම්ෙම නැතුවට මම හැමදාම මාරකතාව බලනව

    ReplyDelete
  9. මම ලංගම රාජකාරි කරපු අවරුදු 18ට වඩා ඉගෙනගත්ත, විශේෂයෙන්ම ධාවන අංශය ගැන,දැනට කියෝපු කතා 10න්.ඉතුරු ටිකත් කියෙව්වට පස්සේ ලංගම ජොබ් එකකටත් ආයේ යන්න බැරි වෙන එකක් නැහැ,තවම ලංගම තියෙනවන් සහ ඉහ නිකට පැහිච්ච කස්ටියත් අලුතින් ගන්නවනං අර ඉස්සර ලොකු ලොකු වර්ජන එහෙම යනකොට වගේ.

    ReplyDelete
  10. රත්ගමයා...

    ඉකේයියා..මූ කියන කුප්ප කතා...

    ReplyDelete
  11. දිනිත්...

    මං මෙ බැළුවෙ මෙගා නාට්ටියක පිටපත් රචකයෙක් වෙන්ඩවත් පුළුහංද කියලා..

    ReplyDelete
  12. Praසන්ன...

    හහ් හහ්..පරිප්පු රස තවම අමතක නැහැ වගේ..

    (පිගන් ගැට්ටෙ සිට පරිප්පු දිසියට..)

    ReplyDelete
  13. AmilaArt...

    කොටන්න ඔන කොල්ලෝ..හෙට දිහාවෙවත් බලමු...

    ReplyDelete
  14. prasanna86k...

    උඹනං කියයි..මගෙ පන යයි..කිව්වළු..

    ReplyDelete
  15. Heeniyata...

    නොලියා..නොලියා..

    ReplyDelete
  16. එදිරි...

    ස්තූතියි..අනිවාර්යයෙන් දානවා..
    ඉඳලා හිටලා හරි කතා කරවන්න පුළුවන් වෙච්ච එකත් සතුටට කාරණාවක් ඔං...

    ReplyDelete
  17. Observer...

    හා..එහෙම වෙලාවක නේන්නං මාත් ඇතුළට පැන්නේ..

    ReplyDelete
  18. හාපෝ.. මමත් දවසක කොන්දොස්තර භාගයක් උනානෙ.. ඉතින් දන්නව රඟේ.. අනෙ අම්මෝ එහෙමත් රාජකාරියක්..

    කෙදිනකවත් කොන්දොස්තර රැකියාව අඩු තක්සේරු නොකෙරුවෙමි... ඉදිරියටද එසේමය.. මාගේ ගමනාන්තයට සරිලන මුදල් ප්‍රමාණය බොහෝවිට රැගෙන යන්නේ එහෙයිනි... එහෙත් අද මා අත්වින්දෙමි.. වේගයෙන් ඇදී යන බසයක අත් අතැර කොහේට හෝ හේත්තු වී ටිකට් පොතක් හෝ මැෂිමකින් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කීරීමත් ඊට අදාළ මුදල ගෙන ඉතිරි මුදල් මගියා වෙත ලබා දිමත් කෙසේ ලඝු කොට සලකන්නද?

    කොන්දොස්තර භාගයක් වීමි.. මාර නියමයේ සඳහන් පරිදි බස් පළු කාලක් වීමි... කොන්දොස්තර එකක්/ බස් පළු භාගයක් වීම කෙසේවත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේමය..

    ReplyDelete